Tuesday, July 5, 2016

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කරන ආයතන





Items collected
Name of the Organization
Address
Contact person
Telephone number
E-mail address
Website
Electronic waste in bulk quantities
Green Link Statutory of N.S. Gunaratne & Company Pvt Ltd
20/1A,
Moragasmulla Road,
Rajagiriya
Office and warehouse:
No. 848/3A,
Negombo Road,
Mabole,
Wattala
Mr. Gunaratne
0714 - 066455
0115 - 660300
0115 - 661731
udnsgco
@gmail.com
www.greenlink.lk
Geocycle
Holcim Lanka (Pvt)Ltd.
413,
R A de Mel Mawatha,
Colombo 03
Mr. Randiva Malalasooriya
Mr. Chamila Herath
0772 - 538771
0117 - 800800
0773 - 613011
randeewa.malalasooriya
@holcim.com
chamila.herath
@holcim.com
www.geocycle.lk
Toner and Cartridges Recycle
E Wis Peripherals Pvt Ltd
142 Yatahama Building
Galle Rd.
Colombo 02
Mr Chanaka Hapuarachchi
0773 - 951122
0112 - 496000
chanakah
@ewisl.net
www.ewisl.net
ABC Trade and Investments (Pvt) Ltd
RE-NEW STATION
No 3,
Bandaranayakapura Road,
Rajagiriya
Mr M Shaheem
0115 - 877700
0716 - 891337
www.renewstation.biz
RE-NEW STATION
No. 35G,
Liberty Plaza,
Colombo 03.
Ms. Dilrukshi
0112 - 375480
- do -
- do -
RE-NEW STATION
No. 400/2, 
2nd Floor,
Unity Plaza,
Colombo 04.
Mr. Robinson
0115 - 630658
- do -
- do -
RE-NEW STATION
State Trading General Corporation
No. 100,
Nawam Mawatha,
Colombo 02.
Mr. Nuwan
0715 - 363701
- do -
- do -
RE-NEW STATION
No. 6 
Tammita Road,
Negombo
Ms. Anne
0115 - 653111
- do -
- do -
RE-NEW STATIO
No. 45,
D.S Senanayaka Veediya,
Kandy
Mr. Solaman
0815 - 622111
0714 - 307662
- do -
- do -
Used Office Equipments
Metropolitian Office (Pvt) Ltd
85, 
Braybrook Place
Colombo 2
Ms Chamintha Thilakarathna
0114 - 700200
0776 - 274135
chaminthat
@metropolitan.lk
www.metropolitan.lk
Used household electronic equipments
Singer Sri Lanka PLC
No. 320 
Dr. Colvin R. De Silva MW
Colombo 02
Ms Yasara Jasingarachchi
0112 - 316277
0112 - 316246
yasaraj
@singersl.com
www.singersl.com
Used Mobile Phones and equipments related to the service
Sri Lanka Telicom (SLT)
Head Quarters
Lotus Rd
Colombo 01
Mr. Ariyawansha
0716 - 837828
0112 - 421815
aryawa
@slt.com.lk
www.slt.lk
Used Mobile Phones and Accessories
Dialog Axiata
475,
Union Place,
Colombo 2.
Mr. Duleep Thilakaratne
0777 - 678700
011 - 7694343
Elisalat Pvt Ltd
Grandpas Rd.
Colombo 14
Mr Buddika Dharmarathna
0722 - 475474
0722 - 541541
buddhikad
@int.etisalat.lk
www.etisalat.ac
Mobitel Pvt Ltd
No 108
W A D Ramanayake Mwt.
Colombo 02
Mr. Poul Outschoorn
0716 - 828877
071 - 6910162
paulo@mobitel.lk
www.mobitel.lk
Hutchison Telecomunication Lanka Pvt Ltd
234
Galle Rd
Bambalapitiya
Colombo 4
Mr Lalith Prerera
0785 - 697977
0788 - 632235
lalith
@hutchison.lk
 www.hutch.lk
Used electronic equipments related to the service
Virtusa Pvt Ltd
No:752,
Dr. Danister De Silva Mawatha
Colombo 09
Mr Rasika Vithanage
0776 - 776776
0114 - 605500
Ext: 5023
rwithanage
@virtusa.com
www.virtusa.com
Lanka Bell Ltd
Level 06
Eant Lower Blick 01
World Trade Centre
Echewlon Square
Colombo 01
Mr S Bertholomeuz
Mr. Upul Wijeywardena
0777 - 278 011
0115 - 339933
0772 - 269030
upulw
@mail.lankabell.com
www.lankabell.net
Used and obsolete electronic equipments, mobile phones
Abanse Group of Companies
Abanse Group of Companies,
498,
Galle Road
Colombo 03
Mr. Janaka Wijesekara
0718 - 320492
0117 - 717777
janaka
@abansiss.com
www.abansgroup.com
A






B













Thursday, June 16, 2016

ජගත් සාගර දිනය (ජුනි 08) - ලෝකයේ මුහුද අපවිත්‍රකරන රටවල් 20න් 5වන තැන ලංකාවට.

"පිවිතුරු සයුරක් නිරෝගිමත් ලොවක්" යන්න මෙවර තේමාවයි. සමුද්‍ර පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජගත් පරිසර දිනය ප්‍රකාශයට පත් කරන ලදි. 

ඒ අනූව, 2009 සිට සෑම වසරකම ජුනි 08 වැනි දා මේ දිනය සැමරෙනවා. 

දූපත් රටක් වශයෙන් අපට මුහුද ඉත් සමීපය. ඒ අනුව අපේ ක්‍රියාකාරකම් වල බලපෑම මුහුදට ඉතා ඉක්මනින්ම දැනේ. ඒ අනුව ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් සගරාව විසින් ලෝකයේ සියළු රටවල් අතර සිදු කරන ලද පර්යේෂණයකට අනුව සාගරයට වැඩියෙන්ම ප්ලාස්ටික් මුදාහරින  රටවල් 20ක් නම් කර ඇති අතර එහි 05 වන ස්ථානය හිමිව ඇති බව ඉතා කණගාටුවෙන් සදහන් කළ යුතුය. එම ලිපියට මෙතනින් යන්න.

Monday, June 13, 2016

සී.එෆ්.එල්. බල්බයේ කළුවර සටහන

නගරයේ පළාත් පාලන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්‌ථානය තුළ ගොඩ ගසා ඇති කුණු ගොඩේ භාවිත කර ඉවත් කළ, සී.එෆ්.එල්. (CFL) බල්බ විශාල සංඛ්‍යාවක්‌ විය. මෙහි සේවය කරන කම්කරු මහත්වරුන්ගෙන් මෙම බල්බ වලට කුමක්‌ කරන්නේ දැයි විමසූ විට ඔවුන් කියා සිටියේ කරන්න දෙයක්‌ තමන් නොදන්නා බැවිත් තැන් තැන්වල ගොඩ ගසා තබන බවත්ය. බලශක්‌ති සංරක්‌ෂණය කර ගැනීමේ, විදුලි බිල ඉතිරි කර ගැනීමේ සහ පරිසර හිතකාමී හරිත නිෂ්පාදනයක්‌ ලෙස මෙම "සී.එෆ්.එල්." බල්බ ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින අතර, ලොව ඇතැම් රටවල් සාම්ප්‍රදායික බල්බ භාවිත කිරීම තහනම් කරමින්, "සී.එෆ්.එල්." බල්බ භාවිතය අනිවාර්ය කරමින් නීති රෙගුලාසි පනවමින් ද සිටී.

වසරින් වසර නිවෙස්‌ තුළ, කුණු ගොඩවල් තුළ පාරේ තොටේ, ගංගා ඇළ දොළවල් තුළ එකතු වෙන භාවිත කර ඉවත් කළ "සී.එෆ්.එල්." බල්බ වලට කළ යුතු දේ, නොඑසේනම් ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර කරන්නේ කෙසේ දැයි ඒවා අලෙවි කරන්නන් හෝ බලධාරියෙකු අපට කියා නොදෙන බැවින් වත්මන් සමාජය මදි නොකියන්න අත්විඳින පාරිසරික හා සෞඛ්‍ය ගැටළු වලට අමතරව තවත් ගැටළුවක්‌ බවට "සී.එෆ්.එල්." බල්බ පත් වන්නට පෙරාතුව මේ පිළිබදව අවධානය යොමු කිරීම මැනවැයි සිතමි.

සී.එෆ්.එල්. බල්බයකින් ජලය ගැලුම් 6,000 ක්‌ විස බවට පත් කරයි.

ලංකාවේ දැනට භාවිත කර ඉවත දමන සියලුම සී.එෆ්.එල්. බල්බ අවසානයේදී මහපොළොවට, ජලමූලාශ්‍ර වලට එකතු වන අතර, සාමාන්‍යයෙන් වසරකට ලෝකය පුරා මිලියන 900 ක්‌ පමණ මෙසේ සී.එෆ්.එල්. බල්බ අක්‍රමවත්ව බැහැර කරනු ලබන බව සොයාගෙන ඇත. 

මෙසේ බැහැර කරන එක්‌ සී.එෆ්.එල්. බල්බයක "රසදිය" මිලි ග්රෑම් 5 ක්‌ පමණ ඇතැයි ගණන් බලා ඇත. රසදිය වනාහි ඉතාම විෂ සහිත බැර ලෝහයක්‌ වන අතර, එක්‌ බල්බයක ඇති රසදිය ප්‍රමාණයෙන් ජලය ගැලුම් 6,000 ක්‌ දූෂණය කෙරෙන බව පරිසර විද්‍යාඥයින් ප්‍රකාශ කරනු ලබයි. කෙසේ වෙතත් පරිසරයට රසදිය අනාරක්‌ෂිතව බැහැර කෙරෙන තවත් මූලාශ්‍ර තිබේ. සම්ප්‍රදායික උෂ්ණත්ව මාපකයක රසදිය මිලි ග්රෑම් 500 ක්‌ පමණ තිබෙන අතර, ගල් අ`ගුරු දහනයෙන් ද විශාල ලෙස රසදිය පරිසරයට බැහැර කෙරේ. මෙම "රසදිය" පරිසරයේදී "මෙතිල් මර්කරි" නමැති ජීවීන්ට අතිශයින්ම විෂ සහිත සංයෝගයක්‌ බවට පත් වන අතර, මෙම "මෙතිල් මර්කරි" පස, ජලය හරහා ශාක, ආහාර භෝග වලට අවශෝෂණය කෙරෙන අතර, මෙම සංයෝගය බොහෝ කාලයක්‌ යන තුරු පරිසරයෙන් ඉවත් නොවී (විනාශ නොවී) පවතිනු ඇත. අනෙක්‌ අතට මෙම සංයෝගය ආහාර දාම හා ජාල ඔස්‌සේ දිගින් දිගටම එක්‌ රැස්‌ වන බැවින්, ආහාර දාමයේ ඉහළින්ම සිටින මාංශ භක්‌ෂකයින් ට පක්‌ෂීන් ට සහ විශේෂයෙන් මිනිසාට කරනු ලබන අනතුර ඉතාම බරපතල බව විද්‍යාඥයෝ ප්‍රකාශ කරනු ලබති.

"මෙතිල් මර්කරි" වලින් වැඩුණු පුද්ගලයින්ගේ මොළය හා ස්‌නායූ පද්ධතියට හානි පමුණුවන අතර, ළමුන් තුළ ඉගෙනීමේ අපහසුතා, වර්ධනයේ හා විකසනයේ සිදුවන ආපසු සකස්‌ කළ නොහැකි ආබාධ ඇති විය හැකි බවත්, ගර්භනී මවුවරුන් ට හා ළදරුවන් ට කුඩා ප්‍රමාණයකින් වුව බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි බවත් "කාල්ටන්" සරසවියේ රසායන විද්‍යා මහාචාර්ය "රොබර්ට්‌ බර්ක්‌" ප්‍රකාශ කර ඇත. ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ වාර්තාවකට අනුව සෑම වසරකදීම ඇමරිකානු දරුවන් 60,000 ක්‌ පමණ ඔවුන්ගේ මවුවරුන් ගර්භනී සමය තුළදී "මෙතිල් මර්කරි" රසායනයේ බලපෑමට ලක්‌වීම නිසාවෙන් සංකූලතා සහිතව දරුවන් ඉපදෙන බව පෙන්වා දී ඇත. ((http://en.wikipedia.org/wiki/Methylmercury)

බිඳුණු "සී.එෆ්.එල්." බල්බයකින් සිදුවන අනතුර.

මෙම බල්බයක්‌ කාමරයක්‌ තුළදී බිඳී ගියොත්, එක්‌ බල්බයක්‌ තුළ ඇති රසදිය ප්‍රමාණය, යම් පුද්ගලයෙකු නිරාවරණය විය හැකි අනතුරු දායක නොවන රසදිය මට්‌ටම මෙන් (ඇමරිකානු පාරිසරික ඒජන්සිය - EPA විසින් අනුමත) 300 ගුණයක රසදිය වාෂ්ප හා කුඩු ප්‍රමාණයක්‌ බව සොයා ගෙන තිබේ. රසදිය වාෂ්පයට නිරාවරණය වීම, සෞඛ්‍ය ආබාධ වලට ලක්‌ වන්නට සිදු වන කාරණාවක්‌ වනු ඇත. මෙය නූපන් දරුවන්ට, ළමයින්ට, වියපත් අයට, දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන ඈයින්ට විශේෂයෙන් අවදානම් බව පැවසේ. අනෙක්‌ අතට කැඩුණු බල්බයකින් නිකුත් කෙරෙන රසදිය වාෂ්ප හා කුඩු ඔබේ කාමරය තුළ, ඇඳ ඇතිරිල්ල මත, කාපට්‌ එක මත, අවුරුදු 20 ක්‌ පමණ රැඳී පැවතිය හැකි වීමෙන් මෙහි ඇති බරපතලකම සිතා ගත හැකි වනු ඇත. මේ අනුව, එක්‌ බල්බයක්‌ ඔබේ කාමරය තුළදී බිඳී යාම, එය හුදෙක්‌ විදුලි බල්බයේ වටිනාකම අහිමි වීමක්‌ පමණක්‌ නොවන බව දැන් ඔබට වැටහෙනවා ඇති. අනාගත පරම්පරාවක දරුවන් මේ රසදිය වලින් දූෂිත පරිසරයේ කාපට්‌ මත, ඇඳ ඇතිරිළි මත කෙළි සෙල්ලම් කරනු ඇත. එබැවින් "සී.එෆ්. එල්. බල්බ" පරිහරණය කිරීමේ දී, ඇමරිකානු පාරිසරික ඒජන්සිය එරට ජනයාට ලබා දෙන අවවාද අපට ද වැදගත්ය. (http://www2.epa.gov/cfl/cleaning-brokencfl#instructions))

01. "
සී.එෆ්. එල්. බල්බ" මාරු කරන විට දී, කිසි විටෙකත්, බල්බය රත්ව තිබෙන විට සිදු නොකරන්න. (රත් වූ බල්බ සිසිල් වූ බල්බයකට වඩා භයානකය.) 

02.
කාමරයක්‌ තුළ දී සී.එෆ්.එල්. බල්බයක්‌ කැඩී ගියහොත්, එම කාමරයේ සිටින සියලුම කුඩා දරුවන්, ගර්භනී මවුවරු, ඇතුළු අවදානම් සහගත අය ව වහාම ඉවත් කරන්න. (රසදිය වාෂ්පයට නිරාවරණය වන්න එපා) 

03.
ඉන් අනතුරුව සියලුම දොර ජනෙල් මිනිත්තු 15 ක්‌ පමණ විවෘත කර තබන්න.

04.
කාමරයේ විදුලි පංකා ක්‍රියාත්මකව පවතිනවා නම්, ඒවායේ විදුලිය විසන්දි කරන්න.

05.
එක්‌ වරක්‌ භාවිත කර ඉවත් කරන අත් වැසුම් පැළ`ද ඉතිරි කටු කැබලි ප්‍රවේශමෙන් ඉවත් කරන්න.

කාමරයේ ගෙබිම හා බිත්ති තෙත රෙදි කඩකින් හෝ තෙත පත්තර කඩදාසි වලින් පිස දමන්න. 

06.
එම කාමරයේ ඇති සියලුම ඇඳ ඇතිරිලි, රෙදි පිළි, යළි භාවිත නොකර ඉවත් කරන්න. 

07.
සියලුම ඉවත් කළ ද්‍රව්‍ය සීල් කළ පොලිතීන් ඇසුරුමකට දමා "අන්තරාදායක කසළ" ලෙස නම් කර පළාත් පාලන ආයතනයට භාර දෙන්න. (අපේ රටේ පළාත් පාලන ආයතන මගින් එවැනි අන්තරාදායක කසළ වෙනමම එකතු කිරීමක්‌ සිදු නොකරන බැවින් මෙය අපට අදාළ නොවේ.)

සී.එෆ්.එල්. සහ එල්.ඊ.ඩී. බල්බ දැල්වීමෙන් පිළිකා අවධානම ඉහළ යනවාද ?

"
සී.එෆ්.එල්" බල්බ (ප්‍රමුඛ ලෙසත්) සහ එල්.ඊ.ඩී. (LED) බල්බ (යම් ප්‍රමාණයකටත්) දැල්වීමේදී නිකුත් කෙරෙන දීප්තිමත් නිල් ආලෝකය දිවා කල ආලෝකයට තරමක්‌ සමාන වන බැවින්, රාත්‍රී කාලයේදී අපේ මොළයේ "පයිනියල්" ග්‍රන්ථියෙන් (Pineal) නිකුත් කෙරෙන "මෙලටොනින්" හෝමෝනය ශ්‍රාවය වීම අඩාල කෙරෙන බවත්, මෙම තත්ත්වය පියයුරු සහ පිරිමින්ගේ ප්‍රොස්‌ටේ්‍රට්‌ ග්‍රන්ථියේ පිළිකා ඇති වීමට හේතු වන තත්ත්වයක්‌ විය හැකි බවත්, ඊශ්‍රායලයේ "හයිෆා" සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය "ඒබ්‍රහම් හෙයිම්" විසින් ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට ලබා දී ඇති ප්‍රකාශයක සඳහන්ව තිබේ. ((http://www.telegraph.co.uk/health/healthnews/82
88982/Energy-savinglight-bulbs-couldtr i g g e r - b r e a s t -cancer.html))
කවර හෝ ආලෝක ප්‍රභවයක්‌ තුළ රාත්‍රී වැඩ මුර වල නිරත වන හෙදියන්, හා වෙනත් සේවිකාවන්හට පියයුරු පිළිකා වැළ`දීමේ අවදානම ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද පිළිගෙන තිබේ. මෙම අවදානම අවම කර ගත හැකි ලෙස දීප්තිමත් සුදු පැහැය වෙනුවට රාත්‍රි කාලයේදී සෞඛ්‍යයට හිතකර වන ආලෝක ප්‍රභවයන් නිකුත් කෙරෙන බල්බ නිෂ්පාදනය කිරීම පිළිබඳව නිෂ්පාදකයනුත්, මෙවැනි ආලෝක ප්‍රභවයන්ට වැඩි කාලයක්‌ නිරාවරණය නොවීමට පාරිභෝගිකයනුත් උනන්දු විය යුතු බව හාවඩ් සරසවි වෛද්‍ය පීඨය අවධාරණය කර ඇත. (http://www.health.harvard.edu/newsletters/harvardr®healthr®letter/2012/may/blue-light-hasa-dark-side)

අනෙක්‌ අතට "සී.එෆ්.එල්." බල්බ වැඩි වෙලාවක්‌ දැල්වීමේ දී "විද්යුත් චුම්බක කිරණ" සහ "µSනෝල්", "නැප්තලීන්", සහ "ස්‌ටයිරීන්" වැනි රසායනික ද්‍රව්‍යයන් ද නිකුත් කෙරෙන බවත්, දීර්ඝ කාලයක්‌ මෙම කිරණ වලට සහ රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය වීම අනතුරුදායක විය හැකි බවත් විද්‍යාඥයින් අනතුරු අ`ගවන අතර, "සී.එෆ්.එල්." බල්බ වලින් නිකුත් කෙරෙන "විද්යුත් චුම්භක කිරණ" වලින් පිළිකා අර්බුද ඇති කරවිය හැකි දැයි සොයා බැලීමට තවදුරටත් පර්යේෂණ කළ යුතු බව විද්‍යාඥයින් ප්‍රකාශ කර සිටී. කෙසේ වෙතත් මහා බ්‍රිතාන්‍යයේ රජයේ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්‌වෙන වාර්තාවකද මෙම කිරණ වලින් ආරක්‌ෂා වීම පිළිබඳ අවධාරණය කර තිබේ. ((http://www.parliament.uk/business/publications/research/briefingpapers/SN04958/theph a s i n g - o u t - o f -incandescent-light-bulbs)

මේ පිළිබඳව අදහස්‌ දක්‌වන විද්‍යාඥයන් අවධාරණය කර ඇත්තේ දීර්ඝ කාලයක්‌ මෙම ආලෝකයට නිරාවරණය නොවී සිටීමත්, හිස අසලින් මෙම බල්බ නොදැල්වීමත්, විශේෂයෙන් පාඩම් කටයුතු සිදු කරන ළමුන් "සී.එෆ්.එල්." බල්බ වෙනුවට සාමාන්‍ය බල්බ යෙදූ "ටේබල් ලෑම්ප්" භාවිත කිරීමත් වඩා සුදුසු බව යි. 

ඇතැම් රටවල් "සී.එෆ්.එල්."බල්බ භාවිතය සීමා කරමින් සිටී. 

"
සී.එෆ්.එල්." බල්බ භාවිතයේ දී ඒවා අවදානම් සහගත ලෙස පරිහරණය නොකරනවානම් සහ භාවිතයෙන් ඉවත් කළ බල්බ ප්‍රතිචක්‍රීකරණය කිරීම නිසි ලෙස සිදු කරනවානම්, (මෙම බල්බ සියයට 95 ක්‌ පමණ සාර්ථකව ප්‍රතිචක්‍රීකරණය කරන්නට පිළිවන් වීම මෙහි ඇති වාසි සහගත තත්ත්වයකි.) මේවායේ ඇති අවදානම අවම කර ගත හැකි බවත් විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. අනෙක්‌ අතට, සාම්ප්‍රදායික බල්බ මෙන් නොව, සී.එෆ්.එල්. බල්බ දීර්ඝ කාලයක්‌ යන තුරු භාවිත කළ හැකි වීම මේවායේ තිබෙන තවත් වාසි සහගත තත්ත්වයකි. එහෙත් වගකීමේ සහතිකයේ සඳහන් වන කාලය ඉක්‌ම ගිය වහාම දැවී යන ලෙස මේවා නිෂ්පාදනය කර තිබීම මේවායේ තිබෙන බරපතල අවාසියකි. සංවර්ධිත රටවල සාමාන්‍යයෙන් වසර 5 කට වඩා වැඩි කාලයක වගකීමේ සහතිකයක්‌ පාරිභෝගිකයින්ට ලබා දිය යුතු බවට වන නීති ක්‍රියාත්මක වුවත්, නීති රීති දුර්වල රටවල තත්ත්වය එසේ නොවන්නේය. "තෝමස්‌ අල්වා එඩිසන්" විසින් දැනට වසර 100 කටත් පෙර නිෂ්පාදනය කර ඇති ලොව පළමු සාමාන්‍ය විදුලි බුබුළු තවමත් දැල්වෙන අතර, වැඩි වැඩියෙන් ලාභ ඉපැයීම තම ඒකායන පරමාර්ථය කර ගත්, නිෂ්පාදකයින් විසින් අඩු කාලයක දී දැවී යන ලෙස විදුලි බල්බ නිෂ්පාදනය කිරීම නිසාවෙන් අපගේ ආර්ථිකය පමණක්‌ නොව, සමස්‌ත පරිසරයත්, ජීවී හා මානව පැවැත්මත් අනතුරේ හෙළා ඇති බව පැහැදිලිය.

නවසීලන්ත රජය සාම්ප්‍රදායික විදුලි බුබුළු භාවිතය තහනම් කරන්නට ගෙන තිබූ නීතිය ඉවත් කරවා ගෙන ඇත. ජර්මන් රජය විසින් එරට පොදු ස්‌ථාන, ආරෝග්‍ය ශාලා තුළ "සී.එෆ්.එල්." බල්බ භාවිත කිරීම තහනම් කර තිබේ. ඇමරිකාවේ කැරොලිනා ප්‍රාන්ත රජය "සී.එෆ්.එල්." බල්බ භාවිත කිරීම සීමා කරන්නට නීති සකස්‌ කර ඇත. සියලුම සංවර්ධිත රටවල් "සී.එෆ්.එල්." බල්බ ඇතුළු ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය වලින් සිදුවන හානිය අවම කිරීම සඳහා, ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමේ වගකීම ඒවා නිෂ්පාදනය කරන සමාගම් වලට ම පවරා තිබේ. (උදා. http://www.hse.gov.uk/wate/waste-electrical.htm)

පූර්ණ තරගකාරී වෙළෙඳපොළ රටාව අපේ රටට ඇවිත් දැන් බොහෝ කලක්‌ ගෙවී ගොසින්ය. වෙළෙඳාමේ ආනුභාවයෙන් අපේ රටේ සෑම ගම් දනව්වකම තිබෙන පෙට්‌ටි කඩ පවා ලෝකයේ තිබෙන නා නා ප්‍රකාරයේ බඩු භාණ්‌ඩ වලින් පිරී ගොසිනි. එහෙත් ඒ බඩු භාණ්‌ඩ පිළිබඳව වන දැනුමෙන් අපේ රටේ මිනිසුන්ගේ මොළ පිරී ගොස්‌ නැත. ලෝකයේ නිෂ්පාදනය කෙරෙන තුට්‌ටු දෙකේ කුණු කසළ වලට අපේ රට වේගයෙන් කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් වෙමින් පැවතියද, එම නවීන නිෂ්පාදනයන් හෝ කසළ පිළිබඳව වන දැනුමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට අපේ රට පත් වන්නේ ඉතාමත් සෙමෙන්ය.

මොහොතක්‌ හිතන්න. ඔබේ, ඔබේ දරුවාගේ, ඔබේ සමීපතමයන්ගේ ජීවිත ආරක්‌ෂා විය යුතුය. එපමණක්‌ද නොව, ඔබේ අසල්වාසීන්, මිතුරන්, ෙෆ්ස්‌ බුක්‌ මිතුරන් ද , මේ හැමෝමත් , අපේ ග්‍රහ ලෝකයත් ආරක්‌ෂා විය යුතුය. ඔවුන් දැනටමත් භාවිතයෙන් ඉවත් කරන "සී.එෆ්.එල්, බල්බ" කුණු ගොඩට, ගෙවත්තට, පාරට, කාණුවට, ගංගා ඇළ දොළවලට දමමින් සිටිනවා ඇති. (අනෙකුත් කසළ දමන්නාක්‌ මෙන්) එසේ කිරීමෙන්, බිඳී ගිය මෙම බල්බ වල කටුවලට තුවාල කර ගනිමින් ද සිටිනවා විය හැකිය. බලධාරීන් හෝ ව්‍යාපාරිකයින් අප වෙනුවෙන් තීරණ ගනි තැයි අපේක්‌ෂා කළ නොහැකිය. කල් ඇතිව පරෙස්‌සම් වීමත්, පරිභෝජනයට උචිත, උචිත දේ තෝරා ගැනීමටත් අපට පුලුවන. අනතුරක්‌ ඇති වන්නට පෙර සූදානම ඇඟට ගුණය.


ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්‌ෂක
ඇල්ල (බණ්‌ඩාරවෙල)
සියළු දෙනාගේ හිත සුව පිණිස මෙම ලිපිය අන්තර්ජාලයෙන් උපුටාගෙන මෙහි ඵල කරන ලදි.

Sunday, June 5, 2016

ලෝක පරිසර දිනය (2016 ජුනි 05) - මෙතෙක් සියලු පරිසර දින තේමාවන් අන්තර්ගතව ඇත.

ජගත් පරිසර දිනය (2016 ජුනි 05) අදට යෙදී තිබේ. 1972 පැවැති එක්‌සත් ජාතීන්ගේ මහ සම්මේලනයේදී ගන්නා ලද තීරණයකට අනුව මානව පරිසරය පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ සමුළුව 1972 ජුනි 05 වැනි දින සිට ජුනි 16 වැනි දින දක්‌වා ස්‌වීඩනයේ ස්‌ටොක්‌හෝම්නුවරදී පවත්වන ලදී. 

එහි ආරම්භක දිනය වන ජුනි 05 වැනි දිනය ජගත් පරිසර දිනය වශයෙන් පසුව ප්‍රකාශයට පත් කරන ලදී. මේ දිනය සැමරීම සඳහා නිල වශයෙන් කටයුතු කරන එක්‌සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ආරම්භය සිදුවන්නේ ද මෙම සමුළුවේ ප්‍රතිඵලයකිනි. එතැන් සිට ගතවූ දශක හතරක පමණ කාලය තුළ එක්‌ එක්‌ වසරවල විවිධ තේමාවන් ඔස්‌සේ ජගත් පරිසර දිනය සමරනු ලබයි. මෙහිදී එක්‌ එක්‌ වසරේ ජගත් පරිසර දිනය සැමරීම සඳහා රටවල් තෝරා ගන්නේ පිළිවෙළින් උත්තර අර්ධගෝලයෙන් සහ දක්‌ෂිණ අර්ධගෝලයෙන් මාරුවෙන් මාරුවටය. 

ඒ අනුව 2016 වර්ෂයේ පරිසර දිනය සැමරීම සඳහා  ඇන්ගෝලාවයි තෝරාගෙන ඇති අතර  මෙවර පරිසර දින තේමාව ලෙස  “වනජීවී සම්පත් නීති විරෝධී ලෙස අලෙවි කිරීමට එරෙහි වෙමු” (FIGHT AGAINST THE ILLEGAL TRADE IN WILDLIF) ගෙන ඇත.

2015 සවිස්තරාත්මක ලිපිය කියවිමට මෙතනින් යන්න. (මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුනිල් උඩුකුල මහතාගේ ලිපියක් අන්තර්ඝත කර ඇත.


ඔබගේ දැන ගැනීම සහ අවශ්‍යතාව සදහා 1974 වසරේ සිට 2016 දක්වා ලොව පරිසරයට වෙන් වූ දිනයන් හි ජගත් පරිසර දින තේමාවන් පහතින් දක්වා ඇත.

1973    -   Expo ’74” තුළ එක් පොළොවක්.
1974    -    එක් පොළොවක්.
1975    -    මනව ජනාවාස.
1976    -    ජලය ජීවයට අත්‍යවශ්‍ය සම්පතකි.
1977    -    ඕසෝන් වියන පරිසරය කෙරෙහි බලපෑම, බිම් අහොසි වීම 
                  සහ කැලෑ විනාශය.
1978    -    විනාශයෙන් තොර දියුණුවක්.
1979    -    අපේ දරුවන්ට එකම අනාගතයක්, විනාශයෙන් 
                 තොර සංවර්ධනයක්.
1980    -    අලූත් දශකයට අලූත් අභියොගයක්.
1981    -    භූ ගත ජලය මිනිසාගේ අහාර දාමයේ විෂ සහිත 
                 රසායන සහ පරිසර ආර්ථීකය.
1982    -    ස්ටෝක්හෝම් සැසියෙන් දශකයකට පසු. 
1983    -    විනාශකාරී අපද්‍රව්‍ය කළමනාකරණය අහොසිය, අම්ල වැසි 
                 සහ බලශක්තිය.
1984    -    කාන්තාරකරණය.
1985    -    තාරුණය ජනගහනය සහ පරිසරය
1986    -    සාමය සදහා ගස් වවමු.
1987    -    පරිසරය සහ වාසස්ථාන, පියස්සකට වැඩි දෙයක්.
1988    -    මිනිසා පරිසරය මුලට ගත් විට සංවර්ධනය අගට යෙදේ 
1989    -    පෘථීවි ගෝලයේ උෂ්ණත්වය ඉහළ යෑම 
                  අනතුරු ඇගවීමකි.
1990    -    පරිසරය සහ දරුවන්.
1991    -    දේශගුනික විපර්යාසය ගෝලීය එක්සත් 

                  බවේ    අවශ්‍යතාවයකි.
1992    -    එකම පෘථීවිය සුරකිමු, ඛෙදා හදාගෙන ජීවත් වෙමු.
1993    -    දිලිදුකම සහ පරිසරයේ විෂම චක්‍රය බිදිමු.
1994    -    එක පවුලක් එක පොළොවක්.
1995    -    ජගත් පරිසරයකට ජනතා දායකත්වය.
1996    -    පොළොව අපේ ජන්ම භූමිය යි, අපේ නිවහන යි.
1997    -    පෘථීවියේ ජිවය සදහා 
1998    -    පෘථීවියේ ජිවය සදහා සාගරය සුරකිමු.
1999    -    අපේ පෘථීවිය අපේ අනාගතය යි එය සුරකිමු.
2000    -    පරිසර සහශ්‍රකය යි කි්‍රයාත්මක වීමට කාලය යි.
2001    -    ජීවය උදෙසා අන්තර්ජාලය සමග එක්වෙමු.
2002    -    මිහිතලයේ සොදුරු බව රැකදෙන්න.
2003    -    ජලය ජීවයේ උල්පත යි.
2004    -    මුහුද සහ සාගරය නොනසා රැක ගනිමු.
2005    -    මිහිමඩල සුරකන හරිත පුරවර.
2006    -    වියළි බිම් සරු කරමු.
2007    -    අයිස් කදු දිය වීම.
2008    -    හරිතාගාර වායු පිටු දකිමු, කාබන් අවම ආර්ථීකයක් කරා 
                  පියනගමු.
2009    -    මිහිමවට ඔබ අවැසිය, දේශගුණික විපර්යාස පිටු දැකීමට
                  පෙළ ගැසෙමු.
2010    -    එක මිහතලයක ජීවයක් පිරුණු අනාගතයක්.

2011    -    වන සම්පත සොබාදහමේ සත්කාරයයි.
2012    -  හරිත ආර්ථිකය; ඔබත් එහි කොටස්කරුවෙක්
2013    -  ආහාර පරිභෝජනයේ අරපිරිමැස්‌ම ගැන සිතන්න ඔබගේ ආහාර පියසටහන අඩු කරන්න
2014    - දේශගුණික විපර්යාසවලින් දූපත් රාජ්‍යයන් බේරාගැනීම
2015    -  බිලියන 07ක ජනතාවක් – එක ග්‍රහලෝකයක් – පරිස්සමින් පරිහරණය කරමු
2016     - වනජීවී සම්පත් නීති විරෝධී ලෙස අලෙවි කිරීමට එරෙහි වෙමු