Showing posts with label ජාත්‍යන්තර දින. Show all posts
Showing posts with label ජාත්‍යන්තර දින. Show all posts

Wednesday, September 6, 2023

නිල් අහස සඳහා වූ පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනය


නිල් අහස සඳහා වූ පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍ය
න්තර දිනය සැප්තැම්බර් 07 දිනට යෙදෙයි.  (07.09.2022)

මානව සෞඛ්‍යයට සහ එදිනෙදා ජීවිතයට පිරිසිදු වාතයෙහි ඇති වැදගත්කම සැලකිල්ලට ගිනිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2019 වසරේදී, සැප්තැම්බර් 07 වන දින නිල් අහස සඳහා වූ පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර  දිනය ලෙස නම් කර ඇත. මේ සම්බන්ධයෙන් ඒ ඒ වරසරේදී ලෝක ප්‍රජාවගේ විශේෂ  අවධානය යොමු කරවීම සඳහා ඒ ඒ වසරට අදාලව තේමාවක් යටතේ ලොවපුරා සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව 2023 සැප්තැම්බර් 07 දිනයේ තේමාව කරගෙන ඇත්තේ "පිරිසිදු වාතය සඳහා එක්වෙමු"  "Together for Clean Air" යන්නයි. එමගින් වායු දූෂණයෙන් මිදීම උදෙසා ශක්තිමත් හවුල්කාරිත්වයක අවශ්‍යතාවය, වගකීම බෙදා ගැනීම සහ ඒ සඳහා වැඩි වශයෙන් ආයෝජනය කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කරනු ලබයි.

පිරිසිදු වාතය සෑම ජීවියකුගේම මූලික අවශ්‍යතාවයකි. ලොව සමස්ථ ජනගහණයෙන් 99%කට වඩා අනාරක්ෂිත වාතය ආශ්වාස කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර ඇත. සෑම වසරකම ලෝකයේ මිලියනන 7කට ආසන්න ප්‍රමාණයක් වායු දූෂණය හේතුවෙන් මිය යන බව අනාවර්ණය වී ඇත. 

වායු දූෂණය දේශිය වශයෙන් මෙන්ම දේශ සීමා ඉක්මවා ද බලපෑම් ඇති කරනු ලබයි. එබැවින් වායුගෝලය රැක ගැනීම මෙන්ම සැමට පිරිසිදු වාතාශුය සහතික කිරීම අප සැමගේ වගකීමයි. 

 මෙහිදී ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද හුස්ම ගැනීමට ඇති වාතය පිළිබඳව වරක් දෙවරක් නොව කිහිප වරක් සිතාබැලිය යුතු කාලයක් උදාවෙමින් ඇති බව අවධාරණය කළ යුතුමය..

 මිනිසුන් පමණක් නොව සියලුම ජීවීන් තම පනනළ රැක ගැනීම සඳහා අවශ්‍ය වාතය හුසුම ලෙ‍ෙ ගනු ලබන්නේ එකම වායුගෝලයෙනි. මිනිසාට සාපේක්ෂව අනෙකුත් ජීවින් අතින් වායුගෝගයට සිදුවන බලපෑම නොසැළකිය යුතු තරම්ය.  අප අවට ඇති වායුගෝලය රැකගැනීම අප සියල්ලන්ගේම යහපත පිණිස හේතු වනු ඇත. මෙම වාතලය නොතිබෙන්නට මිහිපිට ජීවයක් නොවනු ඇත.

ශ්‍රී ලංකාවේ වායු දූෂණය පිළිබඳව සලකා බැලීමේදී රථවාහන හරහා සිදුවන ෆොසිල ඉන්ධන දහනය, අපද්‍රව්‍ය පිළිස්සීම, ගෘහස්ථ ඉන්දන දහනය, පෙට්රෝලියම් පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය ආදිය මූලිකත්වය ගන්නා බව සඳහන් වේ. 


පරිසර දූෂක ලෙස වායු සංඝටක ගණනාවක් පිළිබඳව සලකා බලපානු ලබයි.  ඒවායින් විශේෂ අවධානයන් යොමු වන කිහිපයක් පහතින් දක්වා ඇත.
වායු ගොලයේ පදාර්ථමය අංශු (particulate matter), 
ඕසෝන්, 
සල්ෆර් ඩයොක්සයිඩ්, 
නයිට්‍රජන් ඩයොක්සයිඩ්, 
කාබන් මොනොක්සයිඩ්, 
ඊයම්, 
ඇමෝනියා 

මෙම සංරචක වායුගෝලයේ පැවතිය හැකි මට්ටම හෝ පැවතිය හැකි ස්ථරය වෙනස්වීමෙන් වාතය දූෂණයට ලක්වේ. 

එවිට මිනිසාට විවිධ බලපෑම් ඇති කිරීම සිදුවේ. පුධාන වශයෙන් පෙනහළු ආශ්‍රිිතව ඇතිවන අබාධ වන පෙනහළු පිළිකා, ඇදුම, ස්වාසනලිකා ආශ්‍රිත ප්‍රදාහය,  ආදී රෝගාබාධ ඇතිවිය හැකිය. 


ගෘහස්ථ මට්ටමේදී වායු දුෂණය ඇතිවේ. දර භාවිතය නිසා ඇතිවන දුම ප්‍රධාන ලෙසම පෙනහළු ආශ්‍රිත ආබාධ ඇති කරවීමට දායක වී ඇත බව සඳහන් වේ. මෙය හේතු කොටගෙන ගෘහණියන් සහ දරුවන් විවිධ මට්ටමින් මෙම රෝගී තත්ත්වයනට ගොදුරු වීම දක්නට ලැබේ. ලෝක සෞඛ්ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට මෙම තත්ත්වය වලක්වා ගැනීමට ඵලදායී උදුන් භාවිතය මෙන්ම විවිධ සෞඛ්යාරක්ෂිත ඉන්ධන භාවිතය වෙනුවෙන් මාර් ගෝපදේශ ඉදිරිපත් කර ඇත.

ලෝක සෞඛ්ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට ගෘහස්ත වායු දුෂණය හරහා රුධිර ගමනාගමනයේ ගැටළු හරහා සිදුවන හෘද රෝග වලින් 32% ක් ,රුධිර කැටි සිරවීමෙන් ඇතිවන ආඝාත තත්වයන්ගෙන් 23% ක් ද අඩු ශ්වසන අසාදනයන්ගෙන් 21% ක් ද පෙනහළු පිළිකා වලින් 6%ක් ඇතිවේ.

නිල් අහස සඳහා වූ පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනයේ නම් කිරීම ඔස්සේ වායු දුෂණය හා එහි අනිසි බලපෑම පිළිබඳව ලෝකවාසීන් දැනුවත් කර, වායු දුෂණය අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරවීම හරහා පිරිසිදු වාතය සියලු ජීවීන්ට හුස්ම  ගැනීමට අවකාශය සැලසීම උදාවේ.


දිලිප්.සේනානායක,
ප්‍රාදේශිය පරිසර නිලධාරි.
2023-09-06

ලිපිය සැකසීම සඳහා තොරතුරු පරිසර අමාත්‍යාංශ ලේකම්ගේ 2023-08-11 දිනැති ලිපියෙන් සහ අන්තර් ජාලය පරිශීලනයෙන් ලබාගන්නා ලදි.


Wednesday, October 5, 2022

ලෝක සත්ව දිනය / World Animal Day --2022

 ලෝක සත්ව දිනය / World Animal Day --2022

ලෝක සත්ව දිනය සෑම වසරකම ඔක්තෝබර් 04 දිනයට යෙදී ඇත. 1925දී මුල් වරට සමරන ලද ලෝක සත්ව දිනය මෙවර සමරන්නේ 97වන වරටයි.
ලෝක සත්ව දිනය ආරඹ්හ කලේ ජර්මන් ජාතික සත්ව ලෝලියෙකු වූ හෙයිනීච් සිම්මර්මාන් (පලමු ඡායාරූපය) විසින් 1925 මාර්තු මස 24 දිනදීය.එය එම වසරේදී ජර්මනියේ 5000ක් දෙනෙකුගේ සහභාගිත්වයෙන් සමරා තිබේ.නමුත්,ඔහු විසින් මෙය ලොව පුරා සමරන දිනයක් බවට පත්කිරීමේ උත්සාහය සාර්ථක වූ 1931 වසරේ සිට එය ඔක්තෝම්බර් මස 04 දිනයට සමරන්නට ඔහු විසින් තීරනය කර තිබේ.ඊට හේතුව වන්නේ සතුන් සහ පරිසරයට අනුශාශක සාන්තුවරයා වන අසීසිහි සාන්ත ෆ්රැන්සිස් මුනිතුමාගේ (Saint Francis of Assisi) (දෙවන ඡායාරූපය) සැමරැම් දිනය මෙදින වීම නිසාවෙනි.

ලෝක සත්ව දිනය වන සතුන්ට පමනක් නොව ගෘහාශ්රිත සහ ගොවිපල සතුන්ටත් අදාල වන්නකි.එහි ප්රධාන පරමාර්ථය වන්නේ සතුන් කෙරේ අවධානය යොමු කිරීම, අතුන් කෙරේ දයානුකම්පාව ඇතිකරලීම මෙන්ම සතුන්ට මානුශීය ලෙස සැලකීම වර්ධනය කිරීම වේ.ඒ නිසාම එය සංරක්ශනය සහ සංරක්ශන කටයුතු සඳහා ක්රියාකාරකම් නොව සතුන් පිලිඹඳව දැනුවත් කිරීමේ දිනයක් ලෙස බොහෝදෙනා විසින් යොදාගනු ලබන්නකි.

එනමුත්,පසුගිය කාලයේදී ලෝක සත්ව දිනය තර්ජජිත වන සතුන් කෙරේ අවධානය ලබා දීමට යොදාගන්නා ලදී.

එහිදී ප්‍රධාන වශයෙන්
අලි,
මුහුදු ක්ෂීරපායින් වන තල්මසුන් සහ ඩොල්ෆින් මෙන්ම ව්‍යාඝ්‍රයන් කෙරෙහිත් අවධානය ලබා ගැනිමට භාවිතා කර තිබේ.
ඒ අතරම තවත් අය මෙම දිනය ගොවිපලවල් වල ඇතිකරනු ලබන සතුන්ට මානුශීය ලෙස සැලකීම කෙරේ අවධානය යොමු කිරීමට භාවිතා කර තිබේ. ලෝක සත්ව දිනය ශ්රී ලංකාවේත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන යන අංශයන් දෙක විසින්ම සමරන්නකි.

මෙරටේදීත් ලෝක සත්ව දිනය යොදාගනු ලබන්නේ මූලික වශයෙන්ම ජනතාව දැනුවත් කිරීමේ දිනයක් ලෙසිනි.

එසේම ඒ කෙරෙහි මෙරට බොහෝ දෙනාගේ අවධානයක් යොමුවී නැති බවත් පෙනේ. එසේ වුවත්, ලෝක සත්ව දිනය වඳවීයාමේ තර්ජනයට මුහුනදී සිටින, මෙරට සතුන් කෙරෙහි මෙන්ම සත්ව සුභසාධනය කෙරෙහි අවධානය යොමු කරවා ගැනීමට ඵලදායී ලෙසින් යොදා ගත හැකි දිනයක් වේ.


පරිසරවේදී නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතාගෙන් උපුටා ගන්නා ලද.

Tuesday, February 1, 2022

ලෝක තෙත්බිම් දිනය පෙබරවාරි 02 දිනට යෙදී ඇත. (2022)

 

ලෝක තෙත්බිම් දිනය - පෙබරවාරි 02 දිනට (2022)

තාවකාලිකව හෝ ස්ථිරව හෝ ජලයෙන් යටවී පවතින බිම් තෙත් බිම්ය. ජල සම්පත සුරකිමින් මිනිසා සතුන් ඇතුළු සොබාදහමේ පැවැත්මට තත් බිම්වලින් ඉටුකරන මෙහෙය සුළු පටු නොවේ. ඒවායින් ආර්ථිකමය වශයෙන් අත්කරදෙන වාසිද රැසකි. රම්සා සම්මුතියෙන් තෙත් බිම් සංරක්ෂණයට පියවර ගැනුණේ ද තෙත්බිම් සතු වටිනාකම් හේතුවෙනි. තෙත් බිම් සම්පතකි. එය රැකගනිමු. මේ ලිපිය පෙබරවාරි 02 වැනි දිනට යෙදෙන ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙනි.

2022 වර්ෂයේ තෙත් බිම් දින තේමාව

යම් විශේෂිත තේමාවක් යටතේ සෑම වසරකම අන්තර්ජාතික තෙත් බිම් දිනය සමරනු ලබයි. 2022 වසරේ අන්තර්ජාතික තෙත් බිම් දිනයේ තේමාව වන්නේ “Wetlands Action for People and Nature" - "ජනතාව හා සොබාදහම සඳහා තෙත් බිම් ක්‍රියාකාරීත්වය” යන්නයි. එසේම ප්‍රධාන තේමා පාඨය ලෙස “Value - Manage - Restore - Love” අගයමු - කළමනාකරණ කරමු - ප්‍රතිස්ථාපනය කරමු - ආදරය කරමු යන්නයි.

තෙත් බිම් දිනයට මඟ පෑදූ රම්සා සම්මුතිය

1971 වසරේ පෙබරවාරි මස ඉරානයේ රසා නගරයේදී තෙත් බිම් සම්බන්ධව අන්තර්ජාතික සමුළුවක් පැවැත්වුණි. එවකට ලොව ප්‍රකට පරිසරවේදීන්, විද්වතුන්, රාජ්‍ය නියෝජිතයන් ඇතුළුව විශාල පිරිසක් ඊට සහභාගි වූහ. එහිදී ඇති කරගත් සම්මුතිය තෙත් බිම් ආශ්‍රිත ජලජ පක්ෂීන්ගේ වාසස්ථාන පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (තෙත් බිම් සම්මුතිය) නම් වේ. ඉරානයේ රසා නුවරදී ඇතිකරගත් බැවින් රම්සා සම්මුතිය නමින්ද හඳුන්වයි. ශ්‍රී ලංකාව 1990 වසරේ සිට රසා සම්මුතියේ පාර්ශ්ව රාජ්‍යයක් ලෙස කටයුතු කරයි.

තෙත්බිම් යනු මොනවාද?

බාදිය මට්ටමේ සිට මීටර් 6 ට අඩු මුහුදු පෙදෙස් ද ඇතුළත්ව ගලායන හෝ නිශ්චලව පවතින්නා වූ මිරිදිය, කිවුල් දිය හෝ ලවණ දියෙන් තාවකාලිකව හෝ ස්ථිරව යටවී ඇති කෘත්‍රිම හෝ ස්වාභාවික වගුරු බිම්, විල්ලූ, ජලාශ හෝ ජල මාර්ග හැල ඉඩම්, පිටි ඉඩම්, තෙත් බිම් නමින් හඳුන්වයි.

ලෝක තෙත් බිම් දින සැමරුම පෙබරවාරි 02දා බත්තරමුල්ල අපේ ගමේ දී.

ලෝක තෙත් බිම් දින සැමරුම් ජාතික උත්සවය පෙබරවාරි 02දා මධ්‍යම පරිසර අධිකාරියේ මූලිකත්වයෙන් හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේතුවේ සහයෝගයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වේ.

විජය පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වූ කෙටිකතා හා කවි රචනා තරගයේ ජයග්‍රාහකයින්ට ද එදින ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කරනු ලබයි.

අන්තර්ජාතික තෙත්බිම් දිනයක් නම් කිරීම

  රම්සා සම්මුතියට පාර්ශ්ව රාජ්‍යයන් අත්සන් තබා එම සම්මුතිය සම්මත වීම 1971 වසරේ පෙබරවාරි දෙවන දින සිදුවිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම දිනය සිහිපත් කරමින් සෑම වසරකම පෙබරවාරි 02 දින අන්තර්ජාතික තෙත් බිම් දිනය නමින් ප්‍රකාශයට පත්කෙරුණි. අන්තර්ජාතික වශයෙන් තෙත් බිම් දිනය සැමරීම 1997 වසරේ දී ආරම්භ වුණි.

 තෙත් බිමෙන් සොබාදහමට

අපට පරිසරයේ හමුවන එක් වැදගත් පරිසර පද්ධතියක් ලෙස තෙත් බිම් හැඳින් විය හැකිය. තෙත් බිම් පරිසර පද්ධති ආශ්‍රිතව ඉතා ඉහළ ජෛව විවිධත්වය පවතියි. ආවේණික ජීවි විශේෂ, වඳවීයාමේ තර්ජනයට ලක්වූ ජීවී විශේෂ මෙන්ම ඉතා දුර්ලභ ජීවී විශේෂ ද තෙත් බිම් ආශ්‍රිතව වෙසේ. සමහර ජීවි විශේෂ වල කීට හා ළදරු අවධි ගත වෙන්නේ තෙත්බිම් ආශ්‍රිතවයි. එම ජීවී විශේෂ වලත්, එම පරිසර පද්ධතිවල ආහාර දාම හා ආහාර ජාලවල පැවැත්මටත්, පොදුවේ ජෛව විවිධත්වයේ පැවැත්ම සඳහාත් තෙත් බිම් ඉතා වැදගත් වේ.

තෙත් බිම් සහ කාබන්

පිටි, ඉඩම්, කඩොලාන පරිසර පද්ධති, සහ මුහුදු තෘණ බිම මගින් විශාල කාබන් ප්‍රමාණයක් තිරකරනු ලබයි. ලොව සමස්ත භූමි ප්‍රමාණයෙන් 3 % ක් පමණ පිට් ඉඩම් වේ. භූමියේ ඇති වන කාබන්වලින් 30 % ක් පමණ තිර කරනු ලබන්නේ මෙම පීට් ඉඩම්වලිනි

2022 තෙත් බිම් දිනය අප රටට වැදගත්

දේශීය සංස්කෘතිය හා තෙත් බිම් අතර ඇත්තේ දැඩි සම්බන්ධතාවයකි. අපගේ ප්‍රධාන ආහාරය වන බත් සපයන වී නිපදවන්නේ කුඹුරෙනි. කුඹුර තෙත් බිමකි. කුඹුරට දිය ලැබුණේ වැවෙනි. ගැමියන් ගමේ වැව රැක ගත්තේ මහත් ආදර ගෞරයකිනි. වැව හා බැඳුණු සංස්කෘතියක් එහි පැවතුණි.

ලොකු කුඩා අභ්‍යන්තර වැව් හා ජලාශ, ගංගා ඇළ දොළ රැසක් අප රට පුරා විහිදී පවතියි. මේවා මගින් බීමට හා වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයෙයි. තවද ජල විදුලිය නිෂ්පාදනයට, ධීවර කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට ද මහඟු දායකත්වයක් ලබා දෙයි. තෙත් බිම් පොදුවේ මානව පැවැත්මටත් පරිසර පද්ධතියේ තිරසර බවටත් ඉතා ප්‍රයෝජනවත්ය

               

  කොළඹරම්සා තෙත්බිම් නගරයක්

                2018 වසරේ පැවති 13 වැනි රසා සමුළුවේදී සම්මත වූ පරිදි ලොව ප්‍රධාන නගර 18ක් තෙත් බිම් නගර ලෙස ප්‍රකාශයට පත්කෙරිණි. මෙම නගර අතරට කොළඹ නගරය ද ඇතුළත්ය. ලෝකයේ රම්සා තෙත් බිම් නගර අතර ඇති එකම අග නගරය ද කොළඹ නගරයයි. මෙහිදී අදාළ නගරවල තෙත් බිම් ආරක්ෂා කිරීමට එම රටවල් ගෙන ඇති විශේෂ දායකත්වය සලකා ඇත. ලොව ඇති නගර තෙත් බිම් නගර යනුවෙන් නම් කිරීමෙන් සෙසු රටවලද නගර ආශ්‍රිත තෙත් බිම් ආරක්ෂා කිරීමේ අපේක්ෂාවක්ද වෙයි.

 

 අපව සුරකින තෙත් බිම් අපිත් සුරකිමු

තෙත් බිම් ආරක්ෂාකිරීමෙන් මානව පැවැත්මත් පරිසරයත් ආරක්ෂා වේ. එබැවින් තෙත් බිම් සුරැකීම අප සතු වගකීමකි. අපිත් තෙත් බිම් සුරැකීමට දායක වෙමු. හැකි සෑම අවස්ථාවකදීම තෙත් බිම්වලට සිදුවන හානි

අවම කිරීමට කටයුතු කරමු. හානියට පත් තෙත් බිම් ප්‍රතිස්ථාපනයට කටයුතු කරමු. (සුදුසු ස්ථානවල සුදුසු ශාක විශේෂ රෝපණය කිරීමෙන්)

 

තෙත් බිම් වියළීයාමට හේතුවන ක්‍රියාවලින් (තෙත්බිම්වලින් ජලය ඉවත්වන) වැළකෙමු. ආගන්තුක ආක්‍රමණකාරී ජීවි විශේෂ මගින් තෙත් බිම් පරිසර පද්ධති වලට සිදුවන හානිය වැළැක්වීමට පියවර ගනිමු.

 

             තෙත් බිම්වලට කැළි කසළ හා වෙනත් අපද්‍රව්‍ය එක්වීම වළක්වමු.

             තෙත් බිම්වල පවතින ජෛව විවිධත්වය පිළිබඳව දැනුමක් ලබමු.

             තෙත් බිම්වල විශේෂ වැදගත්කම පිළිබඳව දැනුවත් වෙමු. අන් අයද දැනුවත් කරමු.

 

       තෙත් බිමෙන් අපට ලැබන දායාද

 ජල සුරක්ෂිතතාවය තහවුරු කිරීම

ජලය ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. ජල සුරක්ෂිතතාවය සඳහා තෙත්බිම් විශාල දායකත්වයක් ලබා දෙයි. මිනිසා ඇතුළු සෙසු ජීවීන් සඳහා ජලය සපයා දෙන්නේ තෙත් බිම්වලිනි. ගංගා පිටාර ගලන විට තෙත් බිම්වලින් ඒවාට ලැබෙන අමතර ජල ප්‍රමාණය රඳවා ගනියි. මේ තෙත් බිම් ස්පෝන්ජ් එකක් මෙන් ක්‍රියාකරයි. එළඹෙන වියළි කාලයේදී රදවාගෙන ඇති ජලය ක්‍රමයෙන් පරිසරයට නිදහස් කරයි. මේ අයුරින් නියං කාලවල දී ජල හිගයක් ඇති නොවීමට තෙත් බිම් දායකත්වය සලසයි. බීමට පමණක් නොව අනෙකුත් සනීපාරක්ෂක කටයුතු සඳහාත්, බෝගවගාවටත් අවැසි ජලය ලබාදෙන්නේ තෙත් බිම්වලිනි.

 

ස්වාභාවික ආපදාවලින් ආරක්ෂා කිරීම

ගංවතුර තත්ත්වය පාලනය කිරීමටත්, ආන්තික කාලගුණික තත්ත්වවලදී (කෙටි කලක් තුළ අධික වැසි ලැබීම්) මිනිසාට ඇතිවිය හැකි ආපදා අවම කරගැනීමට තෙත් බිම් දායකත්වය සපයයි. සුළි සුළං, උදම් රළ ඇතිවීම ආදි අවස්ථාවල ගොඩබිම ආරක්ෂා කරගැනීම සඳහා ස්වාභාවික පවුරක් ලෙස වෙරළබඩ කලාපයේ ඇති කඩොලාන පරිසර පද්ධති වැදගත් වේ.

               

ජීවනෝපාය සඳහා දායකවීම

තෙත්බිම් පාදක කරගත් ජීවනෝපාය ක්‍රම රැසක් පවතී. ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය, ආහාර නිෂ්පාදනය, ජලජීවී වගා කටයුතු, කෘෂිකර්මාන්තය, පන් පැදුරු වීම ආදි කර්මාන්ත තෙත්බිම් සමග සෘජු සම්බන්ධයක් ඇත. සරු තෙත් බිමක් රැකියා අවස්ථා රැසක් නිර්මාණය කරමින් ඒ අවට වාසින්ට උසස් ජීවන තත්ත්වයක් ඇතිකරගැනීමට දායක වෙයි.

 දේශගුණික විපර්යාසවලට බාධකයක්

දේශගුණික විපර්යාසවල බලපෑමෙන් දැඩි නියං තත්ත්ව හා අධික ජල ගැලීම් ඇතිවේ. තෙත්බිම් මගින් කෙටි කාලයක් තුළ අධිකව ලැබෙන වැසි ජලය රඳවා තබාගනිමින් ගංවතුර පාලනය කරයි. දිගු නියං තත්ත්වවලදී තෙත්බිම්වලින් වැසි කාලයේදී එහි රඳවාගත් ජලය මුදාහරියි. ඒ අයුරින් නොකඩවා පරිසරයට ජලය ලබාදීමට තෙත් බිම් දායක වෙයි. මේ ලෙසට දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම අවම කර ගැනීම සඳහා තෙත් බිම්වල සහය ලැබේ.


  ටී.එම්. අනුරුද්ධ තෙන්නකෝන්,

උපුටා ගන්නා ලදි.





Wednesday, December 29, 2021

අන්තර්ජාතික කඳුකර දිනය . / International Mountain Day. (2021 දෙසැම්බර් 11)

අන්තර්ජාතික කඳුකර දිනය . / International Mountain Day. (2021 දෙසැම්බර් 11)

කඳුකර දිනය ප්‍රකාශයට පත්කිරීම

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 2002 වසර කඳු පිලිබඳ අන්තර්ජාතික වසර ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව  සෑම වසරකම දෙසැම්බර් 11 වන දින අන්තර්ජාතික කඳුකර දිනය වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. ඒ ඔස්සේ කඳුකර පරිසර පද්ධති වලට අන්තර්ජාතික අවධානය යොමු කරන ලදී. 

2003 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් 11 වන දිනය තුල අන්තර්ජාතික කඳුකර දිනය සැමරීම සිදුකරනු ලබයි.

2003 වසරේ සිට සෑම වසරකම කාලීන වශයෙන් වැදගත් තේමාවක් යටතේ අන්තර්ජාතික කඳුකර දිනය සමරනු ලබයි. 

අන්තර්ජාතික කඳුකර දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ අරමුණු

01 ජීවයේ පැවැත්ම සඳහා කඳුකරයේ ඇති වැදගත්කම පිළිබඳ ජනතා අවධානය ඇතිකිරීම

02 කඳුකර කලාප සංවර්ධනය කිරීමට ඇති අවස්ථාවන් හා ඒ සඳහා ඇති අවහිරතාවයන් හඳුනාගැනීම

03 ලොව පුරා කඳුකරවාසී ජනතාව හා පරිසරය අතර ධනාත්මක වෙනසක් ඇතිකරලීම සඳහා සන්ධානයක් ඇති කිරීම 

        ආදිය වේ.

 2021 වසරේ තේමාව

 2021 වසරේ තේමාව වනුයේ Sustainable Mountain Tourism (තිරසාර කඳුකර සංචාරක ව්‍යාපාරය)යන්නයි.

 සංචාරක කර්මාන්තය හා සම්බන්ධව කඳුකරයේ පවතින විභවය හා වැදගත්කම සැලකිල්ලට ගනිමින් වඩාත් තිරසාර සංචාරක කර්මාන්තයක් ලෙස එය යොදාගැනීමේ වැදගත්කම ජනතාව වෙත අවධාරණය කිරීම සඳහා මෙම තේමාව යොදාගෙන ඇත.

Wednesday, June 16, 2021

ලෝක කැස්බෑ දිනය අදට යෙදී ඇත. (ජුනි 16) World Turtle Day

මුලින්ම ඇමරිකාවේ ජීවත්වන ඉබ්බන් විශේෂ ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් එම සමාජය කතිකාවක් ඇති වීම නිසා 2000 වසරේ සිට වාර්ෂිකව සෑම ජුනි 16 වෙනිදා දිනකම සැමරෙන ලෝක කැස්බෑ දිනයේ  (World Turtle Day) අරමුණ වී ඇත්තේ කැස්බෑවන් සහ ඉබ්බන්( turtles and tortoises)පිළිබඳ දැනුම හා ගෞරවය  ලෝක ප්‍රජාව හමුවේ වැඩි කිරීම සහ ඔවුන්ගේ පැවැත්මට සහ දියුණුවට හේතුවන ක්‍රියාකාරකම් සඳහා මිනිස් ප්‍රජාව දිරිමත් කිරීමයි. කැස්බෑ සංරක්ෂණය වෙනුවෙන් සිය දිවියම කැප කළ “මුහුදු කැස්බෑ ජීව විද්‍යාවේ පියා” Dr. Archie Carr(1909-1987)  ගේ උපන් දිනය ලෝක කැස්බෑ සංරක්ෂණ දිනය ලෙස නම් කර ඇත.

කැස්බෑවන් වෙනුවෙන් දිනයක් වෙන්කිරීමට තරම් ලෝක ප්‍රජාව මූලික වූයේ එම සතුන් වඳීයාමේ තර්ජනයට මුහුණදී සිටීම හේතුවෙනි. 

ජුරාසික් යුගයේ සිට එනම් වසර මිලියන 100ක පමණ ඉතිහාසයක සිට කැස්බෑවුන් මෙලොව ජීවත් වන බවට අනුමාන කෙරෙන   මෙම සත්ත්වයින් පරිසර විශේෂඥයින් හඳුවන්වන්නේ "සජීවී පොසිල" ලෙසය. ඇතැම් කැස්බෑවන් වයස අවුරුදු 400ක් පමණ ජීවත් වන අතර ඔවුන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර 80-120ක් ලෙස සැලකේ. 

 මිනිස් ක්‍රියාකාරකම් නිසා කැස්බෑ විශේෂ ගණනාවක් වඳ වී ගොස් ඇති අතර දැනට ලොව ජීවත් වන්නේ කැස්බෑ විශේෂ හතක් පමණි. එයිනුත් විශේෂ හයක්ම ලෝක රතු දත්ත පොතට ඇතුළත් කර ඇත. මෙම විශේෂ හත අතරින් පහක්ම ලංකාව අවට මුහුදේ ජීවත් වීම විශේෂත්වයකි. ඒ ගල් කැස්බෑවා, බටු කැස්බෑවා, දාර කැස්බෑවා, පොතු කැස්බෑවා සහ ඔලුගෙඩි කැස්බෑවා යන විශේෂයන්‍ ය.

මිනිසා විසින් සිදු කරනු ලබන නොමිනිස් ක්‍රියා කාරකම් හේතුවෙන් ලොව පුරා කැස්බෑවුන් මිය යමින් සිටී. වසරකදී ලොවපුරා රටවලින් මුහුදට එක් කරනු ලබන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන අටක් බව පැවසෙන අතර මුහුදේ ජීවත් වනු ලබන කැස්බෑවුන්, ජෙලිෆිෂ් වැනි ආහාරයක් යැයි වරදවා වටහාගෙන ප්ලාස්ටික් හෝ පොලිතින් ආහාරයට ගැනීමෙන් මිය යයි.

ලෝක කැස්බෑ දිනය ගැන ශ්‍රී ලංකාවේ අපි සාකච්ජා කරන්නේ පරිසර පද්ධතියේ ජීවත්වන කැස්බෑවන් ගේ ජීවිත දැඩි අභියෝගකට ලක්ව ඇති පසුබිමකය. ඒ එක්සප්‍රස් පර්ල් නවුකාව කොළඹ වරාය ආසන්නයේ දී ගිනිගෙන මුහුදුබත් වීම සහ ඒ ආශ්‍රිතව පැන නැගුණ පරිසර හානිය හේතුවෙන් කැස්බෑවන් මියයාම දිවයිනේ විවිධ වෙරළ තීරවලින් වාර්තා වීමයි. 

දින කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාවට අහිමි වී ගිය මුහුදු කැස්බෑවන් ගණන 50 කට ආසන්න බව පරිසරවේදීන් මාධ්‍ය වාර්තා කර ඇත.බටහිර වෙරළේ මුන්දලම දක්වාත් දකුණේ වෙරළේ තංගල්ල රැකව ප්‍රදේශ දක්වාත් කැස්බෑවන්ගේ සිරුරු වෙරළට ගොඩ ගසා තිබී ඇත. 

ලොව වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති පොතු කැස්බෑවන් පස්දෙනකුම එලෙස පරිසර පද්ධතියට අහිමිවීම ඇත. 


Thursday, April 22, 2021

ජගත් මිහිතල දිනය අදයි (2021-04-22)

 

මුලුමහත් පෘතුවියමටම බලපාන පරිසර ගැටළු කෙරෙහි ලෝකවාසීන්ගේ අවධානය යොමු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ”ජගත් මිහිකත දිනය” නම් කොට තිබේ.  

ජගත් මිහිතල දිනය නම් කිරීමේ පුරෝගාමී වූවෝ

මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමට පුරෝගාමී වූයේ ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ සෙනෙට් සභික ගේලෝඩ් නෙල්සන් මහතාය. එකල වියට්නාම යද්ධය සිදු වූ අවධිකයි. එහිදී විවිධ පාරිෂවයන් විසින් වියට්නාම යුද්ධයට එරෙහිව හඬ නැඟුවද, එම යුද්ධයෙන් සිදු වන පරිසර විනාශය ගැන කිසිවෙකු අවධානය යොමු නොකෙරිණි. ඒ බව දුටු ගේලෝඩ් නෙල්සන් මහතා, තෙල් වැගිරීම්, කෘමිනාශක, දුමාරය වැනි දෙයින් පෘථිවියට බලපෑම් ඇති වන ආකාරය මහජන අවධානයට ලක් කරන්නට වෑයම් ‍කෙරිණි. එම වෑයමේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රථම වතාවට 1970 අප්‍රේල් මස 22 දා සැමරූ මිහිතල දිනයට ඇමරිකානුවන් මිලියන 20ක් සහභාගි වූ බව  තොරතුරු සඳහන් වේ. 

සාර්ථක සැළසුමක්

මිහිතල දිනය වශයෙන් අප්‍රේල් 22 යොදාගැනීමට සැළසුම් කර ඇත්තේ නෙල්සන් සහ සරසවි සිසුවෙකු වූ ඩෙනිස් හේස් විසිනි. ඩෙනිස් හේස් යනු හාවඩ් විශ්වවිද්‍යාලයේ දේශපාලනිකව ක්‍රියාකාරී සරසවි සිසුවෙකි.   ඊට හේතුව මේ දිනය සරසවි සිසුන්ගේ වසන්ත නිවාඩුව සහ අවසාන විභාග අතර යෙදෙන දිනයක් වීම තුළින් වියට්නාම යුද්ධයට එරෙහිව දේශපාලනිකව ක්‍රියාකාරී වූ සරසවි සිසුන්ගේ වැඩි අවධානය මිහිතල දිනය දෙසට යොමු කරවාගැනීම, මෙහි අරමුණ වී ඇත. 

ලෝකයටම ව්‍යාප්ත කළා

මිහිතල දිනය ඇමරිකාවේ ආරම්භ වූවත් පසුව ලොව දසත ව්‍යාප්ත වුණු සංකල්පයක්. එහිදී   ඩෙනිස් හේස් විසින් මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. ලෝක මිහිතල දිනය 1990 වන විට ලොව රටවල් 141ක පුද්ගලයන් මිලියන 200ක පිරිසකගේ සහභාගිත්වයෙන් සැමරෙන දිනයක් බවටපත් වී ඇත. 2000 වසර වන විට ලෝකයේ පරිසර සංවිධාන 5000ක දායකත්වයෙන් රටවල් 184ක ලෝක මිහිතල දිනය සැමරා ඇත.  Earth Day (මිහිතල දිනය) නම් වුණු මේ දිනය 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මහ සභාව විසින් International Mother Earth Day නමින් නම් කෙරුණා.

මෙවර තේමාව

 ඒ අනුව එම දිනය සැමරුම මේ දක්වා සිදු කෙරෙනවා. මේ එහි 51 වන සංවත්සරයයි. 

මෙවර ජගත් මිහිතල දිනයේ තේමාව වී ඇත්තේ "පෘථිවිය යථා තත්ත්වයට පත් කරමු (Restore our Earth)" යන්නයි. 

මෙම වසරේ තේමාව අවධානය යොමු කරන්නේ ස්වාභාවික ක්‍රියාවලීන්, නැගී එන හරිත තාක්ෂණයන් සහ ලෝකයේ පරිසර පද්ධති යථා තත්වයට පත් කළ හැකි නව්‍ය චින්තනයන් ය.

මෙහිදී අපේ සමස්ත පෘථිවි තලයටම බරපතළ හානියක් කරන ප්ලාස්ටික් හා පොලිතින්වලින් මිහිතලය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව විශේෂ අවධානය යොමු කර ඇත.

ඔබ කළ යුතු දේ

ඔබට පුළුවන් ගෙදර ඉඳගෙන ම ලෝක මිහිතල දිනය වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කරන්න. පුංචි පැලයක් හිටවන්න, ගෙදරට ගෙන එන පොලිතීන් ප්ලාස්ටික් අවම කරන්න, එම අපද්‍රව්‍ය අනිසි ලෙස බැහැර නොකර නැවත නැවත භාවිතය හා භාවිතයෙන් පසු ඉවතලන දේ ප්‍රතිචක්‍රීකරණයටම යොමු කරන්නට මේ මිහිතල දිනයේදී ආරම්භ කරන්නට හැකිනම් මිහිතලයට ඔබ යමක් එක්කලා යැයි සතුටු විය හැකිය.

ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකාව ද පොලිතීන් ප්ලාස්ටික් අවම කිරීම සඳහා විටින් විට විවිධ පියවරයන් ගනිමින් සිටිනවා. ඒ අතර පොලිතීන් ප්ලාස්ටික් නිෂ්පාදනය හා භාවිතය සීමා කිරීම් හා තහනම් කිරීම් සඳහා ගෙන ඇති නීති වැදගත් තැනක් ගනී. ආසන්නතම නීති ක්‍රියාවට නැංවීම 2021වසරේ මාර්තු 31 දින සිදු වෙනවා. ඒ 2021 ජනවාරි 21 දිනැති ගැසට් නිවේදනයෙන් ෂැසේ පැකට්, කොටන්බඩ් සමහා හුලං පිරවූ සෙල්ලම්බඩු භාවිතය තහනම් කිරීමෙනි. අදාල ගැසට් නිවේදනයේ ඡායාරූපය පහතින් දක්වා ඇත.


Google බ්‍රවුසරයේ පිවිසුම් පිටුව තුළ මිහිතල දින පණිවිඩය පහත විඩියෝවෙන් දක්වා තිබුණා.

https://www.youtube.com/watch?v=hAxqygRdM4g&t=2s



මූලාශ්‍ර - https://www.yamu.lk/si


Tuesday, February 2, 2021

ලෝක තෙත්බිම් දිනය අදට යෙදී ඇත. (2021 පෙබරවාරි 02)



ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී ඇති අතර “තෙත්බිම් සහ ජලය”  (“Wetlands and water”)  මෙවර ලෝක තෙත්බිම් දිනයේ තේමාව වී තිබේ. වාරෂිකව මෙම තේමාව රැම්සාර් මහලේකම් කාර්යාලය විසින් නම් කරනු ලබයි.

1971 වසරේ ඉරානයේ රැම්සාර් නුවරදී, ජාතීන් 21 ක් විසින් තෙත්බිම් සම්බන්ධ රැම්සාර් සම්මුතියට අත්සන් කල දිනය, එනම් පෙබරවාරි 2 වන දිනය, ලෝක තෙත්බිම් සැමරුම් දිනය ලෙස තෝරා ගෙන තිබෙයි

ලොව ප්‍රථම වතාවට  1997 වර්ෂයේදීයී තෙත්බිම් දිනය සමරනු ලැබ ඇත. එතැන් පටන් සෑම වසරකදීම,  තෙත් බිම් වල වටිනාකම් හා ප්‍රතිලාභ පිළිබඳවත්, විශේෂයෙන් රැම්සාර් සම්මුතිය සම්බන්ධ ලෝක ප්‍රජාව දැනුවත් කරමින් තෙත්බිම් සුරැකීම කෙරෙහි අවධානය යොමු කරවමින් සැමරම් වැඩසටහන් ක්‍රියාතමක කර ඇත. මේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහා අදාල පාර්ශවයන් වෙත රැම්සාර් මහලේකම් කාර්යාලයද, අවශ්‍ය ආධාර සපයයි.

තෙත්බිම් පිළිබඳව කතා කිරීමේදී ශ්‍රී ලංකාව සුවිශේෂී වි ඇත්තේ 2018 වර්ෂයේ ඔක්තෝබරයේ දී රැම්සා සම්මුතිය විසින් කොළඹ නගරය ලෝකයේ ප්‍රථම තෙත් බිම් නගරය ලෙස නම් කිරීම හේතු කරගෙනය.

2021 හි ලෝක තෙත්බිමු දින තේමාව, තෙත්බිම් මිරිදිය ප්‍රභවයක් ලෙස අවධානය යොමු කර ඇති අතර ඒවා යථා තත්වයට පත් කිරීමට සහ ඒවායේ හායනයන් නැවැත්වීමට ක්‍රියා කිරීමට දිරිගැන්වීමේ අරමුණින් ප්‍රකාශයට පත් කර ඇත.

පෘථිවිය ජල ග්‍රහලොවක් ලෙස නම් කෙරේ. මෙයට හේතුව අභ්‍යාවකාශයේ සිට බලන විට එය නිල් පැහැයෙන් පෙනීමයි. මෙම පැහැයට හේතුව පෘථිවියෙන් 70% ක් පමණ පැතිරි සාගර ජලයයි. 

සමස්ත ගෝලීය ජල ප්‍රමාණයෙන් මිනිසාට ගත හැකි මතු පිට මිරිදිය ජලය ලෙස පවතින්නේ 1% පමනි.

පෘථිවියේ ජල ව්‍යාප්තිය

• සාගර ජලය (සාගර හා මුහුදුවල)
• භූතල ජලය (surface water) (භූමිය මතුපිට,ගංගා, ඇළදොළ, විල් සහ ජලාශවල)
• භූගත ජලය (Ground water) (භූමිය තුළ අන්තර්ගත)
• වායුගෝලීය ජලය (Atmospheric water) (වායුගෝලීය ආර්ද්‍රතාව)
• පාංශු ජලය (Soil water) (පස තුළ අන්තර්ගත)

ලොව සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 71% ජලයෙන් වැසී ඇත

සාගර ජලය 97.5% (කරදිය)
ගොඩබිම ජලය 2.5% (මිරිදිය)

ගොඩබිම ජලය

අයිස් තට්ටු හා ග්ලැසියර් 79%
භූගත ජලය 20%
ප්‍රයෝජනයට ගත හැකි මතුපිට ජලය 01%

ප්‍රයෝජනයට ගත හැකි මතුපිට ජලය(මිරිදිය)

විල් හා වැව්ජලය 52%
ගංගා ජලය 1%
පෘථිවියේ වසන සියලු ම ජීවීන්ගේ සිරුරුවල හා ශාකවල අඩංගු ජලය 01%
ජලවාෂ්ප 08%
පාංශු ජලය 38%

මිනිසුන්ට සහ අපේ පෘථිවියට තර්ජනයක් වන මිරිදිය අර්බුදයකට අපි මුහුණ දෙමු. සොබාදහම නැවත පිරවිය හැකි ප්‍රමාණයට වඩා අප මිරිදිය භාවිතා කරන අතර ජලය සහ සියලු ජීවීන් බොහෝ දුරට රඳා පවතින පරිසර පද්ධතිය විනාශ කරමින් සිටිමු - තෙත්බිම්.

2021 තෙත්බිම් දින තේමාව මගින් අපේ පෘථිවියේ මිරිදිය, ප්‍රමාණය හා ගුණාත්මකභාවය සඳහා තෙත්බිම්වල දායකත්වය ඉස්මතු කර ඇත. ජලය සහ තෙත්බිම් වෙන් කළ නොහැකි සහජීවනයකට සම්බන්ධ වී ඇති අතර එය ජීවිතයට, අපගේ යහපැවැත්මට සහ අපේ පෘථිවියේ යහපත් පැවැත්මට අත්‍යවශ්‍ය වේ.

තෙත්බිම් පිළිබඳව වැඩි දුර තොරතුරු සොයන්නෙකුට මා විසින් 2017 වර්ෂයේ ඵල කළ ලිපිය පරිශීලනය කළ හැක - https://isiwaraya.blogspot.com/2017/02/2017-02.html




Source  - https://medwet.org
                https://si.wikipedia.org
                https://www.e-thaksalawa.moe.gov.lk

Wednesday, May 29, 2019

2019 ලෝක පරිසර දිනය (2019 පරිසර දින තේමාව)

1974 වර්එෂයේ සිට එක්ක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ලෝක පරිසර දිනය සමරනු ලබයි.
එතැන් පටන් එක් එක් වර්ෂයන්හිදී විවිධ තේමාවන් යටතේ ලෝක පරිසර දිනය සමරනු ලබයි. 

මෙම තේමාවන්ගෙන් විශේෂිත වූ පාරිසරික ගැටලුවකට අවධානය යොමු කරනු ලබයි. ඒ අනුව 2019 වර්ෂයේ ලෝකපරිසර දින සැමරීම සඳහා තේමාව ලෙස නම් කර ඇත්තේ "beat air pollution" "වායු දූෂණය" යන්නයි. 

සෑම ලෝක පරිසර දිනයක් සැමරීම සඳහාම සත්කාරක රටක් නම් කරනු ලබයි. මෙහිදී සත්කාරක රට කෙරෙහි අවධානය යොමු කිරීම, එය මුහුන දෙන පාරිසරික අභියෝගයන් ඉස්මතු කරලීම සහ ඒවා විසඳීමට ලෝක ව්යාප්ත මට්ටමින් වෑයම් කරනු ලබයි. 2019 වසරේ සත්කාරක රට වශයෙන් චීනය කටයුතු කරයි.

Saturday, February 2, 2019

ලෝක තෙත්බිම් දිනය අදට යෙදී ඇත. (2019-02-02)


ලෝකයේ සියලුම රටවල් පාහේ ඉතා වේගයෙන් නාගරීකරණය වන අතර ඉදිකිරීම් හේතුවෙන් හරිත පරිසර පද්ධති ගොඩනැගිලි සහ මාර්ග වලට යටවීම වෙමින් සිදුවෙයි. මේ හේතුවෙන් තෙත්බිම් පරිසර පද්ධතිය විනාශය කරා යමින් පවතියි. අද වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තෙත්බිම් පරිසර පද්ධති ගණනාවක් ලොවට අහිමිවී ඇත.

තෙත්බිම් අහිමි වීමේ අහිතකර ප්‍රතිඵල වන ජල දූෂණය, වායු දූෂණය, පරිසර උෂ්ණත්වය ඉහළයාම සහ ජෛව පරිසර පද්ධති විනාශවීම ඔස්සේ මිනිසාට දැවැන්ත ගැටළු නිර්මාණය කර ඇත.

තෙත්බිම් ඉතා වැදගත් පරිසර පද්ධතියක් ලෙස ලෝකයේම අවධානය දිනා ගෙන ඇත. මෙහිදී ලංකාව කෙරෙහි විශේෂ අවධායය යොමු වන කරුණක් වන්නේ කොළඹ නගරය ලෝකයේ ප්‍රථම තෙත් බිම් අගනගරය ලෙස රැම්සා සම්මුතිය මගින් පසුගිය 2018 ඔක්තෝබර් මාසයේදී නම් කරනු ලැබීමයි.

තෙත්බිම් සංරකෂණ කාර්යයෙහිලා ලෝකවාසීන්ගේ අවධානය තව තවත් යොමු කරවීමේ අරමුණින් විවිධ තේමාවන් යටතේ වාර්ශිකව ලෝක තෙත්බිම් දිනය සැමරීමට අවශ්‍ය වටපිටාව රැම්සා සම්මුතිය ඔස්සේ සිදු කරනු ලබයි

ඒ අනුව මෙවර තේමාව වන "ලෝක තෙත්බිම් හා දේශගුණික විපර්යාස" යන්න පෙරදැරි කරගෙන තෙත්බිම් දින සමරමින් තෙත්බිම් සංරක්ෂණයෙහි වැදගත්කම කෙරෙහි ලෝකවාසීන්ගේ අවධානය යොමු කරවා ඇත.

ලෝක වැසිකිළි දිනය (2019-11-19)


ඉන්දීය නිදහස් අරගලයේ පියා ලෙස සැළකෙන මහත්මා ගාන්ධි, තමන්ගේ වැසිකිළිය තමන්ම පිරිසුදු කර ගැනීම සිදු කෙරිණි. එම කරුණ මුල් කරගෙන වංශවතුන් තමන්ට මහත්මාගාන්ධි විසින් අවමන් කරන බවට චෝදනාවක් ද කර ඇත. අදට ද ඉන්දියානුවන්ට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නොමැත. ඉන්දියානුවන්ගේ නිවාසවල වැසිකිළි පහසුකම් ඇත්තේ 46.9% බවටත් ඉතිරි 49.8ම තම බහිශ්‍රාවිය කටයුතු සඳහා තෝරා ගන්නේ එලිමහන බවත්, පොදු වැසිකිළි භාවිත කරන ප්‍රතිශතය 3.2%ක් ලෙස දත්තවල දැක්වේ. ලොව මහා බලවතා වීමට වෙරදරන ඉන්දියාවේ සනීපාරක්ෂක කටයුතු පිළිබඳව අවධානය යොමු වීම අල්පය.

ලෝක ජනගහනයෙන් 12% ක් එනම් මිලියන 892 ක් විවෘත පරිසරයේ මළපහ කිරීම සිදු කරයි. තොරතුරු වලට අනුව මෙයින් සියයට හැත්තෑහයක් (මිලියන 678 ක්) ජීවත්වන්නේ රටවල් හතකය. එනම්,
නයිජීරියාව - 25% 
ඉන්දුනීසියාව - 12%
ඉතියෝපියාව - 27%
පාකිස්ථානය - 12%
නයිගර් - 71%
සුඩානය - 27%
දකුණු සුඩානය - 61%
එරිට්‍රියා - 76%
යන රටවල් හත ය. 

ටොයිලට් ඒක් ප්‍රේම් කතාඉන්දියාවේ මේ සම්ප්‍රදායික උරුමයට වැදුණු අතුල් පහරකි. එහෙත් එම පහරම ඉන්දියානු සිනමා ප්‍රේක්ෂකයන් විසින් සෙනෙහසින් වැලඳගන්නා ලදී. ලෝකයේම ධනවතා වී සිටින මේ වසරේ දෙවැනි ධනවතා බවට පත්වූ බිලියනපති බිල් ගේට් සිනමාපටය තිරගතවීමත් සමඟ ට්විටර් වෙබ් අඩවියේ සඳහන් කළේ 2017 ලෝකයට බලපෑ කතා නවයෙන් තෙවැන්න ටොයිලට්: ඒක් ප්‍රේම් කතාබවය.

මේ ගස් මූල සම්ප්‍රදාය වසර 2019 දී අවසන් කළ යුතු බව ඔහු තරයේ කියා සිටී. වසර 2019 දී වැසිකිළි මිලියන සියයක් යන්න ඉන්දියානුවන් දකින සිහිනයකි.

සුදු ජාතිකයන්ගේ ආධිපත්‍ය භාරතයේ පවතිද්දී මහත්මා ගාන්ධි විසින් සුදු ජාතිකයන්ට ඉන්දියාව එපා කරවීමට කළ උපක්‍රමයක් ලෙස මෙය දක්වා තිබුණද සැබෑ කතාව හින්දු ආගම හා බැඳී පවතී. හින්දූන් මෙසේ කරන්නේ අපවිත්‍ර දෑ අත්ලේ තැවරීමෙන් වළක්වා ගැනීම සඳහාය. ගස්, වැල්, පඳුරු යට මෙසේ කිරීමෙන් ඔවුන් අපවිත්‍ර දැයින් සම්පූර්ණයෙන් නිදහස් වී ශුද්ධ වෙයි. ලෝක ජනගහනයෙන් සියයට දාහතක් සිටින්නේ ඉන්දියාවේ ය.

ඉන්දියාවේ වැඩිම ජනකායක් ගස් මූල සම්ප්‍රදාය අනුගමනය කරනු ලබන්නේ ජර්කන්ද්වලය. ඔඩිෂා සහ මධ්‍ය ප්‍රදේශ පිළිවෙළින් දෙවැනි හා තෙවැනි තැන ගනී. නයිජිරියාවේ මිලියන 46ක් මළ පිට කරන්නේ ගස්, පඳුරු, ඇළ මාර්ග ආදී තැන්වලය. නයිජීරියානු රජය එළි පහලියට යන්නන්ට එරෙහිව දඩ ගැසීමට පටන්ගෙන ඇත. සෑම වසරකම නයිජීරියාවේ මවුවරුන් 85,000කට වැඩි ගණනකට දරුවන් අහිමි වේ. ඒ පාචනයට. මේ ශරීර සෞඛ්‍යට අහිතකර පුරුද්ද හේතුවන නිසයි. වැසිකිළි පහසුකම් නැති නයිජීරියානු කාන්තාවන්ට හා දැරියන්ට මළ පිටකිරීම සඳහා තැනක් සොයා ගැනීමට වසරකට පැය බිලියන 3.1 ක් වැයකිරීමට සිදුවේ.

ඉන්දුනීසියාවේ වාර්ෂිකව 136,000 - 190,000 අතර දරුවන් පිරිසකට පස්වැනි උපන් දිනය සැමරීමට සිදුවන්නේ නැත. ඒ මේ සෞඛ්‍ය විරෝධී ක්‍රියාව නිසා ඇතිවන රෝගාබාධ නිසාය.

ඉන්දියාවේ ටොයිලට් ඒක් ප්‍රේම්කතානිර්මාණය වූයේ සත්‍ය කතාවක් පසුබිම් කරගෙනය. විවාහ වී සැමියාගේ නිවෙසට පැමිණි පසු එම නිවෙසේ වැසිකිළියක් නැතිකමින් තරුණියක් තවදුරටත් ඔහු හා දිවිගෙවීම ප්‍රතික්ෂේප කර ඇත. මේ ඒ තේමාවෙන් තැනුණු ප්‍රථම ඉන්දියානු සිනමාපටය නොවේ. ඊට පෙරද සිනමාපටයක් නිර්මාණය විය. නයිජීරියාවේද කාන්තා පක්ෂය මේ කරුණ මත සැමියන් ප්‍රතික්ෂේප කිරීමට පටන්ගෙන ඇත. ඔබන්ලිකු ප්‍රජාව ඒ අතර කැපී පෙනෙයි.

වැසිකිළි තැනීම ඇරඹුණේ කවර කාලයේ දැයි කිව නොහැකිය. එහෙත් එහි අතීතය ක්‍රි. පූ. 1700 දක්වා ඇතැම් විට ඊටත් අතීතයට දිවයයි. එසේ වුවද තවමත් ලොවට වැසිකිළි නැතිකම බරපතළ ගැටලුවකි.

අන්තර්ජාලයෙනි.


Wednesday, July 11, 2018

ලෝක ජනගහන දිනය අදයි (ජුනි 11)

ලෝක ජනගහන දිනය අද (11)ට යෙදී ඇති අතර දිනෙන් දින වැඩිවන ලෝක ජනගහනය හා ඍජුවම හෝ වක්‍රව සම්බන්ධ කරුණු පිළිබඳ මෙවර අවධානය යොමු කෙරෙනු ඇත.

මෙවර ලෝක ජනගහන දිනයේ තේමාව "පවුල් සැලසුම මානව හිමිකමකි" යන්න වන අතර නිසි ලෙස පවුල සැලසුම් කර ගැනීම මෙමගින් අවධාරණය කෙරේ.

වැඩිදුර දැනගැනීම සඳහා පහත ලිපි පරිශීලනය කරන්න.

source - http://www.eventstodayz.com/world-population-day-2018-images-pictures/

2016 වර්ෂය වෙනුවෙන් සැකසූ ලිපිය - http://isiwaraya.blogspot.com/2016/07/2016-11.html
2017 වර්ෂය වෙනුවෙන් සැකසූ ලිපිය - http://isiwaraya.blogspot.com/2017/07/11_31.html

Monday, June 4, 2018

ලෝක පරිසර දිනය හෙටයි (2018 ජුනි 05)

ලෝක පරිසර දින සැමරුම නොකඩවා 1973 වසරේ සිට සිදුවෙයි.

මෙවර ලෝක පරිසර දිනයේ තේමාව වශයෙන් යොදා ගෙන ඇත්තේ ප්ලාස්ටික් අවභාවිතයෙන් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු යන්නයි.

ලෝක පරිසර දින සැමරුම ආරම්භ කෙරුණේ, 1972 වර්ෂයේදී ස්වීඩ‍නයේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාවක් සම්මත වීමත් සමගයි.

මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ, ලොව වටා පරිසරය පිළිබඳ දැනුවත් කිරීමත්, පරිසරය කෙරෙහි වන දේශපාලන අවධානය සහ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමත් බවයි ලෝක පරිසර ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ.

 2018 ලෝක පරිසරර දිනයට සමගාමීව පරිසර සැමරුම් සතියක් ලංකාවේදී ක්‍රියාත්මක කෙරිණි.

 එහි;

පළමු දිනය - මැයි 30 වැනිදා - පරිසර පවිත‍්‍රතා සහ පරිසර දැනුවත් කිරිමේ දිනය ලෙසද, 
‍දෙවන දිනය -  මැයි 31 වැනිදා - කසළ කළමනාකරණ දිනය ලෙසද, 
තෙවන දිනය - ජුනි 01 වැනිදා - රුක් රෝපණ දිනය ලෙස ද, 
සිව්දෙවන දිනය - ජුනි 02 වැනිදා - ජලය හා ජල මූලාශ‍්‍ර සංරක්ෂණ දිනය ලෙස ද නම් කර ඇති අතර 
පස්වන දිනය - ජුනි 03 වැනිදා - ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය ලෙස නම් කර තිබේ. 
හයවැනි දිනය - ජුනි 04 වැනිදා  - තිරසර ඉඩම් කළමනාකරණ දිනය වේ.
හත්වන දිනය - ජුනි 02 වැනිදා -  ලෝක පරිසර දිනය

මෙවර ලෝක පරිසර දින සැමරුම් ප‍්‍රධාන වැඩසටහන ජුනි 4 වැනිදා දවස පුරා  කෑගල්ල, නිදහස් මාවත පරිශ‍්‍රයේ දී පැවැත්විමට නියමිතය.

වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 2015, 2016 ලිපි පරිශීලනය කරන්න. (සබැඳි සොයා ගැනීමට පරිසර දින පිටුවට හෝ වම් පස පිහිටි සියලු ලිපි ලේබල් තීරුවේ ජාත්‍යන්තර දින වෙත පිවිසෙන්න

අවශ්‍ය අයගේ පහසුව පිණිස පරිසර දිනය වෙනුවෙන් පුවත්පත් වල ඵලවූ ලිපි පහතින් දක්වා ඇත.

01 උපුටා ගැනීම - මව්බිම
සබැඳිය -  http://mawbima.lk/print20170621MB20171230.php?id=14619
සවනි ශේශාධී

අද ලෝක පරිසර දිනයයි. මෙවර ලෝක පරිසර දින තේමාවට මුල් වී ඇත්තේ ප්ලාස්ටික්ය. වර්තමානය වන විට පරිසරයට බලපෑම් ඇති කරන ප්‍රධාන සාධකයක් බවට ප්ලාස්ටික් පත්ව ඇත්තේ මිනිසාගේ සුව පහසු පරිභෝජන රටාව හේතුවෙන්මය. ප්ලාස්ටික්වලින් පරිසරයට මුදා හැරෙන විස රසායනික ද්‍රව්‍ය මිනිස් ශරීරයේ පටකවල සහ ලේවල පවා පවතින කියලා අලුත්ම පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. දැනටමත් බොහෝ දෙනකුගේ ශරීරවල ප්ලාස්ටික්වලින් පිටවුණු විස රසායන පවතිනවා. මේ විස රසායන පිළිකා ඇතිවීම සඳහාත් හේතු කාරක සපයනවා. ප්‍රතිශක්තිකරණයේ ගැටලු ඇති වෙන්න වගේම අලුත උපදින දරුවන්ගේ උපත් සංකූලතා කෙරෙහිත් මේවා බලපෑම් කරනවා.

ක්‍රියාවන්ට වේදිකාවක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමරනු ලබන විශේෂිත දින අතරින් ලෝක පරිසර දිනයට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයක්. ලෝකය පුරාම ජීවත් වන සියලු දෙනාම පරිසර දූෂණය කිරීමෙන් අෑත් කරවමින් පරිසරය සුරකින්නට පොලඹවාලන දිනයක් ලෙසයි පරිසර දිනය සැලකෙන්නේ. 1974 වර්ෂයේදී ඇරැඹුණු පරිසර දින සැමරුමට මේ වෙද්දී ලෝකය පුරා රටවල් සියයක් විතර අත්වැල් බැ¼ද ගන්නවා.

මහජනතාවගේ දිනයක්

ලෝක පරිසර දිනය යනු මේ මිහිතලය සුරකින්නට ලොව ජීවත්වන සියලු මිනිසුන්ව දායක කරගන්න ජනතාවගේම දිනයක්. පරිසර දිනයේදී ලෝකය පුරාම ජීවත් වන බොහෝ දෙනා මිහිතලය සුරකින්නට කුමන හෝ ක්‍රියාවක් සිදු කරනවා. තනි පුද්ගලයකු ලෙස හෝ කණ්ඩායම් ලෙස මේ ක්‍රියාවන් ජාතික හෝ ජාත්‍යන්තර ලෙසත්
සිදු වෙනවා.

සත්කාරක රට

මෙවර ලෝක පරිසර දින ප්‍රධාන සැමරුම පැවැත්වෙන්නේ ඉන්දියාවේ. ප්‍රධාන සැමරුම පැවැත්වෙන රටේ පාරිසරික ගැටලු ගැන වගේම ඒවාට විසඳුම් හොයන්නත් මෙහිදී වැදගත් පියවර අනුගමනය කෙරෙනවා. වසරින් වසර මේ අවස්ථාව එක් එක් රටට හිමිවෙනවා.

ඔබ දන්නවාද?

 සෑම වසරකම මුළු ලෝකය පුරාම ප්ලාස්ටික් බෑග් ටි්‍රලියන 5කටත් වැඩියෙන් භාවිතයට ගැනෙනවා.

 සෑම වසරකම ටොන් මිලියන 13ක පමණ ප්ලාස්ටික් තොගයක් මුහුදට එක් වෙනවා. ඒක හරියට එක් මිනිත්තුවකදී කුණු ට්‍රැක්ටරයක් මුහුදට එක් කිරීමක් වගේ.

 පසුගිය දශකයේදී මේ ලෝකය පුරා නිෂ්පාදිත ප්ලාස්ටික් ප්‍රමාණයේ අගය පසුගිය සියවසේදී නිෂ්පාදිත ප්‍රමාණයටත් වඩා ඉහළ අගයක් ගන්නවා.

 ලෝකය පුරා සිටින පිරිස සෑම මිනිත්තුවකදීම ප්ලාස්ටික් බෝතල් මිලියනයකට ආසන්නව මිලදී ගන්නවා.

 අපි උත්පාදනය කරන ඉවතලන දේ, ප්ලාස්ටික් නිසා 10%ක් පමණ ඉහළ යනවා.

මුහුදේ කොච්චර ප්ලාස්ටික්
තියෙනවා ඇතිද..?

අවුරුදු පතාම මුහුදට එකතු වෙන ප්ලාස්ටික් ප්‍රමාණයත් එක්ක 2050 අවුරුද්ද වෙද්දී මුහුදේ ඉන්න මාළු ප්‍රමාණයටත් වඩා වැඩියෙන් ප්ලාස්ටික් තියෙයි කියලා අනුමාන කරනවා. විද්‍යාඥයෝ කියන විදියට නම් මුහුදු ජලයේ ප්ලාස්ටික් අංශු ටි්‍රලියන 51කටත් වැඩි ප්‍රමාණයක් තියෙනවා. මුහුදේ පාවෙන ප්ලාස්ටික් වර්ග කැස්බෑවන්ට පේන්නේ හරියට ජෙලි ෆිෂ්ලා වගේලු. ඒ හින්දම මුළාවේ වැටෙන කැස්බෑවුන්ගේ බඩට ප්ලාස්ටික් එකතු වෙන්නේ ආහාරයක් විදියට. මුහුදට එක්වෙන කුණු කසළ නිසා ජීවීන් වර්ග හයසියයකට වඩා වැඩි ප්‍රමාණයකට හානි සිදුවෙනවා.

ප්ලාස්ටික්වලට එරෙහි මුහුදු යුද්ධය

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්ලාස්ටික්වලට එරෙහි මුහුදු යුද්ධය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කරනු ලැබුවේ මේ වසරේ පෙබරවාරියේදී. මුහුද පිරිසුදු කිරීමේ මේ ව්‍යාපෘතියට මේ වෙද්දී රටවල් තිහක් විතර එකතු වෙලා ඉන්නවා. එංගලන්තය, කැනඩාව, ප්‍රංශය, ඉන්දුනීසියාව, බ්‍රසීලය, නෝර්වේ, ඉතාලිය, කොස්ටාරිකා, කෙන්යාව සහ පේරු මේ අතර ප්‍රධාන වෙනවා. අන්තිමේදී ලෝකයම ලෙඩ කරන ප්‍රශ්නයක් ගැන ලෝකයම කතාබහ කරන්න පටන් අරන්.

ප්ලාස්ටික් කවදාවත් නැති වෙන්නේ නම් නැහැ

ප්ලාස්ටික් හදලා තියෙන්නේ හැමදාටම පවතින්න. නමුත් සමහර ප්ලාස්ටික් වතුර බෝතල්, බෑග් සහ බීම බට එක් වරක් භාවිත කර ඉවතලන ද්‍රව්‍ය ගණයට වැටෙනවා. හැමදාටම පවතින්න හදලා තියෙන නිසාම ප්ලාස්ටික් ජෛව හායනයකට ලක්වෙන්නේ නැහැ. ඉතා කුඩා කොටස්වලට කැඩෙනවා මිසක් නැත්තටම නැති වෙන්නේ නැහැ. ඉවත දමන ප්ලාස්ටික් වුණත් අවුරුදු 2000ක් හෝ ඊට වැඩි කාලයක් පරිසරයේ පවතිනවා.

PLOGGING

මේක අලුත් වචනයක්. ඉංග්‍රී්‍රිසියේ බ්ධඨඨඪදඨ කියන වචනයයි ස්වීඩනයේ ර්ථීතධජඬච උන කියන වචනයයි එකතු වෙලා තමයි ර්ථීතධඨඨඪදඨ කියන වචනය නිර්මාණය වෙලා තියෙන්නේ. ර්ථීතධජඬච උන එහෙමත් නැත්නම් ර්ථීඪජඬ උන කියන්නේ අහුලනවා කියන තේරුම දෙන වචනයක්. මේ වචනයේ උපත ස්වීඩනයේ. මේ අලුත් සොයා ගැනීම අද ලෝකය පුරාම බොහෝ ජනප්‍රිය වෙලා.

ර්ථීතධඨඨඪදඨ ක්‍රියාකාරකම එහෙමත් නැත්නම් ඇවිදින කොට කුණු ඇහිලීම ඇරැඹුණේ 2016දී. ඒ ඡ්පඪඬ ඒඩතඵබපධථ විසින්. උතුරු ස්වීඩනයේ ඉබධජඬඩධතථ කියන පුංචි ගම්මානයේදී තමා ර්ථීතධඨඨඪදඨ කියන සංකල්පයේ උපත සිදුවන්නේ. එරික් හැමදාම උදෑසනට ඔහුගේ පාපැදියෙන් රාජකාරියට යන ගමන් පාරේ තැනින් තැන විසිරිලා තියෙන කුණු දකිනවා. සති කිහිපයක් පුරාම ඉවත් කිරීමකින් තොරව තියෙන මේ කුණු එරික්ට අලුත් අදහසක් මතු කරනවා. එරික් එයාගේ පා පැදිය නතර කරලා මේ කුණු ඇහිඳින්න පටන් ගන්නවා. මේක අන්තිමේදී පුරුද්දක් බවට පත්වුණේ එයාගේ ව්‍යායාම කාල සටහනත් වෙනස් කරමින්. කෙටි කාලයක් ගත වෙද්දී එරික්ගේ මේ පුරුද්දට අනිත් අයත් එකතු වෙනවා. කුඩා කණ්ඩායම් කිහිපයක් ඇවිදින ගමන් කුණුත් එකතු කිරීමේ සංකල්පය ස්වීඩනයේ නිල ව්‍යාපෘතියක් බවට පත් වෙනවා.

මේ වෙද්දී ලෝකය පුරා රටවල් 40කට වැඩි පිරිසක් "ර්ථීතධඨඨච" කණ්ඩායම සමඟ එක්ව වැඩ කරනවා.

අතරමඟ දකින කුණු ටික ඔහේ තියෙද්දී දුවනවට වඩා කුණු අහුල අහුලා දුවන එක ඇඟටත් ගුණයි. සාමාන්‍ය දිවීමකදී දහනය වෙන කැලරි ප්‍රමාණය 235 විතර වෙනවා. නමුත් කුණු අහුල අහුලා දුවන එකෙන් පැය භාගයක් ඇතුළත කැලරි 288 ප්‍රමාණයක් දහනය කරගන්න හැකිවෙනවාලු. "ඒක හරිම සරලයි. රැල්ලට යන අනෙක් ව්‍යායාම් රටාවන්ට වඩා වෙනස්. අඩු තරමේ කිසිම උපකරණයක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. මල්ලක් විතරමයි අවශ්‍ය. වඩාත්ම වැදගත් දේ වෙන්නේ පරිසරය අවලස්සන කරන, දූෂණය කරන දේවල් එතැනින් ඉවත් කිරීමයි." එරික් කියන්නේ ඒ විදියට.

ඉන්දියාවේ ඇවිදින කෙල්ල

රාජේශ්වරී සිංග් කියන්නේ අවුරුදු තිස් දෙකක තරුණියක්. රාජේශ්වරීගේ අරමුණ දිල්ලියට යන එක. හැබැයි රාජේශ්වරී ඒ සඳහා තෝරාගෙන තියෙන මාර්ගය ඒ තරම් සරල නැහැ.

බටහිර ඉන්දියාවේ වැඩොඩරා (ඍචඤධඤචපච) ඉඳන් රාජේශ්වරී දිල්ලියට යන්නේ පාගමනින්. ප්‍රධාන නගර 22ක් පහු කරමින් කිලෝමීටර් 1100කටත් වැඩිය දුරක් රාජේශ්වරී විසින් ඇවිදිනවා. රාජේශ්වරී එයාගේ පාගමන පටන් ගත්තේ අප්‍රේල් 22 වැනිදා. සති හයක් ඇතුළත. දිල්ලිවලට එන්න තමයි රාජේශ්වරීගේ බලාපොරොත්තුව.

රාජේශ්වරී තරමක වෙනස් තරුණියක්. ඇය අවුරුදු දහයක් පුරාවට පොලිතින් භාවිතයෙන් තොරයි. ඇගේ මේ ගමන පුරාවටම ඇය පොලිතින් භාවිතයෙන් අෑත් වෙනවා වගේම ඒ ගැන මඟතොටේදී හමුවෙන අය දැනුවත් කරනවා. ඇය එක් දිනකට කිලෝ මීටර් 30ක පමණ දුරක් ඇවිදිනවා.


 "මගේ කුණු මගේ වගකීමක්" ඇගේ පාගමනට තේමාව වෙන්නේ මේ කාරණය.
මව්බිම උපුටා ගැනීම අවසන්

02 උපුටා ගැනීම - ලන්කා නිව්ස් වෙබ් නෙට් 
සබැඳිය - https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB/29583-%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-%E0%B6%AD%E0%B7%9A%E0%B6%B8%E0%B7%8F%E0%B7%80-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA-%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8%E0%B7%94
ලෝක පරිසර දිනය ජුනි 05 වන දිනට යේදී ඇති අතර මෙවර පරිසර දින තේමාව වන්නේ 'ප්ලාස්ටික් භාවිතය අවම කරමු' යන්නයි. ජාත්‍යන්තර පරිසර දින උත්සවයේ සත්කාර රටවන්නේ ඉංදියාවයි. ලංකාවද මේ වනවිට ලෝක පරිසර දිනය සැමරීමට සූදානම් වන අතර මෙම ලිපිය පරිසර දින තේමාව සහ අප සිටින්නේ කෙතනද යන්න තේරුම් ගැනීම සදහාය.  
මුහුදුට ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය දමන රටවල් විස්ස අතරින් මෙවර පස්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙනවා.  ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස්  (Intranational Busness Times) සඟරාව කළ පර්යේෂණයකට අනුව එහි  එමියි නොර්ඩම් (Amy Nordum) පෙන්වා දෙන ආකාරයට ලොව පුරා රටවල් 192 ක් පිළිබඳ අවධානය යොමු කරනවිට විට එම රටවල් 192 අතරින් සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ඝණ අපද්‍රව්‍ය මුදහරින ප්‍රධාන රටවල් 20 නම් කර තිබෙනවා. එහි පස්වන ස්ථානය ලංකාවට හිමි වී තිබෙනවා.
එහි අනුපිලිවෙල අනුව පළමු තැන හිමිව තිබෙන්නේ චීනයටයි.
INT
parisara 1
ERNATIONAL BUSINESS TIMES/HANNA SENDER
මෙම සඟරාව පෙන්වා දෙන පරිදි වසරකට ලොව පුරා ප්ලාස්ටික් හා දිරා නොයන අපද්‍රව්‍ය ටොන් මිලියන 13 කටත් වඩා සාගර පරිසර පද්ධතියට එකතු වේ. එයින්  80%  ක ප්‍රතිශතයක් ප්ලාස්ටික් හා ඝණ අපවය එකතු වන්නේ රටවල් 20 කින් පමණ බව මෙම පර්යේෂණය මගින් පෙන්වා දෙනවා. එයින් 30% ක් චීනය විසින් සාගරයට මුදා හරිනු ලබනු ලබනවා.
එලෙස මුහුදට කැළි කසල එකතු වන්නේ එම රටවල ඇති කසළ කළමණාකරණයේ දුර්වලතා නිසි වන අතර ප්ලාස්ටික් හා දිරා නොයන අපද්‍රව්‍ය නිසා ලොව පුරා සාගරවල වෙසෙන සත්ව හා ශාක විශේෂ අධික ලෙස විනාශ වීමට පටන් ගෙන ඇත. එය මෙම දශකය තුළ හා ඉදිරියේදී ලොව මුහුණ දෙන බරපතල ගැටවක් බවට දැනටමත් පත්වී හමාරය.
ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස්  (Intranational Busness Times) පෙන්වා දෙන්නේ ලංකාව තුළ වෙසෙන සෑම පුද්ගලයෙක්ම දිනකට (නිෂ්පාදිත කුණු ප්‍රමාණය ජනගහනය අනුව බෙදා බැලීමේදී) කුණු කිලෝ 5.1 පරිසරයට මුදාහරින අතර මුදාහරින ප්ලාස්ටික් පුමාණය පමණක් ග්‍රෑම් 300 පමණ වෙන බවයි. ඒ අනුව දිනකට රටතුල ගොඩ ගැසෙන ප්ලාස්ටික් හා නොදිරන කසල ප්‍රමාණය  කිලෝ ගෑමි 5,163,689 වන අතර දිනකට පරිසරයට එක්වන සමස්ත කසළ ප්‍රමාණය කිල ග්‍රෑම් 74,297,687 පමන වේ.
අප භාවිතයට ගන්නා ප්ලාස්ටික් දිරායාම සඳහා වසර ගණනාවක් ගතවන අතර අද අප භාවිතා කරන ප්ලාස්ටික් ජල බෝතලයක් සමිපුර්ණ දිරායාම සඳහා වසර 450 ක් පමණ ගත වේ. උදාහරණයක් ලෙස මෙවර පරිසර සැමරුම් උත්සවයේදී භාවිතා කරන ප්ලාස්ටික් ජල බෝතල් සම්පූර්ණ ලෙස දිරායාම සිදු වන්නේ වසර  2468 දී පමණය.
parisara 22017 වර්ෂයේ Seven charts that explain the plastic pollution problem යන හිසින් බීබීසීයෙහි පළවු ලිපියට අනුව ප්ලාස්ටික් බෝතල් දිරායාමට අවම වසර 450 ක් ගත වන අතර ස්ටයිරොෆෝම් සඳහා වසර 50 ක්, ඇලුමිනියම් කෑන් සඳහා වසර 200 ක්, කුඩා දරුවන්ට පළඳන නැපි සඳහා වසර 450 ක්ද ගත වේ. 
මෙි අනුව ප්ලාස්ටික් යනු ලොව  බරපතල පාරිසරික අර්බුදයකට ගෙන යනු ලබන  නිෂ්පාදිතයන්ය. එම නිසාම ලොව පුරා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කිරීම ආරම්භ කර ඇති අතර රටක් ලෙස අප කුණු කඳු මත ගොඩ ගසා පසුව ගංවතුර හා ගංගා ඔස්සේ මුහුදටද බැහර කරනු ලබයි.
ලංකාව තුළ කසළ කළමනාකරණයට නිසි වැඩ පිළිවලක් නොමැති අතර දිනෙන් දින ගොඩ ගැසෙන කුණු රට තුළ දැවැන්ත අර්බුදයක් මෙි වනවිට නිර්මාණය කර ඇත. රටේ නායකයින්, පරිසර ඇමතිවරු කොළඔ ගොඩගැසෙන කුණු විල්පත්තු රක්ෂිත මායිමට ගෙනයාමට හේ වනවිට සුදානම් වෙමින් ඇත.
සාගරයට ප්ලාස්ටික් හා නොදිරන කසල දැමීම  2025 වන විට ලංකාව තුළ බරපතල ලෙස ඉහළ යනු ලබන බව පෙන්වාදෙන ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස්  (Intranational Busness Times) සඟරාව එය වසරකට මෙට්‍රික් 1.92 බවට පත්වීමේ අවදානමක් ඇති බව තහවුරු කර ඇත.
පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතා කරමින් තම රටත් මහා සාගරයත් විනාශ කරන මිනිසුන් සිටින රටක කුණු කන දේශපාලකයන් විසින් හෙට දින ලොව පළමු තැනට කුණු වූ රට ලෙස  ලෝක වාර්තාවට ලංකාව ඔසවා තබන තුරු පරිසර ඇමතිවරුන්ගේ, නායකන්ගේ හා පාලකයන්ගේ නරිවාදන් අසමින් නිහඬව සිටින මිනිසුනි අපට සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට මෙය කදිම උදාහරණයකි.
ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය
ලන්කා නිව්ස් වෙබ් නෙට් උපුටා ගැනීම අවසන්

03 උපුටා ගැනීම - සයන්ටිස්ට් 

සබැඳිය  - https://srilankanscientist.com/2018/06/04/%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A-%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA-%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92/
වර්ශ 1974 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජූනි 5 වන දා ලෝක පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත්කරන්නේ ලෝක පරිසරයට බලපාන විවිධ වූ කරුණු කාරණා කෙරෙහි ලෝකයේ අවධානය යොමුකිරීමේ එක් පියවරක් ලෙසයි. ඒ අනුව 1974 සිට අද දක්වා සෑම ජූනි 5 දිනකදීම ලෝක පරිසර දිනය සැමරෙන්නේ විවිධ තේමාවන්ගෙන් යුතුවයි.

2018 වසරේ පරිසර දින තේමාව “ප්ලාස්ටික් නිසා වන පරිසර දූෂණය පරදවමු“
මෙවර පරිසර දින තේමාව මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මුළු ලොවටම ඉතා දරුණු ප්‍රශ්ණයක්ව පවතින ප්ලාස්ටික් නිසා සිදුවන දැවැන්ත පරිසර ප්‍රශ්ණ පිළිබඳව ලෝකයෙහි අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වනවා. මෙම තේමාව ඔස්සේ අප සැමට අපගේ ප්ලාස්ටික් භාවිතය ගැන අවධානය යොමු කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය පොළඹවනවා.

Beatplasticpollution
ප්ලාස්ටික් භාවිතය අදවන විට ඉතා දරුණු පාරිසරික අර්බුධයක් බවට පත්ව අවසන් (Image Shutterstock, http://worldenvironmentday.global)
ප්ලාස්ටික් – ප්‍රයෝජන බොහෙමයි, ඒත්?
එදිනෙදා ජීවිතයේදී අප නොයෙකුත් ආකාරයෙන් ප්ලාස්ටික් ප්‍රයෝජනයට ගන්නවා. මේ නිසාම ප්ලාස්ටික් අපේ ජීවිතවල නැතුවම බැරි කොටසක් බවට පත්ව හමාරයි. මේ නිසාම ලොව පුරා දිනපතා භාවිතා වන ප්ලාස්ටික් ප්‍රමාණය අති මහත්. මේවායින් ඉතා සුළුප්‍රමාණයක් පමණක් නැවත ප්‍රතිචක්‍රීකරණයට ලක්කලද බොහොමයක් කෙලින්ම අප අවට පරිසර වලට එකතු වනවා.



එක්වරක් භාවිතා කොට ඉවත දමන දෑ!
අප භාවිතා කරන ප්ලාස්ටික් ආශ්‍රිත නිශ්පාදන දෙහ හැරී බැලුව හොත් ඒවායින් හරි අඩකටත් වඩා ඒකවරක් පමණක් භාවිතාකොට ඉවත දමන දෑ බව ඔබට වැටහෙනවා ඇති. ඒ අතර ප්ලාස්ටික් බෑග්, වතුර බෝතල්, බීම බට, ආහාර අසුරණ ආදිය විශේෂයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන අන්දමට ලොව පුරා මිනිත්තුවකදී අප මිලදී ගන්නා ප්ලාස්ටික් ජල බෝතල් පුමාණය මිලියන 1ක් වනවා. ඒ වගේම වසරකදී ලොව පුරා භාවිතා වන ප්ලාස්ටික් බෑග් පුමාණය ට්‍රිලියන 5ක්. මේවා සියල්ල බොහෝවිට එක්වරක් පමණක් භාවිතා කිරීමෙන් අනතුරුව එක්වන්නේ අප අවට පරිසරටයි. ඒ අනුව වසරකදී අපගේ සාගරවලට එක්වන ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් මිලියන 13ක් පමණ වෙතැයි ගනන් බලා තිබෙනවා. මේ නිසාම සාගරවල ජෛව පද්ධතීන් සෘජුවම මෙහි බලපෑමට ලක්වන අතරම මිනිසා ඇතුලු භෞමික ජීවීන්ද වක්‍රාකාරයෙන් මේ නිසා අනතුරට පත්වනවා.

ප්ලාස්ටික් තහනම් කිරීම!
මේ වන විටත් ලොව ප්‍රධාන පෙලේ රටවල් බොහොමයක් එක් වරක් පමණක් භාවිතා කරන, ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන තහනම් කිරීමට පියවර ගනිමින් සිටිනවා. ඒ අතර එංගලන්තය හා යුරෝපියානු සංගමය විශේෂයි. යුරොපියානු සංගමය වර්ෂ 2025 වන විට එහි සාමාජික රටවල් තුල එක්වරක් පමණක් භාවිතාකරන ප්ලාස්ටික් බෝතල් හා බීම බට යනාදිය තහනම් කිරීමට අවශ්‍ය පිඹුරුපත් සකසමින් සිටිනවා.

ශ්‍රී ලංකාවද වර්ශ 2017 සැප්තැම්බර් මස සිට ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන රැසක් නිෂ්පාදනය, වෙළඳාම හා භාවිතය තහනම් කරමින් නීති සම්පාදනය කලද එම නීති නිසිපරිදි ක්‍රියාත්මක වන බවක් නම් පෙනෙන්නට නැහැ.

නැවත භාවිතාකිරීමට බැරී දෑ ප්‍රතික්ෂේප කරමු!
මුළු ලොවම ඉතා දැඩි අනතුරක හෙලා ඇති මෙම ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන පරිසරයට එක්වීම වැලැක්වීම සඳහා අප හැකි සෑම පයවරක්ම ගත යුතුය, එසේ නැතහොත් මෙම ප්ලාස්ටික් ඉතා දැඩි පරිසර ව්‍යවසනයක් බවට පත්වීම වැලැක්විය හැක්කක් නොවනු ඇති. එහිදී ඔබට පහත ක්‍රියාමාර්ග වලින් එකක් හෝ පිළිපැදිය හැකිනම් එය ඔබේ මතු පරපුර වෙනුවෙන් ඔබ කරන මහඟු යුතුකමක් වනු ඇති.

හැකි සෑම අවස්ථාවදීම ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රතික්ශේප කරමින් පරිසර හිතකාමී ආදේශක වෙත යොමුවෙමු.
එක් වරක් පමණක් භාවිතා කල හැකි ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවට නැවත නැවතත් භාවිතා කල හැකි නිෂ්පාදන භාවිතයට හුරු වෙමු.

හැකි සෑම විටම ප්ලාස්ටික් නිෂ්පාදන ප්‍රතිචක්‍රීකරණයට හුරුවෙමු.

සයන්ටිස්ට් උපුටා ගැනීම අවසන්

උපුටාගන්නා ලද ඡායාරූ කිහිපයක් එක් කර සැකසුම් කර මා විසින් මෙහි ඵල කර ඇති ඉහත ඡායාරූපය ඒ ඒ ඡායාරූප වල අයිතිය හා ගෞරවය ඒ ඒ ඡායාරූප අයිතිකරුවන් සතු විය යුතුය. උපුටා ඉදිරිපත් කරන ලද ලිපි වල අයිතිය සහ වගකීම එම අඩවි සහ පුද්ගලයින් සතු බව කරුණාවෙන් සලකන්න.