Showing posts with label වැදගත් පාරිසරික සොයාගැනීම්. Show all posts
Showing posts with label වැදගත් පාරිසරික සොයාගැනීම්. Show all posts

Tuesday, May 1, 2018

ප්ලාස්ටික් ප්‍රශ්නයට විසඳුමක්; ප්ලාස්ටික් දිරවන 'එන්සයිමයක්'

ස්වභාව ධර්මයේ පැවැත්මට බරපතල හානියක්ව ඇති ප්ලාස්ටික් ආහාරයට ගනු ලබන බැක්ටීරියාවක අන්තර්ගත 'එන්සයිමයක්' තව දුරටත් වර්ධනය කරමින් ප්ලාස්ටික් දිරාපත් කරවීමේ ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමට විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති.

බෝතල් සෑදීම සදහා බොහෝ විට යොදා ගනු ලබන්නේ 'PET' ලෙස හැඳින්වෙන ඝන ප්ලාස්ටික් වර්ගයක් වන අතර, එය දිරාපත් වීමට වසර සිය ගණනක් ගත වේ.

විද්‍යාඥයන් විසින් තව දුරටත් වර්ධනය කරමින් සිටින ඉහත කී එන්සයිමය 'PETase' යනුවෙන් නම්කර ඇති අතර, එය ක්‍රියාත්මක වී දින කීපයක් ඇතුළත ප්ලාස්ටික් දිරාපත් වීම ආරම්භ වනු ඇත.

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙම එන්සයිමය උපකාරී වන අතර, එමගින් ඒවා නැවත භාවිතා කිරීම වඩාත් එලදායී ලෙස සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

කුණු ගොඩක සැඟවී තිබුණ 'එන්සයිමය'
PET වර්ගයේ ප්ලාස්ටික් දිරාපත්වීම සදහා උපකාරී වන මෙම එන්සයිමය සෑදෙන්නේ ප්ලාස්ටික් "ආහාරයට ගන්නා" බැක්ටීරියාවකින් වන අතර, එය පළමු වරට හඳුනා ගනු ලැබ තිබෙන්නේ ජපානයෙහිය.

'Ideonella sakaiensis' ජපන් ආයතනය තම ප්‍රධාන බලශක්තිය ලෙස ප්ලාස්ටික් භාවිතා කරයි.

ඔවුන්ට අයත් ස්ථානයක, ප්‍රතිචක්‍රීකරණය සදහා ගොඩ ගසා තිබූ ප්ලාස්ටික් බෝතල්වල තැවරුණ රොන් මඩවල තිබී 'PETase' එන්සයිමය අන්තර්ගත බැක්ටීරියාව සොයාගත් බව 2016 වසරේ නිකුත් කළ පරීක්ෂණ වාර්තාවක දැක්වෙයි.

බෝතල් සෑදීම සදහා බොහෝ විට යොදා ගනු ලබන්නේ PET ලෙස හැඳින්වෙන ඝන ප්ලාස්ටික් වර්ගයකි
පසුගිය අවුරුදු පනහ තුළ "PET ප්ලාස්ටික් භාවිතය විශාල වශයෙන් වැඩි විය. මිනිසුන් විසින් නිෂ්පාදනය කළ ද්‍රව්‍යයක් ආහාරයට ගන්නා බැක්ටීරියාවක් වර්ධනය වීමට මෙම කාලය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ" වර්තමාන පරීක්ෂණවලට සම්බන්ධ මහාචාර්ය ජෝන් මැක්ගීහන් පවසයි.

මේ තොරතුරුද දැනගන්න:

ප්ලාස්ටික් බෝතල් ජලය සෞඛ්‍යාරක්ෂිතද?
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක්
PET අයත් වන ප්ලාස්ටික් කුලය පොලියෙස්ටර්, නැතහොත් 'පොලිතිලීන් ටෙරෙෆ්තාලේට්' ලෙස හඳුන්වන අතර, එයත් ස්වභාවික පරිසරයේ නිපදවෙන ද්‍රව්‍යයකි.

'පොලියෙස්ටර්' මගින් ගස්වල කොළ ආරක්ෂා කෙරෙනවා. අවුරුදු දශ ලක්ෂ ගණනක් එම බැක්ටීරියාව වර්ධනය වෙමින් පවතින්නේ ඒවා ආහාරයට ගන්න" යැයි පෝට්ස්මත් විශ්වවිද්‍යාලයට සම්බන්ධ පර්යේෂකයෙක් පැවසීය.

නමුත් PETase එන්සයිමය PET ප්ලාස්ටික් ආහාරයට ගැනීම ආරම්භ කර ඇත්තේ "නොසිතූ වෙලාවක" වන අතර, එම ආහාර ජීර්ණය වීමට හේතුවන එන්සයිමයේ පරිණාමය පිළිබද තව දුරටත් පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් සූදානමින් සිටිති.

ප්ලාස්ටික් ආහාරයට ගැනීම
ඉතා බලගතු 'එක්ස් රේ' කිරණ යොදා ගෙන එන්සයිමයේ ත්‍රිමාණ රූපයක් නිර්මාණය කිරීමට පරීක්ෂකයන් කණ්ඩායම සමත් විය.


PETase එන්සයිමයේ පිහිටීම හඳුනාගැනීමට මෙම ත්‍රිමාණ රූපය උපකාර විය
PETase එන්සයිමයේ පිහිටීම හඳුනාගැනීමට මෙම ත්‍රිමාණ රූපය උපකාර වෙයි. එහි පිටත පිහිටි සමහර කොටස් නැවත සකස් කිරීම තුළින් එන්සයිමයේ ක්‍රියාකාරීත්වය වැඩි කළ හැකි බව විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත.

බීබීසී විද්‍යා අංශයේ සංස්කාරක ඩේවිඩ් ෂුක්මන්ගේ විශ්ලේෂණය
"පෝට්ස්මත් විශ්ව විද්‍යාලයට සම්බන්ධ එම පරීක්ෂණ කණ්ඩායමට ආචාර්ය උපාධිය සඳහා හදාරන සිසුන් මෙන්ම සාමාන්‍ය උපාධි අපේක්ෂකයන්ද ඇතුළත් වෙයි. අදාළ පරීක්ෂණ පිළිබඳව කණ්ඩායම තුළ තිබූ අති මහත් උනන්දුව ඔවුන් හමු වීමට විද්‍යාගාරයට ගිය අවස්ථාවේ මම දුටුවෙමි"

ඩේවිඩ් ෂුක්මන් පහත දැක්වෙන සටහනද ලියා තබයි.

"දශ ලක්ෂ ගණනක් ප්ලාස්ටික් බෝතල් දිරාපත් කිරීමේ ක්‍රියාවලියට සහය දෙන එන්සයිමයක් නිර්මාණය කිරීම අති විශිෂ්ට කර්තව්‍යයක් බව ඔවුහු දැන සිටියහ. තමන් හැදී වැඩෙන්නේ ප්ලාස්ටික් භාවිතය ලෝකයටම තර්ජනයක් වී ඇති කාලයක වන හෙයින් මෙම සොයා ගැනීම පිළිබඳව ඔවුන් දැඩි ලෙස උනන්දු වන බව පෙනී යයි.

කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ ප්‍රතිඵල සාමාන්‍ය ලෝකයට හඳුන්වා දීම විශාල අභියෝගයකි.

අවම මුදලක් වැය කර PETase එන්සයිමය වර්ධනය කර ගැනීම පළමුවෙනි අභියෝගය වන අතර, දෙවනුව එය කර්මාන්තයක් ලෙස වර්ධනය කර ගැනීමට වෙහෙසිය යුතුය.

මෙය ඉතා වේගවත් විද්‍යාත්මක ක්‍රියාවලියකි. ප්ලාස්ටික් ආහාරයට ගන්නා බැක්ටීරියාව දශක ගණනාවක සිට පරිණාමය වෙමින් පවතින අතර ඔවුන්ගේ ආහාර ජීර්ණය වීම සදහා අවශ්‍ය එන්සයිම හඳුනාගැනීමට හැකි වූයේ මෑතකදී වීම විශේෂත්වයකි.

නැවත සකසන ලද එන්සයිමවලින් වැඩි ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිය. දිරාපත් නොවන ප්ලාස්ටික්වලින් ස්වභාව ධර්මයට වන හානිය නැවැත්වීමට මෙතෙක් සොයමින් සිටි විද්‍යාත්මක පිළිතුර මෙය වනු ඇත"
'එන්සයිම නිපදවීමේ කර්මාන්තයක්'
කර්මාන්තශාලාවල 'පොලියෙස්ටර්' නිපදවන්නේ පෙට්‍රෝලියම් භාවිතා කරමින් වන අතර, ප්ලාස්ටික් බෝතල් සහ රෙදි නිෂ්පාදනය කිරීමට ද එම අමුද්‍රව්‍ය භාවිතා කෙරෙයි.

PETase එන්සයිමය භාවිතා කිරීම තුළින් 'පොලියෙස්ටර්' නිෂ්පාදනයේ ආපසු හැරවීමක් සිදු වනු ඇත. එන්සයිමයේ ක්‍රියාකාරීත්වයෙන් දිරාපත් කෙරෙන ප්ලාස්ටික්, ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියෙන් පසු ඒවා නැවත නැවතත් භාවිතා කළ හැකි වීම ඊට හේතුවයි.

කෙසේවුවද, වර්ධනය කරන ලද එන්සයිමය කර්මාන්තයක් ලෙස එළි දැක්වීමට තවත් වසර කීපයක් ගත වනු ඇත.

උපුටා ගැනීම - www.bbc.com/sinhala - 2018 අප්‍රේල් 19

Thursday, August 21, 2014

පොසිල ඉන්ධන භාවිතයට තිත, වික්ටෝරිය ජලාශයෙන් පමණක් රටටම ලයිට් දෙන්න පුළුවන්ලු


Rupasingha-mallawa
අද පෙරටත් වඩා ලෝකය විකල්ප බලශක්තිය  ගැන කතා කරනු ලබනවා. එය කරුණු දෙකක් පදනම් කරගෙන සිදු වෙනයවා. ඉන් එකක් වන්නේ ලෝකයේ දැනට පවතින පොසිල ඉන්ධන සංචිත ආසන්න අනාගතයේදී අවසන්වේය යන්නයි. ඉන් දෙවැන්න වන්නේ භූගතව පවතින පොසිල ඉන්ධන මතුපිටට ගෙනඒම තුළ සිදුවන විශාල පාරිසරික විපර්යාසයි. එය පරිසර දූෂණය තුළින් සමස්ථ ජීවීන්ට ශරීරිකව බලපෑම් සිදුකරනු ලබන අතරම ගෝලීය උෂ්ණත්වය ඉහල යාමටද බලපානු ලබයි. මෙවර ජුනි 05 වන දිනට යෙදුනු ලෝක පරිසර දිනයේ තේමාව කරගත්තේද පාරිසරික විපර්යාස වල බලපෑමෙන් දූපත් රාජ්‍යයන් රැකගනිමු යන්නයි. එවැනි වූ අවධියක ලෝකවාසීන්ට අසන්නට ලැබුන සුබම ආරංචිය නම් කෑගල්ලේ ගලිගමුවේ පදිංචි රූපසිංහ මල්ලව නම් අපූරු නිර්මාණකරුවා ලොවට දායාද කළ දියසෙන් බලශක්ති ක්‍රමයයි. ඒ පිළිබදව ලක්බිම පහත පරිදි වාර්තා කර තිබුනා.  

“ලයිට් බිලයි, වතුර බිලයි ගෙව්වාම පඩියෙන් බාගයක් ඉවරයි.” එසේ කියන මාස් පඩිකාරයන් කොතෙකුත් ඔබට හමුවී ඇතුවාට සැක නැත. එසේ නැතිනම් ඔබත් එසේ ලයිට් බිලට මාස් පඩිය පූජා කරන සේවකයකු වන්නට පුළුවන. රට්ටුන් එසේ ලයිට් බිල ගැන සංවේදී වන්නේ විදුලිය ඔවුන්ගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වන නිසාය.

මේ නිසා ආණ්ඩුව කොපමණ මිල වැඩි කළද බදු අය කළද රට්ටුන්ට දැන් සිද්ධ වී ඇත්තේ පඩියෙන් භාගයක් නොව මුළු පඩියම ගෙවා හෝ විදුලි බිල ගෙවා දැමීමටය.

කෙසේ නමුදු විදුලි බිල ගැන ළතවෙන රට්ටුන්ට ගිය සතියේ කෑගල්‍ලේ ගලිගමුවෙන් අසන්නට ලැබුණේ සුබ ආරංචියකි. ඒ ගෙවත්තේ තිබෙන ළිඳෙන් ජල විදුලිය නිපදවා ගන්නා පුවතකි. මේ අපූරු නිර්මාණකරුවා රූපසිංහ මල්ලව. ඔහු ගලිගමුවේ හරිගල පදිංචිකරුවෙකි. ඔහුට මේ අපූරු අදහස හිතට ආවේ තම ගෙවත්තේ ඇති ළිඳේ ජලය නිවසේ ඇති ජල ටැංකියට රැස්කරගෙන එම ජලය විවිධ කාර්යයන් සඳහා ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවේදීය. විදුලි බලය එසේ නිපදවා ගත හැකි බව ඔහු කල්පනා කළේය. මල්ලවට අනුව නම් ළිඳෙන් පමණක් නොව ඇළකින් දොළකින් නොව අඟලක තරම් වන කුඩා දිය පාරකින් වුවද කිලෝ වොට් දෙක තුනක විදුලියක් හෝ ඊට වැඩි විදුලි බලයක් අඩු වියදමකින් මෙයින් නිපදවා ගැනීමට හැකිය. ඔහු මෙසේ ජලයෙන් විදුලිය නිපදවා ගත්තේ ඔහු විසින් සොයා ගන්නා ලද විශේෂ යන්ත්‍රයකිනි. එම නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රයද ඔහු ලබාගෙන ඇත.
රූපසිංහ මල්ලවගේ ජල විදුලි බලාගාරය ගැන ලියනකොට අපට මතක් වන්නේ ලක්ෂපාන, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ වැනි මහා ජල විදුලි බලාගාරය. ඒ ලංකාවේ විදුලිබල නිෂ්පාදනයේ වැඩි බරක් තබා ඇත්තේ ජල විදුලියට බැවිනි.
කෙසේ නමුදු ලංකාවේ තවදුරටත් මහා පරිමාණ ජල විදුලි බලාගාර හදන්නට ඉඩක් නැති බැවින් බලශක්ති ක්‍ෂේත්‍රය දැන් වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඛනිජ තෙල්, ගල් අඟුරු දහනය කර විදුලිය නිපදවා ගැනීමටය. එනමුත් නොරොච්චෝ‍ලේ වැනි ගල් අඟුරු බලාගාර හැමදාමත් කොට උඩය. එසේ නැතිම් ලෝක වෙළෙඳ‍පොළේ ඉන්ධන මිල වැඩිවන විට අපේ විදුලි බිලට ද ඉන්ධන ගැළපුම් ගාස්තුව යනුවෙන් දඩ මුදලක් ගසන්නේය. කෙසේ හෝ අවසානයේදී තට්ටු වන්නේ රට්ටුන්ගේ ‍පොකැට්ටුවටය.
මේ පිළිබඳ අවධානය යොමු කළ එම්.පී. රූපසිංහ මල්ලව ද්‍රව තෙරපුම් විදුලි ජනකයක් නිර්මාණය කරන්නේ ලංකාවේ බලශක්ති අවශ්‍යතාව ජල බලයෙන්ම සපුරාගත හැකි බවට විශ්වාසය පළ කරමිනි.
සාමාන්‍යයෙන් ජලය මගින් විදුලිය ජනනය කිරීම්දී උස හා ජල ධාරාවේ ප්‍රමාණය සැලකිල්ලට ගනී. මෙගා වොට් එකක ජල විදුලියක් නිපදවා ගැනීම සඳහා අඩි 100ක් උසක සිට ඝන කියුබික් මීටර් 01ක ජල ධාරාවක් ලබාගත යුතුයි. මේ තත්ත්වය වෙනස් කර මධ්‍යම ප්‍රමාණයේ හා කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර ඉදිකර තිබුණත් ජලය අඩුවන විට ඒවා තාවකාලිකව වසා දැමීමට සිදුවේ. ඒ සියලු ජල විදුලි බලාගාර සඳහා ‘ජල පරිමාණය’ යන සාධකය මූලික වන බැවිනි.
රූපසිංහ මල්ලවගේ නිර්මාණයට පදනම වී ඇත්තේ ද්‍රව තෙරපුම් මූල ධර්මයකි. (Non Fuel Thrust Engin)ය. සාමාන්‍යයෙන් ලෝකයේ මෙවැනි සිද්ධාන්තයක් භාවිතා කරමින් පවතින්නේ ගුවන් යානා පියාසැරිය පණ ගැන්වීමට පමණි. එහෙත් මෙහි භාවිතා කර ඇත්තේ එවැනි තාක්ෂණයක් නොවේ. ජල මුලාශ්‍රයේ ප්‍රමාණය මත නොව යන්ත්‍රයේ ප්‍රමාණය මත බලශක්තියේ ප්‍රමාණය තීරණය කිරීමේ මූල ධර්මයක් මෙයට පදනම්ව ඇත. මෙහිදී අඟලක් පමණ කුඩා ජල ධාරාවකින් ද විශාල ජනන හැකියාවක් ඇති කළ හැකි බව තහවුරු කර ඇත. ජලය පමණක් නොව තෙල්, ග්‍රීස් වැනි අර්ධ ද්‍රවයක බර මගින් ලබා දෙන තෙරපුම යාන්ත්‍රික ශක්තියක් බවට පත්වන බවද මෙහිදී මල්ලව පෙන්වා දෙයි. දහනයක් නොවී පිස්ටන් දෙකක් ක්‍රියාත්මක වීම මෙහි වන විශේෂත්වයයි.
ද්‍රව තෙරපුමට යොදා ගන්නා ද්‍රව්‍යය නැවත නැවත චක්‍රීය ආකාරයෙන් භාවිතයට ගැනීමටද හැකියාව ඇත. එක්තරා ආකාරයකට මෙය ද්‍රව තෙරපුමක් නිසා බලගැන්වෙන පිස්ටන් දෙකේ එන්ජිමක්. එම එන්ජිමේ ශක්තියෙන් ටර්බයින ක්‍රියාත්මක වී විදුලිය ජනනය වේ.
දියසෙන් බලශක්ති ක්‍රමය (Diasen power system) නමින් හඳුන්වා ඇති මෙම නිර්මාණය පිළිබඳ තම හිතට අදහසක් ආ අවස්ථාව පිළිබඳ රූපසිංහ මල්ලව අප සමග ප්‍රකාශ කළේ මෙසේය.
මීට ටික කලකට පෙර කොළඹ පැවැති විදුල්කා ප්‍රදර්ශනයක් නැරඹීමට මට අවස්ථාව ලැබුණා. එහිදී මට දැකගන්නට ලැබුණේ විදේශීය නිර්මාණ අනුකරණයෙන් ලංකාවේ නව නිර්මාණ කරන්නට ගත් උත්සාහයන් පමණයි. මාත් සමග ඒ අවස්ථාවට සහභාගි වූ ඉන්දියානු මිතුරෙක් මට සමච්චල් කරමින් කීවා ‘රාවණාගේ කා‍ලේ ඉඳල ඔයාලා හොඳ නිර්මාණකරුවෝ කියල කියනවා. ඒත් කෝ දැන් ඒ හැකියාවන් කියලා.” මේ වන විටත් මගේ සිතේ මේ ද්‍රව තෙරපුම් පිළිබඳ අදහස් මතුවෙලයි තිබුණේ. මම උත්සහ කළා මේ නිර්මාණය කරන්න. වැරදුනා කිහිප සැරයක්. උත්සහ කළා. වසර තුනකට වැඩි කාලයක් මගේ ව්‍යාපාරික කටයුතු වලින් පවු‍ලේ කටයුතුවලින් ඈත් වෙලා විවිධ අත්හදා බැලීම් කළා. රාජ්‍ය තාක්ෂණ ආයතනවලින් මේ සඳහා උපදෙස් ගන්න ගියහම මට කිව්වා ජර්මනියෙන්, චීනයෙන් හෝ ඉන්දියාවෙන් මේ සම්බන්ධව උපදෙස් ගන්න කියලා. නමුත් මම දේශීය ඥානයත් තාක්ෂණයත් යොදවාගෙන විශාල මුදලක්ද වියදම් කරගෙන මේ නිර්මාණය කළා. ලෝකයේ කිසිම තැනක භාවිතා නොකළ මූල ධර්මයක් මත මෙම නිර්මාණය බිහිවී තිබෙන බව කිව යුතුයි.
මල්ලව තම නිවසේ ඉදිකර ඇති ද්‍රව තෙරපුම් විදුලි ජනකයේ ආකෘතිය මගින් කිලෝ වොට් දෙකක පමණ විදුලියක් නිෂ්පාදනය කරගනියි. එය නිවසේ ජල ටැංකියට සම්බන්ධ කර ඇත. මෙම ජල ටැංකිය සිලින්ඩරාකාර හැඩයක් සහිතව උඩ කොටස නිමවා ඇත. එහි පහළ කොටස නිමවා ඇත්තේ පුනීලාකාරවය. ඉන් නිකුත්වන ජලය වෑල්වයක ආධාරයෙන් දෙපසට බෙදී ගොස් විටින් විට පිස්ටන් දෙක මත පීඩනය යොදයි. ඉන් පිස්ටන් ක්‍රියාත්මක වේ. ඉන් නිකුත් කෙරෙන ජලය නිවසේ ජල අවශ්‍යතා සඳහා යොදා ගනී. මේ වන විට එම ජලය එක් රැස් කරගෙන යන්ත්‍රයෙන් නිපදවන විදුලියෙන්ම ක්‍රියාත්මක ජල මෝටරයකින් ජලය නැවත ටැංකිය වෙතම ‍පොම්ප කෙරේ.
රූපසිංහ මල්ලවගේ නිවසේ වතුර මෝටරය පමණක් නොව ශීතකරණය, රූපවාහිනිය මෙන්ම විදුලි බල්බද දැල්වෙන්නේ කිලෝ වොට් දෙකේ මේ විදුලි බලාගාරයෙන් නිපදවන විදුලියෙනි. ඔහු පවසන පරිදි ඔහුගේ බලාගාරයෙන් නිපදවන කිලෝ වොට් එකකින් වොට් සියයක බල්බ් දහයක් දැල්විය හැකිය.
එම කිලෝ වොට් දෙකක බලාගාරය ඉදිකිරීමට ඔහුට වැයවී ඇත්තේ ලක්ෂ හයක් පමණි. රූපසිංහ මල්ලව පවසන පරිදි එම මුදලම වැය කර අවශ්‍ය නම් කිලෝ වොට් විසිපහක බලාගාරයක්ද ඉදිකළ හැකිය. එවැනි බලාගාරයකින් නිවාස විස්සකට විදුලිය දිය හැකි බව හෙතෙම කීවේය.
ඔහු පවසන්නේ ළිඳෙන් ‍පොම්ප කර ගන්නා වතුර ටැංකියේ සිට ටැප් එකට ගලා යන විට නිපදවන විදුලියෙන් නිවසේ වැඩ කර ගන්නා බවය.
එසේම මේ ක්‍රමය උපයෝගි කරගෙන වික්ටෝරියා ජලාශයේ ඇති ජලයෙන් පමණක් මුළු රටටම විදුලිය දීමට තමන්ට හැකියාව ඇති බව, ඔහු පෙන්වා දේ.
නමුත් කනගාටුවට කරුණ නම් ජපානය, ඇමෙරිකාව ආදි රටවල නියෝජිතයින් මේ වන විටත් මල්ලව හමුවී මේ සම්බන්ධව අදහස් ලබාගෙන ඇතත් මෙරට කිසිදු බලධරයෙකු මතෛක් මේ නව තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ අවධානයක් යොමුකර නොමැති වීමය.
මෙම බලශක්ති ක්‍රමය දායාද කළ රූපසිංහ මල්ලව කිසිදා විද්‍යා අංශයෙන් අධ්‍යාපනයක් නොලද්දකි. ඔහු කිනිගම, හෙට්ටිමුල්ල බණ්ඩාරනායක හා ඉද්දමල්පාන විදුහල්වලින් අධ්‍යාපනය ලබා ඇත. කලා අංශයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලැබූ මල්ලව කෑගල්ල මහින්දෝදය පිරිවෙන් විහාරයෙන් ද ටික කලක් අධ්‍යාපනය ලබා ඇත.
අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පසු කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි පී.බි.ජී. කලුගල්ලගේ ‍ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ඔහු ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධව දියුණුවක් ලැබිය. මේ වන විට දියණියන් සිව් දෙනෙකුගේ පියෙකු වන මල්ලවගේ බිරිඳ වන්නේ චම්පිකා ප්‍රියංගනීය.
ලෝකයේ නව සොයා ගැනීම් කළවුන් දිරිමත් කළ රටවල් ඉතා වේගයෙන් දියුණු විය. අපේද විවිධ නිර්මාණකරුවන් බිහිවී ඔවුන් පිළිබඳ හඬ නෑසී යයි. කුමාරතුංග මුණිදාසයන් පැවසූ ආකාරයට ‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගි’ යන්න මෙන්ම ‘අලුත් අලුත් දෑ ගැන නොතකන ජාතියද ලොව නොනගී’ යන්න මෙහිදී ප්‍රකාශ කළ යුතුය.
වීඩියෝව මෙතනින්
බන්දුල ධර්මතිලක
උපුටා ගැනීම ලක්බිම

Monday, August 11, 2014

ස්වසනය කරන ශාක පත‍්‍රයක් කෘත‍්‍රිමව නිපදවයි


ස්වභාවික ශාක පත‍්‍රයකට සමාන ආකාරයෙන් කාබන්ඩයොක්සයිඩ් යොදාගනිමින් ශ්වසනය  සිදුවන කෘත‍්‍රිම ශාක පත‍්‍රයක් ,  ලන්ඩන් නගරයේ උපාධි ශිෂ්‍යයෙකු විසින් නිපදවා ඇත.

මෙම නව සොයාගැනීම කලාව පිළිබඳ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයකු වන ජුලියන් මෙල්චියෝරි විසින්  සිදු කර ඇති අතර එය සේද පත‍්‍ර ව්‍යාපෘතිය ලෙස නම් කර ඇති බවට සදහන්ය.

ජුලියන් මෙල්චියෝරි පවසන ආකාරයට ස්වභාවික සේද ප්‍රෝටීන් වලින් නිමැවුණු තන්තුමය මාධ්‍යයකට ශාක පත‍්‍රවලින් වෙන්කරගත් හරිතප‍්‍රද එක්කරමින්  නිමවා  ඇති මෙම පත්‍රයද ස්වභාවික ශාක පත‍්‍රයක් ලෙස  හරිතප‍්‍රද යොදා ගනු ලබමින් ස්වසන කාර්යය සිදු කරනු ලබයි.

වෙනත් ග‍්‍රහලෝකයක ෙහා් අභ්‍යාවකාශෙය් ජනාවාස ඇති කිරීමට නම් අවශ්‍ය ඔක්සිජන් නිපදවීම සඳහා ශාක වගා කළ යුතුව පවතී. ඒ ෙස් වූවද එය සිදුකරන ආකාරයක් පිළබදව මෙතෙක් සොයාගෙන නැත.ස්වාභාවික ශාක පත‍්‍රයකට වඩා බරින් අඩු වන මෙය  විද්‍යාඥයින් පවසන්නේ අභ්‍යවකාශය තුළ පැවැත්ම සඳහා මෙය බෙහෙවින් උපයෝගී වනු ඇති බවයි.එවැනි තත්වයකදී අභ්‍යවකාශ ක‍්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ඔක්සිජන් මෙම සේද පත‍්‍ර මගින් පහසුවෙන් නිපදවාගත හැකිවනු ඇතැයි නිර්මාණකරුවා මෙන්ම තවත් බොහෝ දෙනෙකු විශ්වාසය පළ කර ඇතැයි වාර්තා වේ.
ඒ ෙස්ම විශාල ගොඩනැගිලි තුළ වායු පවිත‍්‍රකරණය සඳහාද මෙම නව ෙසායාගැනීමර භාවිතා කිරීමට ජුලියන් මැසිචියෝරි සූදානම් වන බවද පැවසේ.

 අද මහත් ගැටළුවක්ව පවතිනගෝලීය උෂ්ණත්වය ඉහලයාමට බලපානු ලබන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අධික ලෙස ඉහල යාම පාලනය කිරීම සදහා අනාගතයේදී මෙම සොයාගැනීම ඉවහල්වනු ඇත.කෙසේ වෙතත් මෙම පත්‍රය කාබන්ඩයොක් සයිඩ් යොදාගෙන ඔක්ෂිජන් නිපදවූවද ස්වාභාවික ශාකපත්‍රයක ප‍්‍රභාසංස්ලේෂණ කාර්යයේ අතුරු නිෂ්පාදනය වන ග්ලූකොස් නිෂ්පාදනය කරන්නේ නැත. එබැවින් පෘථුවිය තුළ මෙම නිර්මාණය යොදා ගැනීමේදී ප්‍රෙව්ශමෙන් යොදාගතයුතුව ඇත. මන්ද ජීවීන්ගේ පැවැත්ම තහවුරු වීමට ආහාරද වැදගත් වන බැවිනි.
අන්තර්ජාල තොරතුරු ඇසුරින් සකස් කරන ලද මෙම ලිපියකි. අදාල ලිපිය කියවීමට සහ වීඩියෝ දර්ශණ නැරඹීමට මෙතනින් යන්න.