Showing posts with label ලංකාවේ පරිසර දූෂණ පුවත්. Show all posts
Showing posts with label ලංකාවේ පරිසර දූෂණ පුවත්. Show all posts

Monday, June 3, 2019

වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා වෙරළ තීරයට කළුතෙල් ගොඩ ගසයි

වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා වෙරළ තීරයේ තෙල් තට්ටුවක් පවතින බැවින් එම මුහුදු තීරය පාවිච්චි කිරීමේදී සැළකිලිමත් වන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ප්‍රදේශයේ මුහුදු ජලය  කළු පැහැති තෙල් තට්ටුවක් නිසා අපවිත්‍ර වී ඇති අතර එම මුහුදු තීරයේ මෙන්ම මුහුදු ජලයේද කළු පැහැති තෙල් තට්ටුවක් දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් එම වෙරළ තීරයේ ව්‍යායාම්වල නිරතවීමට අද උදෑසන පැමිණි පිරිස්ද දැඩි දුෂ්කරතාවකට මුහුණ දී තිබුනා.

කෙසේ වෙතත් හදිසියේම මුහුදු ජලයට මෙලෙස තෙල් එක්වීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා කිහිපයක් මේ වනවිටත් අදාළ මුහුදු ප්‍රදේශවල පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ. එසේම  කිසියම් නෞකාවක් මගින් අනවසරයෙන් ඉන්ධන මුදාහැර ඇති බවට සැක පළ කරන බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

උපුටා ගැනීම - http://nethgossip.lk

Tuesday, April 26, 2016

මුහුද අපවිත්‍ර කරන රටවල් 20න් 5 වැනි තැන ලංකාවට

"ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් සඟරාව"  (INTERNATIONAL BUSINESS TIMES)ලොව පුරා රටවල් 192ක් පිළිබඳ අවධානය යොමු කර සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ගන අපද්‍රව්‍ය මුදාහරින රටවල් 20ක් නම් කොට ඇත.

එම රටවල් 20 අතරින් 5 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇත

මෙම මූලික රටවල් පහ අතර පළමුව චීනය, දෙවනුව ඉන්දුනීසියාව, තුන්වැනුව පිලිපීනය සහ හතරවැනි ස්ථානයට වියට්නාමය පත්ව ඇත.

ශ්‍රී ලංකාව වසරකට මුහුදට මුදාහරින ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය  ප්‍රමාණය මෙට්රික් ටොන් 1.59ක් බව එමගින් අනාවරණය කර ඇත.
"ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් සඟරාවට අනුව ලංකාවේ සෑම පුද්ගලයකුම දිනකට කුණු කිලෝ 5.1ක් පරිසරයට මුදා හරින  අතර එයින් ග්‍රෑම් 300ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය වේ. ලංකාවේ නිෂ්පාදිත කුණු ප්‍රමාණය ජනගහනයෙන් බෙදීමෙන් මෙම අගයන් ලබාගෙන ඇත.

2010 වන විට ලෝකය පුරා මුහුදට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 26.5ක් එකතු කර ඇති අතර 2025 වන විට එය වර්ෂයට ටොන් 56.9 දක්වා ඉහල යනු ඇතැයි ගණන් බලා ඇත.2025 වන විට ලංකාව 10 වන ස්ථානයට පත්වූවද වාර්ෂිකව මුදාහරින ප්‍රමාණය 1.92 දක්වා ඉහල යනු ඇත.

වැඩි විස්තර සදහා අදාල ලිපියට මෙතනින් යන්න http://www.ibtimes.com/china-india-us-among-worlds-worst-marine-polluters-country-country-breakdown-plastics-1813476

Thursday, September 10, 2015

කැළණි ගං ජලයේ ආසනික්

බස්නාහිර පබළාතේ ජනතාවටග් පානීය ජල අවශ්‍යතාවයෙන් වැඩිම ප‍්‍රමාණයක් සපුරා ගන්නා කැළණි ගංගා ජලයේ ඉතා ඉහල ආසනික් ප‍්‍රමාණයක් මුසු වී ඇතැයි තහවුරු වී ඇති බව පරිසරවේදීහු පවසති.
ස්ථාන කිහිපයකින් ජලය ගෙන කල පරීක්‍සණවලදී ලීටරයකට මිලි ලීටර 04ක් ආසනික් ඇතැයි හෙළිවූ බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රවින්ද්‍ර කාරියවසම් මහතා පවසයි.
මෙය පරිසර පද්ධතියටමත්, ජනතාවත් දැඩි අවදානමක්ද ඇති කරවන බවද ඔහු කියා සිටියේය.
වැසි කාලයන්හිදී කැළණි ගඟ දෙපස කර්මාන්තශාලා ඒවායේ අපද්‍රව්‍ය කැළණි ගඟට ඝෘජුව බැහැර කරන බවත් එනිසා එම කාලවලදී ගඟේ ආසනික් තත්ත්වය ඉහළ යන බවත් ඔහු කියා සිටියේය.

උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/news/135558/

Monday, August 24, 2015

කැළණි ගං කොමළිය දුෂණය වෙයි (කැළණි ගඟට තෙල් මුසු වේ)

කැළණි ගගේ ජලයට ඉන්ධන එකතුවීම හේතුවෙන් එම ජලයේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය පිළිබඳ බරපතල අවධානමක් ඇතිවී තිබෙනවා. අඹතලේ ප‍්‍රදේශයෙන් ජලයට ඉන්ධන කාන්දුවන බවටයි මේ වන විට තොරතුරු අනාවරණ වී තිබෙන්නේ. පෞද්ගලික සමාගමකට අයත් භූගත ඉන්ධන ගබඩාවකින් මෙලෙස ඉන්ධන කාන්දුවන බවට ද මහජනතාවගෙන් පැමිණිලි ඉදිරිපත් වී තිබෙනවා. ජලය මත තෙල් තට්ටු වශයෙන් පැතිරී තිබීම හේතුවෙන් බීමට ගන්නා ජලය දැඩි අහිතකර තත්ත්වයක පවතින බවයි ප‍්‍රදේශවාසීන් සඳහන් කර තිබෙන්නේ.
මේ අතර ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසන්නේ පෞද්ගලික සමාගමකට අයත් නලයකින් සිදුවන මෙම ඉන්ධන කාන්දුව පිළිබඳ අවධානය යොමු කර ඇති බවයි. එමෙන්ම අදාල සමාගමට මෙම අනතුර පිළිබඳ දැනුම්දී ඇතැයි ද සංස්ථාව ප‍්‍රකාශ කලා.
උපුටා ගැනීම - vfmradio.lk වෙබ් අඩවියAugust 18th, 2015 
.

කොකා-කෝලා සමාගමේ මෙරට බලපත‍්‍රය අහෝසි කෙරේ.

කොකා-කෝලා සමාගමේ මෙරට බලපත‍්‍රය අහෝසි කෙරේ..

මෙරට ව්‍යාපාර කටයුතුවල යෙදෙන කොකා කෝලා සමාගමේ පරිසර ආරක්ෂණ බලපත්‍රය මධ්‍යම පරිසර අධිකාරිය විසින් අහෝසි කර තිබේ.
මීට හේතු වී ඇත්තේ කඩුවෙල පිහිටා ඇති එම සමාගමේ නිෂ්පාදනාගාරයේ භූගත ඉන්දන නලයකින් පසුගියදා කැළණි ගඟට තෙල් කාන්දු වීමෙන් සිදුව ඇති මහ පරිමාණ පරිසර දුෂණය හේතුවෙනි.
මින් සිදුව ඇති හානිය තක්සේරු කරන තෙක් මෙම බලපත‍්‍රය අහෝසි කර ඇති අතර රුපියල් බිලියනකට ආසන්න දඩයක්ද අධිකාරිය විසින් සමාගමට නියම කර තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු කිරීම වලක්වන ලෙසත් දඩ වුදල අඩු කර ගැනීමටත් මෙරට පිහිටි ඇමරිකානු  කාර්යාලයේ බලධිරීන් විසින් මෙරට රජයේ බලධාරීන්ට බලපෑම් කරමින් සිටිතැයිද වාර්තා වෙයි.

උපුටා ගැනීම - August 24, 2015 at 11:20 am | lanka C news


හිරු නිවුස් තුළින් අදාල පුවත වාර්තා කර තිබු අයුරු පහතින් නැරඹිය හැක.


Multinational company Coca-Cola is pressurizing the government after the Central Environmental Authority cancelled the environment protection licence of its Kaduwela factory.
An underground fuel pipeline of the factory leaked into the Kelani River a week ago, causing a major contamination.
The factory was also fined nearly Rs. 01 billion.
US government officials are exerting pressure on Sri Lanka to suspend the cancellation and grant some concessions to the factory.
An official at the Sri Lankan embassy in the US has telephoned a government official and asked that the fine be reduced.
The CEA says there is clear evidence the leakage has caused considerable environmental pollution, and the cancellation is pending an evaluation of the damage.
Coca-Cola claims it had repaired the damage very quickly on the same day of the leakage happened after seeking advice from the CEA and the Water Board.
The Water Board announced a water cut to prevent the distribution of contaminated water.
Together wit the CEA and the Marine Environment Protection Authority, it joined forces to flush away water from the affected area; floaters were used to sponge the oil out of the river.
Before restoring water supply officials carried out a grease content evaluation that showed grease at 0.2 mg per litre, the maximum acceptable level for drinking water, sundaytimes.lk reports.
The Board’s deputy general manager, western production, Ranjith Perera, who is based at the Ambatale plant, said that despite the beverage company claiming that there had been a leak in one of its oil tanks his officers had not been able to find anything that would support this explanation.
“Officers from the WSDB, CEA and the police went to the company to check and were not able to find the source of the leak. Even if there was a leakage it is not acceptable,” Perera said, adding that the company was CEA-approved and thus should have precautionary measures planned in case of such a leak.
CEA Chairman Prof. Lal Dharmasiri said the swift action taken to stop the oil from wholesale contamination of the water supply had cost the government more than anticipated. Apart from stopping water distribution, employing people and using resources to lift off the oil from the river the CEA also had to release water from the Laxapana reservoir to flush out the impure water.

source -  srilankamirror web 24 August 2015

Saturday, August 22, 2015

රතුපස්වල ජල ගැටළුව

ඌරපල ප්‍රදේශයේ දරුවකු වන ගිම්හාන් සන්දීප්ගේ වයස අවුරුදු නවයකි. ඔහුට නිරන්තර උණ ගැනීම් තත්ත්වයක්‌ ඇතිවෙයි. අවසානයේ දී රෝගය හඳුනා ගැනෙනුයේ වකුගඩුවලට විෂබීජයක්‌ ගොස්‌ ඇති ලෙසය. බොන ළිඳේ වතුරෙන් මෙම විෂබීජය ගොස්‌ ඇතැයි විශ්වාසයක්‌ මතුවෙයි. එය කේවල කතාවකි. එතැනින් එහාට එවැනි නිදර්ශන රෝගීන් රතුපස්‌වලින් හෝ අවට ගම්වලින් තවම හමු වී නැත.
ජලයේ විෂ ඇති බවට එම කතාව සමාජගත වන්නේ 2013 වසරේ ජුනි දිනදීය. වෙනිග්‍රොස්‌ අත්වැසුම් කම්හලට යාබදව තිබෙන රෝහණ වික්‍රමාරච්චි මහතාගේ නිවසේ ලිඳේ වතුර බීමට නොහැකි තත්ත්වයක තිබේ. ළිදේ වතුර මෙසේ වීමට හේතුව අසල කර්මාන්ත ශාලාවෙන් මුදා හැරෙන ඇසිඩ් බවට වන මතයක්‌ ඒ සමග කටකතාවක්‌ ලෙස ප්‍රකාශ වෙයි. වික්‍රමාරච්චි මහතා ජල සම්පාදන මණ්‌ඩලයට සිය ළිඳේ ජල සාම්පලයක්‌ රැගෙන යන අතර, ජලයේ පී. එච්. අගය අඩු බවට වන සහතිකයක්‌ මණ්‌ඩලය විසින් නිකුත් කරයි. ඒ සමගම ආම්ලිකතාවය නිසා මෙම ජලය බීමට නුසුදුසු බවට ජල සම්පාදන මණ්‌ඩලය විසින් අදාළ වාර්තා සටහන් කර දෙයි. කලබගෑනියේ පැනනැගීම සඳහා පුළිඟු දැල්වෙන්නේ එතැනිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පානීය ජලය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවන්ට අනුව, පානීය ජලය සඳහා පී. එච්. අගයේ කිසිදු බලපෑමක්‌ නැත. නමුත් අඩු පී. එච්. අගයක්‌ ජලයේ තිබෙන විට, ජල පරිවහන නලවල යකඩ මළ බැඳීමට ඇති අවස්‌ථාව වැඩිය. මේ නිසා පරිවහනකාර්යයේදී පමණක්‌ හෙවත් යකඩ නල මගින් ජලය බෙදා හැරේ නම් පමණක්‌ ජලයේ පී. එච්. අගය සැලකිල්ලට ගත යුතු තත්ත්වයක්‌ තිබේ.
(දැනට නැඟෙන රැල්ල අනුව, මෙම වාර්තාව හේලීස්‌ ආයතනය හෝ වෙනිග්‍රොස්‌ ආයතනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට මුදල් ලබාදී ලියවා ගත්තත් බවට යම් සමාජ ක්‍රියාකාරියකු මිය ගිය ජනතාව හෝ රතුපස්‌වල වතුර ගැන කැක්‌කුමෙන් හෝ කිව හැකිය.)
ජල සම්පාදන මණ්‌ඩලය වැඩේ වරද්දා ගන්නේ මෙතැනදීය. ජල සම්පාදන මණ්‌ඩලය යනු ජල මූලාශ්‍ර පිළිබඳ පර්යේෂණ ඒකකයක්‌ නොවේ. එහි රාජකාරිය ජලය බෙදාහැරීම, පිරිපහදු කිරීමය. එම රාජකාරිය අනුව, ජලය බෙදීමේදී පවත්වා ගත යුතු පී. එච්. අගය ජලයේ පී. එච්. අගය සමග සසඳන විට මණ්‌ඩලය ඉක්‌මන් වන්නේ බෙදා හරින ජලයේ පී. එච්. අගය පානීය ජලයේ පී. එච්. අගය ලෙස මණ්‌ඩලය වරද්දා ගැනීම නිසාය. උගුරු දණ්‌ඩේ සිට ජලය ගමන් කරන නහර යකඩින් සෑදී ඇත්නම් මණ්‌ඩලයේ මේ නිගමනය සාධාරණය)
මණ්‌ඩලයේ වාර්තා කොලය දකින රතුපස්‌වල මිනිසුන් කියන්නේ තමන්ගේ ළිඳෙන් එන්නේ වතුර නොව ඇසිඩ් කියාය. මේ කතාව බෙලි ගෙඩිය වැටීම, ලෝකය පෙරළි මට සමාන තත්ත්වයක්‌ මතු කළා සේa රතුපස්‌වල දෙවනක්‌ කළේය. හයක්‌ හතරක්‌ නොදත් රතුපස්‌වල සමහරුන් පී. එච්. අගය පී. එච්. අයි ලෙසද පටලවා ගත්තේය. ජලයේ ආම්ලිකතාව හා අම්ල යනු දෙකක්‌ ලෙස නොවැටහෙන්නාටත්, පී. එච්. අගය හා පී. එච්. අයි එකක්‌ ලෙස තේරුම් ගන්නන් ලවා විශාල කාර්යයක්‌ කර ගත හැකිය. ඒ බව තේරුම් ගත් පිරිසක්‌ ද විය.
කොහොමටත් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ජලයේ පී. එච්. අගය අඩුය. මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම විසින් පෙන්වා දෙන්නේ, එම තත්ත්වය මතු වන්නේ එම දිස්‌ත්‍රික්‌කය ලැටරයිට්‌ පසෙන් සෑදී තිබීම නිසා බවය.
මෙය අලුත් කතාවක්‌ නොවේ. මෙම ප්‍රදේශයේ අන්නාසි සරුවට වැඩෙන්නේ .. ජලයේ ඇති මෙම ආම්ලිකතාව නිසාය. ඒ බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අන්නාසි වගාවට යෝග්‍ය තත්ත්වයෙන් හා ප්‍රදේශයේa aපස පිළිබඳ වාර්තාවක සඳහන් කර තිබේ. ලැටරයිට්‌ පස රතු පැහැයෙන් යුක්‌තය. රතුපස්‌වල ගමේ නමට පවා මුල් වන්නේ මේ තත්ත්වය බව එයින් පෙනේ.
එයින් පැවසෙන්නේ, කාලාන්තරයක සිටම රතුපස්‌වල පමණක්‌ නොව ගම්පහ දිස්‌ත්‍රික්‌කයේම ජලයේ පී. එච්. අගය අඩු බවය. නමුත් මෙය ලෙඩක්‌ බවට පත් වන්නේ 2013 ජුනි මාසයේ අග සිටය. ව්‍යසනයක්‌ බවට පත්වන්නේ ජුලි මාසයේදීය. ඛේදවාචකයක්‌ බවට පත්වන්නේ අගෝස්‌තු පල වැනිදාය.
මේ තරම් සීග්‍රයෙන් රතුපස්‌වල වතුර නරක්‌ වුණේ ඇයි? හිටි හැටියේම ඒ වතුර නිසා මිනිසුන්ගේ ඇඟ දන්න ගත්තේ ඇයි?
රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගයට හේතුව තවම පැහැඳිලි වී නැතත්, එම ප්‍රදේශයේ වකුගඩු රෝගයක්‌ තිබෙන බව පැහැදිලිය. රතුපස්‌වල භූගත ජලය නිසා එවැනි රෝගී තත්ත්වයක්‌ තිබෙන බව සෞඛ්‍ය බලධාරීන් හෝ ස්‌වාධීන පරීක්‍ෂකයන් තවම කියා නැත. නමුත් ඒ ගැන මාධ්‍යයට කතා කරන ගම්මුන්ට කැසිල්ලක්‌ ඇති වී තිබේ. ඒ කැසිල්ලට ඇත්තේ මාස කිහිපයක ඉතිහාසයකි. ඇස්‌ ලෙඩ, ඩෙංගු, වැනි රෝග පැතිරෙන කාලයට එම රෝගීන්ගෙන් රෝහල් පිරීයයිs. සමාජය තුළද ඒ ගැන කතා ඇතිවෙයි. නමුත් රතුපස්‌වල කැසිල්ලෙන් අවට කිසිම රෝහලක්‌ පිරීගියේ නැත. අවම තරමින් වටපිට කිසිම රෝහලකට මෙය වැදගත් ලෙඩක්‌ යන සංඥාව හෝ ලැබෙන්නේ නැත. ඩෙංගු, රජරට වකුගඩු රෝගය නිසා යම් ප්‍රදේශයකට ලැබෙන තැන මාධ්‍යයේදී, මැති සබයේදී හෝ වෙනත් තැනකදී මේ රතුපස්‌වල කැසිල්ලට, දැවිල්ලට ලැබෙන්නේ නැත. ඒ සියල්ල ලැබෙන්නේ 2013 ජුනි අන්තිම කාලයෙන් පසුවය. රටේ මේ වන විට ප්‍රචාරය වී තිබෙන තරමට අනුව නම් යමෙකු පිටකොටුවේදී හෝ ගාල්ලේදී අතක්‌ කසයි නම් එහා පැත්තේ සිටින කෙනා ඔහුගෙන් ගම රතුපස්‌වලදැයි ඇසිය යුතු තරමටම මේ කැසිල්ල තිබිය යුතුය. කැසිල්ලේ තත්ත්වය එසේය. නමුත්, කැසිල්ලට හේතුව ගම්මුන් විසින් සැණෙන් සොයා ගත්තේය.
වෙනිග්‍රොස්‌ අත්වැසුම් කම්හලෙන් නිකුත් කරන ඇසිඩ්, වතුරට එක්‌වීමෙන් මේ දේ වුණා. එතරම්ම පර්යේෂණශීලී තත්ත්වයක රතුපස්‌වල ඇත්තෝ සිටිති.
වෙනිග්‍රෝස්‌ කර්මාන්ත ශාලාව ආරම්භ වන්නේ 1994 වසරේදීය. එය අයත් වන්නේ හේලීස්‌ සමූහ ව්‍යාපාරයටය. ලෝකයේ රටවල් හැත්තෑපහකට අධික ප්‍රමාණයකට එහි නිපදවන ග්ලවුස්‌ අපනයනය කරති. යුරෝපයේ සුපිරි වෙළෙඳ සල් ජාල වන වෝල් මාර්ට්‌ වැනි ආයතන මගින් මෙම අත්වැසුම් විකුණනු ලබයි. අවශ්‍ය ආරක්‍ෂණය සහ තත්ත්ව සහතික මෙම කර්මාන්ත ශාලාවට ඕනෑවටත් වඩා තිබෙන අතර ඒවා සියල්ලම වාගේ මාස කිහිපයෙන් කිහිපයට යාවත්කාලීන කෙරෙන හා ස්‌වාධීන පරීක්‍ෂණ මගින් විටින් විට සහතික කරන ගණයේ තත්ත්වයන්ය. ඒ උදෙසා එක්‌වරක්‌ නොව පිට පිට කිහිප වරක්‌ම වෙනිග්‍රොස්‌ ආයතනය සම්මානයටද පාත්‍ර වී තිබේ. කර්මාන්තශාලාවක දේශීයව තිබිය යුතු අත්‍යවශ්‍යම තත්ත්වයේ සිට ජාත්‍යන්තර ආයතනය සඳහා තිබිය යුතු අන්තර්ජාතික ප්‍රමිතියෙන් මෙම කර්මාන්ත ශාලාව යුක්‌ත අතර, එසේ නොමැති නම් අධිකරණය හමුවේ එම කරුණු පෙන්වා දී ඉතා පහසුවෙන් මෙම කර්මාන්ත ශාලාව වසා දමන්නට හැකිය. උද්ඝෝෂණ වැනි සංකීර්ණ ක්‍රියාදාම දක්‌වා දුර දිග යා යුතු නැත.
අනෙක්‌ අතට මෙම කම්හලේ නිපදවන අත්වැසුම් ආහාර කර්මාන්තය සඳහා යොදා ගන්නා බැවින් සුරක්‌ෂිතතා සහතික වර්ගීකරණයෙන් මෙම කර්මාන්ත ශාලාව සිය ප්‍රමිතිය පවත්වාගෙන යා යුතුය.
එසේ තිබියදී වෙනිග්‍රොස්‌ කම්හලෙන් නිකුත් වන අපද්‍රව්‍ය මගින් තමන්ගේ ජලය දූෂිත වූවා යෑයි ගමක්‌ හඬ නැඟුවේ ඇයි?
මෙම නිෂ්පාදනයන්ම කරන වෙනිග්‍රෝස්‌ ආයතනයට අයත් කර්මාන්ත ශාලා තුනක්‌ තිබේ. එකක්‌ හංවැල්ලේ පහත්ගමය. අනික රතුපස්‌වලටත් වඩා ජනාකීර්ණ කොට්‌ටාව බ්‍රාහ්මණගමය, එම ප්‍රදේශවාසීන්ට නොතිබුණු කැසිල්ලක්‌, රතුපස්‌වලට මෙම කම්හලේ බලපෑමෙන් වූවා යෑයි කියන්නේ කෙසේද?
රතුපස්‌වල ගමේ තිබෙන වෙනිග්‍රොස්‌ කර්මාන්ත ශාලාවේ සේවකයන් හත්සිය පනහක පිරිසක්‌ 2008 වසරේ දෙසැම්බර් මාසයේ සිට දින පනස්‌ පහක වර්ජනයක්‌ දියත් කළේය. එයට නායකත්වය දුන්නේ ජ. වි. පෙ වෘත්තීය සමිති අංශය වන අන්තර් සමාගම් සේවක සංගමයයි. අන්තර් සමාගම් සේවක සංගමයට ගම්පහ ප්‍රදේශයේ ඇති පක්‍ෂ වැඩිම සාමාජිකයන් පිරිසක්‌ සිටියේ, වෙනිග්‍රොස්‌ කම්හලෙනි. ජ. වි. පෙ. මැයි රැලයේ මුල හරියේ ගමන් කරන ලද්දේ, මෙම ආයතනයේ සේවකයන්ය. 2008 දෙසැම්බර් වර්ජනයෙන් සේවකයන් 120 ක්‌ රැකියාවෙන් ඉවත් කර යළිත් සේවයට ගන්නා තැනට පරිපාලනය පැමිණියේය. යළිත් මැතිවරණයක්‌ පවත් වන්නේ 2013 ජනවාරි 29 දාය. එම වර්ජනයන් සේවකයන් 122 ක්‌ එළියට දමන්නට පාලනාධිකාරිය තීරණය කළේය.
රතුපස්‌වල කේන්ද්‍ර කරගත්, කිලෝමීටර් දොළහක සීමාව තුළ කර්මාන්තශාලා පහළොවක්‌ හා ආයෝජන ප්‍රවර්ධන කලාප හතරක්‌ තිබියදී, කැසිල්ලට හේතුව වෙනිග්‍රොස්‌ කම්හලේ අපද්‍රව්‍ය ලෙස නම් වන්නේ, මේ එකසිය විසිදෙනා එළියට විසිවීමය.
ජලය දූෂිත යෑයි ගමේ යන කතාව සංවිධානාත්මක ව්‍යාපාරයක්‌ බවට පත් කිරීමට පෙරමුණ ගන්නේ එළියට විසි වුණු පිරිස්‌ හා ඔවුන්ගේ දේශපාලනඥයන්ය.
ජුලි දාහත් වැනිදා ගමේ වතුර ගැන හා කර්මාන්ත ශාලාව පිළිබඳ සාකච්ඡා ගමේ පිරිස්‌, අදාළ බලධාරීන් හා කම්හලේ ප්‍රධානීන් අතර පැවැත්විණි.
ගම්පහ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු හා ගම්වාසීන් මේ සඳහා සහභාගි වූහ. ගම්වාසීන් අතර කුමාරදාස නම් මහතෙක්‌ද සිටියේය. ඔහු ඇන්සල් ලංකා ආයතනයේ අන්තර් සමාගම් වෘත්තීය සමිතියේ අයෙකි. 1994 වසරේ වෙඩි තැබීමකින් සේවකයෙන් මියගියේ මෙම ආයතනයේදීය. එවැනි අත්දැකීම් සහිත චරිතයක්‌, රතුපස්‌වල ජලය ගැන ප්‍රශ්නය සාකච්ඡා කෙරෙන පළමු දිනයේම ගම්වාසීන් අතරට එක්‌වන්නේය.
එතැන් සිට දිනෙන් දින තත්ත්වය මෙසේ කැටිකළ හැකිය.
ජුලි – 18
මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජගත් මනතුංග හා ගම්වාසීන් කර්මාන්ත ශාලා බලධාරීන් මුණගැසෙති. මතු වී ඇති තත්ත්වය පිළිබඳව වාර්තාවක්‌ ලබාදීම සඳහා ආචාර්ය මනතුංග වෙත ආරාධනා කරන ලද්දේ කර්මාන්ත ශාලාව මගිනි. විසිදෙනකු පමණ මෙම අවස්‌ථාවට සහභාගි වූහ. මේ වන විටත්, ජල ප්‍රශ්නයට හේතුව වෙනිග්‍රොස්‌ කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය බවට වන කතාවක්‌ හා එම කර්මාන්තශාලාව වැසිය යුතු බවට වන විරෝධතා තත්ත්වයක්‌ ගමේ ඇති වේ.
ජුලි 19
ගම්වාසීන්, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා කර්මාන්තශාලා බලධාරීන්, ආයෝජන මණ්‌ඩල නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙදින සාකච්ඡාවට සහභාගි වූහ. කම්හලේ ජල සාම්පල පරීක්‍ෂණ සඳහා ලබාගත් අතර ගම්වාසීන් ඉදිරිපිට ඒවා ලබාගනී. මෙම සාකච්ඡාව කර්මාන්ත ශාලාව තුළ පවත්වයි. අනතුරුව නි. ඇමැතිවරයා හා ගම්වාසීන් අතර සාකච්ඡාවක්‌ ගමේදී සිදු වේ.
ජුලි 20
රාජ්‍ය නිලධාරීන් හා කර්මාන්ත ශාලාවේ බලධාරීන් අතර සාකච්ඡාවක්‌ කර්මාන්ත ශාලාවේ ඇති වේ.
ජුලි 23
ගම්වාසීන් ඉදිරිපිට මහර මහජන සෞඛ්‍ය පරීක්‍ෂක විසින් ජල සාම්පල් කර්මාන්ත ශාලාවෙන් ලබාගනී.
ජුලි 24
යළිත් ගම්වාසීන් ඉදිරියේ ජල සාම්පල් ලබාගනී. කර්මාන්ත ශාලාවේ සෑම තැනකින්ම වාගේ මෙම සාම්පල් ලබාගනී.
ජුලි 25
මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් කර්මාන්ත ශාලාවට පැමිණ ජල සාම්පල් ලබාගනී.
ජුලි 26
නි. ඇමැති ලසන්ත අලගියවන්න විසින් ස්‌ථාන තුනකදී ප්‍රදේශවාසීන් හමුවෙයි. මාස එකහමාරක්‌ තුළ ප්‍රදේශයට නළ ජලය දෙන බවට නි. ඇමැතිවරයා පොරොන්දුවක්‌ ලබාදෙයි.
ජුලි 27
ගම්වාසීන් රතුපස්‌වල මංසන්ධියේ උද්ඝෝෂණයක නිරත වෙයි. පැය දෙකකට වැඩි කාලයක්‌ පාර වසා හාරසීයක්‌ පමණ දෙනා උද්ඝෝෂණයේ යෙදෙති.
වැලිවේරිය පොලිස්‌ ස්‌ථානාධිපති, සහකාර පොලිස්‌ අධිකාරි හා පොලිස්‌ අධිකාරිවරුන් තෙරිපැහැ සිරිධම්ම හිමි සමග කර්මාන්ත ශාලාවට පැමිණෙති.
ගම්වාසීන් රැස්‌වී සිටිති. විසිර නොයන තත්ත්වය හමුවේ පොලිසිය විසින් ගම්වාසීන් විසුරුවා හරියි.
ජුලි 28
පාරවල් අවහිර කරමින් ගම්වාසීන් විරෝධතාවක යෙදෙයි. පාර අවහිර කිරීමට පොලිසිය ඉඩ නොදෙන අතර රතුපස්‌වල ක්‍රීඩාංගණයේ පිරිස රැස්‌වෙයි. එදින රාත්‍රියේ සිරිධම්ම හිමියන් සත්‍යග්‍රහයක්‌ සඳහා පිවිසෙයි.
ජුලි 29
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීහු කර්මාන්ත ශාලාවේ බලධාරින් හා ගම්වැසියන් හැත්තෑ පස්‌දෙනකුගේ පමණ සහභාගිත්වයෙන් රැස්‌වීමකි. එහිදී රාජ්‍ය නිලධාරීන්ගෙන් යුත් කමිටුවක්‌ පත් කෙරෙයි. පසුදා දිනයම ගම්වාසීන්ගේ පැමිණිලි භාරගැනීම සඳහා කමිටුව වෙන්කර ඒ බව පැමිණි ගම්වාසීන්ට දැනුම් දෙයි. මාස එකහමාරක්‌ තුළ නළ ජලය දෙන බවට රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ කරයි.
මෙම තත්ත්වය රතුපස්‌වල ක්‍රීඩාංගණයේ සිටින ප්‍රදේශවාසීන්ට දැනගැනීමට ලැබෙයි. උපවාසයේ නියුතුව සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන් ප්‍රදේශවාසීන් මයික්‍රොපෝනයකින් අමතනු ලබයි. ප්‍රශ්නයට විසඳුම් ලැබී ඇති බවත්, නිවෙස්‌ බලා පිටත් විය යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටිති.
නමුත් එතැන සිටි කර්මාන්ත ශාලාවේ වර්ජනයෙන් එළියට දමා සිටි පිරිස හාමුදුරුවන්ගේ තීරණයට එකඟ නොවන බව ප්‍රකාශ කරයි. කර්මාන්ත ශාලාව වසන තෙක්‌ තමන් සටන අතනොහරින බව ඔවුන් ප්‍රකාශ කරයි. පොලිසියද මේ වන විට ඉවත්ව ගොසිනි.
එදින රාත්‍රි අටට පමණ පන්සියයක පමණ පිරිසක්‌ කර්මාන්ත ශාලාව දෙසට පැමිණෙයි. උපවාසය කළ ස්‌වාමින් වහන්සේද ඒ අතර වෙයි. පිරිස විසින් කර්මාන්ත ශාලාවට ගල් ප්‍රහාර එල්ල කරයි. කර්මාන්ත ශාලා භූමියට පොලිසිය පැමිණෙයි. පොලිස්‌ නිලධාරියකු ගල් ප්‍රහාරයකින් තුවාල ලබයි. රාත්‍රි 11.30 වන විට තත්ත්වය සමනය කිරීම සඳහා යුද හමුදාව ද පැමිණෙයි. සිද්ධිය නිසා ප්‍රධාන මාර්ගය රාත්‍රි 8.30 සිට වැසී ගොසිනි. සියලුම මාර්ගවල ටයර් පුච්චනු ලබයි. කර්මාන්ත ශාලාවෙන් ඉවත් කරන ලද 80 දෙනකු පමණ උද්ඝෝෂණයේ ක්‍රියාකාරීව සිටිනු පෙනේ. විරෝධතාකරුවන් මහමඟ හා පිට්‌ටනියේ කෑම පිසිමින්, තේ බොමින් කටයුතු කරගෙන යයි.
ජුලි 30
උදැසන හත වන විට ‍ ජ්‍යෙෂ්ඨ නි. පොලිස්‌පති අනුර සේනානායක ඇතුළු පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ ප්‍රදේශයට පැමිණේ. කර්මාන්ත ශාලා කළමනාකාරිත්වය වෙනුවෙන් ආචාර්ය මහේෂ රණසෝම සමග නි. පොලිස්‌පතිවරයා සාකච්ඡා පවත්වයි. උපවාසයේ නියුතු හිමියන් සමගද සාකච්ඡාවක්‌ පවත්වයි.
මේ වන විට කර්මාන්ත ශාලාවේ සේවකයන් දෙසීයක්‌ පමණ, විරෝධතාකරුවන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට කර්මාන්ත ශාලාව තුළ පත්වේ. සේවකයන් නැවතී සිටිනා ප්‍රදේශයේ බෝඩිං ගණනාවකට ද පහර දෙයි.
මහජන උපයෝගිතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා විරෝධතාකරුවන් හා කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වය හමුවෙයි.
ගම්පහ දිස්‌ත්‍රික්‌ අධිකරණයේ දී සිද්ධිය විභාගයට ගැනෙයි. තවමත් මාර්ග වැසී තිබේ.
ජුලි 31
තත්ත්වය දිගටම පැවැත්වෙයි. ගම්පහ දිස්‌ත්‍රික්‌ අධිකරණයේදී සිද්ධිය විභාග වෙයි.මේ වන විට උපවාසයේ නියුතු හිමියන් සමග ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද දුරකථනයෙන් සාකච්ඡා කර තිබිණි. එසේම රටේ ප්‍රධාන පුවත බවට රතුපස්‌වල පත් වී තිබිණි. බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනගේ අණ දීම යටතේ යුද හමුදාව දිගටම කර්මාන්ත ශාලාවට ආරක්‍ෂාව ලබාදෙන අතර සිද්ධියේ රැඳී සිටියි.
අගෝස්‌තු 1
වැලිවේරියේ පාරවල් වසාගෙන දින ගණනක්‌ සිටි විරෝධතාකරුවන් බැලුම්මහර මංසන්ධියට පැමිණෙයි. නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය වසා දමමින් විරෝධතාවේ යෙදෙයි. පාර වසා ටෙන්ට්‌ ඉදිකර තිබෙන අතර මිනිපෙට්‌ටියක්‌ ද උද්ඝෝෂකයෝ රැගෙන යති.
මේ වන විට රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් කර්මාන්ත ශාලා බලධාරීන්, ගම්වාසීන්, රාජ්‍ය නිලධාරීන් අතර සාකච්ඡාවක්‌ කොළඹදී සිදුවෙයි. තත්ත්වය සමනය වන තෙක්‌ කර්මාන්ත ශාලාව වසා දැමීමට කර්මාන්ත ශාලා බලධාරීන් එහිදී එකඟවෙයි. විරෝධතාව අවසන් කිරීමට ගම්වාසී නියෝජිතයෝ එහිදී එකඟ වූහ.
ගමේ තත්ත්වය දරුණු අතට හැරෙමින් තිබුණි. බැලුම්මහර හන්දිය වසාගෙන විරෝධතාකරුවන් සිටියහ. ඊට මඳක්‌ ඔබ්බෙන් තිබූ වතුරුගම පාර අසලින් ගමනාගමන කටයුතු සඳහා ඉඩකඩ විවර කරන්නට ආරක්‍ෂක අංශ කටයුතු යෙදූහ. විරෝධතාකරුවන් එතැනට ද රැස්‌විය. විකල්පය ද වැසී ගිය කල මුළු පළාතේම ගමනාගමන කටයුතු අඩපණ විය. විරෝධතා දිනයේ සිටම ගම්වාසීන්ව පොළඹවන ලද්දේ අරගලයක්‌ ඉල්ලාය. අහිංසක ගම්වාසීන් යෑයි වහරන ලද වුවද මැර බලයක්‌ සේ ඔවුන්ගේ පෙළගැසීම ඒ වන විට එක්‌ව තිබුණි. පොලිසියට මෙම බලවේගය සීරුමාරු කිරීම අසීරු විය.
රතුපස්‌වලට මඳක්‌ නුදුරෙන් පිහිටි දොම්පෙ පොලිසියට ගම්වාසීන් ගිනි තබන ලද්දේ අතිශය චෞර කුඩ්ඩෙකු පොලිස්‌ පහරදීමකින් මියයැම නිසාය. ඒ මීට වසර දෙකකට පමණ ඉහතදීය.
නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් විසින් ජනතාවගෙන් ගුටි කෑ පොලිස්‌ නිලධාරීන්ට අණකර තිබුණේ තුවක්‌කු දුන්නේ වෙඩි කන්නට නොවන බවය. මෙවැනි කතා රාශියක්‌ ඒ වන විටත් කරලියේ තිබිණි. රතුපස්‌වලදී පොලිසියට සිදුවූයේ එයමය. පොලිසියේ කිසිදු හඬකට එහි ජනතාව කන් දුන්නේ නැත.
ජුලි 29 වැනිදා යුද හමුදාව හා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය නොයොදන්නට අහිංසක ගැමියන් කම්හල විනාශ කර එහි සේවකයන්ගේ ජීවිත බිලිගන්නට ද ඉඩ තිබිණි. පුදුමය වූයේ අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ජීවත්වීමේ අයිතිය, පිපාසය ඇතුළු සියල්ල අවශ්‍ය වී තිබුණේ රතුපස්‌වල ගැමියාට පමණක්‌ වීමය. විරෝධතාකරුවන් සිරිසීවලී විද්‍යාලය අසල ළදරු පාසලක දරුවන් ද උද්ඝෝෂණ ව්‍යාපාරයේ වාඩිකරගෙන සිටියහ. ජීවත්වීම සඳහා ජලය ඉල්ලා පැමිණි බලවේගය මාධ්‍යට ඇසෙන සේ ප්‍රකාශ කරන ලද්දේ මරාගෙන මැරෙන බවය. ආරක්‍ෂක ලේකම්වරයා මැදිහත් වී තත්ත්වය සංසිඳුවා තිබුණ ද විරෝධතාකරුවන් වගේ වගක්‌ නොමැතිව තම කාර්යයේ නිරතව සිටියෝය.
නුවර පාර මුළුමනින්ම වැසී යැම තුළ වතුරුගම පාර අසල මිරිස්‌වත්ත හන්දිය ගමනා ගමන කටයුතු සඳහා විවර කර දෙන්නට, පහරදීම මගින් විරෝධතාකරුවන් එලවීමට ද යුද හමුදාවට සිදුවිය.
ඊළඟ තැන වූයේ බැලුම්මහරය. එතැනදී විවෘත ලෙස සියලු විරෝධතාකරුවන් අමතන්නට හමුදාවට සිදුවිය. බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන එහිදී ප්‍රකාශ කළේ විරෝධතාකරුවන්ට විසිර යන ලෙසය. අහිංසක ගැමියන් බ්‍රිගේඩියර් ගුණවර්ධන සමඟ වාද විවාද කරගත්තේ මෙතැනදීය. ජීවත්වීමට ජලය ඉල්ලා සිටි අහිංසක ගැමියකු බ්‍රිගේඩියර් ගුණවර්ධන වෙත ප්‍රකාශ කරන ලද්දේ මෙතැනින් නොයන බවත් මරාගෙන මැරෙන බවත්ය.
කෙසේ හෝ අරියාදුවෙන්ම පාර ඇරගන්නට හමුදාව සමත් විය.
ඊළඟට විවෘත කළ යුතුව තිබුණේ වැලිවේරිය හන්දියයි. පාර විවෘත කිරීමට පොලිසියට හා හමුදාවට නිමා නොමැති ගල් වරුසාවකට මුහුණ දෙන්නට සිදුවිය. පොලිසිය විසින් කඳුළු ගෑස්‌ එල්ල කරන්නේ මේ අතරය. කඳුළු ගෑස්‌ වර්ෂාව කෙතරම් දරුණු වූවාද කිවහොත්, යුද හමුදාව පවා කඳුළු ගෑස්‌ මගින් පීඩාවට ලක්‌විය. එහෙත් විරෝධතාකරුවෝ නොසැළුණහ. පොලිසිය සතු කඳුළු ගෑස්‌ නිමාවට පත්විය. කරකියාගත නොහැකි වූ පොලිසිය තත්ත්වය සමනය කිරීම සඳහා හමුදාවට මුළුමනින්ම “බාර දෙන්නේ” මෙතැනදීය.
වැලිවේරිය දක්‌වා යන හමුදාවට හූ හඬින් ඇරඹි ගල්මුල් ප්‍රහාර දක්‌වා යන විරෝධතාවයකට මුහුණදෙන්නට සිදුවිය. හමුදා පහරකෑමෙන් විරෝධතාකරුවන් තුවාල ලැබුවා සේම, ගැමියන් වෙතින් හමුදාව ද තුවාල ලබන්නට පටන් ගත්තේය.
වැලිවේරිය නගරයේදී විරෝධතාකරුවන් අමතමින් බ්‍රිගේඩියර් ගුණවර්ධන ප්‍රකාශ කරන ලද්දේ පාර විවෘත කිරීමට අවශ්‍ය නිසා මහමගින් ඉවත් වන ලෙසය. බ්‍රිගේඩියර් ගුණවර්ධන ජනතාව අමතමින් සිටියදීම අසල සිටි තවත් හමුදා ප්‍රධානියකුට ආරක්‍ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් ප්‍රශ්නය විසඳුණු බව දැනගන්නට ලැබිණි. උඩට නැග ජනතාව අමතමින් සිටි බ්‍රිගේඩියර් ගුණවර්ධන පහළට බැඳ මෙම පණිවුඩය දැනගත් අතර යළිත් ඉහළට නැග මයික්‍රෙපෝනය මගින් ජනතාවට ඒ බව දැනුම් දුන්නේය. තත්ත්වය යම් සමථයකට පත්ව තිබිණි. ගැමියන්ට විසඳුම් ලැබුණ ද වෙනිග්‍රෝස්‌ ආයතනයෙන් ඉවත් කරන ලද “රතු චණ්‌ඩින්ට” ඒ පිළිතුර ප්‍රමාණවත් නොවීය. පාර විවෘත කිරීම සඳහා එකඟතාවක පැමිණ හමුදාව විසින් මහමඟ දමා තිබූ බාධක ඉවත් කිරීමට පැමිණෙන විට “රතු චණ්‌ඩින්” මහහඬින් පැවසුවේ තමන් මහමගින් ඉවත් නොවන බවය. ඒ සමඟම කලින් සූදානම් කරගෙන තිබූ ගල්මුල්, වැලි පිරවූ බෝතල් ආදියෙන් හමුදාවන්ට ප්‍රහාර එල්ල විය. ඊට පෙර දිනයේදී ජලය බීමට නොහැකි නිසාදොa විරෝධතාකරුවන් අරක්‌කු කේස්‌ විස්‌සක්‌ හිස්‌කර තිබිණි. අංක තහඩු නොමැති කැබ් රථ මගින් ඒවා ප්‍රවාහනය කර තිබිණි. යම් ප්‍රශ්නයක්‌ තිබුණා යෑයි සිතුවද විරෝධතා දැක්‌විය යුතු තත්ත්වයට එහා ගොස්‌ රතුපස්‌වල ත්‍රස්‌තවාදය බිහිවන්නේ මේ සමඟය. පොලු මුගුරු, ගල්මුල් ප්‍රහාර සමඟ තත්ත්වයට මුහුණදීම හමුදාවට අසීරු විය. පෙට්‍රල් බෝම්බ ප්‍රහාර ද හමුදාව දෙසට එල්ල විය. අසල තිබූ ඉන්ධන පිරවුම්හල වෙත පෙට්‌රල් බෝම්බ ප්‍රහාර තුනක්‌ පමණ එල්ල විය. එය සේවකයන් මගින් ගිනි නිවන උපකරණ යොදා නිවා නොදමන්නට මහා අග්නියකින් පළාතම වැසී යන්නට ඉඩ තිබුණි. අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි වෙඩි ප්‍රහාර ද හමුදාව දෙසට එල්ල වී තිබේ. හමුදා සෙබළුන්ගේ සීමාව ඉක්‌මවා යන්නේ එතැනිනි. මාධ්‍යකරුවකුගේ කැමරාව හමුදාව විසින් බිඳ දමන ලද්දේය. එතැනින් පසු වෙඩි ප්‍රහාර එල්ල විය.
මේ වන විට ප්‍රදේශවාසීන් තිදෙනකුගේ ජීවිත විනාශ වී තිබේ. හමුදා සෙබළුන් විස්‌සකට වඩා තුවාල වී තිබේ.
නමුත් ඇසෙන්නේ එක්‌ කරුණක්‌ පමණකි. මාධ්‍ය විසින් ආවරණය කර රටටම බෙදන්නේ ද එයම පමණි. රතුපස්‌වල මිනිස්‌සුන්ට හමුදාව වෙඩි තිබ්බා, මරා දැම්මා. හමුදාවට එල්ල වූ ප්‍රහාරය ගැන කිසිදු කතාවක්‌ නැත. සමහරු කීවේ රතුපස්‌වල නන්දිකඩාල් කලපුවක්‌ බවට පත්කරන ලද බවය. රටම මිලිටරි යාන්ත්‍රණයකට යටත් කර ඇති බවය. හමුදාපතිවරයකු ජනාධිපති කරන්නට මීට වසර තුනහමාරකට පෙර උත්සාහ දැරූ පිරිසට මිලිටරිකරණයක්‌ ගැන හඬ නගමින් සිටියේය. ලසන්ත වික්‍රමතුංග මරා දමන ලදැයි, උපාලි තෙන්නකේන්ව කපා දමන ලදැයි, කීත් නොයාර්ට පහර දෙන ලදැයි රටම දන්නා මිලිටරිකරණය, ජනාධිපති කරන්නට හැදූ පිරිස කැමරාවක්‌ පොලොවේ ගැසීම මාධ්‍යයට කරන ලද ලොකුම හිංසනය ලෙස අරුත්ගන්වමින් තිබිණි.
තුවක්‌කු පත්තුවන්නේ ඉබේ නොවේ. කොකාට අත තබන මිනිසා අනුවය. ශ්‍රී ලංකා හමුදාව ලෝකයේම විනයවත් හමුදාවක්‌ ලෙස ප්‍රසංශා ලැබ තිබේ. යුද සමයේදී එල්. ටී. ටී. ඊ. තුවක්‌කුවට ප්‍රේම කරමින්, හමුදා තුවක්‌කුවට වෛර කරන ලද එන්. ජී. ඕ. නඩය හමුදාවට එරෙහි යළිත් පිටියට බැස්‌සේය.
ජීවිත අමිලය. රතු චණ්‌ඩින්ගේ වැඩවලට අහිංසකයන් පළි ද නැත. සිද්ධියක්‌ ඛේදවාචකයක්‌ කරන ලද්දේ මිනිසුන් විසිනි. එහිදී මියයන ලද්දේ මනුෂ්‍යකමය. හමුදාවෝ ද මනුෂ්‍යයෝය. ඔවුන්ගේ ජීවිත ද ජීවිතය. වතුර ඉල්ලා කරන අරගලයට විසඳුමක්‌ ලැබී තිබියදීත් මරාගෙන මැරෙන්නට ඉල්ලු පිරිස්‌ “නිදොස්‌ය.” මෙතැනදී යම් සෙයකින් හමුදා භටයකු මළේ නම්, වැඩේ බැලන්ස්‌ය. ඒකපාර්ශ්වික වාර්තාකරණය විසින් සියලු වගකීම හමුදාව වෙතට දමා අත පිසදාගෙන තිබේ. මෙය තවත් චැනල් ෙµda පන්නයේ මාධ්‍ය මෙහෙයුමකි.
වැඩිදුර විස්‌තර නොසොයන්නාට සිද්ධිය පෙනෙන්නේ ‘හමුදාව ආවා, වෙඩි තිබ්බා’ යන ළදරු මනසේ සාධනයකි. නොදැනුවත්කම, සංවිධානාත්මක කඩාකප්පල්කාරීන් පිරිසක්‌ ඉදිරියට පැමිණුනි. නොඉවසිලිවන්තකම ද අනුපානයට එක්‌වී තිබිණි. රතු දේශපාලනයේ වෛරය හොඳ පදනමට තිබුණි. අනෙකා ද ඇවිස්‌සුණි. ප්‍රතිඵලවය ඛේජනකය. තමන්ගේ දේශපාලන ගිම්හානයට රතුපස්‌වල වසන්තයක්‌ කර කැඳවා ගන්නට රත්තන්ට අවශ්‍ය වී තිබිණි.
මෙතැනදී කිවයුතුම දෙයක්‌ වන්නේ හමුදාව සතු අවම අවි බලය තවමත් ටී පනස්‌හයේ තිබීමය. හමුදාව තම ආරක්‍ෂාවට භාවිතා කරන ලද්දේ එයය. පැමිණ සිටි හමුදාව හරියට වෙඩි තිබ්බා නම් රතුපස්‌වල දෙවැනි අරන්තලාවක්‌ බඳු වීමට තිබිණි.
යමෙකුට සියල්ල වැඩක්‌ නැති ඒවා වන්නට පුළුවන. පී. එච්. අගය, විරෝධතාකරුවන්ගේ ක්‍රියා, ප්‍රාණ ඇපයට ලක්‌වූ ජනතාව, ළමුන් වැනි දේ ඔවුන්ට වැඩක්‌ නැත. වැඩක්‌ තිබෙන්නේ හමුදාව අතින් මළ ගණනය. ගණන ඉහළ යන්නට යන්නට ඔවුන්ට සතුටුය. රතුපස්‌වල ගම්මුන්ගේ දුක ගැන කතා කරන කොළඹ සිටින්නන් පිරිසකට මෙය තවත් 20-20 තරගයකට වඩා වෙනසක්‌ නැත.
ඒ පස්‌ රතු වූයේ ලේවලිනි. සිද්ධියට පසුදා දිවයින කතුවැකිය සනිටුහන් වූයේ ඒ සිරස්‌තලයෙනි.
ඒ ලෙය වැගිරුණේ රතු දේශපාලනයෙනි.
සමාප්තිය ලෙස ඒ වැකිය සනිටුහන් කොට තබමු.

– මනෝඡ් අබයදීර/Divaina

උපුටා ගැනීම - August 12, 2013 at 12:01 am | lanka C news

Thursday, August 6, 2015

පරිසරවේදීන් කමාන්ඩෝ ෆෝ වීල් රැළියට එරෙහි වෙයි




පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති අතර කොමාන්ඩෝ බලකාය, මධ්‍යම පරිසර අධිකාරි, වෙරළ සංරක්ෂණ අධිකාරිය මෙම පැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කර ඇත.


එහිදී අදහස් දැක්වූ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසා සිටියේ



කොමාන්ඩෝ බලකායේ සංවිධානයෙන් මෙම සිව්බල මෝටර් රථ රැළිය පරිසරවේදීන්ගේ විරෝධය නොසලකා පසුගිය දෙවැනිදා ආරම්භ කරල තියෙනවා.



ලංකාවේ උතුරු, නැගෙනහිර, ඌව පළාත්වල වටිනා වනාන්තර හරහා තමයි සංවිධායකයන් මෙම රැළියේ මාර්ගය සකස් කරල තියෙන්නෙ.



එම ප්‍රදේශවල වෙරළ තීර, කළපු, ළඳුකැලෑ, රක්ෂිත අභයභූමි හරහා පරිසරයට දැවැන්ත විනාශයක් සිදුකරමින් ඔවුන් කිලෝමීටර් 775 ක දුරක් ගමන් කරනවා. ක්‍රීඩා සංචාරක කර්මාන්තයට මුවාවෙමින් පරිසරයට හානි කිරීම ලංකාවෙ දැන් අලූ‍ත් සම්ප්‍රදායක් බවට පත්වෙලා තියනවා.



කොමාන්ඩෝ රෙජිමේන්තුව පරිසරය ගැන නොසලකා දෙවන වරටත් මෙය සිදුකිරීමට ලැජ්ජා සහගත ක්‍රියාවක්. පරිසරවේදීන් විදියට අපි අද මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා



අපි අවධානයෙන් ඉන්නවා බලධාරීන් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක සම්බන්ධයෙන්.
උපුටා ගැනීම - eethalayanews.com