Showing posts with label ලංකාවේ පරිසර ගැටළු. Show all posts
Showing posts with label ලංකාවේ පරිසර ගැටළු. Show all posts

Monday, May 27, 2019

බලන්ගොඩ රක්ෂිත දෙකක ගිනි ගැනීම්…

බලන්ගොඩ ඉඔුල්පේ හල්ගහවෙල සහ පහන් තුඩාව වල ආශ්‍රිතව ඇති රක්ෂිත වල 26 සවස සිට ගිනිගැනිමි දෙකක් හටගෙන ඇති බව ඉඔුල්පේ ප්‍රදේශිය සභාපති සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා පවසයි.

ප්‍රදේශයට පවතින වියලි කාලගුණික තත්ත්වය සහ තද සුලං හේතුවෙන් ගින්න ව්‍යප්ත විි ඇති බව ඒ මහතා පැවැසිිය.

ප්‍රදේශවාශින් ,පොලිසිය එක්ව ගිනිගැනිමි මැඩ පැවැත්විම සදහා උස්සාහ කලද එය අසාර්ථක වු බව හෙතෙම කිය.

මෙි සමිබන්දයෙන් සමනල වැව පොලිසියේ ස්ථානාධිපති ලෝරන්ස් ප්‍රනාන්දු මහතාගෙන් කල විමසිමකදි පැවැසුවෙි කිසියමි පිරිසක් විසින් රක්ෂිත දෙකට ගිනි තබන්නට ඇති බවට සැක පළ කෙරෙන බවයි.

මෙම ප්‍රදේශ ඉතා දුෂ්කර ප්‍රදේශ බැවින් ගින්න පාලනය කිරිමට අපහසු වු බවත් පැවැසිය. මෙිි සමිබන්දයෙන් පර්යේෂණයක් ආරම්භ කර ඇති බවද කිය.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන

Source - lankacnews.com

Wednesday, September 2, 2015

හංවැල්ල ප්‍රදේශයේ අනවසර වැලි ගොඩ දැමීම වැළැක්වීමට පියවර ගැනේ

හංවැල්ල ප්‍රදේශයේ කැළණි ගගේ ගම්පහ ඉවුරෙහි මෙන්ම කොළඹ දිස්ත්‍රික් ඉවුරෙහි ද වැලි ගොඩ දැමීම දිගින් දිගටම සිදු වන බව හංවැල්ල වැඩ බලන ප්‍රාදේශීය ලේකම් ජී.එස්.කේ.කන්නංගර මහතා පැවසීය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පසුගියදා  කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පරිසර හා ඩෙංගු කමිටු රැස්වීමේ දීය.
 
මෙම අනවසර වැලි ගොඩ දැමීම හංවැල්ලේ සිට කැළණි ගග දෙපස සිදු කෙරෙන අතර එය වැලැක්වීම සදහා කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය මෙම කමිටු රැස්වීමේ දී සැලකිල්ලට භාජනය කෙරුණි. දැනටමත් හංවැල්ල ප්‍රදේශයේ කැළණි ගග මුහුදු මට්ටමේ සිට මීටර් 02 ක් පමණ පහලින් ගැඹුරු වී ඇති බැවින් කර දිය ගලා ඒම හංවැල්ල දක්වා සිදු වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් පෙන්වා දී ඇත. එසේම කැළණි ගග දෙපස ඉවුරු කඩා වැටීම ද නොකඩවා සිදු වේ. මේ පිළිබද මධ්‍යම පරිසර අධිකාරිය විසින් කැළණි ගග දෙපස අඩි 50 ක රක්ෂිතයක් පවත්වා ගත යුතු බව තීරණය කර ඇත.
 
මේ සම්බන්ධව වාරි මාර්ග දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කරන ලෙසත්, අනවසර වැලි ගොඩ දැමීම් පිළිබද පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාශය මගින් වැටලීම් සිදු කිරීමටත්, පවතින ගැටළුව පිළිබද පොලිස්පති හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් දැනුවත් කිරීම සදහා කටයුතු කරන ලෙසත් කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා උපදෙස්  දුන්නේය. 
 
මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්වරු,මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරින් ඇතුලු නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
උපුටා ගැනීම - news.lk වෙබ් අඩවිය (2015-09-01)

කසළ කළමනාකරණ වැඩ පිළිවෙල යටතේ කසළ වෙන්කර ලබා ගැනීම අනිවාර්ය කෙරේ.(කොළොඹ)


කොළඹ දිස්ත්‍රික්කයේ කසළ කළමණාකරණ වැඩපිළිවෙල ක්‍රමවත් කිරීම සඳහා  කසල වෙන් කර ලබා ගැනීම  අනිවාර්ය කරන ලෙස සියලු පළාත් ආයතන වලට දැනුම් දී පළාත් පාලන කොමසාරිස් වරුන් ඒ පිළිබද දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්  එච්.ටී.කමල් පත්මසිරි මහතා උපදෙස් දී ඇත. 
ඒ මහතා මෙසේ උපදෙස් දී ඇත්තේ පසුගියදා පැවති පරිසර කමිටු රැස්වීමේ දීය.මෙහිදී කරදියාන කසළ කළමණාකරන ව්‍යාපෘතිය වර්තමානයේ පත්ව ඇති තත්ත්වය පිළිබද දැඩි අවධානය යොමු කෙරිණි.මෙම ව්‍යාපෘතිය වෙත කසළ ප්‍රවාහනය කිරීමේ දී පළාත් පාලන ආයතන මගින් දුර්ගන්ධය වැලැක්වීමේ උපක්‍රම භාවිත නොකර අපද්‍රව්‍ය විවෘත රථ වල ප්‍රවාහනය කිරීම නිසා ගැටලු සහගත වී ඇති බව එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ චමිල සිල්වා මහතා පවසයි.
කෝට්ටේ සහ මොරටුව මහ නගර සභාවල කසල ඉවත් කිරීම සාර්ථකව සිදු වුවද මෙම ව්‍යාපෘතිය සදහා කාබනික අප ද්‍රව්‍ය ගෙන ඒම අඩු වීම ව්‍යාපෘතිය පවත්වා ගෙන යාමට ගැටළුවක් වී ඇති බවද ඒ මහතා වැඩි දුරටත් පවසයි.2015 ජුනි මාසය තුල මිශ්‍ර කසල මෙට්‍රික් ටොන් 13650.24 ක් ලැබී ඇත. ඉන් වැඩිම මිශ්‍ර කසල ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 4976.05 ක් දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයෙන් ලැබී ඇත. වෙන් කරන ලද කාබනික  අපද්‍රව්‍ය පසු ගිය ජුනි මාසය තුළ මෙට්‍රික් ටොන් 1004.79 ක් ලැබී ඇති අතර‍ ඉන් වැඩිම ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 999.81 ක් මොරටුව මහ නගර සභා  බල ප්‍රදේශයෙන් ලැබී ඇත.
මෙම කරුණු සලකා බලන විට කසල වෙන් කර ලබා නොදීමත් කසල විවෘතව ප්‍රවාහනයේ දී 
ඇති වන දුර්ගන්ධයත් කරදියාන පසු විපරම් කමිටුව මාස කිහිපයක සිට රැස් නොවීමත් මෙම 
තත්ත්වයට හේතු වී ඇත. එහෙයින් උසාවි නියෝගයක් අනුව ස්ථාපිත කරන ලද පසු විපරම් 
කමිටුව නැවත සක්‍රීය කරන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා 
කැස්බෑව සහකාර ප්‍රාදේශීය ලේකම්  කේ.ජී.සුමුදු දිනේෂා මහත්මිය වෙත උපදෙස් දෙන ලදී.

උපුටා ගැනීම - news.lk වෙබ් අඩවිය 2015.09.01