Showing posts with label කාලීන පුවත්. Show all posts
Showing posts with label කාලීන පුවත්. Show all posts

Monday, June 3, 2019

වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා වෙරළ තීරයට කළුතෙල් ගොඩ ගසයි

වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා වෙරළ තීරයේ තෙල් තට්ටුවක් පවතින බැවින් එම මුහුදු තීරය පාවිච්චි කිරීමේදී සැළකිලිමත් වන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ප්‍රදේශයේ මුහුදු ජලය  කළු පැහැති තෙල් තට්ටුවක් නිසා අපවිත්‍ර වී ඇති අතර එම මුහුදු තීරයේ මෙන්ම මුහුදු ජලයේද කළු පැහැති තෙල් තට්ටුවක් දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් එම වෙරළ තීරයේ ව්‍යායාම්වල නිරතවීමට අද උදෑසන පැමිණි පිරිස්ද දැඩි දුෂ්කරතාවකට මුහුණ දී තිබුනා.

කෙසේ වෙතත් හදිසියේම මුහුදු ජලයට මෙලෙස තෙල් එක්වීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා කිහිපයක් මේ වනවිටත් අදාළ මුහුදු ප්‍රදේශවල පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ. එසේම  කිසියම් නෞකාවක් මගින් අනවසරයෙන් ඉන්ධන මුදාහැර ඇති බවට සැක පළ කරන බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

උපුටා ගැනීම - http://nethgossip.lk

Monday, March 5, 2018

වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වාර්තාගත මට්ටමකට

පෘථිවි වායු ගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 2016 වසරේ දී වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වී ඇති බව විද්‍යාඥයෝ පවසති.
ලෝක කාලගුණ විද්‍යා ආයතනය කියා සිටියේ මිනිස් ක්‍රියාකාරකම් සහ 'එල්නීනෝ' කාලගුණ සංසිද්ධිය ඒ සඳහා බලපා ඇති බවය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් වායු ගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර වසර ලක්ෂ අටකින් දැක නොමැති මට්ටමකට එය ළඟා වී ඇති බව ලෝක කාලගුණ විද්‍යා ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.
පසුගිය දශකය තුළ වායු ගෝලයේ පැවති කාබන් ඩයොක්සයිඩ් සාමාන්‍ය හා සැසඳීමේ දී 2016 වසර තුළ එම අගය 50% ඉහළ ගොස් තිබේ.
'එල්නීනෝ' තත්ත්වය හමුවේ නියඟයට මුහුණ දී ඇති කලාප තුළ ශාක වර්ධනය සීමා වේ
'එල්නීනෝ' සංසිද්ධිය හේතුවෙන් ඇති වන නියං හමුවේ ශාකවලට කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීමට ඇති හැකියාව සීමා වන බැවින් මෙවැනි තත්වයක් බලාපොරොත්තු වූ බව පර්යේෂකයෝ පවසති.
නමුත් වායු ගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ඉහළ යාමේ ප්‍රමාණය පුදුමයට පත්කරවන සුළු බව පර්යේෂකයෝ වැඩිදුරටත් කියා සිටිති.

උපුටා ගැනීම - www.bbc.com/sinhala - 2017 ඔක්තෝබර් 30

Thursday, July 20, 2017

ලොව ප්‍රථම හරිත පුණ්‍ය භූමිය ලෙස දළදා මාළිගය නම් කරයි.

ලොව ප්‍රථම 'හරිත පුණ්‍ය භූමිය' ලෙස මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය නම් කිරීම 2017.07.13 දින සිදු කෙරිණි.


ඒ අනුව 2017 ජුලි 14 දින සිට ශ්‍රී දළදා මාළිගය වෙත පොලිතින් සහ ප්ලාස්ටික් රැගෙන ඒම තහනම් බව එහි පාලනාධිකාරිය පවසයි.



දළදා මාළිගය වෙත රැගෙන එන ප්ලාස්ටික් මල් වට්ටි වෙනුවට එම පරිශ්‍රයට ඇතුළු වීමේදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි මල් වට්ටි ලබා දීමට ද නියමිතය.



පූජා පරිශ්‍රයේ ප්‍රයෝජනය සඳහා දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදා නිෂ්පාදනය කෙරුණු කසල බහාලන යොදා ගැනීමද වැඩසටහනේ එක් විශේෂත්වයකි.