Showing posts with label පරිසර පාඪමාලා. Show all posts
Showing posts with label පරිසර පාඪමාලා. Show all posts

Friday, March 2, 2018

ලෝක උරුම නකල්ස් පරිසර පද්ධතියේ පරිසර අධ්‍යයන අවස්ථා මහජනතාවට.

ලෝක උරුම නකල්ස් ආශ‍්‍රිතව පාරිසරික හා ජෛව විවිධත්ව අධ්‍යයන වැඩසටහන් සදහා මහජනතාවට අවස්ථාව ලබාදීමට දුම්බර මිතුරෝ පරිසර සංවිදානය තීරණය කරයි.පරිසර කදවුරු,පරිසර සංචාර,කදු නැගීම්,පාරිසරික ගවේශන, දියඇලි අධ්‍යන චාරිකා යනාදී අධ්‍යන චාරිකා රැසක් මේ වන විට සංවිධාන කර ඇතැයි දුම්බර මිතුරෝ පරිසර සංවිධානය සදහන් කරයි.
දුබිබර වන පෙතේ සංරක්ෂණය,ජෛව විවිධත්වය ඇගයීමට ඉඩ ලබාදීම,අවිදිමත් පරිසර සංචාර අවම කර සංචාරයන් සදහා පැමිණෙන පුද්ගලයින්ට අවශ්‍ය පාරිසරික දැනුම ලබාදීම සිය සංවිධනයේ අරමුණ බව එහි සභාපති නෙවින් මීවතුර මහතා සදහන් කළේය.
ඉහත වැඩසටහනට අමතරව රාත‍්‍රි කදවුරු මෙන්ම පාරිසරික ඡයාරූප පාඨමාලාවක් ද සැලසුම් කර ඇති බව සභාපතිවරයා සදහන් කළේය.
මේ සදහා සහබාගී විය හැක්කේ පරිසර හිතකාමි පිරිස් වලට පමණක් බවත් විශේෂයෙන් තරු ණහා විශ‍්‍රාමලත් පුරවැසියන් කෙරෙහි වැඩි අවස්ථාවක් ලබාදෙන බව ද නෙවිල් මී වතුර මහතා සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන් දුම්බර පරිසර කේන්ද්‍රය, දුම්බර මිතුරෝ පරිසර සහ සංස්කෘතික සංගමය, අංක 62, වලව්වත්ත, නිට්ටඹුව ලිපිනයට හෝ දුරකතන අංක 075-5347297, 071 -0526266 හෝ dumbaralk@yahoo.com ඊමේල් ලිපිනයෙන් වැඩිදුර විස්තර ලබාගත හැකි බව සගමය සදහන් කරයි.
– ඉන්දික අරුණ කුමාර
උපුටා ගැනීම

අන්තර්ගතය - March 1, 2018 at 2:08 am | lanka C news
පින්තූරය - www.sarasaviya.lk

Tuesday, August 5, 2014

පාරිසරික අධ්‍යාපනය සඳහා ස්ථාපනය කරන ලද ජාත්‍යන්තර මධ්‍යස්ථානය හරහා ඔබටත් සහතිකපත්‍ර පාඨමාලා.

පාරිසර අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානය
මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශය මඟින් පාරිසර අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත. මෙමඟින් පරිසර විෂය ක්ෂේත්‍රයට සම්බන්ධ සමාජයේ විවිධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් පරිසර සංරක්ෂණය හා ආරක්ෂාව පිළිබඳව සහතිකපත්‍ර පාඨමාලාවන් දියත් කිරිමට කටයුතු කරනු ලබයි. 
පාඨමාලා
මෙසේ පැවැත්වීමට නියමිත දෙවන පාඪමාලාව වන පරිසර දූෂණ පාලනය, තෙවන පාඨමාලාව වන ස්වභාවික සම්පත් කළමනාකරණ හා තිරසාර භාවිතය යන පාඨමාලා සදහා අයදුම්පත්‍ර කැදවීම මේ දින වල සිදු කරයි. 
සුදුසුකම්
මේ සදහා උපාධිධාරීන්ට මෙන්ම වසර 3 ක ක්ෂේත්‍රයේ පලපුරුද්දක් සහිත ඔබට මෙම පාඨමාලාව හැදැරීමට හැකියාවක් ඇත.
පළමු වැඩසටහන

මෙහි පළමු වැඩසටහන "පරිසර කළමනාකරණ හා පරිසර දූෂණ පාලනය"යන තේමාව යටතේ මැයි මස 12 වන දින ආරම්භ කළ අතර සෙනසුරාදා දින 10 ක් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.
සම්පත්දායකයින්
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්,රජයේ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සම්පත් දායකයන් වශයෙන් කටයුතු කරනු ඇත.