Showing posts with label ජාත්‍යන්තර පරිසර දූෂණ පුවත්. Show all posts
Showing posts with label ජාත්‍යන්තර පරිසර දූෂණ පුවත්. Show all posts

Friday, May 17, 2019

ඉන්දියන් සාගරයේ සපත්තු සහ ප්ලාටික් කොටස් ලක්ෂ ගණනක්

ඉන්දීය සාගරෙය් ඔස්ට්‍රේලියාව සහ  ලංකාව අතර කොකෝස් නම් දූපතේ වෙරලාසන්න ප්‍රදේශයේ බැහැර කරන ලද සපත්තු මිලියනයක් සහ ප්ලාස් කැබලි තුන්ලෂකට වැඩි ප්‍රමාණයක් ඇති බව නවතම අධයනයන් අනාවරණ  තෙබනවා.

ඕස්ට්‍රේලියාන් අධ්‍යයනයකින් මේ බව අනාවරණ කර ඇත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්ලාස්ටික් ජල බෝතල්, සපත්තු, සෙරෙප්පු, තොප්පි, දත් බුසු වැනි දෑ මෙම දූපතේ බහුලව දක්නට ලැෙබන බව
අදාළ අධ්ය‍යනය සිදුකළ සමුද්‍රිය පරිසරවේදීන් ප්‍රකාශ කර ඇත.




Thursday, August 17, 2017

තෙල් ගැලුම් 34,000 ක් මුහුදට - කුවේට්

කුවේට් මුහුද ආශ්‍රිතව සිදු වී ඇති තෙල් කාන්දුව හේතුවෙන් අඩුම තරමින් තෙල් ගැලුම් 34,000ක් මුහුදට එකතු වී ඇති බව එක්සත් ජනපදයේ වර්ජිනයා ප්‍රාන්තය පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන ස්කයි-ටෘත් මඟින් ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප වලට අනුව පැහැදිලි වන බව එම රාජ්‍ය නොවන සංවිධානය ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.
තෙල් කාන්දුව වර්ග කිලෝමීටර් 131ක්(වර්ග සැතපුම් 50.5) පුරා පැතිරී ඇති බව වාර්තා වේ.
තෙල් නැවකින් සිදු වු තෙල් කාන්දුවක් විය හැකි බවකුවේට් බලධාරීන් මුලින් සැක පළ කළ අතර පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව තෙල් කාන්දුව සිදුවන ස්ථානය නිශ්චිතවම හඳුනා ගැනීමට කුවේට් බලධාරීන්ට සිකුරාදා (අගොස්තු 11) දින හැකිවිය.
තවත් මෙවැනිම ආකාරයේ තෙල් කාන්දුවක් අඟහරුවාද (අගොස්තු 15)දින සොයා ගැනීමට පරීක්ෂණ පවත්වන කණ්ඩායම් වලට හැකි වු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
උපුටා ගැනීම - http://middleeast.lankadeepa.lk  

Tuesday, April 26, 2016

මුහුද අපවිත්‍ර කරන රටවල් 20න් 5 වැනි තැන ලංකාවට

"ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් සඟරාව"  (INTERNATIONAL BUSINESS TIMES)ලොව පුරා රටවල් 192ක් පිළිබඳ අවධානය යොමු කර සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ගන අපද්‍රව්‍ය මුදාහරින රටවල් 20ක් නම් කොට ඇත.

එම රටවල් 20 අතරින් 5 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇත

මෙම මූලික රටවල් පහ අතර පළමුව චීනය, දෙවනුව ඉන්දුනීසියාව, තුන්වැනුව පිලිපීනය සහ හතරවැනි ස්ථානයට වියට්නාමය පත්ව ඇත.

ශ්‍රී ලංකාව වසරකට මුහුදට මුදාහරින ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය  ප්‍රමාණය මෙට්රික් ටොන් 1.59ක් බව එමගින් අනාවරණය කර ඇත.
"ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් සඟරාවට අනුව ලංකාවේ සෑම පුද්ගලයකුම දිනකට කුණු කිලෝ 5.1ක් පරිසරයට මුදා හරින  අතර එයින් ග්‍රෑම් 300ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය වේ. ලංකාවේ නිෂ්පාදිත කුණු ප්‍රමාණය ජනගහනයෙන් බෙදීමෙන් මෙම අගයන් ලබාගෙන ඇත.

2010 වන විට ලෝකය පුරා මුහුදට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 26.5ක් එකතු කර ඇති අතර 2025 වන විට එය වර්ෂයට ටොන් 56.9 දක්වා ඉහල යනු ඇතැයි ගණන් බලා ඇත.2025 වන විට ලංකාව 10 වන ස්ථානයට පත්වූවද වාර්ෂිකව මුදාහරින ප්‍රමාණය 1.92 දක්වා ඉහල යනු ඇත.

වැඩි විස්තර සදහා අදාල ලිපියට මෙතනින් යන්න http://www.ibtimes.com/china-india-us-among-worlds-worst-marine-polluters-country-country-breakdown-plastics-1813476

Thursday, September 10, 2015

දූෂිත දුමාරය ඉන්දියාවට අනතුරු අඟවයි

a dilhi
ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ වාසය කරන මිලියන 2.2ක් පමණ වූ කුඩා ළමුන් ට දූෂිත විෂ දුමාරය ආඝ්‍රහණය වීම නිසා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකි පෙනහලු ආබාධ ඇති වී ඇතැයි ටයිම්ස් සඟරාව වාර්තා කරයි.
වසර 2010 සිට කල්කටාව නගරය පදනම් කරගෙන චිත්‍රාරන්ජන් ජාතික පිළිකා ආයතනය විසින් සිදු කළ පර්යේෂණ වාර්තාවක් මගින් මෙම තත්ත්වය වාර්ත කර ඇත.


මෙම වාර්තාවෙන් තවත් කරුණක් සැළකිල්ලට භාජනය වී තිබේ.එනම්, ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල කාබන් අංශු වාතයට මුදා හැරීම ඉහළ යාම නිසා ඉදිරි දශක කීපයතුල දී ඉන්දීය පරිසර දූෂණය ඉහළ යන බවයි.



තවද, ලෝකයේ විෂදුමරය පවතින නගරය බීජිං නගරය වුවත්,මෙම දත්ත වාර්තාව අනුව බීජිං වායුවේ ඇති කාබන් අංශු ප්‍රචාරණයට වඩා දෙගුණයක් දිල්ලියේ වයුවේ අන්තර්ගතව පවතී.එබැවින් දිල්ලියේ ජීවත්වන ළමුන්ගෙ පෙනහලු අනෙකුත් අයට වඩා තෙගුණයකින් පමණ ආරක්ෂා කිරීමට අදාළ බලධරීන් පියවරගත යුතු බවයි.

එසේ නොවුණ හොත් අනාගතයේ දී ඔවුන්ට විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණපෑමට සිදුවන බව ද මෙම වාර්තාව පෙන්වා දෙයි.එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ලෝකයේ වඩාත්ම පරිසර දූෂිත නගර 20 අතරින් 13 වන ස්ථනය ඉන්දියාව පත්ව තිබේ.එයට හේතු වී ඇත්තේ වාහන මගින් නිකුත් කරන කාබන් දුමාරය පිළිබඳ අඩු අවධානයක් යොමු කිරීම, කර්මාන්ත ක්ෂේත්‍රය අධික ලෙස වර්ධනය වීම,නගරයේ ජනගහනය අධික ලෙස ඉහළ යාම, අපද්‍රව්‍ය අපරික්ෂාකරී ලෙස දහනය කිරීම ආදී කරුණු නිසා නගරික වායුව දූෂණය වීමට හේතු වී තිබේ.

a dill 2
කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් India's first air-quality Index (පළමු ඉන්දියානු වායු තත්ත්ව දර්ශකය)අප්‍රේල් මාසයේ දී එළිදැක් වීය.එහෙත් ගල් අඟුරු ආශ්‍රිත කර්මාන්ත නිසා ඉන්දියාවේ වාර්තාවන වායූදූෂණය තව තවත් ඉහළ යන බව ටයිම්ස් සඟරාව තවදුරටත් වාර්තා කරයි .


උපුටා ගැනීම - news.lk 2015-06-10
ටයිම්ස් සඟරාව-2015-06-15කලාපයේ උපුටාගෙන සකස් කරන ලද බව සදහන් වේ.

Tuesday, August 18, 2015

අපවිත‍්‍ර වූ ගංගාවකින් විෂ අපද්‍රව්‍ය රොන් බොර නිව් මෙක්සිකෝවට ගලායයි -

නිරිතදිග කොලරාඩෝ ප‍්‍රාන්තයේ ගංගාවකට එක්වූ විෂ අපද්‍රව්‍ය ප‍්‍රාන්ත සීමාව පසුකරමින් නිව් මෙක්සිකෝ ප‍්‍රාන්තය කරා ගලා යමින් ඇතැයි වාර්තා වේ.

පසුගියදා ඇමරිකානු පරිසර ආරක්‍ෂණ ආයතනය ඉඩම් ගොඩකිරීම්, කැණීම් හා ආරක්‍ෂණය පිළිබඳ ආයතනය හා එක්ව ගෝල්ඞ් කිං පතලේ සිදුකළ පරීක්‍ෂණයකදී අපවිත‍්‍ර ජලය නවතා තිබූ අබලන් වේල්ලක් අත්වැරදීමකින් විනාශවීම මගින් ආසනික් හා ඊයම් ආදී විෂ රසායන අඩංගු අපවිත‍්‍ර ජලය ඇනිමාස් ගංගාවට එක්වීම ආරම්භ විය.

1923දී අතහැර දැමූ ගෝල්ඞ් කිං පතලේ සිරව තිබූ අපවිත‍්‍ර ජලය ආරක්‍ෂිතව ඉවත් කළ හැකි මාර්ගයක් සෙවීම මෙම පර්යේෂණයේ අරමුණ වූ බව පැවසේ.

කෙසේවෙතත් මේ වන විට විෂ අපද්‍රව්‍ය ගැලූම් මිලියනයකට අධික ප‍්‍රමාණයක් ජල ධාරාවට එක්ව ඇති අතර කහ පැහැති විෂ රොන් බොර නිව් මෙක්සිකෝහි ඇස්ටෙක් නගරය කරා ළගා වී ඇත.

ගංගාවෙන් ලබාගන්නා ජල සැපයුම් මේ වන විට අත්හිටුවා ඇති අතර ජනතාව එය කරා යාමද නවතා දමා ඇතැයි පැවසේ.

මෙම සිදුවීමෙන් ගංගාව කොතෙක් දුරට අපවිත‍්‍රවී ඇති දැයි සොයා බැලීම සඳහා මේ වන විට පර්යේෂණ අරඹා ඇතැයි පවසා ඇති පරිසර ආරක්‍ෂණ ආයතනය දක්වා ඇත්තේ මෙය බරපතල තත්වයක් වන බවයි.

ආසනික් අධික ලෙස ශරීරගත වීමෙන් අන්ධ බව, පක්‍ෂඝාතය සහ පිළිකා ඇතිවිය හැකි අතර ඊයම් විෂ වීමෙන් මාංශ පේශි හා දෘෂ්ටි ආබාධ ඇතිවිය හැකිය.

උපුටා ගැනීම -   lanka C news - August 18, 2015 at 3:25 am 

 See more at: https://lankacnews.com/sinhala/foreign-news/134854/#sthash.fdrfBEC9.dpuf