Showing posts with label අපේ වෙදකම. Show all posts
Showing posts with label අපේ වෙදකම. Show all posts

Monday, February 1, 2021

කොරෝනා මඩින දේශීය ඔසුවක්, ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මියගෙන්... කමිටුවේ අනැමැතිය ද ලැබී ඇත.

කොරෝනා වෛරසය සුවපත් කරන ඖෂධයක් ගාල්ලේ අලුත්වල පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් හඳුන්වා දී ඇත.

එපිරෙපිස් නමින් හඳුන්වා දී ඇති මෙම ඖෂධය සඳහා යුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

ඇය මීට පෙර ඩෙංගු රෝගය සඳහා ද දේශීය ඖෂධයක් නිපද වූ අතර ඒ සදහා පේටන්ට් බලපත‍්‍රයද හිමිව ඇත.

කොරෝනා සඳහා හඳුන්වාදෙන ලද නව ඖෂධය නුදුරේදීම රට පුරා ඖෂධ වෙළඳසැල් වලට යොමු කරන බව ද ඇය සඳහන් කළාය.

නමුත් දැනට විශාල පිරිසකට එකවර ඖෂධ නිකුත් කිරීමේ අපහසුතාව නිසා ඒ ගැන වැඩි ප්‍රචාරයක් ලබා නොදෙන බවද ඇය කියා සිටී.


මෙම ඖෂධය ඖෂධ අලෙවි සැල්වලට නිකුත් කිරීමට හැකියාව ඇති ලෙස අනුමැතිය දෙමින් සහතික ලැබී ඇතැයිද ඇය සදහන් කලාය.

උපුටා ගත්තේ -  February 1, 2021 at 9:20 am | lanka C news


Friday, June 7, 2019

කැඩුණු අස්ථි පැය දෙකෙන් හදන උළුපට්ටලේ ගෙදර විශ්මිත වෙදකම

පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකරගත් එමෙන්ම ඒ හැකියාවෙන් පිරිපුන් අපූරු තරුණයකු ගාල්ලේ කීඹියේ සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ ලොවට වැඩ සලසමිනි.

තවමත් 36 හැවිරිදි වියේ පසුවන නන්දසිරි වික‍්‍රමනායක ආරච්චි මහතා ඒ අභිමානවත් හෙළ සිංහල වෙද පරපුරේ ඔහු දන්නා පරිදි හයවැනි පරම්පරාවයි.

කැඩුණු පා ඇටයක් හෝ අත් ඇටයක් පැයකින්, පැය දෙකකින් හෝ පැය හැටකින් හෝ දින ගණනකින් හෝ යළි තිබූ ආකාරයටම පිළිසකර කිරීමේ හැකියාව ඔහුට ද තිබේ.



නන්දසිරි වික‍්‍රමනායක ආරච්ච වෙද මහතා


දක්ෂිණ ලංකාවේ උළු පට්ටලේ ගෙදර යනුවෙන් චිර ප‍්‍රසිද්ධියක් උසුළන මේ වෙද ගෙදර අතීතය දිව යන්නේ තොටගමුව මහ පිරිවෙන ශී‍්‍ර විභූතියෙන් විරාජමානව තිබූ යුගයටය. එකළ එම පිරිවෙන ආශි‍්‍රතව කි‍්‍රයාත්මක වූ භාෂා හා ශිල්ප ශාස්ත‍්‍ර බෙදාදීමේ මධ්‍යස්ථානයෙන් කැඩුම් බිඳුම් වෙදකම ඉගෙන ගත් වික‍්‍රමනායක ආරච්චි නම් වෙද මහතෙක් කීඹියේ තරුණියක් හා විවාහ වී එම ගමේ පදිංචියට පැමිණෙන්නේ උ`එ පට්ටලේ ගෙදර වෙද පරපුර ආරම්භ කරමිනි.

ගාල්ලේ සිට මාපලගම මාර්ගයේ පැමිණ හිරිගල්කැටිය හන්දියෙන් හැරී කිලෝ මීටර තුනක් පමණ ගමන්ගත් විට මැද කීඹීයේ උළුපට්ටලේ ගෙදර හමුවෙයි.

උළු පට්ටලේ ගෙදර අන්ද්‍රයස් වික‍්‍රමනායක ආරච්චි වෙද මහතාටත් ඔහුගේ බිරිඳ වූ නබඳව විතානගේ කුසුමලතා මහත්මියටත් දියණියන් දෙදෙනකි. ඉන් අනතුරුව තුන්වැනි දරුවා ලෙස 1976 අගෝස්තු 25 වැනි දින පුත් කුමරකු උපත ලබන්නේ වෙදකම ඉදිරියට රැුගෙන යාමේ අන්ද්‍රයස් වෙද මහතාගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. මේ කුමරු නන්දසිරි නම් වූවේය.



බද්දේගම කි‍්‍රස්තුදේව පිරිමි විද්‍යාලයේ අධ්‍යාපනයට ගිය නන්දසිරි නිවසේ සිටින සෑම මොහොතකම සිය පියාගේ වෙද කමට හෙද කමෙන් සහය වූයේ එය මනාව අධ්‍යයනය කරමිනි. පාඩම් පොත්වලට අමතරව පැරණි වෙද පොත් කියවීමටත් ඔහු කාලය ගත කළේ ඒ පිළිබඳව තිබූ නොනිමි ආශාව හේතුවෙනි.

ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ නන්දසිරි පාසල් අධ්‍යාපනය හදාරා අවසන් වනවිටම වෙදකමට බැස්සේ පියා ජීවත්ව සිටියදීම ඔහුට යෝද ශක්තියක් වෙමිනි. ඔහුගේ වැඩිමහල් සොහොයුරිය කුසුමා වික‍්‍රමනායක ආරච්චි තරුණිය ද සොහොයුරා සමග වෙදකම ආරම්භ කළාය.



ඔවුන්ගේ වෙදකම වූයේ සිංහල කැඩුම් බිඳුම් වෙදකමයි. ඊට අමතරව පීනස සුව කිරීම, නහරගත ආබාධ සුව කිරීම හා කාන්තා රෝග සුවපත් කිරීමත් පරපුරෙන් පැවත ආවේය. එහෙත් ඒ සියල්ල අභිබවමින් මතුවී තිබෙන්නේ විශේෂඥ විෂයක් වූ කැඩුම් බිඳුම් වෙදකමයි.


සිය පිය පරපුරෙන් ලැබුණු පැරණි පුස්කොළ පොත් ඇතුළු වෙද පොත් රැුසක් ද පැරණි වෙද වට්ටෝරු ද ඔහු අධ්‍යයනය කළේය. එමෙන්ම වර්තමානයේ බටහිර වෛද්‍ය ක‍්‍රමය අනුව ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන් එම ප‍්‍රතිකාරවලින් සුවපත් නොවී ඔහු සොයා පැමිණෙන විට ඒවා යළි සැකසීමේ ක‍්‍රමවේදයන් ද අධ්‍යයනය කිරීමට ඔහුටත් සොහොයුරියටත් සිදුව තිබේ.


වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ වර්තමානයේ වෙදකමට ඇති ප‍්‍රධානතම බාධකය අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති වීම බවයි.
උළු පට්ටලේ ගෙදර වෙද පරපුර කැඩුණු අස්ථියක් පැයකින් බද්ධ කිරීමට සමත්කම් දැකුවූහ. එක් පෑ සන්ධි, දෙපෑ සන්ධි, තුන්පෑ සන්ධි, හත්පෑ සන්ධි, හැට පෑ සන්ධි යනුවෙන් අස්ථි සවිකිරීමට ගතවන කාලය අනුව බෙහෙත් වර්ග තිබෙන බව වික‍්‍රමනායක ආරච්චි මහතා පවසයි.



ඔහු පවසන්නේ පැයකින් අස්ථි සවිකිරීමට නම් ඇතකුට පන තිබියදී හෝ මියගිය වහාම දළයෙන් ගන්නා කුඩු භාවිතා කිරීමට සිදුවන බවයි. එමෙන්ම උරුලෑවාගේ උකුල් ඇටයෙන් ගන්නා කුඩු ද මෙැවිනි අස්ථි බිඳුම් සඳහා භාවිතා කළ බව මේ තරුණ වෙද මහතා අප සමග කීවේය. ඔහු පවසන්නේ මිහිමත ජීවත්වන සතුන් අතරින් අස්ථිවල වැඩිම කැල්සියම් ප‍්‍රතිශතයක් ඇත්තේ උරුලෑවාගේ අස්ථිවල බව සිංහල වෙදකමේ පිළිගැනීමක් තිබෙන බවයි.


‘‘ එදා සිංහල වෙදකමට අනුව අවශ්‍ය වූ ඇත් දළ කුඩු, උරුලෑවාගේ අස්ථි කුඩු සහ ගව අඃ, හරක් අඃ ආදිය අද සොයා ගන්න දැන් හැකියාවක් නැහැ. ඒ නිසා පැයෙන් දෙකෙන් අස්ථි පිළිසකර කිරීමේ වෙදකම කිරීමනම් අපහසු දෙයක්. අපි දැන් කරන්නේ ගස්වල පොතු, කොළ ආදී පස් පංගුව යොදාගෙන අස්ථි වෙදකම කිරීමයි. ඒ සඳහා යම් කාලයක් ගතවනවා.’’


බටහිර වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුවද අස්ථි සම්බන්ධයෙන් නම් ශී‍්‍ර ලංකාවේ බහුතර ජනතාවක් තවමත් විශ්වාස තබන්නේ පැරණි සිංහල අස්ථි වෙදකමට බව නොරහසකි. ඇටයක් කැඩුණු විට, උළුක්කුවක් හෝ පෙරළීමක් සිදුවූ විට සිංහල වෙද මහත්තයකු සොයා යා යුතු යැයි සිතිවිල්ලක් බොහෝ අය තුළ තිබේ. එහෙත්  ඕනෑම අයකු අනතුරකදී කෙලින්ම යන්නේ රජයේ රෝහලටය. එහි ගිය විට යළි සිංහල වෙද ගෙදරට යාමට සිදුවන්නේ රෝගියාගේ කැමැත්තෙන් හෙවත් බලෙන් ටිකට් කපාගෙනය.


‘‘ බටහිර වෙදකම අනුව අස්ථි යළි සකස්කැර ගන්න ගිහින් ප්ලාස්ටර් දාගෙන, ඇණ සවිකරලා, එහෙමත් නැත්නම් අධාරක තහඩු ශරීරය ඇතුළට සවිකරගෙන පවා අවසානයේ අපේ ළ`ගට එනවා. ඇතැම් ඇයගේ අත පය ඇද වෙලා නැත්නම් කොට වෙලා සදාකාලික ආබාධිතයන් බවට පත්වෙලා තමයි එන්නේ. එවැනි රෝගීන් සුවකරන්න බැරි මට්ටමටම ආවට පස්සේ අපි ළගට එනවා. ඒත් අස්ථියක් කැඩුණු අළුතම අපි ළගට එනවානම්  ඕනෑම ආකාරයක කෙනෙක් සුවපත් කිරීමේ හැකියාව අපට තිබෙනවා. ’’

පත්තුවක්


වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ තම පියාගේ කාලයේ අකුරටියේ අමරවංශ හිමියන්ට අසීරු ප‍්‍රතිකාරයක් කැර ඇති බවයි. ඒ හිමියන් සහ ගනේගම සරණංකර හිමියන් වරක් රිය අනතුරකට ලක්ව තිබේ. එයින් බරපතළ තුවාල ලැබූ අකුරටියේ අමරවංශ හිමියන් මාර්ගයේ පසෙක හාන්සිකොට තබා ඇත්තේ ඒ හිමියන් අපවත්වී ඇතැයි සිතමිනි. ඒ අවස්ථාවේ හිමියන්ගේ පාදයක් යන්තමින් සෙළවෙන ආකාරය යමකු දැකීම හේතුවෙන් උන්වහන්සේ වහාම රෝහල්ගත කැරුණි.


වෛද්‍යවරුන් පැවසුවේ ස්ථාන කිහිපයකින් කැඞී ගිය හිමියන්ගේ පාදය කිසිදා සුව කළ නොහැකි වනු ඇති බවයි. අවිදීමට පමණක් නොව ඇඳෙන් බැසීමට පවා නොහැකිව සිටි අමරවංශ හිමියන්ට පිහිටට ආවේ වික‍්‍රමාරච්චි මහතාගේ පියා සහ ඔහුගේ සොහොයුරෙකි. මේ දෙදෙනා ගොස් විද්‍යාලෝක පිරිවෙනේ දී අමරවංශ හිමියන්ට ප‍්‍රතිකාර කළහ. කිසිදා පය බිමතබා ඇවිදීමට නොහැකි වනු ඇතැයි වෛද්‍යවරු කියා සිටි අමරවංශ හිමියෝ දින 13 න් පාද බිම තැබූහ. මාසයක් ගතවීමට පෙර ඇවිද ගියහ.


තවත් බරපතළ රෝගියකු වූයේ බද්දේගම මාකුරුගොඩ ප‍්‍රදේශයේ නාවික හමුදා සෙබළෙකි. දබරයකදී ඔහු යකඩ පොලූ වලින් පහරකා ආබාධිත වී සිටියේය. රෝහලට ගෙන යන විට ඔහුගේ එක්පාදයක දිවිත්ව අස්ථියක් කැඞී ගොස් තිබේ. එහි ඇතුළත කුහරයක් ද හටගෙන තිබිණි.


‘‘ අපෙ තාත්තා ඒ කුහරයට බෙහෙත් තෙල් කාලක් විතර පුරවනවා. මාස එකහමාරක් ප‍්‍රතිකාර කරනකොට ඒ ඇට පෑහිලා කුහරය නොපෙනී ගියා රෝගියා ටික දිනකින්ම සුව වුණා. ඒ කාලේනම් වැඩිපුරම එන්නේ ගස්වලින් වැටිලා එන කට්ටිය දැන් එන්නේ රිය අනතුරු වලට ලක්වීමෙන් අත් පා අහිමි වූ පිරිස. නමුත් අද ඒ තත්ත්වය වෙනස්වෙලා දැන් වැඩිපුරම එන්නේ රිය අනතුරුවලට ලක්වූ අය. ඇතැම් අය එනවිට කකුලේ විශාල තුවලා පවා තියෙනවා. මේ තුවාල සුවපත් කිරීමේ හැකියාව අපේ වෙද පරපුරෙන් උරුම වුණත්. දැන් ඒවාට අවශ්‍ය බෙහෙත් වර්ග සොයා ගැනීම ඉතාමත්ම අපහහසුයි. ඒ නිසා දැන් එවැනි තුවාල ඉක්මණින් සුවපත් කරන ආලේපන වර්ග සකස් කරන්නේ නැහැ. ’’


වෙද මහතා පවසන්නේ සිංහල වෙදකමට අනුව ඉතාමත් අත්‍යාවශ්‍ය ඖෂධයක් වන කලාඳුරු පවා නොමැති බවයි. කෘෂි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් එවැනි ශාක සොයාගත නොහැකි වීම සිංහල වෙදකමට බරපතළ හානියක් බව ද හෙතෙම කියයි. මුවකීරිය, ලූණු වරණ වැනි අස්ථි පෑහීමට ගන්නා ශාක වර්ග මෙන්ම රත්නෙටොල් ද සොයා ගැනීම ඉතාමත්ම අසීරු වී තිබේ. අස්ථි බිඳුම් සඳහා ඖෂධ සෑදීමට යොදා ගන්නා ගොනිකා කොල මේ වනවිට සොයා ගැනීමට නොහැකි තරමටම වඳවී ගොසිනි. වෙද මහතා පවසන්නේ ගොනිකා කොළ වෙනුවට වෙනත් ආදේශක යොදා ගන්නා බවයි.


තෙල්, ගුලි, කල්ක , චූර්ණ ආදී සියල්ල සකසන උළුපට්ටලේ ගෙදර අතීතයේ සිට භාවිතා කළ සමපාක හෙවත් හිසෙන් ඉහළ ගල්වන තෙල්, කරපාක හෙවත් හිසෙන් පහළ ගල්වන තෙල් හා ශරීර අභයන්තරයට ගල්වන තෙල් වර්ග තුනකි. වර්තමානයේ ඒවා සකසා ගන්නේ ද වෙද මහතාගේ පූර්ණ අධීක්ෂණයෙනි.

‘‘ අස්ථියක් බිඳෙනවිට අස්ථිය සමග එන ස්නායු බිඳීම්, අස්ථිය සමග ඇති පටක තුවාල වීම් තිබෙනවා. මේ තුවාල වේලෙන්න කසාය දෙනවා. කසාය කියන්නේ ශරීරය ඇතුළේ තුවාල වේලීම ඉක්මන් කරන්න දෙන බෙහෙතක්. මේ සිය`එ දේ යොදාගෙන තමයි අපි වෙදකම කරගෙන යන්නේ. ’’



අස්ථි කෑලි වලට කැඞී වෙන්වී ගිය ද ඒවා එකතුකොට රෝගියා යළි ඇවිද්දවීමට පවා සමත්වන මේ සිංහල වෙද මහතා පවසන්නේ ලෙඩාගේ තත්ත්වය, ඔහුගේ නිරෝගී ස්වභවාය හා ඖෂධ භාවිතා කරන පිළිවෙල හා රෝගියාට ලැබෙන සාත්තුව අනුව සුවවීමට ගතවන කාලය තීරණය වන බවයි.
වෙද මහතා හමුවීමට ගොස් සිටි කාලයේදී අපට පෙනී ගියේ වසර ගණනාවක් පැරණි කැඩුම් බිඳුම් සහිත රෝගීන් පවා එහි ගෙන එන බවයි. එමෙන්ම උකුළු ඇටය කැඞී ගිය රෝගීන් පවා පැමිණ සුවපත් වී සිටින අයුරු ද දක්නට ලැබිණි. පාදය කපා ඉවත් කිරීමට තීරණය කැර තිබූ රෝගීන් පවා මේ වෙදගෙදරින් ප‍්‍රතිකාර ලබා ඇවිද යති.



වෙද මහතා පවතින්නේ බොහෝ දෙනා රෝහලට ගොස් ප‍්‍රතිකාර ලබාගෙන ගැට`එ ඇතිකරගෙන එන බවයි. කකුල පසාරු කරගෙන යන උණ්ඩයක් වැනි දෙයක් පවා බෙහෙත් බැඳ ඉවත් කිරීමේ හැකියාව සිංහල වෙදකමේ තිබෙන බව ද ඔහු පවසයි.


කකුලක හෝ අතක බිඳුණු අස්ථියක් යළි සකස් කිරීම සඳහා ශරීරයට ලෝහමය ආධාරක ඇතුළු කිරීම බටහිර වෙදකමට අනුව සිදුකරන්නකි. එසේ සිදුකළ අවස්ථාවේදී අස්ථිවලට බෙහෙත් යෙදුව ද එය සාර්ථක නොවන බව ද වෙද මහතා පවසයි. එවැනි තහඩු යොදා නොමැතිනම් වැරදි ලෙස ඇති අස්ථිය යළි බුරුල් කිරීම සඳහා හමට පිටින් බෙහෙත් බැඳ යළිත් අස්ථිය නිසි පරිදි සකස්කොට බෙහෙත් බැඳ සුවකරයි.


උ`එපට්ටලේ ගෙදර වික‍්‍රමනායක ආරච්චි වෙද පරපුර සිංහල කැඩුම් බිඳුම් වෙදකම කරගෙන යන්නේ ව්‍යාපාරයක් ලෙසින් නොවේ. ජනතාව වෙනුවෙන් කරන සේවාවක් වෙනුවෙනි. ඔවුන් පවසන්නේ ඖෂධ සෑදීම වෙනුවෙන් වැයවන සුළු මුදලක් පමණක් තමන් අයකරන බවයි.


පැරණි පුස්කොල පොත් කිහිපයක්


උදේ සිට සවස් වනතුරුම රෝගීන් විශාල පිරිසක් නිරන්තරවම පැමිණෙන මේ වෙද ගෙදර නිතරම පිරී ගොසිනි. තරුණ පරපුර සිංහල වෙදකමෙන් ඈත්වන යුගයක එය තම උරුමය පමණක් නොව යුතුකම ද ලෙස සළකා එහිම යෙදී සිටින නන්දසිරි වික‍්‍රමාරච්චි වෙද මහතා සිය ජීවනෝපාය සොයා ගන්නේ ඉඩම් වගා කිරීමෙනි. ඒ වෙනුවෙන් ඔහු කාලය කලමණාකරණය කරගන්නේ අසීරුවෙනි. ඔහු පවසන්නේ තම පරපුරෙන් උරුම වූ සිංහල වෙදකම තවත් සියවස් ගණනක්කල් නොනැසී පවත්වාගැනීම තම යුතුකම හා වගකීම වන බවයි.


විශේෂ ස්තූතිය අක්මීමණ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතාට


වෙද ගෙදර


වෙද මහතා රෝගියකුට ප‍්‍රතිකාර කරන ආකාරය
 උපුටා ගත්තේ - ලංකාදීප http://www.lankadeepa.lk

Tuesday, June 4, 2019

හාර දහසක් දරු සම්පත් දුන් අනුරාධපුර එප්පාවල මැඩියාවේ වෙද මහත්තයා



දරුවන් නොමැතිවීම නිසා බොහෝ දෙනකු මහත් මානසික පීඩාවට පත්ව සිටින බව නොරහසකි. ඇතැම්හු දහස් ගණන් මුදල් වැය කරමින් දේවාල ගානේ ගොස් පුද පූජා පවත්වති. වෛද්‍ය විද්‍යාවේ පිහිට ලබා ගැනීමට දහස් ගණන් මුදල් වැය කළද ඉන් සාර්ථකත්වයක් නොලැබූ පිරිස අති විශාලය. දරුවන් නොමැතිව සිය බලා‍පොරොත්තු අතහැරගෙන සිටි දහස් ගණනකට තමාට පාරම්පරිකව උරුම වූ දේශීය වෛද්‍ය ක්‍රම ඔස්සේ ප්‍රතිකාර කර දරුවන් ලබා දුන් මැඩියාවේ වෙද මහත්තයා බොහෝ දෙනකු අද සිහිපත් කරන්නේ දැඩි ගෞරවයකිනි.


අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් එප්පාවල, සුන්දර මැඩියාව ගම්මානයේ, ගම්පති නිවසේපදිංචිව සිටින දිසානායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා මහතා රටේ විශාල පිරිසක් හඳුන්වනු ලබන්නේ මැඩියාවේ වෙද මහත්තයා ලෙසිනි. ඒ ඔහු පදිංචිව සිටින ගමේ නමිනි. රටේ බොහෝ දෙනකු ඔහු දන්නේද ඒ නමිනි. මැඩියාවේ වෙද මහත්තයා අද වන විට අනූ එක් වන (91) වියෙහි පසුවන්නේය. ඉතා නිරහංකාර අයෙකු වූ මැඩියාවේ වෙද මහත්තයා කොයි කාගේත් මහත් ආදර ගෞරවයට ලක්වූ අයෙකි. දිනපතා විශාල පිරිසක් මැඩියාවේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේය. ඒ අතර, විදෙස් රටවලින් පවා පැමිණෙන අයද සිටිති. මුදලට වඩා වෙදකමට මුල්තැන දුන් ඔහු ප්‍රදේශයේ සමාජ සේවකයෙකුද වේ. මුළු දිවයිනටම සාමවිනිසුරුවරයෙකි.
මම ගම්මුලාදෑනියෙකු ලෙස පත්වීම ලැබුවේ 1952 වසරේදීයි. අවුරුදු 11 ක් ගම්මුලාදෑනි තනතුර සිදු කළා. ඊට පස්සේ ග්‍රාම සේවක ලෙස කටයුතු කළා. ඊට පස්සේ 1984 අවුරුද්දේ විශ්‍රාම ගියා. මට දෙමාපියන්ගෙන් උරුම වුණු මේ වෙදකම පටන් ගත්තේ 1991 වසරේ සිටයි. යැයි මැඩියාවේ වෙද මහතා පවසන්නේය.
මගේ අම්මාගේ, අප්පච්චිගේ පරම්පරාවේ සියලු දෙනාම දේශීය වෙදකමයි සිදුකළේ. ඔවුන් දේශීය වෛද්‍යවරුයි. ඔවුන් සියලු රෝගවලට ප්‍රතිකාර කටයුතු සිදු කළා. මම අයිති වන්නේ ඔවුන්ගේ හයවැනි පරම්පරාවටයි. මම ප්‍රතිකාර කරන්නේ දරුවන් නොමැතිව මහත් මානසික පීඩාවට පත්ව සිටින පිරිසටයි. මේ අය බොහෝමයක් කලිසම් අඳින මහත්වරුයි. සරම් අඳින එක්කෙනෙක් වත් එන්නේ නෑ. මොකද ඔවුන්ට දරුවන් ඉන්නවා.යැයි ටිකිරි බණ්ඩා වෙද මහතා පවසන්නේය.
ටිකිරි බණ්ඩා කුඩා කාලයේ සිටම දුටුවේ සිය දෙමාපියන් ගම්වාසීන්ට වෙදකම් කරන අයුරුය. ඒ නිසා දේශීය බෙහෙත් සෑදීමේ කටයුතුවලදී, රෝගීන්ට ප්‍රතිකාර කරන කටයුතුවලදී ඔහු සිය දෙමාපියන්ට උදව් පදව් කළේය. කැලයට ගොස් බෙහෙත් පැළෑටි සොයාගෙන ආවේය. මේ නිසාම පාසල් අවදියේ සිටම ඔහුට දේශීය වෙදකම පිළිබඳව මනා අවබෝධයක් තිබුණේය. නමුත් ඔහු ගම්මුලාදෑනියෙකු ලෙස පත්වීම ලැබිමෙන් පසු වෙදකමේ නියැළීමට අවස්ථාවක් ලැබුණේ ඉතා අඩුවෙනි. එහෙත් ඔහු සිය පාරම්පරික වෙදකමට මහත් ආදරයක්, ගෞරවයක් දැක්වූවේය.
ටිකිරි බණ්ඩා වෙද මහතාගේ පවු‍ලේ හත් දෙනෙකි. ඔහුගේ ආදරණීය බිරිඳ අසූ පස්වැනි වියෙහි පසුවන්නීය. ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් දියණිය ගුරු වෘත්තියේ නියැළී සිටින්නීය. දෙවන දියණිය හෙදියකි. බාලම පුතා වෛද්‍යවරයෙකි. ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ සේවය කරන්නේය. එක් පුතෙකු සිය පියාගේ වෙද හෙදකම් කටයුතුවලට සහාය දක්වන්නේය.
මගේ තාත්තාත් ආරච්චි මහත්තයෙක්. ගොඩාක් අය මට කිව්වා තාත්තා ඝෘෂිවරයෙක් වගේ මිනිස්සුන්ට වෙදකම් කළානේ. ඇයි ඔබ වෙදකම් දැනගෙනත් ඒවා නොකරන්නේ කියලා. මට ඒක හිතට තදින් කාවැදුණා. මම හිතුවා සමාජයේ මිනිස්සු වැඩි වශයෙන් මුහුණ දෙන රෝග තත්ත්වයකට ප්‍රතිකාර කළ යුතුයි කියලා. මට පරම්පරාවෙන් උරුම වුණු ‍පොත් පත් රැසක් තිබෙනවා. ඒවායේ තියෙන්නේ දේශීය වෙදකම ගැනයි. මම මේ ‍පොත් බලද්දී මුලින්ම අතට අසුවුණේ එක්දහස් හත්සිය ගණන්වලදී ලියපු ‍පොතක්. ඒකේ තිබුණේ දරුවන් නොමැති අයට ප්‍රතිකාර කිරීම සම්බන්ධවයි. මේ වෙදකම කිරීම ගැන අද මම විශාල සතුටක් ලබනවා. අනෙක් අය වෙදකම් කරන්නේ ජීවත් වෙලා ඉන්න අයටනේ. මම වෙදකම් කරන්නේ අලුත් මිනිස් ජීවිතයක් ලබාදීමටයි. යැයි මැඩියාවේ වෙද මහතා කියන්නේය. මැඩියාවේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිස අතර වෛද්‍යවරුද සිටිති. ජාති ආගම් බේදයකින් තොරව විශාල පිරිසක් ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේය. සෑම දිනකම පෙරවරු අටේ සිට පස්වරු පහ දක්වා ඔහු ප්‍රතිකාර කටයුතු කරන්නේය.
ආගමික කටයුතුවලට මුල්තැන දෙන ඔහු සිය දින චර්යාව අරඹන්නේ අලුයම තුනටය. අනූ එක්වන වියෙහි පසු වූවද ඔහු සෑම දිනකම අලුයම තුනට අවදි වී තුන් සූත්‍රය සජ්ඣායනා කර බුදු ගුණ සිහිපත් කරන්නේය. රාත්‍රී දහයට පමණ ඔහු නින්දට යාමට පෙරද පිරිත් සජ්ඣායනා කරන්නේය.
සෑම මාසයකදීම 250 ක් 300 ක් පමණ මැඩියාවේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේය. මැඩියාවේ වෙද මහතාගේ පාරම්පරික දේශීය වෙදකම ඔස්සේ ප්‍රතිකාර ලබාගත් හාරදහසකට අධික පිරිසක් දරුවන් ලබා සතුටින් සිටිති. ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අයගෙන් සියයට අසූවක්ම දරුවන් නොසිටින අයය. එක් දරුවෙකු සිටින අය සියයට දහයක් පමණ පැමිණේ. ඒ තවත් දරුවෙකු බලා‍පොරොත්තුවෙනි.
මැඩියාවේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිස අතර වෛද්‍යවරුද සිටිති. ජාති ආගම් භේදයකින් තොරව විශාල පිරිසක් ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේය. සෑම දිනකම පෙරවරු අටේ සිට පස්වරු පහ දක්වා ඔහු ප්‍රතිකාර කටයුතු කරන්නේය.
1991 අවුරුද්දේ සිට මේ දක්වා කාලය තුළදී හයදහසකට ආසන්න පිරිසකට මම ප්‍රතිකාර කරලා තියෙනවා. මම වෙදකම් කරපු ඇතැමුන්ට දරුවන් දෙදෙනකු ලැබුණු අවස්ථාත් තිබෙනවා. නිවුන් දරුවන් ලැබුණු අවස්ථාත් තිබෙනවා. බලන්න අද බොහෝ පවුල්වල ඉන්නේ දරුවන් එක්කෙනයි නැත්නම් දෙන්නයි. එහෙමත් පවුලක තමයි තුන් දෙනෙක් ඉන්නේ. අපේ ජාතිය දැන් සුළු ජාතියක තත්ත්වයට පත්වේගෙන එනවා. ඒක මට නම් හරි වේදනාවක්. යැයි මැඩියාවේ වෙද මහතා කියන්නේය.
මැඩියාවේ වෙද මහතා පවසන පරිදි කාන්තාවන් සහ පිරිමින් යට ඇඳුම් සහ කලිසම් ඇඳගෙන දිගු කාලයක් ගත කිරීමද දරුපල නොමැති වීමට බලපාන්නේය. මාස් ශුද්ධියට අදාළ කාරණාද බලපාන්නේය. ඇතැම් කාන්තාවන් වැඩි වියට පත්වීමේදී සිදුවන ඇතැම් දෝෂ තත්ත්වයන්ද බලපාන්නේය. එයට ශාන්ති කර්මයක් සිදුකළ යුතු බව වෙද මහතා පවසන්නේය.
ගණකමින් යුතු ඇඳුම් යටට ඇඳීම නිසා උෂ්ණත්වය ඉහළ යනවා. මේ නිසා වෘෂණ කෝෂවල නිෂ්පාදනය වන ශුක්‍රාණු විනාශ වෙනවා. පිරිමින්ගේ වඳ භාවයට මෙය එක හේතුවක් වෙනවා. වඳ භාවයට ප්‍රතිකාර ගැනීමේදී වෛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. ඊට කාලයක් ගත වෙනවා. වඳ තත්වයේ සිටින කාන්තාවන් තරමටම පිරිමින්ද සිටිනවා. යැයි මැඩියාවේ වෙද මහතා කියන්නේය.
දරුවන් නොමැතිවීම කියන කාරණයේදී ඇඟේ ඌෂ්ණය බලපානවා. මම බෙහෙත් කිරීමේදී ඇඟේ ඌෂ්ණය අඩුවීමට බෙහෙත් දෙනවා. අනෙත් කාරණය තමයි ඒ අයට කෑම සහ බිම රටාව පිළිබඳව උපදෙස් දෙනවා. ලෙඩාට හොයා ගන්න ඕනේ දලු වැනි අමු බෙහෙත් වර්ග විතරයි. අනෙක් බෙහෙත් වර්ග මම ලබාදෙනවා. සමහරුන්ට ගර්භාෂයේ ගෙඩිත් තියෙනවානේ. ඒ අයටත් බෙහෙත් දෙනවා. ඉස්පිරිතාලෙන් කරන්නේ ශල්‍ය කර්මයකින් ඒවා ඉවත් කිරීමයි. නමුත්, ඒවා යළි හැදෙන්න පුළුවන්. දේශීය වෙදකමෙන් ඒවා සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. ගර්භාෂයේ ගෙඩි නැවත හැදෙන්නේ නෑ. යැයි මැඩියාවේ වෙද මහතා කියන්නේය.
බෙහෙත් සහ උපදෙස් හරියට කරනවා නම් සමහරුන්ට මාස දෙකෙන් හරියනවා. සමහරුන්ට මාස තුනක් යනවා. දරුවන් ලැබෙන්න ඉද්දී කළු කුමාර දෝෂ තත්ත්වය තිබුනොත් මාස දෙකයි දවස් විස්ස වෙද්දී ඇබෝෂන් වෙනවා. ඒකට ශාන්ති කර්මයක් කරද්දී හරියනවා. රාත්‍රී නින්දට යද්දී බුදු ගුණ සිහිපත් කරනවා නම් රතන සූත්‍රය සජ්ඣායනා කරනවා නම් ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. යැයි මැඩියාවේ වෙද මහතා පවසන්නේය.
වෙන ආගම්වල හඳහන් නෑනේ. නමුත් ඔවුන්ට දරුවන් ඉන්නවානේ. මම මේ කටයුතුවලදී හඳහන් බැලීම ආදිය කරන්නේ නෑ. සමහරු හඳහන් බලලා කියනවා ඔයාලට දරුවෝ නැත්තේ ඒරාෂ්ඨකයක් තියෙන නිසා කියලා. ඒකෙන් වෙන්නේ ඔවුන් තවත් මානසිකව වැටීමයි. යමෙක් ඉපදෙනකොට මේ ලෝකෙට හොඳ නරක කියලා දෙකක් ගේනවා. ඒ අනුව තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. යැයි ඔහු පවසන්නේය.
දේශීය ඖෂධ වර්ග අද හරි මිලයි. ඇතැම් ඒවා විසි තිස් දාහක් විතර වෙනවා. බෙහෙත් හදන්න විශාල මුදලක් වැය වෙනවා. දේශීය බෙහෙත් වර්ග සහන මිලකට ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කෙරෙනවා නම් ඉතා වටිනවා. යැයි මැඩියාවේ වෙද මහත්තයා කියන්නේය.
ටිකිරි බණ්ඩා වෙද මහතා සමාජය වෙනුවෙන් කරන ලද සේවය වෙනුවෙන් ඔහු සම්මාන රැසකින් ඇගයීමට පාත්‍රවී ඇත. උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් 2002 වසරේදී සංවිධානය කරන ලද රජරට දේශීය වෛද්‍ය කෞශල්‍ය පූර්ණ කුසලතා සහතිකපත් ප්‍රදානයේදී ඔහු ඇගයීමට ලක්ව ඇත. සේවා සරණි සම්මානයෙන්ද, ජනාධිපති සම්මානයෙන්ද ඔහු ඇගයීමට ලක්ව ඇත.
දුරකථන අංකය - 025-2249342
උපුටා ගැනීම - අපේ රට

Monday, June 3, 2019

හෙළ වෙදකම මුළු ලොවටම කියාදෙන නිකවැරටිය කොට්ටයාවත්ත වෙද ඉසිවරයාණෝ

කෝට්ටයාවත්ත රාජකීය වෙදකම නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යන වෛද්‍ය විශාරද සඳුන් සරත් කෝට්ටයාවත්ත වෙද ඉසිවරයාණෝ පාරම්පරික කෝට්ටයාවත්ත වෙදකමෙහි දස්කම් විස්කම් ලොවට කියා දෙති.

රාවණා යුගය විසින් ශ්‍රී ලංකාවේ මනාව රෝපණය කළ පාරම්පරික හෙළවෙද පරපුර අතරින් අද ඉතිරිව ඇත්තේ ඉතාමත් අතළොස්සක් දෙනෙකි.

පාරම්පරික හෙළ වෙදකම පරපුරෙන් පරපුර විකාශනය වීමට අද සියලු කටයුතුවලදී රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යය. වර්තමානයේදී ගැමි ජනතාව වෙනත් වෙදකම් පිළිබඳ යොමුවීමත් හා ස්වභාවික සිදුවන පරිසරය විනාශ වීම නිසා බටහිර වෛද්‍ය ක්‍රමවලට අත්‍යාවශ්‍ය වන ඔසු වර්ග හිඟවීම විදේශ රටවලින් ආනයනය සඳහා විදේශ විනිමය විශාල වශයෙන් වැයවීම වැනි හේතු සාධක බලපා ඇති නිසා හෙළ වෙදකමින් මදක් දුරස් වී ඇත.

එහෙත් මෙහි පැමිණ ඇති බාධක අභිබවා වසර දෙදහසකටත් වැඩි අතීතයක් ඇති ඈතට දිස්වෙන වෙද පරපුරක් අදටත් අප රට වෙනුවෙන් ඉමහත් කැපවීමකින් මහඟු සේවාවක් සැපයීම ප්‍රශංසනීය පිනකි.

අනුරපුර යුගයේදී වැඩ විසූ මලියදේව මහරහතන් වහන්සේටත් වැළඳුණු ‍බඩේ අජීර්ණයකට ඔසු කැඳක් සාදා දී සුවපත් කළ සුළුගුලුවෙද පරපුරෙන් ආරම්භ වූ මෙම වෙද පරපුර නිකවැරටිය කෝට්ටයාවත්ත රාජකීය වෙද පරපුරයි. එදා මහරහතන් වහන්සේට එම ඔසු කැඳ සාදාදුන් මෙම පරපුරෙහි වත්මන් වෙද පරපුර ඉදිරියට පැවතෙයි.

ගම් නියම් ගම් සිසාරා විහිදගියා වු ඉමහත් ප්‍රසිද්ධියක් සහිත කෝට්ටයාවත්ත රජ පරපුර ලොව පුරා ගෙන ගිය වෛද්‍ය චක්‍රවර්තී ඩබ්.එම්. රංබණ්ඩා වෙද ඉසිවරයා‍ණන් මෙලොව හැර ගියද එම නාමය රැකගෙන කටයුතු කරන පුත්‍රයා වන ඩබ්.එම්. ජයතිලක වෙද ඉසිවරයාණන් විසින් කරගෙන යනු ලබන්නේද ඉමහත් සේවාවකි. මෙය පිය පුතු දෙපළගේම ආශිර්වාදයෙන් මෙම කෝට්ටයාවත්ත වෙදකම ගමෙන් නගරයටත් නගරයෙන් මුළු ලොවටම බෙදා හැරෙන තවත් වෙද ඉසිවරයෙක් එම පරපුරෙන් බිහිවී ඇත. එම ඉසිවරයාණන් වන්නේ වෛද්‍ය සඳුන් සරත් ඉසිවරයාණෝය.

කෝට්ටයාවත්ත රාජකීය වෙදකම නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යන වෛද්‍ය විශාරද සඳුන් සරත් කෝට්ටයාවත්ත වෙද ඉසිවරයාණෝ පාරම්පරික කෝට්ටයාවත්ත වෙදකමෙහි දස්කම් විස්කම් ලොවට කියා දෙති. හෙළ වෙද අසපුවේ හා මහාචාර්ය නලින්ද සිල්වා මහතා වැනි වියතුන් හා එක්ව විවිධ පර්යේෂණ කරමින් නාගරික ජනතාවට මහත් සේවයක් සපයන 'වෛද්‍ය සඳුන් සරත්' කෝට්ටයාවත්ත ඉසිවරයාණන් හෙළ වෙදකමෙහි එදා මෙදා තුර පිළිබඳ ප්‍රකාශ කළේ මහත් අභිමානයකින් යුතුවය.

හෙළ වෙදකම පිළිබඳ පැහැදිලි කරන වෛද්‍ය සඳුන් සරත් මහතා,

මා හෙළ වෙදකම ආරම්භ කළ වසර 5 කාලය තුළ 12000කට බෙහෙත් කර තිබෙනවා. ඒ කාලය තුළ ඍෂි භාවිතය අනුව යමින් අත්දුටු ප්‍රත්‍යක්ෂ හා ඖෂධ බලය යොදාගෙන කරන වෛද්‍ය ක්‍රමයක් මම කරන්නේ. ආරම්භය අධ්‍යාත්මික හා ප්‍රත්‍යක්ෂතාවය යොදාගනිමින් ඍෂිවරුන් තුන්කල් බලා සියලුම සත්ත්වයාගේ නිරෝගීතාවය වෙනුවෙන් ගුණ නුවණ ප්‍රඥාව දිවැස යන ඍෂි ගුණයන්ගෙන් ප්‍රතිඵලයකි.

භෞතික තත්ත්වය පමණක් අප පිළිගන්නේ නැහැ. ඍෂිවරුන් තුන්කල් බලා හෙළවෙදකම ලෝකයට දායාද කර තිබෙන්නේ පුස්කොළ පොත්වල රන්පත්වල ලිව්වේ. ශිෂ්‍ය වෛද්‍යවරුන්ට කියා දුන්නේ මොන ක්‍රමයට බැලුවත් පංච භූතයන්ගෙන් සැදුණු ශරීරය වා පිත් සෙම් එහි වෙනස්වීම මනාව හඳුනාගැනීමෙන් මිනිස් සිරුරේ රෝග ඇති හෝ නැති බව හඳුනාගත හැකි බවයි. දශවිද පරීක්ෂණ ක්‍රම මඟින් තමයි රෝග නිර්ණය කරන්නේ. ඒ අතර වෙද පරපුරේ වැඩි වශයෙන් භාවිතා වන්නේ නාඩි හා ආකාති ප්‍රශ්න හා තාරකා පරීක්ෂාවන් මඟින් වා පිත් සෙම් ගෙඩි නාඩි බැලීමේදී කෙතරම් දුරට කෝල සන්නි වලිප්පු සෑදී ඇත්දැයි බැලිය හැකි වෙනවා. වෙද මහතෙකුට හැරෙන්නට මේවා තේරුම් ගැනීම අපහසුයි. කොහොම වුවත් තාරකා පරීක්ෂණ ඉතා වටිනවා. ඔෟෂධ ලබාදී දින 14ක් හෝ දින 30කින් පසුව රෝගියා නැවත පරීක්ෂා කර බලා ඖෂධ ශරීරයට කෙසේ බලපානවාද කෙතරම් කාලයක් නිට්ඨාවට සුවවීමට ගත වෙනවාද සත්‍ය අසත්‍ය ගැන රෝගියා කෙතරම් ආරක්ෂා කරනවාදැයි දැනගත හැකි වෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමය සර්ව බලධාරි යැයි සිතා අධිකාරියක් ලෙස අප පිළිගන්න සූදානම් නැහැ. එයත් වර්තමානයේ ප්‍රයෝජනවත් වෛද්‍ය ක්‍රමයක් වේවි.

වර්තමානයේ විද්‍යාත්මක ක්‍රමය යම් යම් දේවලට උපයෝගි වෙනවා. නමුත් සුව කළ නොහැකියි. බෙහෙත් නැති රෝග අප සුවපත් කළත් කිසිදා ඔවුන් පිළිගන්නේ නැහැ. සාධාරණ විශ්ලේෂණයක් නොකර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. හෙළ වෙදකමෙන් රෝග සුවපත් නොවෙනවා කියන අයට අභියෝග කරන්න කැමතියි.

ඉංග්‍රීසි වෙදකම වෙනුවෙන් ඖෂධ එකකට වියදම් කරන මුදල වසර 10කට හෙළ වෙදකම වෛද්‍යවරුන්ගේ උපදෙස් මත වියදම් කරල අවස්ථාවක් දුන්නොත් මුළු ලෝකයටම ආදර්ශයක් දෙන්න පුළුවන් වෙනවා.

මෙම සේවාවෙන් හරිම තෘප්තියක් ලැබිය හැකි වෙනවා. නා උයනේ අරියධම්ම හිමි කොළඹ සම්බෝධි විහාරයේ අමිතා දසසිල් මාතාව ඇතුළු භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙකුට ප්‍රතිකාර කර තිබෙනවා. තවද ඕවිටිගල ආරණ්‍යයේ 2015 වර්ෂයේ මහ හෙළ වෙදපති යනුවෙන් නස්නස් පත්‍රයක් අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් තවත් භික්ෂූන් වහන්සේලා 400 නමකගෙන් යුතුව පරිත්‍යාග කර තිබෙනවා.

තවද දසසිල් මාතාවක් වන අමිතා සිල් මාතාවට අසාධ්‍ය රෝගී තත්ත්වයෙදී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවක වෛද්‍යවරුන්ගේ ප්‍රකාශය වී තිබෙන්නේ අසනීපය සුව කරන්න අපහසුයි කියන අවස්ථාවක හෙළ වෙදකමින් සුවපත් වී අදටත් පිළිවෙත් පුරමින් සුවපත් දිවියක් ගත කරනවා.

විවාහ වී සිටින කාන්තාවන් 5000 අධික ප්‍රමාණයක ගර්භාෂ ආශ්‍රිත අසනීප. ඒ වගේම පාසල් ළමුන්ගේ හිසේ හට ගත් ගෙඩි සුවපත් කර ඇති සඳුන් සරත් මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම කටයුතුවලදී බිරිඳගෙන් නොමසුරු සහය ලැබෙන බවයි.

අද රටේ විශාල ප්‍රශ්නයක් වී තිබෙන වකුගඩු රෝගය ඇතුළුබොහෝ රෝගවලට මුල් වී තිබෙන වස විස භාවිතය පිළිබඳ අධ්‍යාපනික හා පරීක්ෂණ කළ ආචාර්ය නලින්ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් මඟින් නොයෙක් දේශන වලින් හා පොත් වලින් විශාල පරිශ්‍රමයක් දැරුවා එය අපද අගය කළ යුතු වෙනවා. එතුමාගේ සායනවලට දහසකටත් අධික පිරිසක් ප්‍රතිකාර සඳහා පැමිණෙනවා. රෝගීන් සුවපත් කරනවා විනා වරප්‍රසාද කවර කළෙකවත් බලාපොරොත්තු වෙන්නේ නැති ආචාර්ය නලින්ද සිල්වා මහතා ජංගම වෛද්‍ය සායන තිබුණ. එහෙම අදහස් ඇති එවැනි අය අද බොහෝ අඩුයි. මෙවැනි අය පිළිබඳ සිහිපත් කළ යුතුව තිබෙනවා.

අද මෙම රෝගවලට බෙහෙත් වෙළෙඳ පළෙන් ලබා ගන්නට අපහසුයි. නමුත් නිකවැරටිය ප්‍රදේශයේ ඔසු උයන් බොහොමයක් තිබෙනවා. ඉඩම් අක්කර 100 පමණ භූමියක ඇති බෙහෙත් ඖෂධ ලබා ගන්නවා. එයින් නැවුම් පත්‍ර යුෂ මුල් යොදාගෙන කරන මේ ප්‍රතිකර්ම ක්‍රමය ස්වභාවධර්මයත් එක්ක මිනිසාට බද්ධ කරනවා.

එයින් කෙරෙන වෙදකමෙන් කිසිවිටෙකත් අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් මත පන්තිය රැකලා බෙහෙත් පාවිච්චි කළොත් සුව කරන්න අපහසුයි කියන අසනීප හෙළ වෙදකමින් නිශ්ඨාවට සුවපත් කරන්න පුළුවන් වෙනවා. එය ප්‍රත්‍යක්ෂයි. සත්‍යයි" යනුවෙන් වෛද්‍ය සඳුන් සරත් මහතා පැවසීය.

මෙම වෙද ක්‍රමයේදී අලුත් කොළ පොතු ඔසු උයන්වලින් ලබා ගන්නවා හැරෙන්නට අනෙකුත් ඖෂධ වර්ග රත්හිරිගල් මනෝසීල කස්තුරි ගොරෝචන ඇතුළු ඖෂධ කිහිපයක් ගෙන්වාගැනීමට කටයුතු කරනවා. මෙම හෙළ වෙදකමේ විශේෂය වන්නේ නැමුම් ඔසු වෙදපරපුරේ අය විසින්ම නිසි ක්‍රමයට සාදා ඇති ඖෂධ රෝගීන්ට ලබාදීමයි.

තවද නැකැත් අනුව ඖෂධ ලබාගෙන අධ්‍යාත්මික ශක්තියද මුසුව වෛද්‍යාචාර්ය මහතුන්ගේ අත්ගුණයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම තවත් විශේෂත්වයකි.

හෙළ වෙදකමෙහි ජනතාවගේ මතයක් තිබෙනවා මෙම ඖෂධීය වර්ගවලින් අක්මාව හා වකුගඩු නරක්වන බව. නොයෙක් මත දැරුවත් කවර කලකවත් නරක් නොවන බව පවසන සඳුන් සරත් මහතා කියා සිටින්නේ සීනි යොදලා පල් කරලා ඖෂධ වර්ග නිෂ්පාදනය නොකරන බවයි.

එවැනි හෙළ වෙදකම ලොවට කියන විට එය සවන් යොමන ගුණ නුවණ යුතුව ඇති මෙය ගැන ඇල්මක් දක්වන ජනතාව ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථාන කිහිපයක්ම ඇත. මෙම සායන කොළඹ 10, කඩවත, මිගමුව, අනුරාධපුරය ප්‍රදේශවල පැවැත්වේ.

මේ පිළිබඳ වැඩි විස්තර 0774135584/0775268782 දුරකතන අංක මඟින් ලබාගත හැකිය.

උපුටා ගැනීම - දිනමිණ  http://www.dinamina.lk/

දද, කුෂ්ඨ වණ, හිස්‌ හොරි සුව කරන නාඩි ප්‍රතිකාර

අපි කවුරුත් පිරිසිදු, පැහැපත් සමකින් යුක්‌තව ඉන්නට කැමැත්තෙමු. හොරි දද කුෂ්ඨ වැනි රෝග සහිත පුද්ගලයන් හමු වූ විට ඔවුන්ගෙන් ඈත් වන්නට මහත් උත්සාහයක්‌ ගන්නෙමු.

 වෛද්‍යතුමනි, හොරි දද වැනි සමේ රෝග ඇතිවීමට බලපාන හේතු පිළිබඳව සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත්තේ කෙසේද?

 හොරි, දද, කුෂ්ඨ වණ රෝගා බාධා මනුස්‌සා සත්ත්ත පීඩා සකල ඉන්ද්‍රිය භාගා කුදර්හි කයිනාමි ලෙසින් මහා සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත්තේ මිනිසුන් මෙන්ම සිවුපා, සතුන් පක්‌ෂීන් උරගයන් ආදී සියලු සත්ත්වයන්ගේ සිරුරේ හොරි, දද, කුෂ්ඨ සහ වණ යන සමේ රෝග හටගන්නා මෙම රෝගවලට නිසි ප්‍රතිකාර නොකළ හොත් ඒවා උත්සන්න වී අවසානයේ ආසාදනවලට ලක්‌ව සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් දක්‌වා ගමන් කර මරණයට පවා ලක්‌විය හැකි බව මහා සෘෂි වෛද්‍යවරු පවසා තිබේ.

 වෛද්‍යතුමනි මෙම රෝග හට ගැනීමට බලපාන හේතු මොනවාද?

 මෙම රෝග ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපිරිසිදුකමයි. අපිරිසිදු බව නිසා සම මත විෂ බීජ හටගන්නවා. ඒවා වර්ධනය වූ විට මෙම රෝග මතුවෙනවා.

 දද සම මත අපැහැදිලි පැල්ලම් ලෙස ඇතිවේ. එම පැල්ලම් මතුපිට කැසීමක්‌ හටගනී.

 වණ දද සම මත පැතිර ගිය අවස්‌ථාවද

 හොරි - සම පුරා පැතිර යති. තෙත දියර ගලායයි.

 කුෂ්ඨ - සම මත පැතිර යයි. අධික ලෙස කැසීමක්‌ ඇතිවේ.

 වර්තමානයේ දද සහ කුෂ්ඨ රෝග කාන්තාවන් සහ පිරිමින්ගේ ප්‍රජනන අවයව පිහිටා ඇති ප්‍රදේශවල සහ කිහිsලි, ඉකිලි යන නිතර දහ දියෙන් තෙත් වන ප්‍රදේශවල බහුලව මතුව ඇති බව ප්‍රතිකාර ලබාගැනීමට එන රෝගීන් දෙස බලනවිට පැහැදිලි වෙනවා.

 මෙවැනි රෝග සහිත පුද්ගලයන්ට නිතර කෝපය ඇතිවී නොසන්සුන් බව වැඩි වේ. දැඩි ලෙස වේදනාවකින් පෙළෙයි.

 වෛද්‍යතුමනි මෙම රෝග සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

 සෘෂි නාඩි වෛද්‍ය ක්‍රමයට අනුව බොහෝ ප්‍රතිකාර ඇත. ඒ අතර ඉතා පහසුවෙන් සාදාගත හැකි අත් බෙහෙතක්‌ සඳහන් කළ හැකිය.

 කොහොඹ කොළ, නික කොළ, දොඹ කොළ, මී කොළ, සියඹලා කොළ, කුප්පමේනියා සහමුලින්ම කිතුල් ගසේ සුඹුලු (කිතුල් කඳේ පොතු සූරාගැනීම) සමව ගෙන තම්බා කොටා ගන්න.

 රත්හඳුන් පිටි, පෙරුම්කායම්, පිටි, කොත්තමල්ලි පිටි, වියළි ගොඩපර ගෙඩි පිටි, සියඹලා මල් වියළා ගත් රතු වදමල් පොකුරු සමව ගෙන ඉහත තම්බා කොටාගත් ද්‍රව්‍යද මිශ්‍ර කර ගෙන තලතෙල් හා කොහොඹ තෙල් නිසි පමණට යොදා ආලේපයක්‌ සාදාගෙන දද කුෂ්ඨ, වණ, හොරි, ඇති ස්‌ථාන සබන් ගා නිවාගත් උණුවතුරින් හොඳින් සෝදා පිරිසිදු කර ගෙන උදේ සවස ආලේප කරන්න.

 වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 0776500677 අමතන්න.

උපුටා ගැනීම - දිවයින 

Saturday, October 4, 2014

මාරාන්තික වකුගඩු රෝගීන්ට ජීවය දෙන කණ්‌ඩලම වෙද මහතා

මාරාන්තික වකුගඩු රෝගීන්ට  ජීවය දෙන කණ්‌ඩලම වෙද මහතා
අද ඔබ වෙත හදුන්වා දෙන්නේ වකුගඩු රෝග සුව කරන ඉසිවරයෙකි. එතුමා නමින් ඒ. එච්. එම්. කිරිබණ්‌ඩා වෙදැදුරුය. එතුමා සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ ඵලවූ ලිපියක් සියල්ලන්ගේම යහපත පිණිස මෙහි ඵලකරමි. ඔබත් මෙම ලිපිය ෂෙයා කර අනෙක් අයගේ පරිශීලනයට අවස්ථාව සලසන්න.

අපේ රටේ පවතින මාරාන්තික වකුගඩු රෝගයට බිලිවෙන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙයි. ඒ නිසා එය කාලීන මාතෘකාවක්‌ බවට නිතැතින්ම පත් වී තිබේ. එම රෝගයට දේශීය මෙන්ම බටහිර වෛද්‍යවරු ද ප්‍රතිකාර කරති.

මෙම රෝගය පිළිබඳව විශේෂඥ දැනුමැති දේශීය වෛද්‍යවරයකු වන්නේ දඹුල්ල කණ්‌ඩලමේ අතුපාරයාය පාරේ පදිංචි ඒ. එච්. එම්. කිරිබණ්‌ඩා මහතාය. අපි ඒ මහතා හමුවීමට පසුගියදා එම වෛද්‍ය මධ්‍යස්‌ථානය පවත්වාගෙන යන කණ්‌ඩලම වෙද මැඳුරට ගියෙමු. අප එහි යන විටත් ඒ මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පාන්දර සිට පැමිණි රෝගීන් පනහකට අධික සංඛ්‍යාවක්‌ පෙළ ගැසී සිටියහ. සුළු වේලාවකින් අපටද එම වෙද මහතා හමුවීමට අවස්‌ථාව ලැබුණි.

මම, මාතලේ යටවත්තේ උරුලෑවත්ත ඩිංගිරි බණ්‌ඩා (මගේ පියා) වෙද පරම්පරාවෙන් පැවත එන අයෙක්‌. මම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මාවනැල්ල ශ්‍රී මහා බෝධි පිරිවෙණේ ඉගැන්නුවා. එහිදී කෙරමිණියේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සංස්‌කෘත භාෂාවද ඉගැන්වුවා. ඊට අමතරව දේශීය වෛද්‍ය විද්‍යාව ගැන අධ්‍යයනය කිරීමට ඉඩ ලැබුණා. පියාගෙන් ආ වෙදකමේ දැනුමත් සමග මට යක්‌කල වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කිරීමටත් අවස්‌ථාව ලැබුණා. වසර තිහක ගුරු සේවයෙන් සමුගෙන මම දැන් පූර්ණ කාලීනව දේශීය වෛද්‍යවරයෙක්‌ ලෙස රෝගීන්ට ප්‍රතිකාර කරනවා යයි සාකච්ඡාව ආරම්භ කරමින් වෙද මහතා අප සමග පැවැසීය.

බොහෝ රෝගීන් මාව හඳුන්වන්නේ වකුගඩුවලට වෙදකම් කරන වෙද මහතා ලෙසින්. අක්‍ෂි රෝග, සර්ප විෂ, හන්දිපත් රුදාව යන රෝග හැර අන් සියලුම සර්වාංග රෝගවලට මම ප්‍රතිකාර කරනවා.

අද මේ රටේ වකුගඩු රෝගය පැතිර යමින් පවතිනවා. එය මාරාන්තිකයි. හෘදයාබාධ, දියවැඩියාව ආදී රෝගවලට බටහිර වෛද්‍ය ප්‍රතිකාර දීර්ඝ කාලයක්‌ කරන විට වකුගඩු නරක්‌ වීම මරණයට කරුණක්‌ නොවේ. මේ රෝගය වැළඳුන කෙනකුට බටහිර වෙදකම අනුව කළ හැකි එකම පිළියම වන්නේ නිරෝගී අයකුගේ වකුගඩුවක්‌ බද්ධ කිරීම පමණයි. නමුත් එසේ බද්ධ කළත් එවැනි රෝගීන් ද වැඩි කාලයක්‌ ජීවත් වෙන්නේ නෑ. අවුරුද්දයි, දෙකයි. පසුගිය කාලයේ සිදුවූ සිදුවීම්වලින් ඒ බව පෙනෙනවා. එසේ වකුගඩුවක්‌ බද්ධ කළ මේ රටේ ශ්‍රෝෂ්ඨ කලාකරුවකුත් වසර දෙකකින් මියගියා. වකුගඩුවක්‌ බද්ධ කළ යුතු බවට බටහිර වෛද්‍යවරු නිර්දේශ කළ රෝගීන් සිය ගණනක්‌ මම සුවපත් කර තිබෙනවා. ඒ දේශීය ඖෂධවල හාස්‌කමින්. ඔවුන් අතර විදේශීය රෝගීන් මෙන්ම බටහිර වෛද්‍යවරුන්ගේ ඥතීන් ද ඉන්නවා. ඒවා ඔප්පු කළ හැකි සියලු ලිපි ලේඛන මා සතුව තිබෙනවා. ඒවා ඕනෑම කෙනකුට ඕනෑම වේලාවක පරීක්‌ෂා කිරීමට ඉඩ ලබා දිය හැකියි. දේශීය වෙදකමින් වකුගඩු රෝගය නිට්‌ටාවට සුව කළ හැකි බව විද්‍යානුකූලව මට ඔප්පු කළ හැකියි. මරණය පෙනි පෙනී බටහිර වෙදකමින් සුවය නොලැබූ රෝගීන් මගෙන් ප්‍රතිකාර ගෙන සුවය ලබා අද සතුටින් කල් ගෙවනවා. එය මගේ දක්‌ෂතාවක්‌ නොවේ. මේ රටේ මහ පොළවේ වැවෙන දේශීය ඔසු පැළෑටිවල හාස්‌කමක්‌. ප්‍රතිකාර සඳහා මම මුදල් නියම කරන්නේ නෑ. මුදල් නැතත් ප්‍රතිකාර ලබාදෙනවා යෑයි පැවැසීය.

දේශීයව වැවෙන ඔසු පැළෑටි හඳුනාගෙන ඒවා ගැන පර්යේෂණ කර ගුණාගුණ හා රෝගයන් ගැන අත්දැකීම් ලබා තමන් විසින්ම නිෂ්පාදනය කරන ලද ඖෂධවලින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම මෙම වෙද මහතාගේ විශේෂත්වයයි. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ බහු ජාතික සමාගම් විසිනි. එම ඔසු වර්ගවලින් රෝග සුවපත් කරනවාට වඩා සිදු වෙන්නේ දීර්ඝ කාලීනව ඒවා පාවිච්චි කිරීමට රෝගීන් යොමු කිරීමයි. එවිට එම සමාගම්වලට වෙළෙඳ පොළේ බලපෑමක්‌ සිදුවන්නේ නෑ. බටහිර ප්‍රතිකාරවලින් රෝග නිට්‌ටාවට සුව නොවන්නේ ඒ නිසයි.

බටහිර ඔසුවලින් කෙරෙන්නේ දියවැඩියාව වැනි රෝග පාලනය කිරීම පමණයි. ඒත් දේශීය ඔසුවලින් කරන්නේ එම රෝගය නිට්‌ටාවට සුව කිරීමයි. රෝග පාලනයක්‌ නැතැයි ඔහු පැවැසීය.

දියවැඩියාව, අධික රුධිර පීඩනය, මැලේරියාව, සර්පයන් දෂ්ට කිරීම, මී උණ, මුත්‍ර මාර්ගය අවහිරවීම, ප්‍රදාහය, ප්‍රවේණිගත රෝග, ඖෂධ විෂවීම ආදිය වකුගඩු රෝගයට හේතු ලෙස වෙද මහතා පෙන්වා දුන්නේය.

කිරිබණ්‌ඩා වෙද මහතාගෙන් වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ රෝගීහු කීපදෙනෙක්‌ අපට එහිදී හමු විය. ඔවුහු අප සමග දොඩමළු වූයේ මෙසේය.

ප්‍රියන්ත රත්නසිරි (37) අංක 115 3/4 යුනිට්‌ 16 කන්තලේ- මම 1999 වසරේ සිට වකුගඩු නරක්‌වීමේ රෝගයට බටහිර ප්‍රතිකාර ලබා ගත්තා. මුත්‍රා ප්‍රොaටීන් සමග පිටවුණා. අධික රුධිර පීඩනයත් තිබුණා. දිනෙන් දින ජීවත්වීමේ ආශාව ගිලිහී යමින් තිබුණා. එසේ සිටින විට එක්‌තරා රූපවාහිනි නාලිකාවකින් කණ්‌ඩලම වෙද මහතා ගැන දැනගන්න ලැබුණා. ඒ අනුව 2004 දී පටන් මම එම වෙද මහතාට මගේ වෛද්‍ය වාර්තා පෙන්වා ප්‍රතිකාර ලබාගන්නට පටන් ගත්තා. බටහිර ප්‍රතිකාර නතර කළා. ඒත් රෝහලට ගොස්‌ වෛද්‍ය සායනවලට සහභාගි වුවා. එහිදී මම දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බව බටහිර වෛද්‍යවරුන්ට කීවේ නෑ. එම සායනවලදී ස්‌කෑන් කළ පසු මගේ වකුගඩු ක්‍රමයෙන් හොඳ අතට හැරෙමින් පවතින බව දැනගෙන යටිහිතින් සතුටු වුණා. දැන් පෙර පරිදි අධිරුධිර පීඩනය හා ප්‍රොaටීන් යන්නේ නෑ. ශරීරයට ලොකු පහසුවක්‌ දැනෙනවා. මරණය පෙනි පෙනී ජීවත් වූ මට යළි ජීවය ලබාදුන් කණ්‌ඩලම වෙද මහතාට අපි සදා ණය ගැතියි. එතුමා සියලු බේත් හේත් නිෂ්පාදනය කරන නිසා බේත් වර්ග සොය සොයා ඇවිදින්න ඕනේ නෑ. දුර බැහැර අයට නවාතැන්ද නොමිලේ දෙනවා යයි පැවසුවේ සතුටු කඳුළු අතරිනි.

කේ. ඒ. ඩී. ජෝනස්‌ සමන්රාඡ් (47) අංක 191/1, මහබුත්ගමුව, අංගොඩ (වෙළෙඳ සහායක) - මම අවුරුදු 15 ක්‌ පමණ දියවැඩියාව හා රුධිර පීඩනයට බටහිර ප්‍රතිකාර ලබාගත්තා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදු කළ වකුගඩු පරීක්‌ෂණයකදී වකුගඩු දෙකම නරක්‌වෙන්ට යනවා කියා වෛද්‍යවරු කිවා. ඒ අතර දකුණු කකුලේ මාපට ඇඟිල්ලේ තුවාලයක්‌ ආවා. අයි. ඩී.එච්. රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ගත්තා. පසුව ජාතික රෝහලේ වකුගඩු සායනයට යොමු කළත්a ඇඟිල්ල කපන්නට සිදුවුණා. මගේ ලේ මාරු කරන්න පවා යන්ත්‍ර සවිකළා. 2011 සිට කණ්‌ඩලම වෙද මහතාගෙන් ප්‍රතිකාර කරන්නට පටන් ගත්තා. ඒ ප්‍රතිකාරවලින් ප්‍රොaටීන් පිටවීම හාස්‌කමකින් වගේ නැවතුණා. වෙද මහතාගේ බෙහෙත්, උපදෙස්‌ පරිදි පාවිච්චි කිරීම නිසා තිබූ අසනීප හිතුවටත් වඩා ඉක්‌මනට අඩුවුණා. ශරීරයට හොඳ සනීපයක්‌ දැනෙනවා. යළිත් මගේ දරුවන්ගේ මුහුණ බලන්න හැකිවෙතැයි සිතුවේ නෑ. ඒ බලාපොරොත්තුව ඇති කළේ කණ්‌ඩලම වෙද මහතායි. මම වගේ බටහිර වෙදකම් කර අසරණව සිටින රෝගීන් විශාල පිරිසක්‌ ඒ වෙද මහතාගෙන් ප්‍රතිකාර ගන්නවා. මම අවංකවම වකුගඩු රෝගිSන්ගෙන් ඉල්ලා සිටින්නේ එක්‌ වරක්‌ එම වෙද මහතා හමු වී මා කියන දේ සත්‍ය අසත්‍ය බව දැනගන්නා ලෙසයි.

ඩී.කේ. යූ. උපුල් රසන්ත කුමාර (40) අංක 15, ගංගොඩ, කෑගල්ල (රක්‌ෂණ නියෝජිත), මට අවුරුදු 35 දී පටන් අධික රුධිර පීඩනය තිබුණා. ඊට නොකඩවා බටහිර වෙදකම් කළා. වයස අවු. 39 දී මගේ පපුවේ හිරවීමක්‌ සිදුවුණා. නුවර පෞද්ගලික රෝහලක නේවාසිකව තවත් ප්‍රතිකාර ගත්තා. සුව නොවූ නිසා කණ්‌ඩලම වෙද මහතා ගැන ආරංචි වී ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගන්නට පටන් ගත්තා. අවුරුද්දක්‌ විතර ප්‍රතිකාර ගන්නවා. විශ්වාස කරන්න මහත්තයෝ දැන් මගේ රුධිර පීඩනය අඩුවෙලා. මුත්‍රා පෙරීම ඉතා හොඳ තත්ත්වයෙන් තිබෙනවා. මම දිගටම මේ වෙද මහතාගෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමට තීරණය කර තිබෙනවා යෑයි කීය.

එච්. පී. ගුණදාස (62) කොහොඹදෙණිය දොරවක - මම බටහිර වෛද්‍යවරු 15 දෙනකුගෙන් පමණ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් වැඩිවීම ආදියට ප්‍රතිකාර ලබා ගත්තා. අවසානයේදී ඔවුන් පැවසුවේ මගේ වකුගඩුවලින් 89% ක්‌ පමණ නරක්‌වෙලා කියලයි. ප්‍රතිකාර කරන්නට බෑ කීවා. 2012 අවසානයේ කණ්‌ඩලමේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගන්නට පටන් ගත්තා. ඉන් කොලොස්‌ටරෝල් ප්‍රමාණය 11.2 සිට 6.8 දක්‌වා අඩු වුණා. දියවැඩියා පෙති අවුරුදු 11 ක්‌ තිස්‌සේ පාවිච්චි කිරීම නිසා වකුගඩු නරක්‌ වී තිබූ බව වෙද මහතා පැවසුවා. මේ වෙද මහතාගේ ප්‍රතිකාරවලින් පසු තිබුණු සියලු අසනීප බොහෝ දුරට අඩුවෙලා මගේ හිතේ බය අඩුවුණා. ජීවත් වීමේ බලාපොරොත්තු ඇති වුණා. දිගටම මේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබාගන්නවා යයි පැවැසීය.

දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලින් මාරාන්තික වකුගඩු රෝගය නිට්‌ටාවටම සුවකළ හැකි බව ඔප්පු කිරීමට තමන් සූදානම් බව කිරිබණ්‌ඩා වෙද මහතා අප සමග පැවසුවේ එවැනි රෝගීන්ගේ ලිපි ලේඛන හා ප්‍රශංසාත්මක ලිපි සිය ගණනක්‌ පෙන්වමිනි. තමන් අදාළ රෝග සුවකිරීම සඳහා පාවිච්චි කරනු ලබන්නේ තම ඔසු උයනේ වගාකර ඇති දේශීය ඔසු වර්ග බව වෙද මහතා පැවැසීය. ඒ නිසා දේශීය වෛද්‍යවරු සතු දැනුම හා අත්දැකීම් සම්භාරයෙන් වැඩ ගැනීමට කාලය පැමිණ තිබේ.

දේශයට සම්පතක්‌ වූ මේ වෙද මහතා වකුගඩු රෝගය ඇතුළු රෝග රැසකට ප්‍රතිකාර කරනු ලබයි. ඇතැම් දේශීය ඔසු වර්ග ප්‍රවාහනය කිරීමට ඇති තහනම නිසා තම වෙදකමට කිසියම් බලපෑමක්‌ එල්ල වී ඇති බව වෙද මහතා පැවැසීය. ඒ නිසා විශේෂ බලපත්‍රයක්‌ යටතේ හෝ එම ඔසු වර්ග ලබා ගැනීමට ඉඩ කඩ ලබාදෙන ලෙස අවසන් වශයෙන් ඒ මහතා රජයෙන් ඉල්ලීමක්‌ කළේය.

උපුටා ගැනීමකි
දිවයින
ගලේවෙල විශේෂ -  පී. ගුණතිලක
ඡායාරූප - ගලේවෙල මධ්‍යම සමූහ වාර්තාකරු

Wednesday, October 1, 2014

අර්ශස්‌ රෝග සුව කරන ගමේ වෙද මහත්තයා

අද ඔබ වෙත හදුන්වා දෙන්නේ අර්ශස් රෝග සුව කරන ඉසිවරයෙකි. එතුමා නමින් වයි. පී. සමරනායක වෙදැදුරුය. එතුමා සම්බන්ධයෙන් දිවයිනෙ පුවත්පතේ ඵලවූ ලිපි දෙකක් සියල්ලන්ගේම යහපත පිණිස මෙහි ඵලකරමි. ඔබත් මෙම ලිපිය ෂෙයා කර අනෙක් අයගේ පරිශීලනයට අවස්ථාව සලසන්න.
 1 කොටස
වනේ වන හතුරෙකුටවත් නොවැළඳේවා යි ප්‍රාර්ථනා කළ යුතු රෝගයක්‌ වන අර්ශස්‌ සිතට වද දෙන ගතට දුක්‌ දෙනටමහා රෝගයන්ගෙන් එකකි. අප ගන්නා ආහාරවල අවසාන ක්‍රියාවලිය සිදුකිරීමට මහබඩවැලෙහි කෙළවර පිහිටි ප්‍රවාහනී, විසර්ජනී හා සංවර්නී යනුවෙන් හැඳින්වෙන මාංශ පේශි තිත්ත්වය ඇසුරු කර හටගන්නා වූ මේ රෝගය මිනිසා ඉතාමත් දුකට හා වේදනාවට පත් කිරීම කිසිසේත් වළක්‌වාලිය නොහැකිය.

ස්‌ත්‍රී පුරුෂ භේදයකින් හා වයස්‌ භේදයකින් තොරව වැළඳෙන මෙහි මූලාරම්භ රෝග ලක්‍ෂණ ලෙස මළ බද්ධය පෙන්වා දිය හැකිය. අවශ්‍ය තරමට ජලය පානය නොකිරීම, කෘත්‍රිම ආහාර වලට පුරුදු වී කෙඳි සහිත ආහාර නොගැනීම, ශරීරයට ව්‍යායාම නොලැබීම, මළ මුත්‍රා පිට කිරීමේදී අවශ්‍යතාව දැනුන විට පිට නොකර සිටීම, නිදි වැරීම, එක දිගට සිටගෙන සිටීම, බර ඉසිලීම, අධික ලෙස මත්පැන් පානය, උෂ්ණ අධික ආහාර පමණ නොදැන ගැනීම, අපිරිසිදු බව, පණු රෝග හා මානසික හේතු මෙම රෝගය වැළඳීමට හේතු පාදක වන බව අවිවාදිතය.
විටෙක තම ජීවිතය පවා නසා ගැනීමට තරම් වද වේදනා දෙන මේ අර්ශස්‌ රෝගය මොනම තත්ත්වයක පැවැතියත් සති කිහිපයකින් සුවපත් කර දෙන ගමේ හෙළ වෙදුරුවරයකු අපට පසුගිය දිනෙක හමුවූයේ එවැනි වෙදැදුරුවරුන් සොයා යන ගමනේදී ය.

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ හාරිස්‌පත්තුව බටගල්ල ග්‍රාමයේ දිගු ඉතිහාසයකට නෑකම් කියන අමුහේන වෙද පරම්පරාවේ වත්මන් වෙදැදුරුවරයකු වන සමරනායක වෙදැදුරු මේ රෝගයට නොවරදින ප්‍රතිකාර කරන ඉසිවරයකු බව කීවොත් එහි වරදක්‌ නැතැයි මට සිතිනි. බොහෝ අර්ශස්‌ රෝගීන්ගේ සුවය ප්‍රාර්ථනා කරමින් අප මෙම වෙදැදුරු සොයා කොට්‌ටාව නගරයේ හිරිපිටිය දොළේකඩේ පාරේ අංක 129/6 යන ස්‌ථානය සොයා ගියේ සුව වූ රෝගීන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්‌සේය.

පුරාණයේ සිට මේ අර්ශස්‌ රෝගය සඳහා භාවිත කළ බලගතු හෙළ ඔසුවකින් සියලුම අර්ශස්‌ රෝග සති හතරක්‌ හෝ හයක්‌ වැනි කෙටි කාලයකින් සමනයට පත් කරන මේ වෙදැදුරු හා සුහද පිළිසඳරකට අවතීර්ණ වෙමින් මොකක්‌ද මේ අර්ශස්‌ රාaගය කියන්නේ යෑයි මම ඇසීමි.

"ඇත්තටම රෝගය ගුද මාර්ගය ආශ්‍රිතව හැදෙන එකක්‌. මේ රටේ 50% කට තරම් වැළඳී තිබෙන මේ අර්ශස්‌ රෝගය ගුදය වැනි රහස්‍ය ප්‍රදේශයක සෑදීම නිසා සමාජයේ පවිතන ලැඡ්ජාශීලීත්වයන් මත රෝගී තත්ත්වය වෛද්‍යවරයා සමඟ කතා කිරීමට පෙළඹෙන්නේ නැහැ. මේ තත්ත්වය යටතේ අර්ශස්‌ උග්‍ර තත්ත්වයට පත්වුණාම තමයි රෝගියාට මේකෙ බරපතළකම තේරෙන්නේ.

ඒ කියන්නේ මේ රෝගයට වැඩිහරියක්‌ මුල්වෙන්නේ ගුදමගද?

ඔව්. හරියටම හරි. ගුදය කියලා අපි කතා කරන්නේ අපේ ආහාර මාර්ගයේ පහළ අවසන් කොටසටයි. ඔය අවසන් කොටසේ ඇතිවන ලෙඩ බොහොමයක්‌ තියෙනවා. හැබැයි ඒවා එකිනෙක වෙන්කර හඳුනාගන්න අපට මූලික වශයෙන් වෛද්‍යවරයෙකුගේ පිහිට ඕනේ. එහෙම නැතිව අර මම මුලින් කියුව ලැඡ්ජාශීලි තත්ත්වය නිසා කාටවත් කියන්නේ පෙන්නන්නේ නැතිව අමාරුවේ වැටුන ලෙඩ්ඩු ගොඩක්‌ ඉන්නවා.
ඇත්තටම මොනවද ඔය තරමටම හඳුනාගන්න තියෙන ගුදය ආශ්‍රිත ලෙඩ රෝග?

අර්ශස්‌, ගුද පිඩකා, භගන්දරා, ගුද ඉන්නන්, ගුදබ්‍රංශ, ගුදාර්බුද, ගුද පිළිsකා, ගුදමග පැලීම්, ගුදමග කැසීම්, ගුද කපාට ලිහිල් වීම්, අසංවෘත ගුද ආදීS වශයෙන් ගුදය ගැන තියෙන ලෙඩ රෝග ගොඩයි.

විශේෂයෙන් ආයුර්වේදයේ තියෙන මහා රෝග අටෙන් දෙකක්‌ම ගුදය ආශ්‍රිතව තිබීම විශේෂත්වයක්‌. ඒවායින් එකක්‌ අර්ශස්‌ අනෙක භගන්දරා ඉතින් එහෙම තියෙන කොටම මේ රෝග වැදගත් බව දැනෙනවනේ.

හුඟක්‌ වෙලාවට රෝගී තත්වය හඳුනගන්න වෛද්‍යවරයෙකුට පෙන්වීමට ඇති අකැමැත්ත හා ලැඡ්ජාව නිසා සමහර ලක්‍ෂණ කියලා වෛද්‍යවරයාගෙන් බෙහෙත් අරන් යනවා. නිශ්චිත නිශ්චය කිරීමක්‌ නොමැතිව කරන සමහර ඒවාගේ ප්‍රතිකාර විධි නිසා රෝගී තත්වය උත්සන්න වෙලා දුක්‌ විඳිනවා.

උදාහරණයක්‌ විදිහට ඔය ගුදමග ආශ්‍රිතව එන සමහර ගෙඩි සුළු ප්‍රතිකාරයකින් ඉහිරවා ගන්න පුළුවන්. නමුත් නොපෙන්වා කරන ඔය ප්‍රතිකාර නිසා භගන්දරා රෝගී තත්වයට පෙරළුනු අවස්‌ථා එමටයි.

ඒ වුණාට වැඩිහරියක්‌ මිනිස්‌සු කතා කරන්නේ අර්ශස්‌ ගැන නේ. ඒ ගැන දකින්නේ කොහොමද?

ඒකටත් අර මුලින්ම දුන්න උත්තරයම තමයි දෙන්න තියෙන්නේ. ඔය ගුද මාර්ගය ආශ්‍රිතව ගෙඩියක්‌, ගෙඩි කිහිපයක්‌, ලේ යාමක්‌ ආවොත්, මළ පිටනොවන තත්වයක්‌ ආවොත් ඒ හැම එකක්‌ම මිනිස්‌සු කියන්නේ අර්ශස්‌ කියලා.එහෙම නෑ. අර මම මුලින් කිව්ව වෙනත් රෝගී තත්වයක්‌ වෙන්නත් බැරි නෑ. ඒ නිසා වෛද්‍යවරයෙකුට කියලා බෙහෙත් ගන්නවාට වඩා පෙන්වා බෙහෙත් ගැනීම වඩාත් සුදුසුයි.

එතකොට ඔය අර්ශස්‌ කියන රෝගී තත්වය ඇතිවෙන්නේ කොහොමද?

ආහාර මාර්ගයේ අවසන් කොටස මත ගුද මාර්ගයේ තියෙන රුධිර නාල තුළ රුධිරය එක්‌රැස්‌ව ඒවා ඉදිමී එම නාල පිටතට නෙරා ඒම නිසා එම මග ඇහිරෙනවා. එහෙම ඇහිරෙන කොට අර රුධිර නාල තුළ පීඩනය වැඩි වෙනවා. ආහාර මාර්ගය තුළ වූ ආහාර රසය රුධිරගත කිරීමට බඩවැල් වල සිට අක්‌මාව කරා ආහාර රසය ගෙන යන ප්‍රතිහාරිණි මහා ශිරාව, උදරගතව ඇතිවන සමහර ගෙඩි නිසා ඇහිරීමෙන්ද අධෝගත පීඩනය වැඩි වීමත් ගුදගත රෝගයන්ට බලපානව.

ඒකට විශේෂයෙන් දීර්ඝ කාලීනව පවතින උග්‍ර මළ බද්ධය විශේෂයි. එම උග්‍ර මළ බද්ධය නිසා ඇති වන දැඩි තැටමීම තුළ අර ශිරා ඉදිමී ගෙඩි ඇතිවෙලා මළ මග තව තවත් අහුරනවා. සමහර වෙලාවට ඒ ගෙඩි පිපිරී ලේ පිටවීමක්‌ සිදුවෙනවා.

ඔය ගුද මගෙහි ගුදාවලී (වලලූ) තුනක්‌ තියෙනවා. ඒවා නමින් ප්‍රවාහිනි, විසර්ජනි, සහ සංවරණි යන ඒවාය. මළපහ කිරීමේදී තැටමීමත් සමග මළ පහලට තල්ලූකිරීම ප්‍රවාහිනියෙන්ද, මළ පිට කිරීම විසර්ජනි නම් වලල්ලෙන්ද, මළ පිට වූ පසු මළ මග වසාලීම සංවරණි නැමැති ගුද වලල්ල නිසාත් සිදුවෙනවා.

ඇතුළතින් පිහිටන ප්‍රවාහිනි හා විසර්ජනි නම් ගුද වලලූ තුළ ඉදිමීම සමග ඇති කරන ගෙඩි අභ්‍යන්තර අර්ශස්‌ ලෙසද, සංවරණි ගුදාවලිය තුළ ඇතිවන ඉදිමීම් බාහිර අර්ශස්‌ විදිහටත් කථා කරනවා.

මේවා දෝෂ කෝපය අනුව වෙන් කරගෙන බෙහෙත් කරනවා. එතකොට වෛද්‍යවරු හැටියට අපි වාතජ අර්ශස්‌, පිත්තද අර්ශස්‌, කඵජ අර්ශස්‌, සන්නිපාතජ අර්ශස්‌, සහජ අර්ශස්‌ හා රක්‌තාර්ශස්‌ නමින් වෙන් කරගන්නවා. එහෙම වෙනම වෙන් කරගෙන ඒ සඳහා ප්‍රතිකාර විධි නිගමනය කරනවා.

11 කොටස

තෙලේ බලෙන් අර්ශස්‌ සුවවන්නේ මෙහෙමයි

ඔය ගුදය ආශ්‍රිත රෝග බොහොමයක්‌ ගෙඩි හා වණවලටයි ඇතුළත් වන්නේ. එවාට ඇති ප්‍රතිකාර බොහොමයක්‌ මිනිස්‌සුන්ට පුළුවන් තරම් ලේසියෙන් කරන්න පුළුවන් විදිහට සකස්‌ කරලා තියෙන්නේ.

මෙතෙන්දි අපේ පරපුරේ ප්‍රතිකාර හැටියට මූලික වශයෙන් තෙල් ප්‍රතිකාරයත් සමඟ බෙහෙත් වතුරේ ඉන්දවීම අර්ශස්‌ ගෙඩි තැවීම, තෙල් ඇතුළු කිරීම හා ගෙඩි තෙල්වලින් වැසීම කරනවා. කලින් කලට එක්‌ එක්‌ පුද්ගලයාගේ ඇතිවන දෝෂ කෝපය අනුව ඉහත කී රෝගී ලක්‍ෂණ ඇතිවුවත් සමහරුන්ගේ උපතින්ම ගුද මාර්ගය ආශ්‍රිතව පවතින ශිරාවල ඇති දුර්වලතාවයන් නිසා සමහර සහජ අර්ශස්‌ තත්වයන්ද ඇතිවිය හැකියි.

ඊට අමතරව ඉහත කී විවිධ හේතු නිසා හෝ අර්ශස්‌ ගෙඩි පිපිරීමෙන් රක්‌තය පහ වීමට පටන් ගන්නවා. එවා රක්‌තජ අර්ශස්‌ ලක්‍ෂණ පහළ කරනවා. එසේ දීර්ඝ කාලීනව රුධිරය පහවීම නිසා ශරීරයේ ඇතිවන දුර්වලතාවයන්ද, තෙහෙට්‌ටුවද, අප්‍රාණිකත්වය ද ප්‍රධාන තැනක්‌ ගන්නවා. බඩේ වේදනාව හා දෑලවර වේදනාව මූලික වශයෙන් දක්‌නට ලැබෙනවා. හැබැයි ගුද මගින් ලේ පිටවන හැම අවස්‌ථාවක්‌ම රක්‌තා අර්ශස්‌ නොවන බව පැහැදිලිව වටහා ගත යුතුයි.

එ කියුවේ මළ මගින් ලේ යන්නේ අර්ශස්‌ වලටම විතරක්‌ නෙමෙයි කියන එකද?

ඔව්. ගුදමග පිළිකා, රත්පිත් අවස්‌ථා, භගන්දරා, ගුදමග පැලීම් වැනි විවිධ රෝග තත්ව යටතේ රුධිරය පිටවෙන්න පුළුවනි. එ නිසා තමයි වෛද්‍යවරයෙකු සමග කතා කරලා පෙන්වලා රෝගී තත්වය තීරණය කරන්න ඕන කියලා කියුවේ.

අර්ශස්‌ රෝගයෙන් මෙතරම් මිනිස්‌සු පීඩා විඳින්නේ ඇයි?

මම හිතන්නේ මිනිස්‌සුන්ගේ කාර්ය බහුලත්වය නිසාම මේ රෝගය මිනිස්‌සු හොයාගෙන එනවා කියල. මොකද බොහොමයක්‌ දෙනා එකම තැන වැඩි පැය ගණනාවක්‌ වාඩි වෙලා කරන රැකියාවල නියුක්‌ත අය. එ අයගේ ගුද ආශ්‍රිත ප්‍රදේශ නිතරම තැලී පොඩිවී තෙරපී එ ආශ්‍රිත ශිරා පිම්බීමෙන් මෙම රෝගී තත්ව උදා වෙනවා.

එවාගේම තවත් සමහරු වාහන වල වාඩිවී පැය ගණනාවක දුරගමනාන්ත වල යෙදීම නිසාත් ගුදය ආශ්‍රිතව ඇතිවන තෙරපීමෙන් එ ආශ්‍රිත ගෙඩි ඇතිවිය හැකියි. බොහෝ වේලාවට රියෑදුරන් තුළ මෙම රෝගී තත්වය මෙන්ම වෙනත් ගුදමග රෝග බොහොමයක්‌ හඳුනාගත හැකියි.

එ විතරක්‌ නොවේ. සමහර අවස්‌ථාවන්හි නිසිලෙස මළපහ කිරීමට අවශ්‍ය වූ විට නිසි ලෙස මළපහ පිට නොකිරීමත් මළවේග දරා සිටීමත් නිසා මෙම අර්ශස්‌ තත්ව ගුදමග ආශ්‍රිතව එන්න පුළුවනි. ඒවාගේම අධෝ වායු පිට නොකර හිඳීමෙන් ඇතිවන උග්‍ර මළබද්ධය නිසා ද මළමග අවසානයේ ඇහිරීමෙන් හා තැටමීමෙන් අර්ශස්‌ මතුවීමේ ඉඩකඩ පවතිනවා.

සමහර කාන්තාවන්ට ගර්භනී සමය තුළ ඇතිවන පීඩනයන් සමග අර්ශස්‌ ඇතිවීමේ අවදානමක්‌ පවතිනවා. විශේෂයෙන් එකලට හටගනු ලබන උග්‍ර මළබද්ධය මූලික වශයෙන් එකට හේතු වෙනවා.

එම විහරණයන්ගෙන් මෙන්ම ඉස්‌සෝ, කකුළුවෝ, දැල්ලෝ, හුරුල්ලෝ, කුම්බලාවෝ, අබ, විනාකිරි අච්චාරු, අන්නාසි, ලූණුදෙහි වැනි උෂ්ණාධික ආහාරයට අප දක්‌වන දැඩි කැමැත්තද මෙම රෝගය ඔබව හොයා එන්න හේතුවන බව ඉතා පැහැදිලිය.

මේ ගුදාශ්‍රිත රෝග සුවය ගැන ඔබ අවසාන වශයෙන් යමක්‌ කියනවා නම්

මෙහෙමයි. අර්ශස්‌ රෝගියකු තුළ දැකිය හැකි පොදු ලක්‍ෂණ හැටියට මළබද්ධය, බඩ පුරවා දැමීම, පෙන්නා දෙන්න පුළුවන්. ඒ වගේම ලේ යැම, තෙත ගැලීම, සීදන් යැම. කොන්ද, යටිබඩ හා දණහිස්‌ වේදනාව, ගැස්‌ට්‍රයිටිස්‌, මුත්‍රා අඩස්‌සිය, නොසන්සුන් බව අධික ලෙස තරහා යැම, හිස බර ගතිය, පීනස, ආදී අතුරු රෝග තත්ත්වයන් ද දකින්න පුළුවන්.

විශේෂයෙන් අර්ශස්‌ රෝග කියන්නේ බොහෝ කෙනෙක්‌ තව කෙනෙකුට කියන්න අකමැති තනිව වේදනා විඳිමින් හරියට ප්‍රතිකාර නොකළොත් ජීවිතයෙන් වුවත් වන්දි ගෙවීමට සුදානම් රෝගයක්‌. මේ රෝග තත්ත්වයන් සම්පූර්ණයෙන් සුව කිරීමට සියයට සියයක්‌ම දේශීය ඖෂධ යොදාගෙන පුරාණ වට්‌ටෝරුවක්‌ අනුව නිෂ්පාදනය කළ තෙලක්‌ මේ සඳහා අප භාවිතා කරනවා. ඒ වගේම අර්ශස්‌ වර්ගය අනුව විශේෂ වූ ක්‍රමවේද භාවිත කරමින් සති 4 ක්‌ හෝ 6 ක්‌ වැනි කෙටි කාලයකදී ඕනම තත්ත්වයක තිබෙන අර්ශස්‌ රෝගයක්‌ සම්පූර්ණයෙන් සුව කරල දෙනවා. ඒ වගේම අපේ ප්‍රතිකාර විදි අනෙක්‌ කාර්යයන් පැත්තකට දාල කළ යුත්තක්‌ නොවෙයි. මේ කාර්යය බහුල සමාජයේ ඕනෑම රැකියාවක නිරත වෙලා ඉන්න කෙනකුට වුණත් උදේ සවස මෙම ප්‍රතිකාර කර ගැනීමෙන් සම්පූර්ණ සුවයක්‌ ඇතිකර ගැනීමට හැකියාවක්‌ තිබෙනවා.

ඒ වගේම අර්ශස්‌ රෝගියෙක්‌ කියන්නෙ බොහෝ විට අපේක්‍ෂා භංගත්වයට පත්වුණ කෙනෙක්‌ එම නිසා පළමුව වෙද මහත්තය ගැනත් එයාගෙ ප්‍රතිකාරයන් ගැනත් විශ්වාසය තියල වෙද මහත්තය කියන විදියට වෙදකමත් හෙදකමත් කළොත් අනිවාර්යයෙන්ම මේ කෙටි කාලයේදී සුවය ලබා දෙන බව ස්‌ථිරවම අපි පොරොන්දු වෙනවා.

සමරනායක වෙදදුරු අර්ශස්‌ රෝගය පිළිබඳ මනා දැනුමක්‌ හා ඊට නිසි ප්‍රතිකාරයක්‌ කළ හැකි වෛද්‍යවරයකු බව අපට අසන්නට ලැබුණේ බොහෝ රෝගීන්ගෙනි. මේ පිළිබඳව මිනුවන්ගොඩ සිටි පැමිණි රෝගියකු මුලින්ම මා හා සාකච්ඡාවකට එක්‌වෙමින්... "මම රැකියාවකට කරන්නෙ වෙළෙ¹ම. සමහර වෙලාවට කාර්යබහුලකම නිසාත් කැෂියර් කූඩුවේ බොහෝ වේලාවක්‌ වාඩිවි සිටීම නිසාත් මට මේ රෝගය වැළඳෙන්න ඇති. අනෙක ආහාර නිසි වේලාවට නොගැනීමෙන් වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් දවසක්‌ මම මළපහ කරගන්න බැරිව වැසිකිළිය වටේ රවුම් කිහිපයක්‌ දිව්වේ වේදනාවෙන් කෑ ගස ගසා, කොහොම හරි මේ වෙද මහත්මයා හමු නොවුනා නම් ඇතැම් විට මගේ ජීවිතය නැතිකරගන්නත් ඉඩ තිබුණා. කොහොම වුණත් මම මේ වෙද මහත්තයාගෙන් ප්‍රතිකාර අරගෙන වැඩි දවසක්‌ ගියේ නැහැ රෝගයෙන් බාගයක්‌ම සුවවුණා. ඇත්තටම මේ ගැන පැහැදිලිව යමක්‌ කියනවා නම්, අපේ ඉස්‌පිරිතාලෙ දොස්‌තර මහත්වරු මට කිව්වෙ අර්ශස්‌ ගෙඩි කපල අයින් කරන්නෙ නැතිව බෙහෙත් බීල විතරක්‌ සුවකර ගන්න බැහැ කියලා. එත් මට දැන් හිතෙනවා සිංහල බෙහෙත්වලින් සුවකරගන්න බැරි රෝගයක්‌ නැහැ කියලා. තවත් සති කීපයක්‌ ප්‍රතිකාර කිරීමෙන් පසු අර රෝහලෙන් කපන්න කියපු අර්ශස්‌ ගෙඩි වලට මොකද වුණේය කියලා මට හිතාගන්න තරම්වත් බැරිවුණා.

අපි ලේසියටත්, පහසුවටත් ඉංග්‍රීසි ප්‍රතිකාර අරගෙන හැමදාම වේදනාවෙන් දුක්‌ විඳිනව මිස මේවගේ ස්‌ථිරවම සුවයක්‌ ලැබෙන ප්‍රතිකාරවලට යොමුවන්නේ නැහැ. මම හැමෝටම කියන්නේ සිංහල ප්‍රතිකාරවලට යොමු වෙනවා නම් රෝග සුවකර ගන්නවා කියන එක මහ ලොකු දෙයක්‌ නොවෙයි. මොකද මගේ අත්දැකීම් ඒකට සාක්‌ෂි දරන නිසා.

ඒ වනවිට සමරනායක වෙදදුරුගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි සිටි බොහෝ පිරිසක්‌ මේ ප්‍රතිකාරය ගැන කරුණු ඉදිරිපත් කිරීමට පෙළගැසී සිටියත් එක්‌ රෝගියකුගෙන් ලත් තොරතුරු මා සෑහීමකට පත් කළ හෙයින් තවත් තොරතුරු සොයන්නට නොසිතුවෙමි.

කෙසේ වෙතත් අර්ශස්‌ රෝගයෙන් අනන්ත අප්‍රමාණ දුක්‌ විඳින රෝගියෙකුට සති කීපයක ප්‍රතිකාරයෙන් එය සුවයට පත්වෙනවා නම් හෙළ වෙදකමේ මහිමය කෙතෙක්‌ද යන්න අපට වචනයෙන් විස්‌තර කළ නොහැක.

ඕනෑම අර්ශස්‌ රෝගියකුට, සතියේ දිනවල මහනුවර කුරුණෑගල පාරේ හෑදෙනිය නගරයේදීත්, ඉරිදා දිනවලදී කොළඹ කොට්‌ටාව පාරේ හිරිපිටිය දොළේකඩේ පාරේ අංක 129/6 යන ස්‌ථානයේදීත් අර්ශස්‌ රෝග විශේෂ වයි. පී. සමරනායක වෙදැදුරු හමුවී ප්‍රතිකාර ගැනීමට අවස්‌ථාව සලසා ඇත.



විමලසිරි අගලකඩ - දිවයින
සියල්ලන්ටම යහපත් පරිසරයක් තුළින් සොදුරු දිවයක් !!!පතමි.

Tuesday, September 23, 2014

කොඳු ඇට පෙළේ ආබාධයන්ට අත් දුටු ප්‍රතිකාර



ඇම්. ඒ. මදනායක වෙද මහතා - රෝගීන්ට නීරෝගී සුවය ලබා දීම මගේ මුඛ්‍ය අරමුණයි

කොඳු ඇට පෙළ ආශ්‍රිත බොහෝ රෝගාබාදයන් දේශීය වෙදකමෙන් සුව කළ හැකිද, නොඑසේ නම් මෙම රෝග කාරකයන් බටහිර ප්‍රතිකාර ඔස්‌සේ ශල්‍යකර්ම තුළින් සුව කළ හැකිද යන්න අද බොහෝ රෝගීන් දෙලොවක්‌ අතර හුදෙකලා කරන ප්‍රධාන ගැටලුසහගත තත්ත්වයකි.

කැඩුම් බිඳුම් වෙදකමේදී අස්‌ථි රෝගය කුමක්‌ වුවත් එනම් කැඩීම් පිපිරීම් පැනීම් සහ අස්‌ථි දිරා යැම් යන රෝගාබාධ දේශීය ප්‍රතිකාර තුළින් සුවකර ගැනීමට දක්‍ෂ වෛද්‍යවරයකුට එතරම් අපහසුවක්‌ නැත. මෙහිදී රෝගියාගේ වයස, රෝගයේ ස්‌වභාවය හා ඖෂධ සංයෝගයේ හැකියාව වේදැදුරු විසින් වටහා ගෙන කරන ප්‍රතිකාරය අති සාර්ථක ප්‍රතිඵල ගෙන නොදෙනවාය යන්න කිසිවකුට කිව නොහැකිය.

අස්‌ථි රෝග පිළිබඳව විමසුම් ඇස යොමු කරද්දී අපට වැඩිපුරම දක්‌නට ලැබෙන්නේ කොන්දේ ආබාදවලට ලක්‌වූ රෝගීන් හා හන්දි රෝගාබාදයන්ට ලක්‌ වූ රෝගීන්ය. මොවුන්ගෙන් වැඩි පිරිසක්‌ බටහිර ප්‍රතිකාර ලබා අන්තිමේදී සුව නොවූ තැන ශල්‍යකර්මවලට නියම වූවෝ වෙති. එහෙත් මෙහිදී ඇතැම් ප්‍රකාශ කළේ එම ශල්‍යකර්ම වැරැදී ගියහොත් ඇතැම් විට සදාකාලිකව අබ්බගාතයකු වීමට ඉඩ ඇති බවය.
එසේ නම් එම සැක මුසු ප්‍රතිකාරයකට යොමු වන්නේ කවරහුද යන්න ගැටලුසහගතය.
නමුත් දේශීය ප්‍රතිකාර තුළින් එවැනි අවදානම්සහගත ප්‍රකාශයන් නිකුත් නොවනවා මෙන්ම අතීරණයෙන් ප්‍රතිකාර කරන්නේද නැත.

මෙවැනි ආබාදවලට ස්‌ථිර වශයෙන්ම සුවයක්‌ ලබාදෙන දේශීය වෛද්‍යවරයකු පිළිබඳව අපගේ දැඩි අවධානය යොමු වූයේ බොහෝ රෝගීන්ගේ ඉල්ලීම මතය. මීට පෙරත් මෙම වෙදැදුරුවරයා ගැන අපගේ අවධානය යොමු වී මෙවැනි ලිපියකින් කරුණු හෙළිකළත් එයම ප්‍රමාණවත් නොවේ යෑයි මට සිතුන හෙයින් නැවත අසරණ වූ රෝගීන්ගේ සුවය සඳහා යම් සටහනක්‌ තබන්නට මේ සඳහා පෙළඹුණෙමි.
වැලිගම බොරාල පාරේ අස්‌ථි රෝග පිළිබඳ විශේෂ ඇම්. ඒ. මදනායක වෙදැදුරු සමග අප සාකච්ඡාවකට පිවිසෙමින් මෙවැනි රෝගාබාධයන්ට පිහිටවන්නේ කෙසේ දැයි විමසුවෙමු.
හෙළ වෙදකම පිළිබඳව කතාකරණ කොට ආසියාවේ තිබෙන පැරණිම වෙදකමක්‌ හැටියට මේ වෙදකම හඳුන්වන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන මේ වෙදකමේදී ඒ ඒ පරම්පරාවෙන්. පරම්පරාවට ආවේණික වුණු එහෙමත් නැතිනම් උරුම වුණු ප්‍රතිකාර විධි තිබෙනවා. දැන් මම කරන්නේ අපේ පරම්පරාවට උරුම වෙච්ච ප්‍රතිකාරයක්‌ සහ ඖෂධ සංයෝගයක්‌. මෙතැන්දී අප කැඩුණු අස්‌ථි යකඩ වගේ වෑල්ඩින් කරනව කියල කියන්නෙ නැහැ. ඒ වගේම කොළ වර්ග, පොතු වර්ග බැඳීම්, මල් වර්ගවලින් හදන මැල්ලුම් වර්ග, තැවිලි වර්ග පත්තු වර්ග ආදී වශයෙන් කෙරෙන ප්‍රතිකාර ක්‍රමයක්‌ අපි භාවිත කරන්නේ නැහැ.
ගොඩාක්‌ රෝගවලට බලපාන්නේ කොඳු ඇට පෙළේ ආබාධ වගේම ඒ ආශ්‍රිත ඇති නිල අවහිර වීමයි. මේවා අපි මුලින්ම හඳුනා ගන්නේ ලෙඩා සමග කතා කරලයි. සමහර උදවිය තමන්ගේ රෝගය ගැන කියන්න දන්නේ නැහැ. කිසියම් වේදනාවක්‌ එනව නම් ඒක රෝගයක්‌ හැටියට සළකලා බය වෙනවා. අතන මෙතන රිදෙනවා කියනව මිස පැහැදිලිව යමක්‌ කියන්න තේරෙන්නේ නැහැ. එහෙම වුණාම අපිට පැහැදිලි නිගමනයකට ඒම ගැටලු සහගතයි ඒත් අපි එතනින් නතර නොවී දිගටම ප්‍රශ්න කරන්නේ රෝගයේ කෙළවරක්‌ අල්ලගන්නයි. මෙතැන්දී අපි රෝගය හෝ ආබාධය හඳුනා ගන්නවා වගේම රෝගියාගේ මනසත් තරමක්‌ දුරට හදනවා.
අපේ කොඳු නාරටියේ ඇට 33 ක්‌ තියනවානේ. ඉන් අන්තිම පුරුක හැරෙන්න අනෙක්‌ 32 ම පොඩි ආබාධයක්‌ හැදුනත් ශරීරය ලෙඩ කරනවා.

අපේ මේ වේදකම අනුව කොඳු ඇට පෙළ කොටස්‌ හතරකට බෙදා දැක්‌වෙනවා. මේක තීරණය කරන්නේ අතේ වියත් ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් කොන්දේ ඉහළ ප්‍රදේශයේ ඉඳලා පහළට වියතක ප්‍රමාණයට මුල් කොටස හැටියට ගණන් ගන්නවා. මේ කොටස තමයි ශරීරයේ 90% ක්‌ ම රෝග හටගන්න හේතු පාදක වෙලා තියෙන්නේ. පාදවල ආබාධ හටගන්නේ දෙවැනි කොටසෙන්. තුන් වැනි වියත් ප්‍රදේශය හරිම සංකීර්ණයි. හතිය, කැස්‌ස, දියවැඩියාව, හෘදරෝග විශේෂයෙන් හටගන්නේ මේ කොටස දුර්වල වීමෙන්.
හතරවැනි වියත් ප්‍රදේශයෙන් බලපාන්නේ බෙල්ලෙන් උඩ කොටසට. ඇස්‌, කන්, නාස ආදියේ රෝග හටගන්නවා නම් ඒ හතර වැනි කොටසේ වෙනස්‌වීම් නිසා.

මේ ප්‍රතිකාර ක්‍රමය යමෙකුට පැහැදිලි කරන්න අමාරුයි. ඒ තරමට ගැඹුරුයි. ඒත් අපිට පළපුරුද්දෙන් හා අද්දැකීමෙන් හොඳ අවබෝධයක්‌ තිබෙන නිසා රෝගය හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා.
මදනායක වෙදැදුරු ඉතාමත් සූක්‍ෂමව රෝගියා පරීක්‍ෂාවට භාජනය කර ලබාගන්නා රෝග විනිශ්චයට ප්‍රතිකාර කරන්නේ වරදිනට නොවේ.
මේ තත්ත්වය යටතේ රෝගීන් දසදහසකට අධික පිරිසකට ප්‍රතිකාර කිරීමෙන් ලත් පලපුරුද්ද රෝගීන්ගේ දුක්‌බර ජීවිත වලට වටිනාකමක්‌ දීමට කෙතරම් ප්‍රයෝජනවත් දැයි අපට අමුතුවෙන් වටහා ගැනීමට අවශ්‍ය නොවීය.

ඇතැම් සිංහල ප්‍රතිකාරයන්ට අනුව කසාය නැලි ගණන් පානය කිරීමට අවශ්‍ය වුවත් මදනායක වෙදැදුරුගේ ප්‍රතිකාරයන්හිදී එසේ කිරීමට අවශය වන්නේ නැත. එනිසාම බොහෝ පිරිස්‌ මේ සඳහා යොමු වන අතර ඉන් ලබන සුවයද වචනයෙන් ප්‍රකාශ කිරීමට නොහැකි තරමට වටිනාකමක්‌ ද ඇත.
ප්‍රතිකාර ගන්න කාල වකවානුවේදී රෝගියා කෑම පාලනය ඉහළින්ම කළ යුතු යෑයි කියන වෙදැදුරු එය වසරකට වඩා සීමා කරන්නේ නැත.
මේ කොඳු ඇට පෙළේ ඇතිවන රෝග සඳහා විශේෂ අවධානයක්‌ යොමුකරවන මදනායක වෙදැදුරු පැහැදිලි විස්‌තරයක්‌ ප්‍රකාශ කරමින් මෙසේ පැවසීය.

අපි රෝගය හඳුනාගෙන කොඳු ඇටවල වෙනස්‌ වීම් එසේ නැත්නම් ගැස්‌සීම්, ස්‌නායු ක්‍රියා නොකිරීම්, නහරවල ලේ කැටිති ඇතිවීම් වගේ කරුණු නිරීක්‍ෂණය කරල ඒවා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරවල ශරීරයේ අභ්‍යන්තරයට වගේම පිටතටත් ප්‍රතිකාර ක්‍රම යොදවනවා. එසේ නොමැතිව මොන ආකාරයෙන් ප්‍රතිකාර කළත් රෝගය සුව වෙනවා කියන්න අපහසුයි.
අස්‌ථිවල, සන්ධිවල වගේම උකුල් අස්‌ථිවල කාටිලේජ වර්ධනය නොවීමෙන් සන්ධිවල ශබ්ද ඇතිවීම, වේදනාව ඇතිවීම, ඇවිදීමේ අපහසුව, නැවීම් සහ දිගහැරීමට අපහසුවීම, දැඩි වේදනාව ඇතිවීම නිතරම දකින්නට ලැබෙනවා.

මේ වගේ අවස්‌ථාවක අපි මේ කාටිලේජ වර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිකාර කරලා මෙම රෝග සුව කරවලා දෙනවා. අපි පැහැදිලිව යමක්‌ කියවානම් කැඩුණු අස්‌ථියකට වුවත් එය සවිවීමට කාටිලේජ වර්ධනයක්‌ කළ යුතුයි. මේ වගේ අවස්‌ථාවක රෝගියාගේ වයස්‌ සීමාව සැලකිල්ලට ගත යුතුමයි.
මම මෙතැන්දී විශේෂ යමක්‌ කියනවා. ඔය කොඳු ඇට පෙළේ තියන රෝග අපි ඉතාමත් කෙටි කාලයකින් සුව කරල පෙන්වනවා. අද දේශීය වෙදකමේ වටිනාකම ජනතාවගේ දැනුවත්භාවය ඉතාමත් අල්පයි. ඒකට එක හේතුවක්‌ තමයි බටහිර ප්‍රතිකාර ක්‍රම මිනිසුන්ගේ ඔලුගෙඩිවලට දාල ඔලුව විකාර කරල තියන එක.
මම ඕනතරම් උදාහරණ පෙන්වන්නම් කොන්දේ ආබාධවලට ශල්‍යකර්ම කරන්න ගිහිල්ලා සදාකාලිකව ආබාද වෙලා ඉන්න අය. එතෙන්දි වෙන්නෙ මේ ශල්‍යකර්ම කරන්න යැමෙන් යම් විදියකින් හෝ සුසුම්නාවට පුංචි හෝ ආබාධයක්‌ වුණොත් ඒ රෝගියා සදාකාලික අබ්බගාතයෙක්‌ වෙනවාමයි.
මේ තත්ත්වය බටහිර ෙවෛද්‍යවරුනුත් කියන කතාවක්‌. එයාලා දෙපැත්තට තියල ඇඟ බේරගෙන තමයි මෙවැනි ප්‍රතිකාරයන් කරන්න හදන්නේ. නමුත් අපි පැහැදිලිවම කියනවා කිසිම දිනෙක අංශුවකින් හෝ රෝගියකුට බාදාවක්‌ නොවෙන්න. එහෙමත් නැත්නම් අතුරු ආබාධයක්‌ ඇති නොවන්න අපි මේ රෝගය සුව කරල පෙන්වනවා.

අපි ළඟට එන රෝගීන්ගෙන් වැඩිපුරම එන්නේ කොන්දේ ආබාධවලට ප්‍රතිකාර ගන්න අය. ඒ අයට විශේෂ පහසුකම් සපයල නේවාසිකව ප්‍රතිකාර කරනවා. ඇතැම් වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ලක්‍ෂ ගණන් යන ශල්‍යකර්ම නොකර දින දෙක තුනක ප්‍රතිකාරයෙන් අපි සුවකරලා දෙනවා.
මේක හෙළ වෙදකමේ සුවිශේෂී බව. පරපුරෙන් පරපුරට එන වෙදකමක්‌ නිසා මෙහි වෙනස්‌වීම් ඇතිවන්නේ නැහැ.

කොහොම වුණත් දේශීය වශයෙන් අපේ අයට මේ ප්‍රතිකාරයන්ගේ ඇති වැදගත්කම නොතේරුණාට ඇතැම් බටහිර වෛද්‍යවරුන් නිරතම අපි ළඟට ඇවිත් ප්‍රතිකාර ගෙන සුවපත් වෙලා යනවා. ඒ ඒ රටවලට ආරාධනයකුත් කරලා.

විශේෂයෙන් මේ ප්‍රදේශ සංචාරක කලාප නිසා නොයෙක්‌ නොයෙක්‌ ආබාධවලට ලක්‌වන පිටරැටියෝ වැඩියි. ඒත් එයාලම කියන ඒ දියුණුය කියන ප්‍රතිකාරයන් වලට අවනත නොවී අපේ දේශීය ප්‍රතිකාරවලට නැඹුරුවෙලා තියෙන්නේ මෙහි තිබෙන ප්‍රත්‍යක්‍ෂ බව නිසා.

කොඳු ඇට පෙළේ ආබාධ මුල් කාලයේදී සුව කර නොගත්තොත් කල්ගත වන විට පාද දක්‌වා දිවයනවා. මෙහිදී ඇතිවන වේදනාව ජීවිතය කලකිරවන එක නතර කරන්න බැහැ.
මේ ළඟදි දවසක කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි රෝගියෙක්‌ මගෙන් ප්‍රතිකාර ගත්තේ එක පාදයක්‌ අප්‍රාණික වෙච්ච එකට. පාදය අද්දව අද්දව ආපු රෝගියා දින කිහිපයකින් මම සුවපත් කරවල යෑව්වා. ඕනම කෙනෙක්‌ ඉල්ලනවා නම් ඒ රෝගීන්ගේ දුරකථන අංක පවා අපිට සාක්‍ෂි වශයෙන් සැපයීමට එතරම් අපහසු නැහැ.
මෙවැනි කොන්දේ ආබාධ තියන අය කල්ගත වන විට අස්‌ථි ඇදවී පැත්තකට හැරෙනවා. මේ වගේ රෝගීන් වසර ගණනාවක්‌ බටහිර ප්‍රතිකාර අරගෙන අතේ සතේ නැතිව තමයි මෙතෙන්ට එන්නේ. මොකද වෛද්‍යවරු කියන කියන සෑම බෙහෙතකටම වියදම් කරන කොට මොනවද ඉතිරි වෙන්නේ. අවසාන වශයෙන් අපි එක දෙයක්‌ කියනවා ඕනෑම බටහිර වෛද්‍යවරයකුට සුව කරන්න අපහසුයි කියන කොන්දේ අමාරුකම් අපි දින කිහිපයක්‌ ඇතුළත සුව කරලා සිංහල වෙදකමේ බලය පෙන්වා දෙනවා.

මේ ප්‍රතිකාරය කරන්නේ අපිමයි ඒ කියන්නේ අපේ අතින්මයි. සෑම ඖෂධයක්‌ම සිදුකරන්නේත් අපිමයි.
මෙවැනි රෝගවලදී සම්භාහනය කිරීමක්‌ හා නිල තෙරපීමකුත් කරනවා. ඒ කරන්නේ ආවාට ගියාට නොවෙයි අති පැරැණී ඖෂධ ඇඟ පුරා ගැල්වීමෙන් පස්‌සෙ. මේ ප්‍රතිකාරය කොන්දේ ආබාධවලට අමතරව අනෙකුත් රෝගයන් සමනයට ඉවහල් වෙනවා.

වසර ගණනාවක්‌ නොකඩවා රෝගීන්ගේ ආබාදවලට නිසි ප්‍රතිකාරයක්‌ කර ලබපු අද්දැකීම් හා පළපුරුද්ද තුළින් අවසාන වශයෙන් කීමට ඇත්තේ කුමක්‌ දැයි මම වෙදැදුරුවරයාගෙන් විමසුවෙමි.
අවසාන වශයෙන් මගේ ප්‍රතිකාර විධි සහ රෝගය හඳුනා ගැනීමේ ක්‍රම මේකය මේකය කියල එකින් එකට විස්‌තර කරනවාට වඩා පැමිණෙන ඕනෑම රෝගියකුට භේදවලින් තොරව සුවපත් කරවනවා කියන එක පැහැදිලිව කිව යුතුයි. මෙතැන්දී අස්‌ථි සම්බන්ධයෙන් විශේෂයෙන් කියනවා නම් කොන්දේ හෝ වේවා උකුළු ඇටේ හෝ වේවා අනෙක්‌ සන්ධි හෝ වේවා ඕනෑම ස්‌ථානයක ඇති ආබාධ මුළුමණින්ම අයින් කරලා සැහැල්ලු ජීවිතයක්‌ ගතකරන්න වගේ නිරෝගී ජීවිතයක්‌ උදාකරලා දෙනවා කියන එක මම ස්‌ථිරවම කියනවා. ඒ වගේම අස්‌ථි අපහසුයි කියන ආබාධ තියෙනවා නම් අභියෝගාත්මක සුවපත් කරලවත් පෙන්වනවා.
මෙතුමගේ
දුරකථන අංකය -  0412251056/077-5565458
ලිපිනය - ඇම්. ඒ. මදනායක වෙද මහතා ,“හෙළ වෙද ගෙදර”, ඉබ්බාවර වැව අසල, වැලිගම, මාතර.

විමලසිරි අගලකඩ - දිවයින / ඡායාරූපය රන්දලී පබසරා - දිනමිණ

Friday, September 19, 2014

දේශීය වෙදකමෙන් බයි පාස්‌ සැත්කමට අභියෝගයක්‌


https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/10402545_508901635909470_2308409312979478225_n.jpg?oh=adb652a11bb8a4f4246ffb93e7e5059f&oe=54D01261&__gda__=1422333885_863b551c3dcc0dad891449819ebfd1e0
ඔබට බයි පාස්‌ සැත්කමක්‌ කරන්න සිදුවේවි යෑයි යමෙකුට, වෛද්‍යවරයකු පැවසුවහොත් ඔහුගේ හෝ ඇයගේ මානසිකත්වය හා ජීවිතය පිළිබඳ අනියත බිය මෙතකැයි කියා අපට වචනයෙන් විස්‌තර කළ නොහැක. මෙතුළින් පැහැදිලිවන්නේ මෙම සැත්කමේදී තමන්ට දැරීමට සිදුවන ජීවිත අවදානම හා අනතුරුදායක බව නොවේද.

මෙයට දශක කිහිපයකට පෙර හදවත් සැත්කම් කිරීමට හැකිවූයේ ඉන්දියාවේ ඇපලෝ රෝහලෙන් පමණි. මෙරට රෝහල්වල එවැනි සැත්කම් නොකිරීම ඊට හේතුවී තිබුණෙන් තමන්ගේ ජීවිතය රැක ගැනීමට අතමිට සරු බොහෝ පිරිස්‌ ඉන්දියාවට යමින් ලක්‍ෂ තුනහතරක්‌ වියදම් කර ප්‍රතිකාර ගත්තත් නැති බැරි අයට ජීවිතයෙන් සමුගැනීමට සිදුවිය.
පසුකාලයේ ශ්‍රී ලංකාවේද හදවත් සැත්කම් කිරීමට රජයේ රෝහල් පෙරමුණ ගත්තේය. එහෙත් එය කරගැනීමට නම් අඩුමතරමේ වසර කිහිපයක්‌වත් පොරොත්තු ලේඛනවල සිටිය යුතුය. එසේ නොමැති නම් පෞද්ගලික රෝහල්වලින් තම හදවත් රෝගයට ප්‍රතිකාර ගැනීමට අඩුතරමේ රුපියල් ලක්‍ෂ හතක්‌ අටක්‌ වැය කිරීමට සිදුවන බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක්‌ නොවේ.
එහෙත් මෙවැනි හදවතේ ඇතිවන ආබාධ වලට සැත්කම් නොකර හෙළ වෙදකම මහා බල සම්පන්න යෝධයකු ලෙස පෙරමුණ ගෙන ක්‍රියා කරන්නේ නම් එය අපට විශ්වාස කළ නොහැකි තරමට පුදුම සහගත බවක්‌ උසුලන්නේය.
නවීන ලෝකයේ සුවිශාල විප්ලවයකට තුඩුදී තිබෙන බටහිර වෛද්‍ය විද්‍යාවේ ආරම්භය දේශීය වෙදකම හා ආයුර්වේදය බව නොරහසකි. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවේ තිබෙන තාක්‍ෂණික සුව පහසුව ලබාදෙන ක්‍රම නිසා දේශීය වෙදකම හා ආයුර්වේදය ආපස්‌සට තල්ලුවෙමින් එය පොත පතට හා ගමේ ගොඩේ වෙද මහතාට පමණක්‌ සීමා වෙමින් තිබේ.

එහෙත් මෙම තත්ත්වයට අභියෝග කරමින් හදවත් සැත්කම් නොකර දේශීය වෙදකමෙන් ඉතා කෙටි කලකදී සුවය ලබාදීමට හැකි වෙදැදුරුවරියක්‌ සිටිනවා යෑයි කීවොත් එය විශ්වාස කළ නොහැකි තරමට පුදුම සහගත විය හැක.

හෘද වස්‌තු=වේ ලේ ගමන් ගන්නා නහර වල ලේ ගමන අවහිරවනු ලබන්නේ රුධිරයේ තැන්පත් වී තිබෙන මේද කැටි ගැසීමෙනි. "බයිපාස්‌" නමැති එම සැත්කම කරනු ලබන්නේ එම මේද කැටි තිබෙන නහර කපා ඉවත් කොට ඒ වෙනුවට අලුතින් නහරයක්‌ බද්ධ කිරීමය. නමුත් දේශීය වෙදකමේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය මෙයට හාත්පසින්ම වෙනස්‌ මගක්‌ ගන්නා බව නොරහසකි.

එවකට පොලොන්නරුව කදුරුවෙල නව නගරයේ පදිංචිව සිටි රන්බණ්‌ඩා වෙදැදුරු පැරැණි දේශීය වෙද පරම්පරාවකට නෑකම් කියූ දක්‍ෂ හෙළ වෙදැදුරුවරයෙකි. පැරණි පුස්‌කොළ පොත් ඉතා ඉවසීමෙන් හා බුද්ධිමත්ව පරිශීලනය කරමින් පැරණි දේම සොය සොයා ඔහු මෙම හදවත් රෝගවලට මහෝෂධයක්‌ සොයා ගැනීමට හැකිවී තිබේ. ඔහු ඉන් නොනැවතී එයට තව තවත් ඖෂධ එකතු කරගනිමින් හදවතේ මොනම තත්ත්වයක ආබාධ ඇතිකළත් ඊටද නිසි ප්‍රතිකාරයක්‌ කිරීමට තරම් හැකිවන පරිදි එම ඖෂධ වැඩිදියුණුකර ගත්තේ දිගුකාලීන පර්යේෂණවල ප්‍රතිඵලයක්‌ වශයෙනි.

අද වන විට මෙම වෙදැදුරු ජීවිතයෙන් සමුගෙන තිබුණත් මීට දශක කිහිපයකට පෙර මෙරටෙහි හදවත් සැත්කම් නොතිබුණ යුගයක එවැනි රෝගීන් සිය ගණනක්‌ සුවකර තිබුණේ බුලත්කොළයකට පමණක්‌ සීමාවෙමින් තිබූ මුදලකින් පමණක්‌ සෑහීමකට පත්වෙමිනි.

මෙම ප්‍රතිකාරයේදී ඔහුට අවශ්‍ය වී තිබුණේ හෘදය වස්‌තුවේ ඊ. සී. ජී. වාර්තාවක්‌ පමණි. එය පරීක්‍ෂාවකින් පසු හෘද වස්‌තුවට පිටින් බෙහෙත් ප්ලාස්‌ටරයක්‌ යොදමින් කළ ප්‍රතිකාරය වැරදුණ පුද්ගලයකු නම් නොවීය.
දුර්ලභ ගණයේ ඖෂධ ඇතුළත් මෙම බෙහෙත් ප්ලාස්‌ටරය හෘදය වස්‌තුවේ ඇතුළත ලේ නහරවල තිබෙන මේදය පමණක්‌ නොව පිටතින් වැසී තිබෙන මේදයද දියකර හැරීමේ මහා ශක්‌තියක්‌ ගැබ්වී තිබිණි.
සාමාන්‍ය රෝගියකුට මෙම ප්ලාස්‌ටරය යොදනු ලබන්නේ මාසයක පමණ කාලයක්‌ තුළ දින තුනක්‌ වැනි කෙටි කාලයකි. රෝගී තත්ත්වයේ බරපතළකම අනුව තවත් කෙටි කාලයක්‌ ගත වූවත් ප්‍රතිඵලය අති සාර්ථක බවක්‌ උසුලා තිබිණි.

මෙම දක්‍ෂ ඉසිවරයා අප ජාතියෙන් සමුගන්නේ එවැනිම දක්‍ෂකමින් හෙබි දියණියක්‌ රටට ජාතියට බිහිකර සිය යුතුකම නොපිරිහෙලා ඉටු කිරීමේ පරම පවිත්‍ර ෙච්තනාවෙන්ම විය යුතුය.
පසුගිය දිනෙක මෙම වෙදැදුරුවරිය සොයා අප පොලොන්නරුව නව නගරයේ වසුන්දරා මාවතේ සුව මැදුරට ගියෙමු. ඒ වන විටත් රෝගීන් රැසකට ප්‍රතිකාර කරමින් සිටි ඇය තරමක කාර්ය බහුල තත්ත්වයක පසුවෙනවා පෙනුණෙන් අසල සිටි රෝගීන් කිහිප දෙනකු හා සම්බන්ධ වෙමින් මෙම වෙදැදුරුවරියගේ ප්‍රතිකාර පිළිබඳව සොයා බැලුවෙමු.

පළමුවෙන්ම අප හා විස්‌තර සැපයීමට ඉදිරිපත් වූයේ මැදි වයසේ පුද්ගලයෙකි. තම අනන්‍යතාව හෙළිකිරීමට තරමක්‌ අකමැත්තක්‌ ප්‍රකාශ කළ ඔහු තමාගේ හදවතේ රෝගයට රජයේ රෝහලින් සැත්කමක්‌ කිරීමට නියම කර තිබුණත් ඒ සඳහා අඩුතරමේ වසරක කාලයක්‌ ගතකිරීමට සිදුවන බව තමන්ට දැනුම් දුන් බවත් මෙය පෞද්ගලික රෝහලකින් කර ගැනීමට මුදල් නොමැති නිසා තමන් ඉතා අසරණ තත්ත්වයකට පත්වූ බවත් එනිසාම ජීවත්වීමේ අපේක්‍ෂාවන් අත්හැරි බවත් පැවැසීය.

"මුලින්ම මට බයිපාස්‌ සැත්කමක්‌ කරන්න සිදුවෙලයි කියල වෛද්‍යවරු කියපු දවසෙ මගේ ජීවත් වීමේ ආසාව කඩාගෙන වැටුණා. කොටින්ම මරණ බයක්‌ ඇතිවුණා. මේකෙ අවදානම් පැත්ත අහල දැකල තියන නිසයි මට එහෙම ඇතිවුණේ. අනික මගේ හිත මිතුරන් කිහිපදෙනකුම අද වන විට සමු අරගෙන තියෙනවා මේ සැත්කම් කරන්න ගිහිල්ලා. අන්තිමේදී මේ වෙදනෝන ගැන අපට අහන්න ලැබුණෙ සුවවෙච්ච හදවත් රෝගියකුගෙන්.

දැනට මම මාස කිහිපයක ඉඳල ප්‍රතිකාර ගන්නවා. වෛද්‍ය වාර්තාවලට අනුව තිබුණ අවදානම් තත්ත්වය පහවෙලා කියලා ඒ වාර්තාවල තිබුණා යෑයි පැවැසීය.
මේ වෙදැදුරුවරිය අන් කිසිවකු නොව එච්. ආර්. ටිකිරි බණ්‌ඩා වෙදැදුරුගේ දියණිය වූ එච්. ආර්. තමරා ප්‍රියන්ති මංගලිකාය.

පැයකට අධික කාලයක්‌ තුළ වෙද මැදුරෙහි රැඳී සිටි අපට ඇය හමුවීමට හැකි වූයේ තවත් රෝගීන් රැසකට ප්‍රතිකාර කිරීමට ඉතිරිව තිබියදීයි.
"ඔබේ පියා සර්වාංග රෝගවලට අමතරව සියලුම හදවත් රෝගවලට ඉතාමත් දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ කියල අපට අසන්නට ලැබුණා. මේ පිළිබඳව යම් තොරතුරක්‌ සොයා අපි ආවේ" මුලින්ම සාකච්ඡාවකට පිවිසෙමින් මම ඇසීමි.

අපේ අප්පච්චිගෙ දක්‍ෂකම ඇත්තටම මට වඩා පියාගෙන් ප්‍රතිකාර ගෙන සුවවූ රෝගීන්ම තමයි වැඩියෙන් දන්නෙ. මොකද දැනටත් ඒ අය ජීවත්වෙලා ඉන්න නිසා.
"ඒ හදවත් රෝගීන්ද"
"සාමාන්‍යයෙන් අනෙක්‌ රෝගවලට වඩා හදවත් රෝග විශේෂත්වයක්‌ ගන්නවනේ. මේ රෝගයේදී ජීවිත අවදානම වැඩියි. ඒ ජීවිත අවදානම ඉතාමත් වගකීමකින් යුක්‌තවයි මගේ අප්පච්චි භාරගත්තෙ.
ඒ කියන්නෙ ඔබේ අප්පච්චිට හදවත් රෝග සුවකරනව කියන එක ඒ තරම් ප්‍රශ්නයක්‌ නොවෙයි කියන එක.
ඇත්තටම නිවැරදියි. අප්පච්චි "බයිපාස්‌" කරන්න නියම වූ රෝගීන් විශාල ප්‍රමාණයක්‌ සුවකරල තියෙනවා. ඒ රෝගීන් කිහිපදෙනෙක්‌ අදටත් ජීවත්වෙලා ඉන්නවා.
හොඳයි මට ලැබුණ තොරතුරුවලට අනුව අප්පච්චිගේ ප්‍රතිකාරයන්ටත් එහා ගිය සාර්ථක ප්‍රතිකාරයක්‌ ඔබ සතුව තියෙනවා කියල දැනගන්න ලැබුණා. ඒ ගැන හොඳ සාක්‍ෂි කිහිපයකුත් අපට මෙතනදීම තහවුරු කර ගැනීමට හැකිවුණා ඒ ගැන යමක්‌ කිව්වොත්.
මගේ අප්පච්චිගෙ වෙදකමට එහා ගිය වෙදකමක්‌ මම කරනවාද කියල කියන්න මම දන්නෙ නැහැ. මොකද මමත් මේක ඉගෙන ගත්තෙ අප්පච්චිගෙන් නිසා. ඒ කොහොම වෙතත් මගේ අප්පච්චි දුන්න සියලු දේ මම ප්‍රගුණ කළා.
"බයිපාස්‌ සැත්කමට නියම වූ රෝගියෙක්‌ ඔබ ළඟට ආවොත්"
බයිපාස්‌ සැත්කමක්‌ නොවෙයි ඒ සැත්කම් කරන්න බැහැයි කියල රෝහල්වලින් ප්‍රතික්‍ෂේප කරන අයත් මා ළඟට ඇවිත් තියෙනවා. ඒ සෑම කෙනෙක්‌ගෙම ජීවිත අවදානම මම තුරන් කරල ඒ අභියෝගය භාරගෙන තියෙනවා.

විමලසිරි අගලකඩ - දිවයින
ලිපිය සැපයුවේ අජිත් ජයසූරිය

ලෙඩට බෙහෙත් දී කන්න බොන්නත් දෙන ගඟුලේ ‘ඇස් වෙද ගෙදර’


වර්තමානයේදී වෙදකම වෘත්තියක් බවට පත් වී ඒ සඳහා මිලක් නියම වුව ද, අතීතයේ බොහෝ විට අප රටේ වෙදකම පැවතියේ සේවාවක් ලෙස ය. වෙද මහතා ගමේ ප්‍රභූ®වරයෙකි. ඔහු ගමට ආභරණයකි.
වෙද ගෙදර නිතර මිනිසුන් ගැවසෙන ස්ථානයක් විය. වෙද මහතා භාර ගත්තේ සතුටින් දෙන තුටු පඬුරක් පමණි. එමෙන් ම වෙද ගෙදරට පැමිණෙන රෝගීන් හට ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීම ද වෙද මහතාගේ සිරිත විය. අතීතයේ වෙද ගෙදරක තිබූ එම ලක්ෂණ වර්තමානයේදී ද දැකගත හැකි නම් ඔබ පුදුමයට පත්වනු නිසැක ය. එහෙත් එය සත්‍යයකි.
මේ වෙද ගෙදර පිහිටා තිබෙන්නේ පාණදුර හිරණ ප්‍රදේශයේ ය. ස්ථානය නිවැරදි ලෙසට පවසන්නේ නම් හිරණ ප්‍රදේශයේ ගඟුල පන්සල ආසන්නයේ 1 කණුව අසලින් මීටර් සීයක් පමණ දුරින් වූ කඳු පාමුලක ය. පාණදුර බස් නැවතුම්පළින් ‘හිරණ 457’ බසයකින් මෙහි ළඟා විය හැකි ය.
අපගේ කතානායකයා වන මේ වෙද මහතා සැම හඳුන්වන්නේ ගඟුලේ ඇස් වෙද මහතා ලෙස ය.
එහෙත් ඔහුගේ නම බී. සෝමදාස ප්‍රනාන්දු ය. සෝමදාස වෙද මහතාට මෙම වෙදකම උරුම වූයේ පරම්පරාවෙනි. සෝමදාස මහතාගේ පියා ප්‍රදේශයේ සිටි පාරම්පරික වෙද මහතෙකි. ගඟුලේ ඇස් වෙද මහතා ලෙස සෝමදාස මහතාව හඳුන්වන්නේ විවිධාකාර වූ අක්ෂි රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ඔහු සතු නිසා ය. ඇත්තෙන් ම ඔහු අක්ෂි රෝග විශේෂඥයෙකි.
ඇසට ඇති වූ රෝගය ඇසේ සුද වුව ද, ඇසේ පීඩනය වැඩිවීම (ග්ලූකෝමා) වුව ද ඇසිපිය ඔසවා ගැනීමේ අපහසුව වුව ද කුඩා දරුවකුට ඇති වූ වපරයක් වුව ද එසේ නැතිනම් ස්නායු ආබාධයක් නිසා ඇස රෝගී වුව ද එම සෑම අක්ෂි රෝගයකට ම ගඟුලේ වෙද මහතා ළඟ ප්‍රතිකාර ඇත. අක්ෂි රෝගවලට අමතරව දියවැඩියාව, අංශභාගය, හන්දි කැක්කුම, මෙන් ම විවිධ ස්නායු ආබාධ සඳහා ගගුලේ සෝමදාස වෙද මහතා සතුව ප්‍රතිකාර ඇත. කිසියම් රෝගියකු හට ප්‍රතිකාර කිරීමේදී ගැටලුවක් මතු වූ විට සෝමදාස මහතාට පිහිට වන්නේ පරපුරෙන් පරපුරට දැනුම ගෙන ආ පැරණි වෙද පුස්කොළ පොත් ය.
වසර ගණනාවක් රෝගීන් දහස් ගණනකට සුවසෙත ලබා දුන් සෝමදාස වෙද මහතා මේ වනවිට මීළඟ පරපුර වෙත වෙදකම පවරා ඇත. ඒ; සෝමදාස මහතාගේ වැඩිමහල් පුත් ඉෂාර ප්‍රනාන්දු වෙත ය. වර්තමානයේ රටපුරා වෙද නිවෙස් කොතෙකුත් ඇතත් ඒ කිසිවෙක නොමැති විශේෂත්වයක්, ගඟුලේ වෙද මහතා පිළිබඳව තොරතුරු සෙවීමට අප පෙලඹවීය. ඒ; වෙදකම සඳහා මිලක් නියම නොකිරීම ය. අතේ තිබෙන කීයක් හෝ මුදලක් වෙද ගෙදර තිබෙන පෙට්ටියට දමා යා හැකිය. පෙට්ටියට මුදල් නොදැමුව ද සැමට සමානව වෙද ගෙදරින් සේවය සැලසේ.
තවත් විශේෂයක් ඇත. ඒ උදේ 10 ට පමණ තේ කෝප්පයකුත් දහවල් කෑමත් වෙද ගෙදරින් නොමිලේ සැපයීම ය. එය ඉතා පෝෂ්‍යදායි අංගසම්පූර්ණ ආහාර වේලකි. මුදල් හිඟ පාඩු ඇති අයෙකුට නිවෙසට යාමට බස්ගාස්තු පවා ඇතැම්විට වෙද ගෙදරින් ලැබෙයි.
මෙම විශේෂත්වයන් කීපය නිසා ම පසුගිය දිනෙක අපි හිරණ ගඟුලේ වෙද නිවෙසට ගියෙමු. ඒ වනවිට වෙද නිවෙස ඉතා කාර්ය බහුල ස්වභාවයක් ඉසිලීය. රෝගීන් 250 ක ආසන්න පිරිසක් එහි සිටින්නට ඇත. බොහෝ දෙනකු සිටියේ පත්තුවක් වැනි යමක් දෑස් වටා දමාගෙන ය. තැනෙක ගඟුලේ වෙද මහතාගේ පුත් ඉෂාර ප්‍රනාන්දු වෙද මහතා ඇස් පරීක්ෂා කරයි. තවත් ස්ථානයක පොට්ටනිවලින් ඇස් තවන පිරිසකි.
තවත් තැනෙක ඇස් වටා පත්තු ගැල්වෙයි. තෙල් ගල්වා ඇස වටා සම්බාහනය කරයි. එතැන විවිධ වයස් මට්ටම්වල විවිධ සමාජ මට්ටම්වල විවිධ ආර්ථික මට්ටම්වල පුද්ගලයෝ සිටිති. කුඩා දරුවන් කීප දෙනෙක් භික්ෂූන් වහන්සේ නමක්, තරුණ තරුණියන් කීප දෙනෙක්, විශ්‍රාමික විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ඒ අතර සිටිති. මෙහි දී සෑම දෙනාම එක හා සමාන ය. ඇස් වටා පත්තු තබාගත් ඇතැම්හු බෙහෙත් සෑදීමට අවශ්‍ය කොළ වර්ග සකසති. ඇතැම් රෝගීහු මුළුතැන්ගෙයි වැඩටත් උදව්වෙති.
එක් කාමරයක මුනින් අතට බිම දිගා වූ කාන්තාවකි. ඇයගේ කොන්දේ ඖෂධීය පත්තුවකින් මැද්දට ඖෂධීය තෙල් දමා ඇත. ඇයට කොන්දේ ආබාධයකි. මේ සෑම දෙයක් ම සිදුවන්නේ සෝමදාස වෙද මහතාගේත් ඉෂාර ප්‍රනාන්දු වෙද මහතාගේත් අධීක්ෂණය යටතේ ය. මෙම සද් කාර්ය පිළිබඳව තොරතුරු සෝමදාස වෙද මහතා ගෙන් විමසුවෙමු.
“මට මේ වෙදකම උරුම වුණේ මගේ පියාගෙන්. මෙය පරම්පරාවෙන් පරම්පරාවට එන වෙදකමක්... දවසකට 250 ත් 300 ත් අතර පිරිසක් මෙහාට එනව බෙහෙත් ගන්න. මෙතැනින් උදේ 6.00 ඉඳල නොම්මර දෙනවා. ඒ අනුපිළිවෙළට තමයි අපි වෙදකම් කරන්නේ. මෙතෙන්ට එන වැඩි දෙනෙක් ඇස් අමාරුවලට ප්‍රතිකාර ගන්න එන උදවිය.
අපි දහවල් 12 ට ප්‍රතිකාර කිරීම නවත්වනවා. ඒ ඇස්වලට දවල් 12 න් පස්සේ ප්‍රතිකාර කිරීම සුදුසු නොවන නිසයි. දවල් 12.30 අපි දවල් කෑම දෙනවා. කිසිම දේකට සල්ලි ගන්නෙ නෑ. තමුන්ට හැකි මුදලක් මෙතන තියන පෙට්ටියට දමන්න පුළුවනි. ශතයක්වත් දැම්මේ නැතත් අපි ඒ ගැන සළකන්නේ නෑ. අපි වෙදකමට මුදලක් නියම නොකරන්න හේතුවක් තියෙනවා.
ඇස්වලට ප්‍රතිකාර කරන විට දිනපතා දින 15 ක් පමණ ප්‍රතිකාර කළ යුතුයි. අක්ෂි ආබාධයේ ස්වභාවය අනුව ඒ දින ගණන වෙනස් වෙනවා. ඇතැම් උදවිය මෙහාට එන්නෙ බොහොම ඈත ඉඳල. වියදම් දරාගෙන. දුප්පත් මිනිසුන්ට විශාල මුදලක් වියදම් කරන්න අමාරුයි. අපි වෙදකමටත් මිලක් නියම කළොත් ඒ මිනිස්සුන්ට සිද්ධ වෙන්නෙ හැමදාම අඳුරේ ඉන්න.
ඒ නිසයි අපි වෙදකමට මුදල් අය නොකරන්නේ. මේ වැඩේ කරගෙන යන්නෙ ඉතාම අමාරුවෙන්. මමයි බිරිඳයි දරුවන් දෙදෙනෙකුයි මේ වැඩේට කැපවෙලයි ඉන්නෙ. අනෙක් දරුවො වෙනත් රැකියාවල් කළත් වක්‍රාකාරව හෝ හෝ මේ වැඩේට උදව් වෙනවා. මෙතන බෙහෙත් හදන්න, උයන්න පිහන්න 20 ක පමණ සේවක පිරිසක් ඉන්නව.
ඔවුන්ට පඩි ගෙවන්න ඕන. මෙතනට එන රෝගීනුත් මෙතන හැම වැඩකටම උදව්වෙනවා. ඒ වගේ ම මේ වැඩේට පරිත්‍යාගශීලින්ගෙනුත් උදව් ලැබෙනවා. එක මහත්තයෙක් මාසෙකට ඇතිවෙන්න පොල් එක පාර ගෙනත් දෙනව. මම කවදාවත් දැකලවත් නැති විශ්‍රාමික මහත්මයෙක් එයාගෙ විශ්‍රාම වැටුපෙන් රුපියල් 500 ක් හැම මාසෙම තැපෑලෙන් එවනව.
හැබැයි මේ ශාලාව පවත්වාගෙන යන ඉඩම වෙන්දේසියකින් ගත්තෙ. 2017 අවුරුද්ද වනතෙක් මාසෙට රුපියල් විසිදාහ ගානෙ ගෙවන්න ඕන. සමහර මාසවල ගෙවාගන්න බැරි වෙනවා. ඒත් කොහොම හරි මේ වැඩේ කරගෙන යනවා. අපේ ඇස් වෙදකමේ විශේෂත්වය තමයි කිසිම ඇස් රෝගයක දී ඇසට බෙහෙත් නොදැමීම.
සමහර ඇස් අමාරු වලට කකුලට බෙහෙත් බඳින්න වෙනවා. බෙහෙත් සොයාගන්න ගොඩක් දෙනා උදව් වෙනවා. අපි මේක කරන්නේ ව්‍යාපාරයක් විදියට නෙමේ; සේවාවක් විදියට. මගෙ ලොකු පුතා ඉෂාර ප්‍රනාන්දු තමයි, දැන් වැඩියෙන් වෙදකමට යොමු වෙලා ඉන්නෙ. එයාට මගේ පාරම්පරික දැනුම සේරම දීල තියෙනව. ඒ වගේ ම එයා බොරැල්ල ආයුර්වේදයෙන් වෙදකම හදාරපු කෙනෙක්. එයා මටත් වඩා බොහොම සාර්ථක විදියට වෙදකම කරගෙන යනවා.”
අපි ඉෂාර ප්‍රනාන්දු තරුණ වෙද මහතා සමඟ ද කතා බහ කළෙමු.
“මේ වෙදකම මට පරම්පරාවෙන් උරුම වුණු දේ. මම හරිම ආශාවෙන් තමයි මේ වෙදකම කරන්නේ. රෝගියාව පරීක්ෂා කරල අපිට කියන්න පුළුවනි සුව කරන්න පුළුවන්ද, බැරිද කියල. ඒ අනුවයි අපි රෝගියාව බාර ගන්නෙ. මට තාත්තා කියල තියෙන්නෙ කෑම බීම දෙන්න පු‍්‍රළුවන් තාක්කල් මේ වෙදකම කරන්න කියලයි. ඒක මම කොහොම හරි කරනවා.
අද බොහෝ දෙනෙකුගේ ඇස්වලට විවිධ ආබාධ ඇතිවෙනවා. ඒකට බොහෝ විට හේතු වන්නේ වැරදි වත් පිළිවෙත්. ඇතැම් අය තද අව්වේ පැය ගණන් ඇවිදීමෙන් පසුව එකවරම සීතල වතුර නානවා. එය ඇස් රෝග ගණනාවකට හේතුවක්. අව්වේ ගමනක් යාමෙන් පසුව අප ස්නානය කළ යුත්තේ ඇඟ සිසිල් වනතෙක් පැයක් පමණ සිටීමෙන් පසුවයි.”
කතාව අවසන් වනවිට දහවල් වී තිබුණි. දැන් දිවා ආහාරය සියලු දෙනාට සූදානම් ය. මෙය වර්තමානයේ විශ්වාස කළ නොහැකි දෙයක් වුව ද, එය සත්‍යයකි. ගඟුලේ වෙද නිවෙසේ විශේෂත්වය එයයි.
විශේෂ ස්තුතිය
යූ. චන්ද්‍රසිරි මහතාට
ගාමිණී සුසන්ත
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නේ
ඇස් දෙකක් පාදන එක නිවන් දකින පින්කමක්
බුදුන් වහන්සේ ලෝකයට ඇසක් හා සමාන බවත්, මහානාග රජු මිථ්‍යාදෘෂ්ටිය අත්හැර තිසරණයේ පිහිටි බවත්, කිරින්දේ සෙල් ලිපියක සඳහන් වේ. ලෝකයට ඇසක් යනුවෙන් බුදුන් වහන්සේ මෙහි දී සමාන වූයේ ඇස යන ඉන්ද්‍රියෙහි ඇති ඉහළ ම වැදගත්කම නිසා ය. ලොකු කුඩා ඕනෑ ම සතකුට වුව අවශ්‍ය වැදගත් ම ඉන්ද්‍රිය ඇස ය. හිඟාකෑමට වුව ඇස් වුවමනා බව ගැමියෝ කතාවට කියති. අප රටේ සාම්ප‍්‍රදායික ඇස් වෙදකමක් තිබේ. එය බටහිර අක්‍ෂි විද්‍යාව පුදුම කරවන තරමේ බලයකි. එහෙත් කූට චේතනාවෙන් ඇස් වෙදකම් කරන හොර වෙදුන් නිසා අපේ පාරම්පරික ඇස් වෙදකම ගැන විශ්වාසය පළුදු වී ගියේ කලක පටන් ය. එහෙත් තම ජීවිතය වෙදකම ලෙස සලකන වෙද ඉසිවරු තවමත් නැත්තේ ම නො වේ. එවන් පූර්විකාවක් මා ඔබට ලීවේ මා දුටු විස්මිත ඇස් වෙද මහතකු ගැන ඔබට කීම මා සතු යුතුකමක් බැවිනි. එය වඩාත් යුක්ති යුක්ත සද් කාර්යයකැයි මම සිතමි. අන්ධ පරීක්‍ෂාවෙන් යුතුව ලෝකය වටේ කරක් ගසා තමන් සතු ධනය නැති නාස්ති කැර ගත් අහිංසකයෝ මේ වෙද මහතා හමුවේ සුවය ලබති.
කිසියම් මුදලක් අය නො කරන, සතුටු සිතින් දෙන මුදලක් බාර ගන්නා මේ පාරම්පරික ආයුර්වේද වෙද මහතා තමා සතු වෙදකම රෝගීනට ප‍්‍රදානය කරන්නේ කිසිදු පටු චේතනාවකින් නොවේ.
ඔහු ගේ පියා ඩේවිඩ් ප‍්‍රනාන්දු ය. පාණදුර කෙසෙල්වත්තේ පාරම්පරික වෙදකම කළ හෙතෙම හරි හම්බ කළේ ද මිනිස්කම ය. තම පුත‍්‍ර රත්නය වන බෙල්ලන ගේ සෝමදාස ප‍්‍රනාන්ද්‍ර මහතාට හේ මරණ මංචකයේ හිඳ එකොළොස්වන පැයේ දී මෙසේ කීය.
”පුතේ, ඇස් දෙකක් පාදන එක නිවන් යන පිංකමක්. ඒ අය අප ළඟට එන්නෙ දහසක් බලාපොරොත්තු තියාගෙන. අතේ මිටේ සල්ලි පනම් තිබෙන්නත් පුළුවන්. නොතිබෙන්නත් පුළුවන්. ඒත් ඇස් රෝගයක් ඇත්නම් සුව කරලා යවන එක අපේ යුතුකම. උඹ ඒක හරියට ම කරන්න ඕනෑ. සතුටු සිතින් යමක් දුන්නත් නැතත්, අනෙක් එක දුර බැහැරින් එන මේ මිනිස්සුන්ට කෑම වේලක් තේ වතුර ටිකක් දෙන්නත් උඹ හිතට ගන්න ඕනෑ.
පියා ගේ මේ වචන සෝමදාස ගේ හිතේ ඊයම් බරුවක් කිඳ්‍ර බැස්සාක් මෙන් තැන්පත් විය. හේ තිර අදිටනින් පියාට ප‍්‍රතිඥ දුන්නේ ය. අද පොල් ගෙඩියක් රු. 35 – 40 කි. හාල් කිලෝවක් රුපියල් 60 කි.
එළවළුවක් කීය ද? මෙසේ ඇස්වලට දමන බෙහෙත් ප්ලාස්ටරයක් හදන්නට ;ද්ශීය ඖෂධ 190 ගණනක් අවශ්‍යය. ඒවා සපයා ගන්නට වෙන්නේ වෙද මහත්මයාට ම ය. ඔහු ගේ බිරිය නෑසියෝ දූ දරුවෝ ද මේ සද්කාර්යයට උදව් කරති.
එක තැනක බෙහෙත් කොටන සේවිකාවෝ පිරිසකි. ඒ අයට ද දෛනික දීමනාවක් දිය යුතු ය. දිනකට රත්නපුරයෙන්, අනුරාධපුරයෙන්, කතරගමින්, පොලොන්නරුවෙන් හා තදාසන්න හා දුරස්ථ වෙනත් ප‍්‍රදේශවලින් මෙහි එන 300 - 400 ක් ජනතාවට කෑම බීම ලබා දීම ද හෙතෙම ඉටු කරයි.
එහෙත් වෙද මහතාගෙන් දිනකට ප‍්‍රතිකාර ගන්නා 300 දෙනකුගෙන් 100 දෙනකුවත් ඒ ආධාර පෙට්ටියට මුදලක් දමන්නේ නැත. ඔවුහු වෙද මහතාට පින් දී මාරු වී යති. මේ නයින් බලන කල වෙද මහතා ගේ වෙදකම තවත් කී කලක් රැඳේ දැයි සැක සහිත ය.
මෙහි තවත් දුක්බර පැත්තක් ද තිබේ. ඈත ප‍්‍රදේශවල සිට මෙහි පැමිණෙන රෝගීනට නවාතැන් දීමට දැන් ඒ අසල්වැසි නිවෙස්වල කාමර විවර වී ඇත. දිනකට රුපියල් 200 – 250 ඒ අහිංසකයනගෙන් ඒ නිවෙස් හිමියෝ අය කරති.
මෙය වෙද මහතා ගේ වෙදකමටත් ලජ්ජාවෙකි. පාරමී පුරන බෝධිසත්ත්වයකු මෙන් වෙද මහතා කරන කාර්ය ඉන් කිලිටි වෙයි. මා මෙතෙක් කීවේ මෙහි වටපිටාව ගැන මිස මේ විස්මිත වෙදකම් ගැන නොවේ.
එය කීමට වඩාත් අයිතිය ඇත්තේ වෙදකම් ගත් ඇත්තන්ට ය. මම ඔවුන් මට කී දේ මෙසේ ඔබට ලියමි.
දැනට පාණදුරයේ කුරුප්පුමුල්ලේ දිවි ගෙවන සෝමදාස මහතා හමු වී ප‍්‍රතිකාර ගත් මේ අය හමුවීමට මා යන මොහොතේ ද එහි දෙතුන් සියයක් පිරී සිටිනු මම දුටිමි.
උදේ රැයින් මෙහි පැමිණෙන දුර බැහැර රෝගීහු මෙහි ලැගුම් ගනිති. උදේ 6 - 12 අතර ඇස් වෙදකම් කිරීම වෙද මහතා ගේ සිරිතයි. මම ඒ ගැන වෙද මහතා විමසීමි.
”ඉර අවරට ගියාට පස්සෙ ඇස් වෙදකම හරියන්නෙ නෑ.” ඒ වෙද මහතා දුන් පිළිතුර ය.
නුගේගොඩ ජීවත්වන ශිරාණි මහගෙදර ගේ පුතු තේනුජගේ (අවුරුදු 6 1/2) ඇස් දෙක ම එකවර නොපෙනී ගියේ ය. හිරු එළිය හෝ ආලෝකය කෙසේ වත් බලන්නට බැරිව දරුවා විලාප තැබුවේ ය.
තරමක අත මිට තිබූ මවුපියෝ දරුවා රැගෙන රටේ නම ගිය අක්‍ෂි වෛ්‍යවරු සොයා කොළොම්තොටට, මහනුවරට දිව ගියහ. දහසින් බැඳි පියලි පිදුවත් දරුවා ගේ නෙතු සුවය නො ලැබිණි.
කාගෙ දෝ කීමක් අසා එවර මේ මවුපියෝ ඉන්දියාවේ ශංකර් නේත‍්‍රාලය සොයා ගියේ දහසක් බලාපොරොත්තු ඇතිව ය. රුපියල් ලක්‍ෂ 10 කට අධික මුදලක් වියදම් විය. එහෙත් දරුවා ගේ ඇස්වල තත්ත්වය තව තවත් බරපතළ වූවා මිස සුවයක් නො ලැබිණි.
පාණදුරේ සෝමදාස ඇස් වෙද මහතා ගැන ලත් ආරංචියෙන් ඔව්හු එහි ඉගිල ආහ. මුදලක් ඉල්ලුවේ ද ගාස්තුවක් නියම කැරුණේ ද නැත. සති 4, 5 ක බෙහෙත් ප්ලාස්ටර හා වෙනත් ආලේපන මගින් දරුවා දැන් ආලෝකය දකී. හිරු එළිය බලයි. මේ මොන තරම් විශ්ව කර්ම වැඩක් ද?
”මගෙ පුතා අරගෙන මං නොගිය තැනක් නෑ. ඔය නමගිය ඇත්තො සල්ලි ගත්තා විතරයි. ඉන්දියාවේ ශංකර් නේත‍්‍රාලයටත් බැරිවුණා මගෙ පුතා ගේ ඇස් සනීප කරන්න. මේ වෙද මහතා නම් විශ්වකර්මයෙක්.
මේ අයට ඇයි ආණ්ඩුව අනුග‍්‍රහ නොදෙන්නේ. මේ ලෙඩ්ඩුනට ඉන්නවත් ඉඩක් නෑ. සල්ලි අය කරන්නෙ නැති නිසා මිනිස්සුත් මඟ හැර යනවා. මේ වෙද මහතා අපේ රටට සම්පතක්.” දරුවා ගේ මව ශිරාණි මහගෙදර කීය.
ටී. ජයන්ත (බොරැල්ල) අවුරුදු) අවුරුදු 44.
අවුරුද්දකුත් මාස 9 ක් තිස්සෙ මං මේ ඇහැකට වෙදකම් කරනවා. කිසි ම සුවයක් ලැබුණෙ නැ. ඇසට වැදුණු පාරකින් ඇගේ සිවිය ගැලවිලා. කොහෙන් ප‍්‍රතිකාර ගත්තත් හරි ගියේ නෑ. මේ වෙද මහතා දෙයියෙක්.
මෙහෙම ඇවිත් මාස 5 ක් ඇති. මගේ පෙනීම දැන් දියුණුයි. සිවිය නැවත එහි අලවන්න මෙහිදී කටයුතු කළා. මේ ඉඩම මාසයක විසි දහසේ ගණනේ ගෙවන්න වෙද මහත්තයා අරගෙන තියෙන්නෙ.
ඒකත් එක්තරා ලොකු බිස්නස්කාරයකුගෙ ආයතනයක ප‍්‍රධාන තනතුරක් හිමි නෝනා කෙනෙකුගේ ඇස් සනීප කරලා ලැබුණු එකක්. ඇපකරුවන් නැතිව මේක දීලා තියෙන්නෙ. වෙද මහත්තයා මුදලුත් නොගෙන මේවා කොහොම කරනවද හිතා ගන්න බෑ.
මේ පිළිබඳ විස්තරයක් වෙද මහතා අපට කීය. සමහරු වෙද මහතාට ගොඩනැගිලි හදා දී මුදලට වෙදකම් කිරීමට කටයුතු කිරීමට සංවිධානගත වීමට කල්පනා කළහ. එහෙත් මුදලට වෙදකම් කිරීම තම ප‍්‍රතිපත්තිය නොවන බව කී වෙද මහතා මේ ෆිනෑන්ස් ඉඩමට ආවේය.
මිනිස්සු සල්ලි නුදුන්නත් කමක් නෑ. මට පුළුවන් කාලයක් මා මේ වෙදකම කරනවා. බැරි වුණොතින් කරන්න දෙයක් නෑ. ඒ වෙද මහතාගේ වචනයයි. (සතුටු සිතින් කෙනකු දෙන දෙයක් දමන්න බෙහෙත් හලේ පෙට්ටියක් තිබේ. ඒ පෙට්ටිය මුදලකින් පිරේ නම් මේ වෙදකම රැකේ යැයි සිතමි.
මේ අතර ආත්මාර්ථකාමි ලෙඩ්ඩුද සිටිති. ඔවුන් වෙද මහතා ගැන ප‍්‍රසිද්ධ කරනවාට දැඩි ලෙස විරුද්ධය. ඒ රෝගීන් පිරුණොත් තමනට අවාසියක් වෙතැයි සිතමිනි.
රත්නපුරයේ සිට පැමිණ සිටි චන්ද්‍රසේන මහතාගේ කතාව ද අපූරුය.
‘ඇස්වල සුද එනවට ප‍්‍රතිකාර සඳහා ශල්‍යකර්ම කරනවා. ඒත් ඇස්වල යුද ආයිත් එනවා. මම නම් ඔපරේෂන් කරන්නෙ නෑ. මේ වෙද මහතා ළඟ ඇසේ සුද දිය කරවන බෙහෙත් තියෙනවා. ලංකාවේ විවිධ දුර බැහැර පෙදෙස්වලින් එන බොහෝ අය ඇස්වල සුද මෙහිදී දිය කර ගත්තා. දැන් මගෙත් ඇසේ සුද දියවෙලා.
කොළඹ නාලන්දා විදුහලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සඳරු ප‍්‍රනාන්දු දරුවාට ළඟ - දුර දෙකම නොපෙනෙන ආබාධයක් තිබුණේය. පොත පත කියවන විට දිගින් දිගටම කඳුළු ගැලීමද සිදු විය. මව නාලනී දරුවාත් රැගෙන මෙහි ආවේය.
“මට දැන් ළඟ – දුර තරමක් පෙනෙනවා. මොරටුවේ ලක්ෂපතියෙ ඉඳන් අපි උදේම ආවත් මෙහි සෙනඟ පිරිලා ඉන්නෙ වෙද මහත්තයාගෙ දක්ෂකම නිසයි. සඳරු කීය.
මාතර වල්ගම සිරිසේන (35) වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයෙකි.
“මේ වෙදකම ගැන මට පුදුමයි. මගේ ඇස්වල තිබුණු ආබාධයක් සති 4 කින් සුවය ලැබුවා.” ඇස් ඉදිමුම ඇස් පිපිරුම ආදි දේවලට පවා ;මහිදී ප‍්‍රතිකාර සිදුවේ. විදේශකයෝද රහසේ බටහිර ක‍්‍රම අත් හැර මෙහිදී ප‍්‍රතිකාර ගනිති. එසේ තොරතුරු නොදී රහසේ ප‍්‍රතිකාර ගන්නා කියුබානු ගුරුවරියක් ද අපට දැක ගත හැකි විය.
හමුදාවේ හා පොලිසියේ උසස් නිලතල ඇත්තන්, ගුරුවරුන් හා තවත් නොයෙක් විධායක ශ්‍රේණිවල ඇත්තෝ ද මෙහිදී ප‍්‍රතිකාර ගනිති. ඩබ්ලිව්. ඒ. කරුණාරත්න (74) මහර කිරිමැටියාගාර හිටපු ග‍්‍රාම සේවක නිලධාරි මහතාය.
මා ඉන්නෙ ඉහළ බියන්විල කඩවත. මගේ අස්වල ආපු ආබාධයට ප‍්‍රතිකාර ගන්න මේ වෙද මහතා ළඟට ආවා. ලංකාවේ සිවු දෙසින් ජනතාව එනවා. වෙද මහතා නොමිලයේ ප‍්‍රතිකාර කරනවා. සුවය ලබනවා යනවා.
මේක හරිම අසාධාරණයි. මේ පාරම්පරික වෙදකමින් මගේ ඇස් සුව වුණේ පුදුමාකාර ඉක්මනකින්. දන් වේලක්, තේ උගුරක් මේ ජනතාවට ලබා දීලා මේ වෙද මහතා නොමිලයේ කරන සත්කාරය අගය කළ යුතුයි.
යමක් නිකම්ම ලැබෙන විට අපේ අයට එහි වටිනාකමක් ද නැත. නිකම් පිනට දුන්නා කියා පිනටම ගැනීම වැරැදියි. වෙද මහතා රැක ගැනීමට කටයුතු කළ යුතුය. අපේ රටේ ආයුර්වේදය රැක ගැනීමේ බලධරයනි, නොපමාව මේ වෙද මහතා ගැන සොයා බලන්න. එය ජාතියට කළ සේවයක් වනු ඇත.
වෙද මහතා පුරසාරම් දොඩන්නකු නොවේ. මම ඔහු හා කතිකා කෙළෙමි.
“මට පුළුවන් කාලයක් මේ වෙදකම කරන්නෙ නොමිලේ. ලෙඩ්ඩුන්ට දන් වේලක් දෙන්න මුදලක් අර පෙට්ටියට සිත සතුටින් දානව නම් ඒ ඇති. මට දැන් අවුරුදු 61 යි. මගෙන් පස්සෙ මේ වෙදකම කරන්න මා දරුවන්ට උගන්වලා තියෙනවා.” එතුමා කීය.
පරහිතකාමී හැඟීමෙන් ඔපවත් වෙද ඉසිවර සෝමදාස මහතාට දීර්ඝායු පතමි.
උපාලි සමරසිංහ
ඡායාරූප - විමල් කරුණාතිලක
හෙළ වෙද රුසිරාන මුදලට ගැති නොවී කරනව ප්‍රතිකාර
වෙදකමට උදව් කරන දෙමාපියන් සහ සහෝදරිය සමග තුෂාර ලක්‌මාල් වෙදමහතා
සේන ගනේවත්ත මහතා
සියල්ල මුදලට යට වූ ලෝකයක සර්වබලධාරියා මුදල බවට පත් වුවත් මුදලට ගැති නොවී රෝගියාගේ සුව සහනය උදෙසා කටයුතු කරන ස්‌ථානයක්‌ අප කණ වැටුණේ මීට ටික කලකට පෙරය. සිංහල වෙදකම තවමත් සුරැකෙමින් තිබෙන බව එම ආරංචියෙන් කියෑවිණි. එවිට අපට සිහියට නැගුණේ එදා හෙළ රජදවස බුද්ධදාස රජතුමාය. එතුමාත් සර්පයන්ට පවා වෙදකම් කළ බව ඉතිහාසයේ සඳහන්වේ.
ඒ කෙසේ වෙතත් අපට ලැබුණ ආරංචිය අනුව එම ස්‌ථානය සොයා පිටත් වූවේ කෙතරම් කතා තිබුණත් ඒවා කතාවලට පමණක්‌ සීමා වී ඇති අවදියක මුදල මත යෑපීමෙන් තොරව ඇස්‌වලට ප්‍රතිකාර කරන ස්‌ථානය සොයාය. අපි එහි යන විට උදෑසන හිරු පායා ප්‍රදේශයම රන්වන් පැහැයෙන් දිදුලමින් තිබිණි. බැලූ බැලූ අත ඔසු තුරුය. ඇස්‌ මතට බෙහෙත් ගල්වා බොහෝ පිරිසක්‌ එම ස්‌ථානයේ රැඳී සිටින අයුරු අපට දැකගත හැකි විය. බාල මහලු, තරුණ, වැඩිහිටි අය බොහෝ දෙනෙක්‌ මෙම ස්‌ථානයේ රැඳී සිටින අයුරු අපට දැකගත හැකි විය.
මිනිසකුට තම ජීවිතයේ උතුම්ම අංගය ඇස්‌ දෙකය. වෙන මොනවා තිබුණත් මේ ලෝකය දකින්නට ඇස්‌ දෙක නැත්නම් වැඩක්‌ නැත. ඇස්‌ පෙනෙන්නේ නැත්නම් ඒ ජීවිතය අඳුරේ බව කිව යුතු නැත. නමුත් එසේ අඳුරට යන ජීවිතවලට ආලෝකය ලබාදෙන අයුරු දුටු විට අපේ හෙළ වෙදකමේ අසිරිය කොතරම් මනරම් ද යන්න අපට වැටහිණි.
ගඟුලේ වෙදගෙදර නමින් ප්‍රසිද්ධ වී ඇති මෙම ස්‌ථානය ප්‍රධාන වශයෙන් බෙහෙත් කරනු ලබන්නේ අක්‌ෂි රෝගවලටය. ඊට අමතරව සන්ධි රෝග, පීනස සහ කාන්තා රෝගවලට ප්‍රතිකාර කරනු ලබයි.
මගේ තාත්තගේ තාත්තා තමයි මේ වෙදකම කරගෙන ඇවිල්ල තියෙන්නේ. මගේ තාත්තත් මේ වෙදකම කරගෙන ඇවිත් දැන් මම වෙදකම් කරනවා. ඇත්තටම කීවොත් අපේ ගඟුලේ වෙද පරපුරක්‌. අපි පරම්පරාවෙන් පරම්පරාවට වෙදකම කරගෙන යනවා. ඇත්තෙන්ම මම කල්පනා කළා මෙම වෙදකම රැකගෙන අපේ රටේ දුප්පත් මිනිස්‌සුන්ට සේවයක්‌ කරන්න පුළුවන් කියලා. අනික තමයි අපේ තාත්තට සීය කියල තියෙනව රෝගීන්ගෙන් සල්ලි ගන්න එපා. රෝගීන්ට කන්න දෙන්න බැරිනම් මේ වෙදකම කරන්නත් එපා කියලා. ඉතින් මගේ තාත්තා ඒ උපදෙස අකුරටම පිළිපැද්දා. දැන් මමත් එහෙමයි. අපි රෝගීන්ගෙන් මුදල් ඉල්ලන්නේ නැහැ. එයාල කැමැතිනම් අපේ පිං පෙට්‌ටියට තමන්ට හැකි අයුරින් මුදල් දාන්න පුළුවන්. හැබැයි මුදල් ලැබුණත් නැතත් අපි හැම රෝගියකුටම එකලෙස සලකනවා. එදා අපේ දේශීය වෙදකම කරපු මුතුන් මිත්තෝ මුදල් පසුපස හඹා ගියේ නැහැ. ඉතින් මගේ සීයත් එහෙම කළා. තාත්තයි මමත් කරන්නේ ඒ දෙයමයි.
ඇත්තටම ලෙඩෙක්‌ගේ ඇස්‌ හොඳ වෙලා මේ ලෝකය දකින්න ලැබුණයි කියලා කිව්වම මුදල්වලට වඩා පුදුම සතුටක්‌ දැනෙනවා. ඒක තමයි මගේ ජීවිතේ කියල කියන්න ඕන. ඒ වෙලාවට දැනෙන නිරාමිස සතුට කියලා නිම කරන්න බැහැ. ඒ සතුට මුදලට ගන්නත් බැහැ.
එලෙස අප සමග කතා කළේ ගඟුලේ වෙද මැඳුරේ පොඩි වෙද මහත්තයා යන සුරතල් නාමයෙන් හඳුන්වන තුෂාර ලක්‌මාල් ප්‍රනාන්දු වෙද මහතාය.
එතකොට වෙද මහත්තයා සිංහල වෙදකමෙන් ලෙඩ හොඳ වෙන්න කාලයක්‌ ගත වෙනව කියල ජනතාව අතර මුල්බැසගත් මතයක්‌ තිබෙනවා. ඒ ගැන මොකද කියන්නේ...? ඇත්තෙන්ම සිංහල වෙදකමෙන් රෝග සුව වෙන්න කල් ගත වෙන්නේ නැහැ. අනික තමයි අපේ වෙදකමෙන් නිට්‌ඨාවටම රෝගය සුව කරනවා. ඒක පැලැස්‌තර දැමිල්ලක්‌ නෙවෙයි. හැබැයි ඔය කතාව කියන්න හේතු තියෙනව. මොකද ලෙඩාට බෙහෙත් දුන්නම එයා ගෙදර ගිහින් කසාය ටික උණුකරගන්න දන්නේ නැහැ. බෙහෙත් හොයා ගන්න බැහැ. ඒ විතරක්‌ නෙවෙයි ලෙඩේට අවශ්‍ය උපස්‌ථාන නියමිත ලෙස ලැබෙන්නේ නැහැ. එපමණක්‌ නොවෙයි බෙහෙත් කියල ව්‍යාජ ඖෂධ වර්ගවලටත් අහුවෙනව. ඉතින් මේ අඩුපාඩු නිසා තමයි රෝගය සුව වෙන්න කාලයක්‌ යනව කියන්නෙ. මෙහෙම ප්‍රතිකාර කරගත්තම ලෙඩේ වැඩිවෙන්නත් පුළුවන්කම තිබෙනවා.
ඒක නිසා අපි හැම විටම අපේ ළඟට එන රෝගීන්ට බෙහෙත් දෙනවා. ඒ වගේම ඇස්‌වලට බෙහෙත් ගල්වනවා. තැවීම්, පොට්‌ටනි ඇල්ලීම් සියල්ල මෙම ස්‌ථානයේ පළපුරුදු අය යොදවා කරනවා. එයින් ලෙඩාට ඉක්‌මන් සුවය ලබා දීමට අපට හැකිවෙලා තියෙනවා. ලෙඩා දුරබැහැරකනම් ඔහුට අවශ්‍ය නවාතැන් පහසුකම් විතරක්‌ නෙවෙයි ආහාරපානත් ලබාදෙනවා. මේ සියල්ල අපි කරන්නේ නොමිලේ.
අනික තමයි මේ ස්‌ථානයේ සේවය කරන හැමදෙනාම මෙතෙන්ට එන හැම ලෙඩාටම කාරුණිකව උපස්‌ථායක කටයුතු කරනවා. මෙතන සේවය කරන සියලුදෙනාටම සම්පූර්ණ නිදහස අපි ලබාදීල තියෙනව. ඒක නිසා ඒ අය හොඳින් තමන්ගේ වගකීම ඉටුකරනව.
අනික තමයි ප්‍රතිකාර කරන විට රෝගියාට දෙන උපදෙස්‌ අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. එහෙම වුණොත් රෝගය ඉක්‌මනින් සුව වෙනවා. අනිත් කාරණය තමයි අපි ඕනෑම ලෙඩෙකුට මුල් කාලය මෙතනදීම බෙහෙත් කරනවා. ඇස්‌වල සුද ඒම ඇතුළු සියලු අක්‌ෂි රෝග නිට්‌ඨාවටම සුව කිරීමට අපට මේ නිසා හැකියාව ලැබී තිබෙනවා.
ලොකු වෙද මහත්තයා තම පුතා ගැන කතා කළේ මෙසේය.
ඇත්තෙන්ම මගේ පුතා ගැන මට ආඩම්බරයක්‌ තියෙනවා. මගේ පියාගේ වෙදකම මම කළා. දැන් මගේ පුතා කරනවා. මගේ පුතාටත් මම කියල තියෙන්නේ මේ වෙදකම ඉදිරියට ගෙන යන්න කියලයි. මොකද මම මෙම වත්තේ බෙහෙත් පැළ දහස්‌ ගණනක්‌ වවල තියෙනවා. මේ වෙදකම කරගෙන ගියේ නැත්නම් ඊළඟ පරම්පරාව මේවා දරට විකුණාවි. නැත්නම් ලෑලිවලට විකුණාවි. එතකොට වෙදකමත් අපේ කමත් දෙකම රටෙන් නැතිවේවි. ඒක වළක්‌වන්න තමයි මගේ උත්සාහය වුණේ.
අනික තමයි ලෙඩාට මුදල් නැත්නම් ඒ ගැන විශේෂ අවධානය යොමු කරලා ප්‍රතිකාර කරනවා. ඔහුට අවශ්‍ය ආහාර පමණක්‌ නොවෙයි බස්‌ එකේ එන්න මුදල් පවා ලබාදෙනවා. මොකද මෙතනට එන රෝගීන්ගෙන් 20% ක්‌ විතර මුදල් නැති බොහෝ දුප්පත් අය. ඒ වගේම අපි සනීප කරපු රෝගීන් මේ ස්‌ථානයට බොහෝ උදව් උපකාර කරනවා. ගාල්ලේ එක මහත්තයෙක්‌ හැම මාසෙකම අපට පොල් ලබාදෙනවා. ඒක අපට හයියක්‌ මොකද මෙතනට බොහෝ වෙලාවට එන්නේ දුප්පත් මිනිස්‌සු නිසා. නමුත් එක දෙයක්‌ කියන්න ඕන රජයෙන් හෝ වෙනත් කිසිම රාජ්‍ය ආයතනයකින් නම් අපට හෝ මේ ස්‌ථානයට කිසිම උදව්වක්‌ මේ වනතුරුත් ලැබිල නැහැ. දේශීය වෙදකම නගාසිටුවනවා කියල කිව්වත් දේශීය වෙදකම රැකගන්න අපට කිසිම උදව්වක්‌ නොකිරීම ගැන කනගාටුයි.
අපි මෙම ස්‌ථානයේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කිහිපදෙනෙකු සමග කතා කිරීමට ද අමතක නොකළෙමු.
සේන ගනේවත්ත මහතා
මට හැදිලා තිබුණේ ඒඑම්ඩී කියන අක්‌ෂි රෝගය කියල එකක්‌. මගේ පෙනීම රැල්ලක්‌ යනවා වගේ තිබුණා. ඒකට ඉංගී්‍රසි බෙහෙත් ගත්තා. ඉංගී්‍රසි වෙදකමෙන් මගේ ලෙඩ් සුව කරන්න බැහැ කිව්වා. මොකද මගේ වයසත් අවුරුදු හැටතුනක්‌. ඊට පස්‌සේ මම පත්තරේක දැකල මේ වෙද මහත්තයා හොයාගෙන ආව. මම මෙතන්ට ආවේ තව කෙනෙක්‌ව අල්ලගෙන. ඒ තරම් මගේ ඇස්‌ දෙක පෙනුනෙ නැහැ. වෙද මහත්තයා මගෙන් ඇසුවා මගේ මූන පේන්නේ නැහැ නේද කියල. මම කිව්ව ඔව් කියල. ඊට පස්‌සේ වෙද මහත්තයා දවස්‌ 10 ක්‌ ඇස්‌ දෙකට පත්තු දැම්මා. එකොළොස්‌ වැනි දවසේ මට ටික ටික පේන්න ගත්තා. දැන් මගේ ඇස්‌ දෙක බොහොමයක්‌ දුරට පේනව. දැන් පත්තරවල අකුරු කියවන්න පුළුවන්. තනියම බස්‌ එකේ යන්න පුළුවන්.
මාලනී ඕපනායක මහත්මිය
මගේ දුවගේ වයස අවුරුදු 17 යි. එයාට තිබුණේ ඇස්‌ දෙකෙන්ම පේන්නේ බොඳ වෙලා. වෛද්‍යවරු කීවා ලෙන්ස්‌ එකක්‌ දාන්න කියලා. ඒක ඇහේ තියෙනකම් විතරයි පේන්නේ. ඊට පස්‌සේ මේ වෙද මහත්තයා ගැන ආරංචියක්‌ ලැබිල මම දුව එක්‌කගෙන ආවා. දැන් නම් මගේ දුවට බොහොමයක්‌ දුරට සනීපයි.
ධම්මිකා ඈපා මහතා
මගේ පුතාට දවසක්‌ හදිසියෙම උණ ගත්ත. උණට ගහපු එන්නත් වැරදිල පුතා ලෙඩ වුණා. ඊට පස්‌සේ දොස්‌තර මහත්වරු කිව්වා පුතාට ගහපු එන්නත එයාට අසාත්මික වෙලා කියල. කොහොම හරි පුතාගේ මුළු ඇඟේම හම ගැලවෙන්න පටන් ගත්තා. ඇඟිලි විස්‌සෙම නියපොතු ගැලවී වැටුණා. ඇස්‌ අරින්න බැරිව ගියා. ඇස්‌වල කඳුළු ගැලීම නතරවෙලා. ඇහැ ඇලිලා. බටහිර වෛද්‍යවරු කීවා පුතාට ස්‌ටීවන් ජොන්සන් කියන ලෙඩේ හැදිල කියලා. ඉතින් ඒ අය හැමදාම හතර දෙනෙක්‌ මගේ පුතාව අල්ලලා ඇස්‌ දෙක ඇරල පිහදානව. ඒක බලාගෙන ඉන්න බැරි තරම් දෙයක්‌. පුතා කෑගහල අඬනවා. පස්‌සේ ඒ අය කිව්ව ඇස්‌ දෙක සුව කරන්න බැහැ කියල. කොහොම හරි පුතාගෙ වාසනාවට මේ ස්‌ථානය ගැන අපිට ආරංචි වෙලා මෙතනට ආවා. ඇවිල්ල වෙදකම් කළා. දැන් පුතා ඉස්‌කෝලෙත් යනව. ඇස්‌ දෙකම පේනවා. වෙනදා වගේ ඇස්‌ කකියනව කියල කියන්නේ නැහැ. දැන් බොහෝ දුරට සනීපයි.
රුවන් කළුආරච්චි
උපුටා ගැනීම - http://dahamvila14.blogspot.com/

ලිපිය ලබා දුන්නේ අජිත් ජයසූරිය.