Wednesday, March 1, 2023

 ආදිවාසීන්ගේ සාම්ප්රදායික ආහාර තාක්ෂණය

ලංකාවේ වැදි ජනයා ලොව ජීවත් වන සුවිශේෂ වූ ජන කොට්ඨාසයකි. ඔවුන්ගේ විශේෂිත වූ මානව ලක්ෂණ, භාෂාව, සිරිත් විරිත් හා ඔවුන්ටම අනන්ය වූ සංස්කෘතිය සේම, දිගු ඉතිහාසය ද එම සුවිශේෂී බවට සාක්ෂ්ය සපයයි. මෙරට වැදි සමාජය ගල් වැද්දන්, ගම් වැද්දන් හා වෙරළබඩ වැද්දන් ලෙස කාණ්ඩ තුනකි. ගල් වැද්දන් වනාන්තරවල ගල් ගුහා නිවහන් කර ගෙන ජීවත් වූ පිරිසකි. එහෙත්, අද වන විට එම ගල් වැද්දන් ලෙස හැඳින්වූ, වනයේ ගල් ගුහා ආශ්රිතව ජීවත් වූ වැදි කාණ්ඩය දක්නට නොමැත. ගල් වැද්දන් දක්නට නොලැබුණු නමුත්, ගම් වැද්දෝ අද ද වාසය කරති. ගල්ගුහාවලින් බැහැරව, පැල්පත් සාදාගෙන, ගම් වැද්දෝ ජීවත් වෙති. ඔවුන් දඩයම් කි
රීම මෙන්ම ගොවිතැන් කටයුතුවල ද නිරත වේ. වර්තමානය වන විට දඹාන, හෙන්නානිගල, රතුගල, පොල්ලෙබැද්ද, දලුකාන ආදී ගම්මාන කිහිපයක පමණක් ගම් වැද්දෝ ජීවත් වෙති.

වෙරළබඩ වැද්දන් හෙවත් මූදු වැද්දන් යනු නැඟෙනහිර වෙරළබඩ ආශ්රිතව ජීවත් වන වැදි ජනයාය. අතීතයේ රට අභ්යන්තරයේ ජීවත් වූ වැදි ජනයා, ගංගා මාර්ග ඔස්සේ ආහාර සොයමින් යන අතරතුර වෙරළබඩට සේන්දු වීම, වෙරළබඩ වැදි ජනයාගේ ආරම්භය යැයි විශ්වාස කරයි. එහෙත්, අද වන විට වෙරළබඩ වැද්දන් ඔවුන්ගේ අසල්වැසි දෙමළ ජනයා සමඟ සම්මිශ්රණය වීම හේතුවෙන්ම තම වැදි උරුමයෙන් ඈත්ව ගොසිනි.

සාම්ප්රදායික වැදි ජනයා හට තම ජීවිතය පවත්වා ගැනීම සඳහා ඉටුකර ගත යුතුව ඇත්තේ ඉතා සීමිත අවශ්යතා කිහිපයක් පමණි. එකී සීමිත අවශ්යතා අතර, ආහාරවලට හිමි වන්නේ ප්රමුඛස්ථානයකි. වැදි ජනයාගේ ආහාර පුරුදු, සිරිත් විරිත්, ආහාර සොයා යෑම, ආහාරවල භාවිතය මෙන්ම, ආහාර කල් තබා ගැනීම් ආදිය පොදු ජන සමාජයේ භාවිතාවන්ට වඩා සුවිශේෂී ලක්ෂණවලින් පෝෂිත වූවකි.

මී පැණි භාවිතය
මී පැණි යනු වැද්දන්ගේ ප්රියතම ආහාරයකි. මී වද සොයා යෑමේදී වැද්දන් භාවිත කරන ක්රම සැබැවින්ම විස්මයජනකය. එය නූතන විද්යාඥයන් ද මවිත කරවන්නකි. මන්ද, වැද්දන් තම ජීවිත අත්දැකීමෙන් හා පාරම්පරික ඥානයෙන් උරුම කරගත් දැනුම, නූතන පර්යේෂණ ප්රතිඵලවලට ද එහා ගිය මහා දැනුම් සම්භාරයකි.

මී මැස්සන් යනු ගණාවාසී දිවි පැවැත්මක් ගත කරන ජීවී කොට්ඨාසයකි. එහිදී තම පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා සුවිශේෂ සන්නිවේදන හැකියාවක් මී මැස්සන් සතුය. ඒ පිළිබඳ ගැඹුරු පර්යේෂණ සිදු කළ මහාචාර්ය කාල් ෆොන් ෆ්රිෂ් හට 1973 වසරේදී නොබෙල් ත්යාගය ද හිමි විය.

නූතන පර්යේෂණවලින් හඳුනාගත් මී මැස්සන් සතු එක් සන්නිවේදන සංඥා ක්රමයක් ලෙස, ‘බිඟු නැටුම‘ හැඳින්විය හැකිය. බිඟු නැටුම යනු රිද්මයාකාර ශරීර චලන ක්රම කිහිපයකි. එම බිඟු නැටුම රඟ දක්වන්නේ බිඟුවකු තමන් සොයා ගත් ආහාර ප්රභවයක් පිළිබඳ අන් බිඟුන්ට දැන්වීමටය. එහිදී, නූතන පර්යේෂකයන් සොයාගත් පරිදි, වට නැටුම, දෑකැති හැඩ නැටුම හා උර ලෙළන නැටුම ආදී බිඟු රැඟුම් ආකාර කිහිපයකි. මේ එක් එක් බිඟු රැගුම මඟින්, ආහාර ප්රභවයට කැදැල්ලේ සිට ඇති දුර පිළිබඳ වටහා ගත හැකිය. නිදසුනක් ලෙස, චර බිඟුවකු වට නැටුම රඟ දක්වන්නේ නම්, එහි අදහස ආහාර ප්රභවය කැදැල්ල ආසන්නයේම ඇති බවය. එහෙත්, උර ලෙළන නැටුම රඟ දක්වන්නේ නම් එහි අදහස, ආහාර ප්රභවය ඇත්තේ කැදැල්ලේ සිට මීටර දෙකකට වඩා වැඩි දුරකින් බවය. මේ නූතන පර්යේෂණවලින් මී මැස්සන්ගේ සන්නිවේදන හැකියා පිළිබඳ කළ අපූර්ව සොයා ගැනීම්ය. එහෙත් විස්මයජනක කරුණ නම්, මෙරට වැදි ජනයා මේ නූතන පර්යේෂණ කිරීමටත් පෙර සියවස් ගණනාවක ඈත අතීතයේ සිටම, තම ජීවන අත්දැකීම් හා පාරම්පරික ඥානය මඟින් මී මැස්සන්ගේ මෙකී අපූර්ව සන්නිවේදන හැකියා පිළිබඳ මීට වඩා දැන සිටීමය.

වැද්දන්ට මී මැස්සන්ගේ චර්යා විධි නිරීක්ෂණය කර, බොහෝ පුරෝකථන කළ හැකිය. එම හැකියා, මී වද සොයා ගැනීමට ඔවුහු භාවිත කරති. නිදසුන් ලෙස, මල් රොන් රැගෙන පියාසර කරන මී මැස්සන් දුටු විට, එම මී මැස්සන් පියාසර කරන දිශාවෙන් හා පියාසර කරන විට නැඟෙන හඬින් මී වද ඇති දිශාව නිවැරැදිවම ප්රකාශ කිරීමට, වැද්දෝ සමත්කම් දක්වති. මී මැස්සන් නොදැක වුව ද, ඔවුන්ගේ පියාසර හඬට සවන්දී, මී මැස්සන් පියාසර කරන්නේ මී වදය දෙසට ද? නැතහොත් මී වදයෙන් ඉවතට ද? යන්න නිවැරැදිව කිව හැකිය.එපමණක් නොව, මී මැසි චර්යා නිරීක්ෂණය කර, එම මී මැස්සන් තනා ඇති මී වදය නොදැකම එහි ඇති පැණි ප්රමාණය මෙන්ම, අලුතින් බැඳි මී වදයක් ද? පරණ මී වදයක් ද? ආදී ලෙස නිවැරැදිව බොහෝ පුරෝකථන කිරීමේ හැකියාව, වැද්දන් සතුවේ.

මී පැණි සොයා යෑමේදී පමණක් නොව, දඩයමේ යන විට ද වැද්දෝ තමා සතු පාරම්පරික ඥානය ප්රකට කරවති. වැද්දෝ සතුන් නොදැක ඔවුන්ගේ වසුරු, පා සලකුණු , ශබ්දය, ගන්ධය ආදියෙන් අවට සැරිසරන සතුන් පිළිබඳ නිවැරැදිව නිගමනයකට එළැඹීමට සමත්කම් දක්වති.

වැද්දන්ගේ සාම්ප්රදායික ආහාර අතර, මී පැණි මෙන්ම දඩමස් වලට ද හිමි වන්නේ ප්රමුඛ ස්ථානයකි. එහෙත්, ඔවුහු සමහර සතුන්ගේ මස් ආහාරයට නොගනිති. ඉබ්බා, ගවයා, නරියා, ගම් කුකුළා, හබන් කුකුළා, වලිකුකුළා, කොටියා ආදී සතුන්ගේ මෙන්ම සේරු, කොකුන් ආදී ජලාශ්රිත පක්ෂීන් ද ආහාරයට නොගනිති. වැද්දෝ, අමු දඩමස් මෙන්ම, වියළි දඩමස් ද විවිධාකාරයෙන් පිළියෙළ කර ආහාරයට ගනිති. මෙහිදී සමහර මස් වර්ග පිසින විශේෂ ක්රම ද දැකිය හැකිය.

හම භාවිත කර අමු මස් පිසීම
වැද්දන්, දඩයම් කළ ස්ථානයේදීම මස් ආහාරයට ගන්නාවිට, ඒවා පිස ගැනීම සඳහා බඳුන් වෙනුවට දඩයම් කළ සතාගේ හම භාවිත කරන අවස්ථා ද ඇත. ගෝනකු දඩයම් කළ විට, එම සතා හම ගසාගත් පසු ඔවුහු එම හම තිරස්ව වියනක් ලෙස ලී කණු ආධාරයෙන් ගැට ගසා ගනිති. මෙය ගැට ගසන්නේ මස් පිසීමට දල්වන ලද ගිනි මැළයට ඉහළින් හා ප්රමාණවත් උසකිනි. එමෙන්ම, ඔවුන් දෙසට මුහුණ ලා තිබෙන අයුරින් හා එම හම මධ්යයේ වක්ර හැඩයක් ගන්නා අයුරිනි. මෙහිදී සතාගේ මස් කපා, උගේ ලේ සමඟ මිශ්ර කර, හම මත තබා පිස ගැනේ.

සමහර සතුන්ගේ උදරයේ හම භාවිත කර, අමු මස් පිසින අවස්ථා ද ඇත. එහිදී ඔවුහු පළමුව දඩයම් කළ සතා හම ගසා ගනිති. පසුව උදර ප්රදේශයේ හම යොදාගෙන, එයින් හමේ ඇතුළු පැත්තට මිරිස්, කරපිංචා ආදිය යොදා වැල්වලින් ගැට ගසා ගනියි. මස් පිටතට නොපෙනෙන පරිදි මේ මස් පොදිය ගිනි අඟුරු ගොඩේ බහා, හොඳින් තැම්බුණු පසු ඔවුහු එය ආහාරයට ගනිති.

මස් සම්බොලය
මස් සම්බෝලය සෑදීමට ගන්නේ, හොඳින් වියළන ලද මස්ය. වැද්දෝ, වියළන ලද මස් වංගෙඩියේ ලා කොටා, එයට මිරිස් හා ලුණු ද එක් කර සම්බෝලය සාදති. එසේ නොවේ නම්, මස් කැබැලි සමඟ ලුණු හා කොච්චි එක්කාසු කර, වංගෙඩියේ දමා කොටා සම්බෝලය සාදයි. අවසානයේ සම්බෝලයට ඇඹුල් ද එක්කර අනා ගනියි.

මස් මැල්ලුම
මස් මැල්ලුම සෑදීමේදී වියළන ලද මස් ජලයෙහි පොඟවා ගත යුතුය. පසුව එය වංගෙඩියෙලා කොටා එයට ලුණු කුඩු හා මිරිස් එක් කර අනා මළවා ගැනේ.

ලේ පිරුම
වැද්දෝ දඩමස් පමණක් නොව දඩයම් කළ සතාගේ රුධිරය ද පිස ආහාරයට ගනිති. මෙහිදී මස් මෙන්ම අල වර්ග ද භාවිත කර රුධිරය ද සමඟ පිස ආහාරයට ගැනීම සිදුවේ. මේ ආහාර ‘ලේ පිරුම‘ ලෙස හැඳින්වේ.

දඩයම් කළ සතාගේ අන්ත්ර කොටස් භාවිත කරමින් ද ඔවුන් ලේ පිරුම පිළියෙළ කරයි. මෙහිදී සතකු දඩයම් කළ පසු එම අන්ත්ර කුහර තුළ සතාගේ ලේ පුරවා, එහි කෙළවරවල් ගැට ගසා, ඒවා ගිනි මැළයකට උඩින් එල්ලා තබයි. අන්ත්ර තුළවූ ලේ කැටි ගැසුණු පසු, එම අන්ත්ර කොටස් ආහාරයට ගැනේ. මේ අන්ත්ර තුළ ලේ පිරුම වර්තමානයේ නිපදවන සොසේජස්වලට අනුරූප ආහාර සැකසීමේ ක්රමයකි.

නූතන ලෝකයේ මස් ආහාරයට ගන්නා ජනප්රිය ක්රමයක් නම්, මස් පුළුස්සා ආහාරයට ගැනීමයි. එහෙත්, වැද්දන් මෙලෙස මස් හා මාළු වර්ග පුලුස්සා ආහාරයට ගැනීම, ඔවුන්ගේ සාම්ප්රදායික ආහාර රටාවේ සාමාන්ය අංගයකි.

මෙහිදී මස් වියළීම සඳහා මස් මැස්ස භාවිත කරන අතර, මාළු වියළීමට හා පුලුස්සා ගැනීමට මාළු මැස්ස භාවිත කරයි. වැද්දෝ මස් හා මාළු වලට දුම් ගැසීම සඳහා වනයේ ඇති සියලුම ශාකවල දර භාවිත නොකරති. තම පාරම්පරික ඥානය හා ජීවන අත්දැකීම් තුළින්, දුම් ගැසීමට වඩාත් සුදුසුම වන්නේ කවර වර්ගයේ දර දැයි ඔවුහු දනිති. උදාහරණයක් ලෙස ඔවුහු බුරුත, වැලිකෝන්, කරඳ ආදී දර දුම් ගැසීම සඳහා භාවිත නොකරති. මන්ද, එම දර යොදා වියළා ගන්නා මස් ආහාරයට ගත් විට, මත් ගතියක් දැනෙන අතර, උදරාබාධද ඇති වන බව ඔවුන් අත්දැකීමෙන්ම දන්නා නිසාය. සියලුම ශාක දැව පිලිස්සීමේදී පිටවන දුමෙහි රසායනික සංයුතිය එක හා සමාන නොවේ. සමහර ශාක දැවවලින් හට ගන්නා දුම්වල, ශරීරයට අහිතකර රසායනික ද්රව්ය ද අඩංගුවේ.

වැද්දෝ කිසි විටෙක විනෝදය උදෙසා සතුන් දඩයම් කිරීමක් සිදු නොකරති. හුදෙක් ඔවුන් දඩයමේ යන්නේ, කුසගින්න උදෙසා සතකු දඩයම් කිරීමටය. එහිදී ඔවුන් දඩයම් කරන්නේ, තම පිරිසට ප්රමාණවත් තරමේ සතුන් පමණි. කිසි විටෙක ආහාර අපතේ නොදැමීම වැද්දන්ගේ සිරිතකි. යම් හෙයකින් ආහාර අපතේ දැම්මේ නම්, නෑ යකුන් කෝපවී, තමාට අනාගතයේදී ආහාර අහිමි කරවන බව තරයේ විස්වාස කරන වැද්දන්, කිසි විටෙක ආහාර අපතේ නොදමයි. එහෙයින්ම ඔවුහු ආහාර පරීක්ෂණ ක්රම මඟින් වැඩිපුර ආහාර කල් තබා ගැනීමට හුරුපුරුදු වූහ. එකී පරීක්ෂණ ක්රමවේද සරලය. එහෙත්, විද්යාත්මක පසුබිමකින් යුක්තය. එම විද්යාත්මක කරුණු, පොත පතින් ඉගෙන නොගත්ත ද, තම ජීවන අත්දැකීම් හා පාරම්පරික ඥානයෙන් ලද දායාදය. මස්, පැණිවල බහාලා කල් තබා ගැනීම එයට කදිම නිදසුනකි.

පැණි තුළ බහා මස් කල් තබා ගැනීම ආකාර කිහිපයකටම සිදු කෙරේ. ඒ, මැටි බඳුන්, ගස් බෙන හා ගල් බෙන තුළට පැණි දමා, එයට මස් එක් කිරීමෙනි. වැද්දන්, මැටි මුට්ටි තුළ මී පැණි බහා මස් කල් තබා ගැනීමේදී, පළමුව වියළන ලද මස්, කැබැලිවලට කපා ගැනීමය. පසුව, මැටි මුට්ටියක් ගෙන, එහි පතුලට මී පැණි ස්ථරයක් හෙළා, ඒ මත මස් කැබැලි ස්ථරයක් ද තැන්පත් කරති. ඊට පසු නැවත මී පැණි ස්ථරයක් ඒ මතට එක් කෙරේ. මෙලෙස අනුයාත මස් හා මී පැණි ස්ථර පිළිවෙළින් මුට්ටිය තුළට තැන්පත් කරන අතර, අවසානයේ තැන්පත් කරන්නේ ද මී පැණි ස්ථරයකි. මෙලෙස මැටි මුට්ටිය මී පැණි හා මස්වලින් පිරී ගිය පසු, උයන් හෝ කැන්ද කොළයක් ගෙන, එහි කට වසා, වාතය ඇතුළු නොවන සේ මුට්ටිය වටා බාහිරින් මැනවින් මැටි ගසයි. මෙහිදී මී පැණි මස්වලට යහමින් උරා ගැනේ. එම මස් ඉතා ප්රණීතය. මෙලෙස සැකසූ මස් බඳුනක් අවුරුදු කිහිපයක් හෝ නරක් නොවී කල් තබා ගත හැකි බව, වැද්දෝ තම අත්දැකීමෙන් දනිති.

පැණි යනු අධි සාන්ද්ර සීනි ද්රාවණයකි. මී පැණි තුළ දඩමස් ගිල්වා තැබීමේදී, ආස්රැති ක්රියාවලිය හේතු කොට ගෙන දඩමස්වලවූ සැලකිය යුතු තරමේ ක්රියාකාරී ජල ප්රමාණයක් එයින් ඉවත්ව, මී පැණි ද්රාවණයට එක්වේ. එමනිසා, දඩමස්වල අඩංගු වන්නේ අඩු ක්රියාකාරී ජල ප්රමාණයකි. එය ආහාර නරක් වීමට බලපාන එන්සයිම හා ක්ෂූද්ර ජීවි ක්රියාකාරීත්වය අඩපණ කිරීම හා නිශේධනයට බලපායි. එමෙන්ම, බහාලන දඩමස් කැබැලි කිරීම නිසා, දඩමස්වල පෘෂ්ඨික වර්ගඵලය වැඩිවී, මී පැණි සමඟ එම මස් මැනවින් ස්පර්ශවේ. එහෙයින්, දඩමස්වලින් ජලය ඉවත් වීම කාර්යක්ෂමව සිදුවේ. කැන්ද කොළ හා මැටි ස්ථරය මඟින් වායුරෝධනයවී, බාහිර පරිසරයෙන් ආහාර නරක් කරන ක්ෂූද්ර ජීවීන්ගේ ඇතුළුවීම වළක්වයි. මේ සරල විද්යාත්මක පසුබිම සාම්ප්රදායික වැද්දෝ පොත පතින් ඉගෙන නොගත්ත ද, තම ජීවන අත්දැකීමෙන් දනිති.

වැද්දෝ ආහාර රසකාරක පිළියෙළ කිරීමේදී, හොඳින් මෝරා පැසුණු වට්ටක්කා ගෙඩිවල ඇට සෝදා, අව්වේ වේලා ගනිති. පසුව, වියළා ගත් එම වට්ටක්කා ඇට කබලේ බැද, වංගෙඩියේලා කොටා පිටි ලබා ගැනේ. මේ පිටි ස්වල්පයක් ගෙන, වෑංජන රසකාරකයක් ලෙස යොදා ගැනේ. එය වෑංජනවල රසය මෙන්ම සුවඳ ද තීව්ර කරවයි. වර්තමානයේ සමහර පිළිකා ඇති කරන කෘත්රිම රසකාරක සඳහා මෙය කදිම, රසවත් හා ගුණවත් ආදේශකයක් වනු ඇත.

වැදි ජනයාගේ සාම්ප්රදායික ආහාර තාක්ෂණය අධ්යයනයේදී පැහැදිලි වන තවත් එක් සුවිශේෂී කරුණක් නම්, ඔවුන්ගේ සාම්ප්රදායික ආහාර රටාව, අතීත ශ්රී ලංකාවේ මධ්ය ශිලා යුගයේ ජීවත්වූ බලංගොඩ මානවයාගේ ආහාර රටාව සමඟ දැක්වූ බන්ධුතාවයි.

බලංගොඩ මානවයාගේ සමහර ගල් ආයුධ, උසස් ශිල්පීය ලක්ෂණවලින් යුක්ත ඒවාය. එම ආයුධ අතර, ගල් දුන්නෙන් විදීමට යොදා ගත් ගල් මූනිස්සම් ද විය. වැද්දන් තම ආහාර සොයා යාමේදී භාවිත කළ එක් ප්රධාන මෙවලමක් වූයේ ගල් දුන්නය. එමෙන්ම, බලංගොඩ මානවයා මෙන්ම වැද්දන් ද වනයේ ගහකොළ සතා සීපාවන්ගෙන් තම ආහාර අවශ්යතාව සපුරා ගත්හ. මේ අනුව වැද්දන්ගේ ආහාර හා සැබැඳි තාක්ෂණික ඥානයේ මූලාරම්භය, අතීත බලංගොඩ මානවයාගෙන් උරුම වූවා යැයි සිතිය හැකිය.

(මූලාශ්රය : වැදි ජනයාගේ සාම්ප්රදායික ආහාර තාක්ෂණය නමැති පර්යේෂණ කෘතිය ඇසුරිනි.)

Wednesday, October 5, 2022

ලෝක සත්ව දිනය / World Animal Day --2022

 ලෝක සත්ව දිනය / World Animal Day --2022

ලෝක සත්ව දිනය සෑම වසරකම ඔක්තෝබර් 04 දිනයට යෙදී ඇත. 1925දී මුල් වරට සමරන ලද ලෝක සත්ව දිනය මෙවර සමරන්නේ 97වන වරටයි.
ලෝක සත්ව දිනය ආරඹ්හ කලේ ජර්මන් ජාතික සත්ව ලෝලියෙකු වූ හෙයිනීච් සිම්මර්මාන් (පලමු ඡායාරූපය) විසින් 1925 මාර්තු මස 24 දිනදීය.එය එම වසරේදී ජර්මනියේ 5000ක් දෙනෙකුගේ සහභාගිත්වයෙන් සමරා තිබේ.නමුත්,ඔහු විසින් මෙය ලොව පුරා සමරන දිනයක් බවට පත්කිරීමේ උත්සාහය සාර්ථක වූ 1931 වසරේ සිට එය ඔක්තෝම්බර් මස 04 දිනයට සමරන්නට ඔහු විසින් තීරනය කර තිබේ.ඊට හේතුව වන්නේ සතුන් සහ පරිසරයට අනුශාශක සාන්තුවරයා වන අසීසිහි සාන්ත ෆ්රැන්සිස් මුනිතුමාගේ (Saint Francis of Assisi) (දෙවන ඡායාරූපය) සැමරැම් දිනය මෙදින වීම නිසාවෙනි.

ලෝක සත්ව දිනය වන සතුන්ට පමනක් නොව ගෘහාශ්රිත සහ ගොවිපල සතුන්ටත් අදාල වන්නකි.එහි ප්රධාන පරමාර්ථය වන්නේ සතුන් කෙරේ අවධානය යොමු කිරීම, අතුන් කෙරේ දයානුකම්පාව ඇතිකරලීම මෙන්ම සතුන්ට මානුශීය ලෙස සැලකීම වර්ධනය කිරීම වේ.ඒ නිසාම එය සංරක්ශනය සහ සංරක්ශන කටයුතු සඳහා ක්රියාකාරකම් නොව සතුන් පිලිඹඳව දැනුවත් කිරීමේ දිනයක් ලෙස බොහෝදෙනා විසින් යොදාගනු ලබන්නකි.

එනමුත්,පසුගිය කාලයේදී ලෝක සත්ව දිනය තර්ජජිත වන සතුන් කෙරේ අවධානය ලබා දීමට යොදාගන්නා ලදී.

එහිදී ප්‍රධාන වශයෙන්
අලි,
මුහුදු ක්ෂීරපායින් වන තල්මසුන් සහ ඩොල්ෆින් මෙන්ම ව්‍යාඝ්‍රයන් කෙරෙහිත් අවධානය ලබා ගැනිමට භාවිතා කර තිබේ.
ඒ අතරම තවත් අය මෙම දිනය ගොවිපලවල් වල ඇතිකරනු ලබන සතුන්ට මානුශීය ලෙස සැලකීම කෙරේ අවධානය යොමු කිරීමට භාවිතා කර තිබේ. ලෝක සත්ව දිනය ශ්රී ලංකාවේත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන යන අංශයන් දෙක විසින්ම සමරන්නකි.

මෙරටේදීත් ලෝක සත්ව දිනය යොදාගනු ලබන්නේ මූලික වශයෙන්ම ජනතාව දැනුවත් කිරීමේ දිනයක් ලෙසිනි.

එසේම ඒ කෙරෙහි මෙරට බොහෝ දෙනාගේ අවධානයක් යොමුවී නැති බවත් පෙනේ. එසේ වුවත්, ලෝක සත්ව දිනය වඳවීයාමේ තර්ජනයට මුහුනදී සිටින, මෙරට සතුන් කෙරෙහි මෙන්ම සත්ව සුභසාධනය කෙරෙහි අවධානය යොමු කරවා ගැනීමට ඵලදායී ලෙසින් යොදා ගත හැකි දිනයක් වේ.


පරිසරවේදී නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතාගෙන් උපුටා ගන්නා ලද.

Wednesday, June 1, 2022

ගෘහාශ්‍රිත ජෛව විවිධත්වය හඳුනා ගැනීමේ තරගය 2022 (ජෛව විවිධත්ව දිනය


මැයි මස 22 දිනට යෙදුනු ලෝක ජෛව විවිධත්ව දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත පක්ෂි විශේෂ හඳුනා ගැනීම හා අධ්‍යනය කිරීම උදෙසා දත්ත එක්රැස් කිරීමේ වැඩ සටහනක් 2022. 05. 22 දින ආරම්භ කරන ලදී. 

මෙම වැඩ සටහන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් කොටගම මහතාගේ මග පෙන්වීම යටතේ ක්ෂේත්‍ර සක්ෂි විද්‍යා කවය මගින් ක්‍රියාත්මක කරනු ලැබේ.

මේ සඳහා දිවයිනේ පරිසර නියමුවන් හා පාසල් සිසුන් සම්බන්ධ කර ගැනීමටත්, ඒ තුළින් ඔවුන්ගේ පක්ෂි විද්‍යාත්මක දැනුම වැඩි කිරීමටත් බලාපොරොත්තු වේ. 

එසේම වැඩිපුර විස්තර ලබා දෙන සිසුන් සඳහා ත්‍යාග ලබා දීමටත් ඔවුන් බලාපොරොත්තු වන බව සඳහන්. 

තොරතුරු ලබා දීම ස‍ඳහා පරිසර නියමුවන් / පාසල් සිසුන් වෙත ආරාධනා කර සිටී. 


තොරතුරු ලබා ගන්නා අවසන් දිනය 2022. 06. 31

තොරතුරු ලබා දෙන ආකාරය. මෙම සබැඳියෙන් අදාල ගූගල් ෆෝර්මය වෙත පිවිස එය සම්පූර්ණ කරන්න.

වැඩි විස්තර පහතින් කියවන්න.
Dear members,

The Garden Birds and Biodiversity Watch (GBBW) is a citizen science initiative encouraging the public (specially the kids) to explore birds and the biodiversity in their own home gardens. This starts on ‘International Day of Biological Diversity’ 22nd of May and ends on ‘Environment Day’ 5th of June.
ගෙවත්තේ පක්ෂීන් හා ජෛව විවිධත්වය ගවේෂණය (GBBW) යනු මහජනතාව (විශේෂයෙන් ළමයින්) කුරුල්ලන් සහ ඔවුන්ගේ ගෙවතුවල ජෛව විවිධත්වය ගවේෂණය කිරීමට දිරිමත් කරන මුලපිරීමකි. මෙය මැයි 22 වැනි දින එනම් ‘ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය’ දා ආරම්භ වන අතර ජුනි 5 වනදා එනම් ‘පරිසර දිනය’ දා අවසන් වේ.

How to participate in GBBW 2022
• First go to the registration link down below by clicking on the link or scanning the QR code.
• Fill all the details and submit the form.
• Then you will receive the GBBW2022 ID and the link to the data record sheet.
• Observe birds in your garden at any time of the day for a desired period of time.
• Enter the details in the given google form and submit. You can submit multiple records through out the competition period using the same link.
• If you are an eBird user you can use your eBird account to record your observations. Please make sure you share your recordings with fogsl1976 and mention your GBBW 2022 ID in the comment section.

GBBW 2022 සඳහා සහභාගී වන ආකාරය
• පළමුව, සම්බන්ධ වීමේ link එක මත ක්ලික් කිරීමෙන් හෝ QR කේතය ස්කෑන් කිරීමෙන් පහත ලියාපදිංචි සබැඳියට යන්න.
• සියලුම විස්තර පුරවා පෝරමය සම්පූර්ණ කරන්න
• එවිට ඔබට GBBW2022 හැඳුනුම්පත සහ දත්ත වාර්තා පත්‍රයට අදාළ link එක ලැබෙනු ඇත.
• ඔබේ ගෙවත්තේ සිටින කුරුල්ලන් දවසේ ඕනෑම වේලාවක නිරීක්ෂණය කරන්න.
• ඔබට ලබා දී ඇති ගූගල් පෝරමයේ විස්තර ඇතුළත් කර තහවුරු කරගන්න. එකම link එක භාවිතා කිරීමෙන් තරඟ කාල සීමාව පුරා වාර්තා කිහිපයක් ඉදිරිපත් කළ හැකිය.
• ඔබ eBird පරිශීලකයෙක් නම් ඔබට ඔබගේ නිරීක්ෂණ වාර්තා කිරීමට ඔබගේ eBird ගිණුම භාවිතා කළ හැක. කරුණාකර ඔබ ඔබේ වාර්තා කිරීම් fogsl1976 වෙත ලැබීමට සළස්වන්න. එවිට ඔබේ GBBW 2022 හැඳුනුම්පත සඳහන් කිරීමට වග බලා ගන්න.

After the competition period panel of judges will select the winner of the book based on the following criteria.
1. Most number of records
2. Consistency of the records
3. Validity of the records

තරඟ කාල සීමාවෙන් පසු විනිසුරු මඩුල්ල විසින් පහත නිර්ණායක මත පදනම්ව ජයග්‍රාහකයා තෝරා ගනු ලැබේ.
1. වැඩිම වාර්තා සංඛ්‍යාව
2. වාර්තාවල ඇති සත්‍යතාවය
3. වාර්තාවල වලංගුභාවය

Happy birding !
fogsl

Garden Bird and Biodiversity Watch 2022 / ගෙවත්තේ පක්ෂීන් හා ජෛව විවිධත්වය ගවේෂණය - 2022

Tuesday, May 31, 2022

ලෝක පරිසර දිනය 2022 ජුනි 05 දිනට යෙදී ඇත.


 ලෝක පරිසර දිනය 2022 ජුනි 05 දිනට යෙදේ. මෙවර තේමාව වී ඇත්තේ “Only One Earth” යන්නයි. එහි සිංහල පරිවර්ථනය “එකම පෘතුවියක්” යන්නයි.

එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන මෙවර පාරිසරික දින සැමරුම සම්බන්ධයෙන් පහත අයුරින් විස්තර කර ඇත.

1972 ස්ටොක්හෝම් සමුළුවේ සටන් පාඨය වූයේ “එකම පෘතුවියක්” යන්නයි. වසර 50 ක් ගතවී ඇතත්, මෙම සත්යය තවමත් පවතී - මෙම ග්රහලෝකය අපගේ එකම නිවසයි.

හදිසි ප්‍රකාරයේදී ස්වභාවධර්මය සමඟින්, 2022 ලෝක පරිසර දිනය සඳහා වන #OnlyOneEarth ව්‍යාපාරයට අවශ්‍ය වන්නේ ඔබ සාමූහික පාරිසරික ක්‍රියාමාර්ග හරහා පෘථිවිය සැමරීමටයි.

#OnlyOneEarth ගෝලීය පරිමාණයෙන් පරිවර්තනීය පාරිසරික වෙනසක් වෙනුවෙන් පෙනී සිටී. මෙම ප්‍රචාරණය දේශගුණික ක්‍රියා, ස්වභාවික ක්‍රියා සහ පරිසර දූෂණ ක්‍රියාවන් පිළිබඳව අවධානය යොමු කරන අතරම, සෑම තැනකම තිරසාර ලෙස ජීවත් වීමට දිරිමත් කරයි.

අපගේ පුද්ගල පරිභෝජන තේරීම් වෙනසක් ඇති කරන අතර, එය අපට අවශ්‍ය පරිවර්තනීය පාරිසරික වෙනසක් ඇති කරන සාමූහික ක්‍රියාවකි, එබැවින් අපට සෑම කෙනෙකුටම සමෘද්ධිමත් විය හැකි වඩාත් තිරසාර හා සාධාරණ පෘථිවියකට ඉදිරියට යා හැකිය.


Monday, May 23, 2022

ලෝක ජෛව විවිධත්ව දිනය | 2022 මැයි 22

ජෛව විවිධත්ව දිනය මැයි 22 දිනට යෙදේ.

ජෛව විවිධත්ව ගැටළු පිළිබඳ අවබෝධය සහ දැනුවත්භාවය වැඩි කිරීම අරමුණු කර ගනිමින් සෑම වසරකම මැයි 22 දින ජෛව විවිධත්වය සඳහා වූ ජාත්‍යන්තර දිනය සමරනු ලබයි. එම දිනය මුලින් සමරනු ලැබුවේ දෙසැම්බර් මාසයේ අගදීය.  1992 වර්ෂයේ දී ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතිය (CBD) සම්මත කෙරුණි. එය සිහිපත් කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක් අනුව එතෙක් දෙසැම්බර් අග පැවති දිනය මැයි 22 දිනට මාරු කෙරිණි.

ජෛව විවිධත්වය තිරසාර සංවර්ධන අභියෝග කිහිපයකට පිළිතුරක් ලෙස පවතී. දේශගුණය, සෞඛ්‍ය ගැටලු, ආහාර සහ ජල සුරක්ෂිතතාව සහ තිරසාර ජීවනෝපාය සඳහා සොබාදහම පදනම් කරගත් විසඳුම්වල සිට, අපට වඩා හොඳින් ගොඩනගා ගත හැකි පදනම ජෛව විවිධත්වයයි.

2022 තේමාව

සියලු ජීවිතය සඳහා හවුල් අනාගතයක් ගොඩනැගීමයන්න තේමා කර ගනිමින් 2022  ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය සමරනු ලබයි.  වසංගතය තත්වයන් තවමත් ලොවෙන් සමුගෙන නොමැති වටපිටාවක් පවතින බැවින් මෙවර ජෛව විවිධත්ව දිනය  අන්තර්ජාලය හරහා සමරනු ලැබිණි.

මේ ජෛව විවිධත්ව දිනය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද වීඩියෝවකි.



Friday, April 22, 2022

අද ලෝක මිහිතල දිනයයි (අප්‍රේල් 22)

 

අද ලෝක මිහිතල දිනයයි. සෑම වසරකම අප්‍රේල් 22 වනදා ලෝක මිහිතල දිනය සැමරෙනවා. මෙවර ලෝක මහිතල දිනයේ තේමාව වී ඇත්තේ "මිහිතලය වෙනුවෙන් ආයෝජනය කරමු" යන්නයි.

මේ වන විට සමස්ත මිහිතලයේ ම පැවැත්මට බරපතළ තර්ජනයක් එල්ල කර ඇති හර්තාහාර ආචරණය පාලනය කිරීම ඉලක්ක කරගත් වැඩසටහන් රාශියක් අද දිනය තුළ දී ලොව පුරා ක්‍රියාත්මක වනවා.

පැරිස් සම්මුතියට අනුව 2030 වර්ෂය වන විට හරිතාගාර වායු අඩු කිරිම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩ වැඩසටහන් වල අරමුණ වී ඇත.  ශීඝ්‍රයෙන් ඉහළ යන ගෝලීය උෂ්ණත්වය පාලනය කර ගැනීම් ඒ අතුරින් ප්‍රමුඛ කාරණයක් වී ඇත.

ලෝක මිහිතලය හා එහි පැවැත්ම සම්බන්ධයෙන් නිරන්තරයෙන් පර්යේෂණ සිදු කරන විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 ට වඩා අඩු මට්ටමක තබා ගැනීම සඳහා මෙම ශතවර්ෂයේ මැද භාගය වන විට වායුගෝලයට එක් කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රතිශතය ශුන්‍ය කරගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බවය.

2030 වර්ෂය වන විට වායුගෝලයට එක් කෙරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය 30% කින් අඩුකර ගත යුතු වන අතර වසර 2050 වන විට එය 0% කරා රැගෙන ඒම පැරිස් සම්මුතියේ ප්‍රමුඛ පරමාර්ථයයි.

මෙම ඉලක්කයන් සපුරා ගැනීමට සමස්ත ලෝක ප්‍රජාවට නොහැකි වුවහොත් මේ වන විට පොසිල ඉන්ධන දහනයෙන් වායුගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය හේතුවෙන් තවත් ශතවර්ෂ කිහිපයක් ඇතුළත පෘථිවියෙන් ජීවීන් සඳහටම සමු ගනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවති.

එබැවින් ඔවුන් පෙන්වා දෙන්නේ අනාගත පරපුර වෙනුවෙන් මේ මිහිතලය සුරක්ෂිත කිරීම සඳහා ලොව පුරා සිටින සෑම පුද්ගලයෙක්ම එකාවන්ට දායක විය යුතු බවටයි.

 ඒ මන්ද යත් මිහි තලයේ පැවැත්මට බරපතළම හානි සිදු කරනුයේ මනුෂ්‍ය ක්‍රියාකාරකම් වීමත් හේතුවෙනි. 

#ලෝක_මිහිතල_දිනය #Earth_day