Monday, July 31, 2017

ලෝක ජනගහණ දිනය (ජුලි 11)

2017 වසරේ ජනගහන දිනයේ තේමාව 'සැලසුම්සහගත පවුලක්‌ - තිරසාර හෙටක්‌' යන්න වේ.

1800 දී මිලියන එකක්‌ව තිබූ ලෝක ජනගහණය 1963 වන විට දෙගුණයක්‌ වී තිබේ. 1987 දී එය 40% කින් වර්ධනය වී බිලියන 5 ක්‌ බවට පත් වී තිබේ. පළමු ලෝක ජනගහණ දිනය පැවැත්වීමට මුල් වී ඇත්තේ එම කාරණයයි. එදා පටන් සෑම වසරකම තෝරාගත් මාතෘකාවක් ඔස්සේ මෙම දිනය සමරනු ලබයි.

එයින් බලාපොරොත්තු වන්නේ ලෝක ජනගහනයේ වර්ධන පිළිබඳ පරීක්ෂාවෙන් කටයුතු කිරීමටය.  මෙම සැමරුම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පාලන කවුන්සලය විසින් පිහිටුවන ලදී.

දැනට සෑම වසරක ම දශලක්‌ෂ 78 ක්‌ පමණ ජනතාවක්‌ ලෝක ජනහගණයට එකතු වීමෙන් ස්‌වභාවික සම්පත් වලට ඇති ඉල්ලුම වැඩිවීමෙන් අප ජිවත් වන පෘථිවියට වැඩි පීඩනයක්‌ ඇති කරවයි. දරිද්‍රතාවය, අසාමනතාවය සහ සම්පත් කෙරෙහි ඇති පීඩනය වැඩිවීම ජනගහණය වැඩිවීමේදී ඇතිවන අභියෝගයන් වන අතර ලෝකය පෙර නොවු ආකාරයට එකට සම්බන්ධව වී ඇති නිසා මෙම ප්‍රශ්න සෑම රටකටම බලපායි. ලෝකයේ ජනගහණය වැඩිවීමත් සමග අද ජීවත් වන සහ අනාගත පරම්පරාව සඳහා අසාමානතා අඩුකිරීමටත් ජීවන මට්‌ටම නගා සිටුවීමටත් නව චින්තනයක්‌ සහ ගෝලීය සහයෝගීතාවයක්‌ අවශ්‍ය වේ. මෙහිදී තරුණ ජනයා බලගැන්වීමත් ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය වර්ධනය කිරීමත්, ස්‌ත්‍රින්ගේ අයිතිවාසිකම් සුරැකීමත් සියලු දෙනාගේ පැවැත්මට තිබෙන ස්‌වභාවික සම්පත් ආරක්‌ෂා කිරීමත් කළ යුතු වේ.

ලෝක ජනගහණය වර්ධනය පිළිබඳව අදහසක් ලබා ගැනීමට Population clock නැතිනම් ජනගහණ ඔරලෝසුව වැදගත් වේ. එවැනි අඩවි කිහිපයක් අධ්‍යයනය කළ මා හට පෙනී ගියේ ඒවා එකිනෙක වෙනස්කම් දක්වන බවයි. ඒ එම අඩවිය ගණනය කරන ආකාරය අනුව සිදුවන්නකි. ඒ අනුව එය නිවැරදිම නොවේ. එවැනි අඩවි කිහිපය 04ක සබැඳි පහතින් දක්වා ඇති අතර අවශ්‍ය කෙනෙකුට එය බලාගතහැකිය.
01. http://www.geography.learnontheinternet.co.uk/populationclock.html
02. http://galen.metapath.org/popclk.html
03. http://www.worldometers.info/world-population/
04. https://www.census.gov/popclock/


පසුගියදා නිකුත් වූ එක්‌සත් ජාතීන් ගේ වාර්ෂික ජනගහන සමීක්‌ෂණය වාර්තාවට අනුව 2023 දී එනම් තව අවුරුදු හයකින් ලෝක ජනගහනය බිලියන 8 ඉක්‌මවනු ඇත. එම ලෝක ජනගහනයෙන් අටෙන් එකක්‌ එනම්, බිලියනයක්‌ ම වයස අවුරුදු 60 ඉක්‌මවූ අය වනු ඇති අතර 2023 වන විට දැනට පවතින අනුපාතයට වඩා ඉහළ අනුපාතයකට පිරිමි ජනගහනය වර්ධනය වනු ඇත. වාර්තාවට අනුව මෙම පරතරය 2023 දී තවත් ඉහළ යන බව පෙන්වා දී ඇත. 1966 දී ලෝක ජනගහණ වර්වධනය 2%ක්‌ ව පැවතිණු  අතර මේ වන විට එය 1.2%කි. ලෝක ජනගහණ වර්වධන වේගයත් සමග කරණ ලද ගණන් බැලීම් අනුව  2050 වසරේ දී ලෝක ජනගහනය බිලියන 9.8ක්‌ දක්‌වා වර්ධනය වන බව ද පෙන්වා දී ඇත. එසේම  එය 2100 දී බිලියන 12.3 දක්වා ඉහළ යන බව දක්වා ඇත.  රටවල් 223ක ජනවර්ග දහසක් පමණ ඊට අයත්.

පවුල් සැලසුම් කිරීම මානව අයිතිවාසිකමක්‌ වන අතර 2030 වසරේ දී තිරසර සංවර්ධන අරමුණු ළඟා කරගැනීම සඳහා මෙය ද වැදගත් ඉලක්‌කයක්‌ ලෙස සැලකේ. මෙමගින් කාන්තාවට තමන් ගර්භණීභාවයට පත් විය යුතු ද, එසේ නම් ඒ කුමන අවස්‌ථාවේ දී ද සහ කොපමණ වතාවක්‌ ද යන්න තීරණය කිරීමට අවස්‌ථාව ලබා දේ. පවුල් සැලසුම් මගින් කාන්තාවට, ඇය ගේ ශරීරය සහ ඇගේ අනාගතය පිළිබඳව දැනුවත් ව තීරණ ගැනීම සඳහා සවිබල ගැන්වීම තුළින් සෞඛ්‍යවත් සහ ආරක්‌ෂාකාරී ජීවිතයක්‌ ගත කිරීමටත්, ජාතික ආර්ථිකයේ සංවර්ධනයට තම දායකත්වය ලබා දීමටත් අවස්‌ථාව උදා කර දේ.

පවුල් සැලසුම් කිරීමේ වැදගත්කම හඳුනාගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රී ලංකාවේ ජාතික පවුල් සැලසුම් වැඩසටහනේ පළමු සමාලෝචන වාර්තාව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ දී ජූලි 10 දින එළිදක්‌වනු ලැබී ය.

1965 වසරේ දී ශ්‍රී ලංකාවට පවුල් සැලසුම් වැඩසටහන් හඳුන්වා දීමෙන් පසුව සිදු කරන ලබන පළමු සමාලෝචනය මෙය වේ. ජූලි 11 වැනි දින ලෝකය පුරා ලෝක ජනගහන දිනය සමරන අවස්‌ථාවේ දී මේ සමාලෝචනය සිදු කෙරිණි. එය ඉතා කාලෝචිත වාර්තාවක්‌ ලෙස සැලකිය හැකි.

ජනගහණ දිනය පිළිබඳ මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගි වූ කොළඹ විශ්වවිද්‍යාලයයේ ප්‍රජා විද්‍යා අධ්‍යයන අංහයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා මාධ්‍යයට අදහස් දක්වා ඇත්තේ අපේ ජනගහනය වැඩි වීමට හේතුව මෑත දී කතුන් ගේ සඵලතාව බවයි. ලංකාවේ වයස අවුරුදු පනහේ දී කාන්තාවක ලබා සිටින දරුවන් ගණනෙහි සාමාන්‍යය සමස්‌ත සාඵල්‍යතා අනුපාතය (Total Fertility Rate – TFR) 2.42කි. 1950 දී TFR අගය 3.4ක්‌ විය. 1998 දී එය 1.9ක්‌ විය. ලංකාවේ දැන් Living together ක්‍රමය (විවාහ නොවී එකට ජීවත්වීම) ද ඉස්‌මතු වන බව පෙනී යන්නේ යෑයි ඔහු සඳහන් කරයි. යුද්ධයෙන් පසු රටේ ජනගහනය අඩු වූවා යෑයි සිතමින් එය පියවාගත යුතු යෑයි සිතන පිරිසක්‌ ද දැන් බිහි ව ඇත. අපේ මඳසරුභාවට අදාළ ප්‍රතිකර්ම ද වර්ධනය වී ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයද මිලියන 21 ඉක්මවා ඇත. ශ්‍රී ලංකාවේ ජනගහනය 2042 දී මිලියන 25කට වඩා ඉහළ යන බව මහාචාර්ය ඉන්ද්‍රලාල් මහතා පෙන්වා දී ඇත. මේ තත්ත්වය අනුව පෙනී යන්නේ නිසි පවුල් සැලසුම් ක්‍රම අනුගමනය නො කළ හොත් අනාගතයේ දී මෙරට ජනගහන පිපිරුමක්‌ ඇති වීමේ අවදානමක්‌ පවතින බව ය.



අන්තර්ජාලයේ ලිපි, ප්‍රවෘති අඩවි, ලිපිවල කරුණු අශ්‍රය කර ගනිමින් සකස් කරන ලදි.

Thursday, July 20, 2017

ලොව ප්‍රථම හරිත පුණ්‍ය භූමිය ලෙස දළදා මාළිගය නම් කරයි.

ලොව ප්‍රථම 'හරිත පුණ්‍ය භූමිය' ලෙස මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය නම් කිරීම 2017.07.13 දින සිදු කෙරිණි.


ඒ අනුව 2017 ජුලි 14 දින සිට ශ්‍රී දළදා මාළිගය වෙත පොලිතින් සහ ප්ලාස්ටික් රැගෙන ඒම තහනම් බව එහි පාලනාධිකාරිය පවසයි.



දළදා මාළිගය වෙත රැගෙන එන ප්ලාස්ටික් මල් වට්ටි වෙනුවට එම පරිශ්‍රයට ඇතුළු වීමේදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි මල් වට්ටි ලබා දීමට ද නියමිතය.



පූජා පරිශ්‍රයේ ප්‍රයෝජනය සඳහා දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදා නිෂ්පාදනය කෙරුණු කසල බහාලන යොදා ගැනීමද වැඩසටහනේ එක් විශේෂත්වයකි.

Tuesday, July 11, 2017

මුතුරාජවෙලට ඉව ඇල්ලීම (පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්)

මුතුරාජවෙලට ඉව ඇල්ලීම
පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්

ජනතා විරෝධය මධ්‍යයේ දැවැන්ත පාරිසරික හානියක් සිදුකරමින් කොළඹ මහ නගර සභාව විසින් මුතුරාජාවල අභය භූමියට කසළ බැහැර කරමින් සිටියි.

පාඨලී චමිපික රණවකගේ  හා පරිසර අමාත්‍යංශයේ අවශ්‍යතාව මත මෙම කුණු මුතුරාජවෙලට  බැහැර කරන්නේ හුදෙක් කුණුවලට කිරීමට කිසිදු දෙයක් නැති නිසා නොවේ. පළමුව කුණු බැහැර කරමින් ඉඩම් ගොඩ කිරීම හා දෙවනුව එසේ ගොඩ කරන ඉඩම් කොළඔ මහ නගර සැලසුමේ අවශ්‍යතාව  අනුව  ව්‍යාපාරික ස්ථාන හා කර්මාන්ත ශාලා ඉදිකිරීමට සමාගම්වලට ඉඩකඩ   ලබාදීමටය. මෙය වඩාත් පැහැදිලිව ජාතික ‍භෞතික සැලසුමේ ද සිතියම් ගත කර ඇත. එම නිසා මුතුරාජවෙල අභය භූමිය හා එහි තවත් වගුරු බිම්වලට කුණු දමා ගොඩ කරමින්  රජය එක ගලින්   කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීමේ ව්‍යාපෘතිය  ආරම්භ කර ඇත.

මුතුරාජවෙල වගුරු බිම කොළඔ අවට ප්‍රදේශවල භූගත ජලය ස්ථාවර මට්ටමක තබා ගැනීමටත්, ගංවතුර පාලනයටත් ඉටුකරන්නේ මහගු සේවාවකි. මුතුවැනි සම්බාවලින් අටුකොටු පිරවූ යුගයක් බටහිර ජාතීන් මෙරටට පය ගැසීමට පෙර තිබුණ බවට සාක්ෂි පවතී. ගුවීෆ් හැමිල්ටන් ආණ්ඩුකාරවරයා 1802 දී මෝඩ ඇළ සංවර්ධනයට මුල පිරීය. කැලණි ගඟ හා මීගමුව කළපුව අතර ප්‍රදේශය මෙමගින් ආවරණය විය.  මෝඩ ඇළ ( පසුව හැමිල්ටන් ඇළ) තැනූ පසු වෙනදා බලාපොරත්තු වූ සශ්‍රීකත්වය මුතුරාජවෙලින් බලාපොරොත්තු වීමට නොහැකි වූයේ මෝඩ ඇළ දිගේ කරදිය රට ඇතුළට ගලා ඒමෙන් වගා කටයුතු කිරීම අපහසු වූ නිසාය.  එම නිසාම වසර දෙසීයක් පමණ කාලයක් පුරා  කුඹුරු වගා කටයුතු සඳහා මේ ඇළ ජලය යොදාගත්තේ නැත. නමුත් පුරන් කුඹුරු, ඇළවල් හා ගං මෝය  ආශ්‍රිතවත් මීගමුව කළපුවට යාබදවත් ජෛව විවිධත්වයෙන් ඉහළ කඩොලාන පරිසරයක් වසර ගණනාවක් තිස්සේ විවිධ සතා සිව්පාවුන්ට නිවහනක් වූ බව  අදටත් නොරහසකි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුව යටතේ පාලනය වන මුතුරාජවෙල අභය භූමිය ආරක්ෂා කිරීමේ වගකීම පරිසර අමාත්‍යංශයට හා මධ්‍යම පරිසර අධිකාරියට පැවරී තිබේ.  නමුත් අදවන විට ඔවුන්ගේ දායකත්වයෙන් හා අවසරයෙන් සමස්ත මුතුරාජවෙල අභය භූමියම විනාශ කිරීමට රාජ්‍ය මැදිහත්වීම සිදුවෙමින් තිබේ.

තවද 2004 වර්ෂයේ දී ඉන්දීය රජය විසින් තහනම් කරන ලද ඉන්දියනු ෆාම් තෙල් ශුද්ධාගාර කිහිපයක් අද වන විට මුතුරාජවෙල අභය භූමියේ ස්ථාපිත කර ඇත. මැලේසියාවේ හා ඉන්දියාවෙන් ෆාම් තෙල් මෙරටට ගෙන්වා ඒවා භාවිතයට ගත හැකි ලෙස සකස් කිරීම මෙම කර්මාන්ත ශාලාවලදී සිදුකරයි. එලෙස තෙල් පවිත්‍ර කිරීමේ කටයුතුවලදී දහනය වන දුම මුතුරාජවෙල අභය භූමිය පමණක් නොව මුළු ප්‍රදේශය පුරාම දැඩි දුගඳක් පතුරුවයි. මෙලෙස දුම් මුදවා හැරීමට නිසි ප්‍රමිතීන් ඇතත් එය බල්ලෙකු තරම්වත් නොසලකා හරිමින් පරිසරයට මුදාහැරීමට කර්මාන්ත හිමියෝ අද වන විට කටයුතු කරමින් සිටිති.

1996.10.31 වැනි දින අභය භූමියක් ලෙස නම් කරන ලද මුතුරාජවෙල අභය භූමිය හෙක්ටයාර් 2569ක් විශාල බව National Wetland Directory of Sri Lankan කෘතියේ සඳහන් කර ඇත. මෙම කෘතිය මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ප්‍රකාශයට පත්කොට ඇත. එසේ වූවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත්කර ඇති ශ්‍රී ලංකාවේ තෙත් බිම් නමැති අත්පත්‍රිකාවට අනුව මුතුරාජවෙල අභය භූමියේ පළමුවැනි කොටස හෙක්ටයාර් 1028.6ක් ලෙසත් දෙවැනි කොටස හෙක්ටයාර් 256.8ක් ලෙසත් නම්කර ඇත. මුතුරාජවෙල සංරක්‍ෂණය කෙසේ වෙතත් පරිසර අමාත්‍යංශය යටතේ තිබෙන ආයතන දෙක තුළ මුතුරාජවෙල සම්බන්ධයෙන් ඇති දත්තවල පවා වෙනස්කම් දැකිය හැකිය.  මෙලෙස ඇති දත්තවල වෙනස්කම් නිසාම මුතුරාජවෙල අභය භූමියේ සීමා මායිම් නිසි ලෙස සටහන් වී නොමැති වීමත් නීතිය ක්‍රියාත්මක නොවීමත් විදේශිකයන්ට මෙන්ම මෙරට දේශපාලකයන්ටත් අභය භූමිය විනාශ කිරීමට පහසු වී ඇත.

අද වන විට සුළු වර්ෂාවකදී වූවද කොළඹ නගරය අඩි ගණනක් යටවන්නේ ප්‍රදේශයේ ජලය බැසගිය මුතුරාජවෙල වගුරු බිමේ පිහිටි කර්මාන්ත ශාලා,නිවාස, හෝටල් ආදිය නිසාය. කෙළඔ, ජාඇග,  වත්තල,  සීදූව, මීගමුව අදී ප්‍රදවල ජලය බැසයන ප්‍රධාන වගුරු භූමිය මුතුරාජවෙල වගුරු බිමයි.  අද වන විට  කුණු දැමීම නිසා  මුතුරාජවෙල වගුරු භූමියේ අක්කර පණහකට වැඩි ප්‍රමාණයක්  විනාශ වන අතර නගරයේ සියලුම විස අපද්‍රව්‍ය බැහර කරන්නේ මින් පසුව මෙම වගුරු භූමියටය.

පාරිසරික අතින් අධි  සංවේදී කලාපයක් වන මුතුරාජවෙල වගුරු බිමේ දැනට කර ඇති පර්යේෂණ දත්තයන් අනුව ශාඛ විශේෂ 192 වැඩි ප්‍රමාණයක් හදුනාගන ඇති අතර මත්ස්‍ය විශේෂ 40 වැඩි ප්‍රමාණයක් , උභය ජීවීන් විශේෂ 14,  
සර්ප වීශේෂ 31,  පක්ෂි විශේෂ 103, ක්ෂරපායින් විශේෂ 22 හා සමනළුන් විශේෂ 48  වාර්තා වී තිබෙන අතර මෙහි තවත් ගණනය කර නොගත් සත්ව විශේෂ ශාක වීශේෂ ගණනාවක් ඇත. කෙළඔ නගරික සිමාවේ සත්ව හා ශාක ගහණය වැඩිම වගුරු භූමියක් ලෙස මෙය හැදින් විය හැකි අතර පරිසර අමාත්‍යවරයා හා පාඨලී චමිපික රණවක ඇමැතිවරයා එක්වී වනසන්නේ මෙවන් සුවිශේෂී ස්ථානයකි.

 කුණු ගොඩ ගැසීම නිසා ඇතිවන මීතේන් වායුව CH4 හෙතුවෙන් මුතුරාජවෙ අවට ජනතාවට හා කුඩා ළමුන්ට ඇස්මා වැනි රෝග තත්වයන් ඇතිවීමේ ඉඩකඩ වැඩිය. අනෙකුත් කුණු කදු අශ්‍රිතව ඇති අත්දැකීමි අනුව සමේ රෝග ශා කාන්තාවන්ගේ ගැබ් ගෙල පිලිකා ව්‍යාප්ත කිරීමට කුණු අශ්‍රිත නිෂ්පාදනය වන වීස රසායන ද්‍රව්‍ය හේතුවේ. එම නිසා මෙම ප්‍රදේශවල මිනිසුනට මින් පසුව දැවැන්ත සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුවේ.

සිදුවන පරිසර හානිය හා මහජනතාවට,බීමට ඇති ජලයට වන හානිය කොයි කුණු ගොඩටත් පොදුයි . කිරිදිවෙල, මුතුරාජවෙල, කරදියාන පමණක්  නොව රටපුරාම ජනතාව කුණු කඳුවලට බිලි දෙන තුරු පරිසර අමාත්‍යංශය හෝ වගකිවයුතු උදවිය කුණු ප්‍රතිනිෂ්පාදන සදහා හෝ පොහොර නිෂ්පාදනය සදහා භාවිතා කරන්නට අදහසක් නැති බව පෙනේ. වෙනත් රටක නම් කුණු යනු  ආදයම් උත්පාදනය වෙනුවෙන් යොදා ගන්නා මහඟු සමිපතකි .

නමුත් අවාසනාවකට මෙරට බලධාරීන් කුණු කදු ගොඩ ගසමින් එය පාතාලයේ එක් ආදායම්මි මාර්ගයක් බවට පත්කර ඇත. මිනිසුන්ගේ ජීවිත බිළිදෙමින් කුණුවලින් කප්පම් ගන්නා කප්පම්කරුවන් ආරක්ෂා කිරීම වෙනුවට පිටරටවලින් ගෙනෙන විද්‍යුත් අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට දැන් තිත තැබිය යුතුය. මෙරට එක්වන අපද්‍රව්‍ය කළමනාකරණය කර ප්‍රතිනිෂ්පාදනය සදහා යොදාගත හැකිය. එයට අවශ්‍ය තාක්ෂණික දැනුම පරිසර අමාත්‍යංශයෙන් ආරම්භ වී වළලා දැමූ පිළිසරු ව්‍යාපෘතියට පණදීමෙන් ලබාගත හැකිය .


Thursday, June 15, 2017

ජෛව සුරක්ෂිතතාව පිළිබඳ කාර්ටිජිනා සන්ධානය

ජාන වෙනස් කිරීමට ලක් කරන ලද පැළෑටි හා ජීවීන්ගෙන් පරිසරයට හා මානව සෞඛ්‍යයට ඇති විය හැකි අවදානම අවම කිරීමේ හා මඟ හරවා ගැනීමේ අරමුණින් ජෛව සුරක්ෂිතතාව පිළිබඳ 'කාර්ටිජිනා සන්ධානය' (Cartagena Protocol on Biosafety) ලෝක ප්‍රජාව විසින් පිහිටුවා ගනු ලැබ ඇත.

එය 2000 ජනවාරි මස 29 වන දින සම්මත වූ අතර 2003 සැප්තැම්බර් මස 11 වැනි දින සිට ක්‍රියාත්මක කරන ලදී.

ශ්‍රී ලංකාවද එම සන්ධානයේ පාර්ශ්වකරුවෙක් වේ. ශ්‍රී ලංකාව 2000-05-24 දින අත්සන් තබා ඇති අතර 2004-07-26 දින සිට බලාත්මක කර ඇත.

 ජෛව තාක්ෂණයෙන් මානව සෞඛ්‍ය‍යට හා පරිසරයට ඇතිවිය හැකි අවදානම අවම කරගන්නා අතරම, එමඟින් ශ්‍රී ලංකාවට ලබාගත හැකි උපරිම ප්‍රතිලාභ අත් කරගැනීම අරමුණු කරගනිමින් 'ජාතික ජෛව සුරක්ෂිතතා කාර්යරාමුව' (National Biosafety Framework) ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියක්, ගෝලීය පාරිසරික පහසුකම (Global Environmental Facility - GEF) විසින් ලබා දීමට එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 2.36ක මූල්‍ය ප්‍රදානය උපයෝගි කරගනිමින් 2017-2020 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් 2017-02-28 දින අනුමත කරන ඇත. (https://sinhala.news.lk/cabinet-decusions/item/21936-2017-02-28)

වැඩි විස්තර සඳහා - https://bch.cbd.int/protocol/background/

Monday, May 29, 2017

ලෝක පරිසර දිනය 2017

පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ දැනුවත් කිරීම සහ ක්‍රියාත්මක වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති ප්‍රධානම දිනය ලෝක පරිසර දිනය වේ. මෙය සෑම වසරකම ජූනි 5 වනදා සමරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1972 දී ලෝක පරිසර දිනය සම්මත කරගනු ලැබීය. එය මුලින්ම සමරන ලද්දේ 1974 දී ය. සෑම වසරකම ලෝක පරිසර දින ප්‍රධාන උළෙල කිසියම් රටක පවත්වනු ලබයි. මුල් අවුරුදුවල බංග්ලාදේශය අවස්ථා කිහිපයකදී ම සත්කාරක රට ලෙස කටයුතු කළේය.

පරිසරය ආරක්ෂා කිරීම, සාගර මට්ටම ඉහළ යෑම, වනජීව සම්පත් කොල්ලය වැනි කරුණු පිළිබඳ මෙම දිනයේදී විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. රටවල් 140 කට අධික ප්‍රමාණයක් මෙම දිනය සමරති.

2017 පරිසර දින තේමාව - සොභා දහම හා බැඳුණු ජනතාවක් යන්නයි

Pic: Rolfmueller, Wikimedia Commons

Tuesday, May 23, 2017

ලෝක ජෛව විවිධත්ව දිනය 2017

මැයි 22 ලෝක ජෛව විවිධත්ව දිනය යෙදිණි. 2017 වසරේ තේමාව වනුයේ "ජෛව විවිධත්ව හා ධරණීය සංචාරක ව්‍යාපාරය" (Biodiversity and Sustainable Tourism) යන්නයි.

ජෛවවිවිධත්ව යනු සරලවම පැහැදිලි කරගතහොත්, පෘථිවිය මත දක්නට ලැබෙන ජීව වස්තූන්ගේ එනම්, ශාක හා සතුන්ගේ විවිධත්වයයි. මේ සඳහා එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සම්මේලනය හෙවත් මිහිතල සමුළුව සම්මුතිය මඟින් දී ඇති නිර්වචනය වඩාත් පැහැදිලි එකකි. එනම්, ජෛව විවිධත්වය යනු "භෞමික සමුද්‍රික සහ අනෙකුත් පරිසර පද්ධතීන් සහ පාරිසරික සංකීර්ණ ඇතුළු සියළුම මූලාශ්‍රයන්හි අඩංගු සහ ඒවායේ කොටසක් වන ජීව වස්තූන් අතර ඇති වෙනස් වීමේ හැකියාවයි" පෘථිවිය තුළ ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ජෛව විවිධත්වය මතයි.

2017 වසර ලෝක ධරණීය සංචාරක වර්ශය ලෙස නම් කර ඇති බැවින් මේ වසරේ ජෛව විවිධත්ව දින තේමාව සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධව ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරන ලදි..

ශ්‍රී ලංකාව යනු ලෝකයේ පවතින ජෛව විවිධත්වය අතින් ඉහලම ස්ථාන 45 න් එකකි. (Western ghat & Sri Lanka - Biodiversity hot spot) .වෙරළ කලාපයේ මුහුදු ජලජ පරිසරයේ පිහිටි කොරල්පර හා වෙනත් සාගරික ජලජ ශාක මෙන්ම වෙරළේ පිහිටි කලපු මෝය වැනි නොයෙක්‌ විධ ජෛවීය තත්ත්වයන් පවතින ස්‌වභාවික පද්ධතීන්ද ඇත. ජෛව විවිධත්වයෙහි විවිධත්වය මට්‌ටම් ත්‍රිත්වයකින් විස්‌තර කර ඇත. පරිසර පද්ධති විවිධත්වය විශේෂ විවිධත්වය ජාන විවිධත්වය ලෙස හඳුනාගෙන ඇති එම මට්‌ටම් ගත් විට ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති විවිධත්වය අතිශයින්ම ඉහළය.

ලෝකයේ සංචාරක කර්මාන්තය සාමාන්‍ය තත්වයේ සිට පාරිසරික සංචරක කර්මාන්තය දක්වා පරිවර්තනය වීමේදී එහි කොටසක් උකහා ගැනීමට ලංකාවේ ජෛව විවිධත්වය හා ලංකාවේ ඒකදේශීය විශේශ සංක්‍යාව බෙහෙවින් ඉවහල් වේ. ඉහල ඒකදේශීය විශේශ සංක්‍යාවක් වාර්තා වන රටවල් අතර ලංකාවට ඉහල තැනක් හිමිවේ.

පරිසර සංචරණයේ මූලික අරමුණ සංචාරකයා සංචාරය කරන ස්ථානය පිලිබඳ පාරිසරික වැදගත්කම පිලිබඳ දැනුවත් වීම හා සංචාරය නිසා පරිසරයට සිදුවන අහිතකර බලපෑම් අවම හෝ නොමැති ලෙස සංචාරයේ යෙදීමයි. ලෝකයේ ඉහල ජෛව විවිධත්වක් සහිත රට වලට වැඩි සංචාරක ආකර්ශණයක් ඇතිබවත් සංචාරකයා තම සංචාරය සැලසුම් කිරීමේදි ධරණිය සංචරණය පිලිබඳ දැඩි උනන්දුවක් ඇති බවත් පහත දත්ත වලින් මනාව පැහැදිලි වේ..

🔘Condé Nast Traveler readers හී දත්ත අනුව 96% කගේ අදහස වනුයේ සියලුම සංචාරක හෝටල් තම ක්‍රියාවලියේදී පාරිසරික සංරක්ශණ දැඩිව අනුගමනය කලයුතු බවයි.
🔘 74.5% පවසන්නේ හෝටල් වල පාරිසරික ප්‍රතිපත්තිය තමාගේ නවාතැන තිරණය කිරීමට බලපාන ප්‍රධාන සාධකය බවයි
🔘2/3 ඇමරිකානු හා ඔස්ට්‍රෙලියානු ජාතිකයන් වගේම 90% බ්‍රිතාන්‍ය ජාතිකයන් ද තමා නවාතැන් ගන්නා ස්තානය සක්‍රියව පාරිසරික සංරක්ශණයට අනුගත වී තිබියයුතු බව විශ්වාස කරයි.
🔘46 % ජර්මානු ජාතිකයන් පරිසර හිතකාමී නවාතැන් හී නැවතීම මගින් තම සංචාරයට වැඩි අගයක් එක්කරන බව විශ්වාස කරයි.

ඒ අනුව නවතම නැඹුරුව වනුයේ ධරණීය සංචරණය ( Sustainable tourism ) යි. එනම් අනාගත පරපුරට මේ සංචාරක ස්ථාන ආරක්ශා කරමින් සංචාරයේ යෙදීමයි.

පවතින රජය ලෝක නැඹුරුව තේරුම් ගනිමින් දැනට පවතින සංචාරක ව්‍යාපාරයේ දිශානතිය වෙනස් කිරීමට පියවර ගත යුතුය. හැකි සෑම විටම කලාපයේ ජෛව විවිධත්ව අතින් ඉහලම ‍රාජ්‍ය බව සිහිතබා කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

උපුටාගන්නා ලදි - සමීර ධර්මදාස - https://www.facebook.com/chiang.sam.de

Friday, March 24, 2017

වනාන්තර හා වෘක්ෂලතා පිළිබඳ ජාත්‍යන්තර දිනය (මාර්තු 21)

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නිවේදනය කරන ලද 'වනාන්තර හා වෘක්ෂලතා පිළිබඳ ජාත්‍යන්තර දිනය' මාර්තු මස 21වැනි දිනට යෙදී ඇත. 

වනාන්තරයන්ගේ ඇති අගය පිළිබඳ හා විවිධාකාර වූ වනාන්තර පරිසර පද්ධතීන්ගේ ඇති වැදගත්කම පිළිබඳ ලොව පුරා ජනතාවගේ අවධානය යොමු කරවාගනිමින් සමාජ දැනුවත් කිරීමක් හරහා වනාන්තර සුරැකීම කෙරෙහි නැඹුරුතාවක් ඇති කිරීම මෙම දිනයේ අරමුණ වී ඇත.

ලෝකයේ දේශගුණික විපර්යාස කෙරෙහි බලපාන, වන විනාශයෙන් සහ වනාන්තර හායනයෙන් වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ සාමූහිකත්වය හා එක්ව ජීවයේ පැවැත්ම උදෙසා නැවුම් ජල මූලාශ්‍ර සුරැකීම සහ වන සම්පත රැකගැනීමේ ඇති වැදගත්කම අවධාරණය කිරීමෙහිලා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැරසෙයි.

වනාන්තර ස්වභාවික ජල පෙරහන් ලෙස ක්‍රියා කරනු ලබන්නේ මිනිසා විසින් නිපදවන ලද සියලුම පෙරහන් පද්ධති අභිභවා යමිනි. වනාන්තර තිරසර ලෙස කළමාකරණය කිරීමෙන් පාංශු ඛාදනය අවමකොට නාය යෑම් හා ගංවතුර තත්ත්වයන් නිසා ඇතිවන අවදානම් තත්ත්වයන් වැනි ස්වභාවික ව්‍යවසනයන් අවම කිරීමෙහිලා දායක වන්නේ ස්වභාවික ජල මූලාශ්‍රයන්ද ආරක්ෂා කරගනිමිනි. පස ගිලා බැසීම් හා නායයාම් අවදානම ඇති කඳූකර ප්‍රදේශ වැනි බිම් ආරක්ෂා කරගැනීම කෙරෙහි වනාන්තරයන් වෙතින් ඉටුවන මෙහෙයද අපමණය.

ගෘහශ්‍රිත, කෘෂිකාර්මික හා වෙනත් පාරිසරික අවශ්‍යතා සඳහා පහසුවෙන් නැවුම් ජලය ලබාගත හැකි ජල මූලාශ්‍රවලින් 75%ක ප්‍රතිශතයක් පවතින්නේ වනාන්තරාශ්‍රිත ජලාශ්‍ර හා වගුරුබිම් ආශ්‍රිතවය. වනාන්තරාශ්‍රිත ජලාශ්‍ර කළමනාකරණය යනු එක් එක් භූමි ප්‍රදේශයන්හි පැතිර පවතින ස්වභාවික ජල මූලාශ්‍ර සුරැකීමෙහිලා අනුගමනය කෙරෙන තිරසර ක්‍රමවේදයකි.

උසස් තත්ත්වයේ නැවුම් ජලය රැඳි තෙත්බිම් ආරක්ෂා කරගැනීම ජෛව විවිධත්වය සුරැකීමට හා මානව සංහතියේ උන්නතිය උදෙසා වැදගත් වේ. සංවර්ධිත රටවල්වල සිට තුන්වන ලෝකයේ රටවල්වල සුවිසල් නගර දක්වා සිය පානීය ජල අවශ්‍යතා සපුරාගැනීමේ මූලාශ්‍ර ලෙස භාවිතා කරනු ලබන්නේ වනාන්තරාශ්‍රිත ප්‍රදේශයන්ය. දිනෙන් දින නාගරීකරණය වීම හා ජනගහනය වර්ධනය වීම සිදුවුවද ඒ හා සාපේක්ෂව අදාළ ජල මූලාශ්‍ර රැඳි වනාන්තර ප්‍රදේශ වර්ධනය නොවීම සලකා බැලිය යුතු කරුණක් බවට පත්ව තිබේ.

සංවර්ධනය වන රටවල වැඩි දියුණු කළ ජල මූලාශ්‍ර කළමනාකරන ක්‍රමවේද භාවිතා කිරීම මගින් සැලකිය යුතු ආර්ථික වර්ධන වේගයක් දැකගත හැකි වේ. ඒ සඳහා සිදු කෙරෙන ආයෝජනයන් හරහා ලබා ගත හැකි සෘජු වාර්ෂික ආදායම 200% සිට 4005 ක ඉහළ අගයක් දක්වා පුළුල්ව පැතිර පවතියි.

වනාන්තර, දේශගුණ විපර්යාසයන් හා ඉන් සිදුවන හානිවලින් මානව සංහතිය හා මුළුමහත් ලෝකයම රැක ගැනීම උදෙසා පෙරමුණ ගන්නා ආරක්ෂිත ආවරණයකි. වාෂ්පීභවන ක්‍රියාවලිය හරහා ස්වභාවික ආකාරයෙන් පරිසරයට සෙවණක් හා සිසිලසක් එක් කිරීම කෙරෙහි වනාන්තරාශ්‍රිත ජල මූලාශ්‍රයන් නිහඬ මෙහෙවරක යෙදී සිටියි. වනාන්තර ගහණය ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුකොටගෙන කාලගුණ විපර්යාස නිසා ඇතිවන ගං වතුර, නියං තත්ත්වයන්, නාය යෑම් යනාදී ස්වභාවික ව්‍යවසනයන්ගෙන් ලොවට සිදුවන හානි දිනෙන් දින ඉහළ යාමේ තත්ත්වයක් දැක ගතහැකිය. ලොව පුරා සිදුවන මහා පරිමාණ වන විනාශය අනාගත ගැටලු රැසක මූලාරම්භය වනු ඇත.

ලොව වසා සිටින ශාක ආවරණය වෙත කිනම් ආකාරයේ හානියක් සිදුවුවද එය අහිතකර ලෙස බලපාන්නේ ජල මූලාශ්‍ර වියැකී යාම කෙරෙහි බැව් අප විසින් පිළිගත යුතු සත්‍යයකි. අධික වර්ෂාපතනයක් ඇති කාලයන්හිදී ගංවතුර අවදානම මෙන්ම වර්ෂාව අඩු කාලයන්හීදී උග්‍ර නියං තත්ත්වයන්ද ඇතිවීම කෙරෙහි එය බලපායි. ලොව පුරා තෙත් බිම් ආශ්‍රයෙන් පාරිසරික සමතුලිතතාවය පවත්වාගැනීම කෙරෙහි සිදුවන ස්වභාවික මෙහෙවර මේ

තත්ත්වය යටතේ තවදුරටත් අපේක්ෂා කළ නොහැක. පරිසර පද්ධතීන් ආශ්‍රිත සේවාවන්ගේ වටිනාකම මුදලින් තක්සේරු කළ නොහැක.