Wednesday, September 28, 2016

ලෝක සංචාරක දිනය (සැප්තැම්බර් 27)



 සැප්තැම්බර් 27 වන දිනට ලෝක සංචාරක දිනය යෙදී ඇත.
යම්කිසි පුද්ගලයකු තමන් එදිනෙදා ජීවත්වන නිවහනින් හෝ රාජකාරි සිදුකරන ස්ථානයෙන් බැහැරව අවුරුද්දකට නොවැඩි දින ගණනක් විනෝදය, විවේකය, හෝ ව්‍යපාරමය කටයුත්තක් සදහා ගමන්කිරීම සංචරණය ලෙසින් හැදින්වෙන අතර එය ඉංග්‍රීසි භාෂාවෙන් Tourism ලෙස යෙදේ. එමසංචරණයෙහි දෙදෙන්නා සංචාරකයාලෙස හැදින්වෙන අතර එය ඉංග්‍රීසි භාෂාවෙන්  Tourist ලෙස යෙදේ.  සංචාරකයා යනු අද වන විට ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් සිදුකරන චරිතයකි. 

ජගත් සංචරණය පිළිබද කටයුතු සිදුකරන එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (United Nation World Tourism Organization - UNWTO) විසින් 1970 වර්ෂයේදී ලෝක සංචාරක දිනය නම් කරනු ලැබීය. 1980 වර්ෂයේ සිට ලෝක සංචාරක දිනය උත්සවාකාරයෙන් සමරා ඇත.

මෙම දිනයෙහි භාවිතය වන්නේ, ජාත්‍යන්තර ප්‍රජාව තුළ සංචාරක ව්‍යාපාරයෙහි භූමිකාව පිළිබඳ අවබෝධතාවය නංවාලීම සහ ලෝක ව්‍යාප්තව එය විසින් සාමාජීය, සංස්කෘතික, දේශපාලනමය සහ ආර්ථික සාරධර්ම වෙත බලපෑම් එල්ල කරන්නේ කෙසේද යන්න පෙන්නුම් කිරීමය.

 එදා සිට අද දක්වා සංචාරක දිනය සැමරීමේදී  ඒ ඒ වර්ෂය සදහා තේමාවක් ලබා ‍‍දී සමරනු ලබන අතර 2016 වර්ෂයේ තේමාව ලෙස"TOURISM FOR ALL PROMOTING ACCESSIBILITY TOURISM" , " විශ්වී ප්‍රවේශයක් තුළින් සැමට සංචරණය" යන්නයි.

පසුගිය අවුරුදු කිහිපයක ලෝක සංචාරක දිනයෙහි තේමාවන් පහත පරිදි වේ.

1980: සංස්කෘතික උරුමය සංරක්ෂණයට සහ සාමය හා අන්‍යොන්‍ය අවබෝධය සඳහා සංචාරක ව්‍යාපාරයෙහි දායකත්වය
1981: සංචාරක ව්‍යාපාරය සහ දිවියෙහි තත්ත්වය
1982: චාරිකාවේ අභිමානය: හොඳ අමුත්තෝ සහ හොඳ සත්කාරකයෝ
2010 - සංචාරක කර්මාන්තය හා ජෛව විවිධත්වය”යි
2012: සංචාරක ව්‍යාපාරය සහ ශක්තිමය ධරණීයතාවය (මස්පලෝමාස්, ග්‍රෑන් කැනාරියා)
2013: සංචාරක ව්‍යාපාරය සහ ජලය: අපගේ පොදු අනාගතය රැකගැනුම
2014: සංචාරක ව්‍යාපාරය හා මානව සංවර්ධනය
2015: “Billions of Opportunities; Billions of Tourists” ගෙන ඇත.එහි සිංහල තේරුම "බිලියනයක්‌ සංචාරකයන් බිලියනයක්‌ අවස්‌ථා" නැතහෝත් “ප්‍රකෝටියක් වූ සංචාරකයින් මගින් ප්‍රකෝටියක් වූ සංවර්ධන අවස්ථා” 

2016 සංචාරක දිනය වෙනුවෙන් දිවයින අඩවියේ ඵල වූ ලිපිය පහතින් උපුටා දක්වා ඇත 
ජාතික උරුමය හා බැඳුණු සංචාරක ව්‍යාපාරය

වාසනා සිරිමල්වත්ත
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ජගත් සංචාරක දිනය සෑම වසරක ම සමරනු ලබන්නේ සැප්තැම්බර් මස 27 වන දා ය. 1979 වර්ෂයේ දී එක්‌සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (United Nation world Tourism Organization - UNWTO) නීත්‍යනුකූලව පිළිගන්නා ලද දිනය එය වූ නිසාවෙනි. මෙය ජගත් සංචාරක ක්‌ෂේත්‍රයේ නොමැකෙන දිනයක්‌ ලෙස සටහන් ව ඇත. මේ දිනයේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ජගත් ප්‍රජාව තුළ සංචාරක ව්‍යාපාරයෙහි කාර්යය භාර්ය පිළිබඳව දැනුවත් භාවය ඇති කිරීම හා සමාජයේ විවිධ අංශයන් කෙරෙහි එය දක්‌වන බලපෑම පිළිබඳව නිරීක්‍ෂණය කිරීම සඳහාය. ලෝක ප්‍රජාවගේ යහපැවැත්ම සඳහා සංචාරක ව්‍යාපාරයෙන් දක්‌වන සහයෝගය පිළිබිඹු කිරීමට මෙය කදිම අවස්‌ථාවක්‌ ලෙස හඳුන්වා දිය හැකිය.

මෙසේ 1979 ඇරඹි මේ දිනය 1980 සිට සෑම වසරක්‌ පාසාම සමරනු ලැබේ. තුර්කියේ ඉස්‌ථානබුල් හි 1997 දී පැවති එක්‌සත් ජාතීන්ගේ ලෝක සංචාරක දොළොස්‌වන සැසිවාරයේ දී වසරක්‌ පාසා මෙසේ සමරන මෙම දිනයට සත්කාරක රාජ්‍යයක්‌ තෝරා ගතයුතු බවට තීරණය විය.

ඒ අනුව චීනයේ බීජිං නුවර 2003 වසරේ දී පැවති එම සංවිධානයේ 15 වන සැසිවාරයේ දී ලොව විවිධ රටවල් එතැන් සිට ඇරඹෙන වර්ෂ සඳහා එම දිනය සැමරීමට සත්කාරක රාජ්‍යයක්‌ ලෙස යුරෝපය නම් කරන ලදී. ඒ අනුව 2006 වර්ෂයේදී යුරෝපය ද, 2007 දී දකුණු ආසියාව 2008 දී ඇමරිකා එක්‌සත් ජනපදය ද, 2009 අප්‍රිකාව සහ 2011 දී මැදපෙරදිග ද ඒ සඳහා නම් කර තිබුණි. එපමණක්‌ ද නොව ඒ ඒ වර්ෂවලට අදාළව විශේෂ තේමාවන් ද  හඳුන්වා දෙනු ලැබීය. Tourism and Culture, Tourism enriches, Tourism and Biodiversity  එසේ තෝරා ගත් තේමාවන් කීපයකි. මෙවර ලෝක සංචාරක දිනයේ තේමාව වන්නේ (Tourism for all - promoting Universal accessibility) ලෝකයේ සියළු ජනයාට හා අංශවලට සහභාගි විය හැකි අන්දමට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. මෙහි මෙවර ප්‍රධාන සත්කාරක රට වන්නේ තායිලන්තයයි. UNWTO
(United Nation world Tourism Organization) සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් තලෙබ් මහතා සඳහන් කර ඇත්තේ තමන් ඹභඋඔධ සංවිධානයේ ප්‍රධාන සාමාජික රටක්‌ හා විශාල වශයෙන් සංචාරක ආකර්ෂණය දිනාගත් ගමනාන්තයක්‌ වන තායිලන්තය සමඟින් 2016 වර්ෂයේ ලෝක සංචාරක දිනය සැමරීමට සූදානම් වන බවයි.

ඉතාම සරල අර්ථයෙන් විග්‍රහ කරන විට සංචාරක ව්‍යාපාරය යනු නිවස (ගෘහස්‌ථ) සහ ඉන් බැහැර (ගෘහස්‌ථ නොවන) යන කලාප දෙක අතර කරන සංචාරයක්‌ ලෙස හඳුන්වා දී ඇත. (Holden, 2005 11)

එසේම කිසියම් පුද්ගලයකුගේ සුපුරුදු වාසස්‌ථානයෙන් බැහැර ඔහුගේ අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දක්‌වන සහ පෞද්ගලිකව එම පුද්ගලයාටත්, පොදුවේ සමාජ, සංස්‌කෘතික, ආර්ථික හා භෞතික පරිසරය කෙරෙහි සංචාරක ව්‍යාපාරය දක්‌වන බලපෑමක්‌ පිළිබඳ අධ්‍යයනය කරන විෂයක්‌ ලෙස ද මෙය අර්ථ දක්‌වා ඇත. (Jafari 1977: 8)

ලොව වත්මන් ප්‍රවනතාවයන් කෙරෙහි අවධානය යොමු කරන විට අන් කවරදාටත් වඩා සංචාරක ව්‍යාපාර ලොව අතිශයින් ප්‍රචලිතව පවතින්නක්‌ බව නොකිව මනාය. එහි යටගියාව විමසා බලන විට පැහැදිලි වන්නේ ඈත අතීතයේ පවා ජනයා විවිධ අපේක්‍ෂාවන් පෙරදැරි කර ගෙන සංචාරයේ යෙදුණු බවයි.

ඒ අනුව ඈත අතීතයේ ග්‍රීසියේ විසූ ජනයා විවිධ අත්භර්ත ක්‍රියාකාරකම්, උත්සව සහ ක්‍රීඩා තරග සඳහා වෙනත් ස්‌ථාන කරා සංචාරය කළ බව සඳහන් වේ. ක්‍රි. පූ. 776 කාලයේ ඔලිම්පියාවේ පැවති ප්‍රථම ඔලිම්පික්‌ ක්‍රීඩාව සඳහා හෙලනික්‌ ලොව සියලු ජනයා එහි ගෙන ගිය බව සඳහන් වේ. එසේම 1876 දී මෙහි සිදු කළ පුරාවිද්‍යා කැණීම් මඟින් මනාව පැහැදිලි වන්නේ මේ ක්‍රීඩාවන් දැඩි ආගමානුකූල තත්ත්වයක්‌ මත පදනම්ව තිබූ බවයි. මෙහිදී මලල ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා සඳහා මූලික වූ දෙවිවරු පිළිබඳ සාධක ලැබී තිබේ. එපමණක්‌ ද නොව ජයග්‍රහණ පිණිස කළ පුද පූජා සඳහා භාවිතයට ගත් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ලෝකඩ පුරාවස්‌තු 13,000 කට අධික ප්‍රමාණයක්‌ අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.

ක්‍රීඩකයන් තරග නීති රීතිවලට ගරු කරන බවට පොරොන්දු වූ සියුස්‌ (Zeus) දෙවියන් උදෙසා වෙන් වූ අල්තාරය ද මෙහිදී හඳුනාගැනීමට හැකි විය. ග්‍රීක ශිෂ්ටාචරයෙන් පසුව එළඹි යුගය වන රෝම අධිරාජ්‍ය යුගයේදී සැතපුම් 4500 ක්‌ දිගු මාර්ග තනමින් මහජනයාට සංචාරය සඳහා පහසුකම් සපයා තිබුණි. එහිදී එක්‌ මුදල් වර්ගයක්‌ හා ලතින් භාෂාව පොදු භාෂාවක්‌ ලෙස භාවිත කළ යුතුය.

එපමණක්‌ ද නොව රෝමයේ ඔගස්‌ටස්‌ සමයේ ග්‍රීෂ්ම Rතුවේ දැඩි තාපයෙන් මිදීම සඳහා ධනවත් ජනයා ඉතාලියේ බටහිර වෙරළ කරා සංචාරය කළ අතර නේපල්ස්‌ ආශ්‍රිත ප්‍රදේශය සංචාරක ආකර්ෂණය දිනා ගත් ප්‍රචලිත ප්‍රදේශයක්‌ බවට පත් විය. ඒ අනුව ගෘහස්‌ථ පරිසරයෙන් මිදී විවිධ ප්‍රදේශ කරා සංචාරය කිරීම හඳුන්වා දීමේ මූලිකත්වය ගත් ජනයා ලෙස රෝමානුවන් ව හැඳින්විය හැකි බව සඳහන් වේ (Shrplay, 1999).

රෝම අධිරාජ්‍යයාගේ අභාවයෙන් පසුව ක්‍රි. ව. 16 - 17 වන සියවස දක්‌වා සංචාරය වඩා දුෂ්කර හා සීමා සහිත වූයේ තාක්‍ෂණික අංශයෙන් ප්‍රවාහන හා අනෙකුත් පහසුකම් සැපයීමේ මාධ්‍යවල නොදියුණු භාවයත්, සංචාරයේ යෙදීමේ දී සංචාරකයාගේ භාණ්‌ඩ කොල්ලකෑමත්, එවක යුරෝපයේ අධිරාජ්‍යයන් මඟින් සංචාරය කිරීම සඳහා පනවා තිබූ නීති ආදියත් නිසාය.

කෙසේ වෙතත් මේ යුගවලදී ජනයා සංචාරයේ යෙදුණේ බොහෝ විට ආගමික අරමුණු පෙරදැරි කරගෙන වන්දනා කරුවන් ලෙස හා වාණිජ කටයුතු සඳහා ය. වන්දනාකරුවන් ලෙස සංචාරයේ යෙදුණු පිරිසගේ ප්‍රධාන ගමනාන්තයන් (Destination) ජෙරුසලම, රෝමය සහ ශාන්තියාගෝ (ස්‌පාඤ්ඤය) හි පිහිටි සිද්ධස්‌ථානයන් ය. මේ ස්‌ථාන කරා විශාල ප්‍රමාණයක්‌ ජනයා ඒකරාශී වූ අතර ක්‍රි. ව. 1300 දී රෝමය වෙත ගිය පිරිස 300,000 කට ආසන්නය (Holden 2005).

මෙසේ ලොව විවිධ යුගවල, විවිධ රටවල ජනයා විවිධ අරමුණු පෙරදැරි කරගෙන තම වාසස්‌ථානයෙන් බැහැරව සංචාරයේ යෙදුණු අතර අද්‍යතනයේ එය බොහෝ රටවලට විදේAශ විනිමය විශාල වශයෙන් ගෙන දෙන සාමාජීය හා සංස්‌කෘතික සම්බන්ධතා වර්ධනය කරන අතිශයින් ජනප්‍රිය විෂයක්‌ බවට පත් වී ඇත.

එසේම අද සංචාරක ව්‍යාපාරය අනෙකුත් බොහෝ ක්‌ෂේත්‍ර යා කරන ප්‍රධාන අංගයක්‌ ද වේ. එය විවිධ අන්දමේ සංචාරක නිකේතන, හෝටල් , ස්‌වභාවික පුරාවිද්‍යාත්මක හා සංස්‌කෘතිකමය වැදගත් ස්‌ථාන, ස්‌මාරක, ගුවන් සේවා, ප්‍රවාහන සේවා, සංචාරක ඒජන්සි, රාජ්‍ය ආයතන, වෙළෙඳසල් හා මධ්‍යස්‌ථාන දායක කර ගනිමින් විසල් ව්‍යාපාරයක්‌ බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සලකන විට මෙය කුඩා දිවයිනක්‌ වුව ද වර්තමානයේ පමණක්‌ නොව අතීත ලෝකයේ බොහෝ ජනයාගේ ආකර්ෂණයට හා අවධානයට පාත්‍ර වූ බවට ද සංචාරක කටයුතු විවිධ ආකාරයෙන් හා අරමුණින් සිදු වූ බවට ද සාක්‍ෂි ලැබේ.

ටොලමි විසින් ලංකාවේ සිතියමක්‌ නිර්මාණය කිරීම, අරාබි වාණිජ ප්‍රජාව මෙහි පැමිණීම හා ලංකාව සෙරන්ඩිබ් ලෙස හැඳින්වීම ක්‍රි. ව. 5 වන සියවසේ දී සිදු වූ පාහියන් හිමිගේ පැමිණීම චීන, පර්සියානු වෙළෙන්දන් අපගේ වරායන් කරා ළඟා වීම, ඒ සඳහා නිදසුන් කීහිපයකි. මේ සාධක සැපයෙන්නේ ජනප්‍රවාද, ලිත මූලාශ්‍රවලින් පමණක්‌ නොවන අතර පුරාවිද්‍යාත්මක වශයෙන් කර ඇති අනාවරණයන් මෙහිදී බෙහෙවින් වැදගත් ය.

පොළොන්නරුවේ දූවේගල පිහිටි පැරණි බ්‍රාහ්මීය අක්‍ෂර සහිත ශිලා ලිපියක තනි තුඹගස සහිත තනි රූප සටහනක්‌ දක්‌නට ලැබීම, මහා තිත්ථ (මාතොට) වරාය ආශ්‍රිතව කළ කැණීම්වල දී ග්‍රීක, පර්සියානු හා අරාබි පිඟන් භාණ්‌ඩ ද, විදේශීය කාසි ව+ග ද ත්‍රීකුණාමලය, ගොඩවාය, දෙවුන්දර, කන්තරෝදය, සීගිරිය, අනුරාධපුරය ඇතුළු ප්‍රදේශවලින් ලැබීම ද,ගාල්ලේ චීන පර්සියානු හා දමිල ත්‍රිභාෂා ශිලා ලේඛනයේ (ක්‍රි. ව. 15 වන සියවසය) සඳහන් තොරතුරු විදේශීය රටවල නිෂ්පාදිත විවිධ වර්ගයේ පබළු ලංකාවේ පුරාවිද්‍යා පරිශ්‍රයන්ගෙන් ලැබීම ද (උදාහරණ අනුරාධපුරාය, මෙගලිතික සුසාන) ගාලු වරාය ආශ්‍රිතව සිදු කළ මුහුදු පුරාවිද්‍යා කටයුතුවල දී අනාවරණය කර ගත් චීන පිඟන් භාණ්‌ඩ, දැවමය හා යකඩමය සාධක ලෝකඩ සීනුව (මෙහි ලතින් භාෂාවේ වචන කීපයක්‌ හා 1625 වන යනුවෙන් සටහන්ව තිබුණි) වීදුරු භාණ්‌ඩ, රිදී කාසි, ආදී සාධක මේ අතිවිශාල පුරාවිද්‍යා සාධක අතර නිදසුන් කීපයක්‌ ලෙස දැක්‌විය හැකිය.

ඒ නිසා ම අද වන විට යුනෙස්‌කෝ ආයතය විසින් නම් කර ඇති මෙරට ලෝක උරුම ස්‌ථාන අට අතරින් හයක්‌ අතීත පුරාවිද්‍යාත්මක උරුමයට අයත් ස්‌ථානය. අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල මහනුවර, ගාල්ල එම පුරාවිHd ස්‌ථාන වේ. සිංහරාජය, හා හෝර්ටන්තැන්න නම් කර ඇත්තේ ස්‌වභාවික උරුම ස්‌ථාන වශයෙනි. පරිසරාත්මක වශයෙන් ඉහළ ජෛව විවිධත්වයක්‌ ඇති ලොව දිවයින් 34 අතුරින් එකක්‌ ලෙස ද අද ශ්‍රී ලංකාව නම් කර ඇත.

එපමණක්‌ ද නොව Lonely Planet මඟින් නැගෙනහිර පළාතේ ආරුගම්බේ ලොව මුහුදු රළ සමඟ කරන ක්‍රීඩාවන් (Wind Surfing) සඳහා ඇති වෙරළ තීර අතුරින් ඉතා වැදගත් එකක්‌ ලෙස ද ඩොල්µsන් මසුන් සහ තල්මසුන් නැරඹීමට ආසියාවේ ඇති වැදගත් රටක්‌ ලෙස ද අලි ඇතුන් හා දිවියන් නැරඹිය හැකි ලොව වැදගත් ජාතික වන උද්‍යානයක්‌ ලෙස යාල ද, ජාත්‍යන්තර ජනමාධ්‍ය මඟින් හඳුන්වා දී තිබීම මේ භූමියේ සුවිශේෂත්වය කියා පාන්නකි.

අතීතයේ මාර්කෝ පෝලෝ පවා සංචාරක ආකර්ෂණය දිනා ඇති ගමනාන්තයන් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත. ආගන්තුක සත්කාර දන්නා ශිෂ්ටාචාරවත් ජනයා මෙහි ජීවත් වීම ද මෙරට විදෙස්‌ ජනයා අතර ප්‍රචලිත වීම ප්‍රධාන හේතුවයි.

වසරේ මාස දොළහේ සෑම මාසයකම විවිධ සංස්‌කෘතික උත්සව පැවැත්වෙන අන් රටක්‌ වර්තමානයේ ලොව වෙනත් ස්‌ථානයක නොමැත. පැය 04 ක්‌ වැනි කාලයක්‌ තුළ උෂ්ණත්ව වෙනස මැනවින් හඳුනාගත හැකි ස්‌ථාන වෙත ළඟා වීමට සංචාරය කරන්නන්ට මෙරට තුළ දී හැකි වීම ද විශේෂත්වයකි.

දෙස්‌ විදෙස්‌ සංචාරක ආකර්ෂණය ඉහළින් ලබා ගත හැකි මෙවන් දේශයක දේශපාලනමය වශයෙන් වගකිව යුතු පාර්ශ්වයන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන යන දෙඅංශයම කතිකාවකට එළඹ සංචාරක ව්‍යාපාරය පුළුල් ලෙස දියත් කිරීමේ වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීම බෙහෙවින් වැදගත් ය.

ඒ සඳහා අවැසි පසුබිම සකස්‌ කිරීම අත්‍යාවශ්‍ය වේ. රටක පුරාවිද්‍යාත්මක උරුමය යනු ලෝකයේ අතිශය ව්‍යාප්තව පවතින සංචාරක ව්‍යාපාරය සඳහා වන සම්පතකි. අද මෙවන් උරුම ඇති රටවල ආර්ථිකය නංවන ප්‍රධාන සාධකය බවට මෙය පත්ව ඇත. එහෙයින් සංස්‌කෘතික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්‌ථාන හා ස්‌මාරක ගවේෂණයට, වාර්තාගත කිරීමට, කැණීමට ලක්‌ කිරීම, විශ්ලේෂණය, සංරක්‍ෂණය හා එම උරුමය නඩත්තුව, විශේෂයෙන් සංචාරක ආකර්ෂණය සඳහා සකස්‌ කිරීමට ජාතික වශයෙන් වැඩපිළිවෙළක්‌ කළ යුතුව ඇත. ඕනෑම ක්‍රියා පිළිවෙළක්‌ ආරම්භ කිරීමට, පවත්වාගෙන යැමට රටක ජාතික මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ වැය කළ යුතුය. එහෙත් මෙවන් කටයුත්තක්‌ ආරම්භය සඳහා පවත්වාගෙන යැම සඳහා හා සාර්ථක කර ගැනීම සඳහා මෙම විෂයන් සම්බන්ධව න්‍යායික හා ප්‍රායෝගික දැනුම ඇති පුරාවිද්‍යාඥයන්, වාස්‌තු විද්‍යාඥයන් උරුම සංරක්‍ෂකයන් ඇතුළු විශේෂඥයන් යොදා ගැනීම කෙරෙහි මෙහිදී වගකිව යුතු පාර්ශ්වයන්ගේ අවධානය දැඩි ලෙස යොමු කළ යුතුය. මෙය එක්‌ අතකින් වසරකට දහස්‌ ගණනින් විශ්වවිද්‍යාල ලබා පිටවන ආධුනික තරුණ පිරිස ද යොදා ගත හැකි ක්‌ෂේත්‍රයකි. දේශයක පුරාවිද්‍යාත්මක උරුමය යනු විනාශ වුවහොත් ප්‍රතිනිර්මාණය කළ නොහැකි මාහැඟි උරුමයකි. එහෙයින් එවන් විෂයයන් සම්බන්ධයෙන් කෙරෙන මැදිහත්වීම මනා දැනුම ඇති පිරිසකගේ මෙහෙයවීමෙන් කළ යුතුය. නොඑසේ නම් වන්නේ රකින්නට යන උරුමය තවදුරටත් විනාශ වී, අනාගත ශ්‍රී ලාංකිකයන්ට පමණක්‌ නොව සකළ ලෝක වාසීන්ටම ඒවා අහිමි වීමකි.

 




භාවිත මුලාශ්‍ර
http://www.unwto.org/wtd/index.php
http://www.unwto.org/wtd/about/en/about.php?op=1
http://en.wikipedia.org/wiki/Tourism
https://www.archaeology.lk/si/article.php?articleID=4439
http://sinhala.dgi.gov.lk
http://www.divaina.com/2015/09/26/news12.html 

Tuesday, July 12, 2016

ලෝක ජනගහන දිනය (2016 ජුලි 11)


එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ජනගහනය පිළිබඳව ලොව සෑම රටකම අවධානය වැඩි වශයෙන් යොමු කරලීමේ අරමුණින් වසර 1989 දී පටන් සෑම වසරකම ජූලි 11 වැනි දිනය “ලෝක ජනගහන දිනය” ලෙස නම් කරනු ලැබීය. මෙම සැමරුම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පාලන කවුන්සලය විසින් පිහිටුවන ලදී.


ජනගහනය වැඩි වීමට උපත් වැඩි වීම, මරණ අඩු වීම රට තුළ හා රටෙන් පිටතට ජනගහනය සංක්‍රමණය වීම පෙන්වා දිය හැකිය.ලෝක ජනගහනයේ වර්ධන පිළිබඳ පරීක්ෂාවෙන් කටයුතු කිරීම වෙනුවෙන් මෙවැනි දිනයක් වෙන් කිරීමෙන් අපේක්ෂා කරයි.


ඒ අනුව 1989 පටන් අඛණ්ඩව සෑම වසරකම ජනගහනය පිළිබඳව තෝරාගත් තේමාවක් ඔස්සේ වැඩි වශයෙන් අවධානය යොමු කිරීමටත්, සැමරුම් පැවැත්වීමටත් ක්‍රියා කර ඇත.

වයස අවුරුදු 13 සිට 19 දක්වා වයසේ පසුවන ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව සැලසීම, අයිතීන් සුරැකීම, ප්‍රජනන සෞඛ්‍ය දැනුම වැඩිදියුණු කිරීම (‘investing in teenage girls’)2016 මෙවර ජනගහන දින සැමරුමේ තේමාව ලෙස දක්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවන් තේමාවක් ප්‍රකාශයට පත් කරමින් ලොව සෑම රටකම නායකයින්ගේ, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින්ගේ හා සමස්ත ප්‍රජාවගේ අවධානය මේ වයසේ පසුවන ගැහැනු දරුවන් වෙතම යොමු කිරීම ඉතා වැදගත් බවද සතරසිංහ මහතා කීය.

 1996 සිට 2015 දක්වා ලෝක ජනගහන දින සැමරුම් තේමාවන් පහතින් දක්වා ඇත.

2015 -”Vulnerable Populations in Emergencies”.
2014 - “A time to reflect on population trends and related issues” and “Investing in Young People”.
2013 - “Focus is on Adolescent Pregnancy”.
2012 - “Universal Access to Reproductive Health Services”.
2011 -“7 Billion Actions”.
2010 - “Be Counted: Say What You Need”.
2009 - “Fight Poverty: Educate Girls”.
2008 - “Plan Your Family, Plan Your Future”.
2007 - “Men at Work”.
2006 - “Being Young is Tough”.
2005 - “Equality Empowers”.
 2004- “ICPD at 10”.
2003- “1,000,000,000 adolescents”.
2002 - “Poverty, Population and Development”.
2001 - “Population, Environment and Development”.
2000 - “Saving Women’s Lives”.
1999 - “Start the Count-up to the Day of Six Billion”.
1998 - “Approaching the Six Billion”.
1997 - “Adolescent Reproductive Health Care”.
1996 - “Reproductive Health and AIDS”.

වැඩිදුර තොරතුරු සඳහා පහත අඩවි පරිශීලනය කරන්න.
UNFPA හි වෙබ් පිටුව - http://www.unfpa.org/events/world-population-day
http://indguru.com/2016/world-population-day-wallpapers-quotes-slogan-theme/13255/

මූලාශ්‍ර
http://sinhala.srilankanewslive.com/
http://www.dinamina.lk/
http://www.festivalsday.com/

Tuesday, July 5, 2016

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කරන ආයතන





Items collected
Name of the Organization
Address
Contact person
Telephone number
E-mail address
Website
Electronic waste in bulk quantities
Green Link Statutory of N.S. Gunaratne & Company Pvt Ltd
20/1A,
Moragasmulla Road,
Rajagiriya
Office and warehouse:
No. 848/3A,
Negombo Road,
Mabole,
Wattala
Mr. Gunaratne
0714 - 066455
0115 - 660300
0115 - 661731
udnsgco
@gmail.com
www.greenlink.lk
Geocycle
Holcim Lanka (Pvt)Ltd.
413,
R A de Mel Mawatha,
Colombo 03
Mr. Randiva Malalasooriya
Mr. Chamila Herath
0772 - 538771
0117 - 800800
0773 - 613011
randeewa.malalasooriya
@holcim.com
chamila.herath
@holcim.com
www.geocycle.lk
Toner and Cartridges Recycle
E Wis Peripherals Pvt Ltd
142 Yatahama Building
Galle Rd.
Colombo 02
Mr Chanaka Hapuarachchi
0773 - 951122
0112 - 496000
chanakah
@ewisl.net
www.ewisl.net
ABC Trade and Investments (Pvt) Ltd
RE-NEW STATION
No 3,
Bandaranayakapura Road,
Rajagiriya
Mr M Shaheem
0115 - 877700
0716 - 891337
www.renewstation.biz
RE-NEW STATION
No. 35G,
Liberty Plaza,
Colombo 03.
Ms. Dilrukshi
0112 - 375480
- do -
- do -
RE-NEW STATION
No. 400/2, 
2nd Floor,
Unity Plaza,
Colombo 04.
Mr. Robinson
0115 - 630658
- do -
- do -
RE-NEW STATION
State Trading General Corporation
No. 100,
Nawam Mawatha,
Colombo 02.
Mr. Nuwan
0715 - 363701
- do -
- do -
RE-NEW STATION
No. 6 
Tammita Road,
Negombo
Ms. Anne
0115 - 653111
- do -
- do -
RE-NEW STATIO
No. 45,
D.S Senanayaka Veediya,
Kandy
Mr. Solaman
0815 - 622111
0714 - 307662
- do -
- do -
Used Office Equipments
Metropolitian Office (Pvt) Ltd
85, 
Braybrook Place
Colombo 2
Ms Chamintha Thilakarathna
0114 - 700200
0776 - 274135
chaminthat
@metropolitan.lk
www.metropolitan.lk
Used household electronic equipments
Singer Sri Lanka PLC
No. 320 
Dr. Colvin R. De Silva MW
Colombo 02
Ms Yasara Jasingarachchi
0112 - 316277
0112 - 316246
yasaraj
@singersl.com
www.singersl.com
Used Mobile Phones and equipments related to the service
Sri Lanka Telicom (SLT)
Head Quarters
Lotus Rd
Colombo 01
Mr. Ariyawansha
0716 - 837828
0112 - 421815
aryawa
@slt.com.lk
www.slt.lk
Used Mobile Phones and Accessories
Dialog Axiata
475,
Union Place,
Colombo 2.
Mr. Duleep Thilakaratne
0777 - 678700
011 - 7694343
Elisalat Pvt Ltd
Grandpas Rd.
Colombo 14
Mr Buddika Dharmarathna
0722 - 475474
0722 - 541541
buddhikad
@int.etisalat.lk
www.etisalat.ac
Mobitel Pvt Ltd
No 108
W A D Ramanayake Mwt.
Colombo 02
Mr. Poul Outschoorn
0716 - 828877
071 - 6910162
paulo@mobitel.lk
www.mobitel.lk
Hutchison Telecomunication Lanka Pvt Ltd
234
Galle Rd
Bambalapitiya
Colombo 4
Mr Lalith Prerera
0785 - 697977
0788 - 632235
lalith
@hutchison.lk
 www.hutch.lk
Used electronic equipments related to the service
Virtusa Pvt Ltd
No:752,
Dr. Danister De Silva Mawatha
Colombo 09
Mr Rasika Vithanage
0776 - 776776
0114 - 605500
Ext: 5023
rwithanage
@virtusa.com
www.virtusa.com
Lanka Bell Ltd
Level 06
Eant Lower Blick 01
World Trade Centre
Echewlon Square
Colombo 01
Mr S Bertholomeuz
Mr. Upul Wijeywardena
0777 - 278 011
0115 - 339933
0772 - 269030
upulw
@mail.lankabell.com
www.lankabell.net
Used and obsolete electronic equipments, mobile phones
Abanse Group of Companies
Abanse Group of Companies,
498,
Galle Road
Colombo 03
Mr. Janaka Wijesekara
0718 - 320492
0117 - 717777
janaka
@abansiss.com
www.abansgroup.com
A






B