Tuesday, April 26, 2016

මුහුද අපවිත්‍ර කරන රටවල් 20න් 5 වැනි තැන ලංකාවට

"ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් සඟරාව"  (INTERNATIONAL BUSINESS TIMES)ලොව පුරා රටවල් 192ක් පිළිබඳ අවධානය යොමු කර සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ගන අපද්‍රව්‍ය මුදාහරින රටවල් 20ක් නම් කොට ඇත.

එම රටවල් 20 අතරින් 5 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇත

මෙම මූලික රටවල් පහ අතර පළමුව චීනය, දෙවනුව ඉන්දුනීසියාව, තුන්වැනුව පිලිපීනය සහ හතරවැනි ස්ථානයට වියට්නාමය පත්ව ඇත.

ශ්‍රී ලංකාව වසරකට මුහුදට මුදාහරින ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය  ප්‍රමාණය මෙට්රික් ටොන් 1.59ක් බව එමගින් අනාවරණය කර ඇත.
"ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් සඟරාවට අනුව ලංකාවේ සෑම පුද්ගලයකුම දිනකට කුණු කිලෝ 5.1ක් පරිසරයට මුදා හරින  අතර එයින් ග්‍රෑම් 300ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය වේ. ලංකාවේ නිෂ්පාදිත කුණු ප්‍රමාණය ජනගහනයෙන් බෙදීමෙන් මෙම අගයන් ලබාගෙන ඇත.

2010 වන විට ලෝකය පුරා මුහුදට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 26.5ක් එකතු කර ඇති අතර 2025 වන විට එය වර්ෂයට ටොන් 56.9 දක්වා ඉහල යනු ඇතැයි ගණන් බලා ඇත.2025 වන විට ලංකාව 10 වන ස්ථානයට පත්වූවද වාර්ෂිකව මුදාහරින ප්‍රමාණය 1.92 දක්වා ඉහල යනු ඇත.

වැඩි විස්තර සදහා අදාල ලිපියට මෙතනින් යන්න http://www.ibtimes.com/china-india-us-among-worlds-worst-marine-polluters-country-country-breakdown-plastics-1813476

Friday, April 22, 2016

මිහිතල දිනය (අප්‍රේල් 22)


  මිහිතල දිනය අප්‍රේල් 22 දිනට යෙදී ඇත. 1970 අප්‍රේල් මස 22 වැනි දින ආරම්භ වූ මිහිතල දිනයට 2016 වර්ෂයේ දී වසර 46ක්‌ සම්පූර්ණ වේ. 1970 වන විට ඇමෙරිකාවේ පැවැති පාරිසරික විනාශය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා වගකිවයුත්තන් ගේ අවධානය යොමු කරවීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ ලෙස මිහිතල දිනය ආරම්භ විය.

 ඒ ඇමෙරිකාවේ මිලියන 20 ක ජනතාවක්‌ එදින වීදි බැස පරිසරය පිරිසිදු කිරීම, රැළි, විරෝධතා ව්‍යාපාර, දේශන, වැඩමුළු ආදිය පවත්වමින් පරිසර ක්‍ෂේත්‍රයේ නව සන්ධිස්‌ථානයක්‌ එදින සනිටුහන් කළ නිසාය. 


මිහිතල දිනයේ පෙරැළිය ඇති කළ මිහිතල දින සමාරම්භකයා වශයෙන් සලකනු ලබන්නේ "ගේ ලෝඩ් නෙල්සන්" නමැත්තාය. ඔහු වින්කොන්සි ප්‍රාන්තයේ සෙනෙට්‌ සභිකයෙක්‌ද, ආණ්‌ඩුකාරයා වශයෙන්ද පත්වී පසුව ඇමෙරිකානු සෙනෙට්‌ මණ්‌ඩලයේ සභිකයකු සේද කටයුතු කළ පුද්ගලයෙකි.


ඔහුගේ නායකත්වයෙන් ඇරැඹි 1970 අප්‍රේල් 22 දා "පරිසර සංග්‍රාමය" ලෝකයට පරිසරය පිළිබඳ හිතන්නට මෙන්ම ක්‍රියාකරන්නටත් යමක්‌ ඉතිරි කළේය. අද දක්‌වාත් අප්‍රේල් 22 දාට මිහිතල දිනය සැමරෙන්නේ ඒ නිසාය.
මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ඉන් අනතුරුව ගත වූ වසර කිහිපයක කාලය ඇතුළත ඇමෙරිකාවේ පරිසර සංරක්‌ෂණයට අදාළ අණ පනත් ගණනාවක්‌ ඇති වූ අතර, ඒ සඳහා වගකිව යුතු ආයතන කිහිපයක්‌ ද ස්‌ථාපිත කිරීම සඳහා ඉන් සැලකිය යුතු බලපෑමක්‌ ඇති වූ බව පිළිගැනේ. මුල දී මිහිතල දිනය වැඩි වශයෙන්  ඇමෙරිකාවට අදාළ වුව ද පසුව 1980 දශකයේ පටන් සෑම වසරක ම අප්‍රේල් මස 22 වැනි දිනය මිහිතල දිනය ලෙස සැමරීමට ලෝකයේ රටවල් රැසක්‌ ක්රියා කර ඇත. 



මිහිතල දිනය ලෙස සැමරීම සඳහා ඒ ඒ වර්ෂ වලදී නිශ්චිත තේමා ද යොදාගෙන ඇති අතර මේ වර්ෂයේ දී යොදාගෙන ඇත්තේ Trees for the Earth යන්නයි එහි සිංහල තේරුම “මිහිතලය සුරැකීමට ශාක සුරකිමු”  යන්නයි.

 සමස්‌තයක්‌ ලෙස නූතන පරිසර සංරක්‌ෂණ ව්‍යාපාරයේ වැදගත් දිනයක්‌ ලෙස මිහිතල දිනය සැලකිය හැකි ය. 

මේ වසරේමිහිකත දිනය සැමරීම නිව්යෝර්ක්හි දී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී සිදු කිරීමට නියමිත බවත් මේ වසරේ තේමාව සමග, එහි 50 වැනි සංවත්සරය වෙනුවෙන් එය ඉදිරි පස් වසර තුළ ගස් බිලියන 7.8 සිටුවීමේ ඉලක්කය සකස් කර ඇති බවත් එක්සත්ජාතීන්ගේ වෙබ් පිටුව තුළ සදහන් වේ.

තවද ගස් වැවීම තුළින් දේශගුණික විපර්යාස පාලනය කළ හැකි බව හා එම ගස් අපේ වායුගෝලයේ සිට අතිරික්ත හා හානිකර CO2 උරා ගනී. එක් වර්ෂයක් තුළ පරිණත ශාක අක්කරයක් සාමාන්‍යෙයන් මෝටර් රථටක් ධාවන සැතපුම් 26,000 මගින් නිෂ්පාදනය කරන CO2 ප්‍රමාණයට සමානව අවශෝෂණය කරගන්නා බව ද සදහන් වේ.

මිහිතලය සුරැකීමේ කර්යයේදී ශාක වලින් ලැබෙන දායකත්වය මෙතෙකැයි කිව නොහැකි බව සදහන් කළ යුතු මනාය. ඒ අනුව මෙවර තේමාව කාලෝචිතම තේමාවක් බව සදහන් කළ යුතුය.


පසුගිය වර්ෂ කිහිපයක තේමාවන් පහතින් දක්වා ඇත

2012 තේමාව - ‘මිහිතලය සුරැකීමට ලොව ම එක්රැස් කරමු’ 
2013 තේමාව - "දේශගුණ විපර්යාස ජයගනිමු"
2014  තේමාව - හරිතවත් නගරයක් 
2015 තේමාව - 'ජලය විස්‌මයජනක ලෝකයක්‌'  (Water Wonderful World). 

එක්සත්ජාතීන්ගේ වෙබ් පිටුව

Monday, March 21, 2016

ලෝක ජල දිනය මාර්තු 22


ලෝක ජල දිනය මාර්තු 22 දිනට යෙදී අැත. ලෝක ජල දිනය මාර්තු 22 දිනට යෙදී තිබෙනවා. ජලය හා තිරසර සංවර්ධනය යන්න මෙවර ලෝක ජල දිනයේ තේමාවයි. පෘථිවි ගෝලයෙන් හතරෙන් තුනක් ජලයෙන් වැසී පැවතියත් ඉන් මිනිස් පරිභෝජනයට සුදුසු වන්නේ සියයට තුනක ප්‍රතිශතයක් පමණයි.   2050 වසර වනවිට ලෝකයේ පිරිසිදු ජලය සම්පූර්ණයෙන් පාහේ දූෂණයවීමේ අවධානමක් පවතින බව පරිසර විද්‍යාඥයෝ පෙන්වා දෙති. 

1992 දී පැවැති පරිසරය හා සංවර්ධන පිළිබද ඵක්සත් ජාතින්ගේ සමුළුවේදි නැවුම් ජලය පිළිබද ජාත්‍යන්තර දිනයක් සැමරිය යුතු යැයි සම්මත වු යෝජනාව මත 1993 වසරේ ප්‍රථම ලෝක ජල දිනය සමරනු ලැබීය. ඉන් අනතුරුව සෑම වසරකදීම ලෝක ජල දිනය ඵ් ඵ් වර්ෂයට අදාලව තේමාවන් මුල් කර ගනිමින් ලෝක ජල දිනය සමරනු ලැබිය. 

2016 ලෝක ජල දිනය සැමරුම් තේමාව වන්නේ “ජලය හා සේවා නියුක්තිය” යන්නයි. 

 1994 සිට මේ දක්වා ලෝක ජල දින සැමරුම් සදහා තේමාවන් පහත පරිදි වේ.

1994 -  ‘‘අපගේ ජල සම්පත් ආරක්ෂණය කිරීම සැමගේ වගකීම’’  
(ජල සංරක්ෂණය කෙරෙහි සියළු දෙනාගේ අවධානය යොමු කිරිම සිදුව ඇත.)
1995 - ‘කාන්තාව සහ ජලය’’ 
(ජලය හා කාන්තාව අතර ඇති සැබදියාව පිළිබද අවධානය යොමු කර ඇත)
1996 -‘‘පිපාසිත නගර සඳහා ජලය’’ 
(සමාජ ආර්ථික සංවර්ධනයන් සමඟ නව නගර නිර්මාණය විම තුළ ඇතිවන්නාවු ජල ප්‍රශ්ණ පිළිබදව අවධානය යොමු කර ඇත)
1997 - ‘‘ලෝකයේ ජලය සැහෙන තරම් තිබේ ද’’
(ලොව පවතින සියලුම ජීවින්ට අත්‍යාවශ්‍යවු ජල සම්පත පිළිබද මෙන්ම ඵ් සඳහා වු ඉල්ලුම හා තරඟ පිළිබදව ලෝක අවධානයට යොමු කර ඇත)
1998 - ‘‘භූගත ජලය අනගිභවනියයි’’
(භූගත ජලය සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු වී ඇත.)
1999 -‘‘සියලු දෙන ගඟ පහල ජිවත් වෙති’’ 
(ලොව ප්‍රධාන ගංඟා වල සිදු වු ජල ගැලිම් හේතුවෙන් විශාල ජිවිත ගණන් හානිවිම ගැනද අවධානයට ලක් කර ඇත)
2000 - ‘‘21 වන ශත වර්ෂය සඳහා ජලය’’ 
2001-‘‘සෞඛ්‍ය සඳහා ජලය වගකිම භාර ගැනීමය’’
( පිරිසිදු පානීය ජලය ලබා දිමෙන් සෞඛ්‍ය තත්ත්වයන් වැඩි දියුණු කිරිමට ජලයේ බලපෑම පිළිබද අවධානය යොමු කර ඇත)
2002 -‘‘වසරේසංවර්ධන සඳහා ජලය’’ 
(සමෝදානමය ජල සැලසුම්කරණය හා කළමනාකරණය යන පණිවිඩය මුල් කරගෙන මෙම  යන තේමාව භාවිතයට ගැනුණි.)
2003 - ‘‘අනාගතය සඳහා ජලය’’ 
2004 -‘‘ජලය හා ආපදාවන්’’
2005 - ‘‘ජිවය සඳහා ජලය’’
2006 - ‘‘ජලය සහ සංස්කෘතිය’’
 (බෝහෝ ආගම් ජලය ශුද්ධ වස්තුවක් ලෙස සලකමින් විවිධ චරිත්‍ර සහ උත්සව සදහා යොදාගනු ලැබිම පිලිබද අවධානය යොමු කර ඇත)
2007 - ‘‘ජල හිගයට මුහුණ දෙමු’’ලෝක ජල දින තේමාව වුයේ  යන්නය.
2008 -  ‘‘සනීපාරක්ෂාව’’ 
(අහිතකර සනීපාරක්ෂක තත්ත්වයන් හේතු කර ගෙන සැම තප්පර 20ට වරක්ම දරුවෙකු මරණයට පත්විම පිළිබද දැඩි අවධානයට ලක් කර ඇත)
 2009 -‘‘සිමා මායිම් දුරලමින් සැමට සමසේ ජල සම්පත’’ 
2010 -‘‘සුවබර ලොවකට - සුපිරිසිදු ජලය’’
(ජල ප්‍රමිතිය, පරිසර පද්ධතිය හා මානව සුබ සාධනය පිළිබද තොරතුරු ලොවට ලබා දිමේ අරමුණින් අවධානය යොමු කර ඇත).
2011 -‘‘ජලය සහ නාගරීකරණයයි’’ 
(මේ තුළින් බලාපොරොත්තු වුයේ වේගවත් නාගරීකරණය තුළ ජනගහන වර්ධනය කර්මාන්ත බිහිවිම දේශගුණික විපර්යාස හා ස්භාවික විපත් ජල සම්පත කෙරෙහි බලපානු ලබන ආකාරයයි)
2012 - ‘‘ජලය සහ ආහාර සුරක්ෂිතතාව’’  
(සෞඛ්‍ය සම්පන්න ජිවිතයකට පිරිසිදු ගුණාත්මක ආහාර භාවිතාවේ වැදගත්කම පිළිබද අවධානය යොමු කර ඇත)
2013 - ‘‘තේමාව වුයේ ජල සහයෝගිතාවය පිළිබද ජාත්‍යන්තර යන්නයි’’
2014 - ‘‘ජලය සහ බලශක්තිය’’ 
2015 -  ‘‘තිරසාර සංවර්ධන හා ජලය’’ 
2016 - “ජලය හා සේවා නියුක්තියයි” 
(ජලය මතපදනම්ව සෘජුව ගොඩනැගුණු ජිවන වෘතින් පිළිබදව අවධානය යොමු කර ඇත.)

වැඩි දුර අධ්‍යයනයට - http://www.unwater.org/worldwaterday/home/en/


2016 ලෝක ජලදින සැමරුමට නිහාල් පී. අබේසිංහ විසින් 2016 මාර්තු 20 ඉරිදා සිළුමිණෙහි ඵල කරන ලද ලිපිය භාවිතා කරන්නන්ගේ පහසුව පිණිස පහතින් උපුටා දක්වා ඇත.

ජලය දූෂණය කරන අයටත්
ජලය අපතේ යවන අයටත් දැඩි දඬුවම් දිය යුතුයි
ජලය අපට නැතිවම බැරිය. සරලව කීවොත් ජලය ලෝකයේ ජීවයයි. නමුත් අද අපේ රටේ සමහරුන් ජලයට සලකන්නේ කෙතරම් අවතක්සේරු කරමින් ද? දෙවියකු ලෙසත් හඳුන්වනු ලබන ජලය නිසා ඉදිරියේදී තෙවන ලෝක යුද්ධයක් ඇතිවීමට ඉඩ ඇති බවට අනාවැකි ද පළ වී ඇත.

අද අපේ රටේ ජලය දූෂණය කරන අය ජලය අපතේ යවන අය ඕනැතරම් සිටිති. ඒ සමඟම සමහර සමාගම් මහ රෑට ජලයට අපද්‍රව්‍ය දමති. සමහර පයිප්පවල ලීක් නිසා දිනකට ජලය ගැලුම් ගණන් අපතේ යයි. මේ පිළිබඳව වගකිව යුත්තේ කවුද? නීතිය ක්‍රියාත්මක කරන්නේ කවුද?

පසුගිය දා කොළඹට බොන ජලය දෙන කැලණි ගඟට ඩීසල් මිශ්‍ර තෙල් දැමු අයට, මුතුරාජවෙල ලෝ පතළ තෙත් බිමට ඛනිජ තෙල් දැමු අයට නිල්වලා ගඟට ඛනිජ තෙල් දැමු අයට විරුද්ධව හරියට නීතිය ක්‍රියාත්මක වුණා දැයි අපි නොදනිමු.

පසුගිය කාලයේ මෙරට සිදුවූ එවැනි ප්‍රසිද්ධ ජල දූෂණවලට එරෙහිව අදාළ ආයතනවල නිලධාරීන් හරියට නීතිය ක්‍රියාත්මක කිරීමට උනන්දු වෙන්නේ නැත්නම් ඒ පිළිබඳව ලිස්සා යනවානම් අපිට කියන්නට ඇත්තේ ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් මේ අමාරුව’ යනුවෙනි.

ජල දූෂණය අප රටට පමණක් සීමා වූවක් නොවේ. එය අද ලෝකයටම ලොකු ගැටලුවකි. ජල දූෂණයේ එකම විපාකය ජලය ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්වීම පමණක් නොවේ. එය ක්‍රමානුකූලව ශරීරයට හානිකර හා විෂ සහිත ද්‍රව්‍යයක් බවට පත්වීමයි. එලෙස දූෂණය වූ ජල ප්‍රභවවලින් ඈත්වී සිටීම වඩා උචිත බව වෛද්‍යවරුන්ගේ මතයයි.

අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව ලෝකයේ ලක්ෂ 22ක් පමණ දෙනා ජල දූෂණය නිසා පාචනය කොලරාව ආශ්‍රිත රෝගවලින් මිය යති. මින් සියයට 90ක්ම කුඩා දරුවන් වීම තවත් භයානකය. පිරිසුදු ජලය මෙන්ම මූලික සනීපාරක්ෂක පහසුකම් තිබේනම් මේ ප්‍රමාණය සියයට 26කින් අඩුවීමට ඉඩ ඇතැයි විද්වතුන්ගේ අදහස වී තිබේ. එමෙන්ම අලුත් සංඛ්‍යා ලේඛන අනුව ලෝක ජනගහනයෙන් 40%ක් පමණ ප්‍රමාණයකට ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් නැත.

මීට අමතරව අපවිත්‍ර ජලය නිසා වැල‍ඳෙන අතීසාරය හේතුවෙන් ලොව පුරා දස ලක්ෂ 13ක් දෙනා මියයන බව ගණන් බලා ඇත. අපේ රටේ ජල ප්‍රභව රැසක් දූෂණයට ලක්වී ඇත. විශේෂයෙන් කොළඹ නගරයේ බේරේ වැව වරින් වර ජල දූෂණයට ලක් වේ. ඇල්ගී වර්ධනය නිසා සමහර කාලවලදී දුර්ගන්ධයක් ද ඇති වේ. ඊට අමතරව කල්පිටියේ භූගත ජලය හා මතුපිට ජලය අධික කෘෂි රසායනික නිසා දූෂණයට පත්වී ඇත. මහවැලි ග‍ඟේ අතු ගංගාවක් වන පිගා ඔය ද අකුරණ නගරයේ වැසිකිළි අපද්‍රව්‍ය නිසා දූෂණය වී ඇති අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

ලුනාව කළපුව හා බොල්ගොඩ ගඟ ද කාර්මික අපද්‍රව්‍ය නිසා ජල දූෂණයට ලක් වී ඇත. අලුත් අධ්‍යයන අනුව අපගේ රටේ ඇති ජල ප්‍රභවවලින් සියයට 30 - 40 ක් විවිධ මට්ටම්වලින් ජල දූෂණයට ලක්ව තිබෙන බව ජල සම්පත් මණ්ඩලය කළ අධ්‍යයනවලින් හෙළි වී ඇත.

මේ තත්ත්වය නිසාම අපි ගෙදරින් පිටත ගමනක් යන විට ජල බෝතල් පාවිච්චියට කැමැත්තක් දක්වන්නෙමු. අද ඩීසල් ලීටරයක් රුපියල් 95 වන අතර ජලය ලීටරයක් රුපියල් 60 - 70ක් වේ. මේ මිල ඉදිරියේදී තවත් ඉහළ යනු ඇත.

මෙවන් තත්ත්වයක් යටතේ ජල දූෂණය කරන්නන්ට විරුද්ධව තිබෙන නීති රිති යාවත්කාලීන කර වැඩි කළ යුතුව ඇත.

ජලය පිළිබඳව අපි මෙලෙස වැඩිපුර කතා කළේ ජගත් ජල දිනය මාර්තු 22 වැනිදාට යෙදී ඇති බැවිනි. ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසන පරිදි මෙරට ජගත් ජල දිනයේ තේමාව “ජලය හා සේවා නියුක්තියයි” ජලය නිසා අද බොහෝ දෙනෙක් ජීවත් වෙති. ජලය බෝතල් කිරීමේ කර්මාන්තය, ජලය ප්‍රවාහනය කිරීම, සිසිල් බීම කර්මාන්තය, මද්‍යසාර කර්මාන්තය, ලොන්ඩරි කර්මාන්තය මෙන්ම ධීවර කර්මාන්තය ජලය හා කෙළින්ම බැඳුණු කර්මාන්ත වේ.

ජගත් ජල දිනය ජාතික උත්සවය 22 වැනිදා පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ඊට අමතරව සතියක් පුරා ජලය පිළිබඳව විද්වත් දේශන සම්මන්ත්‍රණ සැසිවාර ආදිය ද මෙවර ජල දිනය සැමරීම වෙනුවෙන් පවත්වන බව ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ ඉහළ නිලධාරීහු පවසති. එසේ වුවත් ඒ සාකච්ඡා උත්සව සම්මන්ත්‍රණවලට වඩා අද අවශ්‍යව ඇත්තේ ජල දූෂණයට ජලය අපතේ යෑමට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමයි.

අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව කොළඹ නගරයට සපයන ජලයෙන් සියයට 35ක් පමණ අපතේ යයි. ඒ ප්‍රමාණය ලීටර් මිලියන 12,250කි. එය අනෙක් ප්‍රදේශවල සියයට 33ක් වන බව ද ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒ අතර අපේ රටේ ජලසම්පාදන මණ්ඩලය මඟින් පාරිභෝගිකයන් කෝටියකට ආසන්න සංඛ්‍යාවකට පිරිසුදු ජලය සපයනු ලැබේ. ඒ අනුව මසකට දෙනු ලබන ජල ප්‍රමාණය ජලය ලීටර් මිලියන 35000කි. ජල සම්පාදන මණ්ඩලය ජලය ඒකකයක් එනම් ලීටර් 1000ක් පිරිසුදු කිරීමට රුපියල් 50ක් වැය කරයි. එහෙත් ජලය පාරිභෝගිකයන්ට මුල් ජල ලීටර් 5000 එනම් මුල් ඒකක 5 ලබා දෙනු ලබන්නේ එක් ඒකකයක් රුපියල් 12ක සහන මිලකටය. පාරිභෝගිකයන් පාවිච්චි කරන ජලය ඒකක 25 ක් දක්වාම විවිධ අයුරින් සහන මිල ක්‍රියාත්මක වේ.

ඒ අනුව මණ්ඩලයේ මෙරට ජනතාවට ලබා දෙන පිරිසුදු කළ පානීය ජලයෙන් සියයට 75ක්ම ලබා දෙන්නේ මණ්ඩලයේ පිරිසුදු කිරීමේ වියදමටත් වඩා අඩු මුදලකට බව මණ්ඩලයේ ගිණුම් අංශය පවසයි. මේ අනුව ලංකාවේ මුළු ජනතාවගෙන් සියයට 46කට පිරිසුදු පානීය ජලය ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

2020 වන විට රටේ මුළු ජනගහනයෙන් සියයට 66කට පිරිසුදු පානීය ජලය නි‍ෙවසටම ලබාදීමට ද මණ්ඩලය අපේක්ෂා කරයි. ඒ සඳහා මණ්ඩලය මාතර, මහනුවර, පොලොන්නරුව, හම්බන්තොට, මූත්තුර්, ත්‍රිකුණාමලය, හොරණ, මීගමුව, ගම්පහ ආදි ප්‍රදේශවල නව විශාල ජල ව්‍යාපෘති ක්‍රියාවට නංවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කරන ලද අධ්‍යයනයකට අනුව ශ්‍රී ලංකාවේ මතුපිට ජල සම්පත කියුබික් මීටර් මිලියන 43000ක් තිබේ. වාරිමාර්ග සඳහා යෙදවිය හැකි ජල ප්‍රමාණය කියුබික් මීටර් මිලියන 12000කි. මීට අමතරව ගෘහ කටයුතු සඳහා කියුබික් මීටර් මිලියන 3000ක් තිබෙන අතර ශ්‍රී ලංකාවේ ඇති මුළු ජල ප්‍රමාණයෙන් සියයට 65ක්ම එනම් කියුබික් මීටර් මිලියන 28000ක්ම වැඩක් නොගෙන මුහුදට ගලාගෙන යයි.

ජලය පිළිබඳ පර්යේෂණ කරන විද්වතුන් පවසන පරිදි පෘථිවියෙහි ඇති ජල ප්‍රමාණයෙන් සියයට 99ක්ම මිනිසාට ප්‍රයෝජනයට ගත නොහැකිය. ඒවා කරදිය හෝ අයිස් ලෙස පවතින බව සොයාගෙන ඇත. මිලියන හයකට වැඩි ලෝක ජනගහනයටත් සතා සීපාවාටත් ගහකොළටත් ජලය අත්‍යවශ්‍යය. ඒ සියලුම දෙනා සඳහා ලබාදිය හැක්කේ සියයට 1ක් වූ ඉතිරි ජල ප්‍රමාණය පමණි.

මේ නිසාම පිරිසුදු ජලය ලබා ගැනීමට ලොව පුරා ලොකු තරගයක් පවතී. මේ වසර එල්නිනෝ වසරක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව මේ වසරේදී අපට ලැබෙන වැස්ස අඩුවීමට ඉඩ තිබේ. දැන් දැන් රස්නය ද වැඩි වෙමින් පවතී. මේ අනුව ජල සංරක්ෂණය පිළිබඳව අපි දැන් සැලකිලිමත් විය යුතු වෙමු.

අද බොහෝ දෙනා තම ගෙවතුවල මල් පාත්තිවලට දමන්නේත් වාහන සෝදන්නේත් බීමට දෙන පිරිසුදු ජලයෙනි. මේ පිළිබඳව වෙනත් වැඩ පිළිවෙළකට යා යුතුය. නාන කාමරයේ නාන විට ලොකු බේසමකට ජලය රැස් කරගෙන ඒ ජලය මල් පාත්තිවලට ගහකොළවලට යෙදීමට පුළුවන. ගෙදර දොර පිඟන් කෝප්ප සෝදන ජලය එකතු කර ඒවා මල් පාත්තිවලට මල් ගස්වලට දැමීමට පුළුවන.

මීට අමතරව ජල පාවිච්චිය කළමනාකරණය කළ හැකිය. සමහරු එළවළු ටික, පිඟාන කෝප්පය, හැන්ද මේ සියල්ල තනිකරම ජල කරාමයට අල්ලා සෝදති. එවිට විශාල ජල ප්‍රමාණයක් අපතේ යයි. ඒ අපතේ යන ජලය එකතු කර ගහකොළවලට දැමීමට පුළුවන. ඊට අමතරව එළවළු ලොකු භාජනයකට දමා සේදීමට පුළුවන. හැඳි පිඟන් කෝප්ප එක් ලොකු භාජනයකට දමා සේදීමට පුළුවන.

ගෙදරින් පටන් ගත හැකි ඒ ජල සංරක්ෂණය තමන්ට මෙන්ම රටටම ලොකු සෙතක් වනු නොඅනුමානය. මේ ගැන හැමෝම අවධානය යොමු කළ යුතුය.


නිහාල් පී. අබේසිංහ
උපුටා ගැනිම - http://www.silumina.lk/

Sunday, February 28, 2016

ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම කෙරෙහි ශ්‍රී ලංකාවේ දායකත්වය


ගෝලීය තාපනය නැත හොත් ගෝලීය උණුසුම් වීම අදවන විට දැවෙන පාරිසරික ගැටලුවක්‌ බවට පත් ව තිබෙයි. ගෝලීය උණුසුම් වීම ස්‌වාභාවිකව සිදු වන්නා වූ ශීඝ්‍රතාව ඉක්‌මවා යන්නට මිනිස්‌ ක්‍රියාකාරකම් සෘජු බලපෑමක්‌ එල්ල කරයි. ස්‌වාභාවිකව ගෝලීය උෂ්ණත්වය ඉහළ නැග්ම ක්‍රමානුකූලව සිදු වන්නක්‌ වුවත් මිනිස්‌ ක්‍රියාකාරකම් හේතුවෙන් සෙල්සියස්‌ අංශක දෙකකට වැඩි උෂ්ණත්ව නැග්මක්‌ ස්‌වාභාවික පරිසර පද්ධතීන්හි හා මිනිස්‌ සෞඛ්‍යයෙහි යහපැවැත්ම කෙරෙහි සෘණාත්මක ව බලපායි.

ස්‌වාභාවික ව හරිත ශාක විසින් ප්‍රභාසංශ්ලේෂණය මගින් තිර කරනු ලබන (හසු කරගනු ලබන) කාබන්ඩයොක්‌සයිඩ්, ශාක හා සත්ත්ව ශ්වසනය, ෆොසිල ඉන්ධන දහනය, ශාක හා සත්ත්ව මළ දේහ වියෝජනය ආදිය මගින් නැවතත් වායුගෝලයට මුදාහැරෙයි. කාබන් චක්‍රය මගින් පරිසරයෙහි කාබන් ඩයොක්‌සයිඩ් තුල්‍යතාව එලෙස රැකෙද්දී මිනිසා ගේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන අධික ව ෆොසිල ඉන්ධන දහනය සිදු කිරීමත්, වනාන්තර එළි කිරීමත්, කාර්මීකරණයත් සමඟ අධික ලෙස කර්මාන්ත මගින් පරිසරයට කාබන්ඩයොක්‌සයිඩ් මුදාහැරීමත් ආදී ක්‍රියාකාරකම් මඟින් වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රතිශතය ඉහළ නංවමින් ගෝලීය උණුසුම් වීමේ ක්‍රියාවලිය ද දිරිගන්වයි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ නැග්මට බලපෑම් කරන්නා වූ එක ම වායුගෝලීය සංඝටකය කාබන්ඩයොක්‌සයිඩ් යෑයි කීම නිවැරදි නො වේ. මීතේන්, හයිෙඩ්‍රාෆ්ලුවරොකාබන් ආදී ඇතැම් හරිතාගාර වායු කාබන්ඩයොක්‌සයිඩ් මෙන් කිහිප ගුණයක වැඩි බලපෑමක්‌ ගෝලීය තාපනය කෙරෙහි ඇති කරයි. ගෝලීය තාපනය කෙරෙහි මීතේන් මගින් ඇති කරන බලපෑම කාබන්ඩයොක්‌සයිඩ් මෙන් විසි එක්‌ ගුණයකි. සත්ත්ව පාලනය ආශ්‍රිත ව මීතේන් වායුව නිෂ්පාදනය විශාල වශයෙන් සිදු වෙයි. ගවයන් වැනි වමාරා කන සත්ත්ව කොට්‌ඨාස ගන්නා ආහාරයෙහි වාෂ්පශීලී මේද අම්ල ආදිය බහුල වූ විට හා කාබෝහයිඩේ්‍රට බහුල වූ විට වමාරන ද්‍රව්‍ය මත ක්‍රියා කරන මීතේන් බැක්‌ටීරියා, මීතේන් ජනනය ශීඝ්‍ර කරවන පéමධරයන් (පක්‌ෂ්ම සහිත ප්‍රොටොසොආවන්) සමඟ සහජීවී සම්බන්ධතා පවත්වාගැනීම දිරිගන්වයි. එවිට ඒකසෛලික ජීවීන් හා පéමධරයන් එක්‌ ව අධිකව මීතේන් වායුව නිපදවයි.



ශීතකාරක මගින් මුදාහැරෙන HFC හෙවත් හයිෙඩ්‍රාaෆ්ලුවරො කාබන් මගින් කාබන්ඩයොක්‌සයිඩ් මෙන් දහස්‌ ගුණයක බලපෑමක්‌ ගෝලීය උෂ්ණත්වය අරභයා සිදු කරයි.

හරිතාගාර වායු පාලනයකින් තොර ව වායුගෝලයට මුදාහරිමින් පෘථිවි උෂ්ණත්වය ඉහළ යැමේ ශීඝ්‍රතාව ඉහළ නංවන්නට වැඩිපුර ම දායක වී ඇත්තේ යුරෝපය, චීනය, ඇමෙරිකා එක්‌සත් ජනපදය ආදී ලෝක බලවතුන් ලෙස සැලකෙන රටවල් ය. එය සංඛ්‍යාත්මකව ගෝලීය තාපනය ඉහළ නංවන්නට ලොව සියලු ම රටවල් දරන දායකත්වයෙන් සියයට හැත්තෑවකට ආසන්න ය. කාර්මික විප්ලවයත් සමග දහස්‌ ගණනින් කර්මාන්ත බිහි වූ මේ රටවල කර්මාන්ත මගින් පාලනයකින් තොර ව කාබන්ඩයොක්‌සයිඩ් ආදී හරිතාගාර වායු පරිසරයට මුදාහරියි. ෆොසිල ඉන්ධන දහනය ද මේ රටවල ශීඝ්‍රව සිදු කෙරෙයි. මේ අතර නවසීලන්තය වැනි ඇතැම් රටවල් ගවයන් ඇතුළු සත්ත්ව පාලනය මහා පරිමාණයෙන් සිදු කරමින් මීතේන් අධිකව පරිසරයට මුදාහරියි.



මාලදිවයින, ශ්‍රී ලංකාව වැනි දූපත් ලෙස පවතින රටවලට පෘථිවිය උණුසුම් වීමේ බලපෑම දැඩි ව බලපෑම් ඇති කළත්, යුරෝපය, චීනය, ඇමෙරිකා රක්‌සත් ජනපදය ආදී රටවලට ඉන් සිදු වනුයේ ඉතා අඩු බලපෑමකි. පෘථිවි උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ නැගි විට ග්ලැසියර රත් වී දිය වන්නට පටන්ගනියි. එවිට මුහුදු මට්‌ටම ක්‍රමයෙන් ඉහළ ගොස්‌ සුනාමි තත්ත්ව හටගන්නට වැඩි ඉඩකඩක්‌ පවතියි. මාලදිවයින වැනි දූපත් ලෙස පවතින රටවල් සම්පූර්ණයෙන් ම පාහේ ගිලී විනාශ වන්නට තරම් බලපෑමක්‌ එමගින් ඇති විය හැකි ය.

ශ්‍රී ලංකාව වැනි රටවලට එනම් ඝර්ම කලාපීය රටවලට උෂ්ණත්වය ඉහළ නැගීමෙන් නියං තත්ත්ව, මුහුදු මට්‌ටම ඉහළ නැගීමෙන් සුනාමි හා ගංවතුර තත්ත්ව ඇති වීමත්, වර්ෂාපතන රටාවන් වෙනස්‌ වීමත් ආදිය සිදු වෙමින් දැඩි බලපෑම් එල්ල විය හැකි ය. රටෙහි නිවාස, ඉඩකඩම්, භූමිය මෙන්ම යටිතල පහසුකම් ද විනාශ වෙමින් ආර්ථිකමය අවපාතයක්‌ හටගන්නට ද පිළිවන.

හරිතාගාර වායු විමෝචනය කෙරෙහි ශ්‍රී ලංකාවේ දායකත්වය විමසන විට පෙනී යන්නේ එය සියයට එකකටත් අඩු දායකත්වයක්‌ ලෙසිනි. ඒ ප්‍රතිශතය ගල් අගුරු තාප බලාගාර ආදිය මගින් සාපේaක්‌ෂව අඩු බලපෑමක්‌ හා කර්මාන්ත, ආහාර පිසින විට ඉන්ධන දහනයේ දී පිට වන අධික දුම හා ප්‍රවාහනයේ දී නික්‌මෙන දුම ආදියෙන් සාපේක්‌ෂව අඩු බලපෑමක්‌ ඇති ව සකස්‌ වූවකි.

ශ්‍රී ලංකාවේ විවිධ ක්‌ෂේත්‍රයන් මගින් කාබන්ඩයොක්‌සයිඩ් ඇතුළු හරිතාගාර වායු විමෝචනයට දක්‌වන දායකත්වය ප්‍රතිශතයක්‌ ලෙස 01 වගුවේ දැක්‌වෙයි. එහි ප්‍රස්‌තාරික නිරූපණය ද අසල දැක්‌වේ.

ප්‍රස්‌තාරික නිරූපණයට අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ හරිතාගාර වායු විමෝචනයට වැඩි ම බලපෑමක්‌ එල්ල වී ඇත්තේ ගෘහාශ්‍රිත ජෛවස්‌කන්ධ හරහා සිදු වන කාබන්ඩයොක්‌සයිඩ් විමෝචනය මගින් බවයි. ප්‍රවාහනයේ දී හා කර්මාන්තයන්හි දී ඉන්ධන භාවිතය හරහා සියයට 21ක සමාන මට්‌ටමේ බලපෑමක්‌ දක්‌නට ලැබෙයි. කාබන්ඩයොක්‌සයිඩ් උත්පාදනය කෙරෙහි බලශක්‌ති ප්‍රභවයන් ගේ දායකත්වය සියයට 11ක තරමක අඩු අගයක්‌ පෙන්නුම් කරයි. වී වගාවේ දී මීතේන් නිපදවීම නැත හොත් මුදාහැරීම හරහා සියයට දහයක පමණ බලපෑමක්‌ සිදු කරද්දී ශීතකාරක මගින් නිපදවෙන හයිෙඩ්‍රාෆ්ලුවරෝකාබන් හරහා පෙන්නුම් කරන්නේ සියයට එකක පමණ ඉතා ම සුළු බලපෑමකි. එක්‌ එක්‌ ක්‌ෂේත්‍රයන් මගින් වෙන් වෙන් වශයෙන් ගත් කල සිදු වන්නා වූ බලපෑම මනාව ඉහත ප්‍රස්‌තාරය මගින් පැහැදිලි කරයි.

එක්‌ එක්‌ ඉන්ධන වර්ග අනුව ඒකකයකට නිපදවන කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය 02 වගුව මගින් පෙන්නුම් කරයි.

ඒකකයකට නිපදවෙන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය ඩීසල්, ගැසොලින් (පෙට්‍රල්), ද්‍රව පෙට්‌ට්‍රොaලියම් වායුව, කෙරොසින් (භූමිතෙල්) ආදී ෆොසිල ඉන්ධන දහනයේ දී සාපේක්‌ෂව වැඩි අගයයක්‌ පෙන්නුම් කරන බව ඉහත වගුවෙන් පෙනෙයි.

ඉහත දත්ත මගින් පැහැදිලි වනුයේ කර්මාන්ත, ප්‍රවාහනය හා ආහාර පිසීමේ දී භාවිත කරන ඉන්ධනයන් මගින් සිදු වන්නා වූ හරිතාගාර වායු විමෝචනය අඩු කරන්නට වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බවයි. ෆොසිල ඉන්ධන දහනය හැකිතාක්‌ සීමා කරමින් විකල්ප ඉන්ධන ප්‍රභවයන් කරා යොමු වීම ද වඩාත් කාලෝචිත ය.

දත්ත සඳහා අනුග්‍රහය( ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය

සිනේකා වීරක්‌කොඩි

උපුටා ගැනීම - http://www.vidusara.com

Tuesday, February 9, 2016

ජනාධිපති හරිත සම්මාන උළෙල - 2016

පරිසරයට හිතකාමිව කටයුතු කරන සියළුදෙනා ඇගයිම වස් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන හරිත සම්මාන උළෙල සදහා අයදුම්පත් කැදවිම දැන් ආරම්භ වී ඇත. ඒ සදහා A සහ B වශයෙන් අංශ දෙකක් යටතේ අයදුම්පත් කැදවා ඇති අතර අයදුම්පත් භාර ගැනිම 2016/02/29 දිනෙන් අවසන් වේ.
අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය - සභාපති, තේරිම් කමිටුව, ජනාධිපත හරිත සම්මාන - 2016, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පියස 104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.
විමසිම් -  0112873449
අයදුම්පත් පහත් සබැදි වලින් ලබා ගත හැකිය.
ඔබගේ පහසුව පිණිස මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියේ ඵලවන අදාල පිටුව පහතින් උපුටා දක්වා ඇත.
A - සමාජ සංස්කෘතික අංශය (කාල මානයන් නොතකා පූර්ණ කාලීනව ස්වකීය පරිසර විෂයෙහි කරන ලද විශිෂ්ඨ මෙහෙවර මෙන්ම 2015 වසර තුළ ස්වකීය විෂය ඔස්සේ සිදුකරන ලද විශිෂ්ට මෙහෙවර වශයෙන් ආකාර දෙකකට සම්මාන ප්‍රදානය කෙරේ.)

ඇගයීම් ක්ෂේත්‍ර

i. පරිසර සංරක්ෂණය සඳහා කටයුතු කරන පුද්ගලයන්. (අයදුම්කරු විසින්ම සකස් කරගත් අයදුම්පතක් භාවිතා කළයුතු අතර, අයදුම්කරු විසින්ම හෝ වෙනත් අයෙකුට, සුදුසුකම් සහිත පුද්ගලයෙකු වෙනුවෙන් නම් යෝජනා කරමින් අයදුම්කළ හැකිය. අයදුම්පත සමඟ සිය මෙහෙවරට අදාළ තොරතුරු ඉදිරිපත් කළයුතුය.)

B - කර්මාන්ත, ව්‍යාපාර හා ආයතන අංශය (මෙම අංශයේ සම්මාන ප්‍රදානය 2011 වසරේ සිට වාර්ෂිකව ක්‍රියාත්මක කරන අතර, මෙවර 2015 වසර තුළ අදාල විෂය ඔස්සේ සිදුකරන ලද විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් ජාතික හරිත සම්මාන ප්‍රදානය සිදුකෙරේ.)
ඇගයීම් ක්ෂේත්‍ර

  

• අදාළ ඉල්ලුම්පත්‍ර මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලය, පළාත් කාර්යාල, දිස්ත්‍රික් කාර්යාල මඟින් හා පහත වෙබ් අඩවි මඟින්ද 2016.01.26 දින සිට ලබාගත හැක. 
http://cea.lk/web/?option=com_content&view=article&layout=edit&id=879

Friday, October 16, 2015

ලෝක ආහාර දිනය අදයි (2015 ඔක්තෝබර් 16)

ලෝක ආහාර දිනය අදට (2015 ඔක්තෝබර් 16) යෙදී ඇත. 1979 වර්ෂයේදී ප්‍රථම වරට ලෝක ආහාර දිනය සමරමින් කුසගින්නෙන් පෙළෙන්නන් සඳහා විවිධාකාර ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත .
විවිධ තේමාවන් යටතේ ලෝක ආහාර දිනය  එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් විසින් වාර්ෂිකව සමරනු ලබන අතර මෙවර ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ "සමාජ අරක්ෂණය සහ කෘෂිකර්මය ග්‍රාමීය දිළිඳු බවේ චක්‍රය බිඳ දැමීම" යන්නයි.

සෑම වසරකදීම ලෝක ජනගහනයෙන් මිලියන 180ක ජනයා කුසගින්නෙන් පෙළෙන ජනගහනයට එක්වන බව වාර්තා වේ. ඒ අතරට ලෝක කාන්තා ජනගහනයෙන් 60%ක් ඊට ඇතුළත් බව සදහන් වේ. ඒසේම ලෝක ළමා ජනගහනයෙන් සෑම වසරක ම මිලියන 5ක පමණ ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.


2013 වසර සඳහා ලෝක ආහාර දිනය තේමාව වූයේ "ආහාර සුරක්ෂිතභාවය සහ පෝෂණය සඳහා තිරසාර ආහාර ක්‍රමවිධිය" යන්නයි.

 අද ශ්‍රී ලංකාව තුළ ආහාර සම්බන්ධයෙන් පවත්නා ගැටළුකාරී තත්වය http://sinhala.sritvnews.lk/ හි ඵලවූ ලිපිය ඔබගේ දැනුම් වර්ධනය සදහා පහතින් උපුටා දක්වා ඇත.

ඔක්තෝබර් 16 වැනිදාට යෙදී තිබෙන ලෝක ආහාර දිනය සැමරීමට බලධාරීන් විවිධ වැඩසටහන් දියත් කළද, මෙරට ජනතාවට වසවිසෙන් තොර ආහාර ලබාගත හැකි ජාතික වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නොමැති බව පාරිභෝගික අයිතීන් සුරැකිමේ සංවිධානය සඳහන් කරයි.

වර්තමානයේදී රට තුළ මිය යන පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 07 දෙනෙකු මියයන්නේ බෝනොවන රෝගවලින් බවට සෞඛ්‍ය අංශ සොයාගෙන තිබෙන බවත්,බෝනොවන රෝග ඇති වීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ පිළිකාකාරක අඩංගු රසකාරක සහ ක්ෂණික  කෙටි ආහාර වර්ග ශීඝ්‍ර ලෙස මෙරට තුළ ව්‍යාප්ත වීම නිසා බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

මේ නිසා වහාම රට තුළ ක්‍රියාත්මක කළහැකි ජාතික ආහාර ප්‍රතිපත්තියක් වහාම සකස් කරන ලෙසත්, එම ප්‍රතිපත්තියට අනුව රටට ආගන්තුක රසකාරක වර්ග, ක්ෂණික කෙටි ආහාර වර්ග පාලනයට අවශ්‍ය නීතිද ඇතුළත් කළ යුතු බවත් ඔහු පවසා සිටියේය.

හෘද රෝග,කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය ඇතුළු රෝග විශාල ප්‍රමාණයකට මෙරට ජනතාව ආහාරයට ගන්නා ආහාරවල තිබෙන විවිධ කොටස් බලපා තිබෙන බවත්,මේ නිසා ශීඝ්‍රයෙන් පැතිර යන බෝනොවන රෝග වළක්වා ගැනීම සඳහා ආහාර රටාව විධිමත් වීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

Monday, October 12, 2015

ජල සනීපාරක්ෂාව හා ස්වස්ථතාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අද (2015 ඔක්තොබර්12)

දකුණු හා නැගෙනහිර ආසියානු රටවල ජල, සනීපාරක්ෂාව හා ස්වස්ථතාව පිළිබඳ අත්දැකීම් හුවමාර කර ගැනීමේ ජාත්‍යන්තර සමුළුවක් අද සිට ලබන 16 වැනි දා දක්වා පැවැත්වේ. (2015 ඔක්තොබර්12 සිට 16)

එහි සමාරම්භක උත්සවය හෙට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත් වේ.

උපුටා ගැනීම - news.lk