Friday, October 16, 2015

ලෝක ආහාර දිනය අදයි (2015 ඔක්තෝබර් 16)

ලෝක ආහාර දිනය අදට (2015 ඔක්තෝබර් 16) යෙදී ඇත. 1979 වර්ෂයේදී ප්‍රථම වරට ලෝක ආහාර දිනය සමරමින් කුසගින්නෙන් පෙළෙන්නන් සඳහා විවිධාකාර ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත .
විවිධ තේමාවන් යටතේ ලෝක ආහාර දිනය  එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් විසින් වාර්ෂිකව සමරනු ලබන අතර මෙවර ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ "සමාජ අරක්ෂණය සහ කෘෂිකර්මය ග්‍රාමීය දිළිඳු බවේ චක්‍රය බිඳ දැමීම" යන්නයි.

සෑම වසරකදීම ලෝක ජනගහනයෙන් මිලියන 180ක ජනයා කුසගින්නෙන් පෙළෙන ජනගහනයට එක්වන බව වාර්තා වේ. ඒ අතරට ලෝක කාන්තා ජනගහනයෙන් 60%ක් ඊට ඇතුළත් බව සදහන් වේ. ඒසේම ලෝක ළමා ජනගහනයෙන් සෑම වසරක ම මිලියන 5ක පමණ ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.


2013 වසර සඳහා ලෝක ආහාර දිනය තේමාව වූයේ "ආහාර සුරක්ෂිතභාවය සහ පෝෂණය සඳහා තිරසාර ආහාර ක්‍රමවිධිය" යන්නයි.

 අද ශ්‍රී ලංකාව තුළ ආහාර සම්බන්ධයෙන් පවත්නා ගැටළුකාරී තත්වය http://sinhala.sritvnews.lk/ හි ඵලවූ ලිපිය ඔබගේ දැනුම් වර්ධනය සදහා පහතින් උපුටා දක්වා ඇත.

ඔක්තෝබර් 16 වැනිදාට යෙදී තිබෙන ලෝක ආහාර දිනය සැමරීමට බලධාරීන් විවිධ වැඩසටහන් දියත් කළද, මෙරට ජනතාවට වසවිසෙන් තොර ආහාර ලබාගත හැකි ජාතික වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නොමැති බව පාරිභෝගික අයිතීන් සුරැකිමේ සංවිධානය සඳහන් කරයි.

වර්තමානයේදී රට තුළ මිය යන පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 07 දෙනෙකු මියයන්නේ බෝනොවන රෝගවලින් බවට සෞඛ්‍ය අංශ සොයාගෙන තිබෙන බවත්,බෝනොවන රෝග ඇති වීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ පිළිකාකාරක අඩංගු රසකාරක සහ ක්ෂණික  කෙටි ආහාර වර්ග ශීඝ්‍ර ලෙස මෙරට තුළ ව්‍යාප්ත වීම නිසා බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

මේ නිසා වහාම රට තුළ ක්‍රියාත්මක කළහැකි ජාතික ආහාර ප්‍රතිපත්තියක් වහාම සකස් කරන ලෙසත්, එම ප්‍රතිපත්තියට අනුව රටට ආගන්තුක රසකාරක වර්ග, ක්ෂණික කෙටි ආහාර වර්ග පාලනයට අවශ්‍ය නීතිද ඇතුළත් කළ යුතු බවත් ඔහු පවසා සිටියේය.

හෘද රෝග,කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය ඇතුළු රෝග විශාල ප්‍රමාණයකට මෙරට ජනතාව ආහාරයට ගන්නා ආහාරවල තිබෙන විවිධ කොටස් බලපා තිබෙන බවත්,මේ නිසා ශීඝ්‍රයෙන් පැතිර යන බෝනොවන රෝග වළක්වා ගැනීම සඳහා ආහාර රටාව විධිමත් වීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

Monday, October 12, 2015

ජල සනීපාරක්ෂාව හා ස්වස්ථතාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අද (2015 ඔක්තොබර්12)

දකුණු හා නැගෙනහිර ආසියානු රටවල ජල, සනීපාරක්ෂාව හා ස්වස්ථතාව පිළිබඳ අත්දැකීම් හුවමාර කර ගැනීමේ ජාත්‍යන්තර සමුළුවක් අද සිට ලබන 16 වැනි දා දක්වා පැවැත්වේ. (2015 ඔක්තොබර්12 සිට 16)

එහි සමාරම්භක උත්සවය හෙට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත් වේ.

උපුටා ගැනීම - news.lk

Thursday, October 1, 2015

උතුරු මැද පළාතේ පරිසර නියමුවෝ ප්‍රථම වතාවට ජනාධිපති පදක්කම් ලබති

මධ්‍යම පරිසර අධිකාරිය 1984 වර්ෂයේ මාළිගාවත්ත ප්‍රදේශයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්ඹ කරන ලද, "පරිසරය අප රකියි - රකිමු අප පරිසරය" ආදර්ශ පාඨය කර ගත් පරිසර නියමු වැඩසටහන පදක්කම් 05ක ක්‍රියාවලියකි. එය පරිසර නියමු, හරිත වර්ණ, රජත වර්ණ, ස්වර්ණ වර්ණ හා ජනාධිපති පදක්කම ලෙසින් දිනාගත යුතු වේ.  06 ශ්‍රේණියෙන් වැඩසටහන වෙත ඇතුළත් වන දරුවෙකුට ජනාධිපති පදක්කම 10 හෝ 11 ශ්‍රේණියේදී දිනාගත හැකිය.

පරිසර නියමුවා යනු අනාගතය සදහා බිහිවන පරිසර හිතකාමි මිනිසාය.

උතුරු මැද පළාතේ පරිසර නියමු වැඩසටහන කාලයක පටන් ක්‍රියාත්මක විය. ඒ හරහා පරිසර නියමුවන් සැළකිය යුතු ප්‍රමාණයක් ස්වර්ණ පදක්කම දිනාගෙ තිබුණද ජනාධිපති පදක්කම දිනා ගැනිමට කිසිවෙක් සමත් වී තිබුණේ නැත. මේි සදහා විවිධ හේතු දුෂකරතා බලපාන්නට ඇත.

සියලු දුෂ්කරතා පසෙකලමින්, සියලුදෙනාටම ආදර්ශයක් සපයමින්  අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පදවිය අධ්‍යාපන කොට්ඨාශයේ  පදවි ඊ යාය 5 කණුව විද්‍යාලයේ පරිසර නියමුවෝ සය දෙනෙකු පසුගිය දා පැවති ජනාධිපති පදක්කම් පරික්ෂණයෙන් සමත් වූහ. මෙම ජයග්‍රහණය මෙම කණ්ඩායමේ කාර්යභාර නිළධාරි වශයෙන් කටයුතු කළ එම විද්‍යාලයේ ඒ.එම්.ඒ.සි.ජයලක්ෂ්මි ගුරු මහත්මියගේ  අපරිමිත උත්සාහයේ  ප්‍රථිපළයකි. එතුමිය නොසිටින්නට මෙය තවත් වර්ෂයක පමණ සිහිනයක් වන්නට තිබුණි. මේ සදහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්.පී.එම්.එම්. විජේසූරිය මහතගේ මග පෙන්වීම සහ සහයෝගයද විද්‍යාලයේ අනෙකුත් ගුරු භවතුන්ගේ සහයෝගයද ලැබුණි. එසේම මේ පැමිණි ගමනට පරිසර නියමුවන්ගේ දෙමාපියන්ගේ නොමද සහාය නිරතුරුව ගුරුතුමියට ලැබිම, මෙම ගමන පහසු කිරීමට ඉමහත් ශක්තියක් විය.

2015 ඔක්තොබර් 22 දින අති ගරු ජනාධිපතිතුමා අතින් ජනාධිපති පදක්කම් පළදින මොහොත උදාවන තෙක් ඇගිලි ගනිමින් බලා සිටින, මේ සදහා ඇප කැප වූවෝ, එය බලා, එදිනට සතුටු කදුළු වගුරුවණු ඇත. 

වැදගත් අවස්ථාවල ඡායාරූප කිහිපයක් පහතින් දක්වමින්, ජනාධිපති පදක්කම් ලබන්නාවූ පරිසර හිතකාමී මිනිසුනි ඔබට අපගේ හද පිරි උණුසුම් සුබපැතුම් එක්කරන්නෙමු.

පරීක්ෂණයට මුහුණ දීමට සූදානම් වූ පරිසර නියමුවන්



පරීක්ෂණ මණ්ඩලය පිළිගනිමින්


පදක්කම් පරීක්ෂණය සදහා මුහුණ දෙමින්.









විදුහල්පතිතුමා සහ කාර්යභාර නිළධාරිතුමිය සමග පරීක්ෂණය සමත් නියමුවෝ 


පරීක්ෂණ මණ්ඩලය විදුහලින් නික්ම යාමට පෙර නියමුවන් සමග


Wednesday, September 16, 2015

2015 ජාත්‍යන්තර ඕසෝන් දිනය අද(සැප්තැම්බර් 16)

ජාත්‍යන්තර ඕසෝන් දිනය අද (16)ට යෙදී ඇත. 2015 වසරේ ඕසෝන් දින සැමරුම් උළෙලේ ප්‍රධාන තේමාව වී ඇත්තේ 30 Years of Healing the Ozone Together - "Ozone: All there is between you and UV.” යන්නයි. එහි සිංහල තේරුම "තිස් වසරක ඕසෝන් වියන සුරැකීම සඳහා ගෝලීය සාමුහිකත්වය" යන්නයි.

වැඩි විස්තර සදහා http://www.un.org/en/events/ozoneday/ වෙත පිවිසෙන්න

ඕසෝන් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ප්‍රධාන උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) රත්මලාන ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ දී පැවැත්වෙන බවට වාර්තා වේ

ශ්‍රී ලංකාවේදී ඕසෝන් වියනු සුරැකිම සදහා කටයුතු කරනු ලබන ආයතනය වන්නේ ජාතික ඕසෝන් ඒකකයි. ඒ මගින් ශිතකාරක පවිත්‍රකිරීමේ මධ්‍යස්ථාන 08ක් දිවයින ආවරණය වන පරිදි තාක්ෂණික හා වෘත්තීය පුහුණු ආයතනයන් හි ස්ථාපිත කිරීමට තීරණය කර ඇති අතර එහි පළමු වැන්න අද ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කෙරෙන බව News.lk වෙබ්අඩවිය දක්වා ඇත..

වාර්තා වලට අනුව ලෝකය පුරා රටවල් 197ක් මොන්ට්‍රියල් සංවිධානයේ සාමාජිකත්වය ලබා සිටින අතර එම සියලු රටවල් මෙදින ඕසෝන් දිනය සමරමින් විවිධ වැඩසටහන් පවත්වනු ලබයි.

Thursday, September 10, 2015

කැළණි ගං ජලයේ ආසනික්

බස්නාහිර පබළාතේ ජනතාවටග් පානීය ජල අවශ්‍යතාවයෙන් වැඩිම ප‍්‍රමාණයක් සපුරා ගන්නා කැළණි ගංගා ජලයේ ඉතා ඉහල ආසනික් ප‍්‍රමාණයක් මුසු වී ඇතැයි තහවුරු වී ඇති බව පරිසරවේදීහු පවසති.
ස්ථාන කිහිපයකින් ජලය ගෙන කල පරීක්‍සණවලදී ලීටරයකට මිලි ලීටර 04ක් ආසනික් ඇතැයි හෙළිවූ බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රවින්ද්‍ර කාරියවසම් මහතා පවසයි.
මෙය පරිසර පද්ධතියටමත්, ජනතාවත් දැඩි අවදානමක්ද ඇති කරවන බවද ඔහු කියා සිටියේය.
වැසි කාලයන්හිදී කැළණි ගඟ දෙපස කර්මාන්තශාලා ඒවායේ අපද්‍රව්‍ය කැළණි ගඟට ඝෘජුව බැහැර කරන බවත් එනිසා එම කාලවලදී ගඟේ ආසනික් තත්ත්වය ඉහළ යන බවත් ඔහු කියා සිටියේය.

උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/news/135558/

දූෂිත දුමාරය ඉන්දියාවට අනතුරු අඟවයි

a dilhi
ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ වාසය කරන මිලියන 2.2ක් පමණ වූ කුඩා ළමුන් ට දූෂිත විෂ දුමාරය ආඝ්‍රහණය වීම නිසා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකි පෙනහලු ආබාධ ඇති වී ඇතැයි ටයිම්ස් සඟරාව වාර්තා කරයි.
වසර 2010 සිට කල්කටාව නගරය පදනම් කරගෙන චිත්‍රාරන්ජන් ජාතික පිළිකා ආයතනය විසින් සිදු කළ පර්යේෂණ වාර්තාවක් මගින් මෙම තත්ත්වය වාර්ත කර ඇත.


මෙම වාර්තාවෙන් තවත් කරුණක් සැළකිල්ලට භාජනය වී තිබේ.එනම්, ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල කාබන් අංශු වාතයට මුදා හැරීම ඉහළ යාම නිසා ඉදිරි දශක කීපයතුල දී ඉන්දීය පරිසර දූෂණය ඉහළ යන බවයි.



තවද, ලෝකයේ විෂදුමරය පවතින නගරය බීජිං නගරය වුවත්,මෙම දත්ත වාර්තාව අනුව බීජිං වායුවේ ඇති කාබන් අංශු ප්‍රචාරණයට වඩා දෙගුණයක් දිල්ලියේ වයුවේ අන්තර්ගතව පවතී.එබැවින් දිල්ලියේ ජීවත්වන ළමුන්ගෙ පෙනහලු අනෙකුත් අයට වඩා තෙගුණයකින් පමණ ආරක්ෂා කිරීමට අදාළ බලධරීන් පියවරගත යුතු බවයි.

එසේ නොවුණ හොත් අනාගතයේ දී ඔවුන්ට විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණපෑමට සිදුවන බව ද මෙම වාර්තාව පෙන්වා දෙයි.එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ලෝකයේ වඩාත්ම පරිසර දූෂිත නගර 20 අතරින් 13 වන ස්ථනය ඉන්දියාව පත්ව තිබේ.එයට හේතු වී ඇත්තේ වාහන මගින් නිකුත් කරන කාබන් දුමාරය පිළිබඳ අඩු අවධානයක් යොමු කිරීම, කර්මාන්ත ක්ෂේත්‍රය අධික ලෙස වර්ධනය වීම,නගරයේ ජනගහනය අධික ලෙස ඉහළ යාම, අපද්‍රව්‍ය අපරික්ෂාකරී ලෙස දහනය කිරීම ආදී කරුණු නිසා නගරික වායුව දූෂණය වීමට හේතු වී තිබේ.

a dill 2
කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් India's first air-quality Index (පළමු ඉන්දියානු වායු තත්ත්ව දර්ශකය)අප්‍රේල් මාසයේ දී එළිදැක් වීය.එහෙත් ගල් අඟුරු ආශ්‍රිත කර්මාන්ත නිසා ඉන්දියාවේ වාර්තාවන වායූදූෂණය තව තවත් ඉහළ යන බව ටයිම්ස් සඟරාව තවදුරටත් වාර්තා කරයි .


උපුටා ගැනීම - news.lk 2015-06-10
ටයිම්ස් සඟරාව-2015-06-15කලාපයේ උපුටාගෙන සකස් කරන ලද බව සදහන් වේ.

Wednesday, September 9, 2015

ලෝක ආදීවාසී දිනය අදට (අගෝස්තු 09) යෙදී ඇත.



2015 වසරේ ලෝක ආදීවාසී දින තේමාව වී ඇත්තේ "ආදීවාසීන්ට සෞඛ්‍ය ආරක්ෂණ සේවා සඳහා වූ ප්‍රවේශය පුළුල් කිරීම" යන්නයි.

ලෝකය තුළ ආදීවාසීන් මිලියන 370ක් පමණ වාසය කරනු ලබයි. ලෝක ජනගහනයෙන් 5% ක් නියෝජනය කරනු ලබන බව කියන ආදීවාසී ජනතාව භාවිත කරන භාෂා සංඛ්‍යාව 7000 ඉක්මවන බව සදහන් වේ.

ලෝකයපුරා රටවල් 90 ක ජන කණ්ඩායම් 5000කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරනු ලබයි. මෙම ආදිවාසීන්ගෙන් 70% ක්ම ආසියාකරයේ ජීවත්වන බව එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ කෘෂිකර්ම සංවර්ධනය සදහා වන ජාත්‍යන්තර අරමුදල පවසන අතර දරිද්‍රතාව, ඉඩම් ගැටළුව හා මන්ද පෝෂණය ඔවුන් මුහුණදෙන ප්‍රධාන ගැටළු බව සදහන් වේ.

ලංකාවේ වෙසෙන ආදීවාසී ජනතාව වැද්දන් ලෙස ව්‍යවහාර වේ. ලෝක ආදීවාසීන් අතර වැදගත් ස්ථානයක් හිමිකරගෙන ඇති මොවුන්  ක්‍රි.පු. යුගයේ සිට පැවත එන බව පර්යේෂකයින් රැසක් කළ පර්යේෂණවලදී හෙළි වී ඇති බව සදහන් වේ. වර්ථමානයේ  මෙරට ආදීවාසී ජනතාවගේ නායකයා වන්නේ ඌරුවරිගේ වන්නිලෑඇත්තන්ය.