Wednesday, September 16, 2015

2015 ජාත්‍යන්තර ඕසෝන් දිනය අද(සැප්තැම්බර් 16)

ජාත්‍යන්තර ඕසෝන් දිනය අද (16)ට යෙදී ඇත. 2015 වසරේ ඕසෝන් දින සැමරුම් උළෙලේ ප්‍රධාන තේමාව වී ඇත්තේ 30 Years of Healing the Ozone Together - "Ozone: All there is between you and UV.” යන්නයි. එහි සිංහල තේරුම "තිස් වසරක ඕසෝන් වියන සුරැකීම සඳහා ගෝලීය සාමුහිකත්වය" යන්නයි.

වැඩි විස්තර සදහා http://www.un.org/en/events/ozoneday/ වෙත පිවිසෙන්න

ඕසෝන් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ප්‍රධාන උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) රත්මලාන ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ දී පැවැත්වෙන බවට වාර්තා වේ

ශ්‍රී ලංකාවේදී ඕසෝන් වියනු සුරැකිම සදහා කටයුතු කරනු ලබන ආයතනය වන්නේ ජාතික ඕසෝන් ඒකකයි. ඒ මගින් ශිතකාරක පවිත්‍රකිරීමේ මධ්‍යස්ථාන 08ක් දිවයින ආවරණය වන පරිදි තාක්ෂණික හා වෘත්තීය පුහුණු ආයතනයන් හි ස්ථාපිත කිරීමට තීරණය කර ඇති අතර එහි පළමු වැන්න අද ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කෙරෙන බව News.lk වෙබ්අඩවිය දක්වා ඇත..

වාර්තා වලට අනුව ලෝකය පුරා රටවල් 197ක් මොන්ට්‍රියල් සංවිධානයේ සාමාජිකත්වය ලබා සිටින අතර එම සියලු රටවල් මෙදින ඕසෝන් දිනය සමරමින් විවිධ වැඩසටහන් පවත්වනු ලබයි.

Thursday, September 10, 2015

කැළණි ගං ජලයේ ආසනික්

බස්නාහිර පබළාතේ ජනතාවටග් පානීය ජල අවශ්‍යතාවයෙන් වැඩිම ප‍්‍රමාණයක් සපුරා ගන්නා කැළණි ගංගා ජලයේ ඉතා ඉහල ආසනික් ප‍්‍රමාණයක් මුසු වී ඇතැයි තහවුරු වී ඇති බව පරිසරවේදීහු පවසති.
ස්ථාන කිහිපයකින් ජලය ගෙන කල පරීක්‍සණවලදී ලීටරයකට මිලි ලීටර 04ක් ආසනික් ඇතැයි හෙළිවූ බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රවින්ද්‍ර කාරියවසම් මහතා පවසයි.
මෙය පරිසර පද්ධතියටමත්, ජනතාවත් දැඩි අවදානමක්ද ඇති කරවන බවද ඔහු කියා සිටියේය.
වැසි කාලයන්හිදී කැළණි ගඟ දෙපස කර්මාන්තශාලා ඒවායේ අපද්‍රව්‍ය කැළණි ගඟට ඝෘජුව බැහැර කරන බවත් එනිසා එම කාලවලදී ගඟේ ආසනික් තත්ත්වය ඉහළ යන බවත් ඔහු කියා සිටියේය.

උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/news/135558/

දූෂිත දුමාරය ඉන්දියාවට අනතුරු අඟවයි

a dilhi
ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ වාසය කරන මිලියන 2.2ක් පමණ වූ කුඩා ළමුන් ට දූෂිත විෂ දුමාරය ආඝ්‍රහණය වීම නිසා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකි පෙනහලු ආබාධ ඇති වී ඇතැයි ටයිම්ස් සඟරාව වාර්තා කරයි.
වසර 2010 සිට කල්කටාව නගරය පදනම් කරගෙන චිත්‍රාරන්ජන් ජාතික පිළිකා ආයතනය විසින් සිදු කළ පර්යේෂණ වාර්තාවක් මගින් මෙම තත්ත්වය වාර්ත කර ඇත.


මෙම වාර්තාවෙන් තවත් කරුණක් සැළකිල්ලට භාජනය වී තිබේ.එනම්, ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල කාබන් අංශු වාතයට මුදා හැරීම ඉහළ යාම නිසා ඉදිරි දශක කීපයතුල දී ඉන්දීය පරිසර දූෂණය ඉහළ යන බවයි.



තවද, ලෝකයේ විෂදුමරය පවතින නගරය බීජිං නගරය වුවත්,මෙම දත්ත වාර්තාව අනුව බීජිං වායුවේ ඇති කාබන් අංශු ප්‍රචාරණයට වඩා දෙගුණයක් දිල්ලියේ වයුවේ අන්තර්ගතව පවතී.එබැවින් දිල්ලියේ ජීවත්වන ළමුන්ගෙ පෙනහලු අනෙකුත් අයට වඩා තෙගුණයකින් පමණ ආරක්ෂා කිරීමට අදාළ බලධරීන් පියවරගත යුතු බවයි.

එසේ නොවුණ හොත් අනාගතයේ දී ඔවුන්ට විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණපෑමට සිදුවන බව ද මෙම වාර්තාව පෙන්වා දෙයි.එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ලෝකයේ වඩාත්ම පරිසර දූෂිත නගර 20 අතරින් 13 වන ස්ථනය ඉන්දියාව පත්ව තිබේ.එයට හේතු වී ඇත්තේ වාහන මගින් නිකුත් කරන කාබන් දුමාරය පිළිබඳ අඩු අවධානයක් යොමු කිරීම, කර්මාන්ත ක්ෂේත්‍රය අධික ලෙස වර්ධනය වීම,නගරයේ ජනගහනය අධික ලෙස ඉහළ යාම, අපද්‍රව්‍ය අපරික්ෂාකරී ලෙස දහනය කිරීම ආදී කරුණු නිසා නගරික වායුව දූෂණය වීමට හේතු වී තිබේ.

a dill 2
කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් India's first air-quality Index (පළමු ඉන්දියානු වායු තත්ත්ව දර්ශකය)අප්‍රේල් මාසයේ දී එළිදැක් වීය.එහෙත් ගල් අඟුරු ආශ්‍රිත කර්මාන්ත නිසා ඉන්දියාවේ වාර්තාවන වායූදූෂණය තව තවත් ඉහළ යන බව ටයිම්ස් සඟරාව තවදුරටත් වාර්තා කරයි .


උපුටා ගැනීම - news.lk 2015-06-10
ටයිම්ස් සඟරාව-2015-06-15කලාපයේ උපුටාගෙන සකස් කරන ලද බව සදහන් වේ.

Wednesday, September 9, 2015

ලෝක ආදීවාසී දිනය අදට (අගෝස්තු 09) යෙදී ඇත.



2015 වසරේ ලෝක ආදීවාසී දින තේමාව වී ඇත්තේ "ආදීවාසීන්ට සෞඛ්‍ය ආරක්ෂණ සේවා සඳහා වූ ප්‍රවේශය පුළුල් කිරීම" යන්නයි.

ලෝකය තුළ ආදීවාසීන් මිලියන 370ක් පමණ වාසය කරනු ලබයි. ලෝක ජනගහනයෙන් 5% ක් නියෝජනය කරනු ලබන බව කියන ආදීවාසී ජනතාව භාවිත කරන භාෂා සංඛ්‍යාව 7000 ඉක්මවන බව සදහන් වේ.

ලෝකයපුරා රටවල් 90 ක ජන කණ්ඩායම් 5000කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරනු ලබයි. මෙම ආදිවාසීන්ගෙන් 70% ක්ම ආසියාකරයේ ජීවත්වන බව එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ කෘෂිකර්ම සංවර්ධනය සදහා වන ජාත්‍යන්තර අරමුදල පවසන අතර දරිද්‍රතාව, ඉඩම් ගැටළුව හා මන්ද පෝෂණය ඔවුන් මුහුණදෙන ප්‍රධාන ගැටළු බව සදහන් වේ.

ලංකාවේ වෙසෙන ආදීවාසී ජනතාව වැද්දන් ලෙස ව්‍යවහාර වේ. ලෝක ආදීවාසීන් අතර වැදගත් ස්ථානයක් හිමිකරගෙන ඇති මොවුන්  ක්‍රි.පු. යුගයේ සිට පැවත එන බව පර්යේෂකයින් රැසක් කළ පර්යේෂණවලදී හෙළි වී ඇති බව සදහන් වේ. වර්ථමානයේ  මෙරට ආදීවාසී ජනතාවගේ නායකයා වන්නේ ඌරුවරිගේ වන්නිලෑඇත්තන්ය.

Wednesday, September 2, 2015

හංවැල්ල ප්‍රදේශයේ අනවසර වැලි ගොඩ දැමීම වැළැක්වීමට පියවර ගැනේ

හංවැල්ල ප්‍රදේශයේ කැළණි ගගේ ගම්පහ ඉවුරෙහි මෙන්ම කොළඹ දිස්ත්‍රික් ඉවුරෙහි ද වැලි ගොඩ දැමීම දිගින් දිගටම සිදු වන බව හංවැල්ල වැඩ බලන ප්‍රාදේශීය ලේකම් ජී.එස්.කේ.කන්නංගර මහතා පැවසීය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පසුගියදා  කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පරිසර හා ඩෙංගු කමිටු රැස්වීමේ දීය.
 
මෙම අනවසර වැලි ගොඩ දැමීම හංවැල්ලේ සිට කැළණි ගග දෙපස සිදු කෙරෙන අතර එය වැලැක්වීම සදහා කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය මෙම කමිටු රැස්වීමේ දී සැලකිල්ලට භාජනය කෙරුණි. දැනටමත් හංවැල්ල ප්‍රදේශයේ කැළණි ගග මුහුදු මට්ටමේ සිට මීටර් 02 ක් පමණ පහලින් ගැඹුරු වී ඇති බැවින් කර දිය ගලා ඒම හංවැල්ල දක්වා සිදු වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් පෙන්වා දී ඇත. එසේම කැළණි ගග දෙපස ඉවුරු කඩා වැටීම ද නොකඩවා සිදු වේ. මේ පිළිබද මධ්‍යම පරිසර අධිකාරිය විසින් කැළණි ගග දෙපස අඩි 50 ක රක්ෂිතයක් පවත්වා ගත යුතු බව තීරණය කර ඇත.
 
මේ සම්බන්ධව වාරි මාර්ග දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කරන ලෙසත්, අනවසර වැලි ගොඩ දැමීම් පිළිබද පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාශය මගින් වැටලීම් සිදු කිරීමටත්, පවතින ගැටළුව පිළිබද පොලිස්පති හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් දැනුවත් කිරීම සදහා කටයුතු කරන ලෙසත් කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා උපදෙස්  දුන්නේය. 
 
මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්වරු,මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරින් ඇතුලු නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
උපුටා ගැනීම - news.lk වෙබ් අඩවිය (2015-09-01)

කසළ කළමනාකරණ වැඩ පිළිවෙල යටතේ කසළ වෙන්කර ලබා ගැනීම අනිවාර්ය කෙරේ.(කොළොඹ)


කොළඹ දිස්ත්‍රික්කයේ කසළ කළමණාකරණ වැඩපිළිවෙල ක්‍රමවත් කිරීම සඳහා  කසල වෙන් කර ලබා ගැනීම  අනිවාර්ය කරන ලෙස සියලු පළාත් ආයතන වලට දැනුම් දී පළාත් පාලන කොමසාරිස් වරුන් ඒ පිළිබද දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්  එච්.ටී.කමල් පත්මසිරි මහතා උපදෙස් දී ඇත. 
ඒ මහතා මෙසේ උපදෙස් දී ඇත්තේ පසුගියදා පැවති පරිසර කමිටු රැස්වීමේ දීය.මෙහිදී කරදියාන කසළ කළමණාකරන ව්‍යාපෘතිය වර්තමානයේ පත්ව ඇති තත්ත්වය පිළිබද දැඩි අවධානය යොමු කෙරිණි.මෙම ව්‍යාපෘතිය වෙත කසළ ප්‍රවාහනය කිරීමේ දී පළාත් පාලන ආයතන මගින් දුර්ගන්ධය වැලැක්වීමේ උපක්‍රම භාවිත නොකර අපද්‍රව්‍ය විවෘත රථ වල ප්‍රවාහනය කිරීම නිසා ගැටලු සහගත වී ඇති බව එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ චමිල සිල්වා මහතා පවසයි.
කෝට්ටේ සහ මොරටුව මහ නගර සභාවල කසල ඉවත් කිරීම සාර්ථකව සිදු වුවද මෙම ව්‍යාපෘතිය සදහා කාබනික අප ද්‍රව්‍ය ගෙන ඒම අඩු වීම ව්‍යාපෘතිය පවත්වා ගෙන යාමට ගැටළුවක් වී ඇති බවද ඒ මහතා වැඩි දුරටත් පවසයි.2015 ජුනි මාසය තුල මිශ්‍ර කසල මෙට්‍රික් ටොන් 13650.24 ක් ලැබී ඇත. ඉන් වැඩිම මිශ්‍ර කසල ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 4976.05 ක් දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයෙන් ලැබී ඇත. වෙන් කරන ලද කාබනික  අපද්‍රව්‍ය පසු ගිය ජුනි මාසය තුළ මෙට්‍රික් ටොන් 1004.79 ක් ලැබී ඇති අතර‍ ඉන් වැඩිම ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 999.81 ක් මොරටුව මහ නගර සභා  බල ප්‍රදේශයෙන් ලැබී ඇත.
මෙම කරුණු සලකා බලන විට කසල වෙන් කර ලබා නොදීමත් කසල විවෘතව ප්‍රවාහනයේ දී 
ඇති වන දුර්ගන්ධයත් කරදියාන පසු විපරම් කමිටුව මාස කිහිපයක සිට රැස් නොවීමත් මෙම 
තත්ත්වයට හේතු වී ඇත. එහෙයින් උසාවි නියෝගයක් අනුව ස්ථාපිත කරන ලද පසු විපරම් 
කමිටුව නැවත සක්‍රීය කරන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා 
කැස්බෑව සහකාර ප්‍රාදේශීය ලේකම්  කේ.ජී.සුමුදු දිනේෂා මහත්මිය වෙත උපදෙස් දෙන ලදී.

උපුටා ගැනීම - news.lk වෙබ් අඩවිය 2015.09.01

Tuesday, September 1, 2015

ගොවි බිම්වල රසායනික පොහොර විෂ නැසීමට ජීව අගුරු

ගොවි බිම්වල රසායනික පොහොර විෂ නැසීමට ජීව අගුරුකෘෂි රසායන, පලිබෝධ නශක යෙදීමෙන් විනාශ වූ කුඹුරු ඇතුළු ගොවිබිම් වල ඇති විෂ නැසීමට ජීව අගුරු යොදා ගත හැකි බව සබරගමුව සරසවියේ කථිකාචාර්යවරයකු වන ආචාර්ය පී.අයි. යාපා මහතා පවසයි.
ජීව අගුරු යනු නිර්වායු තත්වයක් යටතේ (ඔක්සිජන් රහිතව) දර හෝ ශාක පත‍්‍ර පුළුස්සා ලබා ගන්නා අගුරුවේ.  අළු බවට පත් විමට පෙර ලබා ගන්නා අගුරු දැමීමෙන් පරිසරයේ ඇති බැරලෝහ එම අගුරුවලට උරාගන්නා බව මේ වන විට පර්යේෂණ මගින් ඔප්පු වී ඇතැයි ආචාර්ය යාපා පැවසීය.
දැනටමත් හානි වී ඇති ගොවි බිම්වලට ඉක්මණින් කාබන් යොදිය යුතු යැයි රජයට යෝජනා කළ බවත්, ශ‍්‍රී ලංකා රතු කුරුස සංගමය සමග එක්ව රජයට ඉදිරිපත් කිරීම සඳහා පුළුල් වාර්තාවක් සකස් කළ අතර අද හෙටම එය භාරදෙන බවත් ආචාර්යවරයා සඳහන් කළේය.
හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කුඹුරු ගොවිහු 300කට අධික පිරිසක් මේ වන විටත් ජීව අගුරු තම කුඹුරුවලට යොදන අතර ඔවුන්ගේ කුඹුරු මේ වන විට විස රහිත පරිසර හිතකාමී තත්වයට පත්ව ඇති බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.

October 21, 2013 at 11:03 am | lanka C news