Friday, May 29, 2015

"පිවිතුරු පරිසරය පුජනීයයි"
පොසොන් පාරිසරික සත්කාරය - 2015
මධ්‍යම පරිසර අධිකාරිය

දඹදිව දේශයේ සිට ශ්‍රී ලංකා ද්වීපයට අනුබුදු මිහිඳු හිමිඳු හිමියන් විසින් බුදු දහම රැගෙන එමින් මෙරට ධර්ම ද්වීපයක් බවට පත්කරලීමේ ඓතිහාසික සිදුවීම සමරමින් වර්ෂයක් පාසා අනුරාධපුර නගරය කේනද්‍ර කර ගනිමින් පොසොන් උත්සවය සැමරීම සිදුවේ. මිහින්තලේ මිස්සක පව්ව ආශ්‍රිතව සිදුවු මෙම ආගමික, සංස්කෘතික හා සමාජීය පරිවර්තනයට මුල පිරූ එම ඓතිහාසික ගමන අති උත්කර්ෂවත් ආකාරයෙන් මෙරට සිදුකරන ජාතික උත්සවයක් වශයෙන් රාජ්‍ය නායකත්වයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සංස්කෘතික හා ආගමික මංගල්‍යයක් බවට පත්වී ඇත.

අනුරාධපුර මහමෙවුනාව, මිහින්තලේ රජමහාවිහාරය සහ තන්තිරිමලේ රජමහා විහාරය යන ස්ථානයන්ට අති විශාල බැතිමතුන් ප්‍රමාණයක් පැමිණෙන අතර මෙම පුජා භූමිවල පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් "පිවිතුරු පරිසරය පුජනීයයි" යන තේමාව යටතේ විශේෂ පොසොන් පාරිසරික සත්කාරක වැඩසටහන ජුනි 02, 03 යන දිනවල මෙවර ද සංවිධානය කර ඇත.

මේ සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ආර්. එම්. එච්. බී. හේරත්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩි.පි.ජි. කුමාරසිරි යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් හා අනුරාධපුර සියලු රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානින් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම පාරිසරික සත්කාරක වැඩසටහන පැවැත්වීමට නියමිතය.  

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි සහ අධ්‍යක්ෂ ජනරාල් කේ. එච්. මුතුකුඩආරච්චි යන මහත්වරුන්ගේ පුර්ව මාර්ගෝපදේශකත්වය යටතේ සංවිධානය කර ඇති "පිවිතුරු පරිසරය පුජනීයයි" යන තේමාව ප්‍රමුඛ කර ගත් පොසොන් පාරිසරි සත්කාරක වැඩසටහන තුළ අංග ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ උතුරු මැද පළාත් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම පොසොන් පාරිසරික සත්කාරයට පහත අංග ඇතුළත් කර ඇත.

Ø  මහමෙවුනාව උයන හා පෙත්මග  දෙපස කසළ බදුන් 60 ක් ස්ථානගත කිරීම.
Ø  පරිසර නියමුවන් 500 කගේ සහභාගීත්වයෙන් අනුරාධපුර මහමෙවුනාව උයන හා පෙත්මග ආශ්‍රිතව, තන්තිරිමලේ සහ මිහින්තලේ පුජා භූමි ආශ්‍රිතව බැතිමතුන් දැනුවත් කිරීමේ හා මාර්ගෝපදේශ ලබාදීමේ වැඩසටහන් කිරීම.
Ø  එම ස්ථාන ත්‍රිත්වයේම පරිසර ආදර්ශ පාඨ ඇතුළත් බැනර් ප්‍රදර්ශනය කිරීම.
Ø  වීදි නාට්‍ය 05 ක් සංවිධානය කිරීම.
Ø  පරිසර හිතකාමී පාඨ සහිත ටී ෂර්ට් සහ හිස්වැසුම් පැළඳි පරිසර නියමුවන් හා අනුරාධපුර රාජ්‍ය ආයතන නිලධාරීන් විසින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
Ø  මහමෙවුනා උයනේ ස්ථානගත කර ඇති දන්සැල්, තාවකාලික වෙළඳසල්, වෙළඳ කුටි පිළිබඳ සමීක්ෂණ වාර්තා ලබාගැනීම සහ එම ජනතාව විධිමත් කසළ කළමනාකරණය සහ පුදබිමේ පවිත්‍රතාවය පිළිබඳ දැනුවත් කිරීම.
Ø  එකතුවන කැලි කසළ විධිමත් පරිදි බැහැර කිරීම පිළිබඳව විමසිලිමත් වීම සහ පළාත් පාලන ආයතන මඟින් ඒවා සම්බන්ධීකරණය කිරීම.
Ø  රජරට ගුවන් විදුලිය හා අනෙකුත් ප්‍රාදේශීය මාධ්‍ය මඟින් පොසොන් පාරිසරික සත්කාරයට අදාළ පණිවුඩ හා කෙටි වැඩසටහන් වරින් වර ප්‍රචාරය කිරීම .... ආදියයි.


මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට ප්‍රමුඛ ආගමික හා සංස්කෘතික මංගල්‍යයන් පැවැත්වෙන සෑම ප්‍රදේශයක්ම කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන පරිසරය ආරක්ෂා කර ගැනීමේ විවිධ වැඩසටහන් අතර පොසොන් පාරිසරික සත්කාරක 2015 වැඩසටහන ප්‍රමුඛ වැඩසටහනක් වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පැවසීය. 

Media Unit (EE&A)-Central Environmental Authority-0112873449
Web - www.cea.lk

Sunday, May 24, 2015

ලෝක ජෛව විවිධත්ව දිනය

biodiversity 5ලෝක ජෛව විවිධත්ව දිනය මැයි 22 දිනට යෙදී තිබේ. 2015 වර්ෂයේ ජෛව විවිධත්ව දිනයේ තේමාව තිරසාර සංවර්ධනය සඳහා ජෛව විවිධත්වය යන්නයි. පෘථිවිය තුළ ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ජෛව විවිධත්වය මතය. ජෛව විවිධත්වය යනු පෘථිවිය මත දක්නට ලැබෙන ජීව වස්තූන්ගේ එනම්, ශාක හා සතුන්ගේ විවිධත්වයයි.
 
 මේ සඳහා එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සම්මේලනය හෙවත් මිහිතල සමුළුව සම්මුතිය මඟින් දී ඇති නිර්වචනය වඩාත් පැහැදිලි එකකි. එනම්, ජෛව විවිධත්වය යනු 'භෞමික සමුද්‍රික සහ අනෙකුත් පරිසර පද්ධතීන් සහ පාරිසරික සංකීර්ණ ඇතුළු සියළුම මූලාශ්‍රයන්හි අඩංගු සහ ඒවායේ කොටසක් වන ජීව වස්තූන් අතර ඇති වෙනස් වීමේ හැකියාවයි'. තව ද, 'ඒ ඒ ජීවී (ශාක හා සත්ත්ව) විශේෂයන් තුළ ඇති විවිධත්වය වේ'.තවත් ලෙසකින් කිවහොත්, ජීවීන් සතුව ඇති අපරිමිත විවිධාත්මකභාවය ජෛව විවිධත්වය ලෙසින් හඳුන්වයි. නමුත් විද්‍යාත්මක ලෙස ජෛව විවිධත්වය අර්ථ දක්වන්නේ නම්, ප්‍රවේණිවල විවිධත්වය, අන්තර් සබඳතා, විශේෂවල විවිධත්වය, පරිසර පද්ධතිවල විවිධත්වය, වාසභූමි ආදී සියල්ලෙහිම පවතින්නාවූ විවිධත්වය ජෛව විවිධත්වය ලෙස හදුනාගත හැකිය.ලෝකයේ ජෛව විවිධත්වය ව්‍යාප්ත වී ඇති අන්දම දැක්වෙන සිතියමක් තිබේ. මුලින්ම පොළොවේ ජෛව විවිධත්වය විසිරී ඇති අයුරු දැක්වෙන සිතියමක් පිළියෙල කළේ 1876දීයි. ඒ බි‍්‍රතාන්‍ය ජාතික ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් නම් ස්වභාව විද්‍යාඥයා අතිනි. ලෝකයේ විවිධ ජීවින් හා ශාක ගණනය කළ නොහැකි ප‍්‍රමාණයක් පරිණාමය වී හා ලොව පුරා ව්‍යාප්ත වී ඇති ආකාරය දැක්වෙන සිතියමක් පිළියෙල කිරීමට ප‍්‍රථම ප‍්‍රයත්නය ලෙස ඔහු විසින් නිර්මාණය කළ එම සිතියම දැක්විය හැකිය.
biodiversity
1876 දී බි‍්‍රතාන්‍ය ජාතික ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් සැකසූ ජෛව විවිධත්වය දැක්වූ සිතියම
 මෙම සිතියමට අනුව ලෝකය විශාල ජෛවභූගෝලීය කලාප 11කට බෙදා නම් කර ඇති අතර ඒවා එකිනෙකට සම්බන්ධ වන ආකාරය දක්වා තිබේ.

1876 දී ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් විසින් පරිණාමය අනුව ස්වාභාවික ලෝකයේ ජීවීන්ගේ හා ශාකවල ව්‍යාප්තිය පැහැදිලි කිරීමට සිතියමක් සකසා තිබේ. එය ජෛව විවිධත්වය ගැන පැහැදිලි කිරීමට ගත් ප‍්‍රථම උත්සාහය විය. පරිණාමවාදයේ පියා වූ චාල්ස් ඩාවින්ගේ හවුල්කරුවා වූයේ වොලස්ය. එදා වොලස් ඉදිරිපත් කළ ඒ සිතියම අද සම්පූර්ණයෙන් ම යවත්කාලීන කර තිබේ. ඒ නව සිතියම දැන් ‘සයන්ස්’ (Science) විද්‍යා ජර්නලයේ පළ කොට ඇත. ඒ සිතියම විශාල ජෛවභූගෝලීය කලාප 11කට බෙදා ඒවායේ එකිනෙකට ඇති සබඳකම් ද දක්වා තිබේ. ඒ සඳහා සත්ව, ශාක හා උභයජීවී වීශේෂ 20,000කට වැඩි ප‍්‍රමාණයක් පිළිබඳව පරිණාමීය හා භූගෝලීය තොරතුරු සියල්ල ඇතුළත් කොට ඇත.biodiversity 2

මේ නව සිතියමට අනුව ලෝකය විශාල ජෛවභූගෝලීය කලාප 11කට බෙදා නම් කර ඇති අතර ඒවා එකිනෙකට සම්බන්ධ වන ආකාරය දක්වා තිබේ


ශ්‍රී ලංකාව ඉතා හොඳ ජෛව විවිධත්වයකට හිමිකම් කියන රටකි. රට ප්‍රමාණයෙන් කුඩා වුව ද වෙනස් දේශගුණික තත්වයන් හා භූමි ලක්‍ෂණ නිසා පුළුල් පරිසර පද්ධති ව්‍යාප්තියක් දක්නට ලැ‍‍බෙන අතර ජෛව විවිධත්වය ඉහළ වේ. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විවිධ ජෛව විද්‍යාත්මක පරිසර පද්ධති ප්‍රධාන වශයෙන් වර්ග 4කට බෙදා සාකච්ඡා කළ හැකි ය.
 

1. වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර පද්ධති.
2. රට තුළ ඇති තෙත් බිම් පරිසර පද්ධති.3. වෙරළබඩ හා සාගරික පරිසර පද්ධති.4. කෘෂිකාර්මික පරිසර පද්ධති.ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත් ස්වාභාව්ක සමිපතක් වනුයේ භූමිය යි. කෘෂිකර්මාන්තය, වනාන්තර, ජෛව විවිධත්වය සහ වෙනත් බොහෝ සමිපත් රැදී පවතිනුයේ ඒ මත ය.  දකුණු ආසියාවේ අනෙකුත් රටවල් හා සැසදී‍මේදී බංගලාදේශය හැරැණු විට ඉහළම ජනගහන ඝණත්වය ඇත්තේ ශ්‍රී ලංකාවේ ය. හෙක්ටයාර් දශලක්‍ෂ 6.5ක් අතුරින් කෘෂිකාර්මික භාවිතය සදහා යෝග්‍ය පස් ඇත්තේ හෙක්ටයාර් දස ලක්‍ෂ 5.5ක පමණි. ඉතිරි භූමි ප්‍රමාණය අධික බෑවුමි සහිතව හෝ ගල් සහිතව හෝ ලවණතා‍වේ බලපැමට හෝ ලක්ව ඇත.

biodiversity 4
පසුගිය දශකයේ මැද භාගයේ සිට ඉඩම් පරිහරණයේ වෙනස්වීමි හ‍ට ගෙන ඇත. වර්ෂ 1881 දී ශ්‍රී ලංකාවේ මුළු බිමි ප්‍රමාණයෙන් 80%කට අධික ප්‍රමාණයක් වනයෙන් වැසී තිබුණු බව ඉතිහාසගත තොරතුරැවලින් පෙනේ. වර්ෂ 1948 දී ජාතික නිදහස ලැබෙන විට මෙය 45% දක්වා පහළ බැස තිබුණි. දැනට මෙය 24% ක් පමණ වන බව වාර්තා වේ. ජනගහනයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ ප්‍රතිලෝම සමිබන්ධතාවයක් පෙන්නුමි කරමින් වන වැස්ම හීන විම සිදු වී ඇත. වනයෙන් වැසී තිබුණු බොහෝ ඉඩමි හේන් ගොවිතැන සදහා යොදාගත් අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ජෛව ප්‍රභේද ක්‍රමක් ක්‍රමයෙන් වියැකී යාමට පටන් ගැණිනි.

හේන් ගොවිතැන මෙන්ම රජයේ ඉඩමි අනවසරයෙන් අල්ලා ගැනිම ද වර්තමානයේ දක්නට ලැබෙන සුලබ දෙයකි.දියපාරවල් හා ඇලවල් සදහා වෙන්කර ඇති ඉඩමි අනවසරයෙන් අල්ලා ගැනිම නිසා ජල සමිපතට ද පාරිසරික තර්ජන එල්ල වී ඇත.

ජෛව විවිධත්වය කෙරෙහි ඕසෝන් වියනේ බලපෑම ද මෙහිදී ඉතාම වැදගත් වේ. සූර්යයාගේ සිට පෘථීවිය කරා පැමිණෙන පාරජම්බූල කිරණ එහි තරංග ආයාමය අනුව  UV – A, UV-B සහ UV-C ලෙස කොටස් 3කින් හැඳින්වෙයි. තරංග ආයාමය නැනෝ මීටර් 315 – 400 ත් අතර ප‍්‍රමාණයක පවතින UV-ඒ කිරණ වායුගොලය තුළින් ඉතා පහසුවෙන් පෘථිවියට සම්පෙ‍්‍ර්ෂණය වන අතර ඒවා අඩු ශක්තියකින් යුත් හානිකර නොවන කිරණ වර්ගයක් ලෙස සැලකෙයි.

biodiversity 8පොළොවට පැමිණෙන පාරජම්බූල කිරණ අතුරින් සියයට 90 ක්ම UV-A කිරණ වේ. නැනෝ මීටර් 280 – 315 අතර තරංග ආයාමයක් සහිත UV-B කිරණ මිනිසාටත්, සතුන්ටත්, පරිසරයටත් හානිදායක කිරණ විශේෂයකි. පෘථිවියට ලැබෙන පාරජම්බූල කිරණ වලින් 4% ක් පමණ වන මේවා පෘථිවි වායුගෝලයේ ඇති ඕසෝන් වායු ස්ථරය මඟින් උරාගනු ලබයි. මේවා අතුරින් නැනෝ මීටර් 100 – 280 අතර තරංග ආයාමයක් හිමි UV - C කිරණ මාරාන්තික විකිරණ වලින් යුක්ත වන නමුත් ඒවා පෘථිවියට පැමිණිමේදී සම්පූර්ණයෙන්ම පාහේ වායුගෝලීය ඔක්සිජන් මඟින් උරාගනු ලබයි.

එහෙත් වර්තමානය වන විට ඕසෝන් ස්ථරය  දැඩි ලෙස විනාශ වී යාමේ තර්ජනයට ලක්වී ඇති නිසා තවදුරටත් UV – B කිරණ වලින් පෘථිවියට හානිකර තත්වයක් උදා වී ඇත. මිනිසුන් විසින් නිෂ්පාදිත රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ඕසෝන් වියන සිදුරුවන අතර මෙහිදී ක්ලෝරොෆ්ලෝරෝ කාබන්, හේලෝන සහ මෙතිල් බ්‍රෝමයිඩ වැනි රසායන ද්‍රව්‍ය වායුගෝලයට එක් වී වායුගෝලයේ ඇති ඕසෝන් අණු සමඟ ප‍්‍රතිකි‍්‍රයා කිරීමෙන් ඕසෝන් අණු බිඳ වැටීමට ලක්වේ.

ඕසෝන් වියනට සිදුවන හානිය මේ සෑම මට්ටමකටම හානිදායක ලෙස බලපෑම් ඇතිකරනු ලබයි. පෘථිවියේ ඇති පරිසර පද්ධතියක සමතුලිතතාවයට හානි පැමිණුන විට එය තවත් පරිසර පද්ධතියක කි‍්‍රයාකාරිත්වය කෙරෙහි ඍජුව හෝ වක‍්‍රව බලපෑම ඇති කරයි. හානිකර UV - B කිරණ මඟින් ඉහත සඳහන් කළ පරිසර පද්ධති සියල්ලටම හානිකර ප‍්‍රතිඵල ඇති කරන බව මේ වන විට සොයාගෙන ඇත.

biodiversity 7
කෙසේ වෙතත් වැඩිවන ජනගහනය, කෘෂිකාර්මික කටයුතු සදහා භූමිය යොදා ගැනීම හා ඉඩම් අක්‍රමවත් ලෙස පරිහරණය කිරිම ‍තුළින් ද  ජෛව විවිධතවයයට බලපෑම් ඇති කරයි. විශේෂයෙන්ම කදුකර ප්‍රදේශයේ ඇළ දොළ සදහා වෙන් වු ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනිම නිසා අපගේ ජල සමිපත්වල ප්‍රමාණය මෙන්ම ගුණාත්මක භාවය කෙරෙහි ද බලපෑමි ඇති වෙමින් පවති.

මිනිසාගේ සුබ සිද්ධිය සදහා ස්වභාව ධර්මය වෙනස් කරන අතරම මිනිසාගේ විචක්ෂණ භාවය තුළින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරිමට පියවර ගන්නේ නම්, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය වැනසී යාම වළක්වා ගත හැක.


biodiversity 3

සජන්ති ‍බෝපිටිය 

වැඩි දුර අධ්‍යයනයට - wikipedia

Monday, December 15, 2014

ලෝක කඳුකර දිනය දෙසැම්බර් 11 වැනිදා සැමරිණි

සෑම වසරකම දෙසැම්බර් 11 වැනි දින ලෝක කඳුකර දිනය වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2002 වසරේ සිට  නම් කර ඇත.

ජීවිතයට කඳුකරය කෙතරම් වැදගත් වන්නේදැයි පෙන්වා දීමටත් කඳුකර ප්‍රදේශ ආරක්ෂා කිරීමටත් සංවර්ධනය තුළින් විවිධ ප්‍රතිලාභ අත්පත් කරගැනීමටත් අරමුණු පෙරදැරිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක කඳුකර දිනය නම් කරන ලදි.  
ඒ අනුව ලෝක කඳුකර දිනය දෙසැම්බර්  11 වැනිදා වාර්ෂික ව සමරනු ලබයි. පෘථිවියේ පවතින භූගත ජලය හා ගංගාවල ජල උල්පත් සඳහා මනා රැකවරණයක්‌ ලබාදෙමින් මිනිස් ජීවිතයේ පැවැත්ම උදෙසා කඳුකරය මනා පිටුවහලකි.

2014 වසරේ ලෝක කඳුකර දින තේමාව 'කඳුකර වගාව' ('Mountain Farming') යන්නයි. පවුලේ වගාව ප්‍රමුඛ කඳුකරයේ කෘෂිකර්මය පිළිබඳ දැනුවත් කිරීමට මෙවර තේමාව අවස්ථාවක් වන අතර ඒ තුළින් සියවස් ගණනාවකට තිරසාර සංවර්ධනයක් සඳහා යොමු වීමට ලෝක වාසීන්ට හැකියාව ලැබේ.  

ජාත්‍යන්තර කඳුකර දිනය සැමරීම සඳහා‌ ලෝකයේ විවිධ සංවිධාන කඳු මූලික කර ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවනු ලබයි.

2010 වසරේදී ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට ලෝක කඳුකර දිනය ප‍්‍රභව සංවිධානය විසින් සමරන ලදී. මෙම සංවිධානය ශ්‍රී ලංකාවේ කඳුකරය සඳහා ම නිර්මාණය වූ සංවිධානයකි. ඔවුන් ලෝක කඳුකර දිනයට සමගාමී ව 2010 වසරේ දී  ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මුහුදු මට්ටමේ සිට අඩි 5860ක් උසිකින් යුත් හපුතලේ කන්ද තරණය කරන ලදි. එතැන් සිට නොකඩවා එය සිදු කරනු ලබා ඇති අතර මෙවර ද ප්‍රභව සංවිධානය හා ස්වේච්ඡා කණ්ඩායම් හා එක් ව දෙසැම්බර් 07 වන දින හපුතලේ කන්ද තරණය කර එම කඳු මුදුනේ දී ලෝක කඳුකර දිනය සමරනු ලැබීය.

Wednesday, November 19, 2014

ලෝක වැසිකිළි දිනය නොවැම්බර් 19 වන අද දිනට යෙදී ඇත. මේ පිලිබඳ පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ලොව සෑම ගැහැණු තිදෙනෙකුගෙන් එක් අයෙකුට ආරක්ෂිත වැසිකිලි පහසුකම් නොමැති බවයි.

මෙවර ලෝක වැසිකිළි දිනයේ තේමාව ”සමානාත්වය, අභිමානය සහ ස්තී‍්‍ර පුරුෂ භාවය පදනම් ප‍්‍රචණ්ඩත්වය සහ සනීපාරක්ෂාව අතර ඇති සම්බන්ධතාවය” ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දක්වා ඇත.

වර්තමානය වන විටද ලෝකයේ බිලියන 2.5ක ජනතාවකට නිසි ආකාරයේ සනීපාරක්ෂක පහසුකම් නොමැති බව සමීක්ෂණ මගින් අනාවරණය කරගෙන ඇත. තවද ලොව බිලියනයක ජනතාවක් තම ශරීර කෘත්‍ය සිදු කරන්නේ එළිමහනේ බව එක්සත් ජාතීන්ගේ වාර්තා වල දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් පණිවුඩයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී - මූන් මහතා කියා සිටින්නේ, කාන්තාවන්ට ආරක්ෂිත වැසිකිළි පහසුකම් නොමැතිවීමේ ප‍්‍රතිඵලය වන්නේ ඔවුන් එ් සඳහා සුදුසු ස්ථාන සොයා යාමේදී ලෙඩ රෝග, ලැජ්ජාවට සහ ඇතැම් විට ලිංගික අපයෝජනයටද ගොදුරු විය හැකි බවයි.

සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමෙන් ලොව පුරා වැඩිහිටි කාන්තාවන් සහ ගැහැණු ළමයින් බිලියන 1.25 වැනි විශාල පිරිසකට වඩාත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් සහ වැඩි ආරක්ෂාවක් සැලසෙන බවද එකසත් ජාතීන්ගේ වාර්තා පවසයි.

Thursday, October 9, 2014

සියලු ජීවීන්ට තර්ජනයක් වූ ඇමෙරිකානු යෝධ ගෙම්බා

විවිධ  අවශ්‍යතා මත මිනිසා විසින් එ් එ් පරිසරයට/ප්‍රදේශයට අාගන්තුක වූ ශාක හා සතුන් ගෙන එනු ලබයි. එසේ ගෙන එනු ලබන ශාක හෝ සතුන් තම අවශ්‍යතාවය ඉටු කර ගැනීෙමන් පසුව හෝ  ඔවුන්ගේ ප්‍රමාණය අාදී සාධක හේතුවෙන් සිතා මතාම පරිසරයට මුදා හරිනු ලබයි. නොඑස්නම් යම් අත්වැරදිමකින් පරිසරයට එකිවිය හැකියි. 

එසේ අාගන්තුක පරිසරයකට එකතු වන ශාක හෝ සතුන්ගේ ඉදිරි පැවැත්ම අදාල පරිසරයට අනුවර්ථනය වීම්‍ෙ හැකියාව මත තීරණය වේ. අදාල පරිසරයට අනුවර්ථනය විය නොහැකි ජීවීන් විනාශ වි ගියද අනුවර්ථනය විය හැකි ජීවීන් එම පරිසරෙය් දිගටම පවතී. එම අනුවර්ථනය වන ජීවීන් එම පරිසරෙය් පවතින හිතකර වූ පාරිසරික තත්වයන් හේතුෙවන්ද ඔවුන් ජීවත් වූ පරිසරයේ තිබූ ස්වබාවික පාලනය සිදු නොවීම තුළින් ඔවුන්ගේ ගහණය තවතවත් වැඩි වෙමින් අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට පවා තර්ජනයක් ඇති විය හැකිය. මෙවැනි ජීවීන් ආක්‍රමණිකයන් ලෙස හදුන්වනු ලබයි.

එවැනි ආක්‍රමණික යෝධ ගෙඹි විශේෂයක් ඇමෙරිකාවේ මොන්ටානාහි යෙලෝස්ටෝන් ගංඟාවේ ජීවත්වන  බව  පරිසරවේදීහු පෙන්වාදෙති. මේ ගෙම්බන් ආක්‍රමණකාරී ලෙස වැඩිවෙමින් පවතින අතර දක්නට ලැබෙන ඕනෑම දෙයක් ආහාරයට ගනිමින් සියලු ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වෙමින් සිටියි. ඇමෙරිකන් බුල්ෆ්‍රොග් ලෙස හඳුන්වන මාංශ භක්ෂකයකු වන මෙම ගෙඹි විශේෂය කෘමීන්, කුරුල්ලන්, මැස්සන් පමණක් නොව තම වර්ගයාම පවා ආහාරයට ගැනීමට තරම් පෙළඹෙති.

පරිසරවේදීන් පෙන්වාදෙන ආකාරයට 2010 සිට මේ දක්වා කාලයේ දී ඔවුන්ගේ බෝවීම හතර ගුණයකින් වැඩිවී ඇති අතර මොවුන්ගේ ගහනය පාලනය කැරගත නොහැකි තත්වයකට පත්ව ඇත. අඟල් 12ක් පමණ වූ මේ ගෙම්බා ඇමෙරිකාවට ආවේණික ජීවියකු බව ස‍දහන් වන අතර  සුරතල් සතුන් ලෙස ඇතිකිරීමෙන්  අනතුරුව පරිසරයට මුදාහරින ලද සතුන් කොට්ඨාශයක් බව සදහන් වේ. 

පර්යේෂකයන් පෙන්වාදෙන ආකාරයට අනෙක් උභය ජීවීන්ට මාරාන්තිකවන දිලීරයක් මේ ගෙම්බන් විසින් පරිසරයට මුදාහරින ලබයි. ඒ හේතුවෙන් මොවුන්ගේ සංඛ්‍යාත්මක වැඩිවීම අනෙක් සියලු උභය ජීවීන්ට තර්ජනයක් වී ඇත. මෙම ජීවියාගේ ආහාර රටාව පහතින් නරඹන්න.  

ඔබ මෙයින් යම් දැනුමක් ලැබුවා නම් මෙම ලිපිය පහතින් ෂෙයාර් කර අනෙක් යාළුවන්ටත් දැනගන්නට සලස්වන්න. නිතර අලුත්වන මෙම අඩවියේ නව විස්තර දැන ගැනීමට  එතකු වෙන්න. ලයික් කරන්න.

Monday, October 6, 2014

ලෝක ජනාවාස දිනය( ඔක්තෝබර් මස ප්‍රථම සඳුදින ලෝක ජනාවාස දිනය)

ලෝක ජනාවාස දිනය; පාරිසරික වශයේන් සුවිශේෂී වූ දින අතරින් තවත් වැදගත් දිනයකි. ජනාවාසකරණය පරිසරයට ඉමහත් බලපෑම් එල්ල කරනු ලබයි. එයි බලපෑම් හේතුවෙන් ස්වභාවික පරිසරය උඩු යටිකුරු කරයි.

ලෝක ජනාවාස  දිනය ආරම්භ කිරිමට මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ එක්සත් ජාතින්ගේ සංවිධානය මානව ජනාවාස කමිටුව නොහොත් හැබිටාට් ආයතනයයි.හැබිටාට් සංවිධානයේ අරමුණ ලෙස සාමාජික රටවල ආර්ථික සංවර්ධන, සාමාජයීය,සංස්කෘතික වටිනාකම ආරක්ෂා කර ගැනිම සහ ලෝක සාමය ආරක්ෂා කරගැනිම ද පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම (හැබිටාඩ්) සංවිධානය විසින් ප්‍රකාශයට පක්තර ඇති පරිදි සෑම වසරකම ඔක්තෝම්බර් මස ප්‍රථම සඳු දින ලෝක ජනාවාස දිනය ලෙස වෙන් කර ඇත. ඒ අනුව 1986 වර්ෂයේ සිට ලෝක ජනාවාස දිනය සැමරීම සිදුකරයි. 1986 ඔක්තෝම්බර් මස 03 වන දිනට යෙදුනු ප්‍රථම සඳු දින, "වාසස්ථාන මගේ අයිතියයි" යන තේමාව කර ගනිමින් ලෝක ජනාවාස දිනය ප්‍රථම වරට සමරනු ලැබුවේ මෙක්සිකොවේදීය. වර්ථමානය වන විට  එක්සත් ජාතීන්ගේ  ජනාවාස සමුළුවෙහි ලෝකයේ රටවල් 150 කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය ලබා ගෙන සිටි.

1986 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ  ජනාවාස සමුළුවේදී ලෝක ජනාවාස දිනය පිළිබඳ යෝජනා වි ඇතත් ලෝක ජනාවාස දිනය මෙරට තුල ආරම්භ වනුයේ 1981 වසරේ සිටය.

වසර 28ක් පුරා අඛණ්ඩව ලෝකයේ විවිධ රටවල විවිධ කාලීන තේමාවන් ඔස්සේ ක්‍රියාත්මක වූ ලෝක ජනවාස දිනයේ මෙවර තේමාව  “ Voices From Slums ”යන්නයි. ‘‘නාගරික  පැල්පත් හා මුඩුක්කු ආශ්‍රිතව ජීවත්වන නගරයට හිමිකම් කියන බහුතර ජනතාව වෙනුවෙන් හඬක්” යන්න මින් අදහස් කෙරේ. 

1986 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ  ජනාවාස සමුළුවේදී ලෝක ජනාවාස දිනය පිළිබඳ යෝජනා වි ඇතත් ලෝක ජනාවාස දිනය මෙරට තුල ආරම්භ වනුයේ 1981 වසරේ සිටය.
 
මෙම තේමාව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, දේශීය නිවාස හා ජනාවාස වැඩසටහනට ගැළපෙන අයුරින් “ ජනාවාස හඬක් – ජනසෙවණින් හෙටක් ” යනුවෙන් ප්‍රතිනිර්මාණය කරගෙන තිබේ.
ඒ අනුව මෙවර ලෝක ජනාවාස දිනය ඔක්තෝම්බර් 06 වෙනිදා  “ 2014 – ලෝක ජනාවාස දින ජාතික සමුළුව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 9.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වී තිබුණි.

එසේම අද දින ලෝක ජනාවාස දින ජාතික සමුළුවේ ප්‍රධාන අංගය වන්නේ ශ්‍රී ලාංකික නිවාස සංවර්ධන ක්‍රියාවලියේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ලෙසින් පැවති ජාතික නිවාස ප්‍රතිපත්තිය අතිගරු ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමත් මෙවර ජනාවාස දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ විවිධ සංවර්ධන කාර්යන් හා එහි අනාගත ක්‍රියාපිළිවෙත පෙන්නුම් කෙරෙන ජනාවාස දින කොළඹ ප්‍රකාශනය එළිදැක්වීම ද, ජනාවාස දින සමරු කලාපය ප්‍රකාශයට පත්කිරීම ද මෙහිදී සිදුකිරීමට නියමිත බව සදහන් විය.

"නාගරීකරණය ලොව සංවර්ධිත හා සංවර්ධනය වන රටවල ආර්ථික හා සමාජයීය ගැටළු වඩාත් සංකීර්ණ කිරීමට හේතු වි ඇති බවත් ලොව බොහෝ රටවලට නාගරීකරණය අත්‍යවශ්‍යයෙන්ම විසදුම් සෙවිය යුතු ගැටළුවක් බවට පත්ව ඇති" බවත් ජනාධිපතිවරයා එම අත්සවයේදී පෙන්වා දෙයි. 

ලෝකය අප සමගය . එහි වෙසෙන සෑම මානවයෙක්ම එකිනෙකාගේ මිතුරන්ය . එබැවින් අප එකිනෙකා මුහුණ දෙන උපද්‍රවයකදී ඊට විසදුම් සොයා ගත යුත්තේ අප අපමය . අප සැවොම එක්ව මෙ සදහා පෙළ ගැසෙමු. 

පසුගිය වසර කිහිපයේ ජනාවාස දින තේමාවන්

2008 - සහජීවන නගර
2009 - අපගේ නගරයේ අනාගතය සැලසුම් කරමු

2010 - සියලු දෙනාට ලස්සන නගරයක්

2011 - නගර හා කාලගුණික විපර්යාස යන්නයි

2012 -  ජනාවාස අලුත් වෙයි – අවස්ථා ගොඩනැගෙයි ( Changing Cities – Building Opportunities)

2013 -වෙනස් වන නාගරිකයේ පහසු ගමන්  මඟ  (Urban Mobility )

ජගත් සංචාරක දිනය

පාරිසරික වශයෙන් වැදගත් තවත් සුවිශේෂි දිනයක් වශයෙන් ලෝක සංචාරක දිනය හදුන්වා දිය හැකිය.

 එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (UNWTO) විසින් 1980 සැප්තැම්බර් මස 27 වැනි දින පළමු වරට සංචාරක දිනය ප්‍රකාශයට පත්කරන ලදි. එතැන් සිට සෑම වසරකදීම එම දිනය සැමරේ.
 ලෝක සංචාරක සංවිධාන ආඥා පණත් 1970 සැප්තැම්බර් මස 27 දිනයේදී නම් කළ බැවින් මෙම දිනයම ලෝක සංචාරක දිනය වශයෙන් තෝරා ගෙන ඇත. මෙම ආඥාපණත අපත්‍යීකරණය (යෝජනා කිරීම) , ගෝලීය සංචාරක ව්‍යාපාරයේ වැදගත් සිද්ධියක් යැයි සැලකෙයි.  මෙම දිනයෙහි භාවිතය වන්නේ, ජාත්‍යන්තර ප්‍රජාව තුල සංචාරක ව්‍යාපාරයෙහි භූමිකාව පිළිබඳ අවබෝධතාවය නංවාලීම සහ ලෝක ව්‍යාප්තව එය විසින් සාමාජීය, සංස්කෘතික, දේශපාලනමය සහ ආර්ථික සාරධර්ම වෙත බලපෑම් එල්ල කරන්නේ කෙසේද යන්න පෙන්නුම් කිරීමය.

ලෝක සංචාරක දිනය සැමරීම නිමිත්තෙන් ඒ ඒ වර්ෂයන් වලදී මුළු ලෝකයම ඒ කෙරෙහි අවධානය යොමු කරන්නා සේම ලංකාවද ඒ කෙරෙහි විශේෂ අවධානය යොමු කර විවිධ වූ වැඩසටහන් සංවිධානය කරනු ලබයි.

මෙතෙක් එක් එක් අවුරුදු වලදී පවත්වන ලද ලෝක සංචාරක දින තේමාවන් කිහිපයක් පහත දක්වා ඇත.

   1980 - සංස්කෘතික උරුමය සංරක්ෂණයට සහ සාමය හා අන්‍යොන්‍ය අවබෝධය සඳහා සංචාරක 
              ව්‍යාපාරයෙහි දායකත්වය
    1981 - සංචාරක ව්‍යාපාරය සහ දිවියෙහි තත්ත්වය
    1982 - චාරිකාවේ අභිමානය: හොඳ අමුත්තෝ සහ හොඳ සත්කාරකයෝ
     2008 - සංචරනය කාලගුණ විපර්යාසයේ අභියෝගවලට ප‍්‍රතිචාර දක්වනු ඇත
     2009 - (මෙම වර්ෂය වෙනුවෙන් ලියවුණු දිනමිණ ලිපිය මෙතනින්)
     2010 -සංචාරක කර්මාන්තය හා ජෛව විවිධත්වය
     2011 -සංස්කෘතීන් අතර බැඳීම
    2012 - සංචාරක ව්‍යාපාරය සහ ශක්තිමය ධරණීයතාවය (මස්පලෝමාස්, ග්‍රෑන් කැනාරියා)
    2013 - සංචාරක ව්‍යාපාරය සහ ජලය: අපගේ පොදු අනාගතය රැකගැනුම
               (මෙම වර්ෂය වෙනුවෙන් ලියවුණු දිවයින ලිපිය මෙතනින්)
    2014 -  සංස්කෘතින් අතර සබැදිම (Tourism – Linking Culture)
               (මෙම වර්ෂය, ශ්‍රී ලංකාව සැමරූ අයුරු මෙතනින්)
    2015 - සංචාරකයින් මිලියනයක්, අවස්ථාවන් මිලියනයක් (බර්කිනා පාසෝ -අප්‍රිකාව)