Wednesday, September 10, 2014

කාය ශක්තිය වැඩි කරගන්ඩ අතීත රජවරු කාපු කාමරංගා

ඔබේ ගෙවත්තේ ගසේ ඉදී බිම වැටී කුණුවී යන මෙ මාහැගි පළතුරෙහි වටිනාකම ඔබ දන්නේද? ඇත්තටම බොහෝ දෙනෙක් මේ ගැන කිසි තැකීමක් කරන්නේ නැහැ. මම කුඩා කළ ඉදන්ම මේ ගැන දැනගෙන හිටායේ ඇදුම වගේ ලෙඩ සදහා භාවිතා කරන්න පුළුවන් බව විතරයි. ඒත් මට දැන ගන්න ලැබුනා මෙහි අනෙකුත් වටිනාකම් පිළිබදව. ඒ අනුව අන්තර්ජාලයේ දැක්ක මේ ලිපිය මම උපුටා මෙහි ඵල කරන්නේ පරිසරයේ අගනාකම පිළිබදව ඔබගේ දැනීම වැඩි කිරීම පිණිසයි. එහෙම නම් ඔබගේ පහසුව පිණිස සකස් කරන ලද එම ලිපිය පහතින් කියවන්න.

දිව පිනවන රසවත් පලතුරකි
දිව පිනවන රසවත් පලතුරු අතර කාමරංගාවලට හිමි වන්නේ සුවිශේෂී තැනක්. ශරීරය ප්‍රසාදනය කිරීමේ මනස ප්‍රබෝධවත් කිරීමේ මහඟු ගුණයක් පවතින කාමරංගා අයත් වන්නේ වාංගේරි කුලයට. Averrnoa carambolo කියන්නේ  එහි උද්භිද විද්‍යාත්මක නාමය.
වසරේ ජූලි, අගෝස්තු, දෙසැම්බර් සහ ජනවාරි යන මාස කිහිපය තුළ පල හටගන්නා කාමරංගා ශාකය පැණි කාමරංගා සහ ඇඹුල් කාමරංගා වශයෙන් ප්‍රභේද දෙකකින් හඳුන්වනවා. දාර සහිත පලතුරක් වන කාමරංගා අමුවෙන් කොළ පැහැති පලතුරක්. නමුත් ඉදුණු පසු රන්වන් කහ පැහැයක් ගන්නා මේ පලතුර එයටම ආවේණික මිහිරි රසින් යුත් රසායනික සංයෝගයකින් සමන්විතයි.

පුරාණ රජවරුන් සහ කාබරංගා
පුරාණයේ රජවරුන් අතීතයේ විවිධ පලතුරු පානයන් භාවිත කරලා යුද ජයග්‍රහණය ලබන්න කාය ශක්තිය අපේක්ෂා කරලා තිබෙනවා. ඒ අතර රජවරුන් බහුල වශයෙන් භාවිත කළ පලතුරක් තමයි කාමරංගා කියන්නේ. ශරීරය පුෂ්ටිමත් කිරීමටත්, නව ජීවයක් ලබාගැනීමටත් භාවිත කළ හැකි කාමරංගා පලතුර පිළිබඳ අපේ දේශීය ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථවල පවා සඳහන් වෙනවා.

කාබරංගා නිකම්ම පළතුරක් නොවෙයි
ඇත්තටම කාමරංගා කියන්නේ නිකම්ම නිකම් සාමාන්‍ය පලතුරක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේද ශාස්ත්‍රයට අනුව වටිනා ඔෟෂධයක්. රෝග රැසක් සඳහා ගුණදෙන ඔෟෂධයක් වන කාමරංගා දේශීය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අනුව පීිත ඵල, රුජාකර, ධාරා ඵල ආදී නම්වලිනුත් හඳුන්වනවා. විශේෂ ගුණ සපිරි කාමරංගා රෝග රැසක් සුව කිරීම සඳහා යෝග්‍ය ඔෟෂධයක් වුණත් සමාජයේ මුල් බැසගත් විවිධ මිථ්‍යා මත පවතිනවා. ඉන් එකක් තමයි කාමරංගා ආහාරයට ගත්තොත් රුධිරය සහිතව මල පිට වෙනවා යන මිථ්‍යා මතය. ඇත්ත වශයෙන් එම මතය වැරැදියි. කාමරංගා කියන්නේ අතුරු ආබාධ නැති හොඳ රසවත් ගුණවත් පලතුරක්. නමුත් එක් දෙයක් මෙහිදී සිතට ගත යුතුයි. දියවැඩියාව රෝගයෙන් පෙළෙන පුද්ගලයන් කාමරංගා වැඩි වශයෙන් ආහාරයට ගැනීමත්, සීනි සමඟ කාමරංගා ආහාරයට ගැනීමත් උචිත නෑ.
සාමාන්‍ය ජීවිතයේදී අපි ජෑම්, කෝඩියල්, සිරප් වගේම අච්චාරු, සලාද, වෑන්ජන සෑදීමට කාමරංගා ගෙඩි භාවිත කරනවා. නමුත් මෙම ශාකයේ පවතින ඔෟෂධීය ගුණ සහ විවිධ රෝගවලදී කාමරංගා ඔෟෂධය භාවිත කරන ආකාරය පිළිබඳ ඔබට අවබෝධයක් ලැබේවි.

 විස නසන කාමරංගා
අතීතයේ මිනිස්සු ශාක, සත්ත්ව, ඛනිජ ආදී ද්‍රව්‍ය මඟින් හෙළ වෙදකම කිරීමේදී ඇතැම් ඔෟෂධ විස තත්ත්වයකට පරිවර්තනය වීමේ අවදානමක් තිබුණා. එවන් අවස්ථාවලදී ශරීරයේ හටගත් එම විස තත්ත්වය මකන්න අතීත වෙදැදුරන් භාවිත කළ ප්‍රධානතම ඔෟෂධයක් තමයි කාමරංගා.

අද සමාජයේ අප ගන්නා වතුර, එළවළු, පලතුරු වැනි දෑවල අඩංගු විස තත්ත්වයන් නිසා උදරය, ආමාශය, වකුගඩු ආශ්‍රිතව විස හටගැනීමේ අවදානමක් පවතිනවා. එවන් විස තත්ත්වයකදී දිනකට ඇඹුල් කාමරංගා ගෙඩියක් බැගින් දිනපතා ආහාරයට ගත්තොත් ශරීරයේ තැන්පත් වී පවතින අහිතකර විස විනාශ වෙනවා.

 වැහැරුණු සිරුර පුෂ්ටිමත් කරන්න
ඇතැම් අයට වයස් භේදයකින් තොරව විවිධ ලෙඩ රෝග වැලැඳුණු පසු සති කිහිපයක් එක්තැන් වී සිටීම නිසා ශරීරය දුර්වල වෙන්න පුළුවන්. පුෂ්ටිමත් ශරීරය දිරාපත් වන ස්වභාවයකට පත්වෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී කෘශ ශරීරයෙන් නහර ඉල්පී පෙනෙන ස්වභාවයක් මතු වෙනවා. එය හොඳ නෑ. මොකද නහර ගැටගැසීම් ඇති වී රුධිර සම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා ඇති වී තව තවත් රෝගියා දුර්වල වීමට ඉඩ තිබෙනවා. එවන් දුර්වල රෝගීන් ප්‍රාණවත් කිරීමටත්, ශරීරය කෘශ අය මහත් කිරීමටත්, නහර පද්ධතියේ ප්‍රතිප්‍රාණයක් ඇති කිරීමටත්, අධ්‍යාපන ක්‍රියාවල නිරත වන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කිරීමටත් සුදුසු අතුරුපසක් වගේ ඔෟෂධයක් කාමරංගාවලින් සාදා ගන්න පුළුවන්. එය සාදාගන්නේ මෙහෙමයි. මුලින්ම ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් පෙති කපා හොඳින් වියළා ගන්න. තාරකා පෙති සේ අලංකාර ලෙස වියළාගත් කාමරංගා පෙති, සීනි උණු කර පැණි පදමට සාදාගත් සීනි පැණියකට මිශ්‍ර කර ඒ තුළ සතියක් පමණ පැසීමට ඉඩ හැර වීදුරු බෝතලයකට දමා වසා තබන්න. ඉන්පසු දිනකට දෙවරක් බැගින් දිනපතා මේ ඔෟෂධීය අතුරුපස ආහාරයට ගන්න. එය ඔබට ඉතාමත්ම ගුණදායක ආහාරයක් වේවි. මෙම ඔෟෂධීය අතුරුපස බොහෝ කාලයක් කිසිදු අහිතකර බවකින් තොරව තබා ගන්නත් ඔබට පුළුවන්.

 කොන්දෙ අමාරුවට හා හන්දිපත් රුදාවට
අද බහුතරයක් ලංකාවේ ඉන්න කාන්තාවන්ට වැලැඳී පවතින රෝගයක් තමයි කොන්ද අමාරුව. හන්දිපත් වේදනාව. ඒ වගේම ස්නායු ආබාධ නිසා ශරීරය පණනැති වීම්, ශරීරයේ අඩක් හිරිවැටීම් වැනි අවදානම් තත්ත්වයන් පවා හටගත් උදවිය ඉන්නවා. මේවා කාන්තාවන්ටම පමණක් සීමා වුණු රෝග ලක්ෂණ නෙවෙයි. පිරිමි අය අතරත් මේ රෝග නිසා පීඩාවිඳින අය සිටිනවා. එවන් හන්දිපත් වේදනා, කොන්දෙ අමාරු, ස්නායු රෝග සහ ශරීරය හිරිවැටීම් ඇති අය දිනපතා කාමරංගා යුෂ වීදුරුවක් ගෙන එයට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර පානය කරන්න. පුරා සති දෙකක් පමණ දෛනිකව මෙය කළොත් ඔබේ ශරීරයේ පෙර සඳහන් කළ රෝග තත්ත්වයන් සමනය වේවි.

 හෙම්බිරිස්සාවටත්, සෙමටත් හොඳයි

ඇතැම් අවස්ථාවල වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන් හෝ දේශගුණය වෙනස්වීම හේතුවෙන් සෙම තත්ත්වයත් සමඟ තද සෙම්ප්‍රතිශ්‍යා හටගැනීමේ අවදානමක් පවතිනවා. එවිට උගුර වේදනාව, නාසය බරවීම, සොටු දියර ගැලීම නිසා ඔබේ කායික සුවයට මෙන්ම මානසික සුවයටත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. 

ඔබට දවස අසහනකාරී ලෙස ගතකරන්නට එමඟින් සිදුවෙනවා. එවන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකදී ඇඹුල් කාමරංගා ආහාරයට ගන්නවා නම් ශරීරයේ රැඳී පවතින සෙම විශාල වශයෙන් බැහැර වෙනවා.
 
අර්ශස් නසන කාමරංගා
රුධිරය වහනය වන අර්ශස් රෝගය නිසා අද බහුතරයක් පිරිස දැඩි පීඩාවකටත් මානසික ව්‍යාධියටත් පත්ව සිටිනවා. ඉදුණු හෝ අමු කාමරංගා ගෙඩියක් අරගෙන සියුම්ව ගලේ අඹරා ඒ මිශ්‍රණය රුධිරය වහනය වන අර්ශස් ගෙඩිවල ආලේප කරන්න. දින කිහිපයක් මේ ප්‍රතිකාරය කළොත් ඔබට අර්ශස් රෝගය නිශ්චිතවම සුව කර ගන්නත් පුළුවන්.

මලකඩ විස නසන කාමරංගා ප්‍රලේහය
අවි ආයුධවලින් රැකීරක්ෂා කරන අයගේ අත් පා කැපීම් තුවාලවලට ලක්වෙනවා. කැපීම් තුවාල සිදුවූ අවස්ථාවේ අයිස් වතුර ස්වල්පයක් දමා රුධිරය පිටවීම වැළැක්වූවාම රෙදි කඩකින් ආවරණය කළාම සියල්ල නිම වෙන්නේ නෑ. මොකද මල බැඳුණු ආයුධවලින් කුඩා තුවාලයක් සිදු වුවත් එය පිටගැස්ම රෝගය දක්වා ඔඩු දුවන්න පුළුවන්. මල බැඳුණු ආයුධකියන් සිදුවුණු එවන් කැපීමකදී මලකඩ විස නැති කර තුවාලය ඉක්මනින් සුව කරන්න ඔෟෂධයක් කාමරංගාවලින් සාදාගන්න පුළුවන්. එහි නම තමයි කාමරංගා ලවණ ප්‍රලේහය. එය සාදන්නේ මෙහෙමයි. ඉදුණු කාමරංගා ගෙඩියක් අරගෙන වෙන් නොවෙන්න හරි මැදින් අඩක් දෙකට පලන්න. ඉන් පසු ඒ පැල්මට ලුණු කැට ස්වල්පයක් දමා කෙසෙල් කොළයක කාමරංගා ගෙඩිය ඔතා උණු අළු පල්ලේ එය තම්බා ගන්න. කෙසෙල් කොළය දැවී යන පදනමට තැම්බුණු කාමරංගා ගෙඩිය තෙත් ගතියෙන් මිදී වියළි දර කැබැල්ලක් වැනි පදනම එනවා. ඉන් පසු එය අඹරා හොඳින් කුඩුකර නිවුණු පසු යකඩ ආයුධයෙන් තුවාලය සිදුවුණු ස්ථානයේ ආලේප කරන්න. අඹරා ගත් එම චූර්ණය සුළං නොවදින ඇසුරුමකට දමා තබා දින කිහිපයක් එසේ ආලේප කරන්න. මලකඩ විස විනාශ කොට එමඟින් තුවාලයත් ඉක්මනින් සුව කරගන්න ඔබට පුළුවන්.

මානසික රෝග නසන්නත් කාමරංගාවලට පුළුවන්
කාමරංගා ඔෟෂධය මඟින් පක්ෂාගාත රෝගය සුව කරන්නත් මානසික ආකූලතා දුරු කරන්නත් පුළුවන් බව පර්යේෂණ මට්ටමෙන් තහවුරු කරගත් දෙයක්. ඒ අනුව ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් අරගෙන අඩක් වන පරිදි මැදින් පලා ඒ හිඩැසට ලුණු ස්වල්පය බැගින් දමා අව්වේ වියළා ගන්න. ඉන්පසු අව්වේ අඩක් තම්බා ගත් කාමරංගා අව පැහැ ගැන්වෙන පදමට ආ පසුව එය වීදුරු බෝතලයකට දමා සතියක් පමණ නිසොල්මනේ තබන්න. ඉන්පසු එය ලුණු දෙහි මෙන් රසවත් පදමට ආ පසු බත් හෝ වෙනත් ආහාර සමඟ ඔබට දෛනික අතුරු ආහාරයක් ලෙස එය ආහාරයට ගන්න පුළුවන්. මනස නිරවුල් කිරීමේ විශේෂ ගුණයක් වගේම පක්ෂාගාත වැනි රෝග සුව කිරීමටත් හැකි ඔෟෂධීය රසායනික ගුණයක් කාරමංගා සතුව පවතිනවා. එබැවින් ඉහත සඳහන් කළ රෝග සඳහා මෙන්ම සාමාන්‍ය අය සඳහාත් ඒ ඔෟෂධීය අතුරු ආහාරය සුදුසුයි.

ආහාර රුචිය වැඩි කරන්න
බොහෝ දෙනකුට දිනපතා කාර්යබහුල ජීවිතයේ ආහාර පමා වී ගැනීම නිසා කලක් ගතවන විට බඩගින්න දැනෙන්නෙ නෑ. කෑම අරුචිය නිසා පීඩාවට පත්ව සිටින අයට කෑම රුචිය වැඩි කරන්නත් උෂ්ණ අධික කාලවලදී ශරීර දාහය නිවාලන්නත් සුදුසු ඔෟෂධීය රසවත් පලතුරු පානයක් කාමරංගා වලින් සාදාගන්න පුළුවන්.
ප්‍රථමයෙන් කළ යුත්තේ හොඳින් ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් අරගෙන හොඳින් පිරිසුදු කර කුඩා කැබලිවලට කපාගෙන බ්ලෙන්ඩර් කරගෙන එහි යුෂ මිරිකා වීදුරුවකට දමා ගන්න. එයට අවශ්‍ය ප්‍රමාණයට වතුර ස්වල්පයක් මිශ්‍ර කර සීනි ස්වල්පයක් එක් කර (දියවැඩියා රෝගීන්ට සීනි නුසුදුසුය.) ලුණු සහ දෙහි ස්වල්පය බැගින් එයට මිශ්‍ර කර හොඳින් කලවම් කරන්න. ශීතකරණයට දමා හෝ සාමාන්‍ය ලෙස එසේ සාදාගත් ඔෟෂධීය පලතුරු බීම පානය ඔබට රසවිඳිය හැකිය. එමඟින් කෑම රුචිය වැඩිකරනවා සේම ශරීර දාහයද දුරු කර හරියි.

බෙහෙත් බඩු කඩෙන් ගන්න පුළුවන් ඔසු
කාමරංගා ඔෟෂධයද ඇතුළත් විවධ ඔසු වර්ග ඔබට දේශීය ඔෟෂධ ශාලාවලින් ලබා ගන්න පුළුවන්. ඉහත සඳහන් කළ සියලු රෝග සඳහා වුවත් එකී ඔෟෂධ නියමිත මාත්‍රාවට ඔබට ලබාගන්න පුළුවන්. ඒ අතර වාත රාක්ෂ්‍ය තෛල, සත්තවාදී තෛල ර්ණීර්ථීච් මට්ටමෙන් තිබෙන කාරමංගා ඔසු සම්පාදිත ඔෟෂධ අතරින් කිහිපයක්. 
 නාසය බරවීම, සොටු දියර ගැලීම නිසා ඔබේ කායික සුවයට මෙන්ම මානසික සුවයටත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්.

ඔබට දවස අසහනකාරී ලෙස ගතකරන්නට එමඟින් සිදුවෙනවා. එවන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකදී ඇඹුල් කාමරංගා ආහාරයට ගන්නවා නම් ශරීරයේ රැඳී පවතින සෙම විශාල වශයෙන් බැහැර වෙනවා.

මෙය මව්බිම පුවත් පත් වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදි

Saturday, September 6, 2014

සුප්‍රකට පරිසරවේදියා වූ සියටැල් හා ප්‍රකාශය


අප ජීවත්වන පෘථුවිය කවරාකාරයකින් බිහි වුවද එහි අයිතිය මෙලොව වසන සියල්ලන්ම සතුය. හරිතවර්ණ ගහකොළට, ගලා බසින ගංගාවට, ඇළට, දොළට, ඉරට, හඳට, සුළඟට,  තනි අයිතිය කීමට කිසිවෙකුටත් නොහැකිය. ධනට හා බලයට ආශා කරන්නා  වූ මිනිසා මේ සියල්ලටම උරුමකම් කීමට පොරබදිති. එය මෙම පරිසරය දිනෙන් දිනම විනාශයට ලක් කරති. පරිසරය උරණ වූ දා ඔවුන්ට එයින් ගැලවුමක් නැත්තේය. අපේ මුතුන් මිත්තන් එදා පරිසරය හා සහජීවනයෙන් ජීවත් වූහ. අපිට අවශ්‍ය පානීය ජලය  අද  අපි මුදල් ගෙවා බෝතල් ලෙස මිළ දී ගනිමු. එදා එවැනි තත්වයක් නොවූයේ පරිසරයට දේවත්වයෙන් සලකමින් එය ආරක්ෂා කළ නිසාය. එවැනි වූ සමාජ දියුණු යැයි කියා ගන්නා සමාජ විසින් ගෝත්‍රිකයන් සේ සලකනු ඇත.

පරිසරය රකින තාක් පරිසරය අපව රකින බව දත යුතුය. පරිසරය විනාශ වූ කළ එය අපගේද විනාශය බව දත යුතුය.

වර්ථමාන දියුණු තාක්ෂණික සමාජය පරිසරය ගැන සිතන්නට මත්තෙන් එය ආක්ෂා කරමින් ඒ පිළිබඳ ලෝ ප‍්‍රකට අදහසක් ප‍්‍රකාශ කළ තැනැත්තෙකි සියටැල්. මීට වසර බොහෝ ගණනකට පෙර ඔහු කළ ප‍්‍රකාශය සුදු ජාතිකයන් මවිතයට පත්කරන්නට සමහත් විය.

සියටැල් හදුනා ගනිමු

සියටැල් යනු රතු ඉන්දියානුවෙකි. ඔහු රතු ඉන්දියානු නායකයායි. ඔහු උපත ලැබුවේ 1788 වසරේ දී පුගටි සවුන්ඞ් නම් ප‍්‍රදේශය අසල පිහිටි දූපතක් වන බේන් බි‍්‍රජ් දිවයිනේ දීය. ඔහුගේ පියා ස්ක්වේම් ස්කුමාටිල් නම් ගෝත‍්‍ර නායකයායි. මව ස්කොලටියා දුවාමිෂ් නම් කාන්තාවයි. ඇය ද ගෝති‍්‍රක නායකයෙකුගේ දියණියකි. සියැටල්ගේ නියම නම වූයේ ”සීත්ල්”ය. එය ඉංගී‍්‍රසි ඌරුවට හැසිරවීමේදී සියටැල් නම් විය. එනිසා ඔහු ප‍්‍රසිද්ධ වූයේ එනමිනි. සියැටල් තරුණ කාලයේ පටන් සැලකූයේ යුද විරුවෙකු ලෙසිනි. එනිසා ලාබාල වියේදීම ගෝත‍්‍ර හයක නායකත්වය ද උරුම කර ගත්තේය. සියටැල් ජනප්‍රියත්වයට පත්වන්නේ ඔහුගේ මරණයෙන් පසුවය. ජනාධිපතිවරයා එවූ හසුනට පිළිතුරු ලෙස සියටැල් ප‍්‍රකාශයක් නිකුත් කළේය. එම දේශනයේ සටහන් ලබා ගන්නා ලද්දේ සුදු ජාතික ලේඛකයෙකු විසිනි. ඔහු හෙන්රි ස්මිත් නම් විය. ඔහු විසින් සියටැල් කළ දේශනය එළිදැක්වූයේ වසර 30කට පසුවය. ඒ වන විට සියටැල් මියගොස් වසර 16ක් පමණ ගත විය. ඔහු ජීවත් වූ කාලය තුළ නොලද ජනපි‍්‍රයත්වයක් එම ප‍්‍රකාශය එළිදැක්වීමෙන් පසුව හිමි වන්නට විය. ම්ලේච්ඡ යැයි සලකනු ලැබුණ පුද්ගලයෙකුගේ මුවින් පිටවුණු එම වදන් ලෝකයක් මවිත කළේය.

රතු ඉන්දියානුවන් යනු ඇමරිකාවේ මුල් පදිංචිකරුවන්ය නැතහොත් අපේ වැදි ජනතාව වැනි ආදි වාසීන්ය. ඔවුන් ගෝති‍්‍රක ජන කොටසක් වශයෙන් හදුන්වනු ලබයි. පරිසරය හා බද්ධ වෙමින් පරිසරයට ආදරය කරමින් ඔවුහු ජීවත් වූහ. ඔවුනට ආවේණික වූ ජීවන රටාවක් ද බසක් ද  විය.  ඇමරිකාවේ රතු ඉන්දියානුවන්ට අමතරව වෙනත් ගෝති‍්‍රකයෝ ද වාසය කළහ. ඔවුහු ලෝහ ගැන යම් තරමකට දැනගෙන සිටි නමුත් දියුණු තාක්ෂණික ඥානයක් තිබී නැත. අවි ආයුධ හා ආම්පන්න බොහෝමයක් තනා ගෙන ඇත්තේ ගලින් සහ දැවයෙනි. ඔවුන් ආහාර ලෙස ළතුරු හා අල වර්ග වලට අමතරව මසුන් හා සතුන්ගේ මාංශ පරිභෝජනය කර ඇත. තවත් සමහරු ගොවිතැන් කටයුතු  කළ අතර  දියෙහි යාත්‍රා කිරීම සදහා ලීවලින් සාදන ලද කුඩා ඔරු භාවිත කළහ.

රතු ඉන්දියානු දේශය ආක‍්‍රමණයට ලක්වීම

16 වැනි සියවසේ දී යුරෝපීය ජාතිකයන් පළමු වරට ඇමරිකාවට ගොඩබැස්සේය. ඇමරිකාවට සේන්දු වී එහි පදිංචි වූ යුරෝපීයයන් ක‍්‍රමයෙන් ගෝති‍්‍රක වාසභූමි පවා ඔවුන්ගේ ග‍්‍රහණයට නතු කර ගත්හ. එබැවින් සුදු ජාතිකයන් හා ගෝති‍්‍රකයන් අතර ගැටුම් හට ගත්තේය. භූමියේ බලය බෙදා ගැනීමේ අරමුණින් දරුණු සටන් ඇති වූවේය. එය කොතෙක් උත්සන්න වූවේද කිවහොත් 1830 දී පමණ ඇමරිකානු ආණ්ඩුව ඉන්දියානුවන් ඔවුන්ගේ මව් බිමෙන් පිටුවහල් කිරීම සඳහා පනතක් ද සම්මත කළේය. ඒ අනුව රතු ඉන්දියානුවන්ට පාරම්පරික වාසභූමිවලින් ඉවත් වී රක්ෂිත ප‍්‍රදේශවලට යාමට නියම විය. කඳුළේ චාරිකාව නම් වූ එම ගමනේ දී බොහෝ පිරිසකට මරු වැළඳ ගැනීමට සිදුවිය.

යුරෝපීය ජාතිකයෝ සංක‍්‍රමණය වන විට සරම්ප, වසූරිය වැනි බෝවන වසංගත රෝග විසබීජ ද ගෙන ආහ. මෙවැනි වසංගත රෝග පිළිබඳව නොදැන සිටි නිසා ඒවාට ඔරොත්තු දීමට තරම් ශක්තියක් ඔවුන්ට නොවුණි. එනිසා රෝගවලට ගොදුරු වීමෙන් බොහෝ පිරිසක් මරු වැළඳ ගත්හ.


යුද්ධය නිසා ද රතු ඉන්දියානුවෝ තවත් බොහෝ පිරිසක් මරු වැළඳ ගත්හ. සුදු ජාතිකයන් සතු වූ අවි ආයුධ සමග සටන් කිරීමේ හැකියාවක් රතු ඉන්දියානුවන්ට නොවිණි. ඒ ඔවුන් සතුව සාම්ප‍්‍රදායික අවි ආයුධ විනා නවීන අවිආයුධ නොතිබූ නිසාය. මෙම යුද අරගලවලින් නිරායුධ කාන්තාවෝ ද දරුවෝ ද බොහෝ පිරිසක් මරණයට පත් වූහ.

යුරෝපීය ජාතිකයෝ සියටැල් හා මිත්‍රකමක් දක්වා ඇත. ඔවුහු මේ ගෝති‍්‍රක නායකයාට බොහෝ සේ ගරු කළහ. ඔහුගේ මැදිහත්වීම නිසා දෙපිරිසේම බොහෝ ජීවිත ආරක්ෂා වූවේය. එහෙත් තම පාරම්පරික සංස්කෘතිය හා ජීවන රටාව වෙනස් වන ආකාරය වැළලී යන ආකාරය ශෝකයෙන් මුත් ඔහුට බලා සිටින්නට සිදුවිය. අපේ කතා නායකයා වන සියටැල්  අවුරුදු 78ක් ආයු වළඳා  1866දී පුගට් සවුන්ඞ් හිදී මිය ගියේය. ඔහුට ගෞරව කරනු වස් සුදු ජාතිකයෝ පුගට් සවුන්ට් ප‍්‍රදේශයේ පිහිටි ජනපදය සියටැල් නමින් නම් කළේය. එම ප‍්‍රදේශය අද ද හැඳින්වෙන්නේ සියටැල් නමිනි.


සියටැල්ගේ රමණීය කාව්‍ය

1890 පමණ වන විට සුදු ජාතිකයෝ රතු ඉන්දියානුවන් පරාජය කොට ජය ගත්හ. ඔවුන්ට වෙන් කළ වාසභූමි වෙත පිටුවහල් කෙරුණහ. ඒ අනුව දෙපාර්ශවය අතර පැවති යුද අරගල නිමාවට පත් වන විට ඇමරිකානුවෝ බොහෝ ප‍්‍රදේශවල බලය තහවුරු කර අවසන් විය. නමුත් එයින් ද සෑහීමකට පත් නොවූ එවකට ඇමරිකානු ජනාධිපතිවරයා වූ ෆ්රැන්ක්ලින් පියර්ස් රතු ඉන්දියානු නායකයාට ලිපියක් යැව්වේය. ඒ රතු ඉන්දියානුවන් සතුව ඇති භූමියෙන් ඉඩම් අක්කර මිලියන දෙකක් ලබා දෙන ලෙසිනි. එකී ලිපියට ප‍්‍රතිචාර ලෙස සියැටල් නිකුත් කළ ප‍්‍රකාශයක සැලකෙන්නේ ඓතිහාසික දේශනයක් ලෙසිනි. එය ඒ තරමටම විශිෂ්ටය ප්‍රකාශයක් විය. ගෝති‍්‍රක නායකයෙකු වුවද ඔහු තුළ ඇති උත්කෘෂ්ටභාවය ඉන් මනාව පිළිබිඹු වේ.

සියටැල්ගේ ඓතිහාසික ප්‍රකාශය ප්‍රසිද්ධියට පත්වීමත් සමගම 1952 වන විට රතු ඉන්දියානුවන්ට එතෙක් පනවා තිබූ සීමාවන් අහෝසි කරන ලදී. එසේම ඔවුන්ට රටේ තමන් කැමති පෙදෙසක ජීවත්වීමේ අවසරය ද ලැබිණ.

සියටැල්ගේ සුප්‍රකට ප‍්‍රකාශය

වොෂින්ටන් නගරයේ සිටින බලවත්ම නායකතුමා අපේ භූමිය මිලදී ගැනීමට කැමති බව අපට දන්වා එවා ඇත. එමෙන්ම එතුමා අපේ මිත‍්‍රත්වය හා හොඳ හිත ද ප‍්‍රාර්ථනා කරයි. අපේ මිත‍්‍රත්වයෙන් ඔහුට එතරම් ප‍්‍රයෝජනයක් නැතත් එතුමාගේ කාරුණිකභාවය පිළිබඳව අපි එතුමන්ට කෘතඥ වෙමු. එතුමන්ගේ ඉල්ලීම පිළිබඳව ද අපි සලකා බලන්නෙමු.

ඔබ මේ අහස් තලය, පොළොවෙන් නගින උණුසුම් මිලදී ගන්නේ කෙසේද? මේ අදහස අපට නම් විකාරයකි. සුළෙඟ් නැවුම් බව ජලයේ දිදුලන කාන්තිය අපට අයිති නොවේ නම් ඔබ ඒවා මිලදී ගන්නේ කෙලෙසද?

මේ පොළොවේ සෑම බිම් අඟලක්ම මගේ මිනිසුන්ට පූජනීයය. දේවදාර ගසක දිලිසෙන සෑම කිනිත්තක්ම වැලි කඳුවලින් පිරි සෑම වෙරළක්ම අඳුරු වන ගැබ තුළ වන සෑම මීදුම් වළාවක්ම, සෑම එළිමහනක්ම, ගී ගයන සෑම කුඩා ප‍්‍රාණියෙක්ම මගේ මිනිසුන්ට නම් පූජනීය මතකයෝ සහ අත්දැකීම් වෙති. තුරුලතා අතරින් දිවෙන සෑම මංපෙතක්ම රතු ඉන්දියානුවන් පිළිබඳව මතකයන් රැගෙන යයි.

එබැවින් වොෂින්ටනයේ මහා නායකයා අපේ ඉඩම් මිලදී ගැනීමට කැමති බැව් දන්වා එවීමෙන් හෙතෙම අපෙන් නොදිය හැකි දෙයක්ම බලාපොරොත්තු වෙයි. මන්දයත් මේ පොළව අපට පූජනීය වන හෙයිනි. මේ ගංගා දිගේ ගලා බසින්නේ හුදු ජලයම නොව අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. පොකුණු දිය කඳ මත පතිත වන සෑම අඳුරු ඡුායාවක්ම මගේ වර්ගයේම ජීවන අත්දැකීම් හා අනුස්මරණ බැව් ඔබේ දරුවන්ට කියා දෙනු මැනවි. මේ ජලය නගන මිමිනුම මගේ මුතුන් මිත්තන්ගේ කටහඬයි.

ගංගාවෝ අපේ සොහොයුරෝය. ඔවුහු අපේ පිපාසය සංසිඳවති. අපේ ඔරු පාරු ගෙන යති. අපේ දරුවන් පෝෂණය කරති. අප මේ භූමිය ඔබට විකිණුවහොත් වෙනත් ඕනෑම සහෝදරයෙකුට දක්වන කරුණාව ගංගාවලට ද දක්වනු මැනවි.

අපගේ පියවරුන්ගේ භෂ්මාවශේෂ අපට පූජනීය වන්නේය. ඔවුන්ගේ සොහොන් බිම් අපට පූජනීය වන්නේය. එහෙත් සුදු මිනිසුන් වන ඔබට නම් එක් භූමියක් තවත් භූමියකට වඩා වෙනස් නොවේ. ඔබේ මිනිස්සු මේ භූමිය කොල්ලකා පලා යති. භූමිය ඔවුනට මිතුරෙකු නොව සතුරෙකි. එක් බිමක් අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන් තවත් බිම් සොයා ඉදිරියට ඇදෙති. කිසිදු හැඟීමකින් තොරව තම පියවරුන්ගේ සුසාන පසු කර යති. තම දරුවන්ගේ අනාගත භූමිය මංකොල්ල කති. මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ හිස් කාන්තාරයක් පමණකි.

සුදු මිනිසාගේ නගරවල දර්ශනය රතු මිනිසාගේ නෙත්වලට වේදනාව ගෙන එයි. සුදු මිනිසාගේ නගරවල නිසංසල තැනක් සොයා ගත නොහැකිය. වසන්ත සමයෙහි තුරු ලතාවල ළපලූ විකසිත වන හඬ හෝ කුඩා කෘමි සතුන්ගේ පියාත්වල සිලිසිලිය ඔබේ නගරවලදී ඇසෙන්නේ නැත. එහි ඇත්තේ ඝෝෂාව පමණි. එය දෙසවනට මහත්ම හිරිහැරයකි.

ඇතැම් විට මා වැනි ම්ලේඡයෙකුට මේ දේවල් වටහා ගන්නට අසීරු විය හැකිය. එහෙත් හුදෙකලාවේ උලමා ගයන ගීතය හෝ රාති‍්‍රයේ පොකුණක් අසල මැඩියන්ගේ තර්ක විතර්ක නොඅසන ජීවිතයේ හරයක් වේද?
සත්තු, තුරුලිය හා මිනිස්සු යන අපි සියල්ලෝම එකම ප‍්‍රාණ වායුව හවුලේ බෙදා ගන්නෙමු. සුදු මිනිසුන් වන ඔබ තමන් ආශ්වාස කරන වාතය ගැනවත් නොදනිති. අපේ භූමිය ඔබට විකිණුවහොත් මේ සුළඟ අපට බෙහෙවින් අගනා දෙයක් වූ බව සිහි තබා ගත මැනවි. ඔබ එය ශුද්ධ වස්තුවක් ලෙස ආරක්ෂා කළ යුතුය.

ප්‍රෙයරි තණ බිම හරහා ගමන් කරන දුම්රියක සිට විනෝදයට මෙය තබා මරා දමන ලද කුණු වී යන දහස් ගණන් කුළු හරකුන්ගේ මළ සිරුරු මම දුටුවෙමි. කුළු හරකාට වඩා දුම්රිය වැදගත් වන්නේ කෙසේදැයි මට නම් වැටහෙන්නේ නැත. ඒ සමහර විට මා වනචාරී ම්ලේච්ඡයෙකු නිසා වීමට පුළුවන.
තිරිසන් සතුන් නොමැති ලොවක මිනිසා හුදෙකලාව ජීවත් වන්නේ කෙසේද? එසේ වුවහොත් ඒ හුදකලා බවින් ඔහුද විනාශ වී යනු ඇති. ඒ මන්ද යත් ඒ තිිරිසනුන්ට සිදුවන දෙය ඉක්මනින්ම මිනිසාටද සිදුවන නිසාය.

ඔබේ දරුවන් දෙපයින් නැගී සිටින විට මේ බිම අපේ මුතුන් මිත්තන්ගේ භෂ්මාවශේෂයෙන් පෝෂණය වී ඇති බව ඔවුනට වටහා දෙනු මැනවි. භූමිය අපගේ මාතාවයි. භූමියට සිදුවන සෑම හොඳක් හෝ නරකක්ම එහි දරුවන්ට ද උරුම වන්නේය. ඔබ භූමියට කෙළ ගසන්නේද ඔබ තමාටම කෙළ ගසා ගනී.

මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත්ය. ඥාතීන් සියලූ දෙනා එකම බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලූ දෑ එකිනෙක හා බැඳී තිබෙන බව අපි දනිමු. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වරපටක් පමණකි. මේ ජීවන ජාලයට හෙතෙම යම් බලපෑමක් සිදු කරයි ද හෙතෙම එය තමන්ටම සිදු කර ගත්තා වේ. එහෙත් ඔබ අප වෙනුවෙන් වෙන් කොට ඇති වාසභූමි වෙත යාම පිළිබඳව අපි සලකා බලන්නෙමු. එවිට අප එකිනෙකාගෙන් වෙන්ව එහෙත් සාමයෙන් ජීවත් වනු ඇත.

අපි එක් දෙයක් දන්නෙමු. එනම් යම් කිසි දවසක සුදු මිනිසා අපේ දෙවියන් ඔබේ දෙවියන්ද වන බව වටහා ගනු ඇත. අපේ ඉඩම් අයිතිකර ගැනීමට සිතන්නාක් මෙන් දෙවියන් ද අයත් කර ගැනීමට ඔබට සිතෙනු ඇත. නමුත් ඔබට එසේ කිරීමට නොහැකි වනු ඇත.එතුමන් මුළු මහත් මිනිස් වර්ගයාගේම දෙවියාය. උන්වහන්සේගේ දයාව සුදු මිනිසාට මෙන්ම රතු මිනිසාට ද එක හා සමානය. මේ පොළෝ තලය ඔහුට අනර්ඝ වස්තුවක් වෙයි. ඊට හානි කිරීම එහි නිර්මාපකයාට නිගරු කිරීමක් වේ. දිගින් දිගටම ඔබේ යහන අපවිත‍්‍ර කිරීමෙන් යම් රාති‍්‍රයක ඔබම නිපදවූ අපද්‍රව්‍ය ඔබේම හුස්ම හිර කරවනු ඇත.

එහෙත් විනාශය කරා යන ඔබ නිවෙන්නට පෙර දීප්තිමත්ව දැල්වෙන පහන් වැටියක් මෙන් උද්දීප්තිමත්ව බැබළෙනු ඇත. ඔබට මේ භූමියෙහි හා රතු ඉන්දියානුවන්ගේද ආධිපත්‍යය ලබා දුන්නා වූ දෙවියන්ගේ ශක්තිය ඊට හේතු වනු ඇත. සෑම කුළු හරකෙකුම මස් කරන ලද සෑම කැලෑ අශ්වයෙකුම හීලෑ කරන ලද පැහැබර කඳු ශිඛර කතා කරන කම්බිවලින් වැසී ගිය කල ඒ දෛවය අපට නම් අභූතයකි. වන ලැහැබ් කොහිද? නැති වී ගොස්ය. රාජාලියා කොහිද? නැති වී ගොස්ය. මේ සියල්ල කුමක්ද? ජීවිතයේ අවසානයයි. අපි ඔබේ ඉඩම් මිලදී ගැනීමේ යෝජනාව සලකා බලන්නෙමු.

අප ඊට එකඟ වුවහොත් ඔබ විසින් අපට දෙන්නට පොරොන්දු වී සිටින රක්ෂිත භූමියෙහි අපි ජීවත් වන්නෙමු. අන්තිම රතු මිනිසාත් පොළොවෙන් අතුරුදහන් වූ විට ඔහුගේ මතකය තණ බිම් මතින් පාවෙන වලාකුළක සෙවණැල්ලක් පමණක් වනු ඇත. මේ වෙරළ හා වනාන්තරය තවදුරටත් මගේ මිනිසුන් පිළිබඳ මතකය දරා සිටිනු ඇත. ඔවුන් මේ භූමියට ආදරය කළේ අලූත උපන් ළදරුවෙකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි. ඉතින් අප භූමිය ඔබට විකුණා දැමුවොත් අප එයට ආදරය කළ හැටියටම ඔබත් ඊට ආදරය කරන්න. දෙවියන් අප සියලූ දෙනාටම ආදරය කරන ලෙසටම ඊට ආදරය කරන්න. අපි එක් දෙයක් දනිමු. අපේ දෙවියනුත් ඔබේ දෙවියන්මය. පොළොව ඔහුට බෙහෙවින් අගී. සුදු මිනිසාට පවා පොදු ඉරණමෙන් ගැලවිය නොහැකිය. ඒ අරුතින් අපි සියලූ දෙනාම සහෝදරයෝ නොවෙමුද?

ඡායාරූපය සහ තොරතුරු අන්තර්ජාලය ආශ්‍රෙයන් ලබාගන්න ලදි.

Monday, September 1, 2014

ලොවින් වදවුණු පක්ෂියාට අයත් ලොව විශාලතම බිත්තරයෙන් කියන කතාව

මිනිසාගේ නොයෙකුත් ක්‍රියාකාරකම් මෙන්ම පරිසරයේ සිදුවන විශාල වෙනස්කම් හේතුවෙන් මිහිමත සිටින ජීවීන් කුම ක්‍රමයෙන් තුරන් වී යනු ඇත. අප දන්නා පරිදි දැනට වර්ෂ මිලියන ගණනකට ඉහතදී මිහිපිට වාසය කළ දැවැන්තයා වන ඩයිනෝසර් වර්ගයේ සතුන් මිහිපිටින් වද වී යන්නට ස්වභාදහමම මුල් වී ඇත. ඒ ආකාරයෙන්ම පෘථුවියේ සිදුවන මොන යම් හේතුවක් මත හෝ අදටත් අප අතර සිටින් ජීවීන් විටින් විට සම්පූර්ණයෙන්ම සමුගෙන යමින් පවතී. සමහර විට එම සමු ගැනීම අපට පාලනය කරීමේ හැකියාවක් තිබෙන්නටද හැකිය. අද අපි කතා කරන්නට යන්නේ මිහිපිට ජීවත්ව දැනට වදවී ගොස් ඇති නමුත් මේ දින වල කතා බහට ලක්වන පක්ෂියකුට අයත් බිත්තරයක් සම්බන්ධයෙනි.


අද කතාබහට ලක්වන මෙම එලිෆන් බර්ඩ් බිත්තරය (Elephant bird egg)  හමු වී ඇත්තේ මැදගස්කරයෙනි. මෙම බිත්තරය සාමාන්‍ය කිකිළි බිත්තරය මෙන් 100 ගුණයක් පමණ විශාලත්වයෙන් යුක්ත බව සදහන් වේ. මෙය ලොව නිරුපද්‍රිතව ඇති විශාලතම බිත්තරය ලෙස සැලකෙන අතර ඩයිනෝසරයකු දමන ලද බිත්තරයකටත් වඩා විශාල බව  සදහන් වේ. මෙය සෙන්ට‍ෙමීටර් 30ක උසකින් යුක්තවන අතර සෙන්ටිමීටර් 21ක විශ්කම්බයකින් යුක්ත බව සදහන් වේ. මෙම බිත්තරය දමන ලද පක්ෂියා එලිපන් බර්ඩ් නමින් හදුන්වන අතර අඩි 11ක් පමණ උසැති පැස්බෙරකු හා සමාන යැයි සැලකේ. මෙම පක්ෂියා 14  සහ 17 වන ශතවර්ෂය අතර කාලෙය්දී මිහිමතින් වදවී ගොස් ඇති බව විශ්වාස කෙරේ.



 මෙම බිත්තරය ලබන නොවැම්බර් මාසයේ බ්‍රිතාන්‍යෙය්දී පැවැත්වෙන වෙන්දේසියකට ඉදිරිපත් කෙරෙන බව සදහන් අතර පවුම් 30,000 වැඩි මුදලකට වෙන්දේසි කිරීමට සංවිධායකයෝ බලාපොරොත්තු වන බව සදහන් වේ.

යමක් පවතින තාක් වටිනාකම නොදැනුනද එය නැතිවී ගිය විට එහි වටිනාකම දැනේ. එසේනම් අපි අතර සිටින ජීවීනද කොතේක වටිනවාදැයි අපට සිතා ගන්නට බැරිය. එබැවින් අපිට හැකි අයුරින් අපි අතර ජීවත්වන ජීවීන් සුරැක අනාගත පරපුරට දැක ගන්නට භුක්ති විදින්නට අවස්ථාව සැලසීම අපගේ යුතුකම නොවන්නේද.
මෙම ඡයාරූප සහ කරුණු අන්තර්ජාලයෙන් ඇසුරින් ලබාගන්නා ලදි.

Saturday, August 30, 2014

පරිසරය පිළිබද ජාත්‍යන්තර දින


මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට සිදුවන හානි මගින් ජීවීන්ට පරිසරයෙන් බලපෑම් සිදුවීමත් සමග සමස්ථ ලෝකවාසීන් පරිසරය පිළිබදව උනන්දු වන්නට විය. ඒ අනුව පරිසරයේ එක් එක් අංග කෙරෙහි විශේෂ අවධානක් යොමු වී ඇත. ඒ අනුව පරිසරය සංරක්ෂණය කිරීමට විශේෂ අවධානය යොමු වන පරිදි ජාත්‍යන්තර මට්ටමින් එකගතාවන්ට පැමිණ ඒ සදහා සුවිශේෂී වූ දිනයන් වෙන් කරගෙන ඇත.
පරිසරය පිළිබදව උනන්දු වන හා ඒ පිළිබදව අධ්‍යයන කටයුතු වල නියැලෙන සියළු දෙනාගේ පහසුව  හා දැන ගැනීම පිණිස පරිසරය පිළිබද ජාත්‍යන්තර මෙන්ම අපට ජාතික වශයෙන් වැදගත් වන දින මෙම ලිපිය හරහා පහතින් ඔබට ගෙන එන්නෙමි.  මෙම එක් එක් දින යෙදෙන අවස්ථාවන්හිදී එම දින සම්බන්ධයෙන්, ඔබට වැඩිමනත් තොරතුරු ගෙන ඒමට අපේක්ෂා කරමි.

පරිසරය පිළිබද ජාත්‍යක්තර දින
පෙබරවාරි       02  -  ලෝක තෙබිම් දිනය
පෙබරවාරි       21 - අන්තර්ජාතික වනාන්තර දිනය 
මාර්තු              15  -  කඩොලාන දිනය
මාර්තු              22  -  ලෝක ජල දිනය           
මාර්තු              23  -  ලෝක කාලගුණ දිනය 
අප්‍රේල්            07  -  ලෝක සෞඛ්‍ය දිනය           
අප්‍රේල්            22   -  ලෝක මිහිතල දිනය
මැයි                22  -  ලෝක ජෛව විවිධත්ව දිනය
ජුනි                 05  -  ලෝක පරිසර දිනය
ජුනි                 
ජුනි                 17  -  ලෝක කාන්තාරකරණය පිටුදැකීමේ    දිනය
ජුලි                 11  -  ලෝක ජනගහන දිනය
අගෝස්තු        09 - ලෝක ආදිවාසීන්ගේ දිනය  
සැප්තැම්බර්    16  -  ජාත්‍යන්තර ඕසෝන් ස්ථරය සුරැකීමේ දිනය
සැප්තැම්බර්     27  -  ලෝක සංචාරක දිනය    
ඔක්තෝබර්   02  -  ලෝක ජනාවාස දිනය    
ඔක්තෝබර්   04   -  ලෝක සත්ව දිනය
ඔක්තෝබර් මස දෙවන බදාදා දිනය - ජාත්‍යන්තර ස්වභාවික ආපදා අවම කිරීමේ දිනය 
ඔක්තෝබර්      16   -  ආහාර දිනය     
ඔක්තෝබර්      20   -  ගොවි දිනය
නොවැම්බර්    15   -  ජාතික රුක්රෝපණ දිනය
දෙසැම්බර්       11   -   ජාත්‍යන්තර කඳුවැටි දිනය

Thursday, August 21, 2014

පොසිල ඉන්ධන භාවිතයට තිත, වික්ටෝරිය ජලාශයෙන් පමණක් රටටම ලයිට් දෙන්න පුළුවන්ලු


Rupasingha-mallawa
අද පෙරටත් වඩා ලෝකය විකල්ප බලශක්තිය  ගැන කතා කරනු ලබනවා. එය කරුණු දෙකක් පදනම් කරගෙන සිදු වෙනයවා. ඉන් එකක් වන්නේ ලෝකයේ දැනට පවතින පොසිල ඉන්ධන සංචිත ආසන්න අනාගතයේදී අවසන්වේය යන්නයි. ඉන් දෙවැන්න වන්නේ භූගතව පවතින පොසිල ඉන්ධන මතුපිටට ගෙනඒම තුළ සිදුවන විශාල පාරිසරික විපර්යාසයි. එය පරිසර දූෂණය තුළින් සමස්ථ ජීවීන්ට ශරීරිකව බලපෑම් සිදුකරනු ලබන අතරම ගෝලීය උෂ්ණත්වය ඉහල යාමටද බලපානු ලබයි. මෙවර ජුනි 05 වන දිනට යෙදුනු ලෝක පරිසර දිනයේ තේමාව කරගත්තේද පාරිසරික විපර්යාස වල බලපෑමෙන් දූපත් රාජ්‍යයන් රැකගනිමු යන්නයි. එවැනි වූ අවධියක ලෝකවාසීන්ට අසන්නට ලැබුන සුබම ආරංචිය නම් කෑගල්ලේ ගලිගමුවේ පදිංචි රූපසිංහ මල්ලව නම් අපූරු නිර්මාණකරුවා ලොවට දායාද කළ දියසෙන් බලශක්ති ක්‍රමයයි. ඒ පිළිබදව ලක්බිම පහත පරිදි වාර්තා කර තිබුනා.  

“ලයිට් බිලයි, වතුර බිලයි ගෙව්වාම පඩියෙන් බාගයක් ඉවරයි.” එසේ කියන මාස් පඩිකාරයන් කොතෙකුත් ඔබට හමුවී ඇතුවාට සැක නැත. එසේ නැතිනම් ඔබත් එසේ ලයිට් බිලට මාස් පඩිය පූජා කරන සේවකයකු වන්නට පුළුවන. රට්ටුන් එසේ ලයිට් බිල ගැන සංවේදී වන්නේ විදුලිය ඔවුන්ගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වන නිසාය.

මේ නිසා ආණ්ඩුව කොපමණ මිල වැඩි කළද බදු අය කළද රට්ටුන්ට දැන් සිද්ධ වී ඇත්තේ පඩියෙන් භාගයක් නොව මුළු පඩියම ගෙවා හෝ විදුලි බිල ගෙවා දැමීමටය.

කෙසේ නමුදු විදුලි බිල ගැන ළතවෙන රට්ටුන්ට ගිය සතියේ කෑගල්‍ලේ ගලිගමුවෙන් අසන්නට ලැබුණේ සුබ ආරංචියකි. ඒ ගෙවත්තේ තිබෙන ළිඳෙන් ජල විදුලිය නිපදවා ගන්නා පුවතකි. මේ අපූරු නිර්මාණකරුවා රූපසිංහ මල්ලව. ඔහු ගලිගමුවේ හරිගල පදිංචිකරුවෙකි. ඔහුට මේ අපූරු අදහස හිතට ආවේ තම ගෙවත්තේ ඇති ළිඳේ ජලය නිවසේ ඇති ජල ටැංකියට රැස්කරගෙන එම ජලය විවිධ කාර්යයන් සඳහා ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවේදීය. විදුලි බලය එසේ නිපදවා ගත හැකි බව ඔහු කල්පනා කළේය. මල්ලවට අනුව නම් ළිඳෙන් පමණක් නොව ඇළකින් දොළකින් නොව අඟලක තරම් වන කුඩා දිය පාරකින් වුවද කිලෝ වොට් දෙක තුනක විදුලියක් හෝ ඊට වැඩි විදුලි බලයක් අඩු වියදමකින් මෙයින් නිපදවා ගැනීමට හැකිය. ඔහු මෙසේ ජලයෙන් විදුලිය නිපදවා ගත්තේ ඔහු විසින් සොයා ගන්නා ලද විශේෂ යන්ත්‍රයකිනි. එම නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රයද ඔහු ලබාගෙන ඇත.
රූපසිංහ මල්ලවගේ ජල විදුලි බලාගාරය ගැන ලියනකොට අපට මතක් වන්නේ ලක්ෂපාන, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ වැනි මහා ජල විදුලි බලාගාරය. ඒ ලංකාවේ විදුලිබල නිෂ්පාදනයේ වැඩි බරක් තබා ඇත්තේ ජල විදුලියට බැවිනි.
කෙසේ නමුදු ලංකාවේ තවදුරටත් මහා පරිමාණ ජල විදුලි බලාගාර හදන්නට ඉඩක් නැති බැවින් බලශක්ති ක්‍ෂේත්‍රය දැන් වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඛනිජ තෙල්, ගල් අඟුරු දහනය කර විදුලිය නිපදවා ගැනීමටය. එනමුත් නොරොච්චෝ‍ලේ වැනි ගල් අඟුරු බලාගාර හැමදාමත් කොට උඩය. එසේ නැතිම් ලෝක වෙළෙඳ‍පොළේ ඉන්ධන මිල වැඩිවන විට අපේ විදුලි බිලට ද ඉන්ධන ගැළපුම් ගාස්තුව යනුවෙන් දඩ මුදලක් ගසන්නේය. කෙසේ හෝ අවසානයේදී තට්ටු වන්නේ රට්ටුන්ගේ ‍පොකැට්ටුවටය.
මේ පිළිබඳ අවධානය යොමු කළ එම්.පී. රූපසිංහ මල්ලව ද්‍රව තෙරපුම් විදුලි ජනකයක් නිර්මාණය කරන්නේ ලංකාවේ බලශක්ති අවශ්‍යතාව ජල බලයෙන්ම සපුරාගත හැකි බවට විශ්වාසය පළ කරමිනි.
සාමාන්‍යයෙන් ජලය මගින් විදුලිය ජනනය කිරීම්දී උස හා ජල ධාරාවේ ප්‍රමාණය සැලකිල්ලට ගනී. මෙගා වොට් එකක ජල විදුලියක් නිපදවා ගැනීම සඳහා අඩි 100ක් උසක සිට ඝන කියුබික් මීටර් 01ක ජල ධාරාවක් ලබාගත යුතුයි. මේ තත්ත්වය වෙනස් කර මධ්‍යම ප්‍රමාණයේ හා කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර ඉදිකර තිබුණත් ජලය අඩුවන විට ඒවා තාවකාලිකව වසා දැමීමට සිදුවේ. ඒ සියලු ජල විදුලි බලාගාර සඳහා ‘ජල පරිමාණය’ යන සාධකය මූලික වන බැවිනි.
රූපසිංහ මල්ලවගේ නිර්මාණයට පදනම වී ඇත්තේ ද්‍රව තෙරපුම් මූල ධර්මයකි. (Non Fuel Thrust Engin)ය. සාමාන්‍යයෙන් ලෝකයේ මෙවැනි සිද්ධාන්තයක් භාවිතා කරමින් පවතින්නේ ගුවන් යානා පියාසැරිය පණ ගැන්වීමට පමණි. එහෙත් මෙහි භාවිතා කර ඇත්තේ එවැනි තාක්ෂණයක් නොවේ. ජල මුලාශ්‍රයේ ප්‍රමාණය මත නොව යන්ත්‍රයේ ප්‍රමාණය මත බලශක්තියේ ප්‍රමාණය තීරණය කිරීමේ මූල ධර්මයක් මෙයට පදනම්ව ඇත. මෙහිදී අඟලක් පමණ කුඩා ජල ධාරාවකින් ද විශාල ජනන හැකියාවක් ඇති කළ හැකි බව තහවුරු කර ඇත. ජලය පමණක් නොව තෙල්, ග්‍රීස් වැනි අර්ධ ද්‍රවයක බර මගින් ලබා දෙන තෙරපුම යාන්ත්‍රික ශක්තියක් බවට පත්වන බවද මෙහිදී මල්ලව පෙන්වා දෙයි. දහනයක් නොවී පිස්ටන් දෙකක් ක්‍රියාත්මක වීම මෙහි වන විශේෂත්වයයි.
ද්‍රව තෙරපුමට යොදා ගන්නා ද්‍රව්‍යය නැවත නැවත චක්‍රීය ආකාරයෙන් භාවිතයට ගැනීමටද හැකියාව ඇත. එක්තරා ආකාරයකට මෙය ද්‍රව තෙරපුමක් නිසා බලගැන්වෙන පිස්ටන් දෙකේ එන්ජිමක්. එම එන්ජිමේ ශක්තියෙන් ටර්බයින ක්‍රියාත්මක වී විදුලිය ජනනය වේ.
දියසෙන් බලශක්ති ක්‍රමය (Diasen power system) නමින් හඳුන්වා ඇති මෙම නිර්මාණය පිළිබඳ තම හිතට අදහසක් ආ අවස්ථාව පිළිබඳ රූපසිංහ මල්ලව අප සමග ප්‍රකාශ කළේ මෙසේය.
මීට ටික කලකට පෙර කොළඹ පැවැති විදුල්කා ප්‍රදර්ශනයක් නැරඹීමට මට අවස්ථාව ලැබුණා. එහිදී මට දැකගන්නට ලැබුණේ විදේශීය නිර්මාණ අනුකරණයෙන් ලංකාවේ නව නිර්මාණ කරන්නට ගත් උත්සාහයන් පමණයි. මාත් සමග ඒ අවස්ථාවට සහභාගි වූ ඉන්දියානු මිතුරෙක් මට සමච්චල් කරමින් කීවා ‘රාවණාගේ කා‍ලේ ඉඳල ඔයාලා හොඳ නිර්මාණකරුවෝ කියල කියනවා. ඒත් කෝ දැන් ඒ හැකියාවන් කියලා.” මේ වන විටත් මගේ සිතේ මේ ද්‍රව තෙරපුම් පිළිබඳ අදහස් මතුවෙලයි තිබුණේ. මම උත්සහ කළා මේ නිර්මාණය කරන්න. වැරදුනා කිහිප සැරයක්. උත්සහ කළා. වසර තුනකට වැඩි කාලයක් මගේ ව්‍යාපාරික කටයුතු වලින් පවු‍ලේ කටයුතුවලින් ඈත් වෙලා විවිධ අත්හදා බැලීම් කළා. රාජ්‍ය තාක්ෂණ ආයතනවලින් මේ සඳහා උපදෙස් ගන්න ගියහම මට කිව්වා ජර්මනියෙන්, චීනයෙන් හෝ ඉන්දියාවෙන් මේ සම්බන්ධව උපදෙස් ගන්න කියලා. නමුත් මම දේශීය ඥානයත් තාක්ෂණයත් යොදවාගෙන විශාල මුදලක්ද වියදම් කරගෙන මේ නිර්මාණය කළා. ලෝකයේ කිසිම තැනක භාවිතා නොකළ මූල ධර්මයක් මත මෙම නිර්මාණය බිහිවී තිබෙන බව කිව යුතුයි.
මල්ලව තම නිවසේ ඉදිකර ඇති ද්‍රව තෙරපුම් විදුලි ජනකයේ ආකෘතිය මගින් කිලෝ වොට් දෙකක පමණ විදුලියක් නිෂ්පාදනය කරගනියි. එය නිවසේ ජල ටැංකියට සම්බන්ධ කර ඇත. මෙම ජල ටැංකිය සිලින්ඩරාකාර හැඩයක් සහිතව උඩ කොටස නිමවා ඇත. එහි පහළ කොටස නිමවා ඇත්තේ පුනීලාකාරවය. ඉන් නිකුත්වන ජලය වෑල්වයක ආධාරයෙන් දෙපසට බෙදී ගොස් විටින් විට පිස්ටන් දෙක මත පීඩනය යොදයි. ඉන් පිස්ටන් ක්‍රියාත්මක වේ. ඉන් නිකුත් කෙරෙන ජලය නිවසේ ජල අවශ්‍යතා සඳහා යොදා ගනී. මේ වන විට එම ජලය එක් රැස් කරගෙන යන්ත්‍රයෙන් නිපදවන විදුලියෙන්ම ක්‍රියාත්මක ජල මෝටරයකින් ජලය නැවත ටැංකිය වෙතම ‍පොම්ප කෙරේ.
රූපසිංහ මල්ලවගේ නිවසේ වතුර මෝටරය පමණක් නොව ශීතකරණය, රූපවාහිනිය මෙන්ම විදුලි බල්බද දැල්වෙන්නේ කිලෝ වොට් දෙකේ මේ විදුලි බලාගාරයෙන් නිපදවන විදුලියෙනි. ඔහු පවසන පරිදි ඔහුගේ බලාගාරයෙන් නිපදවන කිලෝ වොට් එකකින් වොට් සියයක බල්බ් දහයක් දැල්විය හැකිය.
එම කිලෝ වොට් දෙකක බලාගාරය ඉදිකිරීමට ඔහුට වැයවී ඇත්තේ ලක්ෂ හයක් පමණි. රූපසිංහ මල්ලව පවසන පරිදි එම මුදලම වැය කර අවශ්‍ය නම් කිලෝ වොට් විසිපහක බලාගාරයක්ද ඉදිකළ හැකිය. එවැනි බලාගාරයකින් නිවාස විස්සකට විදුලිය දිය හැකි බව හෙතෙම කීවේය.
ඔහු පවසන්නේ ළිඳෙන් ‍පොම්ප කර ගන්නා වතුර ටැංකියේ සිට ටැප් එකට ගලා යන විට නිපදවන විදුලියෙන් නිවසේ වැඩ කර ගන්නා බවය.
එසේම මේ ක්‍රමය උපයෝගි කරගෙන වික්ටෝරියා ජලාශයේ ඇති ජලයෙන් පමණක් මුළු රටටම විදුලිය දීමට තමන්ට හැකියාව ඇති බව, ඔහු පෙන්වා දේ.
නමුත් කනගාටුවට කරුණ නම් ජපානය, ඇමෙරිකාව ආදි රටවල නියෝජිතයින් මේ වන විටත් මල්ලව හමුවී මේ සම්බන්ධව අදහස් ලබාගෙන ඇතත් මෙරට කිසිදු බලධරයෙකු මතෛක් මේ නව තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ අවධානයක් යොමුකර නොමැති වීමය.
මෙම බලශක්ති ක්‍රමය දායාද කළ රූපසිංහ මල්ලව කිසිදා විද්‍යා අංශයෙන් අධ්‍යාපනයක් නොලද්දකි. ඔහු කිනිගම, හෙට්ටිමුල්ල බණ්ඩාරනායක හා ඉද්දමල්පාන විදුහල්වලින් අධ්‍යාපනය ලබා ඇත. කලා අංශයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලැබූ මල්ලව කෑගල්ල මහින්දෝදය පිරිවෙන් විහාරයෙන් ද ටික කලක් අධ්‍යාපනය ලබා ඇත.
අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පසු කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි පී.බි.ජී. කලුගල්ලගේ ‍ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ඔහු ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධව දියුණුවක් ලැබිය. මේ වන විට දියණියන් සිව් දෙනෙකුගේ පියෙකු වන මල්ලවගේ බිරිඳ වන්නේ චම්පිකා ප්‍රියංගනීය.
ලෝකයේ නව සොයා ගැනීම් කළවුන් දිරිමත් කළ රටවල් ඉතා වේගයෙන් දියුණු විය. අපේද විවිධ නිර්මාණකරුවන් බිහිවී ඔවුන් පිළිබඳ හඬ නෑසී යයි. කුමාරතුංග මුණිදාසයන් පැවසූ ආකාරයට ‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගි’ යන්න මෙන්ම ‘අලුත් අලුත් දෑ ගැන නොතකන ජාතියද ලොව නොනගී’ යන්න මෙහිදී ප්‍රකාශ කළ යුතුය.
වීඩියෝව මෙතනින්
බන්දුල ධර්මතිලක
උපුටා ගැනීම ලක්බිම

Wednesday, August 20, 2014

දිවයිනේ සුවඳ හමන මල් පැළ ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක ඇරඹුම


දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දකුණු පළාත පුරා අභිජනනය කරන ලද සුවද හමන දේශීය මල් පැළ ව්‍යාප්ත කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත්,
දකුණු පළාත් කෘෂිකර්මාන්ත හා සමූපකාර අමාත්‍ය යූ.ඞී.ජී ආරියතිලක මහතා පවසන්නේ බොහෝ විසිතුරු මල් පැළ පිටරටින් ගෙන්වන ලද ඒවා බැවින් දේශීය වශයෙන් පවත්නා සුවද හමන මල් පැළ වැඩිදියුණු කර නිපදවීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවත්,

 මෙම සුවද හමන මල්පැළ ගාල්ල, ලබුදුව කෘෂිකර්ම ගොවිපොළ හරහා නිපදවීම සිදුකරන බවත්, lankacnews වෙබ් අඩවිය වාර්තා කර ඇත.

Monday, August 11, 2014

ස්වසනය කරන ශාක පත‍්‍රයක් කෘත‍්‍රිමව නිපදවයි


ස්වභාවික ශාක පත‍්‍රයකට සමාන ආකාරයෙන් කාබන්ඩයොක්සයිඩ් යොදාගනිමින් ශ්වසනය  සිදුවන කෘත‍්‍රිම ශාක පත‍්‍රයක් ,  ලන්ඩන් නගරයේ උපාධි ශිෂ්‍යයෙකු විසින් නිපදවා ඇත.

මෙම නව සොයාගැනීම කලාව පිළිබඳ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයකු වන ජුලියන් මෙල්චියෝරි විසින්  සිදු කර ඇති අතර එය සේද පත‍්‍ර ව්‍යාපෘතිය ලෙස නම් කර ඇති බවට සදහන්ය.

ජුලියන් මෙල්චියෝරි පවසන ආකාරයට ස්වභාවික සේද ප්‍රෝටීන් වලින් නිමැවුණු තන්තුමය මාධ්‍යයකට ශාක පත‍්‍රවලින් වෙන්කරගත් හරිතප‍්‍රද එක්කරමින්  නිමවා  ඇති මෙම පත්‍රයද ස්වභාවික ශාක පත‍්‍රයක් ලෙස  හරිතප‍්‍රද යොදා ගනු ලබමින් ස්වසන කාර්යය සිදු කරනු ලබයි.

වෙනත් ග‍්‍රහලෝකයක ෙහා් අභ්‍යාවකාශෙය් ජනාවාස ඇති කිරීමට නම් අවශ්‍ය ඔක්සිජන් නිපදවීම සඳහා ශාක වගා කළ යුතුව පවතී. ඒ ෙස් වූවද එය සිදුකරන ආකාරයක් පිළබදව මෙතෙක් සොයාගෙන නැත.ස්වාභාවික ශාක පත‍්‍රයකට වඩා බරින් අඩු වන මෙය  විද්‍යාඥයින් පවසන්නේ අභ්‍යවකාශය තුළ පැවැත්ම සඳහා මෙය බෙහෙවින් උපයෝගී වනු ඇති බවයි.එවැනි තත්වයකදී අභ්‍යවකාශ ක‍්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ඔක්සිජන් මෙම සේද පත‍්‍ර මගින් පහසුවෙන් නිපදවාගත හැකිවනු ඇතැයි නිර්මාණකරුවා මෙන්ම තවත් බොහෝ දෙනෙකු විශ්වාසය පළ කර ඇතැයි වාර්තා වේ.
ඒ ෙස්ම විශාල ගොඩනැගිලි තුළ වායු පවිත‍්‍රකරණය සඳහාද මෙම නව ෙසායාගැනීමර භාවිතා කිරීමට ජුලියන් මැසිචියෝරි සූදානම් වන බවද පැවසේ.

 අද මහත් ගැටළුවක්ව පවතිනගෝලීය උෂ්ණත්වය ඉහලයාමට බලපානු ලබන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අධික ලෙස ඉහල යාම පාලනය කිරීම සදහා අනාගතයේදී මෙම සොයාගැනීම ඉවහල්වනු ඇත.කෙසේ වෙතත් මෙම පත්‍රය කාබන්ඩයොක් සයිඩ් යොදාගෙන ඔක්ෂිජන් නිපදවූවද ස්වාභාවික ශාකපත්‍රයක ප‍්‍රභාසංස්ලේෂණ කාර්යයේ අතුරු නිෂ්පාදනය වන ග්ලූකොස් නිෂ්පාදනය කරන්නේ නැත. එබැවින් පෘථුවිය තුළ මෙම නිර්මාණය යොදා ගැනීමේදී ප්‍රෙව්ශමෙන් යොදාගතයුතුව ඇත. මන්ද ජීවීන්ගේ පැවැත්ම තහවුරු වීමට ආහාරද වැදගත් වන බැවිනි.
අන්තර්ජාල තොරතුරු ඇසුරින් සකස් කරන ලද මෙම ලිපියකි. අදාල ලිපිය කියවීමට සහ වීඩියෝ දර්ශණ නැරඹීමට මෙතනින් යන්න.