වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා වෙරළ තීරයේ තෙල් තට්ටුවක් පවතින බැවින් එම මුහුදු තීරය පාවිච්චි කිරීමේදී සැළකිලිමත් වන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම ප්‍රදේශයේ මුහුදු ජලය කළු පැහැති තෙල් තට්ටුවක් නිසා අපවිත්‍ර වී ඇති අතර එම මුහුදු තීරයේ මෙන්ම මුහුදු ජලයේද කළු පැහැති තෙල් තට්ටුවක් දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් එම වෙරළ තීරයේ ව්‍යායාම්වල නිරතවීමට අද උදෑසන පැමිණි පිරිස්ද දැඩි දුෂ්කරතාවකට මුහුණ දී තිබුනා.
කෙසේ වෙතත් හදිසියේම මුහුදු ජලයට මෙලෙස තෙල් එක්වීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා කිහිපයක් මේ වනවිටත් අදාළ මුහුදු ප්‍රදේශවල පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ. එසේම කිසියම් නෞකාවක් මගින් අනවසරයෙන් ඉන්ධන මුදාහැර ඇති බවට සැක පළ කරන බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
උපුටා ගැනීම - http://nethgossip.lk
Monday, June 3, 2019
හෙළ වෙදකම මුළු ලොවටම කියාදෙන නිකවැරටිය කොට්ටයාවත්ත වෙද ඉසිවරයාණෝ
කෝට්ටයාවත්ත රාජකීය වෙදකම නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යන වෛද්‍ය විශාරද සඳුන් සරත් කෝට්ටයාවත්ත වෙද ඉසිවරයාණෝ පාරම්පරික කෝට්ටයාවත්ත වෙදකමෙහි දස්කම් විස්කම් ලොවට කියා දෙති.
රාවණා යුගය විසින් ශ්‍රී ලංකාවේ මනාව රෝපණය කළ පාරම්පරික හෙළවෙද පරපුර අතරින් අද ඉතිරිව ඇත්තේ ඉතාමත් අතළොස්සක් දෙනෙකි.
පාරම්පරික හෙළ වෙදකම පරපුරෙන් පරපුර විකාශනය වීමට අද සියලු කටයුතුවලදී රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යය. වර්තමානයේදී ගැමි ජනතාව වෙනත් වෙදකම් පිළිබඳ යොමුවීමත් හා ස්වභාවික සිදුවන පරිසරය විනාශ වීම නිසා බටහිර වෛද්‍ය ක්‍රමවලට අත්‍යාවශ්‍ය වන ඔසු වර්ග හිඟවීම විදේශ රටවලින් ආනයනය සඳහා විදේශ විනිමය විශාල වශයෙන් වැයවීම වැනි හේතු සාධක බලපා ඇති නිසා හෙළ වෙදකමින් මදක් දුරස් වී ඇත.
එහෙත් මෙහි පැමිණ ඇති බාධක අභිබවා වසර දෙදහසකටත් වැඩි අතීතයක් ඇති ඈතට දිස්වෙන වෙද පරපුරක් අදටත් අප රට වෙනුවෙන් ඉමහත් කැපවීමකින් මහඟු සේවාවක් සැපයීම ප්‍රශංසනීය පිනකි.
අනුරපුර යුගයේදී වැඩ විසූ මලියදේව මහරහතන් වහන්සේටත් වැළඳුණු බඩේ අජීර්ණයකට ඔසු කැඳක් සාදා දී සුවපත් කළ සුළුගුලුවෙද පරපුරෙන් ආරම්භ වූ මෙම වෙද පරපුර නිකවැරටිය කෝට්ටයාවත්ත රාජකීය වෙද පරපුරයි. එදා මහරහතන් වහන්සේට එම ඔසු කැඳ සාදාදුන් මෙම පරපුරෙහි වත්මන් වෙද පරපුර ඉදිරියට පැවතෙයි.
ගම් නියම් ගම් සිසාරා විහිදගියා වු ඉමහත් ප්‍රසිද්ධියක් සහිත කෝට්ටයාවත්ත රජ පරපුර ලොව පුරා ගෙන ගිය වෛද්‍ය චක්‍රවර්තී ඩබ්.එම්. රංබණ්ඩා වෙද ඉසිවරයාණන් මෙලොව හැර ගියද එම නාමය රැකගෙන කටයුතු කරන පුත්‍රයා වන ඩබ්.එම්. ජයතිලක වෙද ඉසිවරයාණන් විසින් කරගෙන යනු ලබන්නේද ඉමහත් සේවාවකි. මෙය පිය පුතු දෙපළගේම ආශිර්වාදයෙන් මෙම කෝට්ටයාවත්ත වෙදකම ගමෙන් නගරයටත් නගරයෙන් මුළු ලොවටම බෙදා හැරෙන තවත් වෙද ඉසිවරයෙක් එම පරපුරෙන් බිහිවී ඇත. එම ඉසිවරයාණන් වන්නේ වෛද්‍ය සඳුන් සරත් ඉසිවරයාණෝය.
කෝට්ටයාවත්ත රාජකීය වෙදකම නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යන වෛද්‍ය විශාරද සඳුන් සරත් කෝට්ටයාවත්ත වෙද ඉසිවරයාණෝ පාරම්පරික කෝට්ටයාවත්ත වෙදකමෙහි දස්කම් විස්කම් ලොවට කියා දෙති. හෙළ වෙද අසපුවේ හා මහාචාර්ය නලින්ද සිල්වා මහතා වැනි වියතුන් හා එක්ව විවිධ පර්යේෂණ කරමින් නාගරික ජනතාවට මහත් සේවයක් සපයන 'වෛද්‍ය සඳුන් සරත්' කෝට්ටයාවත්ත ඉසිවරයාණන් හෙළ වෙදකමෙහි එදා මෙදා තුර පිළිබඳ ප්‍රකාශ කළේ මහත් අභිමානයකින් යුතුවය.
හෙළ වෙදකම පිළිබඳ පැහැදිලි කරන වෛද්‍ය සඳුන් සරත් මහතා,
මා හෙළ වෙදකම ආරම්භ කළ වසර 5 කාලය තුළ 12000කට බෙහෙත් කර තිබෙනවා. ඒ කාලය තුළ ඍෂි භාවිතය අනුව යමින් අත්දුටු ප්‍රත්‍යක්ෂ හා ඖෂධ බලය යොදාගෙන කරන වෛද්‍ය ක්‍රමයක් මම කරන්නේ. ආරම්භය අධ්‍යාත්මික හා ප්‍රත්‍යක්ෂතාවය යොදාගනිමින් ඍෂිවරුන් තුන්කල් බලා සියලුම සත්ත්වයාගේ නිරෝගීතාවය වෙනුවෙන් ගුණ නුවණ ප්‍රඥාව දිවැස යන ඍෂි ගුණයන්ගෙන් ප්‍රතිඵලයකි.
භෞතික තත්ත්වය පමණක් අප පිළිගන්නේ නැහැ. ඍෂිවරුන් තුන්කල් බලා හෙළවෙදකම ලෝකයට දායාද කර තිබෙන්නේ පුස්කොළ පොත්වල රන්පත්වල ලිව්වේ. ශිෂ්‍ය වෛද්‍යවරුන්ට කියා දුන්නේ මොන ක්‍රමයට බැලුවත් පංච භූතයන්ගෙන් සැදුණු ශරීරය වා පිත් සෙම් එහි වෙනස්වීම මනාව හඳුනාගැනීමෙන් මිනිස් සිරුරේ රෝග ඇති හෝ නැති බව හඳුනාගත හැකි බවයි. දශවිද පරීක්ෂණ ක්‍රම මඟින් තමයි රෝග නිර්ණය කරන්නේ. ඒ අතර වෙද පරපුරේ වැඩි වශයෙන් භාවිතා වන්නේ නාඩි හා ආකාති ප්‍රශ්න හා තාරකා පරීක්ෂාවන් මඟින් වා පිත් සෙම් ගෙඩි නාඩි බැලීමේදී කෙතරම් දුරට කෝල සන්නි වලිප්පු සෑදී ඇත්දැයි බැලිය හැකි වෙනවා. වෙද මහතෙකුට හැරෙන්නට මේවා තේරුම් ගැනීම අපහසුයි. කොහොම වුවත් තාරකා පරීක්ෂණ ඉතා වටිනවා. ඔෟෂධ ලබාදී දින 14ක් හෝ දින 30කින් පසුව රෝගියා නැවත පරීක්ෂා කර බලා ඖෂධ ශරීරයට කෙසේ බලපානවාද කෙතරම් කාලයක් නිට්ඨාවට සුවවීමට ගත වෙනවාද සත්‍ය අසත්‍ය ගැන රෝගියා කෙතරම් ආරක්ෂා කරනවාදැයි දැනගත හැකි වෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමය සර්ව බලධාරි යැයි සිතා අධිකාරියක් ලෙස අප පිළිගන්න සූදානම් නැහැ. එයත් වර්තමානයේ ප්‍රයෝජනවත් වෛද්‍ය ක්‍රමයක් වේවි.
වර්තමානයේ විද්‍යාත්මක ක්‍රමය යම් යම් දේවලට උපයෝගි වෙනවා. නමුත් සුව කළ නොහැකියි. බෙහෙත් නැති රෝග අප සුවපත් කළත් කිසිදා ඔවුන් පිළිගන්නේ නැහැ. සාධාරණ විශ්ලේෂණයක් නොකර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. හෙළ වෙදකමෙන් රෝග සුවපත් නොවෙනවා කියන අයට අභියෝග කරන්න කැමතියි.
ඉංග්‍රීසි වෙදකම වෙනුවෙන් ඖෂධ එකකට වියදම් කරන මුදල වසර 10කට හෙළ වෙදකම වෛද්‍යවරුන්ගේ උපදෙස් මත වියදම් කරල අවස්ථාවක් දුන්නොත් මුළු ලෝකයටම ආදර්ශයක් දෙන්න පුළුවන් වෙනවා.
මෙම සේවාවෙන් හරිම තෘප්තියක් ලැබිය හැකි වෙනවා. නා උයනේ අරියධම්ම හිමි කොළඹ සම්බෝධි විහාරයේ අමිතා දසසිල් මාතාව ඇතුළු භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙකුට ප්‍රතිකාර කර තිබෙනවා. තවද ඕවිටිගල ආරණ්‍යයේ 2015 වර්ෂයේ මහ හෙළ වෙදපති යනුවෙන් නස්නස් පත්‍රයක් අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් තවත් භික්ෂූන් වහන්සේලා 400 නමකගෙන් යුතුව පරිත්‍යාග කර තිබෙනවා.
තවද දසසිල් මාතාවක් වන අමිතා සිල් මාතාවට අසාධ්‍ය රෝගී තත්ත්වයෙදී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවක වෛද්‍යවරුන්ගේ ප්‍රකාශය වී තිබෙන්නේ අසනීපය සුව කරන්න අපහසුයි කියන අවස්ථාවක හෙළ වෙදකමින් සුවපත් වී අදටත් පිළිවෙත් පුරමින් සුවපත් දිවියක් ගත කරනවා.
විවාහ වී සිටින කාන්තාවන් 5000 අධික ප්‍රමාණයක ගර්භාෂ ආශ්‍රිත අසනීප. ඒ වගේම පාසල් ළමුන්ගේ හිසේ හට ගත් ගෙඩි සුවපත් කර ඇති සඳුන් සරත් මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම කටයුතුවලදී බිරිඳගෙන් නොමසුරු සහය ලැබෙන බවයි.
අද රටේ විශාල ප්‍රශ්නයක් වී තිබෙන වකුගඩු රෝගය ඇතුළුබොහෝ රෝගවලට මුල් වී තිබෙන වස විස භාවිතය පිළිබඳ අධ්‍යාපනික හා පරීක්ෂණ කළ ආචාර්ය නලින්ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් මඟින් නොයෙක් දේශන වලින් හා පොත් වලින් විශාල පරිශ්‍රමයක් දැරුවා එය අපද අගය කළ යුතු වෙනවා. එතුමාගේ සායනවලට දහසකටත් අධික පිරිසක් ප්‍රතිකාර සඳහා පැමිණෙනවා. රෝගීන් සුවපත් කරනවා විනා වරප්‍රසාද කවර කළෙකවත් බලාපොරොත්තු වෙන්නේ නැති ආචාර්ය නලින්ද සිල්වා මහතා ජංගම වෛද්‍ය සායන තිබුණ. එහෙම අදහස් ඇති එවැනි අය අද බොහෝ අඩුයි. මෙවැනි අය පිළිබඳ සිහිපත් කළ යුතුව තිබෙනවා.
අද මෙම රෝගවලට බෙහෙත් වෙළෙඳ පළෙන් ලබා ගන්නට අපහසුයි. නමුත් නිකවැරටිය ප්‍රදේශයේ ඔසු උයන් බොහොමයක් තිබෙනවා. ඉඩම් අක්කර 100 පමණ භූමියක ඇති බෙහෙත් ඖෂධ ලබා ගන්නවා. එයින් නැවුම් පත්‍ර යුෂ මුල් යොදාගෙන කරන මේ ප්‍රතිකර්ම ක්‍රමය ස්වභාවධර්මයත් එක්ක මිනිසාට බද්ධ කරනවා.
එයින් කෙරෙන වෙදකමෙන් කිසිවිටෙකත් අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් මත පන්තිය රැකලා බෙහෙත් පාවිච්චි කළොත් සුව කරන්න අපහසුයි කියන අසනීප හෙළ වෙදකමින් නිශ්ඨාවට සුවපත් කරන්න පුළුවන් වෙනවා. එය ප්‍රත්‍යක්ෂයි. සත්‍යයි" යනුවෙන් වෛද්‍ය සඳුන් සරත් මහතා පැවසීය.
මෙම වෙද ක්‍රමයේදී අලුත් කොළ පොතු ඔසු උයන්වලින් ලබා ගන්නවා හැරෙන්නට අනෙකුත් ඖෂධ වර්ග රත්හිරිගල් මනෝසීල කස්තුරි ගොරෝචන ඇතුළු ඖෂධ කිහිපයක් ගෙන්වාගැනීමට කටයුතු කරනවා. මෙම හෙළ වෙදකමේ විශේෂය වන්නේ නැමුම් ඔසු වෙදපරපුරේ අය විසින්ම නිසි ක්‍රමයට සාදා ඇති ඖෂධ රෝගීන්ට ලබාදීමයි.
තවද නැකැත් අනුව ඖෂධ ලබාගෙන අධ්‍යාත්මික ශක්තියද මුසුව වෛද්‍යාචාර්ය මහතුන්ගේ අත්ගුණයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම තවත් විශේෂත්වයකි.
හෙළ වෙදකමෙහි ජනතාවගේ මතයක් තිබෙනවා මෙම ඖෂධීය වර්ගවලින් අක්මාව හා වකුගඩු නරක්වන බව. නොයෙක් මත දැරුවත් කවර කලකවත් නරක් නොවන බව පවසන සඳුන් සරත් මහතා කියා සිටින්නේ සීනි යොදලා පල් කරලා ඖෂධ වර්ග නිෂ්පාදනය නොකරන බවයි.
එවැනි හෙළ වෙදකම ලොවට කියන විට එය සවන් යොමන ගුණ නුවණ යුතුව ඇති මෙය ගැන ඇල්මක් දක්වන ජනතාව ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථාන කිහිපයක්ම ඇත. මෙම සායන කොළඹ 10, කඩවත, මිගමුව, අනුරාධපුරය ප්‍රදේශවල පැවැත්වේ.
මේ පිළිබඳ වැඩි විස්තර 0774135584/0775268782 දුරකතන අංක මඟින් ලබාගත හැකිය.
උපුටා ගැනීම - දිනමිණ http://www.dinamina.lk/

දද, කුෂ්ඨ වණ, හිස් හොරි සුව කරන නාඩි ප්‍රතිකාර
අපි කවුරුත් පිරිසිදු, පැහැපත් සමකින් යුක්‌තව ඉන්නට කැමැත්තෙමු. හොරි දද කුෂ්ඨ වැනි රෝග සහිත පුද්ගලයන් හමු වූ විට ඔවුන්ගෙන් ඈත් වන්නට මහත් උත්සාහයක් ගන්නෙමු.
වෛද්‍යතුමනි, හොරි දද වැනි සමේ රෝග ඇතිවීමට බලපාන හේතු පිළිබඳව සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත්තේ කෙසේද?
හොරි, දද, කුෂ්ඨ වණ රෝගා බාධා මනුස්‌සා සත්ත්ත පීඩා සකල ඉන්ද්‍රිය භාගා කුදර්හි කයිනාමි ලෙසින් මහා සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත්තේ මිනිසුන් මෙන්ම සිවුපා, සතුන් පක්‌ෂීන් උරගයන් ආදී සියලු සත්ත්වයන්ගේ සිරුරේ හොරි, දද, කුෂ්ඨ සහ වණ යන සමේ රෝග හටගන්නා මෙම රෝගවලට නිසි ප්‍රතිකාර නොකළ හොත් ඒවා උත්සන්න වී අවසානයේ ආසාදනවලට ලක්‌ව සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් දක්‌වා ගමන් කර මරණයට පවා ලක්‌විය හැකි බව මහා සෘෂි වෛද්‍යවරු පවසා තිබේ.
වෛද්‍යතුමනි මෙම රෝග හට ගැනීමට බලපාන හේතු මොනවාද?
මෙම රෝග ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපිරිසිදුකමයි. අපිරිසිදු බව නිසා සම මත විෂ බීජ හටගන්නවා. ඒවා වර්ධනය වූ විට මෙම රෝග මතුවෙනවා.
දද සම මත අපැහැදිලි පැල්ලම් ලෙස ඇතිවේ. එම පැල්ලම් මතුපිට කැසීමක් හටගනී.
වණ දද සම මත පැතිර ගිය අවස්‌ථාවද
හොරි - සම පුරා පැතිර යති. තෙත දියර ගලායයි.
කුෂ්ඨ - සම මත පැතිර යයි. අධික ලෙස කැසීමක් ඇතිවේ.
වර්තමානයේ දද සහ කුෂ්ඨ රෝග කාන්තාවන් සහ පිරිමින්ගේ ප්‍රජනන අවයව පිහිටා ඇති ප්‍රදේශවල සහ කිහිsලි, ඉකිලි යන නිතර දහ දියෙන් තෙත් වන ප්‍රදේශවල බහුලව මතුව ඇති බව ප්‍රතිකාර ලබාගැනීමට එන රෝගීන් දෙස බලනවිට පැහැදිලි වෙනවා.
මෙවැනි රෝග සහිත පුද්ගලයන්ට නිතර කෝපය ඇතිවී නොසන්සුන් බව වැඩි වේ. දැඩි ලෙස වේදනාවකින් පෙළෙයි.
වෛද්‍යතුමනි මෙම රෝග සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?
සෘෂි නාඩි වෛද්‍ය ක්‍රමයට අනුව බොහෝ ප්‍රතිකාර ඇත. ඒ අතර ඉතා පහසුවෙන් සාදාගත හැකි අත් බෙහෙතක් සඳහන් කළ හැකිය.
කොහොඹ කොළ, නික කොළ, දොඹ කොළ, මී කොළ, සියඹලා කොළ, කුප්පමේනියා සහමුලින්ම කිතුල් ගසේ සුඹුලු (කිතුල් කඳේ පොතු සූරාගැනීම) සමව ගෙන තම්බා කොටා ගන්න.
රත්හඳුන් පිටි, පෙරුම්කායම්, පිටි, කොත්තමල්ලි පිටි, වියළි ගොඩපර ගෙඩි පිටි, සියඹලා මල් වියළා ගත් රතු වදමල් පොකුරු සමව ගෙන ඉහත තම්බා කොටාගත් ද්‍රව්‍යද මිශ්‍ර කර ගෙන තලතෙල් හා කොහොඹ තෙල් නිසි පමණට යොදා ආලේපයක් සාදාගෙන දද කුෂ්ඨ, වණ, හොරි, ඇති ස්‌ථාන සබන් ගා නිවාගත් උණුවතුරින් හොඳින් සෝදා පිරිසිදු කර ගෙන උදේ සවස ආලේප කරන්න.
වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 0776500677 අමතන්න.
උපුටා ගැනීම - දිවයින

Wednesday, May 29, 2019
2019 ලෝක පරිසර දිනය (2019 පරිසර දින තේමාව)
1974 වර්එෂයේ සිට එක්ක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ලෝක පරිසර දිනය සමරනු ලබයි.
එතැන් පටන් එක් එක් වර්ෂයන්හිදී විවිධ තේමාවන් යටතේ ලෝක පරිසර දිනය සමරනු ලබයි.
මෙම තේමාවන්ගෙන් විශේෂිත වූ පාරිසරික ගැටලුවකට අවධානය යොමු කරනු ලබයි. ඒ අනුව 2019 වර්ෂයේ ලෝකපරිසර දින සැමරීම සඳහා තේමාව ලෙස නම් කර ඇත්තේ "beat air pollution" "වායු දූෂණය" යන්නයි.
සෑම ලෝක පරිසර දිනයක් සැමරීම සඳහාම සත්කාරක රටක් නම් කරනු ලබයි. මෙහිදී සත්කාරක රට කෙරෙහි අවධානය යොමු කිරීම, එය මුහුන දෙන පාරිසරික අභියෝගයන් ඉස්මතු කරලීම සහ ඒවා විසඳීමට ලෝක ව්යාප්ත මට්ටමින් වෑයම් කරනු ලබයි. 2019 වසරේ සත්කාරක රට වශයෙන් චීනය කටයුතු කරයි.

Monday, May 27, 2019
බලන්ගොඩ රක්ෂිත දෙකක ගිනි ගැනීම්…
බලන්ගොඩ ඉඔුල්පේ හල්ගහවෙල සහ පහන් තුඩාව වල ආශ්‍රිතව ඇති රක්ෂිත වල 26 සවස සිට ගිනිගැනිමි දෙකක් හටගෙන ඇති බව ඉඔුල්පේ ප්‍රදේශිය සභාපති සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා පවසයි.
ප්‍රදේශයට පවතින වියලි කාලගුණික තත්ත්වය සහ තද සුලං හේතුවෙන් ගින්න ව්‍යප්ත විි ඇති බව ඒ මහතා පැවැසිිය.
ප්‍රදේශවාශින් ,පොලිසිය එක්ව ගිනිගැනිමි මැඩ පැවැත්විම සදහා උස්සාහ කලද එය අසාර්ථක වු බව හෙතෙම කිය.
මෙි සමිබන්දයෙන් සමනල වැව පොලිසියේ ස්ථානාධිපති ලෝරන්ස් ප්‍රනාන්දු මහතාගෙන් කල විමසිමකදි පැවැසුවෙි කිසියමි පිරිසක් විසින් රක්ෂිත දෙකට ගිනි තබන්නට ඇති බවට සැක පළ කෙරෙන බවයි.
මෙම ප්‍රදේශ ඉතා දුෂ්කර ප්‍රදේශ බැවින් ගින්න පාලනය කිරිමට අපහසු වු බවත් පැවැසිය. මෙිි සමිබන්දයෙන් පර්යේෂණයක් ආරම්භ කර ඇති බවද කිය.
– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන
Source - lankacnews.com

Tuesday, May 21, 2019
අධික උණුසුමෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහලයාම වේගවත් වෙයි.
ග්‍රීන්ලන්තය සහ ඇන්ටාටිකානු මුහුදු ප්‍රදේශවල අයිස් දියවීම හේතුවෙන් ගොලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත්ව ඇති බව විද්‍යාඥයින් පවසනවා.
සිදුකරන ලද සමීක්ෂණ වලට අනුව අනුව හෙළිවී ඇත්තේ 2100 පමණ වන ගෝලීය මුහුදු මට්ටම මීටරයක් පමණ ඉහළ යනු ඇත බවටයි.
එමෙන්ම මෙලෙස අයිස් අයිස් දියවීම හේතුවෙන් ගොලීය මුහුදු මට්ටම ඉහළ යාමේ අවදානම නිසා මිනිසුන් මිලියන ගණනක් අවතැන් වනු ඇත බවට විද්‍යාඥයින් මත පළ කර ඇත.
Image Source - https://www.timeforkids.com/g34/global-warming/
Friday, May 17, 2019
ඉන්දියන් සාගරයේ සපත්තු සහ ප්ලාටික් කොටස් ලක්ෂ ගණනක්
ඉන්දීය සාගරෙය් ඔස්ට්‍රේලියාව සහ ලංකාව අතර කොකෝස් නම් දූපතේ වෙරලාසන්න ප්‍රදේශයේ බැහැර කරන ලද සපත්තු මිලියනයක් සහ ප්ලාස් කැබලි තුන්ලෂකට වැඩි ප්‍රමාණයක් ඇති බව නවතම අධයනයන් අනාවරණ තෙබනවා.
ඕස්ට්‍රේලියාන් අධ්‍යයනයකින් මේ බව අනාවරණ කර ඇත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්ලාස්ටික් ජල බෝතල්, සපත්තු, සෙරෙප්පු, තොප්පි, දත් බුසු වැනි දෑ මෙම දූපතේ බහුලව දක්නට ලැෙබන බව
අදාළ අධ්යයනය සිදුකළ සමුද්‍රිය පරිසරවේදීන් ප්‍රකාශ කර ඇත.

Subscribe to:
Posts (Atom)