අපි කවුරුත් පිරිසිදු, පැහැපත් සමකින් යුක්‌තව ඉන්නට කැමැත්තෙමු. හොරි දද කුෂ්ඨ වැනි රෝග සහිත පුද්ගලයන් හමු වූ විට ඔවුන්ගෙන් ඈත් වන්නට මහත් උත්සාහයක් ගන්නෙමු.
වෛද්‍යතුමනි, හොරි දද වැනි සමේ රෝග ඇතිවීමට බලපාන හේතු පිළිබඳව සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත්තේ කෙසේද?
හොරි, දද, කුෂ්ඨ වණ රෝගා බාධා මනුස්‌සා සත්ත්ත පීඩා සකල ඉන්ද්‍රිය භාගා කුදර්හි කයිනාමි ලෙසින් මහා සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත්තේ මිනිසුන් මෙන්ම සිවුපා, සතුන් පක්‌ෂීන් උරගයන් ආදී සියලු සත්ත්වයන්ගේ සිරුරේ හොරි, දද, කුෂ්ඨ සහ වණ යන සමේ රෝග හටගන්නා මෙම රෝගවලට නිසි ප්‍රතිකාර නොකළ හොත් ඒවා උත්සන්න වී අවසානයේ ආසාදනවලට ලක්‌ව සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් දක්‌වා ගමන් කර මරණයට පවා ලක්‌විය හැකි බව මහා සෘෂි වෛද්‍යවරු පවසා තිබේ.
වෛද්‍යතුමනි මෙම රෝග හට ගැනීමට බලපාන හේතු මොනවාද?
මෙම රෝග ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපිරිසිදුකමයි. අපිරිසිදු බව නිසා සම මත විෂ බීජ හටගන්නවා. ඒවා වර්ධනය වූ විට මෙම රෝග මතුවෙනවා.
දද සම මත අපැහැදිලි පැල්ලම් ලෙස ඇතිවේ. එම පැල්ලම් මතුපිට කැසීමක් හටගනී.
වණ දද සම මත පැතිර ගිය අවස්‌ථාවද
හොරි - සම පුරා පැතිර යති. තෙත දියර ගලායයි.
කුෂ්ඨ - සම මත පැතිර යයි. අධික ලෙස කැසීමක් ඇතිවේ.
වර්තමානයේ දද සහ කුෂ්ඨ රෝග කාන්තාවන් සහ පිරිමින්ගේ ප්‍රජනන අවයව පිහිටා ඇති ප්‍රදේශවල සහ කිහිsලි, ඉකිලි යන නිතර දහ දියෙන් තෙත් වන ප්‍රදේශවල බහුලව මතුව ඇති බව ප්‍රතිකාර ලබාගැනීමට එන රෝගීන් දෙස බලනවිට පැහැදිලි වෙනවා.
මෙවැනි රෝග සහිත පුද්ගලයන්ට නිතර කෝපය ඇතිවී නොසන්සුන් බව වැඩි වේ. දැඩි ලෙස වේදනාවකින් පෙළෙයි.
වෛද්‍යතුමනි මෙම රෝග සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?
සෘෂි නාඩි වෛද්‍ය ක්‍රමයට අනුව බොහෝ ප්‍රතිකාර ඇත. ඒ අතර ඉතා පහසුවෙන් සාදාගත හැකි අත් බෙහෙතක් සඳහන් කළ හැකිය.
කොහොඹ කොළ, නික කොළ, දොඹ කොළ, මී කොළ, සියඹලා කොළ, කුප්පමේනියා සහමුලින්ම කිතුල් ගසේ සුඹුලු (කිතුල් කඳේ පොතු සූරාගැනීම) සමව ගෙන තම්බා කොටා ගන්න.
රත්හඳුන් පිටි, පෙරුම්කායම්, පිටි, කොත්තමල්ලි පිටි, වියළි ගොඩපර ගෙඩි පිටි, සියඹලා මල් වියළා ගත් රතු වදමල් පොකුරු සමව ගෙන ඉහත තම්බා කොටාගත් ද්‍රව්‍යද මිශ්‍ර කර ගෙන තලතෙල් හා කොහොඹ තෙල් නිසි පමණට යොදා ආලේපයක් සාදාගෙන දද කුෂ්ඨ, වණ, හොරි, ඇති ස්‌ථාන සබන් ගා නිවාගත් උණුවතුරින් හොඳින් සෝදා පිරිසිදු කර ගෙන උදේ සවස ආලේප කරන්න.
වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 0776500677 අමතන්න.
උපුටා ගැනීම - දිවයින
Monday, June 3, 2019
Wednesday, May 29, 2019
2019 ලෝක පරිසර දිනය (2019 පරිසර දින තේමාව)
1974 වර්එෂයේ සිට එක්ක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ලෝක පරිසර දිනය සමරනු ලබයි.
එතැන් පටන් එක් එක් වර්ෂයන්හිදී විවිධ තේමාවන් යටතේ ලෝක පරිසර දිනය සමරනු ලබයි.
මෙම තේමාවන්ගෙන් විශේෂිත වූ පාරිසරික ගැටලුවකට අවධානය යොමු කරනු ලබයි. ඒ අනුව 2019 වර්ෂයේ ලෝකපරිසර දින සැමරීම සඳහා තේමාව ලෙස නම් කර ඇත්තේ "beat air pollution" "වායු දූෂණය" යන්නයි.
සෑම ලෝක පරිසර දිනයක් සැමරීම සඳහාම සත්කාරක රටක් නම් කරනු ලබයි. මෙහිදී සත්කාරක රට කෙරෙහි අවධානය යොමු කිරීම, එය මුහුන දෙන පාරිසරික අභියෝගයන් ඉස්මතු කරලීම සහ ඒවා විසඳීමට ලෝක ව්යාප්ත මට්ටමින් වෑයම් කරනු ලබයි. 2019 වසරේ සත්කාරක රට වශයෙන් චීනය කටයුතු කරයි.
එතැන් පටන් එක් එක් වර්ෂයන්හිදී විවිධ තේමාවන් යටතේ ලෝක පරිසර දිනය සමරනු ලබයි.
මෙම තේමාවන්ගෙන් විශේෂිත වූ පාරිසරික ගැටලුවකට අවධානය යොමු කරනු ලබයි. ඒ අනුව 2019 වර්ෂයේ ලෝකපරිසර දින සැමරීම සඳහා තේමාව ලෙස නම් කර ඇත්තේ "beat air pollution" "වායු දූෂණය" යන්නයි.
සෑම ලෝක පරිසර දිනයක් සැමරීම සඳහාම සත්කාරක රටක් නම් කරනු ලබයි. මෙහිදී සත්කාරක රට කෙරෙහි අවධානය යොමු කිරීම, එය මුහුන දෙන පාරිසරික අභියෝගයන් ඉස්මතු කරලීම සහ ඒවා විසඳීමට ලෝක ව්යාප්ත මට්ටමින් වෑයම් කරනු ලබයි. 2019 වසරේ සත්කාරක රට වශයෙන් චීනය කටයුතු කරයි.
Monday, May 27, 2019
බලන්ගොඩ රක්ෂිත දෙකක ගිනි ගැනීම්…
බලන්ගොඩ ඉඔුල්පේ හල්ගහවෙල සහ පහන් තුඩාව වල ආශ්‍රිතව ඇති රක්ෂිත වල 26 සවස සිට ගිනිගැනිමි දෙකක් හටගෙන ඇති බව ඉඔුල්පේ ප්‍රදේශිය සභාපති සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා පවසයි.
ප්‍රදේශයට පවතින වියලි කාලගුණික තත්ත්වය සහ තද සුලං හේතුවෙන් ගින්න ව්‍යප්ත විි ඇති බව ඒ මහතා පැවැසිිය.
ප්‍රදේශවාශින් ,පොලිසිය එක්ව ගිනිගැනිමි මැඩ පැවැත්විම සදහා උස්සාහ කලද එය අසාර්ථක වු බව හෙතෙම කිය.
මෙි සමිබන්දයෙන් සමනල වැව පොලිසියේ ස්ථානාධිපති ලෝරන්ස් ප්‍රනාන්දු මහතාගෙන් කල විමසිමකදි පැවැසුවෙි කිසියමි පිරිසක් විසින් රක්ෂිත දෙකට ගිනි තබන්නට ඇති බවට සැක පළ කෙරෙන බවයි.
මෙම ප්‍රදේශ ඉතා දුෂ්කර ප්‍රදේශ බැවින් ගින්න පාලනය කිරිමට අපහසු වු බවත් පැවැසිය. මෙිි සමිබන්දයෙන් පර්යේෂණයක් ආරම්භ කර ඇති බවද කිය.
– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන
Source - lankacnews.com
ප්‍රදේශයට පවතින වියලි කාලගුණික තත්ත්වය සහ තද සුලං හේතුවෙන් ගින්න ව්‍යප්ත විි ඇති බව ඒ මහතා පැවැසිිය.
ප්‍රදේශවාශින් ,පොලිසිය එක්ව ගිනිගැනිමි මැඩ පැවැත්විම සදහා උස්සාහ කලද එය අසාර්ථක වු බව හෙතෙම කිය.
මෙි සමිබන්දයෙන් සමනල වැව පොලිසියේ ස්ථානාධිපති ලෝරන්ස් ප්‍රනාන්දු මහතාගෙන් කල විමසිමකදි පැවැසුවෙි කිසියමි පිරිසක් විසින් රක්ෂිත දෙකට ගිනි තබන්නට ඇති බවට සැක පළ කෙරෙන බවයි.
මෙම ප්‍රදේශ ඉතා දුෂ්කර ප්‍රදේශ බැවින් ගින්න පාලනය කිරිමට අපහසු වු බවත් පැවැසිය. මෙිි සමිබන්දයෙන් පර්යේෂණයක් ආරම්භ කර ඇති බවද කිය.
– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන
Source - lankacnews.com
Tuesday, May 21, 2019
අධික උණුසුමෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහලයාම වේගවත් වෙයි.
ග්‍රීන්ලන්තය සහ ඇන්ටාටිකානු මුහුදු ප්‍රදේශවල අයිස් දියවීම හේතුවෙන් ගොලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත්ව ඇති බව විද්‍යාඥයින් පවසනවා.
සිදුකරන ලද සමීක්ෂණ වලට අනුව අනුව හෙළිවී ඇත්තේ 2100 පමණ වන ගෝලීය මුහුදු මට්ටම මීටරයක් පමණ ඉහළ යනු ඇත බවටයි.
එමෙන්ම මෙලෙස අයිස් අයිස් දියවීම හේතුවෙන් ගොලීය මුහුදු මට්ටම ඉහළ යාමේ අවදානම නිසා මිනිසුන් මිලියන ගණනක් අවතැන් වනු ඇත බවට විද්‍යාඥයින් මත පළ කර ඇත.
Image Source - https://www.timeforkids.com/g34/global-warming/
Friday, May 17, 2019
ඉන්දියන් සාගරයේ සපත්තු සහ ප්ලාටික් කොටස් ලක්ෂ ගණනක්
ඉන්දීය සාගරෙය් ඔස්ට්‍රේලියාව සහ ලංකාව අතර කොකෝස් නම් දූපතේ වෙරලාසන්න ප්‍රදේශයේ බැහැර කරන ලද සපත්තු මිලියනයක් සහ ප්ලාස් කැබලි තුන්ලෂකට වැඩි ප්‍රමාණයක් ඇති බව නවතම අධයනයන් අනාවරණ තෙබනවා.
ඕස්ට්‍රේලියාන් අධ්‍යයනයකින් මේ බව අනාවරණ කර ඇත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්ලාස්ටික් ජල බෝතල්, සපත්තු, සෙරෙප්පු, තොප්පි, දත් බුසු වැනි දෑ මෙම දූපතේ බහුලව දක්නට ලැෙබන බව
අදාළ අධ්යයනය සිදුකළ සමුද්‍රිය පරිසරවේදීන් ප්‍රකාශ කර ඇත.
ඕස්ට්‍රේලියාන් අධ්‍යයනයකින් මේ බව අනාවරණ කර ඇත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්ලාස්ටික් ජල බෝතල්, සපත්තු, සෙරෙප්පු, තොප්පි, දත් බුසු වැනි දෑ මෙම දූපතේ බහුලව දක්නට ලැෙබන බව
අදාළ අධ්යයනය සිදුකළ සමුද්‍රිය පරිසරවේදීන් ප්‍රකාශ කර ඇත.
Saturday, February 2, 2019
ලෝක තෙත්බිම් දිනය අදට යෙදී ඇත. (2019-02-02)
ලෝකයේ සියලුම රටවල් පාහේ ඉතා වේගයෙන් නාගරීකරණය වන අතර ඉදිකිරීම් හේතුවෙන් හරිත පරිසර පද්ධති ගොඩනැගිලි සහ මාර්ග වලට යටවීම වෙමින් සිදුවෙයි. මේ හේතුවෙන් තෙත්බිම් පරිසර පද්ධතිය විනාශය කරා යමින් පවතියි. අද වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තෙත්බිම් පරිසර පද්ධති ගණනාවක් ලොවට අහිමිවී ඇත.
තෙත්බිම් අහිමි වීමේ අහිතකර ප්‍රතිඵල වන ජල දූෂණය, වායු දූෂණය, පරිසර උෂ්ණත්වය ඉහළයාම සහ ජෛව පරිසර පද්ධති විනාශවීම ඔස්සේ මිනිසාට දැවැන්ත ගැටළු නිර්මාණය කර ඇත.
තෙත්බිම් ඉතා වැදගත් පරිසර පද්ධතියක් ලෙස ලෝකයේම අවධානය දිනා ගෙන ඇත. මෙහිදී ලංකාව කෙරෙහි විශේෂ අවධායය යොමු වන කරුණක් වන්නේ කොළඹ නගරය ලෝකයේ ප්‍රථම තෙත් බිම් අගනගරය ලෙස රැම්සා සම්මුතිය මගින් පසුගිය 2018 ඔක්තෝබර් මාසයේදී නම් කරනු ලැබීමයි.
තෙත්බිම් සංරකෂණ කාර්යයෙහිලා ලෝකවාසීන්ගේ අවධානය තව තවත් යොමු කරවීමේ අරමුණින් විවිධ තේමාවන් යටතේ වාර්ශිකව ලෝක තෙත්බිම් දිනය සැමරීමට අවශ්‍ය වටපිටාව රැම්සා සම්මුතිය ඔස්සේ සිදු කරනු ලබයි
ඒ අනුව මෙවර තේමාව වන "ලෝක තෙත්බිම් හා දේශගුණික විපර්යාස" යන්න පෙරදැරි කරගෙන තෙත්බිම් දින සමරමින් තෙත්බිම් සංරක්ෂණයෙහි වැදගත්කම කෙරෙහි ලෝකවාසීන්ගේ අවධානය යොමු කරවා ඇත.
ලෝක වැසිකිළි දිනය (2019-11-19)
ඉන්දීය නිදහස් අරගලයේ පියා ලෙස සැළකෙන මහත්මා ගාන්ධි, තමන්ගේ
වැසිකිළිය තමන්ම පිරිසුදු කර ගැනීම සිදු කෙරිණි. එම කරුණ මුල් කරගෙන
වංශවතුන් තමන්ට මහත්මාගාන්ධි විසින් අවමන් කරන බවට චෝදනාවක් ද කර ඇත. අදට ද
ඉන්දියානුවන්ට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නොමැත. ඉන්දියානුවන්ගේ නිවාසවල
වැසිකිළි පහසුකම් ඇත්තේ 46.9% බවටත් ඉතිරි 49.8ම තම බහිශ්‍රාවිය කටයුතු සඳහා තෝරා ගන්නේ එලිමහන බවත්, පොදු
වැසිකිළි භාවිත කරන ප්‍රතිශතය 3.2%ක් ලෙස දත්තවල දැක්වේ. ලොව මහා බලවතා වීමට වෙරදරන ඉන්දියාවේ
සනීපාරක්ෂක කටයුතු පිළිබඳව අවධානය යොමු වීම අල්පය.
ලෝක ජනගහනයෙන් 12%
ක් එනම් මිලියන 892
ක් විවෘත පරිසරයේ මළපහ කිරීම සිදු කරයි. තොරතුරු වලට අනුව මෙයින්
සියයට හැත්තෑහයක් (මිලියන 678 ක්) ජීවත්වන්නේ රටවල් හතකය. එනම්,
නයිජීරියාව - 25%
ඉන්දුනීසියාව - 12%
ඉතියෝපියාව - 27%
පාකිස්ථානය - 12%
නයිගර් - 71%
සුඩානය - 27%
දකුණු සුඩානය - 61%
එරිට්‍රියා - 76%
යන රටවල් හත ය.
“ටොයිලට් ඒක් ප්‍රේම් කතා” ඉන්දියාවේ
මේ සම්ප්‍රදායික උරුමයට වැදුණු අතුල් පහරකි. එහෙත් එම පහරම ඉන්දියානු සිනමා ප්‍රේක්ෂකයන්
විසින් සෙනෙහසින් වැලඳගන්නා ලදී. ලෝකයේම ධනවතා වී සිටින මේ වසරේ දෙවැනි ධනවතා බවට
පත්වූ බිලියනපති බිල් ගේට් සිනමාපටය තිරගතවීමත් සමඟ ට්විටර් වෙබ් අඩවියේ සඳහන් කළේ
2017 ලෝකයට
බලපෑ කතා නවයෙන් තෙවැන්න “ටොයිලට්: ඒක් ප්‍රේම් කතා” බවය.
මේ ගස් මූල සම්ප්‍රදාය වසර 2019 දී අවසන් කළ යුතු බව ඔහු තරයේ කියා සිටී. වසර 2019 දී
වැසිකිළි මිලියන සියයක් යන්න ඉන්දියානුවන් දකින සිහිනයකි.
සුදු ජාතිකයන්ගේ ආධිපත්‍ය භාරතයේ පවතිද්දී මහත්මා ගාන්ධි විසින් සුදු
ජාතිකයන්ට ඉන්දියාව එපා කරවීමට කළ උපක්‍රමයක් ලෙස මෙය දක්වා තිබුණද සැබෑ කතාව
හින්දු ආගම හා බැඳී පවතී. හින්දූන් මෙසේ කරන්නේ අපවිත්‍ර දෑ අත්ලේ තැවරීමෙන්
වළක්වා ගැනීම සඳහාය. ගස්, වැල්, පඳුරු යට මෙසේ කිරීමෙන් ඔවුන් අපවිත්‍ර දැයින් සම්පූර්ණයෙන් නිදහස්
වී ශුද්ධ වෙයි. ලෝක ජනගහනයෙන් සියයට දාහතක් සිටින්නේ ඉන්දියාවේ ය.
ඉන්දියාවේ වැඩිම ජනකායක් ගස් මූල සම්ප්‍රදාය අනුගමනය කරනු ලබන්නේ
ජර්කන්ද්වලය. ඔඩිෂා සහ මධ්‍ය ප්‍රදේශ පිළිවෙළින් දෙවැනි හා තෙවැනි තැන ගනී.
නයිජිරියාවේ මිලියන 46ක් මළ පිට කරන්නේ ගස්, පඳුරු, ඇළ මාර්ග ආදී තැන්වලය. නයිජීරියානු රජය එළි පහලියට
යන්නන්ට එරෙහිව දඩ ගැසීමට පටන්ගෙන ඇත. සෑම වසරකම නයිජීරියාවේ මවුවරුන් 85,000කට වැඩි
ගණනකට දරුවන් අහිමි වේ. ඒ පාචනයට. මේ ශරීර සෞඛ්‍යට අහිතකර පුරුද්ද හේතුවන නිසයි.
වැසිකිළි පහසුකම් නැති නයිජීරියානු කාන්තාවන්ට හා දැරියන්ට මළ පිටකිරීම සඳහා තැනක්
සොයා ගැනීමට වසරකට පැය බිලියන 3.1 ක් වැයකිරීමට සිදුවේ.
ඉන්දුනීසියාවේ වාර්ෂිකව 136,000 - 190,000 අතර දරුවන් පිරිසකට
පස්වැනි උපන් දිනය සැමරීමට සිදුවන්නේ නැත. ඒ මේ සෞඛ්‍ය විරෝධී ක්‍රියාව නිසා ඇතිවන
රෝගාබාධ නිසාය.
ඉන්දියාවේ “ටොයිලට් ඒක් ප්රේම්කතා” නිර්මාණය වූයේ සත්‍ය කතාවක් පසුබිම් කරගෙනය. විවාහ
වී සැමියාගේ නිවෙසට පැමිණි පසු එම නිවෙසේ වැසිකිළියක් නැතිකමින් තරුණියක් තවදුරටත්
ඔහු හා දිවිගෙවීම ප්‍රතික්ෂේප කර ඇත. මේ ඒ තේමාවෙන් තැනුණු ප්‍රථම ඉන්දියානු
සිනමාපටය නොවේ. ඊට පෙරද සිනමාපටයක් නිර්මාණය විය. නයිජීරියාවේද කාන්තා පක්ෂය මේ
කරුණ මත සැමියන් ප්‍රතික්ෂේප කිරීමට පටන්ගෙන ඇත. ඔබන්ලිකු ප්‍රජාව ඒ අතර කැපී
පෙනෙයි.
වැසිකිළි තැනීම ඇරඹුණේ කවර කාලයේ දැයි කිව නොහැකිය. එහෙත් එහි අතීතය
ක්‍රි. පූ. 1700 දක්වා ඇතැම් විට ඊටත් අතීතයට දිවයයි. එසේ වුවද තවමත් ලොවට වැසිකිළි
නැතිකම බරපතළ ගැටලුවකි.
අන්තර්ජාලයෙනි.
Subscribe to:
Posts (Atom)





