Thursday, February 2, 2017

ලෝක තෙත්බිම් දිනය (2017 පෙබරවාරි 02) 1997 සිට 2024 දක්වා මෙතෙක් තෙත්බිම් දින තේමාවන් අන්තර්ගතය

ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී ඇති අතර ආපදා ආපදා අවම කිරීම සඳහා තෙත්බිම් (Dwetlands for Disaster Risk Reducation ) මෙවර ලෝක තෙත්බිම් දිනයේ තේමාව වී තිබේ.

1971 වසරේ ඉරානයේ රැම්සාර් නුවරදී, ජාතීන් 21 ක් විසින් තෙත්බිම් සම්බන්ධ රැම්සාර් සම්මුතියට අත්සන් කල දිනය, එනම් පෙබරවාරි 2 වන දිනය, ලෝක තෙත්බිම් සැමරුම් දිනය ලෙස තෝරා ගෙන තිබෙයි

අන්තර්ජාතික රම්සා සම්මුතියෙහි පාර්ශවකරුවකු වශයෙන් ශ්‍රී ලංකාවද, ජෛව විද්‍යාත්මකව හා පරිසර විද්‍යාත්මකව මෙන්ම ආර්ථික වශයෙන් වැදගත් මෙහෙයක් ඉටුකරන තෙත්බිම් පරිසරය ආරක්ෂා කරගැනීමෙහිලා ක්‍රියාකරයි.

වර්තමානයේ තෙත්බිම් පරිසර පද්ධතිය සඳහා තර්ජන එල්ලවී ඇති බැවින් තෙත්බිම් පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම ජාතික වගකීමක් බවට පත්ව තිබේ.

ලොව ප්‍රථම වතාවට තෙත්බිම් දිනය සමරනු ලැබුවේ, 1997 වර්ෂයේදීයී. එතැන් පටන් සෑම වසරකදීම, රජයේ කාර්යාංශ, රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ තරාතිරම් වල පුරවැසි කණ්ඩායම් විසින්, තෙත් බිම් වල වටිනාකම් හා ප්‍රතිලාභ පිළිබඳවත්, විශේෂයෙන් රැම්සාර් සම්මුතිය ගැනත් සම්බන්ධ පොදු දැනුවත් කිරීම් සිදුකරනු ලැබේ. මේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහා රැම්සාර් මහලේකම් කාර්යාලයද, අවශ්‍ය ද්‍රව්‍ය හා ආධාර සපයයි.

මෙවර ලෝක තෙත්බිම් දිනය සැමරීම අද(02) බත්තරමුල්ල, වොටර්ස් එජ්හිදී සිදුකිරීමට නියමිත බව දක්වා ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ලෝක තෙත්බිම් දිනය සැමරීම සිදුකෙරෙන අතර පසුගිය වර්ෂයේදී (2016) එහි සංවිධාන කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදුකළ බැවින් මෙවර සංවිධාන කටයුතු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ඇත. 

තෙත්බිම් පිළිබද තොරතුරු බිඳක්

ගංගා ,ඇල දොල, මුහුද, වගුරුබිම්, ආදිය කෙරෙහි ඇති ආකර්ශනය හා ඒවා සම ඇති සබදතාවය මිනිස් ශිෂ්ඨාචාරයේ මූලාරම්භයේ සිට පැවත එයි. වසර පුරාම හෝ මාස කිහිපයක් ජලයෙන් යටවි පවතින, ජලයෙන් සංතෘප්ත වු පසක් සහිත, විල්ලු වගුරු මෙන්ම ගලායන හෝ නිසලව පවතින මිරිදිය කරදිය, කිවුල් දිය සහිත ප්‍රදේශ තෙත් බිමි ලෙස සරලව නිර්වචනය කල හැක.

පෘථිවි පෘෂඨයෙන් 6% පමණ තෙත්බිම් වලින් යුක්ත වන අතර තෙත්බිම් ලෝකයේ ඇති ප්‍රාථමික නිෂපාදනය අධික පරිසර පද්ධති වලින් එකක් ලෙස සැලකේ. විවිධ ජීවින් මෙන්ම පරිසර පද්ධතියේ නිෂ්පාදනය මත යැපෙමින් ජීවත් වන බැවින්, තෙත්බිම් ජෛව විවිධත්වයේ තොටිල්ල ලෙස හැදින්වේ.

තෙත් බිමි වල ඇති පාරිසරික, ආර්ථික හා සමාජිය වැදගත්කම සම්බන්ධව අවධානය යොමු කර, තෙත්බිම්  සංරක්ෂණය පිණිස රටවල් 196 ක් එකමුතුව 1971 වර්ෂයේ ඉරානයේ රම්සා නගරයේදි ඇති කරගන්නා ලද ගිවිසුම රම්සා සම්මුතිය නම් වේ.

රම්සා සම්මුතියට අනුව තෙත්බිමි අර්ථ දැක්වීම.
බාදිය මට්ටමේ සිට මිටර් 6 ට අඩු මුහුදු පෙදෙස්ද ඇතුලත්ව, ගලා යන හෝ නිශ්චලව පවතින මිරිදිය. කිවුල්දිය හෝ ලවණදියෙන් තාවකාලිකව හෝ ස්ථිරව යටවි ඇති කෘතිම හෝ ස්වභාවික වගුරුබිමි, විල්ලු, ජලාශ හෝ ජල මාර්ග, පීට් ඉඩම් තෙත්බිමි ලෙස සැලකේ.

තෙත්බිම්වල වැදගත්කම

ආහාර
ධාන්‍ය (උදා - වී)
එළවළු (උදා - කෙකටිය,කැරන් කොකු,ගිරාපලා, කංකුන්, නීරමුල්ලිය)
පළතුරු - (උදා - කිරළ)
මත්ස්‍ය සම්පත

ෂධ

කීකිරිදිය. බැබිල, වැටකෙයියා, නෙළුම්.ඕලු. මානෙල්වල ඇට,අල, මල් රේණු,නීරමුල්ලිය, මොණරකුඩිම්බිය

අමුද්‍රව්‍ය
කර්මාන්ත සදහා අමුද්‍රව්‍ය
(උදා - පන්,වැටකෙයියා,ගොන්කදුරු)
ඉදිකිරිම් සදහා
(උදා - දැව. හුණු නිෂ්පාදනය සදහා හිරිගල්)

ඉන්ධන
පීට්, දර

රසාස්වාදය
විනෝදය හා අධ්‍යපානය
කුරුල්ලන් නැරඹීම,
ඔරු පැදීම, පිහිනීම හා කිමිදුම් කටයුතු
ජලය
මිනිසාගේ සියළු ජල අවශ්‍යතා සදහා

කර්මාන්ත සදහා
කෘෂිකර්මාන්තය ( වී ගොවිතැන)
ධීවර කර්මාන්තය
ජල (වී වගාව)
(උදා - ඉස්සන් සහ මිරිදිය මසුන්, පොකුණු)
ගෘහ කර්මාන්ත
(උදා - හස්ත කර්මාන්තය, කලාත්මක නිෂ්පාදන)
සංචාරක කර්මාන්තය
ප්‍රවාහන කටයුතු
නැංගුරම් ස්ථාන

තෙත් බිමි වලින් සිදුවන පාරිසරික සේවාවන්
ජලජ ජීවින්ගේ බෝවිම තෙත්බිම් ආශීතව සිදුවීම
ජල ගැලිම් පාලනය
භූගත ජල ප්‍රතිස්ථාපනය
ජලජ ජීවීන්ට මෙන්ම ඒ ආහීත ජීවින්ට පරිසර පද්ධතිය මගින් වාසස්තාන/ ආහාර හා ජලය සැපයීම.
ස්වභාවික ව්‍යසන වලදි ආරක්ෂාව සැපයීම
වෙරළ ඛාදනය හා සෝදාපාලුව වැලැක්වීම

රම්සා සම්මුතිය යටතේ ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී ලංකාවේ පිමහිටි වැදගත් තෙත්බිම් පද්ධති
1. බුන්දල ජාතික උද්‍යානය (1990 ජුබී 15 දින - හෙක්ටයාර් 6210)
2. ආනවිලුන්දාව වැව් පද්දතිය ( 2001 අගොස්තු 03 වන දින  - හෙක්ටයාර් 1397)
3. මාදුගග පරිසර පද්දතිය (2003 දෙසැම්බර් 11 දින - හෙක්ටයාර් 915)
4. කුඩුම්ගල කුමන ජාතික උද්‍යානය (2010 ඔක්තෝම්බර් 29 දින - හෙක්ටයාර් 19011)
5. වාන්කාලෙයි ( 2010 දෙසැම්බර් 07 දින - හෙක්ටයාර් 4839 - හෙක්ටයාර් 4839)
6. විල්පත්තු ජාතික උද්‍යානය (2013 පෙබරවාරි 02 දින - හෙක්ටයාර් 165800)
 මෙම තෙත්බිම්වල නෛතික අයිතිය දරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.

රම්සා සම්මුතිය යටතේ පෙරවාරි මස 02 වන දින ලෝක තෙත්බිම් දිනය ලෙස 1997 වර්ෂයේදි ප්‍රකාශයට පත්කර ඇත.

තෙත්බිමි කෙරෙහි ඇති තර්ජන
සංවර්ධන කාර්යයන් සධහා තෙත්බිමි ගොඩ කිරිම
ඝන අපද්‍රව්‍ය සහ අපජලය තෙත්බිමි ආශ්‍රිතව මුදා හැරිම
ආක්‍රමණශීලී ශාක වර්ග ව්‍යාප්තිය (උදා - හම්බුපන්, වෙල්ආතා. ජපන්ජබර,)
අධික ලෙස වැලි ගොඩ දැමීම
අදිපරිභෝජනය
අවිධිමත් ලෙස තෙත්බිමි භාවිතය
කොරල් කැඩීම, සංචාරක බෝට්ටු ආදිය නිසා සිදු වන හානි.
අවිධිමත් ජලජීවී සංවර්ධන කටයුතු
තෙත්බිම් ආශීතව ජීවත් වන සතුන් හා සතුන්ගේ බිත්තර අනිසි ලෙස රැස් කිරිම හා පරිභෝජනයට ගැනීම.
v  අනවසර ඉඩම් භාවිතය.

තෙත්බිම් සංරක්ෂණය සදහා වැදගත්වන අන්තර් ජාතික සම්මුති.
1.      රම්සා සම්මුතිය (1971 පෙබරවාරි 02 ඉරානායේ රම්සා නුවර)
2.      තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා තුරුලතා වෙළදාම පිළිබද සම්මුතිය (CITIES -1973 මාර්තු 03 දින ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර)
3.      ජෛව විවිධත්ව සම්මුතිය (1992 කෙන්යාවේ නයිරෝබි නුවර)
4.      බොන් සම්මුතිය (පර්යටනයේ යෙසෙන වන ජීවීන් සංරක්ෂණය සදහා 1979 පර්මනියේ බොන් නුවර)


තෙත්බිම් සංරක්ෂණයට අදාල වන ශ්‍රී ලංකාවේ අණ පනත්
1.      1937 අංක  2 දරණ වනසත්ව හා  වෘක්ෂලතා  ආරක්ෂක ආඥා පනත (469 වන අධිකාරිය)
2.      1988 අංක 47 දරණ ජාතික පාරිසරික පණත
3.      1981 අංක 57 දරණ වෙරල ආරක්ෂණ පනත
4.      2008 අංක 35 සමුද්‍රීය පරිසර ආරක්ෂණ පනත
5.      1935 අංක 414 දරණ ඉඩම් සංවර්ධන අඥා පනත
6.      1968 අංක 15 දරණ ඉඩම්ගොඩකිරිමේ හා සංවර්ධනය කිරිමේ පනත.

මිනිසාගේ මූලීක අවශ්‍යතා මෙන්ම ජෛව විවිධත්වය සංරක්ෂනයට ඉමහත් දායකත්වයක්  සපයන තෙත්බිමි රැකගැනීම අප සැමගේ යුතුකමයි.

(තොරතුරු - මධ්‍යම පරිසර අධිකාරියේ අත්පත්‍රිකාවකිනි)
දිලිප්.සේනානායක, ප්‍රාදේශීය පරිසර නිලධාරි, මධ්‍යම පරිසර අධිකාරිය.

1997 වසරේ සිට 2017 වසර දක්වා ලෝක තෙත්බිම් දිනයන්හි තේමාවන්

  • 1997 – තෙත්බිම් ජීවයේ උල්පතයි
  • 1998 – තෙත්බිම් සඳහා ජලය, ජලය සඳහා තෙත්බිම්
  • 1999 – පරත් ජාව තෙත්බිම් අතර සබැඳියාව
  • 2000 – අන්තර්ජාතික වැදගත්කමක් ඇති තෙත්බිම් සුරකිමු
  • 2001 – තෙත්බිම් ලෝකය හඳුනාගනිමු
  • 2002 – තෙත්බිම්, ජලය, ජීවිතය හා සංස්කෘතිය
  • 2003 – තෙත්බිම් නොමැතිනම් ජලයත් නොමැත
  • 2004 – තෙත්බිම් – කඳු මුදුනේ සිට මහ සයුර වෙත
  • 2005 – තෙත්බිමේ ජෛව උරුමය හා සංස්කෘතිය
  • 2006 – දිළිඳුකම පිටු දැකීමට තෙත්බිම් සුරකිමු
  • 2007 – හෙට දිනට මත්ස්යැ සම්පත
  • 2008 – සෞඛ්යි සම්පන්න තෙත්බිම් හා සෞඛ්යය සම්පන්න මිනිස්සු 
  • 2009 – ඉහළ ගංඟාධාර හා පහළ ගංඟාධාර අප සියල්ල එක් කරයි
  • 2010 – තෙත්බිම් සුරකිමු, දේශගුණ විපර්යාස පිටුදකිමු
  • 2011 – ජලය හා තෙත්බිම් සඳහා වනාන්තර
  • 2012 – තෙත්බිම් හා සංචාරක කර්මාන්තය
  • 2013 - තෙත්බිම් සහ ජල කළමණාකරණය
  • 2014 - තෙත්බිම් සහ කෘෂිකර්මාන්තය
  • 2015 - අපේ අනාගතය සඳහා තෙත් බිම්
  • 2016 - අනාගතය සඳහා තෙත්බිම් - තිරසාර ජීවනෝපායක්
  • 2017 - ආපදා අවම කිරීම සඳහා තෙත්බිම් 
  • Edit 2021-02-01 
  • 2018 -  තිරසර නාගරික හෙට දවසක් උදෙසා තෙත් බිම් - Wetland for a sustainable urban future  
  • 2019 -  ලෝක තෙත්බිම් හා දේශගුණික විපර්යාස - Wetlands and climate change
  • 2020 - තෙත්බිම් සහ ජෛව විවිධත්වයයි - Wetlands and Biodiversity
  • 2021 - තෙත්බිම් සහ ජලය  - Wetlands and water 
  • Edit 2024-02-01 
  • 2022 - ජනතාව හා සොබාදහම සඳහා තෙත් බිම් ක්‍රියාකාරීත්වය -Wetlands Action for People and         Nature
  • 2023 - තෙත්බිම් ප්‍රතිෂ්ඨාපනය කිරීමට කාලය යි - Time to restore wetlands
  • 2024 - තෙත්බිම් සහ මානව යහපැවැත්ම - Wetlands and human well-being

Tuesday, January 24, 2017

වකුගඩු රෝගය ගැන දැනගත යුතු දෑ - වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර මහතා සමඟ කරන ලද සාකච්ඡාවක්


වර්මානයේ සමාජීය වශයෙන් බරපතල ප්‍රශ්නයක් බවට පත් වී ඇති වකුගඩු රෝගය මේ වන විට උතුරු මැද පළාතේ ප්‍රබලම සෞඛ්‍යමය ගැටළුව බවට පත්වී ඇත.  ගිරාදුරු කෝට්ටේ, කුරුණෑගල, ඇඹිලිපිටිය, හම්බන්තොට යන ප්‍රදේශවලින් රෝගීන් විශාල වශයෙන් හමුවීම තුලින්  මෙම රෝගය  ලංකාවේ අනෙකුත් පළාත් වලද  පැතිරී  පවතින බවද පැහැදිලි වේ.

බටහිර රටවල සිදුවන්නේ මේ රෝගය හදුනාගත් දින සිට වකුගඩු බද්ධ කිරීමට සිදුවන දිනය දක්වා වු කාලය දිර්ඝ කිරීම සදහා ඖෂධ පද්ධති උපයෝගී කර ගැනීමය.මෙහිදී මුත්‍ර පෙරීමේ ප්‍රවණතාවය ( GFR අගය ) ක්‍රමයෙන් අඩුවන අතර අවසානයේ රෝගියා ජිවත් කරවීම සදහා වකුගඩු බද්ධ කිරීම සිදුවේ.මේ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇත.

නමුත් මේ රෝගය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමට වැය වන්නේ ඉතා සුළු මුදලකි. නමුත් මෙය නිවැරදිව ක්‍රියාත්මක නොවීම තුළ රෝගීන් වැඩි වීම ඉතා කණගාටුදායකය. Scrip Test  නමැති සරල මුත්‍ර පරීක්ෂණයේදී රෝගය හදුනාගන්නට වැය වන්නේ රුපියල් 10 කටත් අඩු මුදලක්. නමුත්ජනතාවගේ නොදැනුවත්කම තුළ මේ සඳහා යොමු නොවීම  මෙම ගැටළුව වැඩිවීමට හේතුවක් වී ඇත.

රෝගියා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයකට පෙර මුල් අවස්ථාවේදීම රෝගය හදුනා ගැනීම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුට ඉතා පහසු කාරණයකි . එහෙයින් මෙම රෝගය පැතිරෙන ප්‍රදේශ හා ගොවිතැන් බහුලව සිදුකරන ප්‍රදේශවල නිරෝගී පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීම ඉතා වැදගත් . මන්ද යත් රෝගය සාමාන්‍යයෙන් හදුනා ගැනීමට හැකි වන්නේ රෝගය ඇතිවී තුන්වන අවධිය පසුවුවාට පසුව එනම් රෝගියාගේ මුත්‍ර පෙරිම අවම වීම තුලිනි.

වකුගඩු රෝගයෙහි රෝගී ලක්ෂණ ලෙස  වමනය, හිසරදය, අධික මුත්‍ර පහවීම, අධික තෙහෙට්ටුව,  හිසරදය, ඇඟේ දුර්වලකම දැක්විය හැකිය.

රෝගයෙහි තුන්වන අවධියේදී රෝගියාගේ බාහිරව අත්පා ඉදිමීම, අධිරුධිර පීඩනය, ඇනීමියා තත්ත්වය ඇති වීම දක්නට ලැබේ. මෙහිදි හෘදයේ හා වකුගඩුවල ක්‍රියාකාරිත්වය අවමවීම තවත් රෝග ලක්ෂණයකි.

තුන්වන අවදියේ සිට රෝගියාගේ අවසන් මොහොත දක්වා  අවධි 2 ක් පසුකළ යුතුය. 4 වන අවධියේ රුධිර පාරවිලයනය ද අවසන් අවස්ථාවේදී වකුගඩු බද්ධ කිරීමටද සිදු වේ. මේ නිසා රෝගියාට  හා පවුල්වල පුද්ගලයන්ට අධික වැය බරක් මේ සඳහා දරන්නට සිදු වේ.   වැඩි වශයෙන් මෙම රෝගී තත්ත්වයට ගොදුරු වී ඇත්තේ දරිද්‍රතාවයෙන් පෙලෙන ගොවිතැනෙහි යෙදි සිටින්නන්වීම නිසා බොහෝවිට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඔවුන්ට හැකියාව නොලැබේ. මේ නිසා මෙය බරපතල සමාජ ගැටළුවක් බවට පත්වීමට හේතුවක් වී ඇත.

කැඩ්මියම්, ආසනික් , රසදිය වැනි  බැර ලෝහ මෙම රෝගයට හේතු කාරක වී ඇත. භෝග වගාවේදි අධික වශයෙන් කෘමි නාශක භාවිතයwell1 හේතුකොට ගෙන එම කෘමිනාශකවල ඇති අධිසාන්ද්‍රීය බැර ලෝහ පසට එක්වේ. මෙම පසෙහි කරන වගාවන්ට මෙම ද්‍රව්‍ය ඇතුළුවීමත් මිනිසාගේ සිරුරට එම ආහාර මගින් මේ විෂ රසායන ඇතුල්වීමත් සිදුවේ.

එපමණක් නොව මෙම රෝගය පැතිරී යන ප්‍රදේශවල ජලයේ ආස්‍රැත භාවය හේතුකොටගෙන සිරුරට අහිතකර කැල්සියම් ආසනේට් තත්ත්වයක් ඇතිවී එය මෙම බැර ලෝහ හා එක්වී  වකුගඩු අක්‍රිය කරන තත්ත්වයට පත් වේ.

එසේනම් ලංකාව පුරා කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන නමුත් එම ප්‍රදේශවල පමණක් වකුගඩු රෝගය ඇතිවන්නේ ඇයිදැයි ඔබට ගැටළුවක් වනු ඇත.  සෑම කෙනෙක්ම ආහාරයට ගන්නේ විෂ රසායන ද්‍රව්‍ය ඇතුල්වු ආහාර වුවද එහි අඩංගු බැර ලෝහ හා ක්‍රියා කර වකුගඩු  අක්‍රිය කරන  ආස්‍රැත ජලය  අනෙක් ප්‍රදේශවල නොමැති වීමයි.

එසේ නම් අප මෙම රෝගය පැතිරියාම වැළැක්වීමට  කළ යුත්තේ කුමක්ද?

මෙහිදී අප පළමුව කළ යුත්තේ රෝගය වැලදීමට පෙර ඉන් ආරක්ෂා වීමට කටයුතු කිරීමයි .රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අමතරව නිරෝගී පුද්ගලයන් මේ පිළිබදව දැනුවත් කිරීම ඉතා වැදගත්.මෙහිදී රෝගය වැළදෙන කණ්ඩායම පිළිබඳව කරන ලද සමීක්ෂණ වලදී  අවුරුදු 20 ට අඩු රෝගීන් සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පවතින අතර වැඩිපුරම  රෝගය වැලදී ඇත්තේ අවුරුදු  35- 45 ත් අතර පුද්ගලයින්ට බව හදුනා ගෙන ඇත.  එහෙයින්  අවුරුදු 20 ට අඩු අය දැනුවත් කිරීම තුලින් අනාගතයේදී මෙම රෝගය ව්‍යාප්ත වීම් වලක්වා ගැනිමට හැකිවනු ඇත.

කෘමි නාශක භාවිතයේදී නිවැරදි ක්‍රමවේදයන් භාවිතා නොකිරීම, කෘමිනාශක වැඩිපුර වැව්වලට එකතුවීම .එම වැව් ජලය ජනතාව පානය කිරිම,  මෙම රෝගය පැතිරීමට එක් හේතුවක් ලෙස සැලකිය හැකිය. මේ නිසා පිරිසිදු ජලය පාවිච්චි කිරිම ඉතා වැදගත්. එමෙන්ම රෝගය ව්‍යාප්ත වන ප්‍රදේශවලට මෙම බැර ලෝහ වලින් තොර ජලය ලබා දීම තුලින් මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට විශාල රුකුලක් වනු ඇත.

kidneyඑමෙන්ම වැව් ආශ්‍රිතව පවතින ජලජ ශාකයන් භාවිතයට ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය. ජලය ආශ්‍රිතව වැවෙන නෙළුම්, කොහිල වැනි ශාකයන්ගේ අල වර්ග වල  මෙම බැර ලෝහ එක් වීමේ ප්‍රවනතාවය වැඩිය.  වියලි කාලයේදී වැව්වල ජලයේ ප්‍රමාණය අඩුවන හෙයින් එහි කෘෂි රසායනික සාන්ද්‍රණය වැ
ඩි වේ.

මීට අමතරව වැව් මාළු භාවිතයේදී මාළුන්ගේ කොරපොතු ඉතා හොදින් ඉවත් කර සෝදා භාවිතයට ගත යුතුය. මන්ද යත් ජලයෙහි ඇති රසායන ද්‍රව්‍ය මාළු කොරපොතු වල රැදෙන හෙයිනි.



අතීතයේදී අපේ පැරැන්නන් ජලය පිරිසිදු කරගැනීම සදහා නොයෙක් ක්‍රමවේදයන් භාවිතා කලද වර්තමාන සමාජයෙහි පවතින කාර්යබහුල ජීවන රටාව සමඟ එම ක්‍රමවේදයන් භාවිතා කිරීමට හැකියාවක් නොමැත. අද ඒ වෙනුවට ෆිල්ටර් භාවිතයට යොමුවී ඇත. සෑම ෆිල්ටරයකින්ම බැර ලෝහ පෙරීම සිදු නොවන හෙයින් බැර ලෝහ පෙරීමට හැකි  ෆිල්ටර්  පමණක් භාවිතයට ගැනීමට අප වගබලා ගත යුතුය. එමෙන්ම ඇළුමිනියම් භාජන වල ජලය පිරවිම හෝ ආහාර පිසීමෙන් වැලකීමෙන් රෝගී තත්ත්වයන් අවම කර ගැනීමට හැකි වේ. ඒ ජලයෙහි ඇති ආම්ලිකතාවය ඇළුමිනියම් සමඟ ක්‍රියාකිරීමෙන් ශරීරයට අහිතකර සංගටක නිපදවන හෙයිනි.  මැටි භාජන භාවිතා කිරීම තුලින් මෙය වළකා ගතහැකි වේ.   

බොහෝ විට වගාවන් වලදී වල් මර්ධනය,කෘමි පාලනය, නයිට්‍රජන් ඌනතාවය හා අධි අස්වැන්නක් සදහා  කෘෂි රසායන භාවිතය අත්‍යාවශ්‍ය  සාධකයක් බවට පත්වී ඇත. නමුත් කාබනික පොහොර හා පැරණි ක්‍රම භාවිත කරමින් ඉහත සාධක සියල්ල සපුරාලමින් වී  හා වෙනත් බෝග වර්ග  වගා කිරීමට බොහෝ ගොවීන් අද යොමුවී ඇති අතර එයින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව පෙනේ.   සුවදැල්, පච්චපෙරුමාල් වැනි වී වර්ග කාබනික පොහොර භාවිතකර වගා කිරීමෙන් කෙටි කාලයකින් අස්වැන්න ලබා ගැනීමට හැකි වී ඇත. මෙහිදීpachcha සිරුරට අවශ්‍ය කැලරි ප්‍රමාණය ඉතා හොදින් මෙම වී උපයෝගී කරගෙන ජනතාවට ලබා දීම තුලින් නිරෝගී ජනතාවක් සදහා අවශ්‍ය පරිසරය සැලසෙනු ඇත.

සාමාන්‍යයෙන් සිරුරට අවශ්‍ය වන ආසනික් ප්‍රමාණය ලීටරයකට මයික්‍රො ග්‍රෑම් 10 කි. නමුත් අද වෙළඳ පොලේ ඇති කෘෂි රසායන ද්‍රව්‍ය වල ලීටරයක මයික්‍රො ග්‍රෑම් 200 - 1500 දක්වා පරාසයක ආසනික් අඩංගුය. මෙම රසායන ද්‍රව්‍ය උපයෝගී කරගෙන වගා කිරීම තුල සහල් කි.ග්‍රෑම් 1කට මයික්‍රො ග්‍රෑම් 200 - 1000 දක්වා ඇතුල් වේ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුව ආසනික්  පැවතිය යුත්තේ කි.ග්‍රෑම් 1 කට මයික්‍රො ග්‍රෑම් 150 ක් පමණී.

2012 දී කරන ලද සමීක්ෂණයකට අනුව  වකුගඩු රෝගයට ගොදුරුවී ඇති සංඛ්‍යාව  30000 ක් පමණ වෙතැයි ගණන් බලා ඇති අතර මේ වන විට දිනකට වකුගඩු රෝගීන් 13 ක් පමණ මිය යන බව වාර්තාවී ඇත. උතුරු මැද පළාතේ පමණක් දිනකට මියයන සංඛ්‍යාව 4 කි.  උතුරු මැද පළාතේ රෝගී ප්‍රතිශතය සලකා බලන විට එය 2000 - 2% , 2004 - 4%, 2008- 8%  , 2012- 16%  ක්  ලෙස වැඩි වෙමින් පවතී.

එසේනම් මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා  පැවතිය යුතු ආකාරය පිළිබඳ ආයුර්වේදය මෙසේ දක්වයි. අන්නාසි, අච්චාරු, බලමාළු, කකුළුවන්, දැල්ලන් වැනි උෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින ලෙසද ඒවා ආහාරයට ගැනීමෙන් මුත්‍ර ප්‍රදාහය ඇතිවීමට හැකියාව ඇති බවද දේශිය වෛද්‍ය ක්‍රමයේදී පෙන්වා දේ. පොල්පලා , නීරමුල්ලිය වැනි ඖෂධීය ශාක තම්බා බීමෙන් මුත්‍ර ප්‍රදාහය වළක්වා ගත හැක.එසේම දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුලින් වකුගඩු රෝගය ඉතා හොදින් පාලනය කරගැනීමට හැකියාව ඇති බවද ඔප්පුකර ඇත.
ක්ෂණික ආහාර වල ඇති E කාණ්ඩයට අයත් රසකාරක වකුගඩු ආශ්‍රිත රෝග හා පිළිකා ඇතිකිරීමට හේතුවන හෙයින් එම ආහාර ගැනීමෙන් වැලකී සිටිම තුලින් මෙම රෝග හට ගැනීමේ ඉඩකඩ අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

එසේනම් හෙට දවසේ කාලීන වකුගඩු රෝගය අප රටින් තුරන් කිරීමට අප සැවොම එක්ව කටයුතු කල යුතුය. ඒ සඳහා  රෝගය පැතිර යන ප්‍රදේශවලට පිරිසිදු ජලය ලබා දීමට පියවර ගැනීම, විෂ රසායන ද්‍රව්‍ය වලින් තොර  ආහාර භෝග වගා කිරීමට අවශ්‍ය සහාය ලබා දීම රජයේ වගකීම වන අතර  මේ සම්බන්ධයෙන් සමාජය දැනුවත්  කිරීම අපගේ යුතුකම වන්නේය.  


බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර මහතා සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරින් සකස් කලේ -අමිතා  ප්‍රසන්ති
උපුටා ගැනීම - news.lk වෙබ් අඩවිය, 2015-08-03

Sunday, October 16, 2016

ලෝක ආහාර දිනය අදයි (ඔක්තොබර් 16)

ලෝක ආහාර දිනය අදට යෙදී ඇත. ප්‍රථම වරට ලෝක ආහාර දිනය සමරමින් කුසගින්නෙන් පෙළෙන්නන් සඳහා විවිධාකාර ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත්තේ 1979 වර්ෂයේදී ය.

මෙම දිනය වාර්ෂිකව සමස්ත එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් විසින් සමරනු ලබයි.

සෑම වසරකම තේමාවක් සහිතව ලෝක ආහාර දිනය සමරනු ලබන අතර මෙවර තේමාව වන්නේ "සමාජ අරක්ෂණය සහ කෘෂිකර්මය ග්‍රාමීය දිළිඳු බවේ චක්‍රය බිඳ දැමීම" යන්නයි.

සෑම වසරකදීම ලෝක ජනගහනයෙන් මිලියන 180ක ජනයා කුසගින්නෙන් පෙළෙන ජනගහනයට එක්  වන අතර ලෝක කාන්තා ජනගහනයෙන් 60%ක් ඊට ඇතුළත් වේ. එසේම ලෝක ළමා ජනගහනයෙන් සෑම වසරක ම මිලියන 5ක පමණ ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. 

2015 මේ සඳහා ඵල කරන ලද ලිපිය මෙතනින් කියවන්න.

Friday, October 14, 2016

ආපදා අවම කිරීමේ දිනය 2016

එක්සත් ජාතීන්ගේ මහා මංඩලය මගින් සෑම වසරකම ඔක්තෝබර් මස 13 වන දින විපත් අවම කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත. 1989 වසරේ සිට සියළු රටවල් විසින් ආපදා අවම කිරීමේ ජාත්‍යන්තර දිනය සමරනු ලබයි. තම රටෙහි සහ අසල්වැසි රටවල සිදුවන ආපදා ගැන දැනුවත් වීම, ඒවාට මුහුණ දීමට පෙර සුදානමක් තිබීම හා ආපදා කළමනාකරණ සංස්කෘතියක් ලෝකය තුළ බිහි කිරීම විපත් අවම කිරීමේ දිනය ප‍්‍රකාශයට පත් කිරීමේ මූලික අරමුණයි. ආපදා අවම කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ( United Nations Office for Disaster Reduction) 2011 වසරේ සිට ආපදා නිසා සිදුවන හානි අවම කිරීමේ කාර්ය භාරය සඳහා ලොකු කුඩා භේදයකින් තොරව රටක සෑම පුද්ගලයකුම සහභාගී කරවා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් වැඩ සටහනක් දියත් කෙරීණ. රටක ජනගහනයේ එක් එක් ප‍්‍රභේද ආපදා හානි වැලැක්වීමේ ක‍්‍රියාවලියට දායක කරගැනීමේ ක‍්‍රියාමාර්ග පිළිබඳව එක් එක් වසර තුළ අවධානය යොමු කෙරිණි. 2014 වර්ෂයේ අවධානය යොමු කරනුයේ වැඩිහිටි පුරවැසියන්ගේ දායකත්වය ආපදා කළමනාකරණය සඳහා යොදා ගැනීම ගැනයි. වැඩිහිටියන් සතුව පවත්නා පාරම්පරික ඥානය රටක ආපදා හානි අවම කිරීමේ ක‍්‍රියාවලියට ඉතා වැදගත් වන බව මින් අවධාරණය කෙරේ.

මානව ඉතිහාසයේ ආරම්භයේ සිටම ස්වාභාවික ආපදා සිදුවු බවට සාක්ෂි ඇත. බුදුන් වහන්සේගේ කාලයේ විශාලා මහනුවර හටගත් සාගතය, වසංගත රෝග හා අමනුෂ්‍ය බිය යන ත‍්‍රිවිධ ආපදාවන්ගෙන් හටගත් බියකරු ව්‍යසනයක් ගැන සඳහන් වේ. කැළණිතිස්ස රජු සමයේ ශ‍්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනය නිසා හටගත් භයානක ප‍්‍රතිඵල ගැන අපගේ ඉතිහාසයෙහි කියවේ. එහෙත් මේවා ඉතා විරල සිදුවීම්ය. අපගේ මුතුන් මිත්තෝ පාරිසරික සාධකය ඉතා පූජනීය ලෙස සැලකූහ. මානව පැවැත්ම සඳහා පරිසරය සපයා දෙනු ලබන සම්පත් ඥානාත්විතව හා සකසුරුවමින් භාවිතා කළහ. මේ නිසා එකල ප‍්‍රජාවට ස්වාභාවික ආපදාවන්ගෙන් සිදුවූ ව්‍යසනයන් අද මෙන් බහුල නැත. මිනිස් ක‍්‍රියාකාරකම් නිසා හටගන්නා කිසිදු කෘතිම ආපදාවක් ගැන ඔවුහු දැන නොසිටියහ.
වර්තමාන ලෝකයේ සෑම රටක්ම පාහේ ආපදා නිසා හටගන්නා ව්‍යසන වලට ගොදුරු වේ. ස්වාභාවික විපත් සංඛ්‍යාව අතිශයින් ඉහල ගොස් තිබෙන අතර ඉන් සිදුවන ජීවිත හානි, දේපළ හා පාරිසරික විනාශයන් මෙතෙකැයි නිශ්චය කළ නොහැකි තරමට ඛෙදනීය වර්ධනයක් පෙන්නුම් කෙරේ. මෙම ව්‍යසනයන් අවම කිරීමේ අවශ්‍යතාව හුවා දක්වමින් ආපදා අවම කිරීමේ ජාත්‍යන්තර දිනය ප‍්‍රකාශයට පත් කෙරිණ.
ආපදාවක් යනු බලාපොරොත්තු රහිතව, මිනිස් ජිවිත ද, දේපළ ද, පරිසරය ද විනාශ කරමින් ක්‍ෂණිකව ඇතිවන විනාශකාරී සිදුවීමකි. මෙම විනාශකාරී සිදුවීම් දෙවැදෑරුම් වේ. පෘථිවි පෘෂ්ඨය අභ්‍යන්තරයේහි සිදුවන භූගෝලීය ක‍්‍රියාකාරකම් හා දේශගුණික සාධක මත හටගන්නා ස්වාභාවික විපත් පළමු ගණයට අයත් වේ. භූමි කම්පා, නායයාම්, ජලගැලීම්, නිය`ග, සුළි කුණාටු, ගිනි කඳු පිපිරීම් හා සුනාමි ව්‍යසන වශයෙන් ස්වාභාවික ආපදා නා නා විධ වේ. රටවල භූගෝලීය පිහිටීම මත ව්‍යසනයන්ට ගොදුරු වීමේ ප‍්‍රවණතා අඩු වැඩි වේ. ජපානය, පිලිපීනය, ඉන්දුනීසියාව වැනි රටවල් මහාද්වීපික හා සාගර තටක එකිනෙකට මුණ ගැසෙන තීරයක පිහිටා තිබීමෙන් සාගර පත්ලේ හා මහාද්වීප තටක පත්ලේ සිදුවන භූගෝලීය ක‍්‍රියාකාරකම් නිසා එම රටවල් නිරන්තර භූමි කම්පාවන්ට ලක්වේ. ලොව සිදුවන භූ චලන වලින් 90% ක් පමණ මෙම රටවලින් වාර්තා වේ. ජපානයේ කෝබේ හා ටොහෝකු ප‍්‍රදේශ වල මිනිස් ජිවිත විශාල සංඛ්‍යාවක් හා දේපළ බිලිගනිමින් ඇති වූ භූ චලන මෑත ඉතිහාසයේ සිදුවු අති භයානක භූ චලන වෙයි. ගිනි කඳු පිපිරීම්, නාය යාම් හා සුනාමි තර්ජන මත හටගන්නා විනාශකාරී සිදුවීම්ද මෙම රටවල බහුලය. බංග්ලාදේශය, ඉන්දියාවේ සමහර ප‍්‍රදේශ හා චීනය හා ශ‍්‍රී ලංකාව ජලගැලීමේ විපත් නිසා නිතර ව්‍යසනයන්ට ලක්වේ. සුළි කුණාටු ද මිනිස් ජීවිත හා දේපළ විනාශ කරන තවත් ආපදාවකි. සුළි කුණාටු බොහෝ රටවලට පොදු විපතක් වුවත්, 70% ක් පමණ සුළි කුණාටු වාර්තා වනුයේ උත්තරාධ_ ගෝලයේ පිහිටි රටවලින්ය. මලාවි, සිම්බාබ්වේ, සූඩාන්, ඉතියෝපියා, එරිත‍්‍රියා වැනි රටවල් නිරන්තර නියං ආපදා වලට ගොදුරු වන රටවල් ය.
ස්වාභාවික ආපදාවන්ට අමතරව මිනිසා විසින් නිර්මාණය කරනු ලබන කෘතිම විපත් නිසා වර්තමානයේ ලොවට මුහුණ දීමට සිදු වී ඇති ව්‍යසනයන් දෙවන ගණයට අයත්වේ. මිනිසා සැලසුම් සහගතව කරන ක‍්‍රියාකාරකම්, නොසැලකිල්ල හා යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතයේ වැරදි නිසා සිදුවන විපත් හා පද්ධතීන්ගේ වැරදීම් හේතුවෙන් හටගන්නා භයානක ව්‍යසන වලට මුහුණ පෑමට මිනිසාට සිදුවේ. න්‍යෂ්ඨික අවි පිපිරවීම, යුද්ධ හා ත‍්‍රස්තවාදය, ඉන්ධන ගබඩා, සහ ගෑස් නල පුපුරා යාමෙන් ඇතිවන කාන්දුව මහාමාර්ග හා ගුවන් අනතුරු කෘතිම ව්‍යසන අතර ප‍්‍රමුඛත්වය ගනියි. න්‍යෂ්ඨික අවි පිපිරවීම නිසා මාර්ෂල් දුපත් හා නෙවාඩා වැනි ප‍්‍රදේශ වල සිදුවු අතිවිශාල මිනිස් ජිවිත හා සෞඛ්‍ය ගැටළු වලට අමතරව තවමත් එම ප‍්‍රදේශ මිනිස් වාසයට නුසුදුසු ප‍්‍රදේශ බවට පත්ව නැත. යුධ බිය හා ත‍්‍රස්තවාදය නිසා වර්තමානයේ බොහෝ රටවල අහිංසක මිනිස් ජිවිත හානියට පත්වේ. දැනට මාස කිහිපයකට මත්තෙන් මැලේසියානු ගුවන් යානයට සිදු වු විපත ඉතා ඛෙදනීය අවස්ථාවකි. වසංගත පැතිරයාමෙන් මිනිසුන්ට සිදුවන ව්‍යසනයද සුළුකොට තැකිය නොහැක. අප‍්‍රිකානු රටවල් අරක්ගත් ‘ඉබෝලා’ වසංගතය ඉතා කෙටි කලකදී මිනිස් ජිවිත දහස් සංඛ්‍යාවක් බිලි ගැනීමට සමත් විය.
ලංකාවේ ආපදා හානි
පසුගිය දශක කිහිපය තුළ ලොව දක්නට තිබෙන ආපදා හානි වර්ධනය වීමේ ප‍්‍රවණතාව ලංකාවටද පොදුය. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සංග‍්‍රහ කර තිබෙන තොරතුරු අනුව දිවයිනේ බහුලව සිදුවන ස්වාභාවික ව්‍යසන අතර ජලගැලීම්, නාය යාම්, සුළි කුණාටු, නියං සාය අකුණු හානි හා වන සතුන්ගේ පහරදීම් ප‍්‍රමුඛස්ථානයට ගැනේ. මෝසම් වැසි සමග ගංගා පිටාර ගැලීමෙන් වසරකට දෙවතාවක් පමණ දිවයිනේ ඇතැම් දිස්ත‍්‍රික්ක ජලගැලීම් වලට භාජනය වේ. ජලගැලීම් වලින් සිදුවන ජීවිත හානි අඩුවුවද දේපල හා වගාවන්ට සිදුවන විනාශය බරපතළය. එම හානි තුළින් මිනිස් ජිවිත වලට කෙරෙන බලපෑම් අතිවිශාලය. කළුතර, රත්නපුරය, ගාල්ල, මඩකලපුව, පොළොන්නරුව හා කෑගල්ල යන දිස්ත‍්‍රික්ක නිරතුරුවම ජලගැලීම් වලට ගොදුරු වේ. 2014 ජුනි මාසයේ වු ජලගැලීම් නිසා පුද්ගලයින් 104476 ක සංඛ්‍යාවක් විවිධ කරදර වලට පත්වු බව වාර්තා වේ. නායයාම් හා අකුණු සැර හානිද ඉහළ යාමේ
ප‍්‍රවණතාවක් ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ගම්පහ, කළුතර, රත්නපුර, යන දිස්ත‍්‍රික්ක තුළ අකුණු ආපදාව වැඩි වශයෙන් සිදුවේ. 1974 – 2008 දක්වා වසර 34 තුළ ලංකාවේ සිදුවු ස්වාභාවික විපත් පිළිබඳව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් කරන ලද අධ්‍යයනයකින් මෙම තොරතුරු අනාවරණය වේ. ඒ අනුව වර්ෂ 2002 දක්වා කාලය තුළ දළ වශයෙන් වසරකට නායයාම් 50 ක් පමණ වාර්තා වී ඇත. 2002 වසරෙන් ඔබ්බට නායයාම් වල හදිසි වර්ධනයක් පෙන්නුම් කෙරේ. 2006 සිට වසරකට නායයාම් 200 – 375 දක්වා පරාසයක් තුළ සිදුවෙමින් පවතී. බදුල්ල, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල යන දිස්ත‍්‍රික්ක මෙම අනතුරට වැඩි වශයෙන් ගොදුරු වේ. ලංකාවට සැලකිය යුතු වාර්ෂික වර්ෂාපතනයක් ලැබුණද, සමකයට ආසන්නව පිහිටීමේ බලපෑම නිසා ඇතැම් වර්ෂවල නියං සාය වලින්ද දිවයිනට හානි පැමිණේ. කුරුණෑගල, පුත්තලම, හම්බන්තොට, මොණරාගල වැනි වියළි කලාපීය දිස්ත‍්‍රික්ක නියං සායෙන් පීඩා විදිති. අකුණු සැර වැදීම මෝසම් වැසි සමග සම්බන්ධ තවත් ව්‍යසනයකි. මෙම අනතුර නිසා වන ජිවිත හානි සංසන්දනාත්මකව අඩු වුවත් ඉන් සිදුවන හානි වල ක‍්‍රමික වර්ධනයක් පෙන්නුම් කෙරේ. ලංකාවේ සමහර දිස්ත‍්‍රික්කවල ජනතාව අලි ඇතුන් හා ඌරන් වැනි වන සතුන්ගේ පහරදීම් වලට ලක්වේ. මිනිසුන්ට පහර දීම හා මරාදැමීම, ගේ දොර විනාශ කිරීම්, වගාවන්ට හානි කිරීම වන සතුන්ගෙන් සිදුවන විනාශයන්ය. කුඹුරු වල අස්වැන්න නෙළන කාලයේදී වනසත්ව අනතුර බහුල බව ගොවීහු පවසති. වසරකට සතුන්ගෙන් සිදුවන හානි 500 සිට 900 දක්වා
ප‍්‍රමාණයක් වාර්තා වේ. කුරුණෑගල, මාතලේ සහ අම්පාර දිස්ත‍්‍රික්ක තුළ මෙම උවදුර වැඩි වශයෙන් දක්නට තිබේ.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අනුව, පසුගිය වසර 10 මුළුල්ලේ භයානක ආපදා 34 ක් සිදු වී ඇත. ඉන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 37,545 ක් සිදුවූ සියළු හානි වල වටිනාකම අ.එ.ජ. ඩොලර් බිලියන 5.96 කි. 2004 වසරේ හටගත් සුනාමි ව්‍යසනය පමණක් දිවයිනේ මිනිස් ජිවිත 31,225 ක් බිලි ගෙන තිබේ. පවුල් 260,967කට වාසස්ථාන අහිමි විය. පුද්ගලයින් 4500ක් පමණ අතුරුදහන් වුවන් අතරට එක්වී ඇත. සුනාමි ආපදාවේ අලාභය අ.එ.ජ. ඩොලර් බිලියන 3.6 කි. වාසනාවකට මෙන් සුනාමි ව්‍යසනය ලංකාවේ නිරන්තර අත්දැකීමක් නොවේ.
මිනිස් ක‍්‍රියාකාර කම් හේතුවෙන් හටගන්නා ආපදා ස්වාභාවික විපත් තරමටම හෝ ඇතැම් විට ඊටත් වඩා භයානක ප‍්‍රතිඵල ගෙනදේ. නීති විරෝධි ලෙස තරුණයන් විදේශ රටවලට ප‍්‍රවාහණය කිරීම, මැද පෙරදිග කාන්තාවන් විඳින කටුක අත්දැකීම් හා ගැහැට, ධීවර ප‍්‍රජාව මුහුණ දෙන ගැටළු, මත් ද්‍රව්‍ය භාවිතය, දරුවන් අපයෝජනයට ලක්කිරීම හා රථ වාහන අනතුරු මිනිස් ක‍්‍රියාකාර කම් නිසා ඇතිවන ආපදා අතර ප‍්‍රධාන තැනක් ගනි.
රැුකියා අපේක්ෂාවෙන් විදේශ ගතවීමට කැමැත්තක් දක්වන තරුණයන් මුළාකොට, නීත්‍යානූකූල නොවන මාර්ග ඔස්සේ ඔවුන් ඕස්ටේ‍්‍රලියාව හා ඉතාලිය වැනි රටවලට යවන ජාවාරම්කරුවෝ බොහෝ වෙති. එක් තරුණයකුගෙන් රු. ලක්ෂ 5 සිට 10 දක්වා මුදලක් අයකොට හොර රහසේම මුහුදු මාර්ගයෙන් මෙම තරුණයන් ලංකාවෙන් පිටකෙරේ. පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් නංවාගෙන දින 25 සිට 30 දක්වා කාලයක් ගතවන අවදානම් ගමනක් අරඹන මෙම බෝට්ටු මුහුදේදීම පෙරළීම නිසා මෙම තරුණයෝ මරණයට පත්වෙති. නොඑසේ නම් ලංකා මුහුදු තීරයේදි හෝ ඕස්ටේ‍්‍රලියානු මුහුදු තීරයේදී නීතියේ රැුහැනට අසුවී ද`ඩුවම් ලබති. වියදම් කළ මුදල හෝ අපේක්ෂිත රැුකියාව යන දෙකම ඔවුන්ට අහිමි වේ. පසුගිය වසර තුළ නීති විරෝධි සංක‍්‍රමිණික තරුණයන් 8000කට වැඩි සංඛ්‍යාවක් පොලිසියේ හා නාවික හමුදාවේ බලධාරීන් අතට පත් වු බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුදැනුමකින් තොරව ඇතැම් රැුකියා ආයතන මගින් මැද පෙරදිග ගෘහ සේවය සඳහා යවනු ලබන කාන්තාවන්ගේ ඉරණම ද ඉතා ඛේදනියයි. මිනිස් ජාවාරම් කරුවන්ගේ මුසාබස් වලට රැුවටී ගෘහ සේවයට හෝ වෙනත් රැුකියා සඳහා යැයි පවසමින් ඔවුන් සමග නගරයට පැමිණෙන කුඩා දරුවන් මෙන්ම කාන්තාවන්ද ඔවුන්ගේ රැුකියා ස්ථානය තුළ ශ‍්‍රම සූරා කෑමට හා විවිධ අපයෝජනයන්ට ලක්වේ. මත්ද්‍රව්‍ය සඳහා දරුවන් ඇබ්බැහි වීම නාගරික ප‍්‍රදේශ වල තරුණ තරුණයින්ගේ පමණක් නොව පාසල් දරුවන්ගේ ජීවිත ඛෙදනීය ලෙස අඳුරේ හෙළන තවත් අපරාධයක් බවට පත්ව ඇත.
ධීවර ප‍්‍රජාව තම ජිවිකාව සඳහා සාගරය සමග කරන සටනේදී ඔවුන් අත්දකින කටුක අත්දැකීම්ද නිරන්තර ව්‍යසනයක් බවට වර්ධනය වී ඇත. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉන්දීය මුහුදු කලාපයේ මසුන් මැරීමට යාම නිසා ලාංකීක ධීවරයින්ට ඉන්දීය සිරගෙවල් වල රැුඳී සිටිමට සිදුවේ. ධීවර බෝට්ටු වල ඇති වන යාන්ත‍්‍රික දෝෂ හා උපකරණ හි`ගයද, සුළි කුණාටු වලට මැදි වීමද, අයහපත් දේශගුණික තත්වයන් ගැන ධීවරයින් දැනුවත් නොවීමද, යන කරුණු නිසා ධීවර ප‍්‍රජාවගේ ජිවිත අවදානම් තත්වයන්ට පත්වන අවස්ථා නිතර නිතර වාර්තා වේ. මීට අමතරව රථවාහන අනතුරු ඔස්සේ දිවයිනේ සිදුවන මිනිස් ජිවිත හානි ද සැලකිය යුතු සංඛ්‍යාවක් වසරකට වාර්තා වේ. වසරකට 3000කට ආසන්න රථවාහන අනතුරු සංඛ්‍යාවක් වසරකට සිදුවන බව පොලිස් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. බීමතීන් රිය පැදවීම, මාර්ග නීති වලට ගරු නොකිරීම, අධික වේගය, රියදුරන්ගේ නොසැලකිල්ල මෙන්ම පදිකයන්ගේ වැරදිද මාර්ග අනතුරු වලට බලපාන ප‍්‍රධාන හේතු වේ. ඩෙංගු රෝගයද ලංකාව තුළ වැසි සමයෙහිදි ආපදාවන් බවට වර්ධනය වී
ආපාදා කළමනාකාරණ අමාත්‍යාංශය ඉහත සඳහන් ව්‍යසනයන් හා ඒවායින් සිදුවන හානි අවම කිරීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ලබයි. මහජනතාව, දිස්ත‍්‍රික් ලේකම්වරුන් හා ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වැනි ආයතන දක්වන සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් අමාත්‍යාංශයේ කාර්ය භාරය වඩාත් කාර්යක්ෂම හා ඵලදායි කළ හැක. ආපදා පිළිබඳ තොරතුරු හා දත්ත එක්රැුස් කිරීම, සෙසු ආයතන හා පුද්ගලයින් සමග ඒවා බෙදා හදාගැනීම හා ආපදා ගැන මහජනතාව දැනුවත් කිරීම, හා ආපදා කළමනාකරණ වැඩසටහන් ක‍්‍රියාවට නැංවීම හා ආපදා කළමනාකරණ
ප‍්‍රතිපත්තියක් සකස් කිරීම වැනි ඵලදායි කාර්ය රාශියක් කෙටි කාලයක් තුළ අමාත්‍යාංශය ම`ගින් ක‍්‍රියාවට නංවා ඇත.
ආපදාවන්ගෙන් සිදුවන හානි සෑම රටකටම පොදුය. ආපදා නිසා නැතිවන මිනිස් ජිවිත, සිදුවන දේපළ හානි හා පාරිසරික විනාශයන් අති බිහිසුණුය. තාක්ෂණය දියුණු වුවද ස්වාභාවික ව්‍යසනයන් ජයගැනීමට හෝ වැළැක්වීමට මිනිසා අපොහොසත්ය. කෙසේ වෙතත් පරිසරය වෙත සංවේදී විමෙන් හා ආපදා ගැන පෙර සුදානමක් තිබීමෙන් ඉන් හටගන්නා හානි අවම කළ හැකිය. එහෙත් කෘත‍්‍රීම ආපදා හේතුවෙන් හටගන්නා ව්‍යසනයන් නීතිමය ප‍්‍රතිපාදන නිසිසේ ක‍්‍රියාත්මක කිරීම, නව තාක්ෂණික මෙවලම් සහ පද්ධතීන් සමග සැලකිල්ලෙන් හා අවධානයෙන් කටයුතු කිරීම හා මහජන අවබෝධය තුළින් බොහෝ සේ අවම කරගත හැකිය. සෑම රටකම ස්වකීය සංවර්ධන උපාය මාර්ගයන් තුළ ආපදා කළමනාකරණය වැදගත් හා අනිවාර්ය උපාය මාර්ගයක් බවට පත් කළයුතු යුගයක අපි ජිවත්ව සිටිමු. අපදා අවම කිරීමේ ජාත්‍යන්තර දිනයෙහි ශ්‍රේෂ්ඨ පරමාර්ථයද මෙය වේ.
http://www.politics.lk/mohan-lal-greru-4/

ලෝක සත්ව දිනය (ඔක්තෝබර් 04)

මිනිසාට මෙන්ම තිරිසනාටද මූලික අවශ්‍යතා කීපයක් ඇත. කුසගින්න පිපාසය, නින්ද. පරපුර පවත්වාගෙන යාම, එක්ව හැසිරිමේ කැමැත්ත, ආදරය , කරුණාව, නිදහස, සටන් කිරිම, දුක වේදනාව අදි මේ සියල්ල කාටත් පොදුය. එහෙත් මේ පිළිබද අදහස් ප්‍රකාශ කිරිමට කතා කිරිමට තිරිසනාට හැකියාවක් නැත. කතා කල නොහැකි මිනිසා ගොලු බසින් හො ඉගියෙන් එසෙත් නැතිනම් ලියා හෝ අදහස් ප්‍රකාශ කලත්  තිරිසනාට ඇත්තේ ඉන් කුමන විකල්පයක්ද?

කොතැනක හෝ ස්ථීර නිවහනක් නැතිව වනගතව හෝ හෝ මගමග හෝ එසෙත් නැතිනම් අගුපිලක වැනි තැනක හෝ කායික සන්තර්පනයෙන් ලත් ප්‍රතිඵලයක් මත උපත ලබන තිරිසන් සතුන්  බොහෝ විට ඇති දැඩි කරනු ලබන්නේ සොබාදහම විසින් ඉබාගාතේ හරිමිනි. නිවසක ඇතිදැඩි කරන සුනඛයෙකු වුවද ආහාර පානාදියෙන් සංග්‍රහ ලැබුවොත්, රාත්‍රී කාලයේ නිදිවාරාගෙන ගෙයින් පිටත හාම්පුතාලා සැප යහනේ සැතපෙද්දි, පින්‍නෙන් හෝ වැස්සෙන් පීඩාවට පත්වෙමින් සමහරවිට කිසිවෙකුගේ  උදව්වකින් තොරව තනිවම සොරසතුරන්ගේ මරණීය අවස්තාවන්ට මුහුණ දෙමින් නිවස් රැකවගෙහි යෙදෙනවා ඇත. වනගතව වෙසෙන සතුන් තමන්හට රිසි ආහාරයක් ලද හොත් පමණක් ඉන් සෑහීමකට පත් වෙතත් බොහෝ කොටම බලවත් සතෙකුගේ ගොදුරක් වනවා ඇත. එසෙත් නැතිනම් දඩයක්කරුගේ වෙඩි පහරකට ලක්වීමට ඉඩ ඇත. මෙරට වටනා වන සත්තව සම්පතක් වන අලි පරපුරට දැන් උදා වි ඇත්තේ මෙම ඉරණමයි.

මිනිසා සමග හැදෙන වැඩෙන ගෘහශ්‍රීත සතුන් ඔවුන්ගේ බැල මෙහෙවරකම් සදහාත් , අලංකාරය සදහාත් පමණක් නොව මස් සදහා ද වෙන් කරගෙන ඇත. මේ අතින් ඉතාමත් අභග්‍ය සම්පන්නයා ගවයාය.මසට ඇති කරන සතුන්ගේ මස් අනුභව කරන මිනිසා කල්පනා නොකරන එක් දෙයක් ඇත. එනම්, මිනිසා මෙන්ම ඕනෑම සත්වයකු මළ විට එය කුණු අනුභව කරන්නේදතිරිසන් සතුන්ය. මීට අමතරව යක්ෂ රාක්ෂාදින් විසින්ද මෙසේ අනුබව කැර ඇති බව වෘතාන්තවල දැක්වේ. පොදු පිළිගැනීම් නම් මසු අනුභව කරන අයට රෝගාබාධ බහුලව වැළදෙන බවත් ඔවුන් මුදු මොළක් ගති ගුණවලින් තොර රළු ස්වභාවයක් ගන්නා බවත්ය.

ආගමික ඉගැන්වීම් අනුව මාංශ වැළදීම් සත්ව ඝාතනයට අනුබලයක් බැවින් එහි ප්‍රතිවිපාක වශයෙන් ආයුශ හීනවේ. කොයිහැටියෙන් නමුත් මියගිය සතුන් අනුභව කිරිම මිනිසා යොදාගෙන ඇති උපක්‍රම නම් ඒවා දිව පිනවන ආකාරයට රස ගන්වා සකසා ගැනීමයි. එයද මිනිසා තිරිසනාගෙන් වෙන්ව තබා ගැනිමේ ශිෂ්ට සම්පන්න උපායකි.
තම ජිවිත පරිත්‍යාගයෙන් පවා මුහුණ පෑමට සිදුවන බිහිසුණු අකාරුණික අවස්ථා කියාපෑමට හෝ සාධාරණත්වය ඉල්ලා කරුණු ඉදිරිපත් කිරිමට සහනයක් ලබා ගැනීමට ක්‍රමයක් නැත. ඇත්තෙන්ම මේ නිසා තිරිසණුන් අසරණය. තමා සමග සටනක් ඇති වු විටක ප්‍රතිවාදියා කවරකු වුවත් සටන් කරන්නේ අවි ආයුධ වලින් නොවේ. සටන කෙළවර වනුයේ කාගේ හෝ ජිවිත පරිත්‍යාගයෙනි. ඒ කාටත් ඇති මරණ භ්‍ය පෙරදැරි කරගෙන ආත්මආරඣෂාව සදහා කරන සටනක් බැවිණි.

වර්තමාන සමාජය කැලෑ එළිපෙහෙලි කිරිමෙන් මිනිස් ලොකය ශිඝ්‍රලෙස දියුණු වෙමින් පවති. එවිට කැලෑවේ වසන තිරිසනාට තැනැක් වේ. ආහාර හිගවේ. කැලෑවත්,සතුනුත් දෙකම වදවීමෙන් පරිසරය විනාශ කර මිනිසා තමන්ගේ විනාශය ද වහා වහා ළංකර ගනී. මස් පිණිස දඩමයම් කිරිමෙන් පරිසර හානියක් නිසා වදවී යන විවිධ සත්ව කොටස් ස්වභාවධර්මයාගේ සමතුලතතාව බිදලීමට සමත්වේ.

තිරිසන් සතුන්ගේ දුක්ඛිත තත්වය අද මෙන්ම එදා අතිතයේත් පැවතිණි. මේ පිළිබද යථා ස්වරෑපය දැක ඒ ගැන මහත් ඕනෑකමකින් කටයුතු කළ කෙනෙක් ක්‍රී.ව. 1182 දී පහළ විය. ඉතාලියේ අසිසි නුවර උපන් කුඩා සහෝදරවරුන්ගේ සමාගම නමින් ආගමික නිකායක් බිහිකල ශුද්ධ වු ප්‍රැන්සිස්කුතුමා සියලු සතුන් ගැන මහත් අනුකම්පාවෙන් කටයුතු කළහ. තම ජිවිත කාලයෙන් වැඩි කොටසක් ගත කර ඇත්තේ සත්ව කරැණාව පෙරදැරි කොටගෙනය.එතුමා සත්ව ලෝකය ආරක්ෂා කිරිමට මහත් වෙහෙසක් දැරිය.

මෙම ආදර්ශය පිළිපදිමින් එතුමා මිය ගිය දිනය වන 1226 ඔක්තෝබර් 04 දා සිහිපත් කොට ඊළග අවුරුද්දේ ඔක්තෝබර් 04 දා සිහිපත් කොට ඊළග අවුරුද්දේ ඔක්තෝබර් 04 ඉතාලියේ අසිසි නුවර  ප්‍රථම වරට සත්ව දිනයක් පවත්වන ලදී. එතැන් පටන් මේ දක්වා සෑම වසරකම ඔක්තෝබර් 04 දිනට ලෝකය පුරා ලෝක සත්ව දිනය පවත්වනු ලැබේ.

මෙවන් දිනයකදීවත් මාංශ භක්ෂණයට ඇබ්බැහි වූවකු හුදු සත්ත්ව කරුණාවෙන් තමන් අනුභවය සදහා අතට ගත් මස් පිඩ මේ අනුභව කරන්නට සුදානම් වන්නේ ජිවත්ව සිටි අසවල් සතාගේ මස්නොවෑයැයි සිතා පිළිකුල් කොට ඉවතලිය හැකි නම් එයම මෙම දිනය සැමරීමට ප්‍රමාණවත් වේ. එසේම කුසගින්නේ අහාරක් සොයා කුනු බාල්දි අවුස්සමින් මහමග යන කිසියම් සතකුට ආහාර වේලක් මෙම දිනයේදිවත් දෙන්නේ නම් එයද අපමණ පුණ්‍ය කර්මයක් වනු නිසැකයි.


සුගතදාස ජයසේකර - දිවයින 1993 ඔක්තෝබර් 04 පිටුව 08 (මධ්‍යම පරිසර අධිකාරිය සංරක්ෂණය කරන ලද ලිපියකි)

Monday, October 10, 2016

ලෝක වනජීවී දිනය (මාර්තු 03 )

තර්ජනයට ලක්වූ  ජීවී විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතිය ආරම්භ වී වසර 40 ක් පිරීම නිමිත්තෙන් 2013 වසරේ මාර්තු 03 වැනිදා ලෝක වනජීවී දිනය ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කර ඇත.

සාමාජික රටවල් 173 ක් නියෝජනය කරමින් සකස් කළ මෙම සම්මුතිය 1973 මාර්තු 03 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර එයින් ලෝකයේ තර්ජනයට ලක්‌ව සිටින ශාක සත්ව ඇතුළු වන ජීවීන්ගේ ආරක්‌ෂාව සඳහාත් ඔවුන්ගේ පරිසර පද්ධති සංරක්‌ෂණය කිරීම මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමත් මෙහි මූලික අරමුණක් විය.
 2016 වර්ෂයේ  තෙවන වරටත් පැවැත්වූ වනජීවී දිනයේ ලෝක තේමාව වුයේ "වනජීවීන්ගේ අනාගතය අපේ අතේය" (“The future of wildlife is in our hand”) යන්නයි.

තර්ජනයට ලක්වූ  ජීවී විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳසම්මුතිය ලෝකයේ වනජීවී සංරක්ෂණය පිළිබඳව පවත්වා ප්‍රබලම සම්මුතියක් වන අතර, ඒ තුළින් වන සත්ත්ව හා ශාක 35,000 කට වැඩි ප්‍රමාණයක් ආවරණය වේ.

2016 සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකාවේ සිඝ්‍රයෙන් වඳවී යන වන සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබූ අතර සංරක්ෂණය කිරීම සඳහා වන සතුන් 05 දෙනෙකු හදුන්වා දී ඇත. ඒ අනුව උනහපුලුවා, කළු වඳුරා, කැබැල්ලෑවා, අශෝක පෙතියා, ගේ කුරුල්ලා යන සතුන් සංරක්ෂණය කළ යුතු සතුන් බවට හදුන්වාදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.