Tuesday, August 18, 2015

අපවිත‍්‍ර වූ ගංගාවකින් විෂ අපද්‍රව්‍ය රොන් බොර නිව් මෙක්සිකෝවට ගලායයි -

නිරිතදිග කොලරාඩෝ ප‍්‍රාන්තයේ ගංගාවකට එක්වූ විෂ අපද්‍රව්‍ය ප‍්‍රාන්ත සීමාව පසුකරමින් නිව් මෙක්සිකෝ ප‍්‍රාන්තය කරා ගලා යමින් ඇතැයි වාර්තා වේ.

පසුගියදා ඇමරිකානු පරිසර ආරක්‍ෂණ ආයතනය ඉඩම් ගොඩකිරීම්, කැණීම් හා ආරක්‍ෂණය පිළිබඳ ආයතනය හා එක්ව ගෝල්ඞ් කිං පතලේ සිදුකළ පරීක්‍ෂණයකදී අපවිත‍්‍ර ජලය නවතා තිබූ අබලන් වේල්ලක් අත්වැරදීමකින් විනාශවීම මගින් ආසනික් හා ඊයම් ආදී විෂ රසායන අඩංගු අපවිත‍්‍ර ජලය ඇනිමාස් ගංගාවට එක්වීම ආරම්භ විය.

1923දී අතහැර දැමූ ගෝල්ඞ් කිං පතලේ සිරව තිබූ අපවිත‍්‍ර ජලය ආරක්‍ෂිතව ඉවත් කළ හැකි මාර්ගයක් සෙවීම මෙම පර්යේෂණයේ අරමුණ වූ බව පැවසේ.

කෙසේවෙතත් මේ වන විට විෂ අපද්‍රව්‍ය ගැලූම් මිලියනයකට අධික ප‍්‍රමාණයක් ජල ධාරාවට එක්ව ඇති අතර කහ පැහැති විෂ රොන් බොර නිව් මෙක්සිකෝහි ඇස්ටෙක් නගරය කරා ළගා වී ඇත.

ගංගාවෙන් ලබාගන්නා ජල සැපයුම් මේ වන විට අත්හිටුවා ඇති අතර ජනතාව එය කරා යාමද නවතා දමා ඇතැයි පැවසේ.

මෙම සිදුවීමෙන් ගංගාව කොතෙක් දුරට අපවිත‍්‍රවී ඇති දැයි සොයා බැලීම සඳහා මේ වන විට පර්යේෂණ අරඹා ඇතැයි පවසා ඇති පරිසර ආරක්‍ෂණ ආයතනය දක්වා ඇත්තේ මෙය බරපතල තත්වයක් වන බවයි.

ආසනික් අධික ලෙස ශරීරගත වීමෙන් අන්ධ බව, පක්‍ෂඝාතය සහ පිළිකා ඇතිවිය හැකි අතර ඊයම් විෂ වීමෙන් මාංශ පේශි හා දෘෂ්ටි ආබාධ ඇතිවිය හැකිය.

උපුටා ගැනීම -   lanka C news - August 18, 2015 at 3:25 am 

 See more at: https://lankacnews.com/sinhala/foreign-news/134854/#sthash.fdrfBEC9.dpuf

Thursday, August 6, 2015

පරිසරවේදීන් කමාන්ඩෝ ෆෝ වීල් රැළියට එරෙහි වෙයි




පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති අතර කොමාන්ඩෝ බලකාය, මධ්‍යම පරිසර අධිකාරි, වෙරළ සංරක්ෂණ අධිකාරිය මෙම පැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කර ඇත.


එහිදී අදහස් දැක්වූ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසා සිටියේ



කොමාන්ඩෝ බලකායේ සංවිධානයෙන් මෙම සිව්බල මෝටර් රථ රැළිය පරිසරවේදීන්ගේ විරෝධය නොසලකා පසුගිය දෙවැනිදා ආරම්භ කරල තියෙනවා.



ලංකාවේ උතුරු, නැගෙනහිර, ඌව පළාත්වල වටිනා වනාන්තර හරහා තමයි සංවිධායකයන් මෙම රැළියේ මාර්ගය සකස් කරල තියෙන්නෙ.



එම ප්‍රදේශවල වෙරළ තීර, කළපු, ළඳුකැලෑ, රක්ෂිත අභයභූමි හරහා පරිසරයට දැවැන්ත විනාශයක් සිදුකරමින් ඔවුන් කිලෝමීටර් 775 ක දුරක් ගමන් කරනවා. ක්‍රීඩා සංචාරක කර්මාන්තයට මුවාවෙමින් පරිසරයට හානි කිරීම ලංකාවෙ දැන් අලූ‍ත් සම්ප්‍රදායක් බවට පත්වෙලා තියනවා.



කොමාන්ඩෝ රෙජිමේන්තුව පරිසරය ගැන නොසලකා දෙවන වරටත් මෙය සිදුකිරීමට ලැජ්ජා සහගත ක්‍රියාවක්. පරිසරවේදීන් විදියට අපි අද මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා



අපි අවධානයෙන් ඉන්නවා බලධාරීන් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක සම්බන්ධයෙන්.
උපුටා ගැනීම - eethalayanews.com

Tuesday, July 21, 2015

දහස් ගණනකට මරුකැඳවූ ඉන්දියාවේ උණුසුම (2015 ජුනි)

පසුගිය දිනවල (2015 ජුනි) ඉන්දියාවේ ඇතැම් ප‍්‍රාන්තවලට බලපාන දැඩි උණුසුම් තත්ත්වය හේතුවෙන් මේ ලිපිය ලියන මොහොත වන විට සිදුවූ මරණ සංඛ්‍යාව  1118 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා. නව දිල්ලි නුවර සෙල්සියස් අංශක 50ක පමණ උෂ්ණත්වයක් පවතින අතර තාර යෙදූ ඇතැම් මංමාවත් දැඩි උණුසුම නිසා දියවෙමින් තිබෙන බවද වාර්තා වෙනවා. 

උණුසුම් සහගත තත්ත්වය වැඩි වශයෙන්ම බලපා ඇත්තේ ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලිය, මධ්‍ය ප‍්‍රදේශය, ආන්ද්‍රා ප‍්‍රදේශ් හා තෙලන්ගනා යන ප‍්‍රාන්තවලටයි. වෙනත් වසරවල නවදිල්ලියේ පැවැති උෂ්ණත්වයට වඩා මෙවර උෂ්ණත්වය අංශක හතරකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මින් ඉහත එහි වැඩිම  උෂ්ණත්වයක් වාර්තා වී තිබුණේ 1944 මැයි මාසයේ. එය සෙල්සියස් අංශක 47.2ක්. ඉන්දියාවේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම උෂ්ණත්වය පැවතියේ 1956 අල්වාර් නගරයේ. එය සෙල්සියස් අංශක 50.6ක්. කලින් වසරවල වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් මෙවර වාර්තා වී තිබෙනවා. පසුගිය සතියේ අන්ද්‍රා ප‍්‍රදේශයේ පමණක් පුද්ගලයන් 551 දෙනකු මිය ගොස් තිබෙනවා.




සාමාන්‍යයෙන් ඉන්දියාවේ උතුරු, බටහිර සහ මධ්‍යම ප‍්‍රදේශවලට අපේ‍්‍රල් සිට ජූලි මාසය දක්වා උණුසුම් සහිත කාලගුණයක් පවතින අතර ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කොට තිබුණේ මේ වසරේ එය ඉහළ ගොස් ඇති බවයි. බොහෝ ප‍්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ත් 48ත් (ෆැරන්හයිට් අංශක 118ක් පමණ) වැනි පරාසයක පැවැති අතර, ජීවිත ගණනාවක් අහිමි වී ඇත්තේ විජලනය හා සූර්ය ආඝාතය (Sun Stroke) හේතුවෙන්. දැඩි උණුසුම මෙන්ම වියළි සුළඟද ජනතාව පීඩාවට පත් කර තිබෙනවා. ක`දුකර ප‍්‍රදේශ පවා උණුසුම් වී ඇති බව පවසන ඉන්දියානු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ බී. කේ. යාදව් ‘‘තවත් දින හතරක් හෝ පහක් මේ අධික උණුසුම් බව පවතීවි. පාකිස්ථානයේද සෙල්සියස් අංශක 50ක පමණ උෂ්ණත්වයක් පවතිනවා. උණුසුම් තාප තරංග ඉන්දියාවට එන්නේ එහි සිටයි. මෙම තාප තරංග හේතුවෙන් සාමාන්‍යයෙන් පවතින උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක පහක පමණ වැඩිවීමක් ඇතිවී තිබෙනවා. දසක තුනකට පසුවයි මෙවැනි තත්ත්වයක් ඇති වුණේ.’’


නිවාස නොමැති පුද්ගලයන්, ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ කම්කරුවන්, සංක‍්‍රමණික කම්කරුවන්, අනාථයන්, සිඟන්නන් සහ වයස්ගත පුද්ගලයන් දැඩි උෂ්ණත්වයේ ගොදුරු බවට පත්වී තිබෙනවා. අධික දාහය දරාගත නොහැකි බොහෝ පුද්ගලයන් ක්ලාන්තය හා වෙනත් රෝගවලට බ`දුන්වන අතර ප‍්‍රාදේශීය රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවයි සී.එන්.එන්. රූපවාහිනිය ස`දහන් කළේ. ජනතාව විජලනයෙන් ගලවා ගැනීම ස`දහා සෑම නගරයකම පාහේ ජලය සහ මෝරු පානය බෙදා හරින බවද එම රූපවාහිනිය ස`දහන් කළා. මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් මේ වන විට ඩොලර් 1000ක පමණ මුදලක් වන්දි වශයෙන් ඔවුන්ගේ ඥාතීන්ට ගෙවීමට කටයුතු කර ඇති බව ප‍්‍රාදේශීය බලධාරීන් ප‍්‍රකාශ කළා.


දැඩි උණුසුම නිසා  කොල්කොතාවේ කුලී රථ රියදුරකු මිය යාම හේතුවෙන් සියලූ කුලී රථ රියදුරන් උදෑසන 11 සිට සවස 4 වන තෙක් වාහන ධාවනයෙන් වැළකී සිටිනවා. වරින්වර විදුලි බලය විසන්ධි කිරීම නිසා බොහෝ වෙළෙ`ද සල් වසා දමලා. තමන්ගේම විදුලි ජනක යන්ත‍්‍ර ඇති මහා පරිමාණ වෙළෙ`ද සංකීර්ණවල දැඩි තදබදයක් ඇතිවී තිබෙනුයේ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන පිරිස නිසා නොවෙයි. දැඩි උණුසුමින් බේරීම ස`දහා වායු සමීකරණය කොට ඇති මෙම ගොඩනැඟිලිවලට මිනිසුන් එක්රැස් වීම නිසයි. බොහෝ ජනාකීර්ණ ප‍්‍රදේශ හා මංමාවත් දහවල් කාලයේ  ජනශූන්‍ය බවට පත් වී තිබෙනවා. දැඩි උණුසුමින් ගැලවී සිටීමට ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබ`දව ජනතාව දැනුම්වත් කිරීමේ විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බව ආපදා කළමනාකරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කළා.


කෝටි 120ක් (බිලියන 1.2ක්) වන ඉන්දියාවේ ජනගහනයෙන් තුනෙන් එකකට පමණ විදුලිය පහසුකම් ඇත්තේ නැහැ. එහෙයින් මේ පිරිසට අවම වශයෙන් විදුලි පංකාවක් හෝ භාවිත කිරීමේ හැකියාවක් නැහැ. වායු සමීකරණ භාවිත කරන පිරිසටද වැඩි කාලයක් ඒවා භාවිත කළ නොහැකි වී ඇත්තේ විදුලි පරිභෝජනය ඉහළ යාම මත වරින් වර විදුලිය කප්පාදුව සිදුවන බැවිනුයි. මේ නිසා බොහෝ ප‍්‍රදේශවල තත්ත්වය තවත් දරුණු අතට හැරෙමින් පවතිනවා. උෂ්ණත්වයෙන් දැඩි ලෙස පීඩා වි`දින්නේ දිළින්දන්. පදික වේදිකාවේ  වෙළෙන්දියක වන පී. ගන්ගම්මා කියා සිටියේ දාහය කෙතරම් දැඩි වුවද තමාට නිවසට වී සිටිය නොහැකි බවයි. දැඩි ජීවන අරගලයක නිරත වන බොහෝ මිනිසුන් හා ගැහැනුන් මරණය පෙනි පෙනී වුවද ජීවත් වීමට අරගල කරනවා. දැඩි උණුසුම නිසා තම හිස මත විශාල බරක් පටවා ඇති බවක් දැනෙන බව පවසන ගන්ගම්මා  තම දරු පවුල ජීවත් කරවන්නේ පදික වේදිකාවේ වෙළෙ`දාමින් උපයන සුළු මුදලින් බවත්, නිවෙසට වී සිටියොත් සියල්ලන් කුසගින්නේ බවත් කියා සිටියා. ‘65 හැවිරිදි මා දියවැඩියා රෝගියෙක්. මගේ සැමියා මියගොසින්. දරු පවුල රැුකබලා ගැනීමට මේ වෙළෙ`දාම කරනවා.’ අය පවසා තිබුණා.


ඉන්දියානු ආපදා කළමනාකරණ නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ උදෑසන 10 සිට සවස 4 වන තෙක් නිවෙස්වලට වී සිටින ලෙසයි. කපු ඇ`දුම් අ`දින ලෙසටත්, එළිමහනට යන විට හිස් වැසුම් හෝ කුඩ හෝ භාවිත කරන ලෙසටත් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සාමාන්‍යයෙන් උදෑසන 8 පමණ වන විට දැඩි උණුසුමක් දැනෙන බවත් අධික දහදිය නිසා සිරුරේ ශක්තිය හීන වන බවත් ජනතාව ප‍්‍රකාශ කරනවා.


මෙම උණුසුම් සහගත කාලගුණික තත්ත්වය පාලනය කළ හැකි වන්නේ ඉදිරියේදී ඇතිවන මෝසම් වැසිවලින් පමණයි. මැයි මස අවසානය වන විට කේරල ප‍්‍රදේශයට මෝසම් වැසි ඇතිවිය හැකි බවත් ජූනි මස මුල් සතිය වන විට ආන්ද්‍රා සහ තෙලන්ගනා ප‍්‍රාන්තවලට වැසි අපේක්ෂා කළ හැකි බවත් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරනවා.


මින් ඉහත හයිද්‍රබාදයේ සහ දකුණු ඉන්දියාවේ අධික උෂ්ණත්වයක් පැවතියේ දින පහක් වැනි කාලයක් පමණි. එහෙත් අනාගතයේ එය දින 40ක පමණ කාලයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙනවා. ඔවුන් මෙම නිගමනයට එළැඹ තිබෙන්නේ. පරිසරයට නිකුත් කරන අධික දුම් ප‍්‍රමාණය ගණනය කරමිනුයි. 2050 වන විට 40% සිට 70% අතර ප‍්‍රමාණයකින් පරිසරයට කාබන් නිකුත් කිරීම සීමා කළ යුතු බවත් එසේ නොවුවහොත් උණුසුම තව දුරටත් වර්ධනය විය හැකි බවටත් පෙන්වා දෙන ඔවුන් එල්නිනෝ බලපෑම මඟින්  ඇතිවන පැසිපික් කලාපයේ සාගර උණුසුම වර්ධනය වීමද ආසියානු කලාපයේ උණුසුම වර්ධනය වීමට බලපාන බවද පෙන්වා දෙනවා. 

උපුටා ගැනීම - ලංකාදීප, 2015-06-05 http://www.lankadeepa.lk/index.php/articles/322574

Wednesday, June 17, 2015

ලෝක කාන්තාරකරණය වැලැක්වීමේ දිනය (WDCD)

එක්සත්ජාතීක්ගේ ලෝක කාන්තාරකරණය වැලැක්වීමේ  දිනය (World Day to Combat Desertification) සෑම වසරකම ජූනි 17 දින ලොව පුරා සැමරීම කරයි. මෙවර අවධානය යොමු කර ඇත්තේ "තිරසාර ආහාර පද්ධතීන් හරහා සියල්ලන් සඳහා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම" යන්නයි. 2015 තේමාව  වී ඇත්තේ "Attainment of food security for all through sustainable food systems" යන්නයි.

1994දී එක්සත් ජාතීක්ගේ සංවිධානය විසින්  කාන්තාරීකරණය වැලැක්වීමේ හා නියගයේ ආදීනව පිටු දැකීමේ ජාත්‍යන්තර සම්මුතිය (United Nations Convention to Combat Desertification) සම්මත කරගනු ලැබීමෙන් අනතුරුව මෙම දිනය ප්‍රකාශයට පත්කෙර ඇත.

2012 වසරේ ජුනි මස 20-22 බ්‍රසීලයේ රියො ද ජැනේරෝ නගරයේ පැවැත්වීමට නියමිත රියෝ + 20 සමුඵව හෙවත් තිරසර සංවර්ධනය පිළිබඳ එක්සත්ජාතීන්ගේ සම්මන්ත්‍රණය (UNCSD) තුළින් ද  කාන්තාරකරණ වැලැක්වීම හා එහි ආදීනව පිළිබඳ අවධානය යොමුකර ඇත.අ

ශ්‍රී ලංකාවේ කාන්තාරීකරණ බිම් දක්නට නොලැබුනද අප රට 1998 වසරේදී මෙම සම්මුතියේ පාර්ශව කරුවෙකු බවට පත්වූයේ විවිධ හේතු සාධක  නිසා සිදුවන භූමි හායනය නැතහොත් භූමියේ ඵලදායිතාවය අඩුවීම කෙරෙහි මෙම සම්මුතිය මගින් දක්වනු ලබන අවධානය නිසාය.

මේ සම්බන්ධයෙන් ලියවුණු ලිපි පහතින් දක්වා ඇත.

With the slogan, ‘No such thing as a free lunch. Invest in healthy soil’, the 2015 observance calls for:

(1) A change in our land use practices through smart agriculture and adaptation to changing climate, especially in the dry fragile parts of the world where food shortages are becoming more and more severe.

(2) Access to technology and land rights for small holder farmers who safeguard the environment and meet the food needs of millions of households, especially among the poorest households.

(3) A balance in the land use for ecology and consumption, drawing on the best practices.

(4) More investments in sustainable land practices so that sustainable food systems become the normal practice and

(5) More effective action on desertification whose effects on security, peace and stability are invisible yet real for the affected countries due especially to food and water scarcity and environmentally forced migration.
Some 805 million people in the world lacked sufficient nutritious food between 2012 and 2014 according to the 2014 State of Food Insecurity report. That is about one in every eight people. The vast majority lived in developing countries. Although significant progress has been made towards the MDG hunger target, progress across regions and countries is still uneven.
Tackling hunger requires a multi-faceted approach – from economic development, nutritional intake to managing natural disasters. Still, a focus on land is critical. More than 99.7% of our food calories comes from the land. With the competition for productive land growing even as the global population rises, land for food production will get scarcer. We need to recover degraded land to remain food secure.
Hunger is most prevalent in the developing country dryland areas where water retention is poor, and the land is highly vulnerable to natural and human destructions. The vast majority of the dryland people survive on local foods. Sub-Saharan Africa has made some progress in eradicating hunger, but still has the highest prevalence of undernourishment.

උපුටා ගැනීමඩ - http://www.un.org/en/events/desertificationday/
එහි සිංහල පරිවර්ථනය පහත පරිදි වේ.


 (1) විශේෂයෙන් ආහාර හිඟය තව තවත් දැඩි වෙමින් එහිදී ලෝකයේ වියළි බිඳෙන සුලු අමතර කොටස් දේශගුණික වෙනස් කිරීමට ස්මාර්ට් කෘෂිකාර්මික හා අනුගත වීම මගින් අපගේ ඉඩම් පරිහරණ පිළිවෙත් වෙනසක්.

 (2) හා පරිසරය ආරක්ෂා නිවාස මිලියන ගණනක් ආහාර අවශ්යතා කරන කුඩා වතු ගොවීන් සඳහා තාක්ෂණ හා ඉඩම් අයිතීන් සඳහා ප්රවේශය, විශේෂයෙන් දුප්පත්ම ඉපදවීම.
 (3) පරිසර විද්යාව හා පරිභෝජනය සඳහා ඉඩම් භාවිතය තුළ ශේෂ, හොඳම පරිචයන් හමුවි.
 (4) තිරසාර ඉඩම් භාවිතයන් තවත් ඉහළ ආයෝජන තිරසාර ආහාර පද්ධතීන් සාමාන්ය භාවිතය බවට පත් වී ඇති නිසා
 (5) තම බලපෑම් ආරක්ෂාව පිළිබඳ කාන්තාරකරණය මත වඩාත් ඵලදායී ක්රියාමාර්ග, සාමය සහ ස්ථාවරත්වය, විශේෂයෙන් ආහාර හා ජලය හිඟ හා පරිසර බල සංක්රමණය හේතුවෙන් බලපෑම එල්ල වූ රටවල් සඳහා අදෘශ්යමාන තවමත් සැබෑ ය.ලෝකයේ සමහර 805 ක ජනතාවක් ආහාර අනාරක්ෂිත වාර්තාව 2014 රාජ්ය අනුව 2012 සහ 2014 අතර ප්රමාණවත් පෝෂ්යදායී ආහාර තිබුණේ නැහැ. ඒ ගැන එක් සෑම අට ​​දෙනෙක් ඇත. අති මහත් බහුතරය සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් විය. සැලකිය යුතු ප්රගතියක් ගැනීමේ සහස්ර සංවර්ධන ඉලක්කය කරා ගමන් කුසගින්න කර ඇති නමුත්, ප්රදේශ හා රටවල් ප්රගතිය තවමත් අසමාන වේ.


කාන්තාර

කාන්තාරීකරණය වර්තමාන ලෝකයේ තවත් ප්‍රබල පාරිසරික ගැටලුවක් වේ.කාන්තාරීකරණය යන වචනයෙන් අදහස් වනනේ ලෝකයේ කාන්තාර නොවන වගාබිම් ඇතුළු වෙනත්බිම් කාන්තාර බවට පත්වීමේ ක්‍රියාවලියයි.ඵ් අනුව ශුෂ්ක හා අර්ධ ශුෂ්ක ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගත් භූමිය,වගාකල නොහැකි තත්වයට පත්වීම කාන්තාරීකරණය ලෙස සරළව දැක්විය හැකිය.එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජගත් කොමිසමේ ගණන් බැලීම් වලට අනුව කාන්තාර ලෙසට ස්ථිර ලෙසම පිරිහී ඇති භූමිය වාර්ෂිකව හෙක්ටයාර් මිලියන 6 බැගින් වර්ධනය වේ. කාන්තාරීකරණය ලෝකයේ සෑම ප්‍රදේශයකම පාහේ ව්‍යාප්තව ඇති මුත් ඉතාම විනාශකාරී තත්වයට පත්වී ඇත්තේ අප්‍රිකාව,ආසියාව හා ලතින් ඇමරිකානු රටවල වියළිබිම් ආශ්‍රිතවයි.කාන්තාරීකරණය කෙතරම් දරුණු තත්වයට පත්වී තිබේදයත් ලෝකයේ ගොඩබිම් ප්‍රමාණයෙන් 1/3ම කාන්තාරීකරණයට ගොදුරු වී ඇත.මේ තත්වය ලෝක ජනසංඛ්‍යාවෙන් මිලියන 850ට බලපායි. කෙසේවෙතත් කාන්තාරීකරණය පැතිරුණු ප්‍රධාන ප්‍රදේශය ලෙස අප්‍රිකාවේ "සාහෙල්" කලාපය දැක්විය හැකියි.ඒ ප්‍රධාන ලෙසම මානව කටයුතු හේතුවෙන් සිදුවන කාන්තාරීකරණයකි.


කාන්තාරීකරණයට හේතු

කාන්තාරීකරණය ස්වභාවික හා මානුෂික සාධකවල සාමූහික ඒකාබද්ධතාවයක ප්‍රතිඵලයකි.ඒ සඳහා බලපාන සෘජු සාධක කීපයකි.එනම්,

1.ගෝලීය උණුසුම් වීම / නියඟය.

2.තෘණ භූමිවල ප්‍රමාණය ඉක්මවා සතුන් ඇති කිරීම.

3.වගා බිම්වල ප්‍රමාණය ඉක්මවා වගා කිරීම.

4. දුර්වල ඉඩම් කළමනාකරණය හා නුසුදුසු වගාක්‍රම අනුගමනය කිරීම.

5. වන විනාශය.

6. ආන්තික බිම් ප්‍රයෝජනයට ගැනීම.

7. අධික ජන සංඛ්‍යා ඝනත්වය.

8. දරිද්‍රතාවය.

9. වෙනත් සමාජ ආර්ථික තත්වයන්.


ගෝලීය වශයෙන් සිදුවන වායුගෝලීය තාපවත් වීම හා නියඟය කාන්තාරීකරණය සඳහා හේතුවන ප්‍රධාන සාධකයන් වේ.ඉහත දැක්වූ සාධක නිසා ඉතියෝපියාව,මාලි,නයිගර්,චැඩ් හා සුඩානය වැනි ප්‍රදේශ දෙසට සහරා කාන්තාරය ව්‍යාප්ත වීමට පටන්ගෙන තිබේ.මේ ආකාරයට සහරා කාන්තාරය වාර්ෂිකව උතුරු හා දකුණු දිශා වලට‍ හෙක්ටයාර් 100,000 ක් පමණ පැතිරී යන බවට ඇස්තමේන්තු කර තිබේ. ඇතැම් රාජ්‍යයන්හි ප්‍රතිපත්තිද කාන්තාරීකරණයට බලපායි.උදාහරණ ලෙස බ්‍රසීලයේ "ඇමසෝනියා මෙහෙයුම" යටතේ ඇමසන් වනාන්තර ප්‍රදේශයේ වනාන්තර බිම් විශාල ලෙස එළිපෙහෙළි කිරීම සිදුව ඇත. පාංශූඛාදන ගැටලුව ලෝකයේ සෑම රටකම පාහේ පොදු තත්වයකි.1970 දශකයේ අග භාගය වන විට ඇමරිකා එක්සත් ජනජදයේ කෘෂිකාර්මික බිම් වලින් 1/3ට පමණ මෙම ගැටලුව අදාල විය.
කාන්තාරීකරණයේ ප්‍රතිඵල

ලොව පුරා විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල බිලියන 1.2ක ජන සංඛ්‍යාවකට කාන්තාරීකරණය ප්‍රබලව බලපායි.මේ නිසා ඇතිවන ප්‍රධාන ගැටලු කීපයක් හදුනාගත හැකිය.


වගාබිම් අහිමි වීම

අප්‍රිකාව,ආසියාව හා ලතින්ඇමරිකානු කලාපයන්හි හෙක්ටයාර් මිලියන 870ක භූමියක් හෙවත් කෘෂිකාර්ම්ක බිම් වලින් 18.5ක් දැඩි ලෙස කාන්තාරීකරණයට ගොදුරු වී ඇත.


වගාබිම් වල ඵලදායීතාවය අඩුවීම

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ඇස්තමේන්තු කර ඇති ආකාරයට ලෝකයේ වනාන්තර,තෘණ භූමි,වැසිදියෙන් වගාකරන බිම් හා වාරිමාර්ග පහසුකම් සැපයෙන බිම් වලින් හෙක්ටයාර් බිලියන 3.3 පමණ කාන්තාරීකරණයට ගොදුරුවීමේ අවධානමක් පවතී.ලෝකයේ වනාන්තර හා තෘණභූමි වලින් 63%ක් හෙවත් හෙක්ටයාර් බිලියන 2.6 ද වැසි ජලයෙන් වගාකරන භූමියෙන් 60%ක් හෙවත් හෙක්ටයාර් මිලියන 347ද වාරිමාර්ග ජල සම්පාදන බිම් වලින් 30%ක් හෙවත් හෙක්ටයාර් මිලියන 40ද මීට අයත් වේ.
සාගතය පැතිරීම

ඉහත‍ හේතු නිසා ජනතාවට අවශ්‍ය ආහාර සපයා ගැනීමට දුෂ්කර වී සාගත පැතිරේ.1982-1983 කාලයේ අප්‍රිකාවේ ඇතිවූ සාගතය පුද්ගලයින් මිලියන 35ට සෘජු වශයෙන් අදාල විය.ඉතියෝපියාව,සූඩානය,නයිගර්,මාලි.....වැනි රාජ්‍ය එසේ සාගත පැතිර ගිය රාජ්‍ය වේ.
කාන්තාර වර්ධනය වීම

මෙය කාන්තාරීකරණයේ තවත් සෘජු ප්‍රතිඵලයකි.සහරා කාන්තාරය ක්‍රමයෙන් පුළුල් වන බව සොයාගෙන තිබේ.
කාන්තාරීකරණය වළක්වාගත හැකි ක්‍රියාමාර්ග

1.තෘණ භූමිවල ප්‍රමාණය ඉක්මවා සතුන් ඇති නොකිරීම.


2.වගා බිම් වල සීමාසහිත ප්‍රමාණයක් වගා කිරීම.


3.ඉඩම් කළමණාකරනය නිසිආකාරව සිදුකිරීම.


4. ඒ ඒ බිම්වලට උචිත වගා ක්‍රම නිවැරදිව යොදා ගැනීම.


5.මිනිසාගේ සමාජ තත්වයන් දියුණු කිරීමට රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම.

උදා- දුප්පත්කම අවම කිරීම.

ජනසංඛ්‍යා වර්ධනය පාලනය කිරීම.


6.ගෝලීය උණුසුම් වීම සම්බන්ධව මිනිසා දැනුවත් කිරීම.
උපුටා ගැනීම - https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA

කාන්තාරකරණය වලකමු

එක් අතෙකින් පරිසර දූෂණය හේතුවෙන් පරිසරයට සිදුවන විනාශයත්, අනෙක් අතින් මිනිස් කි‍්‍රයාකාරකම්වල ප‍්‍රතිඵල ලෙස සිදුවන හරිතාගාර ආචරණය, කාබන් ඩයොක්සයිඩ් ප‍්‍රතිශතය වැඩිවීම වැනි කි‍්‍රයාදාමයන් හේතුවෙන් පරිසරයට වන විනාශය වැඩි වී ඇත. මේ සියල්ල අභිබවමින් වනාන්තර විනාශය හේතුවෙන් සිදුවන පාරිසරික හානිය ඉදිරියට පැමිණ ඇති බව පෙනී යයි. වනාන්තර විනාශය හේතුවෙන් ස්වභාවික පරිසරයට වන හානිය ඉහත සඳහන් කළ අනෙක් කි‍්‍රයාදාමයන් සඳහා වක‍්‍රව හා සෘජුව හේතුවේ.ගස්වැල් යනු මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. එක් අතෙකින් මිනිසාට ආහාර ලබාදෙන අතරම ඔවුන්ට සෙවණ සහ රැකවරණය සලසා දෙයි. මිනිසා ගසට කෙතරම් කෘතගුණ දැක්විය යුතුද යන්න හොඳින් වටහා දුන්නේ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේය. උන්වහන්සේ තමන්ට බුදුවීමට සෙවණ ලබාදුන් බෝධි වෘක්‍ෂයට සතියක් මුළුල්ලේ අනිමිස ලෝචන පූජා පැවැත්වීමෙන් ගෞරව කළහ. ඒ ආකාරයට මිනිසාටත් අනෙක් සතුන්ටත් වටිනා සේවයක් සලසන ගස්වැල් නිකරුණේ කපා විනාශ කිරීම නිසා අද වනවිට ලෝකය නිසරු කාන්තාර බවට පත්වෙමින් පවතී. “කාන්තාරකරණය වළකමු” යන්න මෙවර පරිසර දිනයේ තේමාව ලෙස යොදාගෙන තිබීමෙන් එහි බැරෑරුම්කම මනාව පැහැදිළි වෙයි.වනාන්තර වැස්ම විනාශ වීම සෘජුවම පෘථිවි දෙශගුණික තත්ත්වය කෙරෙහි බලපෑම් ඇතිකරනු ලබයි. ස්වභාවික වර්ෂාපතනය වෙනස් කරයි. අනෙක් අතට ශාක මගින් කාබන්ඩයොක්සයිඩ් විශාල ප‍්‍රමාණයක් උරාගන්නා අතර ශාක ප‍්‍රමාණය අඩු වීමෙන් පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ප‍්‍රතිශතය ද අධික වෙයි. එය පෘථිවි ඌෂ්ණත්වය වැඩි වීමටත්, අයිස් කඳු දිය වී මුහුදු ජල මට්ටම ඉහළ යාමටත් හේතුවෙයි. අවසානයේ සමහර දූපත් මුහුදින් යට වී යාමේ අවදානමක් පවතී.

ඒ පරිසර විනාශයේ එක් පැත්තකි. අනෙක් අතින් වනාන්තර එළි කිරීම නිසා පස සෝදාපාළු වීමෙන් පස නිසරු වීම සිදු වේ. පසේ පෝෂක කොටස් සේදී යාමෙන් ඒ පරිසරය තුළ කිසිම ශාක වර්ගයක් වැවීමට නොහැකි වීම හේතුවෙන් කාලයක් ගතවන විට එය නිසරු කාන්තාරයක් බවට පත්විය හැකිය. ඒ ආශ‍්‍රීත ජල උල්පත් සිඳී යාමට ලක්වේ. මේ ආකාරයට ශීඝ‍්‍රයෙන් වන වැස්ම අඩුවන විට කාන්තාර ප‍්‍රමාණය තව තවත් වැඩිවේ. මුහුදු මට්ටම ඉහළ යාම නිසා වෙරළාශ‍්‍රිත ගොඩබිම් ප‍්‍රදේශ සහ දූපත් සාගරයෙන් යට වී යාම නිසා මිනිසාට ප‍්‍රයෝජන ගත හැකි භූමි ප‍්‍රමාණයක් අඩු වී යයි. අනාගතයේ දිනක මිනිසාට හිමි භූමි ප‍්‍රමාණය මේ නිසා අඩුවී යයි. එවිට මිනිසා කරන්නේ තව තවත් වනාන්තර එළි කිරීමයි. එවිට තව තවත් වේගයෙන් ඉහත කි‍්‍රයාවලිය සිදුවේ. මෙය චක‍්‍රයක් ලෙස සිදුවන විට නොදැනුවත්වම මුළු ලෝකයම කාන්තාරයක් වීම වලක්වාලිය නොහැකිය.ඒ නිසා මේ සම්බන්ධයෙන් ලෝකයේ සෑම රටකම, විශේෂයෙන් නිවර්තන කලාපීය වනාන්තර පවතින රටවල අවධානය යොමු වීම වැදගත්ය. රුක් රෝපණ වැඩ සටහන් පැවැත්වීම ජනතාව දැනුවත් කිරීම හා වෙනත් සුදුසු කි‍්‍රයාමාර්ග මගින් මේ විනාශය අවම කරලීමට හැකිය. මේ සඳහා ජගත් පරිසර සංවිධානවල අවධානය මේ වන විට යොමු වී තිබේ. සමහරුන් තුළ ඒ පිළිබඳව අල්ප උනන්දුවක් පැවතීම කනගාටුදායකය. ලංකාවේ පවා තවමත් වන විනාශය නතර කිරීමට හැකියාවක් ලැබී නැත.ශ‍්‍රී ලංකාව වැනි ජෛව විවිධත්වයෙන් පොහොසත් වනාන්තර සහිත රටක එම අමිල සම්පත රැකගැනීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. මෙවර පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය මගින් ද වැඩ සටහන් රාශියක් දියත් කර ඇත. මෙහි ප‍්‍රධාන උත්සවය මෙවර පොළොන්නරුවේ පැවැත්වෙන අතර එයට පාසල් සිසුන් සහභාගි වන පරිසර පා ගමනක්, රුක් රෝපණ වැඩ සටහනක් නාගරික රුක් ගොමු ඉදිකිරීම වැනි වැඩ සටහන් ඇතුළත්ය. ඒ හැරුණු විට පාසල් ආශ‍්‍රිතව පරිසර දිනය වෙනුවෙන් තරග පවත්වා ඒවාට හිමි ත්‍යාග ලබා දීම ද එදිනම සිදු කෙරේ.මේ ආකාරයට පරිසර දිනය වෙනුවෙන් කාන්තාරකරණය වලක්වාලීමේ තේමාව අරමුණු කරගනිමින් ශ‍්‍රී ලංකාව තුළ විවිධ වැඩ සටහන් පැවැත්වෙන අතර ඉන් ජනතාව තුළ පරිසරය රැක ගැනීම පිළිබඳ අවබෝධය වැඩිදියුණු කර ඔවුන් ඒ පිළිබඳ උනන්දු කරවීමට අපේක්ෂා කෙරේ.


උපුටා ගැනීම - මංජුල දිසානායක http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=16520%3A2010-06-11-06-59-48&catid=77%3Apollution&Itemid=129&lang=si

Thursday, June 11, 2015

ජගත් සාගර දිනය - ජුනි 08

ජගත්  සාගර දින සැමරීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

1992 වසරේ බ්‍රසීලයේ රියෝ දි ජෙනයිරෝ නගරයේ පැවති මිහිතල සමුළුවේදී ජගත් ජාතික සාගර දිනය සැමරීමේ සංකල්පය ඉදිරිපත් වූ අතර එම අදහස 2008 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් පිළි ගැනීමත් සමඟ ලෝකයේ විවිධ ජාතීන් සෑම වසරකම ජුනි මස 08 වෙනි දින ජගත් ජාතික සාගර දිනය සමරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ජගත් ජාතික සාගර දින සැමරීමේ ජාතික වැඩසටහන සංවිධානය කරනු ලැබේ. මෙවර සාගර දිනයේ තේමාව “Healthy Oceans, Healthy Planet” යනුවෙන් නම් කර ඇත.

– news.lk

Thursday, June 4, 2015

ලෝක පරිසර දින සැමරුම - 2015

ජගත් පරිසර දින සැමරුම 1972 වසරේ සිට වසර 42ක් මුළුල්ලේ එළඹෙන සෑම වසරකම වර්ධනය වෙමින් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම මගින් පරිසරය පිළිබඳ ලෝක ප්‍රජාවගේ විශේෂ අවධානය යොමු කරවිමට කටයුතු කරයි. සියලූ දෙනාට එකට එකතු වී තමන්ට හා ඉරිදි සියලූ පරම්පරාවන්ට පිරිසිදු, හරිතවත්, දීප්තිමත් අනාගතයක් උදාකරලීම වෙනුවෙන් ගමන් කිරීමට පරිසරය සම්බන්ධයෙන් දිනයක් ප්‍රකාශයට පත් කරමින් ඒ පිළිබඳ යම් ප්‍රබෝධාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පරිසරය සම්බන්ධයෙන් වන කෙටි කාලීන වූ ධනාත්මක ප්‍රයත්නයකි. එම ධනාත්මක වැඩපිළිවෙළ දිගුකාලීන වූ ඵලදායී වැඩපිළිවෙළක් බවට පත්කරලීම සඳහා ලෝක වාසී සමස්ත ජනතාව තුළ පරිසරය පිළිබඳ ළෙන්ගතු ආකල්පමය පරිවර්තනයක් කිරීම කාලීන අවශ්‍යතාවකි. මෙසේ දිනයක් නම් කර සිදුකෙරෙන්නේ ලෝකවාසීන්ගේ අවධානය පරිසරය කෙරෙහි යොමු කරවිමයි.

ඒ ඒ වර්ෂ වලදී ලෝක පරිසර දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් තේමාවන් නිකුත් කරයි. එහිදී ඒ වන විට අවධානය යොමු කළ යුතු විශේෂ සාධක කෙරෙහි අවධානය යොමු කරවනු ලබයි. ‍ 2015 වසරේ ලෝක පරිසර දින තේමාව වන්නේ : "Seven Billion Dreems. One Planet. Consume With Care." යන්නයි. එහි සිංහල පරිවර්ථනය "තිරසර භාවිතය - සුරකී මිහිතලය" ලෙසට ගෙන ඇත.

ලොවපුරා ඉහළ යමින් පවතින තිරසර නොවූ සම්පත් භාවිතය පිළිබඳ පණිවිඩය වඩා සක‍්‍රීය ලෙසත්, ප‍්‍රබල ලෙසත්, අන්තර්ජාතිකව, කලාපීයව හා ජාතික වශයෙන් සියලූ අංශ හා සමාජ කණ්ඩායම් වෙත අවබෝධ කරදීමට හා ඒ අනුව ක‍්‍රියාකරවීමේ  වඩා සක‍්‍රීය කිරීමක් මෙම පරිසර දින සැමරුම මගින් අරමුණු කර ඇත.


වාර්ෂිකව සිදුවන මෙම සැමරුම අරමුණු කරනුයේ ලෝකය පුරා සිදුකරනු ලබන ඉහළම සාධානීය පාරිසරික ක‍්‍රියාකාරකම්වලින් යුතු ජාත්‍යන්තර දිනය ලෙසිණි. ජුනි 05 වන දින පදනම් කරගත් ජගත් පරිසර සැමරුම් වසර පුරාම, ලෝකය පුරා වාර්ෂිකව පැවැත්වේ.

බිලියන 07 ක් වන ලෝක ජනගහනය (වසර 2050 දී එය බිලියන 9 ක් වේ යැයි අනුමාන කෙරේ) සඳහා අත්‍යවශ්‍ය සම්පත් ලඟා කර දීමට ලෝකය දරණ උත්සාහය තුළදී ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ගණන් බැලීම්වලට අනුව ලෝක ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක් (1/3) අපතේ යෑමට හෝ විනාශ වීමට භාජනය වේ. තත්වය මෙසේ තිබියදී සෑම හත්දෙනෙකුගෙන් එක් අයෙකු නින්දට යන්නේ බඩට අහරක් නොමැතිවය. ඒ සමගම ලොවපුරා වයස අවුරුදු පහකට අඩු ළමුන් 20,000 ක් දිනපතා බඩගින්න නිසා මිය යන බව සංඛ්‍යාලේඛන දක්වයි.

මේ අනුව ඉහත කී බරපතල තත්ත්වය හමුවේ ජන ජීවිතය ඉතා අසීරු අඩියකට භාජනය වන තත්ත්වයක් තුළ පරිසරයට එමගින් ඇතිවන බලපෑම පිළිබඳවද ඉලක්කකර ගනිමින් මෙවර පරිසර දින තේමාව මගින් අප සියලූ දෙනාටම හිතන්නට යමක් මෙන්ම ඒ පිළිබඳ දැනුම්වත් වීම තුළින් අපගේ රුචිකත්වය හා භුක්තිවිදීම තුළ ඇති පාරිසරික බලපෑම් මොනවාද යන්න තේරුම් ගෙන තෝරා ගැනීම්වලට යොමුවිය හැකිවනු ඇත. සම්පත් අධිභාවිතය හා අපතේ හැරීම යනු ස්වාභාවික සම්පත් විනාශ කර හරින ප‍්‍රධාන මාර්ගයක් වන අතරම පාරිසරික, ආර්ථික සහ මානුෂීය වශයෙන් සිදුවන බලපෑම්ලට ප‍්‍රධාන හේතුවක් ද වනු ඇත.


ශ‍්‍රී ලංකාවට එදා තිරසර භාවිතයක් සහිත සංස්කෘතියක් තිබිණි. එය සිංහල පැරණි නටබුන් පරීක්ෂා කිරීමේදි ඉතා පැහැදිලිය. විශේෂයෙන් අපගේ ආහාර සංස්කෘතිය තුළ ප‍්‍රමුඛස්ථානය වී ගොවිතැනට හෙවත් බත්පතට හිමි ව තිබේ. ඒ ආශ‍්‍රීතව ගොඩනැඟුණු අපේ සිරිත් විරිත් පිරිපුන් ජාතීන් හා කරින් කර සිටීමේ හැකියාව අප වෙත හිමි කර දී ඇත.

එලෙසම අප භාවිතාකරන සම්පත් ඉවත දැමීම පිළිබඳ සංකල්පය ඉතා අගනේය. ජලය පවා අප පරිහරණය කළ ආකාරය ඉතා ආදර්ශමත්ය. ආහාරගෙන් ඉතිරි ඉඳුල් පවා අප සතෙකු වෙත ලබා දුන්නේ සංස්කෘතිය තුළ ලබාදුන් පාරිසරික හික්මීම නිසාම ය. තමන්ට ඇති තරම් බෙදා ගැනීම, අපතේ නොහැරීම බෞද්ධ දර්ශනය හරහා අප වෙත ගෙන දී ඇති ශික්ෂණය ඉතා නිවැරදිය. ආහාර අපතේ හැරීම පවක් ලෙස සැළකීමට පෙළඹී ඇත්තේ මෙම හික්මීම නිසාය.

අප ජාතියක් රටක් වශයෙන් පාරිසරික සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම හෝ අපතේ හැරීම කළ අය නොවේ. එහෙත් අද දවසේ එකිනෙකා පරයා යාමේ ආර්ථික තරගයකට පත් වීම නිසාත් ඉදිරිපරම්පරා‍ වෙත භාවිතය සදහා සම්පත් හිගවනු ඇත. පාරිසරික අභියෝගයන් ජය ගැනීම සඳහා තනිපුද්ගල ක‍්‍රියාකාරීත්වයන් මෙන්ම පොදු කි‍්‍රයාකාරිත්වයන් ද ආශ‍්‍රය කර ගත යුතු ය.


මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍ය ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුනිල් උඩුකුල මහතාගේ අදහස් පහතින් උපුටා දක්වා ඇත.

අප මාතෘ භුමිය වන ශ්‍රී ලංකාවේ තත්ත්වය දෙස සැබෑ පාරිසරික දෘෂ්ටියකින් බලන විටදී දිනෙන් දින සිදුවෙමින් පවතිනුයේ පාරිසරික හානි ඉහළ යෑමකි. ශ්‍රී ලාංකේය භූ දේශපාලනික වපසරියෙන් ඔබ්බට ගොස් ලෝක තත්ත්වයන් සලකන විටදී ලොව බොහෝ තැන්හි ක්‍රියාකාරිත්වයන් විසින් ඇති කරනු ලබන ප්‍රතිඵලය වී ඇත්තේ මිහිතලය ජීවයේ පැවැත්මට නුසුදුසු තැනක් බවට පත් කිරීමයි. ජීව විද්‍යාත්මක මතය අනුව මිහිපිට ජීව විශේෂ 15ක් පමණ ජීවත් වන අතර ඉන් ප්‍රබලම ජීවියා වන්නේ මිනිසායි. ඒ බුද්ධිමය හැකියාව මිනිසාට පමණක් උරුමව තිබීම නිසාය. එසේ වුවත්, නූතන මානවයාගේ ක්‍රියාකාරිත්වය දෙස බලන විටදී ඒ බුද්ධිමත් බවේ මන්ද බුද්ධික ස්වභාවයක් පවතින බවද ප්‍රත්‍යක්ෂ වේ. අපේ පැරැණියන් නූගත් ජනතාවක් ලෙසත්, වත්මන් ජනතාව උගත් ජනතාවක් ලෙසත් පිළිගැනීම පොදු ව්‍යවහාරයේ සම්මතයකි. මහ බැංකු වාර්තාවට අනුව වර්ෂයෙන් වර්ෂය අපේ සාක්‍ෂරතා අනුපාතය ඉහළ යමින් පවතින අතර, 2014 සංඛ්‍යා දත්ත අනුව එය 92%කි. එය ලෝකයේ දියුණු රටවල පවතින සාක්ෂරතාවට සමාන තත්ත්වයකි. නමුත්, මේ උගත් බුද්ධිමත් යැයි සඳහන් වන නූතන මානවයා පිළිබඳ පවතින සමාජ විග්‍රහය කිසිසේත් පිළිගත නොහැක්කකි. එසේ නොවේ නම් බටහිර සංවර්ධන ආකෘතිය විසින් සමාජගත කරන ලද සංකල්පීය අදහස් හෝ ඊට භාවිත කරනු ලබන නිර්ණායකයන් හෝ වැරැදිය. මිනිසා මේ තරම් උගත් නම්, බුද්ධිමත් නම් අප ජීවත් වන මේ පරිසරයට මේ තරමට ඇස් පනාපිටම හානි කරන්නේ නැත. අද පරිසරයට කරන විනාශය පිළිබඳ ගැඹුරින් සලකන විටදී අප ක්‍රමයෙන් ම්ලේච්ඡ ජාතියක් බවට පත්වීමේ ප්‍රවණතාව පෙන්නුම් කර හමාරය. වත්මන් මානව විද්‍යාඥයන් මේ පිළිබඳ පුළුල් පර්යේෂණ සඳහා යොමුවීමේ සමකාලීන සමාජ අවශ්‍යතාව වටහා ගත යුතුය.


හුස්ම ගැනීමට තිබෙන පිරිසුදු වාතාශ්‍රය විනාශ කරන්නේ නම්, ජීවයට පදනම වූ ජල සම්පත අද වන විට බීමට, නෑමට නුසුදුසු තත්ත්වයට පත් කරන්නේ නම්, බැලූ බැලූ අත දෙනෙතට ප්‍රිය දසුන් මැවූ හරිත වටපිටාව තුළ දෙනෙතට ප්‍රිය නොවන දූෂිත දසුන් මවන්නේ නම්, දෙසවන් පිනවන මිහිරි ස්වාභාවික ශබ්දයන් වෙනුවට ඉතා පීඩාකාරී ඝෝෂාවලින් දෙසවන් පිරී යන්නේ නම්, අප කාටත් ආහාර සපයන ප්‍රධාන මූලාශ්‍රය වන පස හෙවත් මහපොළොව වස මිශ්‍ර වූ අනතුරුදායක තැනක් බවට පත් කරන්නේ නම් නූතන මිනිසාගේ උගත් බව, බුද්ධිමත් බව පිළිබඳ පවතිනුයේ මහා ප්‍රශ්නාර්ථයක් නොවේද? පෘථිවියට මේ තත්ත්වය උරුම කරමින් පවතිනුයේ සියැටල් පරපුරේ එවුන්වත්, ඇබොරිජන්ස් පරපුරේ එවුන්වත් හෝ උෟරුවරිගේ වන්නිලැත්තන්ගේ පරපුරේ එවුන් වත් නොව, උගත් බුද්ධිමත් යන ලේබලය අලවාගත් නූගත් මන්ද බුද්ධික අපි වන්නෙමු.

සොබා දහම විසින් ශ්‍රී ලාංකේය අපට උරුම කරනු ලැබ තිබෙන අති පාරිශුද්ධ වූ ජල ද්‍රෝණි 103කින් සමන්විත අරීය ජලවහන රටාවක් හිමි ජල සම්පතට අද වන විට සිදු කරමින් පවතින හානිය ජල සම්පතට අධිපති වරුණ දෙවියන්වත් උහුලන්නේ නැති මහා අපරාධයකි. බීමට පිරිසුදු ජලය නොමැති වූ විට එතැනින් එහාට ජීවය පැවැත්මේ ස්ථිරතාව පිළිබඳ සහතිකයක් දිය නොහැකිය. ශ්‍රී පාදස්ථානය ආශි්‍රත පරිසර පද්ධතියෙන් මෙරට ප්‍රධාන ජල මූලාශ්‍ර 05ක් ආරම්භ වන අතර ඒවා, සියල්ලම තිඹිරිගෙය තුළදීම දූෂණයට ලක් කිරීම අද මේ ප්‍රදර්ශනාත්මක වන්දනාකරුවන් සිදු නොකරන්නේද? මුහුදු මට්ටමේ සිට මීටර් 2243ක් උස ශ්‍රීපාද මළුව ප්‍රදේශයට වන්දනා සමයේදී දිනපතා එකතු කරන විවිධ ස්වභාවයේ වූ අපද්‍රව්‍ය හේතුවෙන් එකී ජල මූලාශ්‍ර සියල්ලම දූෂණය කරන්නේය. ශ්‍රීපාද මළුව ප්‍රදේශයට එකතු වන මහා ජනතාව විසින් පරිසරයට බැහැර කරනු ලබන මල, මුත්‍රා ඇතුළු ශාරීරික අපද්‍රව්‍ය සීත ගඟුලේ ජලයට එකතු නොවන්නේද? මළුවේ සිට නල්ලතන්නිය දක්වා එන විටදී හමුවන අපද්‍රව්‍ය තොගය කොතරම්ද? පොලිතීන්, ප්ලාස්ටික් වැනි දෑ ඉඳුල්, වීදුරු බෝතල් කටු..... ආදී වශයෙන් මිනිසා විසින් බැහැර කරනු ලබයි. ලෝක උරුම පරිසර පද්ධතියක් වන ශ්‍රී පාදස්ථානය ආශි්‍රත පරිසරයට මිනිසුන් විසින් මේ කරනු ලබන මහා අපරාධය නොදැනෙන්නේ, නොහැඟෙන්නේ නූගතුන් නිසා නොවේද? බුද්ධිමත් බවේ මන්ද බුද්ධික බවක් නිසා නොවේද?

අද වන විට ලංකාවේ ප්‍රධාන ගංගාවන් වන කැලණි, කළු, වලවේ, නිල්වලා හා මහවැලි ගංගාවන් මෙන්ම ඊට සමගාමීව මුහුදට ගලා බසින සියලු ජල ද්‍රෝණි 103 සලකන විටදී දරුණු ලෙස ඒවා අපද්‍රව්‍ය ගොඩකරන කුණු ගොඩවල් බවට පත්කර ඇත. ජාතික ආර්ථිකය පොහොසත් කරනවා කියා ජනතාවට රැකියා සපයනවා කියා, මහා බොරුවක්, ප්‍රෝඩාවක් කරන ඇතැම් කර්මාන්තකරුවන් තම කර්මාන්ත ක්‍රියාවලිය විසින් ජනනය කරනු ලබන අපදියර, අපද්‍රව්‍ය මෙන්ම උපද්‍රවකාරි අපද්‍රව්‍ය ලෙසින් හඳුන්වන රසායනික අපද්‍රව්‍ය විශාල වශයෙන් ජීවයේ පදනම වන ජල සම්පතට දමනු ලබයි. ඇතැම් කර්මාන්තකරුවන් විසින් හොර රහසේ කර්මාන්තයේ සිට ගංගාවන් දක්වා නළ මාර්ග පොළොව යටින් දමා දූෂිත ජලය මුදා හරින අතර ඇතැම් කර්මාන්තකරුවන් අධික වර්ෂා සහිත අවස්ථාවලදී වර්ෂා ජලය සමඟ මිශ්‍ර කර ගංගාවන්ට එම අපජලය මුදා හැරීම කරනු ලබයි.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාවට පානීය ජලය සපයන කැලණි ගංගාවට කිතුල්ගල, මිරිස්වලතැන්න ප්‍රදේශයේ ගං ඉවුරේ ඉදිකර ඇති හෝටල් හෙවත් ලැගුම්හල්වල වැසිකිළි අපද්‍රව්‍ය සෘජුවම ගඟට මුදාහරින බව පසුගිය සමයේ දිගින් දිගටම වාර්තා විය. සමන් දෙවි හාමුදුරුවන්ගේ අඩවියේ ජල සම්පතට කරන මේ මහා අපරාධය දේව දඬුවමකට හේතු වනු නොඅනුමානය.


කටුනායක මහා කර්මාන්ත පුරය සමීපයෙන් ගලා බසින දඬුගම් ඔය අද ඉතා අපවිත්‍ර ජල පද්ධතියක් බවට පත්කර ඇත්තේ මේ කර්මාන්ත ක්‍රියාවලීන් නිසාය. තෙල් පිරිපහදු ආශි්‍රත සපුගස්කන්ද ප්‍රදේශයේ ගලා බසින ප්‍රධාන ඇළ මාර්ගයේ තෙල් මිශි්‍රත ජලය තනිකරම කළු පැහැ ගැන්වී ඇත. පසුගියදා වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ ඇළට ඇඳුම් වර්ණ ගන්වන කර්මාන්තශාලාවකින් අප දියර දැමීම නිසා ඇළ මාර්ගයේ මසුන් මියයෑම වාර්තා විය. දැනට වසර කීපයකට පෙර ප්‍රදේශයේ ජනතාව නෑම සඳහා භාවිත කරන ලද එම ඇළ මාර්ගය අද වන විට වස මිශ්‍රිත ඇළ මාර්ගයක් බවට අදාළ කර්මාන්තකරුවන් පත්කර හමාරය. අකුරණ ප්‍රදේශයේ හරහා කටුගස්තොටින් මහවැලි ගඟට ගලා බසින පිඟාඔය, ජනයා අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන ජල මූලාශ්‍රයක් බවට පත්කර ඇත. මහවැලි ගඟට තලවාකැලේ, කොත්මලේ, ගම්පොළ, ගෙලිඔය, පේරාදෙණිය, මහනුවර..... ආදී ප්‍රදේශවලින් එකතු කරන අපද්‍රව්‍ය ප්‍රමාණය දැවැන්තය. කටුගස්තොට පිහිටි ගොහාගොඩ කුණු කන්ද නිර්මාණ කරන ලද්දේ මහවැලි ගංගා ඉවුරේය. කළුතර දිස්ත්‍රික්කයේ රබර් වගාව බහුලව කෙරෙන අතර ෆෝමික් ඇසිඩ් මිශි්‍රත අප ජලය සෘජුවම සමීපයේ ජල මාර්ගවලට මුදාහැරීම සාමාන්‍ය දෙයක් බවට පත්කර ගෙන ඇත. රත්නපුර නාගරික අපද්‍රව්‍ය ඇළ මාර්ගයක් දිගේ විත් එක් කරනුයේ කළු ගංගාවටය.


කර්මාන්ත ක්‍රියාවලියක් හේතුවෙන් මේ වන විට අපේ පද්ධතිවලට වගේම ස්වාභාවික පරිසර පද්ධතිවලට කර ඇති හානිය මහා ඛේදවාචකයකි. වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ ජල මූලාශ්‍ර දූෂණය වීම, හංවැල්ල, තුන්තාන ප්‍රදේශයේ මේ තත්ත්වය ඇතිවීම, මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුලිච්චාකුලම ප්‍රදේශයට රසායනික විස සහිත ඊයම් බොර දිය තොග වශයෙන් දැමීම, යාපනය අර්ධද්වීපයේ චුන්නාකම් ප්‍රදේශයේ ජනතාව දිගු කලක පටන් හැඳින්වූ ඔයිල්කුලම නම් අපදියර බැහැර කිරීමක් මඟින් ප්‍රදේශයේ භුගත ජලයට එය මහත් බලපෑමක් ඇති කිරීම වැනි සිද්ධි වරින්වර වාර්තා වෙමින් පවතී. මේ ජනතා විරෝධී, පරිසර විරෝධී ක්‍රියාවලිය කරන්නේ මන්ද බුද්ධික වූවන් විනා සබුද්ධික ජනතාවගේ ක්‍රියාවක් නොවන බව පැහැදිලිය.


මෑත කාලීනව ශ්‍රී ලාංකික සමාජයේ උද්ගතව ඇති මේ විවිධ ස්වභාවයේ වූ පරිසර ප්‍රශ්න සලකන විටදී ඒවා පිටුදැකීම සම්බන්ධයෙන් විවිධ අංශ ගනු ලබන ක්‍රියාමාර්ග ඵලදායී වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. බොහෝ ඒවා බීරි අලින්ට වීණා වාදනය කරනවා වැනිය. පාරිසරික ප්‍රමිතීන්ට අනුගත නොවන කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ කර්මාන්ත ක්‍රියාවලීන් විසින් ඇතිකරනු ලැබ තිබෙන මහජන පීඩා අති ප්‍රබලය. පාරිසරික පීඩා සෘජුව දෘශ්‍යමාන නොවන මහා ඛේදවාචක මවන තත්ත්වයේ බරපතළ ඒවාය.

පරිසරයේ සැබෑ වටිනාකම පිළිබඳ කිසිදු තැකීමක් නොකරමින් බොහෝ පිරිස් පරිසර දූෂණය කරනුයේ හොරා, පොලිස් සෙල්ලමක් මෙනි. අප ජීවත් වන පරිසරයේ තිබෙන සොබාදහම විසින් උරුම කරනු ලැබ ඇති ජලය බොන්නට බැරිනම්, නාන්න බැරිනම්, ඒ තත්ත්වය උරුම කරන්නේ යම් කර්මාන්ත ක්‍රියාදාමයක් මඟින් නම්, ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා දුන්නත්, ඩොලර්, ඩිනාර්, පවුම් හෝ රුපියල් බිලියන ගණනින් ඉපැයුවත් පරිසර සාධකයත් සමඟ සාපේක්‍ෂව බලන විටදී ලාභ අලාභ ගිණුමේ ශේෂ පත්‍රය ඍණ එකකි. මන්ද ඩොලර්, ඩිනාර්, පවුම් හෝ රුපියල් සතවලට සුපිරිසුදු වූ විශ්වාසදායී වූ ගත සිත පිනවන ජලය මැවීමට නොහැකි බැවිනි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පසුගියදා පරිසර සුරැකුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය නායකයෙක් විසින් කරනු ලැබූ වටිනාම ප්‍රකාශය කෙළේය. එනම් තම විධායක බලය රටේ පරිසර සුරැකුම වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන බවය. මෙරටේ පරිසරය ගැන අවංකව උනන්දු වන නිලධාරීන් පන්තියකට, ජනතාවට සමාජ ක්‍රියාකාරීත්වයට එය මහත් උත්තේජනයකි. ජනාධිපතිතුමනි, මූලික වශයෙන් ජලය, වායුව, පස සමඟ වනාන්තර පරිසර පද්ධති සුරක්‍ෂිත කරන කල්පවත්නා පරිසර සංරක්‍ෂණ වැඩපිළිවෙළක් අපේ මාතෘ භූමියට උරුම කළ මැනවි.

සුනිල් උඩුකල