ජගත් සාගර දින සැමරීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
1992 වසරේ බ්‍රසීලයේ රියෝ දි ජෙනයිරෝ නගරයේ පැවති මිහිතල සමුළුවේදී ජගත් ජාතික සාගර දිනය සැමරීමේ සංකල්පය ඉදිරිපත් වූ අතර එම අදහස 2008 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් පිළි ගැනීමත් සමඟ ලෝකයේ විවිධ ජාතීන් සෑම වසරකම ජුනි මස 08 වෙනි දින ජගත් ජාතික සාගර දිනය සමරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ජගත් ජාතික සාගර දින සැමරීමේ ජාතික වැඩසටහන සංවිධානය කරනු ලැබේ. මෙවර සාගර දිනයේ තේමාව “Healthy Oceans, Healthy Planet” යනුවෙන් නම් කර ඇත.
– news.lk
Thursday, June 11, 2015
Thursday, June 4, 2015
ලෝක පරිසර දින සැමරුම - 2015
ජගත් පරිසර දින සැමරුම 1972 වසරේ සිට වසර 42ක් මුළුල්ලේ එළඹෙන සෑම වසරකම වර්ධනය වෙමින් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම මගින් පරිසරය පිළිබඳ ලෝක ප්‍රජාවගේ විශේෂ අවධානය යොමු කරවිමට කටයුතු කරයි. සියලූ දෙනාට එකට එකතු වී තමන්ට හා ඉරිදි සියලූ පරම්පරාවන්ට පිරිසිදු, හරිතවත්, දීප්තිමත් අනාගතයක් උදාකරලීම වෙනුවෙන් ගමන් කිරීමට පරිසරය සම්බන්ධයෙන් දිනයක් ප්‍රකාශයට පත් කරමින් ඒ පිළිබඳ යම් ප්‍රබෝධාත්මක
වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පරිසරය සම්බන්ධයෙන් වන කෙටි කාලීන වූ
ධනාත්මක ප්‍රයත්නයකි. එම ධනාත්මක වැඩපිළිවෙළ දිගුකාලීන වූ ඵලදායී
වැඩපිළිවෙළක් බවට පත්කරලීම සඳහා ලෝක වාසී සමස්ත ජනතාව තුළ පරිසරය
පිළිබඳ ළෙන්ගතු ආකල්පමය පරිවර්තනයක් කිරීම කාලීන අවශ්‍යතාවකි. මෙසේ දිනයක් නම් කර සිදුකෙරෙන්නේ ලෝකවාසීන්ගේ අවධානය පරිසරය කෙරෙහි යොමු කරවිමයි.
ඒ ඒ වර්ෂ වලදී ලෝක පරිසර දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් තේමාවන් නිකුත් කරයි. එහිදී ඒ වන විට අවධානය යොමු කළ යුතු විශේෂ සාධක කෙරෙහි අවධානය යොමු කරවනු ලබයි. 2015 වසරේ ලෝක පරිසර දින තේමාව වන්නේ : "Seven Billion Dreems. One Planet. Consume With Care." යන්නයි. එහි සිංහල පරිවර්ථනය "තිරසර භාවිතය - සුරකී මිහිතලය" ලෙසට ගෙන ඇත.
ලොවපුරා ඉහළ යමින් පවතින තිරසර නොවූ සම්පත් භාවිතය පිළිබඳ පණිවිඩය වඩා සක‍්‍රීය ලෙසත්, ප‍්‍රබල ලෙසත්, අන්තර්ජාතිකව, කලාපීයව හා ජාතික වශයෙන් සියලූ අංශ හා සමාජ කණ්ඩායම් වෙත අවබෝධ කරදීමට හා ඒ අනුව ක‍්‍රියාකරවීමේ වඩා සක‍්‍රීය කිරීමක් මෙම පරිසර දින සැමරුම මගින් අරමුණු කර ඇත.
වාර්ෂිකව සිදුවන මෙම සැමරුම අරමුණු කරනුයේ ලෝකය පුරා සිදුකරනු ලබන ඉහළම සාධානීය පාරිසරික ක‍්‍රියාකාරකම්වලින් යුතු ජාත්‍යන්තර දිනය ලෙසිණි. ජුනි 05 වන දින පදනම් කරගත් ජගත් පරිසර සැමරුම් වසර පුරාම, ලෝකය පුරා වාර්ෂිකව පැවැත්වේ.
බිලියන 07 ක් වන ලෝක ජනගහනය (වසර 2050 දී එය බිලියන 9 ක් වේ යැයි අනුමාන කෙරේ) සඳහා අත්‍යවශ්‍ය සම්පත් ලඟා කර දීමට ලෝකය දරණ උත්සාහය තුළදී ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ගණන් බැලීම්වලට අනුව ලෝක ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක් (1/3) අපතේ යෑමට හෝ විනාශ වීමට භාජනය වේ. තත්වය මෙසේ තිබියදී සෑම හත්දෙනෙකුගෙන් එක් අයෙකු නින්දට යන්නේ බඩට අහරක් නොමැතිවය. ඒ සමගම ලොවපුරා වයස අවුරුදු පහකට අඩු ළමුන් 20,000 ක් දිනපතා බඩගින්න නිසා මිය යන බව සංඛ්‍යාලේඛන දක්වයි.
මේ අනුව ඉහත කී බරපතල තත්ත්වය හමුවේ ජන ජීවිතය ඉතා අසීරු අඩියකට භාජනය වන තත්ත්වයක් තුළ පරිසරයට එමගින් ඇතිවන බලපෑම පිළිබඳවද ඉලක්කකර ගනිමින් මෙවර පරිසර දින තේමාව මගින් අප සියලූ දෙනාටම හිතන්නට යමක් මෙන්ම ඒ පිළිබඳ දැනුම්වත් වීම තුළින් අපගේ රුචිකත්වය හා භුක්තිවිදීම තුළ ඇති පාරිසරික බලපෑම් මොනවාද යන්න තේරුම් ගෙන තෝරා ගැනීම්වලට යොමුවිය හැකිවනු ඇත. සම්පත් අධිභාවිතය හා අපතේ හැරීම යනු ස්වාභාවික සම්පත් විනාශ කර හරින ප‍්‍රධාන මාර්ගයක් වන අතරම පාරිසරික, ආර්ථික සහ මානුෂීය වශයෙන් සිදුවන බලපෑම්ලට ප‍්‍රධාන හේතුවක් ද වනු ඇත.
ශ‍්‍රී ලංකාවට එදා තිරසර භාවිතයක් සහිත සංස්කෘතියක් තිබිණි. එය සිංහල පැරණි නටබුන් පරීක්ෂා කිරීමේදි ඉතා පැහැදිලිය. විශේෂයෙන් අපගේ ආහාර සංස්කෘතිය තුළ ප‍්‍රමුඛස්ථානය වී ගොවිතැනට හෙවත් බත්පතට හිමි ව තිබේ. ඒ ආශ‍්‍රීතව ගොඩනැඟුණු අපේ සිරිත් විරිත් පිරිපුන් ජාතීන් හා කරින් කර සිටීමේ හැකියාව අප වෙත හිමි කර දී ඇත.
එලෙසම අප භාවිතාකරන සම්පත් ඉවත දැමීම පිළිබඳ සංකල්පය ඉතා අගනේය. ජලය පවා අප පරිහරණය කළ ආකාරය ඉතා ආදර්ශමත්ය. ආහාරගෙන් ඉතිරි ඉඳුල් පවා අප සතෙකු වෙත ලබා දුන්නේ සංස්කෘතිය තුළ ලබාදුන් පාරිසරික හික්මීම නිසාම ය. තමන්ට ඇති තරම් බෙදා ගැනීම, අපතේ නොහැරීම බෞද්ධ දර්ශනය හරහා අප වෙත ගෙන දී ඇති ශික්ෂණය ඉතා නිවැරදිය. ආහාර අපතේ හැරීම පවක් ලෙස සැළකීමට පෙළඹී ඇත්තේ මෙම හික්මීම නිසාය.
අප ජාතියක් රටක් වශයෙන් පාරිසරික සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම හෝ අපතේ හැරීම කළ අය නොවේ. එහෙත් අද දවසේ එකිනෙකා පරයා යාමේ ආර්ථික තරගයකට පත් වීම නිසාත් ඉදිරිපරම්පරා වෙත භාවිතය සදහා සම්පත් හිගවනු ඇත. පාරිසරික අභියෝගයන් ජය ගැනීම සඳහා තනිපුද්ගල ක‍්‍රියාකාරීත්වයන් මෙන්ම පොදු කි‍්‍රයාකාරිත්වයන් ද ආශ‍්‍රය කර ගත යුතු ය.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍ය ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුනිල් උඩුකුල මහතාගේ අදහස් පහතින් උපුටා දක්වා ඇත.
අප මාතෘ භුමිය වන ශ්‍රී ලංකාවේ තත්ත්වය දෙස සැබෑ පාරිසරික දෘෂ්ටියකින් බලන විටදී දිනෙන් දින සිදුවෙමින් පවතිනුයේ පාරිසරික හානි ඉහළ යෑමකි. ශ්‍රී ලාංකේය භූ දේශපාලනික වපසරියෙන් ඔබ්බට ගොස් ලෝක තත්ත්වයන් සලකන විටදී ලොව බොහෝ තැන්හි ක්‍රියාකාරිත්වයන් විසින් ඇති කරනු ලබන ප්‍රතිඵලය වී ඇත්තේ මිහිතලය ජීවයේ පැවැත්මට නුසුදුසු තැනක් බවට පත් කිරීමයි. ජීව විද්‍යාත්මක මතය අනුව මිහිපිට ජීව විශේෂ 15ක් පමණ ජීවත් වන අතර ඉන් ප්‍රබලම ජීවියා වන්නේ මිනිසායි. ඒ බුද්ධිමය හැකියාව මිනිසාට පමණක් උරුමව තිබීම නිසාය. එසේ වුවත්, නූතන මානවයාගේ ක්‍රියාකාරිත්වය දෙස බලන විටදී ඒ බුද්ධිමත් බවේ මන්ද බුද්ධික ස්වභාවයක් පවතින බවද ප්‍රත්‍යක්ෂ වේ. අපේ පැරැණියන් නූගත් ජනතාවක් ලෙසත්, වත්මන් ජනතාව උගත් ජනතාවක් ලෙසත් පිළිගැනීම පොදු ව්‍යවහාරයේ සම්මතයකි. මහ බැංකු වාර්තාවට අනුව වර්ෂයෙන් වර්ෂය අපේ සාක්‍ෂරතා අනුපාතය ඉහළ යමින් පවතින අතර, 2014 සංඛ්‍යා දත්ත අනුව එය 92%කි. එය ලෝකයේ දියුණු රටවල පවතින සාක්ෂරතාවට සමාන තත්ත්වයකි. නමුත්, මේ උගත් බුද්ධිමත් යැයි සඳහන් වන නූතන මානවයා පිළිබඳ පවතින සමාජ විග්‍රහය කිසිසේත් පිළිගත නොහැක්කකි. එසේ නොවේ නම් බටහිර සංවර්ධන ආකෘතිය විසින් සමාජගත කරන ලද සංකල්පීය අදහස් හෝ ඊට භාවිත කරනු ලබන නිර්ණායකයන් හෝ වැරැදිය. මිනිසා මේ තරම් උගත් නම්, බුද්ධිමත් නම් අප ජීවත් වන මේ පරිසරයට මේ තරමට ඇස් පනාපිටම හානි කරන්නේ නැත. අද පරිසරයට කරන විනාශය පිළිබඳ ගැඹුරින් සලකන විටදී අප ක්‍රමයෙන් ම්ලේච්ඡ ජාතියක් බවට පත්වීමේ ප්‍රවණතාව පෙන්නුම් කර හමාරය. වත්මන් මානව විද්‍යාඥයන් මේ පිළිබඳ පුළුල් පර්යේෂණ සඳහා යොමුවීමේ සමකාලීන සමාජ අවශ්‍යතාව වටහා ගත යුතුය.
හුස්ම ගැනීමට තිබෙන පිරිසුදු වාතාශ්‍රය විනාශ කරන්නේ නම්, ජීවයට පදනම වූ ජල සම්පත අද වන විට බීමට, නෑමට නුසුදුසු තත්ත්වයට පත් කරන්නේ නම්, බැලූ බැලූ අත දෙනෙතට ප්‍රිය දසුන් මැවූ හරිත වටපිටාව තුළ දෙනෙතට ප්‍රිය නොවන දූෂිත දසුන් මවන්නේ නම්, දෙසවන් පිනවන මිහිරි ස්වාභාවික ශබ්දයන් වෙනුවට ඉතා පීඩාකාරී ඝෝෂාවලින් දෙසවන් පිරී යන්නේ නම්, අප කාටත් ආහාර සපයන ප්‍රධාන මූලාශ්‍රය වන පස හෙවත් මහපොළොව වස මිශ්‍ර වූ අනතුරුදායක තැනක් බවට පත් කරන්නේ නම් නූතන මිනිසාගේ උගත් බව, බුද්ධිමත් බව පිළිබඳ පවතිනුයේ මහා ප්‍රශ්නාර්ථයක් නොවේද? පෘථිවියට මේ තත්ත්වය උරුම කරමින් පවතිනුයේ සියැටල් පරපුරේ එවුන්වත්, ඇබොරිජන්ස් පරපුරේ එවුන්වත් හෝ උෟරුවරිගේ වන්නිලැත්තන්ගේ පරපුරේ එවුන් වත් නොව, උගත් බුද්ධිමත් යන ලේබලය අලවාගත් නූගත් මන්ද බුද්ධික අපි වන්නෙමු.

සොබා දහම විසින් ශ්‍රී ලාංකේය අපට උරුම කරනු ලැබ තිබෙන අති පාරිශුද්ධ වූ ජල ද්‍රෝණි 103කින් සමන්විත අරීය ජලවහන රටාවක් හිමි ජල සම්පතට අද වන විට සිදු කරමින් පවතින හානිය ජල සම්පතට අධිපති වරුණ දෙවියන්වත් උහුලන්නේ නැති මහා අපරාධයකි. බීමට පිරිසුදු ජලය නොමැති වූ විට එතැනින් එහාට ජීවය පැවැත්මේ ස්ථිරතාව පිළිබඳ සහතිකයක් දිය නොහැකිය. ශ්‍රී පාදස්ථානය ආශි්‍රත පරිසර පද්ධතියෙන් මෙරට ප්‍රධාන ජල මූලාශ්‍ර 05ක් ආරම්භ වන අතර ඒවා, සියල්ලම තිඹිරිගෙය තුළදීම දූෂණයට ලක් කිරීම අද මේ ප්‍රදර්ශනාත්මක වන්දනාකරුවන් සිදු නොකරන්නේද? මුහුදු මට්ටමේ සිට මීටර් 2243ක් උස ශ්‍රීපාද මළුව ප්‍රදේශයට වන්දනා සමයේදී දිනපතා එකතු කරන විවිධ ස්වභාවයේ වූ අපද්‍රව්‍ය හේතුවෙන් එකී ජල මූලාශ්‍ර සියල්ලම දූෂණය කරන්නේය. ශ්‍රීපාද මළුව ප්‍රදේශයට එකතු වන මහා ජනතාව විසින් පරිසරයට බැහැර කරනු ලබන මල, මුත්‍රා ඇතුළු ශාරීරික අපද්‍රව්‍ය සීත ගඟුලේ ජලයට එකතු නොවන්නේද? මළුවේ සිට නල්ලතන්නිය දක්වා එන විටදී හමුවන අපද්‍රව්‍ය තොගය කොතරම්ද? පොලිතීන්, ප්ලාස්ටික් වැනි දෑ ඉඳුල්, වීදුරු බෝතල් කටු..... ආදී වශයෙන් මිනිසා විසින් බැහැර කරනු ලබයි. ලෝක උරුම පරිසර පද්ධතියක් වන ශ්‍රී පාදස්ථානය ආශි්‍රත පරිසරයට මිනිසුන් විසින් මේ කරනු ලබන මහා අපරාධය නොදැනෙන්නේ, නොහැඟෙන්නේ නූගතුන් නිසා නොවේද? බුද්ධිමත් බවේ මන්ද බුද්ධික බවක් නිසා නොවේද?
අද වන විට ලංකාවේ ප්‍රධාන ගංගාවන් වන කැලණි, කළු, වලවේ, නිල්වලා හා මහවැලි ගංගාවන් මෙන්ම ඊට සමගාමීව මුහුදට ගලා බසින සියලු ජල ද්‍රෝණි 103 සලකන විටදී දරුණු ලෙස ඒවා අපද්‍රව්‍ය ගොඩකරන කුණු ගොඩවල් බවට පත්කර ඇත. ජාතික ආර්ථිකය පොහොසත් කරනවා කියා ජනතාවට රැකියා සපයනවා කියා, මහා බොරුවක්, ප්‍රෝඩාවක් කරන ඇතැම් කර්මාන්තකරුවන් තම කර්මාන්ත ක්‍රියාවලිය විසින් ජනනය කරනු ලබන අපදියර, අපද්‍රව්‍ය මෙන්ම උපද්‍රවකාරි අපද්‍රව්‍ය ලෙසින් හඳුන්වන රසායනික අපද්‍රව්‍ය විශාල වශයෙන් ජීවයේ පදනම වන ජල සම්පතට දමනු ලබයි. ඇතැම් කර්මාන්තකරුවන් විසින් හොර රහසේ කර්මාන්තයේ සිට ගංගාවන් දක්වා නළ මාර්ග පොළොව යටින් දමා දූෂිත ජලය මුදා හරින අතර ඇතැම් කර්මාන්තකරුවන් අධික වර්ෂා සහිත අවස්ථාවලදී වර්ෂා ජලය සමඟ මිශ්‍ර කර ගංගාවන්ට එම අපජලය මුදා හැරීම කරනු ලබයි.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාවට පානීය ජලය සපයන කැලණි ගංගාවට කිතුල්ගල, මිරිස්වලතැන්න ප්‍රදේශයේ ගං ඉවුරේ ඉදිකර ඇති හෝටල් හෙවත් ලැගුම්හල්වල වැසිකිළි අපද්‍රව්‍ය සෘජුවම ගඟට මුදාහරින බව පසුගිය සමයේ දිගින් දිගටම වාර්තා විය. සමන් දෙවි හාමුදුරුවන්ගේ අඩවියේ ජල සම්පතට කරන මේ මහා අපරාධය දේව දඬුවමකට හේතු වනු නොඅනුමානය.
කටුනායක මහා කර්මාන්ත පුරය සමීපයෙන් ගලා බසින දඬුගම් ඔය අද ඉතා අපවිත්‍ර ජල පද්ධතියක් බවට පත්කර ඇත්තේ මේ කර්මාන්ත ක්‍රියාවලීන් නිසාය. තෙල් පිරිපහදු ආශි්‍රත සපුගස්කන්ද ප්‍රදේශයේ ගලා බසින ප්‍රධාන ඇළ මාර්ගයේ තෙල් මිශි්‍රත ජලය තනිකරම කළු පැහැ ගැන්වී ඇත. පසුගියදා වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ ඇළට ඇඳුම් වර්ණ ගන්වන කර්මාන්තශාලාවකින් අප දියර දැමීම නිසා ඇළ මාර්ගයේ මසුන් මියයෑම වාර්තා විය. දැනට වසර කීපයකට පෙර ප්‍රදේශයේ ජනතාව නෑම සඳහා භාවිත කරන ලද එම ඇළ මාර්ගය අද වන විට වස මිශ්‍රිත ඇළ මාර්ගයක් බවට අදාළ කර්මාන්තකරුවන් පත්කර හමාරය. අකුරණ ප්‍රදේශයේ හරහා කටුගස්තොටින් මහවැලි ගඟට ගලා බසින පිඟාඔය, ජනයා අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන ජල මූලාශ්‍රයක් බවට පත්කර ඇත. මහවැලි ගඟට තලවාකැලේ, කොත්මලේ, ගම්පොළ, ගෙලිඔය, පේරාදෙණිය, මහනුවර..... ආදී ප්‍රදේශවලින් එකතු කරන අපද්‍රව්‍ය ප්‍රමාණය දැවැන්තය. කටුගස්තොට පිහිටි ගොහාගොඩ කුණු කන්ද නිර්මාණ කරන ලද්දේ මහවැලි ගංගා ඉවුරේය. කළුතර දිස්ත්‍රික්කයේ රබර් වගාව බහුලව කෙරෙන අතර ෆෝමික් ඇසිඩ් මිශි්‍රත අප ජලය සෘජුවම සමීපයේ ජල මාර්ගවලට මුදාහැරීම සාමාන්‍ය දෙයක් බවට පත්කර ගෙන ඇත. රත්නපුර නාගරික අපද්‍රව්‍ය ඇළ මාර්ගයක් දිගේ විත් එක් කරනුයේ කළු ගංගාවටය.
කර්මාන්ත ක්‍රියාවලියක් හේතුවෙන් මේ වන විට අපේ පද්ධතිවලට වගේම ස්වාභාවික පරිසර පද්ධතිවලට කර ඇති හානිය මහා ඛේදවාචකයකි. වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ ජල මූලාශ්‍ර දූෂණය වීම, හංවැල්ල, තුන්තාන ප්‍රදේශයේ මේ තත්ත්වය ඇතිවීම, මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුලිච්චාකුලම ප්‍රදේශයට රසායනික විස සහිත ඊයම් බොර දිය තොග වශයෙන් දැමීම, යාපනය අර්ධද්වීපයේ චුන්නාකම් ප්‍රදේශයේ ජනතාව දිගු කලක පටන් හැඳින්වූ ඔයිල්කුලම නම් අපදියර බැහැර කිරීමක් මඟින් ප්‍රදේශයේ භුගත ජලයට එය මහත් බලපෑමක් ඇති කිරීම වැනි සිද්ධි වරින්වර වාර්තා වෙමින් පවතී. මේ ජනතා විරෝධී, පරිසර විරෝධී ක්‍රියාවලිය කරන්නේ මන්ද බුද්ධික වූවන් විනා සබුද්ධික ජනතාවගේ ක්‍රියාවක් නොවන බව පැහැදිලිය.
මෑත කාලීනව ශ්‍රී ලාංකික සමාජයේ උද්ගතව ඇති මේ විවිධ ස්වභාවයේ වූ පරිසර ප්‍රශ්න සලකන විටදී ඒවා පිටුදැකීම සම්බන්ධයෙන් විවිධ අංශ ගනු ලබන ක්‍රියාමාර්ග ඵලදායී වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. බොහෝ ඒවා බීරි අලින්ට වීණා වාදනය කරනවා වැනිය. පාරිසරික ප්‍රමිතීන්ට අනුගත නොවන කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ කර්මාන්ත ක්‍රියාවලීන් විසින් ඇතිකරනු ලැබ තිබෙන මහජන පීඩා අති ප්‍රබලය. පාරිසරික පීඩා සෘජුව දෘශ්‍යමාන නොවන මහා ඛේදවාචක මවන තත්ත්වයේ බරපතළ ඒවාය.
පරිසරයේ සැබෑ වටිනාකම පිළිබඳ කිසිදු තැකීමක් නොකරමින් බොහෝ පිරිස් පරිසර දූෂණය කරනුයේ හොරා, පොලිස් සෙල්ලමක් මෙනි. අප ජීවත් වන පරිසරයේ තිබෙන සොබාදහම විසින් උරුම කරනු ලැබ ඇති ජලය බොන්නට බැරිනම්, නාන්න බැරිනම්, ඒ තත්ත්වය උරුම කරන්නේ යම් කර්මාන්ත ක්‍රියාදාමයක් මඟින් නම්, ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා දුන්නත්, ඩොලර්, ඩිනාර්, පවුම් හෝ රුපියල් බිලියන ගණනින් ඉපැයුවත් පරිසර සාධකයත් සමඟ සාපේක්‍ෂව බලන විටදී ලාභ අලාභ ගිණුමේ ශේෂ පත්‍රය ඍණ එකකි. මන්ද ඩොලර්, ඩිනාර්, පවුම් හෝ රුපියල් සතවලට සුපිරිසුදු වූ විශ්වාසදායී වූ ගත සිත පිනවන ජලය මැවීමට නොහැකි බැවිනි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පසුගියදා පරිසර සුරැකුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය නායකයෙක් විසින් කරනු ලැබූ වටිනාම ප්‍රකාශය කෙළේය. එනම් තම විධායක බලය රටේ පරිසර සුරැකුම වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන බවය. මෙරටේ පරිසරය ගැන අවංකව උනන්දු වන නිලධාරීන් පන්තියකට, ජනතාවට සමාජ ක්‍රියාකාරීත්වයට එය මහත් උත්තේජනයකි. ජනාධිපතිතුමනි, මූලික වශයෙන් ජලය, වායුව, පස සමඟ වනාන්තර පරිසර පද්ධති සුරක්‍ෂිත කරන කල්පවත්නා පරිසර සංරක්‍ෂණ වැඩපිළිවෙළක් අපේ මාතෘ භූමියට උරුම කළ මැනවි.
සුනිල් උඩුකල
Monday, June 1, 2015
Friday, May 29, 2015
"පිවිතුරු පරිසරය පුජනීයයි"
පොසොන් පාරිසරික සත්කාරය - 2015
මධ්‍යම පරිසර අධිකාරිය
දඹදිව දේශයේ සිට ශ්‍රී ලංකා ද්වීපයට
අනුබුදු මිහිඳු හිමිඳු හිමියන් විසින් බුදු දහම රැගෙන එමින් මෙරට ධර්ම ද්වීපයක්
බවට පත්කරලීමේ ඓතිහාසික සිදුවීම සමරමින් වර්ෂයක් පාසා අනුරාධපුර නගරය කේනද්‍ර කර
ගනිමින් පොසොන් උත්සවය සැමරීම සිදුවේ. මිහින්තලේ මිස්සක පව්ව ආශ්‍රිතව සිදුවු මෙම
ආගමික, සංස්කෘතික හා සමාජීය පරිවර්තනයට මුල පිරූ එම ඓතිහාසික ගමන අති උත්කර්ෂවත්
ආකාරයෙන් මෙරට සිදුකරන ජාතික උත්සවයක් වශයෙන් රාජ්‍ය නායකත්වයේ ප්‍රධානත්වයෙන්
පැවැත්වෙන සංස්කෘතික හා ආගමික මංගල්‍යයක් බවට පත්වී ඇත.
අනුරාධපුර මහමෙවුනාව, මිහින්තලේ
රජමහාවිහාරය සහ තන්තිරිමලේ රජමහා විහාරය යන ස්ථානයන්ට අති විශාල බැතිමතුන් ප්‍රමාණයක්
පැමිණෙන අතර මෙම පුජා භූමිවල පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා මධ්‍යම
පරිසර අධිකාරිය විසින් "පිවිතුරු පරිසරය පුජනීයයි" යන තේමාව යටතේ විශේෂ
පොසොන් පාරිසරික සත්කාරක වැඩසටහන ජුනි 02, 03 යන දිනවල මෙවර ද සංවිධානය කර
ඇත.
මේ සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති
ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් උතුරු මැද
පළාත් ප්‍රධාන ලේකම් ආර්. එම්. එච්. බී. හේරත්, අනුරාධපුර දිස්ත්‍රික්
ලේකම් ඩි.පි.ජි. කුමාරසිරි යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් හා අනුරාධපුර
සියලු රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානින් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම පාරිසරික
සත්කාරක වැඩසටහන පැවැත්වීමට නියමිතය.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය
ලාල් මර්වින් ධර්මසිරි සහ අධ්‍යක්ෂ ජනරාල් කේ. එච්. මුතුකුඩආරච්චි යන මහත්වරුන්ගේ
පුර්ව මාර්ගෝපදේශකත්වය යටතේ සංවිධානය කර ඇති "පිවිතුරු පරිසරය පුජනීයයි"
යන තේමාව ප්‍රමුඛ කර ගත් පොසොන් පාරිසරි සත්කාරක වැඩසටහන තුළ අංග ගණනාවක් ක්‍රියාත්මක
කිරීමට සැලසුම් කර ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ උතුරු මැද පළාත් කාර්යාලයේ
මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම පොසොන් පාරිසරික සත්කාරයට පහත අංග ඇතුළත් කර ඇත.
Ø මහමෙවුනාව
උයන හා පෙත්මග දෙපස කසළ බදුන් 60 ක්
ස්ථානගත කිරීම.
Ø පරිසර
නියමුවන් 500 කගේ සහභාගීත්වයෙන් අනුරාධපුර මහමෙවුනාව උයන හා පෙත්මග ආශ්‍රිතව, තන්තිරිමලේ
සහ මිහින්තලේ පුජා භූමි ආශ්‍රිතව බැතිමතුන් දැනුවත් කිරීමේ හා මාර්ගෝපදේශ ලබාදීමේ
වැඩසටහන් කිරීම.
Ø එම
ස්ථාන ත්‍රිත්වයේම පරිසර ආදර්ශ පාඨ ඇතුළත් බැනර් ප්‍රදර්ශනය කිරීම.
Ø වීදි
නාට්‍ය 05 ක් සංවිධානය කිරීම.
Ø පරිසර
හිතකාමී පාඨ සහිත ටී ෂර්ට් සහ හිස්වැසුම් පැළඳි පරිසර නියමුවන් හා අනුරාධපුර රාජ්‍ය
ආයතන නිලධාරීන් විසින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
Ø මහමෙවුනා
උයනේ ස්ථානගත කර ඇති දන්සැල්, තාවකාලික වෙළඳසල්, වෙළඳ කුටි පිළිබඳ
සමීක්ෂණ වාර්තා ලබාගැනීම සහ එම ජනතාව විධිමත් කසළ කළමනාකරණය සහ පුදබිමේ පවිත්‍රතාවය
පිළිබඳ දැනුවත් කිරීම.
Ø එකතුවන
කැලි කසළ විධිමත් පරිදි බැහැර කිරීම පිළිබඳව විමසිලිමත් වීම සහ පළාත් පාලන ආයතන මඟින්
ඒවා සම්බන්ධීකරණය කිරීම.
Ø රජරට
ගුවන් විදුලිය හා අනෙකුත් ප්‍රාදේශීය මාධ්‍ය මඟින් පොසොන් පාරිසරික සත්කාරයට අදාළ
පණිවුඩ හා කෙටි වැඩසටහන් වරින් වර ප්‍රචාරය කිරීම .... ආදියයි.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට ප්‍රමුඛ
ආගමික හා සංස්කෘතික මංගල්‍යයන් පැවැත්වෙන සෑම ප්‍රදේශයක්ම කේන්ද්‍ර කර ගනිමින්
වාර්ෂිකව දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන පරිසරය ආරක්ෂා කර ගැනීමේ
විවිධ වැඩසටහන් අතර පොසොන් පාරිසරික සත්කාරක 2015 වැඩසටහන ප්‍රමුඛ වැඩසටහනක්
වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල්
මර්වින් ධර්මසිරි මහතා පැවසීය.
Media Unit (EE&A)-Central Environmental
Authority-0112873449
Web - www.cea.lk
Sunday, May 24, 2015
ලෝක ජෛව විවිධත්ව දිනය
මේ
සඳහා එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සම්මේලනය හෙවත් මිහිතල
සමුළුව සම්මුතිය මඟින් දී ඇති නිර්වචනය වඩාත් පැහැදිලි එකකි. එනම්, ජෛව
විවිධත්වය යනු 'භෞමික සමුද්‍රික සහ අනෙකුත් පරිසර පද්ධතීන් සහ පාරිසරික
සංකීර්ණ ඇතුළු සියළුම මූලාශ්‍රයන්හි අඩංගු සහ ඒවායේ කොටසක් වන ජීව වස්තූන්
අතර ඇති වෙනස් වීමේ හැකියාවයි'. තව ද, 'ඒ ඒ ජීවී (ශාක හා සත්ත්ව) විශේෂයන්
තුළ ඇති විවිධත්වය වේ'.තවත්
ලෙසකින් කිවහොත්, ජීවීන් සතුව ඇති අපරිමිත විවිධාත්මකභාවය ජෛව විවිධත්වය
ලෙසින් හඳුන්වයි. නමුත් විද්‍යාත්මක ලෙස ජෛව විවිධත්වය අර්ථ දක්වන්නේ නම්,
ප්‍රවේණිවල විවිධත්වය, අන්තර් සබඳතා, විශේෂවල විවිධත්වය, පරිසර පද්ධතිවල
විවිධත්වය, වාසභූමි ආදී සියල්ලෙහිම පවතින්නාවූ විවිධත්වය ජෛව විවිධත්වය ලෙස
හදුනාගත හැකිය.ලෝකයේ
ජෛව විවිධත්වය ව්‍යාප්ත වී ඇති අන්දම දැක්වෙන සිතියමක් තිබේ. මුලින්ම
පොළොවේ ජෛව විවිධත්වය විසිරී ඇති අයුරු දැක්වෙන සිතියමක් පිළියෙල කළේ
1876දීයි. ඒ බි‍්‍රතාන්‍ය ජාතික ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් නම් ස්වභාව
විද්‍යාඥයා අතිනි. ලෝකයේ විවිධ ජීවින් හා ශාක ගණනය කළ නොහැකි ප‍්‍රමාණයක්
පරිණාමය වී හා ලොව පුරා ව්‍යාප්ත වී ඇති ආකාරය දැක්වෙන සිතියමක් පිළියෙල
කිරීමට ප‍්‍රථම ප‍්‍රයත්නය ලෙස ඔහු විසින් නිර්මාණය කළ එම සිතියම දැක්විය
හැකිය.

1876 දී බි‍්‍රතාන්‍ය ජාතික ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් සැකසූ ජෛව විවිධත්වය දැක්වූ සිතියම මෙම සිතියමට අනුව ලෝකය විශාල ජෛවභූගෝලීය කලාප 11කට බෙදා නම් කර ඇති අතර ඒවා එකිනෙකට සම්බන්ධ වන ආකාරය දක්වා තිබේ.
1876 දී ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් විසින් පරිණාමය අනුව ස්වාභාවික ලෝකයේ ජීවීන්ගේ හා ශාකවල ව්‍යාප්තිය පැහැදිලි කිරීමට සිතියමක් සකසා තිබේ. එය ජෛව විවිධත්වය ගැන පැහැදිලි කිරීමට ගත් ප‍්‍රථම උත්සාහය විය. පරිණාමවාදයේ පියා වූ චාල්ස් ඩාවින්ගේ හවුල්කරුවා වූයේ වොලස්ය. එදා වොලස් ඉදිරිපත් කළ ඒ සිතියම අද සම්පූර්ණයෙන් ම යවත්කාලීන කර තිබේ. ඒ නව සිතියම දැන් ‘සයන්ස්’ (Science) විද්‍යා ජර්නලයේ පළ කොට ඇත. ඒ සිතියම විශාල ජෛවභූගෝලීය කලාප 11කට බෙදා ඒවායේ එකිනෙකට ඇති සබඳකම් ද දක්වා තිබේ. ඒ සඳහා සත්ව, ශාක හා උභයජීවී වීශේෂ 20,000කට වැඩි ප‍්‍රමාණයක් පිළිබඳව පරිණාමීය හා භූගෝලීය තොරතුරු සියල්ල ඇතුළත් කොට ඇත.
මේ නව සිතියමට අනුව ලෝකය විශාල ජෛවභූගෝලීය කලාප 11කට බෙදා නම් කර ඇති අතර ඒවා එකිනෙකට සම්බන්ධ වන ආකාරය දක්වා තිබේ
ශ්‍රී ලංකාව ඉතා හොඳ ජෛව විවිධත්වයකට හිමිකම් කියන රටකි. රට ප්‍රමාණයෙන් කුඩා වුව ද වෙනස් දේශගුණික තත්වයන් හා භූමි ලක්‍ෂණ නිසා පුළුල් පරිසර පද්ධති ව්‍යාප්තියක් දක්නට ලැබෙන අතර ජෛව විවිධත්වය ඉහළ වේ. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විවිධ ජෛව විද්‍යාත්මක පරිසර පද්ධති ප්‍රධාන වශයෙන් වර්ග 4කට බෙදා සාකච්ඡා කළ හැකි ය.
1. වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර පද්ධති.

2. රට තුළ ඇති තෙත් බිම් පරිසර පද්ධති.3. වෙරළබඩ හා සාගරික පරිසර පද්ධති.4. කෘෂිකාර්මික පරිසර පද්ධති.ශ්‍රී
ලංකාවේ ඉතාම වැදගත් ස්වාභාව්ක සමිපතක් වනුයේ භූමිය යි. කෘෂිකර්මාන්තය,
වනාන්තර, ජෛව විවිධත්වය සහ වෙනත් බොහෝ සමිපත් රැදී පවතිනුයේ ඒ මත ය. දකුණු
ආසියාවේ අනෙකුත් රටවල් හා සැසදීමේදී බංගලාදේශය හැරැණු විට ඉහළම ජනගහන
ඝණත්වය ඇත්තේ ශ්‍රී ලංකාවේ ය. හෙක්ටයාර් දශලක්‍ෂ 6.5ක් අතුරින් කෘෂිකාර්මික
භාවිතය සදහා යෝග්‍ය පස් ඇත්තේ හෙක්ටයාර් දස ලක්‍ෂ 5.5ක පමණි. ඉතිරි භූමි
ප්‍රමාණය අධික බෑවුමි සහිතව හෝ ගල් සහිතව හෝ ලවණතාවේ බලපැමට හෝ ලක්ව ඇත.
පසුගිය
දශකයේ මැද භාගයේ සිට ඉඩම් පරිහරණයේ වෙනස්වීමි හට ගෙන ඇත. වර්ෂ 1881 දී
ශ්‍රී ලංකාවේ මුළු බිමි ප්‍රමාණයෙන් 80%කට අධික ප්‍රමාණයක් වනයෙන් වැසී
තිබුණු බව ඉතිහාසගත තොරතුරැවලින් පෙනේ. වර්ෂ 1948 දී ජාතික නිදහස ලැබෙන විට
මෙය 45% දක්වා පහළ බැස තිබුණි. දැනට මෙය 24% ක් පමණ වන බව වාර්තා වේ.
ජනගහනයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ ප්‍රතිලෝම සමිබන්ධතාවයක් පෙන්නුමි කරමින් වන
වැස්ම හීන විම සිදු වී ඇත. වනයෙන් වැසී තිබුණු බොහෝ ඉඩමි හේන් ගොවිතැන සදහා
යොදාගත් අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ජෛව ප්‍රභේද ක්‍රමක් ක්‍රමයෙන් වියැකී
යාමට පටන් ගැණිනි.
හේන් ගොවිතැන මෙන්ම රජයේ ඉඩමි අනවසරයෙන් අල්ලා ගැනිම ද වර්තමානයේ දක්නට ලැබෙන සුලබ දෙයකි.දියපාරවල් හා ඇලවල් සදහා වෙන්කර ඇති ඉඩමි අනවසරයෙන් අල්ලා ගැනිම නිසා ජල සමිපතට ද පාරිසරික තර්ජන එල්ල වී ඇත.
ජෛව විවිධත්වය කෙරෙහි ඕසෝන් වියනේ බලපෑම ද මෙහිදී ඉතාම වැදගත් වේ. සූර්යයාගේ සිට පෘථීවිය කරා පැමිණෙන පාරජම්බූල කිරණ එහි තරංග ආයාමය අනුව UV – A, UV-B සහ UV-C ලෙස කොටස් 3කින් හැඳින්වෙයි. තරංග ආයාමය නැනෝ මීටර් 315 – 400 ත් අතර ප‍්‍රමාණයක පවතින UV-ඒ කිරණ වායුගොලය තුළින් ඉතා පහසුවෙන් පෘථිවියට සම්පේර්ෂණය වන අතර ඒවා අඩු ශක්තියකින් යුත් හානිකර නොවන කිරණ වර්ගයක් ලෙස සැලකෙයි.
පොළොවට
පැමිණෙන පාරජම්බූල කිරණ අතුරින් සියයට 90 ක්ම UV-A කිරණ වේ. නැනෝ මීටර්
280 – 315 අතර තරංග ආයාමයක් සහිත UV-B කිරණ මිනිසාටත්, සතුන්ටත්, පරිසරයටත්
හානිදායක කිරණ විශේෂයකි. පෘථිවියට ලැබෙන පාරජම්බූල කිරණ වලින් 4% ක් පමණ
වන මේවා පෘථිවි වායුගෝලයේ ඇති ඕසෝන් වායු ස්ථරය මඟින් උරාගනු ලබයි. මේවා
අතුරින් නැනෝ මීටර් 100 – 280 අතර තරංග ආයාමයක් හිමි UV - C කිරණ මාරාන්තික
විකිරණ වලින් යුක්ත වන නමුත් ඒවා පෘථිවියට පැමිණිමේදී සම්පූර්ණයෙන්ම පාහේ
වායුගෝලීය ඔක්සිජන් මඟින් උරාගනු ලබයි.
එහෙත් වර්තමානය වන විට ඕසෝන් ස්ථරය දැඩි ලෙස විනාශ වී යාමේ තර්ජනයට ලක්වී ඇති නිසා තවදුරටත් UV – B කිරණ වලින් පෘථිවියට හානිකර තත්වයක් උදා වී ඇත. මිනිසුන් විසින් නිෂ්පාදිත රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ඕසෝන් වියන සිදුරුවන අතර මෙහිදී ක්ලෝරොෆ්ලෝරෝ කාබන්, හේලෝන සහ මෙතිල් බ්‍රෝමයිඩ වැනි රසායන ද්‍රව්‍ය වායුගෝලයට එක් වී වායුගෝලයේ ඇති ඕසෝන් අණු සමඟ ප‍්‍රතිකි‍්‍රයා කිරීමෙන් ඕසෝන් අණු බිඳ වැටීමට ලක්වේ.
ඕසෝන් වියනට සිදුවන හානිය මේ සෑම මට්ටමකටම හානිදායක ලෙස බලපෑම් ඇතිකරනු ලබයි. පෘථිවියේ ඇති පරිසර පද්ධතියක සමතුලිතතාවයට හානි පැමිණුන විට එය තවත් පරිසර පද්ධතියක කි‍්‍රයාකාරිත්වය කෙරෙහි ඍජුව හෝ වක‍්‍රව බලපෑම ඇති කරයි. හානිකර UV - B කිරණ මඟින් ඉහත සඳහන් කළ පරිසර පද්ධති සියල්ලටම හානිකර ප‍්‍රතිඵල ඇති කරන බව මේ වන විට සොයාගෙන ඇත.
කෙසේ වෙතත් වැඩිවන ජනගහනය, කෘෂිකාර්මික කටයුතු සදහා භූමිය යොදා ගැනීම හා ඉඩම් අක්‍රමවත් ලෙස පරිහරණය කිරිම තුළින් ද ජෛව
විවිධතවයයට බලපෑම් ඇති කරයි. විශේෂයෙන්ම කදුකර ප්‍රදේශයේ ඇළ දොළ සදහා වෙන්
වු ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනිම නිසා අපගේ ජල සමිපත්වල ප්‍රමාණය මෙන්ම
ගුණාත්මක භාවය කෙරෙහි ද බලපෑමි ඇති වෙමින් පවති.
මිනිසාගේ සුබ සිද්ධිය සදහා ස්වභාව ධර්මය වෙනස් කරන අතරම මිනිසාගේ විචක්ෂණ භාවය තුළින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරිමට පියවර ගන්නේ නම්, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය වැනසී යාම වළක්වා ගත හැක.

සජන්ති බෝපිටිය
වැඩි දුර අධ්‍යයනයට - wikipedia
හේන් ගොවිතැන මෙන්ම රජයේ ඉඩමි අනවසරයෙන් අල්ලා ගැනිම ද වර්තමානයේ දක්නට ලැබෙන සුලබ දෙයකි.දියපාරවල් හා ඇලවල් සදහා වෙන්කර ඇති ඉඩමි අනවසරයෙන් අල්ලා ගැනිම නිසා ජල සමිපතට ද පාරිසරික තර්ජන එල්ල වී ඇත.
ජෛව විවිධත්වය කෙරෙහි ඕසෝන් වියනේ බලපෑම ද මෙහිදී ඉතාම වැදගත් වේ. සූර්යයාගේ සිට පෘථීවිය කරා පැමිණෙන පාරජම්බූල කිරණ එහි තරංග ආයාමය අනුව UV – A, UV-B සහ UV-C ලෙස කොටස් 3කින් හැඳින්වෙයි. තරංග ආයාමය නැනෝ මීටර් 315 – 400 ත් අතර ප‍්‍රමාණයක පවතින UV-ඒ කිරණ වායුගොලය තුළින් ඉතා පහසුවෙන් පෘථිවියට සම්පේර්ෂණය වන අතර ඒවා අඩු ශක්තියකින් යුත් හානිකර නොවන කිරණ වර්ගයක් ලෙස සැලකෙයි.
එහෙත් වර්තමානය වන විට ඕසෝන් ස්ථරය දැඩි ලෙස විනාශ වී යාමේ තර්ජනයට ලක්වී ඇති නිසා තවදුරටත් UV – B කිරණ වලින් පෘථිවියට හානිකර තත්වයක් උදා වී ඇත. මිනිසුන් විසින් නිෂ්පාදිත රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ඕසෝන් වියන සිදුරුවන අතර මෙහිදී ක්ලෝරොෆ්ලෝරෝ කාබන්, හේලෝන සහ මෙතිල් බ්‍රෝමයිඩ වැනි රසායන ද්‍රව්‍ය වායුගෝලයට එක් වී වායුගෝලයේ ඇති ඕසෝන් අණු සමඟ ප‍්‍රතිකි‍්‍රයා කිරීමෙන් ඕසෝන් අණු බිඳ වැටීමට ලක්වේ.
ඕසෝන් වියනට සිදුවන හානිය මේ සෑම මට්ටමකටම හානිදායක ලෙස බලපෑම් ඇතිකරනු ලබයි. පෘථිවියේ ඇති පරිසර පද්ධතියක සමතුලිතතාවයට හානි පැමිණුන විට එය තවත් පරිසර පද්ධතියක කි‍්‍රයාකාරිත්වය කෙරෙහි ඍජුව හෝ වක‍්‍රව බලපෑම ඇති කරයි. හානිකර UV - B කිරණ මඟින් ඉහත සඳහන් කළ පරිසර පද්ධති සියල්ලටම හානිකර ප‍්‍රතිඵල ඇති කරන බව මේ වන විට සොයාගෙන ඇත.
මිනිසාගේ සුබ සිද්ධිය සදහා ස්වභාව ධර්මය වෙනස් කරන අතරම මිනිසාගේ විචක්ෂණ භාවය තුළින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරිමට පියවර ගන්නේ නම්, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය වැනසී යාම වළක්වා ගත හැක.
සජන්ති බෝපිටිය
වැඩි දුර අධ්‍යයනයට - wikipedia
Monday, December 15, 2014
ලෝක කඳුකර දිනය දෙසැම්බර් 11 වැනිදා සැමරිණි
සෑම වසරකම දෙසැම්බර් 11 වැනි දින ලෝක කඳුකර දිනය වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2002 වසරේ සිට නම් කර ඇත.
ජීවිතයට කඳුකරය කෙතරම් වැදගත් වන්නේදැයි පෙන්වා දීමටත් කඳුකර ප්‍රදේශ
ආරක්ෂා කිරීමටත් සංවර්ධනය තුළින් විවිධ ප්‍රතිලාභ අත්පත් කරගැනීමටත් අරමුණු පෙරදැරිව එක්සත්
ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක කඳුකර දිනය නම් කරන ලදි.
ඒ අනුව ලෝක කඳුකර දිනය දෙසැම්බර් 11 වැනිදා වාර්ෂික ව සමරනු ලබයි. පෘථිවියේ පවතින භූගත ජලය හා ගංගාවල ජල උල්පත් සඳහා මනා රැකවරණයක් ලබාදෙමින් මිනිස් ජීවිතයේ පැවැත්ම උදෙසා කඳුකරය මනා පිටුවහලකි.
2014 වසරේ ලෝක කඳුකර දින තේමාව 'කඳුකර වගාව' ('Mountain Farming') යන්නයි. පවුලේ වගාව ප්‍රමුඛ කඳුකරයේ කෘෂිකර්මය පිළිබඳ දැනුවත් කිරීමට මෙවර තේමාව අවස්ථාවක් වන අතර ඒ තුළින් සියවස් ගණනාවකට තිරසාර සංවර්ධනයක් සඳහා යොමු වීමට ලෝක වාසීන්ට හැකියාව ලැබේ.

ජාත්‍යන්තර කඳුකර දිනය සැමරීම සඳහා ලෝකයේ විවිධ සංවිධාන කඳු මූලික කර ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවනු ලබයි.
2010 වසරේදී ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට ලෝක කඳුකර දිනය ප‍්‍රභව සංවිධානය විසින් සමරන ලදී. මෙම සංවිධානය ශ්‍රී ලංකාවේ කඳුකරය සඳහා ම නිර්මාණය වූ සංවිධානයකි. ඔවුන් ලෝක කඳුකර දිනයට සමගාමී ව 2010 වසරේ දී ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මුහුදු මට්ටමේ සිට අඩි 5860ක් උසිකින් යුත් හපුතලේ කන්ද තරණය කරන ලදි. එතැන් සිට නොකඩවා එය සිදු කරනු ලබා ඇති අතර මෙවර ද ප්‍රභව සංවිධානය හා ස්වේච්ඡා කණ්ඩායම් හා එක් ව දෙසැම්බර් 07 වන දින හපුතලේ කන්ද තරණය කර එම කඳු මුදුනේ දී ලෝක කඳුකර දිනය සමරනු ලැබීය.
Wednesday, November 19, 2014
ලෝක වැසිකිළි දිනය නොවැම්බර් 19 වන අද දිනට යෙදී ඇත. මේ පිලිබඳ පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ලොව සෑම ගැහැණු තිදෙනෙකුගෙන් එක් අයෙකුට ආරක්ෂිත වැසිකිලි පහසුකම් නොමැති බවයි.
මෙවර ලෝක වැසිකිළි දිනයේ තේමාව ”සමානාත්වය, අභිමානය සහ ස්තී‍්‍ර පුරුෂ භාවය පදනම් ප‍්‍රචණ්ඩත්වය සහ සනීපාරක්ෂාව අතර ඇති සම්බන්ධතාවය” ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දක්වා ඇත.
වර්තමානය වන විටද ලෝකයේ බිලියන 2.5ක ජනතාවකට නිසි ආකාරයේ සනීපාරක්ෂක පහසුකම් නොමැති බව සමීක්ෂණ මගින් අනාවරණය කරගෙන ඇත. තවද ලොව බිලියනයක ජනතාවක් තම ශරීර කෘත්‍ය සිදු කරන්නේ එළිමහනේ බව එක්සත් ජාතීන්ගේ වාර්තා වල දක්වා ඇත.
මේ සම්බන්ධයෙන් පණිවුඩයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී - මූන් මහතා කියා සිටින්නේ, කාන්තාවන්ට ආරක්ෂිත වැසිකිළි පහසුකම් නොමැතිවීමේ ප‍්‍රතිඵලය වන්නේ ඔවුන් එ් සඳහා සුදුසු ස්ථාන සොයා යාමේදී ලෙඩ රෝග, ලැජ්ජාවට සහ ඇතැම් විට ලිංගික අපයෝජනයටද ගොදුරු විය හැකි බවයි.
සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමෙන් ලොව පුරා වැඩිහිටි කාන්තාවන් සහ ගැහැණු ළමයින් බිලියන 1.25 වැනි විශාල පිරිසකට වඩාත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් සහ වැඩි ආරක්ෂාවක් සැලසෙන බවද එකසත් ජාතීන්ගේ වාර්තා පවසයි.
Subscribe to:
Posts (Atom)