අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය අදට යෙදී තිබෙනවා.
ලොව ජෛවවිවිධත්වය කෙරෙහි එල්ල වී ඇති ගැටළු , අභියෝග තර්ජන මෙන්ම එහි වැදගත්කම පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනුයි නම් කර ඇත්තේ.
“සොබාදහම සමඟින් තිරසර සංවර්ධනය” යන්න මෙම වසරේ ජෛවවිවිධත්වය සඳහා වූ අන්තර්ජාතික තේමාව වන අතර එමගින් එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය, එහි තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සහ කුන්මින්ග් – මොන්ට්‍රියල් ගෝලීය ජෛවවිවිධත්ව රාමුවේ (Kunming Montreal Global Biodiversity Framework – KMGBF) ඉලක්ක අතර සම්බන්ධතා කෙරෙහි ගෝලීය අවධානය යොමු කර තිබෙනවා.
පෘථිවියේ සහ එහි ජීවීන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමට, අනුගමනය කළයුතු මූලික ප්‍රතිපත්තිය තිරසාර සංවර්ධනය යන්න අවබෝධ කරගනිමින් ලොව නායකයන් විසින් 1992 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරයේදී පරිසරය හා සංවර්ධනය පිළිබඳ සමුළුව හෙවත් “මිහිකත සමුළුව” පවත්වනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජෛවවිවිධත්ව ප්‍රඳප්තිය බිහිවිය.
ඒ අනුව ශ්‍රී ලංකාව ද 1992 දී එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්ව සම්මුතියට අත්සන් තැබූ අතර එය 1993 දෙසැම්බර් 29 වන දින සිට බලාත්මක වී ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු එම සම්මුතියේ පාර්ශවකාර රටවල් මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජාතික මට්ටමින් විවිධ ප්‍රතිපත්ති, උපායමාර්ග සහ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින අතර වාර්ෂිකව විවිධ කාලෝචිත තේමාවන් ඔස්සේ ජෛවවිවිධත්ව සංරක්ෂණය සඳහා කටයුතු සිදු කරනු ලබනවා.
එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්වය පිළිබඳ සම්මුතියෙහි ජාතික කේන්ද්‍රස්ථානය ලෙස පරිසර අමාත්‍යංශය කටයුතු කරන අතර ජෛවවිවිධත්ව අංශය එම සම්මුතියේ නියාමන කටයුතු සිදු කරනු ලබයි.
ආචාර්ය නීතීඥ ජගත් ගුණවර්ධන මහතා මේ පිළිබඳව සටහන් කරන්නේ පහත පරිදිය.
ලෝක ජෛව විවිධත්ව දිනය--2025 / World Biodiversity Day--2025
ඔබේ අවධානයට කරුනු කීපයක්
සෑම වසරකම මැයි මස 22 දිනය ලෝක ජෛව විවිධත්ව දිනය වශයෙන් නම්කර තිබේ.මෙම දිනය නම්කර සැමරීම ආරඹ්හ වූයේ වසර 2000 සිට බැවින් මෙවර ලෝක ජෛව විවිධත්ව දිනය ලෙස මෙදින සම්ජරනු ලබන්නේ 25 වන වරට වීම විශේශත්වයකි.
වෙනත් රටවල් බොහොමයක් මෙන්ම ශ්‍රී ලංකාවේද ලෝක ජෛව විවිධත්ව දිනය සැමරීම වසර 2000 මැයි මස 22 දිනයේ සිට පුරා විසිපස් වසරක් මුලුල්ලේම සිදුවී තිබේ.ඒ නිසා මෙම වසරේ තේමාව කුමක් වුවත්,අපට රටක් ලෙස ආපසු හැරී බලා අසන්නට තිබෙන්නේ ඇත්තෙටම අපට මෙම දිනය සතුටින් සමරන්නට පුලුවන් වේද යන්නයි.
ජෛව විවිධත්වයේ ප්‍රධාන මට්ටම් තුන වන පරිසර පද්ධති විවිධත්වය,ශාක සහ සත්ව විශේශවල විවිධත්වය සහ එක් ජීවී විශේශයක් තුල පෙන්නුම් කරන ප්‍රවේනික විවිධත්වය හෙවත් ජානමය විවිධත්වය මිනුම් දඬු ලෙස ගෙන බලන කල මෙම තත්වය ඉතා හොඳින් පැහැදිලි වේ.
මෙරට පරිසර පද්ධතීන් එකිනෙක බැඳුනු අන්තරායන් තුනකට මුහුනදී තිබේ.ඒවා වන්නේ පරිසර පද්ධති විනාශය,හායනය සහ ඛඬනය වශයෙනි.මෙම තත්වය අතීතයේදී මෙන්ම තවමත් සිදුවන බවට නිදසුන් බොහොමයකි.කහල්ලා -පල්ලෙකැලේ අභය භූමියේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම මීට තිබෙන ආසන්නතම නිදසුන වේ.
සත්ව ශ ශාක විශේශ විනාශ වීයාමේ අනතුරට තව තවත් ලක්වීම විශේශ විවිධත්වයට තිබෙන අන්තරාය පෙන්නුම් කරන නිදසුන් වේ.විශේශයෙන් දැනටත් වඳවී යාමේ දැඩි තර්ජනයට ලක්ව සිටින විශේශ පොදුවේත්,ආවේනික විශේශයන් විශේශිතවත්,ස්ථානීය ආවේනික විශේශ මේ සියල්ලේත් ප්‍රමුඛයන් ලෙස බලන කල සත්ව ශ ශාක විශේශ මුහුනපාන තර්ජන මැනවින් විද්‍යමාන වේ.
එසේම ආක්‍රමනික සතුන් සහ ශාක මර්ධනය සහ නව විශේශ ශ්‍රී ලංකාව තුලට ගෙන ඒම හරිහැටි නියාමනය නොවීමත් මෙරට ජෛව විවිධත්වයේ මට්ටම් තුනටම හානිකර තත්වයන් අතර තිබේ.
එක් ශාක හෝ සත්ව විශේශයක් තුල තිබෙන ප්‍රවේනි හෙවත් ජානමය වෙනස්කම් සලකා බැලීමේදී වනජීවීන් මෙන්ම වගාකරන ශාක සහ ගෘහශ්‍රිත සතුන් තුල තිබෙන ප්‍රවේනික විවිධත්වයත් සැලකිල්ලට ලක්විය යුතු වේ.විශේශයෙන් ආවේනික මිරිදිය මත්ස්‍ය විශේශ තුල තිබෙන විවිධතාවයන් හඳුනාගෙන ඒවා සුවිශේශී ගහනයන් ලෙස ආරක්ශා කිරීමට තවමත් අසමත්ව තිබීමේ සිට බෝගවල ප්‍රභේද සංරක්ශනය දක්වා නිදසුන් රාශියක් තිබේ.
ලෝක ජෛව විවිධත්ව දිනයේදී සාම්ප්‍රදායික ලෙස සැමරුම් කටයුතු සිදු කරන්නේද නැතහොත් කලයුතු කටයුතු අතරින් ප්‍රමුඛතාවය ලබාදිය යුතු කටයුතු නිර්නය කර ඒවාට කඩිනමින් සහ අනෙක්වාට මධ්‍ය කාලීන්ව හෝ විසඳුම් ලබා ගැනීමට කඩිනමින් ඉදිරිපත් වීම මේ මොහොතේ කලයුතු අත්‍යාවශ්‍ය කරුන ලස සලකා ක්‍රියාත්මක වීමට තීරනය කල යුත්තකි.
ඡායාරූප පිලිවෙලින්:
4 ගැටහොඹු කටුස්සා (Lyriocephalus scutatus)
3 හොරවැල් ශාකය (Stemanoporus mooni)
2 (Lagenandra wayamba) නම් කෙටල විශේශය
1 Ebony Gem නම් ඉරටුකූරා
** මේ සියලුදෙනා ශ්‍රී ලංකාවට ආවේනික ජෛව විඔවිධත්වයට අයත් වේ.ඡායාරූප සියල්ල ගන්නා ලද්දේ මවිසිනි.
ආචාර්ය ජගත් ගුණවර්ධන
No comments:
Post a Comment